ඔබා අයිය ගැන මම අමුතුවෙන් සිංහල බ්ලොග් ලියන අයට මතක් කරල දෙන්න ඕනෙ නෑනෙ. ඒත් කවුද යකෝ මේ කියන ඔබ්සර්වර් කියල කාට හරි හිතෙනව නන් මෙතනින් ගිහින් ඔබා අයියගෙ බ්ලොග කියවලා මිනිහ ගැන පොඩි අයිඩියාවක් ගන්න පුලුවන්.
බ්ලොග් පෝස්ට් එකකට, බුකි පෝස්ට් එකකට වචනයක කොමෙන්ට් එකකින් හෝ දායක වෙමින් ලියන කියවන හැමෝවම දිරිමත් කරපු, ඊටත් වඩා ආතල් දීපු ඔබ්සර්වර් අයියා අපෙන් සමු අරන් ලබන මැයි මාසෙට (13 වෙනිදට) අවුරුදු 3ක් වෙනව.
ඉතින් ඔබ්සර්වර් අයියා සිහිපත් කරමින් අන්තිම පේලියේ අපි විසින් තුන්වෙනි වරටත් ලේ දන්දීමක් සංවිදානය කරනව අප්‍රේල් මාසෙ 26වෙනිද උදේ 9.00 ඉදන් සවස 3.30 වෙනකන් රාජගිරියෙ හේවාවිතාරන විද්‍යාලයෙදි.
අපි බලාපොරොත්තු වෙනව හැමදාම වගේ මේ වතාවෙත් ඔබාගෙ හිතමිතුරන් වගේම සයිබරේ අනිත් හැමෝමත් අපිත් එක්ක එකතු වෙයි කියලඔබා අයිය වෙනුවෙන් ලේ ටිකක් දන්දෙන්න.
ඔබා අයිය අන්තිම පේලියේ බල්ටි ගහපු කාලෙ අපි එකතුවෙලා ඔබා අයියට මඩ ගහන්න පෝස්ට් කීපයක් ලිවුව, ශෝට් ස්ටෝරීස් ඔෆ් සරා ඇන්ඩ් සනා කියල. මේ මඩ සීරීස් එකේ පස්වෙනි කතාව ඩ්‍රාෆ්ට් එකේ තියෙද්දි තමා ඔබා අයිය අපෙන් වෙන්වෙලා ගියේ. ඒක නිසා ඒ කතාව හැමදාම මගෙ ඩ්‍රාෆ්ට් පෙට්ටියෙ තියෙයි. ඔය මඩ කතාටික ගැන පොඩි විස්තරයක් දැම්මෙ, මේ පෝස්ට් එකට එයින් කතා කීපයක් එල්ලන්න හිතුන නිසයි. මේ කතාවල සනා සහ සරා කියන්නෙ අපි කවුරුත් දන්න සනත් (ඔබ්සර්වර්) අයියයි, සරත් ලංකාප්‍රිය අයියයි දෙන්න.
වොක්සර්ගන්
"සනා" සහ "සරා" කොල්ලො කාලෙ ආපු බ්‍රෑන්ඩ් නිවු කාර් ජාතිය තමයි වොක්සර්ගන් කියන්නෙ.
සරා ගත්තලු අලුත්ම වොක්ස් එකක්. අරගෙන ගෙදර යන අතරමගදි කාර් එක හිටියලු . . . සරා ටක් ගාල බොනට් එක ඇරියලු කාර් එක හදාගන්න. බොනට් එක ඇරල ඇතුලට එබුන සරා දාඩිය දාගෙන ගල් වෙලා වගේ එහෙමම ඉන්නවලු . . .
ඔය අතරෙ ඔතනින් යන්න ආවලු අලුත්ම වොක්ස් එකක් ගත්ත "සනා". සනා දැක්කලු දාඩිය දාගෙන "ගලේ රී* පූස වගේ" ඉන්න සරා ව. සනා කාර් එක නවත්තල සරා ලගට ආවලු . . .
සනා:මොකද මචං අවුල ??
සරා: බලපංකො . . මේ වොක්සර්ගන් කොම්පැනියෙ ඉන්න හොරු . . මාව රවට්ටල ඇංජිමක් නැති මගුලක් නෙ මට විකුනල තියෙන්නෙ . . .
සනා: අයියෝ . . මචං උඹ පොඩ්ඩක්වත් බයවෙන්න එපා . . . කොම්පැනියෙ එවුංට වැරදිල මගෙ කාර් එකේ ඩිකියට වැඩිපුර ඇංජිමක් දාල තියනව . . මම උඹට ඒක දෙන්නං . . . . !!!!
සරා ඉන් ඕස්ට්‍රේලියා
සනාව බලන්න මැලේසියාවෙ හිටපු සරා ආවලු ඕස්ට්‍රේලියාවට . . දෙන්න එලියට ගිහිං පොඩි ඩ්‍රිංක් එකක් දැම්මලු. දෙන්නටම හොඳ ගානට වැදුනලු . . .කරටි කඩාගෙන කං බිම අතුල්ලගෙන මේ විදියට ගෙදර ගියොත් කොහොමත් සනාගෙ වයිෆ් සනාව දොට්ට දානවනෙ . . . සනා කිවුවලු සරාට . . .
සනා: මචං මේ විදියට ගෙදර ගියොත් අපි දෙන්නම එලියට දානව . . අපි කොහෙ හරි හෝටලේක අද රෑ නතර වෙලා හෙට උදේම ගෙදර යමු . .
