Sunday, January 30, 2011

ඉලංදාරියා . . . .


          මචං, මම උඹව හැබැහින් දැකල නෑ තමයි . . . . ඒත් උඹට හැකි පමනින් සහයෝගයක් දෙන්න මට ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙමේ. මචං අපි ඉපදෙන්නෙ අපේ උවමනාවකට නෙමේ තමයි . . . . ඒත් අපි උපන්නට පස්සෙ අපිට ජීවත් වෙන්න වෙනව . . . අපේම උවමනාවලට වගේම අපේම අනිත් එවුං වෙනුවෙනුත්. මට හිතෙනව මට මම ඇරුනම තවත් එකෙක් වෙනුවෙන් යමක් කරන්න දවසක් උදාඋනා කියල . . . . .
 

       ඉලංදාරියා . . . මම උඹව හැබැහින් දැකල නැතිඋනත් . . . . උඹේ නිර්මාන හරහා මම උඹව හදවතින් දකිනව . . .හදවතින් අඳුනනව . . .

 
       මගෙ බ්ලොග් එක තවම වැඩි දෙනෙක් කියවන්නෙ නෑ කියල මම දන්නව . . . ඒත් කියවන කීපදෙනාගෙන් මම මේ ඉල්ලීම කරනව . . .
 . . . අපි වැඩිම උනොත් අවුරුදු හැටක් හැත්තෑවක් විතර ජීවත් වෙයි . . . අපේ මේ ශරීරය අපිට ඒ ටික කාලෙට නයට ලැබෙන දෙයක් . . . ඒ නය ගෙවන්න අපිට පුලුවන් වෙන්නෙ අපි කරන පිනකින්, අපි තව කෙනෙකුට හිත සතුටින් කරන උදවුවකින් විතරයි . . . .

ඉතිං තවම තමන් ලබපු ජීවිතෙන් භාගයක් වත් ගෙවල නැති "ඉලංදාරියා" කියන අපේ නොදු‍ටු මිතුරා වෙනුවෙන්. . . . අපිට හැකි යමක් කරමු . . . .

Friday, January 28, 2011

මම මොන්ටිසෝරි ගිය දවස . . . .

දවසක් උදේක අම්ම මාව නැගිට්ටවල අලුත් ඇදුම් වගයක් ඇන්දෙව්ව . . . ඊටපස්සෙ මෙන්න බොලේ අම්ම මාවත් එක්කගෙන වැඩට යනව. මටත් හෙන ආසයි . . .ඇයි ඉතින් වහීඩ් අංකල් (අම්ම වැඩ කලේ හිටපු වහීඩ් කියල දත් දොස්තර කෙනෙක් ගාව) එක එක කෑම ජාති අරං දෙනවනෙ . . . 
මරු . . .
 ඔන්න ඉතින්  බස් එකේ ඇවිල්ල ඩිස්පැන්සරියට යන්න වෙනදා බහින තැනින්ම බැස්ස . . . මෙන්න බොලේ අම්ම ඩිස්පැන්සරියට යන්න පාර පනින්නෙ නැතුව මාවත් එක්කගෙන වෙන කොහෙහරි යනව . . . . ඔහොම ගිහිල්ල එක ගෙදරක් වගේ තැනකට ආව (කුරුනෑගල මලියදේව ආදර්ශෙ ඉස්සරහ), එතන මම වගේම පොඩි පොඩි ලමයි පිරිල. එතනදි තමයි අම්ම මට කිව්වෙ
 

"මේ තමයි ඔයාගෙ මොන්ටිසෝරිය. ඔයා අද ඉදල හැමදාම මේ ඉස්කෝලෙට එනව" කියල.
 

