Sunday, December 4, 2011

ආනේ . . . සුගත් අයියා . . .

මගෙ ටැස්ටිං පෝස්ට් එකට බලාපොරොත්තු නොවුන ජනතා ප්‍රතිචාරයක් ලැබුන නෙව . . . . හැබැයි ඉතිං දේවා ගේ අඩවිය කියන විදියට මාසෙටම දාන එකම පෝස්ට් එකවත්, පොඩි කුමාරිහාමිගෙ හිතේ තියන හේතුවවත් නෙමේ ඒ ටැස්ටිං එක දාන්න හේතුව . . .  ඊට කලිං මම දාපු ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය කියන පෝස්ට් එක කාගෙවත් බ්ලොග් රෝල්වල අප්ඩේට් උනේ නැති නිසයි . . ඒ ටැස්ටිං එක දැම්මෙ. හැබැයි ඉතිං පොඩි කුමාරිහාමි හිතපු විදියෙ අමතර වාසියකුත් උනා තමයි . . . නැත්තෙම නෑ . . . .

මෙන්න මගෙ දෙසැම්බර් මාසෙ පලවෙනි පෝස්ට් එක (සමහරවිට මාසෙටම මේක විතරක්වෙන්නත් ඉඩ තියනව . . . .)



Saturday, December 3, 2011

පොඩි ටැස්ටිං එකක් . . .

පොඩි ටැස්ටිං එකක් . . .
මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . .  ඒකයි මේ . . .   නොසලකා හරින්නලා ඈ . . . . .

ටැංකිවු . .
ඩබ්.ඇම්.පී.ඕ. මැන්ටල්

Thursday, November 3, 2011

ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය

             ඔන්න ඔය කියපු මගේ සිහිනය හැබෑ කරගන්න හිතාගෙන මම වතාවක් මම ගත්ත පිංතූර තුනක් මූනු පොතේ දැම්ම.
                   ඉතිං එහෙනං අහවල් එකක්ද මේ කියන්නෙ . . ???
ඔයාලට එහෙම හිතෙන එක මට නවත්තන්න බැහැ නෙ . . .
ඒකට හේතු තුනක් තියනව . . .
               එකක් තමයි . . . . . ඒ පොටෝ මූනු පොතේ තියන්නෙ කොපි රයිට් නැතුව නිසා ඕනෙම කෙනෙකුට උස්සන්න පුලුවං . . .
             දෙවනි හේතුව තමයි  . . .  අර ජෝඩුවක් ඉන්න පිංතූරෙ ඉන්න මගෙ මිත්‍රයට (මනමාල මහත්මයට) මිනිහගෙම යාලුවෙක් ඔය පිංතූරෙ ඊයකින් එවල තියනව . . .
             ඉතිං මට ඌ කිවුව වහාම ඕක අයිං කරපං . .  නැත්තං ඔය පිංතූරෙ උඹ ගත්ත එකක් කියල පේන්න මොනව හරි කරපං කියල . . .
             ඉතිං මම හිතල බැලුව  . .  ඔය පිංතූර ටික කොමෙන්ට් ටිකත් එක්කම අගෙ ලඟම කාටත් බලන්න පුලුවන් වෙන්න තියාගන්නෙ කොහොමද කියල . . .  එතකොට තමයි මාරයගෙ හෝරාව ලියන මාරය බනියගෙ පිංතූරෙකට විචාරයක් දාපු පෝස්ට් එකක් මාරයගෙ බ්ලොගේ පලවුනේ . . . .
                  මට සු‍ටුස් ගානකෝටම වැටහුනා . . .  මම මොනවද කරන්න ඕනෙ කියල . .. .
ටක් ගාල ගත්ත මගෙ පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක . . .  දැම්ම ඒකෙං පොටෝ තුනටම මගෙ ඉස්ටූඩියෝ එකේ නම. . .
                   දැං ඔයාල මේ පිංතූර බලල "අඩේ මොකද්ද මේ පට්ට පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක???" කියල කල්පනා කරල ඔයාලගෙ මොල ගෙඩි ටික කුරවල් කරගන්න හදන්න එපා . . .  මම කියන්නංකො

Friday, October 21, 2011

අමාෂි දුවට . . . තාත්තගෙන්



             මගෙ දුවේ . . .  අද ඔයාගෙ මාස හයේ උපන්දිනේ . . . .  තව දවස් තුනකින් ඒ කියන්නෙ ලබන සඳුදා ඔයා ඔයාගෙ පලවෙනි බත් කට කනව . . . . .අම්ම කිවුව දැන් ඔයාගෙ එක දතක් ඇවිල්ල කියල . . .  තව . . .  ඔයා දැන් බඩගානවලු . . . .  තාත්තට ඒ හැම දේම බලන්න ඔයාගෙ ලඟින් ඉන්න බැරිඋනා . . . .  මගෙ රත්තරන් දූ  . . . . තාත්තත් එක්ක තරහද ??? ඔයා තාත්තත් එක්ක තරහ වෙන්න එපා . . . තාත්ත ඔයාවයි අම්මවයි තනියෙන් තියල වෙන රටකට ගියේ ඔයාට ලස්සනට අඳින්න දෙන්න, ඔයාට රසට කෑම ටිකක් දෙන්න, ඔයාට හොඳට උගන්නන්න . . . . මේ තාත්තගෙ ලංකාවෙ කරපු රස්සාවෙන් කවදාකවත් කරන්න බැරිනිසා . . . . .

Sunday, October 16, 2011

අම්මා . . . . .

මේක මම ලියපු කතාවක් නෙමෙයි . . . .  කතාවෙ ලිංක් එක පහලින්ම තියනව. අහම්බෙන් ඇහැ ගැ‍ටුන කතාවක් . . . . පුදුම විදියට හිතට වැදුන නිසා මට හිතුන කට්ටියත් එක්ක බෙදාගන්න . . . . .



මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”


මාස හතක විතර පුංචි පිරිමි දරුවෙක් වඩා ගත් ඕ මදෙසට හැරුණේ මුකුත්ම හිතා ගන්නට බැරුව වගේ.


මාත් එක්කද මිස්
ඔව් ඔයත් එක්ක තමයි

Thursday, October 6, 2011

පරන චිත්‍රපටයක් බලමුද ???

          මගෙ කුඩාකාලෙ මතකෙ හරි නං . . . . අසූ ගනන් වල අග කාලෙ විතර ලංකාවෙ පොඩි (පොඩි කීවට පොඩිම නෑ) කලබලයක් ගියා එක බටහිර චිත්‍රපටයක් සම්භන්දව. මම නිකමට වගේ අපේ කතන්දර ශූරීන්ගෙන් ඇහුවාම උන්දැනං කීවෙ ඔය කතන්දරේ උනේ 91දි විතර කියල. මේ චිත්‍රපටය සිංහලෙන් හැඳින්නුවෙ "මිනී කන්නන්ගේ දේශය" කියල.
          1978දි ප්‍රදර්ශනය කරන ලද මේ ඉංග්‍රීසි චිත්‍රපටය ඉතාලි නිශ්පාදනයක්. ඉතාලි බසින් La montagna del dio cannibale ලෙස නම් කරන ලද මේ චිත්‍රපටය තවත් නම් කීපයකින් මුදාහැරුනා. The Mountain of the Cannibal God එහෙමත් නැත්නම් Slave Of The Cannibal God කියන නම් වලින් ලොව පුරා හැඳින්වුවත් බ්‍රිතාන්යයේ මුදාහැරුනේ Prisoner of the Cannibal God කියන නමින්.

Sunday, July 24, 2011

Vanishing Point - 1971 (වැනිශිං පොයින්ට්)

නිකං ඉන්න එකේ මටත් හිතුන චිත්‍රපටයක් ගැන පොඩ්ඩක් කතා කරන්න. 


දැකල තියනවද චිත්‍රපට වල Car Chases . . . . ??? 
1971 අවුරුද්දෙ තිරගතවුන "වැනිශිං පොයින්ට්" චිත්‍රපටයේ මුල සිට අග දක්වා දිවෙන මෝටර් රථ ධාවනය සහ ලුහුබැඳීම තමයි චිත්‍රපටි විචාරකයන් හඳුන්වන විදියට ලොව බිහිවුන හොඳම නිර්මානය . . . THE BEST DAMN CAR CHASE EVER . . . . .