සරා: හරි මචං . .
දෙන්න කරේ අතදාගෙන හෙන අමාරුවෙං බඩගාගෙන වගේ ගිහිල්ල හොයා ගත්තලු හෝටලයක් . .
සනා: මැනේජර් මල්ලි . . . අපිට දෙන්න කාමර දෙකක් තියන ඇඳක්
මැනේජර්: සර්ලට ඕනෙ . . ඇඳන් දෙකක් තියන කාමරයක් නේද ??
සනා: ආන්න හරි මල්ලි . . ඒකක්
මැනේජර් රෙජිස්ටරේට සනාගේ ඇඟිලි සලකුන දාගත්තලු (කොහෙ අස්සං කරන්නද . . ??). ඊට පස්සෙ කාමරේ යතුර දීල කාමරේට යන හැටි කිවුවලු . .
දෙන්නම හෙන ගේමක් දීල කාමරේ හොයාගෙන අමාරුවෙං දොර ඇරගත්තලු . . . ලයිට් සුවිච් එක හෙවෙවලු හම්බ උනේ නෑලු . . .
දෙන්නම කරුවලේම දොර වහගෙන ඇවිත් ලඟම තිබුන ඇඳට වැටිල නිදා ගත්තලු . . .
ටිකකින් . .
සරා: මචං සනා . . . මගෙ ඇඳේ තව කවුරුහරි ඉන්නව වගේ . .
සනා: මචං . . . මැනේජරය අපිව රවට්ටලා . . . මගෙ ඇඳෙත් මොකෙක් හරි ඉන්නව . .
සරා: සල්ලි දීල ගත්ත කාමරේ . . වෙන එවුංට ඉන්න දෙන්න පුලුවනෑ මචං. . . අපි මුං දෙන්නව ඇඳෙං බිමට දාමු . . .
සනා: හරි මචං . .
දැං දෙන්නම එකසිය ගානට කර්වලේම පොරකනවලු . . . කොහොමහරි . . . සරාගෙ පයිං පාරක් වැදුන සනා බිමට වැටුනලු . .
සරා: මචං සනා . . මගෙ ඇඳේ හිටපු එකාවනං මම බිමට තල්ලු කලා . .
සනා: අඩේ . . බලපංකො . . මගෙ ඇඳේ හිටි එකා මාව බිමට තල්ලු කලා නෙ . .
සරා: ගනං ගන්න එපා මචං . . උඹ ඇවිත් නිදාගනිං මගෙ ඇඳේ . . .
ඔරිමජිනල් එක කියවන්න
ගම්පහ කොල්ලෙක්
අද කතාව සනා විතරයි . . සරා නෑ . .
ඔන්න පුංචි සනා ගම්පහ ඉස්කෝලෙං අයිං වෙලා ආවලු බොරැල්ලෙ ඉස්කෝලෙට . . . .තුනවසර පංතිය තමයි පුංචි සනා ඇතුලත් වුන පංතිය . . .
පලවෙනි දවසෙම ටීච පංතියෙ ළමයින්ට කීවලු එකේ ඉඳල පනහට ගනන් කරන්න කියල . . තුන වසර නෙ පංතිය . . .ගොඩක් ළමයින්ට විස්සෙන් එහාට ගනන් කරන්න බැරිඋනා . . හොඳම බ්‍රයිටො ටික තිහට ගනන් කලා . . . අපේ සනා විතරක් හරියටම පනහට ගනන් කලා . . ඒ විතරක්ද . .සීයටම යනකං හරියටම ගනං කලා . . . . දැං සනාට හෙන හැපි . . සනා ගෙදර ආපු ගමං තාත්තට කීව සීන් එක . . .
තාත්ත සනාගෙ ඔලුව අතගාල කිවුව . . . "ඔයා ගම්පහ කොල්ලෙක්නෙ පුතා" කියල
ඊලඟ දවසෙ පංතියෙ ටීච ළමයින්ට කිවුව ඉංග්‍රීසි හෝඩිය කියවන්න කියල . . . ගොඩක් ළමයින්ට I, J අකුරු වලිං එහාට බෑ . . පට්ටම බ්‍රයිටො ටික විතරක් R,S වෙනකං කිවුව . . . හැබැයි සනා . . A ඉඳල Z වෙනකං හෝඩිය හරියටම කටපාඩමෙං කිවුව . . . සනාට හෙන හැපි . . සනා ගෙදර ආපුගමංම තාත්තට සීන් එක කිවුව . . .
තාත්ත සනාගෙ ඔලුව අතගාල කිවුව . . . "ඔයා ගම්පහ කොල්ලෙක්නෙ පුතා" කියල
ඊලඟ දවසෙ ඉස්කෝලෙදි ඉන්ටවල් එකට චූ පාරක් දාන්න ගිය සනා දැක්ක සනාගෙ පංතියෙ අනිත් කොල්ලංගෙ ගැජට් එකට වඩා සනාගෙ ගැජට් එක හෙන ලොකුයි කියල . . . සනාට ඉතිං හෙනම ආතල් . . සනා ගෙදට ආපු ගමංම තාත්තට කීව . .
"තාත්තෙ තාත්තෙ ,. . අපේ පංතියෙ අනිත් කොල්ලන්ට වඩා මගෙ චූ එක හෙන ලොකුයිනෙ . . . මම ගම්පහ කොල්ලෙක් නිසාද ඒ තාත්තෙ ?" කියල
තාත්ත සනාගෙ ඔලුඅ අතගාල කිවුව . . . .