මට අම්ම කියන මොකුත්ම තේරුනේ නෑ . . . කොහොමහරි අම්ම මාව එතන දාල ගියා.
මම එතන හිටිය කවුරුවත් අදුරන්නෙ නෑ, කියන මොකුත් තේරෙන්නෙත් නෑ . . . . මමත් ඉතින් ඔහේ වාඩි වෙලා හිටිය.
ටිකක් විතර දවල් වෙද්දි, මෙන්න බොලේ ඩිස්පැන්සරිය ඉස්සරහ කාර් එකේ හයර් දුවන ගුනදාස අංකල් එනව . . . . අලුවා පීරිසියකුයි කිරි වීදුරුවකුයි අරගෙන . . ..
අලුව කෑව . . .  කිරිත් බීව . . . දැං කල්පනාකරනව . . . (මොන්ටොසෝරි යද්දි මොනතරම් නම් දේවල් තියනවද කල්පනා කරන්න).
ගුනදාස අංකල් ටක්කෙටම ගෙදරිං තමා මේ අලුව ගේන්න ඇත්තෙ . . . . අලුව කියන්නෙ මගෙ කැමතිම කෑමනෙ . . . තවත් වෙලා මෙතන හිටියොත් මල්ලි ගෙදර තියන අලුව ඔක්කොම කයි . . .
මොනවද කරන්නෙ . . . .
අම්ම එන පාටක් වත් නෑ . . .
දෙයියනේ . . . .  මම දැං මොනවද කරන්නෙ . . . . .
පාවිච්චි කලා පොඩි එවුං සතු "භයානකම" ආයුධ වලිං එකක් . . . . .
 

"අම්ම ඕ .. . . .නේ . . . . . .ගෙදර යන්න ඕ . . . නේ . . . . . මට මෙහෙ ඉන්න බැරියෝ . . . ."

දැන් ටීච දන්න සෙල්ලං ඔක්කොම දානව මගෙ ඇඩිල්ල නවත්තන්න . . . මම අහුවෙයි ඕවට . . . මම නැවැත්තුවෙ නෑ . . .
ටීචට බැරිමතැන මාව ටීචගෙ ඔ‍ෆිස් කාමරෙන් (මම ඒක ටීචගෙ ඔ‍ෆිස් කාමරේ බව දැනගත්තෙ මේ ලගදි) දැම්ම.
මමත් මගෙ පාඩුවෙ ඔහෙ අඬ අඬ හිටිය . . . ටිකකින් මම දැක්ක ටීචගෙ මේසෙ උඩ "මරු බඩ්ඩක්"
"ඉදුනු, ලොකු කෙහෙල් ඇවරියක්"
බල බල ඉදල වැඩක් නෑ . . . . අඩන ගමන්ම කැඩුව ගෙඩියක් . . . කෑව . . .
තව එකක් . . .
තව එකක් . . .
තව එකක් . . .
මට මතක එච්චරයි . . .
අම්ම එනකොට මම නිදි වෙන්න ඕනෙ. මොකද මම ඇස් ඇරල බලද්දි මම හිටියෙ ගෙදර.
ඒ තමයි මගෙ මුල්ම සහ අවසාන මොන්ටොසෝරි දවස . . . . 
තියනව.

Sunday, January 23, 2011

පෙත්තප්පු K

වාදයයි : මේ කතාව මෙලෝ රහක් නැති වීමටද ඉඩ තිබේ . . . . ! ! !
 

ඩිස්ක්ලෙයිමර් එක : කාට හරි හිතෙනව නං . . . මේ කතාවෙ කුනුහරුප අන්තර්ගතවෙලා තියෙනව කියල . . .  . අනේ පිං අයිතිවෙයි . . . . වෙන කතාවක් කියවන්න . . . .