කොවෙල්ස්කි (Barry Newman) කියන්නෙ යුධ හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක් සහ රේස් ධාවකයෙක් විදියට ‍රැකියාවල යෙදිල අවසානයේ මෝටර් රථ ප්‍රවාහනය කිරීමේ ‍රැකියාවක නිරතවෙන්නෙක්. 
කොවෙල්ස්කිට ලැබෙනව 1970 Dodge Challenger වර්ගයේ මෝටර් රථයක් . . . .  කොලරාඩෝ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා ගෙනයන්න. මේ සම්පූර්න ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් දවස් දෙකක් . . .  කොහොම නමුත් කොවෙල්ස්කි ඔහුගෙ මිතුරෙක් සමග ඔට්‍ටුවකට එලඹෙනව . . .  මේ සම්පූර්න දුර ප්‍රමානය පැය 15කට අඩු කාලයක් තුල ගෙවා දමන්න. 

Monday, July 11, 2011

තිස් හතරක් කීවාම සෙල්ලංද . . . ???




අදට ඉතිං මට වයස අවුරුදු තිස් හතරක් වෙනව නෙ . . . .  මීට කලිං කවදාවත් නැති විදියට මූනු පොතේ සුභ පැතුම් පිරිල තිබුන . . . .  උදේ 8.00ට රාජකාරියට වාර්තා කරල මුලින්ම කරන රාජකාරිය වශයෙන් මූනු පොතේ අප්ඩේට් ටික දාන්න ගත්තට පස්සෙ දැං තමා (දවල් 12.40ට) පොඩි නිදහසක් ලැබුනෙ මගෙ බ්ලොගේ පෝස්ට් කෑල්ලක් කොටන්න. ඒකෙ තේරුම තමා මම තාම අද දවසට අදාල රාජකාරි වලට අත තියල නෑ කියන එක . . . .  


අද මගෙ උපන්දිනේ වගේම කතන්දරගෙ බ්ලොගෙත් උපන්දිනේ . . . .  තව ලසියගෙ උපන්දිනෙත් අද . . . .  අන්තිම පේලියෙ ශැගියගෙ උපන්දිනෙත් අද . . . . ඉතිං මාරයි නේද අද දවස . . . . (හික්ස් . . .  කාට නැතත් මට නං මාරයි)


අවුරුදු 34ක් තිස්සෙ කරපු කියපු දේවල් ගැන ටිකක් විතර හිතල බැලුවම දුක් වෙන්න දේවල් වගේම ඊටත් වඩා සතු‍ටු වෙන්න දේවල් තියනව. මම ඒ දේවල් ලිස්ට් කරන්නෙ නෑ . . .  
උපන්දින ප්‍රීතිය කොහොම උනත් අද මට ගොඩක් දුක් වෙන්න කාරනාවකුත් යෙදිල තියනව. ඒ මම හරි හමන් විදියකට කියල රස්සාවක් කරපු . . . .  මගෙ ජීවිතෙන් කොටසක් වෙලා තිබුන සිලෝන් ෆ්‍රෙශ් සී ෆුඩ් ආයතනයේ සේවය අහවර කරන්න තීරනය කිරීම. අද උදේම ටයිප් කරපු ඉල්ලා අස්වීමේ ලිපිය තාම මගෙ කොම්පියුටරේ මොනිටරේට වෙලා හිනා වෙවී මා දිහා බලං ඉන්නව . . .  ප්‍රින්ට් කරන්න හිතනකොටත් හිතට මහ මොකද්ද වගේ . . . .  ඒත් කරන්න වෙන දෙයක් නෑ . . . .  මම මෙතන අවුරුදු හයක්ම රස්සාව කලා නෙ . . .  දැං හොඳටම ඇති . . . .  


ආයෙත් උපන්දිනේට . . . . . 
පෝස්ට් එක ඉවරකරන්න තියෙන්නෙ මාරය මට එවල තිබුන කවි දෙකකින් . . . . 



අල්ලාගෙන අතේ තිබෙනා බෝතලය..
පුරවන ගමන් ඒකෙන් මේ වීදුරුව..
මන්දය වගේ බලනා මුගෙ අපූරුව..
තව වසරක් අද නාකිය උනා උඹ..


වැඩි වැඩියෙන් රහමෙර වඩි ලැබෙන්නයි..
තවත් හොදින් දස අත කොටු පනින්නයි..
ඊටත් වඩා ගෙයි සාමය රැකෙන්නයි..
මේ වසරෙත් බොට ඉර හඳ පායන්නයි..

Friday, June 24, 2011

කැඩෙන පුවත් . . . . .



නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ මේ අවස්තාව වනවිට සිදුවෙමින් තිබෙන ගුජුප්සාජනක සිදුවීම් මාලාවක් නිසා ප්‍රදේශ වාසී කාන්තාවන් සහ එදිනෙදා අවශ්්‍යතා සඳහා නගරය කරා පැමිනි කාන්තාවන් විශාල පිරිසක් ඉතා අපහසුවට ලක්වී හිස් හැරුනු අතේ දිවයමින් සිටී.
ලිඳ ලඟ සංගමය විශේශ පුවත් වාර්තාකරු ඕ. මැන්ටල් ගෙන එන විශේශ වාර්තාවට අපි දැන් යොමු වෙමු . . . .


ආයුබෝවන් . . . . අද දින කොහුවල ප්‍රදේශයේ සිදුවෙමින් පවත්නා මහා කාන්තා දිවීමට හේතුවී ඇති "නිරුවතින් නගරය පුරා සැරි සරන" බඩ මහත කලු පැහැති පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට විශේශ පොලිස් මෙහෙයුමක් කොහුවල, කිරුලපන සහ මිරිහාන පොලීසි එක්ව දියත් කරමින් සිටී. 
මේ සා විශාල ප්‍රමානයක් කාන්තාවන් බියෙන් මුසපත් කිරීමට සමත් වූ මේ බඩ මහත කාලවර්න පුද්ගලයා කවුරුන් ද . . . ??? ඔහු මෙසේ නිරුවතින් නගරය පුරා සැරි සැරීමට හේතුව කුමක්ද  ???? යන ප්‍රශ්න වලට පිලිතුරු විමට ප්‍රදේශය භාර සහකාර පොලිස් අදිකාරී තුමන් ගෙන් අප විමසා සිටියා . . . 


ස.පො.අ.: දැනට අපිට ලැබී තියන ආරංචි වල ආකාරයට මේ පුද්ගලයා මීට ටික වෙලාවකට කලින් ඩුබායි සිට ලංකාවට ගුවන් මගින් පැමිනි "කට කහන දුමී" නැමැති දෙදරු පියෙක්. මේ ආකාරයට නිරුවතින් පාර පුරා දිවයාමට හේතුව ලෙස බුද්ධි අංශ විසින් සොයාගෙන තිබෙනව . . . .  ඩුබායි හිදී මොහුගේ මිතුරෙක් වන දුකා නැමැත්තා විසින් අන්තර්ජාලය හරහා කරන ලද හෙලිදරවුවක් හේතුවෙන් මේ පුද්ගලයා සමග උරනවූ මොහුගේ බිරිඳ මොහු සතු කිසිම ඇඳුමක් නොදී ඇඳිවතින් පමනක් මේ පුද්ගලයාව ලංකාවට පිටත් කර එවා ඇති බව. 


වාර්තාකරු: ඔබ තුමාට යම් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද  . . . .  මෙතරම් කාන්තා බිය වැද්දීමක් සිදුකල මේ කට කහන දුමී නැමැත්තා තවමත් අත් අඩංගුවට නොගැනීමට හේතුව???


ස.පො.අ: ඔවු . . . . මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නම් පැහැදිලිවම ඔප්පු කලයුතුයි මොහු නිරුවතින් සැරි සරන බව . . . . මේ පුද්ගලයාගේ ඉදිරියට නෙරා ආ බඩ හේතුවෙන් ඔහුගේ නිරුවත වැසී ඇති බැවින් මොහු නිරුවතින් සිටිනවා කියා කිසිවෙකුට පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයක් තමයි දැන් උද්ගතවී තියෙන්නෙ.