"නෑ මගෙ පුතේ . . . පුතා තුනේ පංතියෙ හිටියට මගෙ පුතාට දැං වයස අවුරුදු 17ක්නෙ ඒකයි ඒ" කියල
ඔරිමජිනල් එක කියවන්න
මනමාලයා
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින් තියෙන්නෙ. මේ කතාවට අදාළ සිද්දිය වෙලා තියෙන්නෙත් එහෙම ගිය එක්තාරා ගමනකදිලු.
මනමාලි ගේ ඇතුළේ සූදානම් වෙන අතරෙ සරයි සනයි මනමාලිගෙ තාත්තා එක්ක චැටක් දාගෙන ඉන්නවලු. ඔය වෙලාවෙ සරාට ආවලු පොඩි කැස්සක්. ඒ කැස්ස මූලික කරගෙන තිදෙනා අතර ඇති වුනාලු මෙන්න මෙහෙම කතාබහක්.
මනමාලිගෙ පියා - මනමාල මහත්තයට ටිකක් කැස්ස වගේ නේද?
සරා ඉතිං හිනාවක් දාලා නිකං හිටියලු. සනා එකපාරටම මැද්දට පැනලා කියනවලු...
සනා - නෑ ඉතිං අපේ සරාට එහෙමකට කියන්න ලෙඩක් දුකක් හැදෙන්නෑ ලේසියෙන්. ඔය පහුගිය දවස් ටිකේ සිගරට් බීලා...
මනමාලිගෙ පියා - මේ ළමයා නිතරම සිගරට් බොනවද?
සරා - නෑ එහෙම්මම නෑ...
සනා ආයිමත් කට පියාගෙන ඉන්න බැරිව පැන්නලු මැද්දට.
සනා - අපෝ නෑ. සිගරට් බොන්නෙම නැති තරං. ඔය ඉඳලා හිටලා අඩියක් ගහන දවසට විතරනේ සිගරට් බොන්නෙ..
ඒ පාරනං මනමාලිගෙ තාත්තාට ටිකක් අප්සට් ගියාලු. බේබද්දෙක්ද දන්නෑනේ. කොයි එකටත් අහලම දැනගන්න එකනෙ හොඳ කියලා මනමාලිගෙ තාත්තා ඇහුවලු...
මනමාලිගෙ පියා - ඔය කිව්වට ඉතිං බේබද්දෙක් වාගෙ බොන්නැතුව ඇතිනේ...
සරා - නෑ.. නෑ... ඉඳලා හිටලා.
පුරුදු විදියට සනා එතනත් මැද්දට පැන්නා.
සනා - අපෝ මෙයා අඩියක් ගහන්නෙ බොහොම කලාතුරකින්. කොටින්ම කියනවනං ගංජා ටිකක් හොයාගන්නම නැති දවසක තමයි මෙයා අඩියක් ගහන්නෙ.
දැන් මනමාලිගෙ තාත්තාට ටික ටික මල පැනගෙනලු එන්නෙ.
මනමාලිගෙ පියා - ඒ කියන්නෙ? මේ යකා ගංජාකාරයෙක්ද?
සරාට දැන් සනාව කන්න කේන්තියිලු. මෙච්චර අල වෙලා තියෙද්දිවත් කට පියාගෙන හිටපං. මූ ආයෙ කියනවලු...
සනා - නෑ... නෑ... අංකල්. කලබල වෙන්න දෙයක් නෑ. ඔය රෑකට සල්ලි ටිකක් වියදං කරලා ගෑණු පරාණයක් හොයාගෙන ආතල් එකක් ගන්න යනකොට තමයි ගංජා ටිකක් ගහලා යන්නෙ. ඔය ගංජා හොඳයි කියනවනේ ඔය වැඩේට. මංදන්නෑ ඉතිං මෙයා තමයි කියන්නෙ...
සරා ලොවෙත් නෑ. පුළුවන්නම් සනාව එතනම බාවන සයිස් එකට මල. මනමාලිගෙ තාත්තාට ඊටත් වැඩිය ඔරොප්පු.
මනමාලිගෙ පියා - දැන් තමුසෙලා හිතාගෙන ඉන්නෙ මං මේ වගේ බඩුකාරයෙකුට මගේ දුවව දෙන්න කැමති වෙයි කියලද?
ඒ ටික ඇහුනා විතරයි සරාට මල ඩබල් වුනාලු. නැගිට්ටලු ඉඳන් හිටපු පුටුවෙන්. ඇදලා ගත්තලු මනමාලිගෙ තාත්තාගෙ කොලර් එකෙන්.
සරා - යකො අන්කල්... නිකං බඩුකාරයා බඩුකාරයා කියාගෙන එන්න එපා හරිද. කොල්ලෙක් හොයාගන්නම බැරි වෙච්ච දවසට විතරයි මම ඔය ජරා සබ්ජෙක්ට් එකට බහින්නෙ. අන්න ඒක මතක තියාගනිං. වරෙන් සනා යන්න....