අපේ ජූනියර්  සෙට් එකේ  ස** මල්ලිට ගමේ ගිහිං ඉද්දි ඩෙංගු හැදුනයි කියමුකො.
ඔන්න රත්නපුරේ ඉස්පිරිතාලෙ මල්ලිව ඇඩ්මිට් කොලාලු . . . . .
දැං ඔන්න අපේ මේ අහිංසක මල්ලියා ඉස්පිරිතාලෙ ඇද උඩ දිගේලි කරල ඉන්නවලු . . . .
ටිකකින් ඇටෙන්ඩන් ලොක්කෙක් රබර් අත් මේස් දෙකකුත් දාගෙන ඇද ලගට ඇවිත් කියනවලු,
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි මුනිං අතට හැරෙන්න . . .
අපේ එකා:               (බැරි බැරි ගානෙ) ඇයි අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්තක් ගහන්න තියනව
(බුවා අනිත් පැත්ත හැරේ)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි කලිසම පාත් කරන්න
අපේ එකා:               මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මෙ පෙත්ත ගහන්න
(බුවා බැරි බැරි ගානෙ ඒකත් කරයි)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි නිකටයි දනිස් දෙකයි ඇදට තියල බඩ උස්සන්න
අපෙ එකා:                (පුදුමයෙන් හා ඉතා අමාරුවෙන්) මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්ත ගහන්නෙ එහෙමයි
(කොල්ලා අමාරුවෙන් ඒකත් කරයි)


********************
ඉතුරු ටික ප්‍රසිද්දියේ කීමට නොහැක
********************
 

කෙසේ නමුත් කොල්ලා මේකට ඇබ්බැහි වෙලා තත්වෙ බරපතල වෙන්න වැඩි කාලයක් ගත උනේ නැ . . .
අවසාන ප්‍රතිපලය . . . .
මල්ලිට අලුත් කාඩ් එකක් . . .
 

"පෙත්තප්පු K"

මෙම කතාව ඉතා සැර බාල කර කියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න . . . 

(මේ කතාවම ලාස්ට් රෝ එකේ මා විසින්ම පලකරන ලද බව කරුනාවෙන් සලකන්න . . . 
http://www.thelastrow.net/archives/4248#comment-9639 )

Friday, January 21, 2011

සුදූ . . . .

දුකාගෙ post එකක් දැක්කට පස්සෙ ලියන්න හිතුනෙ . . . .
 

සුදූ . . . .  එහෙමත් නැත්නම් ලේනා . . . . කියන්නෙ මගෙ ශාස්ත්‍රාලෙ හිටපු (මොනව උනත් අදටත් ඉන්න) හොදම යාලුව . . . . .
 

උගෙයි මගෙයි ‍ෆිට් එක මොනතරම්ද කිව්වොත් . . . .  උගෙ ගෙදර (දු‍ටුගැමුනු මාවතේ) මට වෙනමම පිගානක්, කෝප්පයක් පවා තිබුන. ලතා ඇන්ටි (සුදුවගෙ අම්ම) මට සැලකුවෙ හරියට එයාගෙම දරුවෙකුට වගේ.
 

සුදූ වගේ යාලුවෙක් මිනිහෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්. මට තාම මතකයි . . . . නුගේගොඩ ඇල්ෆා එකේ මැත්ස් පන්තියකදි මම නාවල ආනන්දෙ කෙල්ලෙක්ට (වැද්ද girl) ගෙම්බෙක් දාල මාව පන්තියෙන් එලියට දාපු දවසෙ . . . . සුදු වචනයක් වත් කතා නොකර මගෙත් එක්කම පන්තියෙන් එලියට බැස්ස.
 

අපේ පංති භාර කන්නන්ගර මිස් .  . . . අපි දෙන්නව දෙපැත්තට කරන්න බැරුව . . . අපි දෙන්නගෙන් එකෙක් ඉස්කෝලෙන් එලියට දාන්නත් හැදුව (කරුමෙ කියන්නෙ ඒ සිද්දියෙන් ඉස්කෝලෙ ගමන නතර උනේ අපේ සෙට් එකේ හිටපු සශී කුමාර් පෙරුමාල් ගෙ).
 