වාර්තාකරු: මෙතරම් වේලාවක් නගර වාසී කාන්තාවන් භීතියට ලක් කල මේ පුද්ගලයා සම්භන්දයෙන් කුමක්ද ගැනීමට බලාපොරොත්තුවන පියවර ???


ස.පො.අ: අපි දැනට මේ පුද්ගලයා කොහුවල පොලීසිය අසල චීන අවන්හලක රඳවාගෙන සිටින අතර ඉදිරියට ගතයුතු පියවර මොනවාදැයි ආරක්ෂක අමාත්්‍යාංශ ලේකම් තුමා සහ ආරක්ෂක ලේකම් තුමා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.


වාර්තාකරු: ස්තුතියි.
කොහුවල නගරයට ‍රැස්වූ විශේෂ පොලිස් කන්ඩායම් විසින් මේ පුද්ගලයා චීන අවන්හලක රඳවා විශේශ බීර වර්ගයක් පානය කිරීමට සලස්වා ඇති බැවින් නගරයේ තත්වය යම් තරමකට සාමාන්්‍ය තත්වයට හැරෙමින් පවතී.  දැන් අපි යොමු වෙමු නැවතත් ප්‍රදාන පාලක මැදිරියට. මම ලිඳ ලඟ පුවත් සේවය වෙනුවෙන් . . . . . ඕ. මැන්ටල්

Monday, June 20, 2011

පලා ගන්නවද ?

මට ඉන්දිකගෙ සැහැල්ලුවෙ තිබුන "තන අතරින් ගිය වතුර" පෝස්ට් එක කියවද්දි නිකමට වගේ මතක් උන කතාවක් . . . . .
(පිංතූරෙ ගත්තෙ http://sunitabhuyan.com/?p=4239 එකෙං . . . .  ඒ නංගිට "ටැංකිවු")
අපේ ගෙදරට ඉස්සරහ ගෙදර බෝඩිං වෙලා ඉන්නව වයස අවුරුදු 40ක් විතර වෙන අවිවාහක ගෑනු කෙනෙක්. නම තිලක කියල කියමුකො දැනට. තිලක ඇතුලු ඒ බෝඩිමේ ඉන්න ගෑනු ලමයි ටික (තිලකත් වයසට ගියාට ගෑනු ලමයෙක් තමයි . . .) නාන්නෙ අපේ ගෙදරත් බෝඩිමත් අතර තියන (ඔවු ඔවු . . .  අපේ බැල්කනියෙං එබුනාම හොඳටම පේනව) ලි‍ඳෙං. ඉරිද දවස කියන්නෙ තිලක උදේ හය හමාරට විතර දියරෙද්ද ඇඳං ලිඳ ගාවට ගිහිං දහයට විතර නාගන්නකං අනිත් කෙල්ලන්ට තෙල බෙදන දවස . . . . 
දවසක් ඔය සුපුරුදු රූටිං එක යනව . . . .


- කෙල්ලො ටික නානව . . . .
- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පු‍ටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .


ඔය අතරෙ ඔතනින් යන්න ආව අපේ පැත්තෙ ගෙදරින් ගෙදරට ගිහිං පලා ජාති විකුනන ගෑනු මනුස්සය . . . . පලා ජාති පුරෝපු හෙන බෑග් එකකුත් ඔලුවෙ තියාන . . . . . ගෑනි දැක්ක ලිඳගාව මහිලා සමිතියෙ මහා සභාව ‍රැස්වෙලා ඉන්නව . . .  ගමන නවත්තපු මේ පලා ඇන්ටි, පාරෙ ඉඳංම තිලකගේං මහ හයියෙං ඇහුව . . . . 


පලා ඇන්ටි: නෝනා . . . .  පලා ගන්නවද . . . . ????


තිලක:  පලාගන්න තිබුන අවුරුදු දහයකට විතර කලිං ඇහුවනං .. .  දැං වයස වැඩී. . . .!!!!


පලා ඇන්ටි: (*^&^^&%(*(_)_*&(&^%$#@$
මම: (^%$%$#^&$%$#^&&*) .......!!!!
අල්ලපු ගෙදර ලිඳ බැල්කනියේ සිටින මට පෙනෙන හැටි (ඡායාරූපය: මගෙමයි)

Monday, June 6, 2011

පැන්සන් එක අපිට එපා . . . . .

(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)


මුලින්ම පුද්ගලික සමාගම් සේවකයෙක් විදියට අපේ අර්තසාදකේ වෙනුවෙන් දිවි දුන්න රොෂේන් මල්ලිට මගෙ ආචාරය පුද දෙනව. 


දැං කතාව . . . . .
(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)


ඒකල, ජා ඇල, කණුවන, දඬුගම . . . . ඔය ගම්මාන වලින් වටවෙන ප්‍රදේශය ගැන කියනව නම් . . . මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂන කීපයක් තියනව . . . 
- ඌරු මස්
- අරක්කු
- කුනුහරුප


පලාත ගැන කියද්දි මේ පලවෙනි ලක්ෂන දෙක නං ඕනෙම කෙනෙක් අනිවා දන්නව . . . ඒත් තුන් වෙනි ලක්ෂනය . . . . ???? 


"ආයි අම්මේ . . . , මුංට කතාකරද්දි ඔය ලිංගික අවයව දෙකයි, මහ කෙලියයි ඇරුනම වෙන සුදුසු වචන ඇත්තෙම නෑ"


ඔය වග සනාත කරන්න පුලුවන් සිද්දියක් පහුගිය දිනයක සිදු උනා. හැමෝම දන්නවනෙ රොෂේන්ගෙ මරනයත් එක්කම පොලීසියට විරුද්දව නැගුන මහජන විරෝදය . . .  විවිද පලාත් වල පොලීසියට විරෝදය ප්‍රකාශ කරල විරෝදතා ව්්‍යාපාර, පෙලපාලි, උද්ගෝශන වගේ ඒව සංවිදානය කෙරුන . . .  ඉතින් මේ ඊයෙ පෙරේද ඒකල කර්මාන්ත පුරයෙනුත් ඔය වගේ විරෝදතා පාගමනක් සංවිදානය කෙරුන . . . . 


වැඩි විස්තරයක් නෑ . . .  කතාව ඉවරයි . . .  මෙන්න මම දැකපු සහ අහපු පලවෙනි සටන් පාඨය . . . .


පොලිස් කැ*යො අපිට එපා . . . .!!!

Thursday, May 26, 2011

තොරනට නමක් ?

(තොරනට සාදර අනුග්‍රහය . . . http://www.panoramio.com/user/3214161?with_photo_id=22479395ගෙනි)

පහුගිය දවසක පසන් එක්ක මාලඹේ තොරන බලද්දි මතක් උන කතාවක් . . .  
මේ සිද්දිය උනේ 1988දි විතර . . . තිලක් අයිය කියන්නෙ මගෙ ගමට අල්ලපු ගමේ මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් කොල්ලෙක්.  තිලක් අයියගෙ ගෙදර තියෙන්නෙ තිරගම (බුවාගෙ ගමේ නම) හන්දියටම වෙන්න බෝගමුව මතව පාරෙ. 
එක වෙසක් එකකට තිලක් අයිය හෙන මහන්සිවෙලා තොරනක් හැදුව වෙසක් කාඩ් වලිං. ලස්සන පාට පාට බල්බ් සෙට් එකක් හෙම දාපු මේ තොරං රාජයා තිලක් අයියටත් වඩා ටිකක් විතර උසයි . . . .
වෙසක් දවස කිට්‍ටු වෙනකොට මහා තොරං රාජයගෙ සියලුම වැඩ කටයුතු අහවරයි . . .  එකක් ඇර . . . .   


"තොරනට නමක් ?????"


දැං තිලක් අයිය හම්බවෙන හැම එකාගෙංම අහන්නෙ "තොරනට නමක් කියපංකො මචං" කියල . . . .
දවසක් තිලක් අයියගෙ ඉස්කෝලෙ (මගෙ ඉස්කෝලෙත් ඒකමයි . . . තිරගම මහා විද්යාලය) යාලුවෙක් නමක් යෝජනා කලා . . . .  හතර පෝයටම සිල් ගන්න උපාසක මහත්තයෙක් උන තිලක් අයිය ජීවිතේටම අහල නැති ජාතක කතාවක් නමක් . . . . .