ඔරිමජිනල් එක කියවන්න
![]() |
මේ ඔබ්සර්වර් අයිය අපිත් එක්ක සෙට්උන පලවෙනි සයිබර් සැනකෙලියදා |
![]() |
දෙවනි සයිබර් සැනකෙලියදා. මේ තමයි ඔබා අයිය අපිත් එක්ක සෙට්උන අවසන් වතාව |
![]() |
ඔබා වෙනුවෙන් කල පලමු ලේ දන්දීමේදී ලේ දන්දීමෙන් මෙවුවා වූ කෙනෙක් |
![]() |
දෙවනි ලේ දන්දීමෙදි, ලේ දන් දෙන්න සූදානම් වෙන කට්ටියක් (මුලු ඇල්බම් එකම මෙතනින් බලන්න) |
යකෝ, මැරිලත් මූ ඔබාට සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැති හැටි....!
ReplyDeleteමේ මඩ දැක්කනම් ඔබා ආපහු උත්ථාන ගත වෙනවා.....
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
ඕවට රිටන් විදියට ඔබා මට ගහපු මඩ ටික හොයාගන්න විදියක් නැතුව ඉන්නෙ අයියා
ReplyDeleteඅර ඔබා වෙනුඑන් අවසන් ගමන් යන්න හැදුවෙ උඹමද?
Deleteඇත්තටම හමුවෙලා කතා කරල නැති උනාට සනත් අයිය කියන්නෙ නියම මනුස්සයෙක් කියල වටහගන්න පුලුවන්.
ReplyDeleteඕනයල සනත් අයිය වෙනුවෙන් කරන මේ වැඩෙත් සෑහෙන්න පිං අතේ වැඩක්.
හමුවෙලා කතා කලානං උඹට ජීවිතේට අමතක වෙන මිනිෙහක් නෙමේ ඔබා කියන්නෙ :D
Deleteලේ දන්දීම අපි අපිට හැකි උපරිම කාලයක් කරගෙන යනව ලොකු අයියා. පුලුවන්නං එදාට ඇවිත් ලේ ටිකක් දන්දීපං
ඔබා හිටියා නම් අපේ ජීවිත කතාවත් බොහෝ දුරට වෙනස් වෙලා!
ReplyDeleteසැටිපිකට් ඇත්ත
Deleteඔබා හිටියා නම් අපේ ජීවිත කතාවත් බොහෝ දුරට වෙනස් වෙලා!
ReplyDeleteමේ සැරේ නම් ලේ දෙන්න බැරිය බනිස් ගෙඩියක් කාලා යන්නවත් එනවාය
ReplyDeleteඑහෙම හරි එන එක ලොකු දෙයක් මචෝ
Deleteඔබා අයිය වෙනුවෙන් උඹල මේ කරන්නේ ලොකු පිණක්...
ReplyDeleteඒ දවස්වල ඔබා ගේ කමෙන්ට් එකක් දැක්කත් සැපයි, කටේ දිවේ ගෑවෙන්නේ නැති වෙන්න ලස්සනට ගේම දෙනවා
ඔබා අයියා උඹලට ගහපු මඩ ටික කොහොමහරි හොයාගෙන දාපන්, ඒවා මීටත් වඩා ආතල් ඇති... හෙහ්...
එකෙන්ම ඔබා මට ගහපු මඩ මීට වඩා ආතල් . . . ඒකනෙ බං ඒව හොයාගන්න බැරි :D
Deleteකතා ටික කිය්
ReplyDeleteවෙනී,
Deleteමේක වෙන්න ඇති උඹ දාන්න හදපු කොමෙන්ට් එක
//කතා ටික කියවලා හිනා වෙන්නෙ කොහොමද බං ??? ඔබා අයියව හමු වෙච්ච පළමු වෙනි සහ අන්තිම හෝරා කීපය හිතේ තියෙන තුරාවට ...//
බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.. ඔබා මාමා එක්ක වචනයක් වත් කතාකරලා නැති උනාට හරි සමීප බවක් දැනෙනවා..
ReplyDeleteපිංකම සාර්ථක වේවා...!!
වචනයක් හරි කතා කලානං ඔබා උඹේ ලගම නෑයෙක් වගේ වෙනව එකෙන්ම
Deleteජීවිතේ එකම එක වතාවක් මුන ගැහුනත් හැමදාටම මතක හිටින මතකයක් එකතු කරපු "මනුස්සයෙක්". සිහි නැතිවෙන්න වැදුනු දවසක් වුනත් ඔබා අයියගෙ මතකයනම් අමතක වෙන්නෙ නෑ.. තව එකක් ඔබා අයියට පස්සේ බ්ලොග් අවකාශයට ඒ තැන ගන්න පුළුවන් කියලා හිතුන චරිත එකතු වුනත් ඒ එකක්වත් ඔබා අයියගෙ කිට්ටුවටවත් එන්න බැරි වුනා..
ReplyDeleteඋඹට මතකද එදා දවසෙ පලවෙනි බෝතලේ ඕපන් කලේ ඔබා අයිය කියල :D
Deleteපුතා, උඹෙ අන්තිම කතාවට දාහන් පහක්! එක අතකට අපිට තව ඔබා කෙනෙක් ඕනෙ නෑ, ඒ ඒ උන් තමන් වෙච්චාවෙ බන්, මොකද ඔබා කියන්නෙ ඔබාම විතරයි.
Deleteමට සරාව නම් නිතර හම්බ වෙනවා . සනාව නම් කවදාවත් සෙට් වෙලා නෑ ... මුල්ම ලේ දන් දීමට ද කොහෙද ආව මම .. මේ සැරේ නම් ඉතින් එන්න වෙන්නේ නෑ .. සරාට දිර්ඝායුෂ පතල , සනාට නිවන් සුව පතමු ..
ReplyDeleteඋඹලගේ වැඩේ හොඳට කරපල්ලා ..