අන්තිමට සුදූ o/l කරල ආටා එකක් අරගෙන (මුලු කෝට්ටෙම අදුනන සුදුවගෙ 11 ශ්‍රී රතු බජාජ් එක) හයර් දුවන්න පටන් ගත්ත. . . . මම a/l කරන්න පනිපිටියෙ දර්මපාලෙට ගියා. හැබැයි . . . . මොනව උනත් අපි දෙන්න සතියකට දවස් දෙකක් වත් සෙට් වෙලා රජමහ විහාරෙ පහල පාර මැද තිබුන පොකුනෙ ගැට්ට උඩ වාඩි වෙලා ඉන්නව  . . . . (ඌටයි මටයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ . . . ඒක නිසා අපි දෙන්න නිතරම එකට හිටියට කතා වැඩිය කලේ නෑ . . .  නමුත් එකෙක් හැරෙනකොට අනිකා දන්නව මොකටද මූ හැරෙන්නෙ කියල) .
 

ඔහොම තමයි අපි දෙන්නගෙ කාලෙ වැඩි හරියක් ගෙවුනෙ . . . .
 

මෙහෙම ඉද්දි තමා . . . . සුදූට දීප සෙට් උනේ . . .  දවසක් සුදූ මට ඇවිල්ල කිව්ව . . . 
    "මචං . .  කෙල්ලෙක් සෙට් උනා එලියට ගන්න විදිහක් නෑ ඒකිගෙ නංගිත් ඒ බෝඩිමේම තමයි ඉන්නෙ . . .. .  පුලුවන් නම් ඒකිව දාගනින්" කියල.
 

මට එච්චරටම කෙල්ලෙක්ගෙ අවශ්යතාවක් තිබුනෙ නෑ . . . ඒක නිසා මම සුදූට කිව්ව . . .
    "මචං මට ඕනෙ නෑ . . . ඒත් අපේ TKට (අපේ සෙට් එකේ ඉතුරු වෙලා හිටපු අන්තිම යාලුව) සෙට් කරලා දෙමු . . . ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැ කියල ඌ හෙනම දුකෙන් ඉන්නෙ" කියල.
 

කොහොමෙන් කොහොමෙන් හරි ජෝඩු දෙක සෙට් උනා . . . .
 

පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ . . . බන්ට් එකේ . . . රජමහ විහාරෙ පිටිපස්සෙන් ගිහින් කේන් ඇපරල්ස් එක ලගට යන පාරෙ  . . . තමයි කෙල්ලො දෙන්නයි . .  මමයි . . . TKයි පටවගෙන සුදූ උගෙ ත්‍රී වීල් එකේ කරක් ගැහුවෙ . . .
 

හිත් රිදීම් ගනනාවකට පස්සෙ . . . TK, මානෙල් ව බැදල අපෙන් අයින් උනා . . . .
 

අන්තිමේ මමයි, සුදුයි දීපයි විතරක් ඉතුරු උනා . . . .
 

එක සිංහල අවුරුදු නිවාඩුවකට දීප "ගෙදර යන්න බෑ" කියල අඩන්න පටන් ගත්ත . . . . . බලද්දි දීප ප්‍රෙග්නන්ට් වෙලා . . . .
අන්තිමේදි සුදූ දීපව බැන්ද . . . . . දීප සුදූට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් . . . කොහොම හරි සුදූගෙ ගෙදරින් මේකට හොදටම විරුද්ද උනා . . . අන්තිමේදි ලතා ඇන්ටිට මාව පෙන්නන්න බැරි තත්වෙටම පත් උනා.
 

මට කවුරු කොහොම බැන්නත් . . . . මම කොහොම හරි මුන් දෙන්නව සුදූගෙ ගෙදරම පදිංචි කලා . . . . . දීපට ලස්සන දුවෙක් ලැබුන . . . . "කාව්යා නින්නාදි පෙරේරා" තමයි ඒ දුවගෙ නම . . . . (මට කවදාවත් ඒ දුවව වඩාගන්නවත් ලැබුනෙ නෑ . . . . . අඩුම ගානෙ තෑග්ගක් විදිහට බෝනික්කෙක් වත් අරන් දෙන්න ලැබුනෙ නෑ)
 

බැදල ඒ වෙනකොට අවුරුදු දෙකකට වඩා ගෙවිල තිබුනත් . . . . . ඒ වෙද්දිත් දීප ට සුදූගෙ ගෙදරින් පල නොකිය පලා බෙදන තත්වයක් තිබුනෙ . . . .
 