බුවා දැං පස්වනක් ප්‍රීතියෙං පිනා ගිහිල්ල කාටවත් පේන්නෙ නැතුව කාමරේ දොර ජනෙලුත් වහගෙන බෝඩ් එකක නම අඳිනව . . .  වැඩේ සම්පූර්නයි . . .


වෙසක් දවසෙ මහා ජනකායක් මැද්දෙ තොරන මහජන ප්‍රදර්ශනයට විවුර්ත කලා . . . . . . 
තොරනෙ නම දැක්ක විතරයි . . . .
ගමේ සෙට් එකට හිනාව නවත්තගන්න බෑ . . . . . පංසලේ නායක හාමුදුරුවො (බෝගම්මන රතනසාර හාමුදුරුවො) වටාපතින් මූන වහගෙන ආපහු පන්සල පැත්තට වැඩිය . . . . .
තොරනෙ නම . . . .
                                         
"මහා ටෙඹ ටෙඹ ජාතකය"

Saturday, May 21, 2011

ගුටි

දෙන්නෙක් අත් දෙකෙං අල්ලං ඉඳිද්දි බොක්සිං කරපු එවුං තුන්දෙනෙක් මාරුවෙං මාරුවට මූන කට පුරෝල නෙලනකොට සනීපෙ කොහොමට තියෙයිද . . . . ????
දිනය: හරියටම මතක නැත. ඒත් අවුරුද්ද 1995
ස්තානය: කෝට්ටේ ශා. ජෝන් විද්යාලයේ තාප්පය අයිනේ ඉශරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව යට.
ගතවූ කාලය: ආසන්න වශයෙන් විනාඩි 15යි
කතාව:
මම කලිං දාපු "තාත්තෙ . . . .  මෙයා ඕනෙ" කතාවට ශාස්ත්‍රාලෙ මගෙත් එක්ක ගෙනගත්ත ඉබ්බා, ඇනොනිමස් විදියට ඇවිල්ල කරපු ඉල්ලීමක් ඉ‍ටු කරන එක තමයි මේ කරන්නෙ.
තුසිත කියන්නෙ අපේ පංතියම හිටපු එකෙක්. ඌ ඒ දවස්වලම ටිකක් අප්සෙට් ට්‍රැක් එකක තමයි දිවුවෙ. තුසිතය ඇතුලු උගෙ ගැංසියට මගෙත් එක්ක පොඩි (පොඩි කිවුවට පොඩිම නෙමේ) ඔරොප්පුවක් තිබුන නුගේගොඩ ඇල්ෆා එකේදි අපේ පංතියෙ හිටපු බඩාගෙ පොඩි පහේ ගෑනු පටලැවිල්ලක් නිසා. මුං සෙට් එක ඒ වෙනකොටත් මට දෙපාරක් විතර ගහන්න සෙට් උනා නුගේගොඩදි., මම ඉතිං දස්සයනෙ . . . .  මම කොහොමහරි කට් එක දාගෙන හිටිය.
ඒ මහ කරුමක්කාර දවස තමයි කෝට්ටෙ සෙන් ‍තෝමස් එකේ ස්පෝට්ස් මීට් එක. මම ඒ පැත්ත පලාතක නොගිහිං ඉන්න හැදුවත් චන්දනයයි (ඇත්ත නමනෙමේ) සුදුවයි නිසා යන්නම උනා. මොකද උං දෙන්නම ට්‍රයි කරන කෙල්ල් දෙන්නම සෙන් ‍තෝමස් එකේ කෙල්ලො දෙන්නෙක් නිසා. චන්දනය බැස්සෙ ලහිරුට (ඇත්ත නම නෙමේ). සුදුව බැස්සෙ ශශීට. මමතුමා ඉතිං සුපුරුදු පරිදි මී ඇන්ඩ් මයි සෙලෆ් තමයි. චන්ඩි වගේ ස්පෝට්ස් මීට් එකට යන්න සෙට් උනාට මොකද  . . . . ඉස්කෝලෙ ගේට්‍ටුවෙං ඇතුලට ගන්නෙ ඉස්කෝලෙ එවුං විතරයි. පිට ඉස්කෝලවල එවුං එනවට ගේට්‍ටුව ගාවට පොලීසියයි පිටිං එන එවුං අඳුනගන්න ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස්ල කීප දෙනෙකුයි දාල හිටිය. පිට ඉස්කෝලවල එවුං උනාට උංගෙ යාලුවන්ට ඇතුලට රිංගන්න චාන්ස් එක තියනව. අපිට ඒකත් නෑ. හේතුව ශශීට ට්‍රයි කරපු එකෙකුත් එතන හිටපු නිසා. ඉතිං අපි තුන්දෙනාට තිබුනෙ එකම විකල්ප මාර්ගයයි. ඉශාරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව දිගේ සෙන් ‍තෝමස් එකේ තාප්පෙට නැගල ඇතුලට පනින එක. කෙල්ලො දෙන්න කලිංම තාප්පෙ අනිත් පැත්තට ඇවිත් හිටිය කලිංම කතාකරගත්ත විදියට. චන්දන ඉස්සෙල්ලම ලයිට් කනුව දිගේ නැගල තාප්පෙන් පැන්න. ඊලඟට සුදුව . . .  අන්තිමටම මම නැග්ග ලයිට් කනුව දිගේ එල්ලුනා තාප්පෙ . . . . එතනින් එහාට යන්න බෑ . . .  කකුල නිකං මොකක හරි හිරවෙලා වගේ . . .  ඇද්දට ඇද්දට එන්නෙ නෑ . . . . බැලුව පහල හැරිල . . . . දැක්ක දර්ශනෙං මගේ ඇඟේ මයිල් ටික නිකං බකට් කම්බි වගේ කෙලිං හිටිය . . . . පපුව සීතල වෙලා ගියා නිකං පලවෙනි පාරට මැටහෝන් එකක් ඇද්ද දවසෙ වගේ . . . . .
මොකද්ද මම දැක්ක ඒ හිත සසල කරවන දර්ශනය . . . . ??? පහලට වෙලා මගෙ කකුලෙං අල්ලං ඉන්නව මං වගේ දෙක හමාරක් විතර එකෙක් . . .  මූන කචල් (ඒක තමා උගෙ කාඩ් එක). මූන කචල්ගෙ දෙපැත්තෙ ඉන්නව ලවු කොටයි (තුසිතය), මන්ද බුද්දිකයයි තව ඉස්කෝලෙ බොක්සිං සෙට් එකේ පස් හය දෙනෙකුයි.
මම: කචල්  ඇයි මචං ???
කචල්: බැහැපං **** පු‍තෝ පහලට . . . !!!
මම : අනේ මචං . . .  මට එහා පැත්තට යන්න ඕනෙ . . .  අනිත් එවුං ටික එහා පැත්තෙ බලාගෙන ඉන්නව . . . .
ලවු කොටා: උං හිටපුදෙං . . .  උඹ බහිනවද ??? අපි බස්සන්නද ?
මම: හරි හරි හිටපං
මම කියල ඉතිං වෙන මොනා කරන්නද බහිනව ඇර . . .  නැගපු විදියටම බැස්ස . . . .
මම: ඇයි මචං ???
කොටා: ඇයි ?????
ඒ ටික තමයි සෙග්මන්ට් එකේ අන්තිම  ඩයලොග් එක . . . . .
මට ඊට පස්සෙ මතක මුලිංම වගේ බඩ මැද්දට වැදුන පාරට නැමුන මම ආයෙත් කෙලිං වෙද්දි දෙන්නෙක් මගෙ අත් දෙකෙං දෙපැත්තට ඇදල අල්ලගන ලයිට් කනුවට හේත්තු කරගන්නව සහ මිට මොලවපු කොටාගෙ අත හිතාගන්නවත් බැරි වේගෙකිං මගෙ මූන දිහාවට එනව විතරයි. මම ඇස් දෙක තද කරල පියාගත්ත ඕනෙ පු*ක් සත පනහයි කියල.
වැඩේ විනාඩි පහලවක් විතර කෙටි කාලයකිං ඉවර උනා මයෙ හිතේ . . . . පස්සෙ ලයිට් කනුව යට වැටිල හිටපු මාව ඉශාර එකේ වැඩ කරන කොල්ලො සෙට් එක ඇවිල්ල නැගිට්ටවල . . .  වතුර එහෙම පොවල ගෙදර පිටත් කලා.