උඹ ආවෙ පලවෙනි ලේ දන්දීමට.
Deleteසරාව හොදට බලාගනින්. ලොං හැලෙන්න නාකි උනාට තාම අතදරුව වගේ වැඩ පිලිවෙල
නාකි වෙන්නෙ නොහැකි උනාම බං.. මට එහෙම නොහැකියාවක් නෑ !
Deleteඔබා මාමා හිටියනන් අපිට මේ විදිහට බ්ලොග් නිලියා ඉන්න දෙන්නේ නම් නෑ....! දවසට ඊ-මේල් දුසිමක් විතර එවයි අළුත් පෝස්ට් නැද්ද කියලා අහලා.....!
ReplyDeleteමතක් වෙද්දිත් ආසාවෙ බෑ බුවා පෝස්ට් එකක් දාන්න මතක් කරල එවන ඊයෙ තියන කුනුහරප ටික
Deleteඅපි එනවා මේ වැඩේට.. මේ පාරත්
ReplyDeleteඑල ද බ්‍රා
Deleteගල් දෙඹරා !
අපිත් එනවා ...
Deleteඔබා අයියවයි ඉලංදාරියවයි දෙන්නම මතක් වුනා බං...ලේ දංදිමට එන්න බැරි වුනත් වැඩේට අත්පුඩි ගහනවා...ඔබා අයියට නිවන් සුව ලැබේවා..
ReplyDeleteඉලන්දාරියව් මතක් උනා බං. බුවා ගැනත් ලියන්න කියල හිතලත් නොලිවුවෙ පෝස්ට් එක දිග වැඩිවෙන නිසා.
Deleteමට වඩා ඉලන්දාරියව ආස්සරේ කරපු යාලුවො ඉන්නව සයිබරේ. මට ශුවර් එයින් එකෙක් ඉලංදාරියා ගැනත් ලියයි කියල මොනාහරි
මචං මේ ගැන තව ටිකක් විස්තර කරලා දාන්ඩ.....
ReplyDeleteටයිම් එක, ප්ලේස් එක.... එන විදිය.......
පෝස්ට් එකේ කියල තියන විස්තර මදදි ??
Deleteදිනේ - අප්‍රේල් 26
වෙලාව - උදේ 9.00 ඉදන් හවස 3.30 වෙනකං
තැන - හේවාවිතාරන විද්‍යාලය, රාජගිරිය
එන විදිය - රාජගිරිය පල්ලිය පහුකරගෙන බොරැල්ල පැත්තට එද්දි දකුනු අත පැත්තට තියන රාජගිරිය පාරෙ මීටර් 50ක් විතර ගියාම තමයි ඉස්කෝලෙ තියෙන්නෙ
මොනා කරන්නද? මේ පාරත් එන්ට වෙන්නෙ නැතුවා...
ReplyDeleteයකෝ, හාමිනේ ලංකාවෙ නේද ???? උන්දැව එවපං
Deleteඕනයා.....ඔබා කියන්නේ පොරක්. ඒක මම දන්නේ ඔබාගේ තිබුන නිදහස් සිතුවිලි නිසා. දැක්කේ බ්ලොග්ස් තුල පමනක් වුනාට, ඒ මිනිස්සු හරි නිර්ව්‍යාජ්යයි කියලා හිතෙනවා ලියවිලි තුලින්.
ReplyDeleteමචන් ඕනා....ඔබාට රෙස්පෙක්ට් එකක් හැටියට.....අපි වගේ නාකි හුකන්නන්ට කියවීමේ පහසුව සඳහා තොගේ ටෙම්ප්ලේට් එක මාරු කරපන්. ඇහැට *කනවා වගේ බං ..මේ තියෙන විදිහ.
ඔබා කියන්නෙ පොරක් . . . ආයෙ ඒකෙ දෙක හමාරක් නෑ !
Deleteඔන්න ඔය වගේ ලස්සන වචන ටිකක් තමා ඔබා මට වතාවක් කිවුවෙ මගෙ බ්ලොගේ අකුරු පොඩි වැඩියි කියල. ඕන්න ටෙම්ප්ලේට් එක මාරු කලා.
/ඇහැට *කනවා වගෙ/
Deleteමොකෝ අරු අයියෙ දෙවෙනි පාර *කන කොට විතරක් තරු විසි වෙලා :) :)
කවදාවත් දැකලා නැතිවුනාට හිත හොඳ වයසක තරුණයෙක් කියල දැනෙනවා.බලමු,කොළඹ හිටියොත් ඇවිත් ලේ දෙමු.
ReplyDeleteඔය වගේම වයසක තරුණයෙක් අපි ලියන්න පටන්ගත්තු කාලේ අපිව නිතරම දිරිමත් කලා.ඒත් ඒමනුස්සයා අද නිහඬයි.ඔය උඩ ඉන්නේ ඒ නාකි තරුණයා තමයි.
හුඟක් ලගින් ඇසුරු නොකලත් ඔබා මාමත් එක්ක ඉන්න ලැබුන එක ඇත්තටම සතුටක්.. උඹලා ඒ උත්තමයා මතක් කරලා මේ කරන දේ හැමදාම වගේ අගය කරනවා අයියේ..