කොහොම හරි මේ අතරෙ තමයි . . . . . සුදූ උගෙ වාහනේ හයර් ගිය ආනන්ද බාලිකාවෙ ලමයි දෙන්නෙක් ගෙ අම්ම කෙනෙක් එක්ක අනියම් සම්භන්දයක් පටන්ගත්තෙ . . .
ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා හිටියෙ පිටරටක. එක ගෑනු ලමයෙක්ට වයස අවුරුදු 12ක් විතර වෙද්දි අනිත් ලමයට අවුරුදු 8ක් විතර ඇති . . . .
මේ විස්තර මේ දෙන්නගෙම ගෙවල් වලට වැඩි කාලයක් යන්න කලින්ම ආරන්චි උනා . . . සුදූගෙ අම්මයි, දීපයි දෙන්නම හිතුවෙ මේක සෙට් කලේ මම කියල . . . .
 

ලතා ඇන්ටි කෝට්ටෙ හන්දියෙ අම්බලම ගාවදි මට සාප  කෙරුව . .. . . . මම ඒත් සද්ද නැතුව හිටිය . . . . උදවු කලේ නැති උනත් වලක්වපු නැති එක හරි මගෙ වැ‍රැද්ද කියල තමයි මම ඒ වෙනකොට හිතුවෙ.
 

ප්‍රශ්න මෙහෙම දුර දිග යද්දි මේ දෙන්න තීරනය කලා පැනල යන්න . . . .
සුදූ මට විස්තරේ කියද්දි . . . . මම තදින්ම විරුද්ද උනා . . .
 

මම ඌට තෙරුම් කරල දුන්න . . . . තාත්ත නැතුව එක දවසක් වත් ඉන්න බැරි උගෙ අවුරුදු 3ක චූටි දුව . . . .  ගෙදර හැමෝම එලියට ඇදල දාන්න මාන බලන දීප . . . .  උං පැනල ගියොත් අම්මෙක් තාත්තෙක් නැතුව තනිවෙන පොඩි කෙල්ලො දෙන්නෙක් . . . . . මම මේ හැමදේම ඌට මතක් කලා . . . .
 

මම දන්න හැම විදිහටම ඌට තර්ජනය කලා . . . .
 

මම ඌට කිව්වෙ . . . . ලමයි, ගෑනි අතරමං කරන්නෙ නැතුව කරන දෙයක් අඩුම ගානෙ ගෙදර ඉදල හොරෙන් කරගනින් කියල . . . .  මම දැනන් හිටිය මට කාලෙ ලැබුනොත් ඕක නවත්තන්න පුලුවන් කියල. . . . .
බැරිම තැන අන්තිමේදි මම උගෙයි මගෙයි යාලුකම ඉස්සරහට දැම්ම . . . . මම ඌට කිව්ව . . .
   "උඹ ඔය ගෑනිත් එක්ක එක දවසකට හරි ගියොත් උඹෙයි මගෙයි යාලුකම එතනින් ඉවරයි" කියල
 

මගෙ හැම උත්සාහයක්ම අපතේ ගියා . . .  අන්තිමේදි මුන්න් දෙන්න පැනල ගියා . . . .
 

දීපයි . . . .  ලතා ඇන්ටියි වැහින්නියො වගේ අඩ අඩ මට call කර කර සාප කලා . . . .
ඒගොල්ලො කිව්වෙ මම තමයි මේ හැම දේටම වගකියන්න ඕනෙ කියල . . . .
මේ දෙවල් උනේ 2004 අවුරුද්දෙ අන්තිම කාලෙ වගේ . . .
 

මම අන්තිමට මම පන වගේ ආදරේ කරපු කෝට්ටෙ හන්දිය, අම්බලම, රජමහා විහාරෙ, නාග විහාරෙ, බන්ට් එක  . . . . අතෑරල දාල ජා ඇලට ආව.
පස්සෙ කොහොම හරි අර ගෑනු කෙනාගෙ කසාද මනුස්සය ලංකාවට ඇවිල්ල ඒ ගෑනු කෙනාව ආපහු ගෙන්නගත්ත නිසා සුදූට ආපහු ගෙදර එන්න උනා . . . .
 