Friday, May 20, 2011

ඉලංදාරියා . . . .


මට වැඩිය දෙයක් උඹ වෙනුවෙන් කියන්න දෙයක් නෑ . . . . එක අතකින් බලද්දි උඹ වාසනාවන්තයි . . . .  මිනිහෙක් ඉපදෙන්නෙ තනියම  . . . . . මැරෙන්නෙ තනියම . . . .
ඒත් උඹ . . . .
එද්දි ආවෙ තව නිවුන් සහෝදරයෙක් එක්ක . . . . .
ගියේ . . . .
උඹට ආදරය කරපු මිනිස්සු පිරිසකගෙ ආදරයත් එක්ක. . . . . .

මම උඹට නිවන් ප්‍රාර්තනා කරන්නෙ නෑ මලේ . . .
                                 ඒ  . . .
"උඹ ආයෙත් අපි අතරෙම ඉපදිය යුතු එකෙක් නිසා . . . . . ."

Friday, May 6, 2011

වැලන්ටයින්

බෝඩිං කතා සීරීස් එකක් පටං ගන්න කොනක් නැතුව ඉඳිද්දි තමයි වැලන්ටයින් නොහොත් වැලා මතකෙට ආවෙ. වැලාගෙ එකකින්ම පටං ගත්ත නං හරි කියල හිතුන. 
අපි කැම්පස් යන අන්තිම කාලෙ නතරවෙලා හිටියෙ මට්ටක්කුලියෙ වැලි තො‍ටුපලට යන පාරෙ වත්තක ගෙයක් කුලියට අරං. පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තමයි තිබුනෙ මාර නිදහස් තැන. 
මේ බෝඩිමේ කස්ටියට තිබුන ලොකුම නිදහස තමයි කෙල්ලව බය නැතිව එක්කගෙන එන්න පුලුවං වීම . . .  
සාමාන්ය මෙතඩ් එක තමයි ඒ වගේ මංගල කරුනක් යෙදෙද්දි බෝඩිමේ අනිත් එවුංට කලිං දැනුම් දෙනව මෙන්න මේ දිනයේ, මේ වේලාවන් තුල බෝඩිම පැත්ත පලාතකවත් එන්න එපා කියන එක.


වැලාට හිටියෙ ඉස්කෝලෙ යන කාලෙම ගහපු කොක්කක් නෙ. මැචිං ජෝඩුව . . . .  වැලා කලුම කලුයි . . . . කෙල්ල සුදුම සුදුයි . . . .  ජෝඩුව නිකං රං තැඹිලි ගෙඩියෙ කාක්ක වැහුව වගේ තමයි එක ලඟ ඉඳිද්දි.
මේ කියන දවස් වල වැලාගෙ කෙල්ල විද්යා පීඨෙ ඉගෙනගන්නව. 


දවසක් වැලා බෝඩිං වැසියො අමතල නිවේදනයක් කලා "හෙට උදේ තොපි එකෙක්වත් කැම්පස් ගියාට පස්සෙ ආපහු බෝඩිම පැත්ත පලාතක එනව නෙමෙයි . . . .  මට වැඩ වගයක් තියනව"


කට්ටියම දොහොත් මුදුන් දීල පිලිගත්ත. හැබැයි අවාසනාවකට වගේ එකෙක් එදා හිටියෙ නෑ බී. ඇම්. බාලා නොහොත් පෙත්තප්පු k. බුවා එදා ගෙදර ගිහිං.
අදාල දිනයට එලි උනැයි කියමුකො . .  . . කස්ටියම බෝඩිමෙං පිට උනාට පස්සෙ වැලා හෙමීට කෙල්ලත් එක්ක සේන්දු වෙනව බෝඩිමට. ඒ සීන් එක එච්චරයි . . . .  


මෙතනින් එහාට බාල කියන විදියට . . . . . .
                   වැලයි කෙල්ලයි බෝඩිමට ඇවිල්ල ටික වෙලාවකින් මෙලෝ හසරක් නොදන්න බාල මල්ලිත් ගෙදර ඉඳං කෙලිංම බෝඩිමට එනව. දෙයියනේ . . . . . . . . බාල දකින දර්ශනෙන් බාලගෙ  බාපු නැති මයිල් ඔක්කොම බකට් කම්බි වගේ කෙලිං වෙනව . . . . 


වැලාගෙ මුලු ඇඟටම මේස් බැනියමක් විතරයි . . . . කෙල්ල එහෙමත් නෑ . . . . . දෙන්න ඇඳ උඩට වෙලා ඉඳිආප්ප කනව. කනව කිවුවට කනවම නෙමේ . . . .  වැලා කෙල්ලට කවනව . . . .  


බාල කාමරේ දොරකඩට වෙලා උගුර පාදන සද්දෙට තමා ජෝඩුව මේ ලෝකෙට එන්නෙ. වැලා එක පිම්මට පනිනව කාමරෙං එලියට බාලවත් ඇදං. 


වැලා: ‍තෝ මොකටද හු*** පු‍තෝ මේ වෙලාවට ආවෙ . . . . ???
බාලා: (සුපුරුදු මෝඩ පහේ ටෝන් එකෙං) ඉතිං අයියෙ මම දන්නෙ නෑ නෙ අයිය ඉන්න බව . . . . .
වැලා: හ්ම් . . .  ඒකත් එහෙමද . . .  පල එහෙනං තොගෙ කාමරේට . . . .ගෙනාපුව තියල ඉක්මනට එලියට බැහු මගෙ යකා අවුස්සගන්නෙ නැතුව . . . .
බාලා: හා අයියෙ . . . .


බාලා උගෙ කාමරේට යයි . . . .  වැලා උගෙ කාමරේට යයි . . . . .
ටිකකිං කාමරේ සිට . . . . .


වැලා: බාලා . . .  ‍තෝ යන්නෙ නැද්ද ???
බාලා: තව ටිකකිං යනව අයියෙ . . .  මට ටිකක් බඩගිනී වගේ . . . . .
වැලා: ඉඳා එහෙනං මේක කාපිය . . . .


වැලා කෙල්ලට කවමින් හිටි ඉඳි ආප්ප ටික බාලට කන්න දෙයි . . . . 
ටිකකින් කාමරේ සිට . . . . . 


වැලා: ඒයි ‍තෝ යන්නෙ නැද්ද ???
බාලා: යන්න ඕනෙ අයියෙ . . . .  මට ටිකක් තිබහයි . .  . . .  මොනව හරි බොන්න තිබුන නං . . . 
වැලා: ඉඳකිය ‍තෝ . . . .  හි‍ටු 


වැලා ඇඳං හිටි ඇඳුමෙංම බෝඩිම පිටිපස්සේ තිබුන පැල කුරුම්බා ගහට නැග බාලාට කුරුම්බා ගෙඩියක් කඩා දෙයි . . . . . . 
ටිකකින් කාමරේ සිට . . . . .


වැලා: යකෝ ‍තෝ යන්නෙ නැද්ද ????
බාලා: මේ යනව අයියෙ . . . . 


බාලා මාරු වෙයි . . . . . 


නියමම වැඩේ වෙන්නෙ පහුවදා . . . . .


අපි සෙට් එකයි (මම, හූනා, ධනා, කිරා, සඳා, බාලා . . . .  බ්ලා බ්ලා) ජූනියර් බැච් එකේ සෙට් එකකුයි චැටක් දාගෙන ඉන්නව . . . .  
මෙන්න ටිකකින් වැලා එනව කෙල්ලත් එක්ක  . . . . .  කට්ටිය ඉන්න තැනට ඇවිත් වැලා කෙල්ලට කට්ටිය අදුන්නල දෙනව . . . . 


වැලා: මේ තමයි කිරා . . .  මේ ඉන්නෙ සඳා . . . . . මේ ඉන්නෙ ඕනයා . . . . 


ඔහොම කට්ටියවම අඳුන්වල දීල අන්තිමට බාල ලඟට ආව . . . .  