ReplyDeleteඑදා අන්තිම අවුරුදු උත්සවේ ඉවර වෙලා යද්දි බන් මගිනුත් බියර් හරි අරක්කු හරි අරගෙන වාහනේම බිවුවා,,මට මතක් උනේ බන් මමයි මරනයයි ඔබාව අල්ලන් ගිහින් ගෙදරට දැම්මෙ,,ඒ අස්සෙන් එල්ලන් උන්නු කැමරාව නෑ,,ආයෙ දුවන් ඇවිල්ලා වාහනෙන් ඒක හොයලා ගුඩ්නයිට් කියලා අපි දෙන්නා ආවෙ,,ඒ තමා ඔබාව මට හම්බුනු දවසේ අවසන් වෙලාව,,,අමතක නොවන චරිතයක් බන්
ReplyDeleteඔබාව නම් කවදාවත් අමතක වෙන එකක් නෑ අපිට
ReplyDeleteඔබාව මතක් කරන්න තියන හොඳම විදිය තමයි ඔබා කැමති මේ ජාතියෙ කතාවක් කියවන එක. ඔබා ගැන මට තියන හොඳම මතකය තමයි ඔය මරාගන්න දේශපාලන පෝස්ට් වලට ඇවිල්ල "කියෙව්ව" කියල විතරක් යනඑක. ඒ ජාතියෙ කමෙන්ට් කාරයෙක් ඊට පස්සෙ දැක්කෙම නෑ. ඔබාගෙ බ්ලොග් එක පැත්තෙ නං යනව හිටි ගමං.
ReplyDeleteබයිලා කාරයන්ට වැඩිය ඔබා අපේ හිත්වල රැදිලා ඉඳියි හැම දාම... ඒ වෙන දේකට නෙමෙයි බ්ලොග් ඇක්ටිව් තියා ගන්න දරපු වෑයමට.. ඒ ඇර මම පෞද්ගලිකව මුනගැහිලා නම් නෑ... මැරුන අනිත් උන් අමතක වෙන්නයි.. ඔබා මතක් වෙන්නයි මොකක් හරි විශේෂත්වයක් ඇති නේ...
ReplyDeleteහැබයි ඔය ලේ දන්දීමට වඩා පින් සිද්ද වෙනවා ළමා නිවාසෙක උන්ට කන්න බොන්න දෙන එක.. මේවා මුන් ප්‍රයිවට් හොස්පිටල් වලට විකුණනවනේ...
අනේ පල පොන්නයා...උඹ ඔබාගෙත් කටට ගත්තද ?
Deleteඅපි ළමා නිවාසෙකට දානයකුත් දුන්නා. හැබැයි ඒක තනිකරම අන්තිම පේලියේ අයගෙන් විතරක් වියදමෙන් කරපු වැඩක් නිසා කිසිම පබ්ලිසිටියක් දුන්නේ නෑ
ReplyDeleteඑහෙම කරන එක සද්දේ දාලා කරනවට වඩා හොඳයි... එළ...
Deleteසුද්ද....+++++++++++++++++++++++++++
Deleteමගෙ ප්‍රොෆයිල් නේම් එක දැම්මෙ ඔබා අයියගෙ යෝජනාවකට, තාමත් ඉදල හිටල බ්ලොග් එක පැත්තෙ ගිහින් බලනව. ඔබාගෙ අඩුව පුරවන්න තවම එකෙක් නෑ.
ReplyDeleteගම්පහ කොල්ලො කොහොමත් වැඩ්ඩො කියල දැනගනින්.
එක හරි, එකනෙ ගම්පහ කොල්ලොටික පබාව පර්ලිමේන්තුවටම යැවුවේ
Deleteඅඩෝ... මාත් ගම්පහ හරිය? හිටං මහත්තුරු දෙන්නත් අපේ වැයික්කියෙම තමා...
Deleteඋඹ මෙව්ව මතක් කරල අපේ පපුව බර කරනවා මල්ලි. මං අන්තිම පේලියට අඩුවෙන් යන්නෙ මට ඔබාව මතක්වෙන හින්දා. පරණ පෝස්ට් දැන් ඒකෙ බලන්න බෑනෙ. අන්තිම ගමන යන්න කලින් ලංකාවට යනකොටත් ආපහු එනකොටත් ගෙදරට ගෙනැල්ල මොහොතක ඇසුරු කරන්න ලැබුණා. බ්ලොග් එකෙන් දකින මිනිහාට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියල විතරක් කියන්නම්.. ජීවිත කාලයක් ඇසුරු කල මිතුරෙක් සොහොයුරෙක් නැති උනා වගෙ තාමත් දුක එහෙමමයි.. මම නම් ඒ බ්ලොග් එකට ගිහින් ලියලා එනවා.
ReplyDeleteසතුටුයි ඔ්නා මේ විස්තර දැනගන්න ලැබුණාට... අැත්තට ම සතුටුයි කිව්වාට දුකකුත් තියෙනවා නේ ඒ අැතුලේ..... ඒන්න පුළුවන් වෙයි කියලා බොක්කෙන්ම කියන්න බැහැ.. අපි ඉන්නේ රට මැද..... හැකි වෙලාවක් වැඩකදී හම්බෙමු.......
ReplyDeleteහමුවෙන්න ආසාවෙන් හිටියත් හමුවෙන්න නොලැබුනු සොඳුරු මිනිහෙක්...
ReplyDeleteමනුස්සයෙක් ජීවත් වෙන්න ඕනැත් .. මැරෙන්න ඕනැත් ඔබා අයියා වගේ කියලයි මම හිතන්නෙ...