2004 අවුරුද්දයි . . .  2011 අවුරුද්ද්යි අතර අවුරුදු 7ක් ගෙවිල ගිහින් . . . . මම තාම සුදූ එක්ක කතා කරන්නෙ නෑ . . . . . නමුත් මම ඌට හොරෙන් ඌ ගැන හොයල බලනව . . . ලගදි මම ඌට බෙහෙත් වගයක් පවා අරන්දුන්න . . . .. සුදූ තාම ඒ දේවල් දන්න්නෙ නෑ . . . .
 

මම පහුගිය අප්‍රේල් මාසෙ මිරිහානෙ යාලුවෙක් ගෙ ගෙදර ගිය වෙලාවක උගෙ ගේ ඉස්සරහ තීයන පිට්ටනියෙ තිබුන අවුරුදු උත්සවේකට සුදූගෙ දුවයි ලතා ඇන්ටීයි ඇවිල්ල හිටිය . . . .
 

මම බැල්කනියට වෙලා  ********************************* *********************************** අමාරුවෙන් . . . . . .
මම මගෙ මල්ලිගෙ දුව "මායා" තරමට ආදරේ කරන දරුවෙක් ඉන්නව නම් ඒ කාව්යා විතරයි . . . . . . 

Tuesday, January 11, 2011

සුපර් ස්ටාර් . . .

ඇගට පට්ට ආතල් එකක් දැනෙන්නෙ . . . .
                 නිමේශව ඉස්පිරිතාලෙන් ආපහු ගෙදර එක්කගෙන ආවනෙ . . . ඒකයි. ඒ උලව්වෙ බිල මතක් වෙනකොට තමයි ඇගේ මයිල් බකට් කම්බි වගේ කෙලින් වෙන්නෙ.  . . . . . අපරාදෙ කියන්න බෑ . . . . ඉන්ශුවරන්ස්  කොම්පැනිය සදා වැජබෙන්න ඕනෙ බිල ගෙවල දැම්මට . . . . .
නැත්තං ගෑනිටයි මටයි ජනවාරි මාසෙ කන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ රිසිට් ටික තමා.


කොහොමෙං කොහොමෙං හරි අපි දෙන්නගෙ ඉපදෙන්න ඉන්න  පැටිය කවද හරි SUPER STAR කෙනෙක් වෙන බවට කිරි  ගහට මන්නෙං කෙ‍ටුව වගේ ශුවර්. ඇයි බොලේ ඉස්පිරිතාලෙ හිටපු දවස් ගානටම දොස්තරලයි NURSE නංගිලයි පැය දෙකෙන් දෙකට ඇවිල්ල ගෑනිගෙ බඩට මයික් එකක් තියල පැටියගෙ HEART BEATඑක අහනව . . . . .
    දැන් ඌට අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලම මයික් එක හුරුයි.

Monday, January 10, 2011

සාගරේ අපි

කොහොමෙං කොහොමෙං හරි "සාගරේ අපි" ගෙට්‍ටුව ඉවර උනා . . . . .
ආපු එවුංට වඩා නාපු එවුං වැඩි උනත් . . . . .  කොහොමෙං කොහොමෙං හරි හැමදාම මරාගන්න හරි . . . . කා-කොටාගන්න හරි ඉන්න එවුං ටික සෙට් උනා . . . .
කෑව . . . .බීව. . . . . බයිට් කරගත්ත . . . . .හිතපු තරමටම නැතත් . . . . . බාගෙට හරි බයිට් උනා . . . . .
කවුරු කොහොම කලත් අඩුම ගානෙ ප්‍රියංකරී අක්කට හරි අපිව මතක් උනා නෙ ඒකම ඇති විස්කි බාගෙකට හරියන්න. . . . . .