වැලා: මේ තමයි බාල . . . .  ඔයාට මතකනෙ . . . අපිට ඊයෙ හම්බ උනේ . . . .
කෙල්ල: ආ හරි හරි  . . .  මතකයි . . . 
බාලා: (සුපුරුදු මෝඩපහේ අහිංසක ටෝන් එකෙන්) ආ මේ අක්කද ???? අනේ සොරි අක්කෙ . . .  මට අක්ක ඇඳුං ඇඳල හිංද එක පාරටම අඳුනගන්න බැරි උනා . . . 


වැලා: *&*%^&%&(&*^^%&**^$%% . . . . . .!!!!!

Wednesday, April 6, 2011

තාත්තෙ . . . . මෙයා ඕනෙ . . . . ! ! !

කෙල්ලගෙ අම්මා:   අපේ දුවගෙ සම්බන්දයක් තියනවනෙ කැම්පස් එකේම පිරිමි ළමයෙක් එක්ක.
කෙල්ලගෙ තාත්තා: කවුද ඔය කියන හාදයා ?
කෙල්ලගෙ අම්මා:   ඇයි අනේ අර ධම්මික පුතාගෙ තාත්තගෙ මලගෙදර වෙලාවෙ ඔයත් එක්ක ඇවිත් කතා
                               කලේ ???
කෙල්ලගෙ තාත්තා: ආ . . . ඔය කියන්නෙ අර "කලු, හීනි, උස හාදය" නේද . . .??? කමක් නෑ . . . දුව කැමති 
                               නං පිලිවෙලක් කරල දෙමු.
කෙල්ලගෙ අම්මා:   ඒ කවුද ??? 
කෙල්ලගෙ තාත්තා: ඇයි දුව අපි දෙන්න ලඟට එක්කං ඇවිත් කිවුවෙ "තාත්තෙ මෙයා ඕනෙ" කියල . . . මම 
                               හිතුවෙ දුව ඒ කොලුවව ඕනෙ කිවුව කියල . . .


ඔය දෙබස සිද්ද උනේ අපේ සඳාලැයි අම්ම තාත්ත අතර . . .  සඳා ඒ වෙනකොට යාලු වෙලා හිටි කිරා ගැන අම්ම, තාත්තට කියන්න ගිය වෙලාවෙ. 


ධම්මික නොහොත් "ඇටිය" කියන්නෙ කිරා එක්ක එක බැච් එකේ හිටපු ඉංජෙක්. ඇටියගෙ වාස භවන තියෙන්නෙ සඳාලගෙ ගෙදරට ටිකක් කිට්‍ටුවෙං. දවසක් අපිට පනිවිඩයක් ආව ඇටියගෙ තාත්ත මිය පරලොව ගිය විත්තිය. අපි හැමෝම ඉතාමත් දුකට පත්වෙලා ඒ මොහොතෙම වගේ නිට්ටඹුව බලා ගමන් කලා. මලගෙයක් උනාම කකා බිබී ඉඳල විතරක් හරියන්නෙ නෑ නෙව . . . ඉතිං අපි කස්ටිය ඔය පොඩි පොඩි වැඩ වල යෙදිල ඉඳිද්දි තමා සඳා ආවෙ අම්මයි තාත්තයි එක්ක මල ගෙදරට.


දැං සඳා අපේ කට්ටිය එක එකා වසයෙං දෙමාපියන්ට අඳුන්වලා දෙනව . . . අම්ම නං කලිං ඉඳලම කිරාගෙයි සඳාගෙයි මේ පටලැවිල්ල දන්නව . . . ඉතිං සඳා සහ සඳාගෙ අම්ම මේ මලගේ ඉතා වටිනා අවස්තාවක් කරගත්ත කිරාව සඳාගෙ තාත්තට අඳුන්වල දෙන්න.


මේ සැලසුමේ මුල් පියවරක් විදියර කිරාව තමයි මුලිංම තාත්තට අඳුන්වල දෙන්නෙ. දැං කිරා තමයි සඳාගෙ දෙමාපියන්ගෙ නිල සංග්‍රාහකය . . . බීම ගේනව . . . කැමට එක්ක යන්න හදනව . . . ඒ අතර එක එක බන පද යොදාගනිමින් ජීවිතයෙ අනිත්්‍ය බව සාඛච්චා කරනව . .  එක කෙලියයි එතන . . . .


කිරා ඔය විදියට සඳාගෙ තාත්තගෙ වටේ දැවටි දැවටි ඉන්න අතරෙ සඳා අනිත් යාලුවංවත් තාත්තට අඳුන්වල දෙනව . . .
තාත්තෙ මෙයා "හූන"
තාත්තෙ මෙයා "පපා"
තාත්තෙ මෙයා "වැලා"
තාත්තෙ මෙයා "දනා"
එස්සෙට් රා . . .  එස්සෙට් රා . . . .
ඔහොම යද්දි තමයි මෙ "ඕනයගෙ" වාරෙ ආවෙ . . . 
සඳා ඕනය වත් එක්කං ගියා තාත්ත ගාවට  . . . . ඕනය කියන්නෙ "ඕනමැන්ටල්" කියන එක කෙටි කරල නෙ . .  සමහරු තවත් කෙටි කරල "ඕනෙ" කියල විතරක් කියනව . . .
ඉතිං සඳා තාත්තට ඕනයාව පෙන්නල කිවුව . . .
තාත්තෙ මෙයා "ඕනෙ"


තාත්ත බැලුව කොල්ලගෙ දිහා . . . උඩ සිට පහලට . . . වමේ සිට දකුනට . . .  විකර්න දිගේ . . . හ්ම් . . . තනියම හිතුව . . .


"ඇති යන්තං . . . පු‍ටු කකුලකටවත් දීගන්න බැරුව හිටි එකී . . . කොල්ලෙක් ලඟටම ගෙනල්ල ඌව ඕනෙ කියනව . . . මම ගොඩ"


ඔන්න ඔහොම තමා සඳාලැයි තාත්ත . . .  ඕනයට කැමති උනේ . . . .
                              මේ ඉන්නේ . . . ඒ ඕනයා ය . . . .

Wednesday, March 30, 2011

මේං මූ මට ගහල . . . .

1992 - 1999 කියන්නෙ මම හිතන විදියට මගෙ ජීවිතේ චාටර්ම කාලෙ (දැනුත් චා තමයි . . . .  ඒත් ඔය කියන කාලෙ චාමැක්ස්). නුගේගොඩ, කෝට්ටෙ, මිරිහානෙ, පාගොඩ . . . වලියක් කොතනද . . . . මම එතන . . . ගැහුවට වඩා ගුටි කෑව තමයි . . .  ඒත් කොල්ල නෙමේ අතෑරියෙ . . . 
අපරාදෙ කියන්න බෑ මගෙ අම්මයි තාත්තයි කවමදාකවත් ඇහුවෙනෑ ඇයි මූන ඉදිමිලා තියෙන්නෙ . . . ??? ඇයි ඇස් වටේ කලු වෙලා තියෙන්නෙ . . . ?? මොනව වෙලාද තොල් පැලුනෙ . . .?? එස්සෙට් රා . . . 


මේ සිද්දිය උනේ 1995දි. දවසක් හවස හයට, හතට විතර මගෙ අතිජාත මිත්‍රය සුදූ එහෙමත් නැත්තං ලේන උගෙ 11ශ්‍රී ආට එකේ අපේ ගෙදර ආව. වාහනේ තව එක මිත්‍රයෙක් හිටිය අසිත (ඇත්ත නම නෙමේ) කියල. සුදුව කඩාගෙන මගෙ කාමරේට ආව . . .
සුදූ: මචං ඕනෙ . . . පාඩං කරනවද ?
මම: ඔවු. ඇයි ?
සුදූ: පොඩි වැඩක් තියනව ටිකක් ගිහින් එමුද ?
මම: (සුපුරුදු පරිදි) හා


දැං තුන්දෙනා ආට එකේ යනව. මම ඒ දවස්වල හිටියෙ නුගේගොඩ, පාගොඩ පාරෙ දියවන්නා උද්යානෙ. අසිතය හිටියෙ ඊට අල්ලපු පාරෙ (කීරකො‍ටුව වත්තෙ). 
සුදුව ආට එක ගිහිං සද්දෙට බ්‍රේක් පාරක් හෙම ගහල නැවැත්තුව කීර කො‍ටුවට එහා ලේන් එකේ ගෙයක් ඉස්සරහ. හරියටම අසිතයගෙ ගෙදර මායිමට සෙට් වෙන ගෙදර.