මචන්, මං ඔබා අයිය ගැන අහනකොට ඌ මැරිලා.. ඒත් මං උගේ ගැන ගොඩාක්ම විස්තර දැන ගත්තා බ්ලොග් එකේ ලියපුවාගෙන් හා ඒක කොමෙන්ට්ස් වලින්. කම්මලත් මට ගොඩාක් විස්තර කියුවා. විසි හය වෙනිද වෙනකොට නොමැරී හිටියොත් ඔය පැත්තට අනිවා එනවා.. (බ්ලඩ් ෂුගර් තියෙන උන්ගෙන් ලේ ගන්නවද දන්නෙ නෑ) ඊට කලින් 19ත් හම්බෙනවානේ. ඔබාට සුභ ගමන්. උඹට සුභ අනාගතයක්!
ReplyDelete(මං බුකියේ රික්වෙස්ට් එකක් දැම්ම. ඒක ඇක්සෙප්ට් කරල උඹේ නොම්මරේ දාපන් මැසේජ් එකක් විදියට. කතා කරන්න ඕනි.)
මෙව්වනෙ කතා කියන්නෙ... පට්ට යකෝ...!
ReplyDeleteසරා ඉන් ඕස්ට්‍රේලියා කතාවෙ ඉතුරු ටික...
Deleteසනා කොහොම හරි අතපත ගාලා සරාගෙ ඇඳට ගොඩවුනා. "හරි බං ඔන්න මං උඹේ ඇඳට ගොඩවුනා..." සනා කිව්වා. "හරි බං තව මෙහෙට වරෙං" සරා කිව්වා. ඊට පස්සෙ සනා සරාව හොයනවා, සරා සනාව හොයනවා. කොහෙද...? අහුවෙන්නෑ...
"අඩෝ කෝ බං උඹ?" සනා ඇහුවා.
"යකෝ මං නැද්ද? කෝ එතකොට උඹ?" සරා පුදුම වුනා.
"යකෝ මේක මාර මායාකාර කාමරයක්නෙ. බං අපි දෙන්නම නෑනෙ..." සනයි සරයි දෙන්නම ඇදෙන් බිමට පැනලා කාමරෙන් එළියට දිව්වා.
කොහෙම හරි අන්තිමේ දෙන්නම නිදාගත්තෙ එළියෙ කොරිඩෝ එකේ තමා උදේ රූම් බෝයි ඇවිත් පයින් ගහලා ඇහැරවන කල්.
මිනිස්සුන්ට ප්‍රසිද්ද වෙන්න පුලුවන්, නමුත් ජනප්‍රිය වෙන්න ලේසි නෑ. ඔබා කියන්නෙ ජනප්‍රිය සහ ප්‍රසිද්ද පොරක්!
ReplyDeleteමට තාම මතක්වෙන්නෙ ඔබාට පරණ පැන්ෂන් ගියපු පොරක් එක්ක මල පැන්න වෙලාව සෑමගෙ බ්ලොගේ කමෙන්ට් එහෙකට. කොල්ලොත් එක්ක ඇරගත්තෙ නැති ඔබා තමන්ගෙ වයසෙ කෙනෙක් එක්ක ඉස්මුදුනෙන් මල අතට අරන් දුන්න එදා, ජාතකේ අංග ජාතකේ ඉඳලම.
ඔබා එක්ක අඩියක් ගහන්න බැරිවෙච්චි එක ලොකු දුකක්. උඹලගෙ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
මේ දැන් ටිකකට ඉස්සෙල්ල වෙන බ්ලොගක ඕමා දාලා තිබුනා කොමෙන්ටුවක් හොඳ මිනිස්සු ඇයි ඉක්මනට අපිව දාලා යන්නේ කියලා...... මට හිතෙන්නේ ඒ මිනිස්සුන්ගේ හොඳ කම නිසා ගොඩක් කල් අපිත් එක්ක හිටියත් අපිට දැනෙන්නේ ටිකයි හිටියේ වගේ කියලා ......
ReplyDeleteමොනවා උනත් අපිත් නැතුව උබලා වගේ මැන්ටල යන්ගෙන් බේරිලා එතුමා නිවන් ගිය එකගන එක පැත්තකින් අපිට සතුටු උනාකි ......
දානමය පිංකම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
ඇත්තට ඔය සරතාත් ඒ තරම්ම වයසද බන් ???
හිකිස්..මරු කතා ටික..මමනම් ලගදි බෙගක් දාපු නිසා ඔබ්සර්වර් ගැන දන්නෙම නැති තරම්.ඒත් දැන්හරි දැනගත්ත එක හොදයි..
ReplyDeleteඕනය , දැනගෙන හිටියේ නැතත් සුන්දර මනුස්සයෙක්. වැඩේ සාර්ථක වේවා කියල පතනවා.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16511-2015-04-08-21-12-57
ReplyDeleteටැංකිවු ලොකු අයියා
Deleteමේකටත් රිංගුවා කියල පොලු පාරක් දෙයිද මන්දා.. :D කතා ටික ආසාවෙන් කියෙව්වා. සරා අයිය ගැන නං දැන් දැන් දන්නවා උනාට සීන් එකට අලුත් නිසා සනා අයිය මිස් වෙලා. එතුමාට නිවන් සුව පතනවා. මේ දවස් වල කාර්යබහුල නිසා සහ ගිය මාසෙ ලේ දැන් දුන්න නිසා වැඩේට එන්න වෙන්නෙ නෑ. වැඩේ අති සාර්ථක වෙන්න කියල පතනවා...
ReplyDeleteමම බ්ලොග් ලියන්න අරගෙන මාස හතරකින් තමයි ඔබා මුලින්ම දැක්කේ, කුරේ පාක් එකේදී. මම හිතුවේ මන්ත්‍රී පොරක් කියලා කට්ටිය වට වෙලා ඉන්නකොට. මම අඳුනන කවුරුත් හිටියේ නෑ. ඒ නිසා කවුද කියලා අහ ගන්නත් බැරි වුණා. ඊට දින කීපෙකට පස්සේ තමයි සනත් අයියා නැති වුණේ.
ReplyDeleteදෙන්න ලේ නම් නැහැ .
ReplyDeleteගිය වර්ත් ආවා .
මේ පාරත් එන්න උත්සහ කරනවා .
සයිබර් සිහින උළෙලට සහ හැම දෙකටම එන අන්තිම අවුරුද්ද මෙය වෙන්න හැකි කියා හිතෙන නිසා උඹලා එක්ක කාලය ගත කරලා යන්න හරි එනවා .
ඔබා මාමට නිවන් සුව
සනා අප අතරින් වෙන්වී මේ මැයි 13 වෙනිදාට අවුරුදු තුනක් නොව හතරක් යනුවෙන් නිවැරදි වියයුතුය
ReplyDeleteඉන්දරේ
උබ ආයමත් ලියන්හ්න්කෝ
ReplyDeleteලියමු
ReplyDeleteشركة تنظيف بالاحساء
ReplyDeletetest
ReplyDeleteආ.. මැන්ටල් අයියා.
ReplyDelete
ReplyDeleteشركتنا هي الشركة الأفضل في توفير أفضل الخدمات المنزلية في المملكة العربية السعودية هي شركة تقدم أرخص الأسعار فإذا كنت في مدنية ابها وتريد شركة تلبي كافة الخدمات المنزلية عليكم بالتواصل معنا عبر خدماتنا التالية شركة تنظيف بابها
شركة تنظيف خزانات بابها
شركة تنظيف منازل بابها
شركة تنظيف موكيت بابها
شركة نقل اثاث بابها
الجميع يعلم مدى الأهمية القصوى في توفير شركة تنظيف منازل بنجران
ويجيب أن يتوفر ايضا مياه نظيفة خالية من الأوساخ والشوائب لكي تضمني حياة صحية سعيدة تنظيف خزانات بنجران
كما ايضا فروع شركتنا مستمرة في مدينة بيشة في المنطقة الجنوبية في المملكة العربية السعودية شركة تنظيف ببيشة
كما نقدم خدمة للقضاء على كافة أنواع الحشرات في أسرع وقت ممكن مع الضمان شركة مكافحة حشرات بمحايل عسير
شركة عزل فوم بالمدينة المنورة
ReplyDeleteشركة عزل فوم بالدمام
شركة عزل فوم بالخبر
شركة عزل فوم بالجبيل
شركة عزل فوم بالقطيف
شركة عزل فوم بالاحساء
දැන් දීපංකො මේවට උත්තර. ඔන්න අරාබියා ඇවිත් උඹේ ජුන්ඩා කපාගෙන යනවලු.
ReplyDeleteخدمات تسويق الكتروني
ReplyDeleteمكاتب سياحية في جدة
ReplyDeleteمكاتب استخراج تأشيرات
تأشيرة شنغن
برامج سياحية
بكجات سفر
seo fiyatları
ReplyDeletesaç ekimi
dedektör
instagram takipçi satın al
ankara evden eve nakliyat
fantezi iç giyim
sosyal medya yönetimi
mobil ödeme bozdurma
kripto para nasıl alınır
MMORPG
ReplyDeleteinstagram takipçi satın al
Tiktok jeton hilesi
Tiktok jeton hilesi
Sac Ekim Antalya
referans kimliği nedir
İnstagram takipçi satın al
metin pvp
instagram takipçi satın al
perde modelleri
ReplyDeleteSms Onay
mobil ödeme bozdurma
NFTNASİLALİNİR
ankara evden eve nakliyat
trafik sigortası
dedektör
Kurma Websitesi
AŞK ROMANLARI
patent sorgula
ReplyDeleteyorumbudur.com
yorumlar
tiktok jeton hilesi
mobil ödeme bozdurma
mobil ödeme bozdurma
mobil ödeme bozdurma
pubg uc satın al
pubg uc satın al
Congratulations on your article, it was very helpful and successful. 7110fb5d20b291b7f9f4e5819912b34c
ReplyDeletewebsite kurma
sms onay
numara onay
Thank you for your explanation, very good content. 6373036b34ace0bc246e0cbed443e2dc
ReplyDeletealtın dedektörü
betpark
ReplyDeletebetmatik
casino siteleri
Good content. You write beautiful things.
ReplyDeletevbet
mrbahis
korsan taksi
sportsbet
hacklink
sportsbet
mrbahis
vbet
taksi
Good text Write good content success. Thank you
ReplyDeletetipobet
poker siteleri
betpark
mobil ödeme bahis
betmatik
slot siteleri
kralbet
bonus veren siteler
This post is on your page i will follow your new content.
ReplyDeletecasino siteleri
mrbahis giriş
sportsbet
betgaranti.online
sportsbet giriş
mrbahis
mrbahis.co
sportsbet
casino siteleri
This post is on your page i will follow your new content.
ReplyDeletesportsbet
mrbahis
sportsbetgiris.net
casino siteleri
betgaranti.online
mrbahis giriş
sportsbet
mrbahis.co
sportsbet giriş