මම: ඇයි බං මෙහෙ ආවෙ ?
සුදූ: අසිය . . . කියපං බං මූට
අසිත: මෙහෙ ඉන්න පඩ කැ*ය මට හෙන සද්දයක් දැම්මනෙ බං මේ ලඟදි . . . දෙකක් අනින්න ආවෙ . . . . 
මම: හා . . .
සුදූ: මචං අසිය . . . උඹ හිටපං වාහනේ . .  මමයි ඕනෙයි බලාගන්නං . . . .


චන්ඩි දෙන්න එලියට බැස්ස . . . දැම්ම සද්දයක් . . .  ගෙදර එකා ආව . . . . හෙන සද්දයක් දාගෙන. ඇදල ගත්ත . . . අහල පහල එවුං ඇවිත් බේරනකං නෙලුව.
ඒ කතාව එතනින් ඉවරයි . . . .


හොඳම කොටස සෙට් වෙන්නෙ 2010දි. 
මම ජා ඇල නතර වෙලා හිටිය තැන හැමදාම හවසට කට්ටිය සෙට් වෙනව. රට බීම වෙලදාම කරපු රංගන කියල මරු පොරකුත් හිටිය ඔය සෙට් එකේ . . . මූට කාලෙං කාලෙට මරු මරු බුවාල සෙට් වෙනව හැබැයි ඔක්කොම පිං අඩි කාරයො. දවසක් අපි සෙට් වෙලා ඉන්නකොට මෙන්න රංගනය එනව තවත් සද්දන්ත පොරක් එක්ක. හප්පේ බලන්න එපැයි ඇඟේ තිබුන පච්චා ටික . . . මුලු සත්තු වත්තම උගෙ අත්දෙකේ. රංගනය මූව අපිට අඳුන්වල දීලහෙම බීමට සෙට් උනා. කොල්ලට ඩිලා කියමුකො . . . ටික වෙලාවකින් . . . 


රංගන; මචං ඕනෙ . . . මූත් නුගේගොඩ සිරාම කොල්ලෙක් තමයි
මම: ඇත්තද ? මචං උඹ නුගේගොඩ කොහෙද ?
ඩිලා: පාගොඩ දර්මදූතෙ පාරෙ මචං . . .  උඹ දන්නවද ඒ ඒරියා එක ?
මම: ඔවු ටිකක් විතර දන්නව. දර්මදූතෙ පාරෙ කොයි හරියෙද ?
ඩිලා: පාගොඩ රෝඩ් එකෙන් ඇතුලට යද්දි සෙකන්ඩ් බෙන්ඩ් එකේ ලෙෆ්ට් සයිඩ් එකට තියන ලේන් එකේ ලෙෆ්ට් සයිඩ් එකේ තර්ඩ් බ්ලොක් එක මචන් . . 
මම: අඩේ ඔය කියන්නෙ අර අසිතයගෙ ගෙවල් වලට එහා පැත්තෙ නේද?
ඩිලා: ඔවු මචන්. උඹ දන්නවද ඌව?
මම: ටිකක් විතර
ඩිලා: මට නං පේන්න බෑ ඌව. හෙන සයිස් එක උගෙ. මම ඌට ගහලත් තියනව කොලේජ් යන දවස් වල . . .
මම: නෑ . . . ???
ඩිලා: ඔවු බන් . . .  දවසක් ඌ තව එවුං දෙන්නෙක් එක්ක ට්‍රයිශෝ එකකින් අපේ ගෙදර ඇවිත් මට සද්දයක් දැම්මනෙ . . . . මම දුන්න තුන්දෙනාටම දුවන්න . . . .


මම:(@%$%^*(*^&$%%^)


මේං මූ මට ගහල . . . .

Thursday, March 17, 2011

අ.පො.ස. (සා.පෙ)

ඊයෙ පෙරේද O/L ප්‍රතිඵල පිට උනානෙ. 
     දෙතුන් දෙනෙක්ගෙ ඇරුනම අහන අහන එකාගෙ ප්‍රතිඵල ගන්නම දෙයක් නෑ කියල තමයි කියන්නෙ. අනේ මං දන්නෑ මුංට මොනා වෙලාද කියල මේතරං A පස්සෙ පන්නන්නෙ.
     ඊයෙ බාප්පගෙ ගෙදර නිකං මලගෙයක් වගේ. නංගිට A දෙකලු තියෙන්නෙ. බාප්පයි පුංචියි නිකං පරල වෙලා වගේ අර කෙල්ලව කන්න හදන්නෙ. පවු . . . ඒත් මම කියල මොනා කරන්නද ??
     මට මතක් උනේ මම O/L කරපු හැටි. මුලින්ම මම O/L වලට පංති ගියේ නුගේගොඩ ඇල්ෆා එකට. ඒකත් ඉගෙනගන්න නෙමේ. සොමියට. 11 වසරෙදි එක දවසක් නුගේගොඩ Y.M.B.A. එකේ තිබුන ජයනෙත්ති සර්ගෙ ගණිතය පංතියෙදි නාවල ආනන්දෙ කෙල්ලෙකුට (වැද්දි) රබර් ගෙම්බෙක් දාල එතනින්ම මගෙ ඇල්ෆ ගමන ඉවර උනා. ඊට පස්සෙ අපේ ගෙදරට ඇවිල්ල සිංහලයි සමාජ අධ්්‍යයනයයි ඉගැන්නුව ප්‍රියන්ත අයිය. ගණිතයට පංතියක් හොයාගත්ත රත්මලානෙන්. (කරුනාරත්න සර් ගෙ පංතිය), විද්යාවට කරුනාරත්න සර්ගෙ අල්ලපු ගෙදර ඉන්න අංජලී ටීචගෙ පංතියට ගියා. ඔන්න ඕක තමයි මගෙ O/L ටියුෂන් ඉතිහාසය.
     ඉස්කෝලෙ ගැන නං කියලම වැඩක් නෑ. ශාස්ත්‍රාලෙ මගෙ පංතිබාර හිටපු කන්නංගර ටීචයි, අංශ භාර හිටපු ම*** ටීචයි පුලුවං තරං දත කෑව මාව ඉස්කෝලෙන් එලියට දාන්න. ඇත්තටම මට ඉස්කෝලෙ යන්න ආසාවක් ඇති කලේ අපිට ගණිතය උගන්නන්න ආපු ක්‍රිෂ්නරත්න ගුරු පියතුමා. එතුමට මම අදත් දෙවියෙකුට වගේ ගරු කරනව. දන්න කාලෙක ඉඳන් ගණිතයට ලකුනු 15කට වඩා නොගත්ත මම O/L වලට C පාස් එකක් ගත්තෙ එතුම නිසයි.
     කොහොම හරි අන්තිමට අපේ ප්‍රතිඵල නිකුත් උනා. දැං වගෙ ජංජාලෙං ප්‍රතිඵල බලන්න බෑ නෙව ඒකාලෙ. ඉතිං අපි ඔක්කොම ඉස්කෝලෙට ගියා වැඩ සහ කිඩ මොන වගේද කියල බලන්න.
ප්‍රතිඵල ලේඛනය ඉස්කෝලෙට ගේන්න කලිං ගෙනිහින් තියෙන්නෙ ම*** ටීචගෙ ගෙදරට. අපේ පංතියෙ සෙට් එක අනිත් එවුංට හොරෙංම ගියා ම*** ටීචගෙ ගෙදරට. දැං ටීච අපිට නිල නොලත් ප්‍රතිඵල කියන්න ලෑස්ති වෙනව. ටීච බැලුව කට්ටිය දිහා, දැක්ක මාව. . . .
සද්දෙට කිවුව . .


"අපි එහෙනං F 8කින්ම රිසාල්ස් කියන්න පටංගමු නේද ළමයි . . . . මට කියන්න බලන්න ඕනමැන්ටල්ගෙ ඉන්ඩෙක්ස් නම්බර් එක "


මමත් ඉතිං කිවුව . . . වෙන මොනව කරන්නද . . . . හැබැයි ටීච ඒ වචන ටිකෙන් මාව අදින්න පුලුවන් උපරිම පහලටම ඇදල දැම්ම.
අවසානයේ ප්‍රතිඵල කියල ඉවරවෙද්දි ටීචගෙ ඇස් දෙකට ඔලුවෙ යන්න වෙන උඩක් ඉතුරුවෙලා නෑ . . . . එතන හිටපු සෙට් එකෙන් මගෙ තමා හොඳම ප්‍රතිඵල.
මම ටීචට ස්තුති කරල කකුල් දෙක අල්ලල වැඳල ගෙදර ආව.
හැබැයි හිතාගත්ත A/L ප්‍රයිවෙට් කලත් මේ ඉස්කෝලෙන් නං කරන්නෙ නෑ කියල.

Monday, March 7, 2011

ලස්සන වසිලීස්සා සහ රස කතා . . .

පැතුම්ගෙ අන්තර්ජාලයේ මගේ බිත්තියෙ තිබුන "රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසිලීස්සා" පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකට ලියපු කොමෙන්ට් එක ටිකක් විතර දිග වැඩි උනා. ඉතිං මම හිතුව ඒකට තව කෑලි ටිකක් එකතුකරල මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියටම දාන්න.



මුහුදු වෙරලෙ මහ විසාල
ගසකි ඕක් හරිතවර්න
පන්ඩිත තඩි බලල් රාල
බැඳ ඇත යදමින් ස්වර්න . . . .
ගීත ගයයි ගස වටේට
යමින් වමෙන්
කතා කියයි දකුනු දෙසට
යමින් සෙමෙන් . . .
                 අලෙක්සාන්දර් පුෂ්කින්, රස කතා


ගොඩාක් පරන මතකයක් අලුත් උනේ. . . .


රස කතා සහ ලස්සන වසිලීස්සා කියන්නෙ අදටත් මගෙ කැමතිම කතා පොත් දෙකක්. මට මතකයි මමයි මගෙ මල්ලියි පොඩි කාලෙ අපේ ආච්චි අපිව නිදිකරවන්න කියන කතා සෙට් එකේ තියන "මුවන් තිස්ස" ගෙ කතාව . . . . ඒක හරියටම සිමියොලා හත්දෙනාගෙ කතාව වගේමයි . . . නං ටිකයි ස්තාන ටිකයි විතරයි වෙනස්. මම හිතන්නෙ අපි පැවතෙන්නෙත් ස්ටෙප්ස් තනබිම් හරහා සංක්‍රමනය උන ජනකොටසකින්ම වෙන්න ඇති . . . . නැත්නම් කොහොමද මගෙ ආච්චි ඉස්කෝලෙක තියා පිරිවෙනකවත් ගෙනගන්නෙ නැතුව ඔය කතා දන්නෙ. ආච්චි නං කියන්නෙ ඒ කතා කියල දුන්නෙ ආච්චිගෙ ආච්චි කියලයි. ඔය කියන ඉතිහාසෙ හරි නං . . . . ඒ වෙනකොට ලස්සන වසිලීස්සා පොත රුසියාවෙ වත් මුද්‍රනය කරල තියෙන්න නැතුව ඇති.


"රස කතා" කියන්නෙත් ඒ වගේම ලස්සන කතා රුසියන් කතා එකතුවක්. 19වෙනි සියවසේ හිටපු සම්භාවනීය ගත්කතුවරු වන අලෙක්සාන්දර් පුෂ්කින්, ව්ලද්මීර් දාල්, ව්ලද්මිර් ඔදොයෙවුස්කි, කොන්ස්තන්තීන් උෂීන්ස්කි, සහ තවත් කිහිප දෙනෙක් ගෙ ලමා කතා මේ එකතුවට ඇතුලත් වෙලා තියනව. මේ කතා එකතුවෙන් වඩාත්මමගෙ සිත ගත්ත කතාව තමයි "රතු මල හෙවත් පුංචි අලෝනාගේ කුසුම" කියන කතාව. බටහිර සාහිත්්‍යයේ එන beauty and the beast කියන කතාවට ගොඩක් විතර සමානකම් දක්වන කතාවක්. කැලෑවෙ සැඟවිලා තිබුන කිසිම මිනිසෙක් නැති අලංකාරමාලිගයෙ ඉන්න මහ බයානක රකුසෙක් වැනි ඒ දැවැන්තයා අහම්බෙන් තමන්ගෙ මාලිගයට ආපු වෙලෙන්දාට ඉතාමත් උසස් විදිහට සංග්‍රහ කරත් ඒ වෙලෙන්දා තමන් ඉතා ආදරෙන් බලාගත්ත . . . . තමන්ට තිබුන එකම සතුට උන රතු මල කැඩුවට පස්සෙ කලබල උන හැටි . . . . පස්සෙ ඒ වෙලෙන්දගෙ පොඉඩ්ම දුව හෙවත් අලෝනා මේ මහ බියජනක පෙනුමක් තියන දැවැන්තයත් එක්ක ඒ මාලිගයේ සතිටින් කාලය ගත කරන හැටි . . . . කතාව කියවන ඕනෙම කෙනෙකුට එකවරම හිතේ චිත්‍රපටියක් වගේ මැවිල පේන විදියට නිර්මානය කරල තියනව.


අලෝෂා බේරගන්න කලු කිකිලි පාතාලයේ ලෝකයේ ඇමති වරයෙක් බව දැනගැනීම . . . පාතාල ලෝකයේ රජතුමා අලෝෂාට පාඩම් මතු ඔක්කොමහකයේ තියාගන්න තෑගි දෙන අරුම පුදුම වී ඇටය . . . .


පුංචි මීෂාට මුනගැහෙන ඩින්ඩින් නගරයේ වාසය කරන පුංචි සීනු පොඩිත්තන් . . .


තමන් ආදරය කරන මෙගේරි ව විවාහ කරගන්න අදහසින් ධනවතෙක් වෙන අෂීක්-කරීබ්. අවුරුදු හතකට පස්සෙ ආපහු තිප්ලිස් නගරය බලා එද්දි අෂීක්-කරීබ් ට මුන ගැහෙන සුදු අසරුවා . . . ඒ අසරුවා අෂීක්-කරීබ් ට දෙන මහ පුදුම පස් මිට අවුරුදු හතක් තිස්සෙ ඇස් අන්ද වෙලා හිටපු කෙනෙක්ට නැවත ඇස් පෙනීම ලබාදෙන ආකාරය. . . .


ගෙදරින් පන්නපු තඩි බලලව පෙන්නල කැලේ සත්තු ඔක්කොම බය කරපු කපටි හිවල් හමිනේ . . . .


තමන්ට උන අසාදාරනය මුලු නගරෙටම කියපු උස්දොන් ගෙ වාත වේග කියන අස්සයා . . . .


ඔය වගේ කතා ගොඩක එකතුවක් තමයි රස කතා කියන්නෙ. මේ හැම කතාවකින්ම ලමා මනසට කාවද්දන පනිවිඩයක් තියනව . . . ඒ තමන්ගෙ රටට ආදරය කලයුතු බව සහ යහපත් ගති පැවතුම් තියන දෙමාපියන්ට, වැඩිහිටියන්ට සලකන අය හැමදාම දිනන බව.


මම පොඩි කාලෙ අපේ අල්ලපු ගමේ (‍තෝරවතුරෙ) පුස්තකාලෙන් මේ කතා පොත් දෙක කියෙවුවට පස්සෙ ආයෙම කියවන්න ලැබුනෙ 2002 අවුරුද්දෙ කැම්පස් එකේ යාලුවෙක් (කිරා) පොත් දෙකම අරගෙන ආපු වෙලාවක. එදා ඉඳල කොහොම හරි මටම කියල ලස්සන වසිලීස්සා පොතක් හොයාගන්නව කියල හිතාගත්ත. කොහොම හරි ලස්සන වසිලීස්සා පොතේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම හොයාගත්ත.


කාට හරි ලස්සන වසිලීස්සා පොත ගන්න ඕනෙම නං .. . . මෙන්න තැන . . .


ප්‍රගති ප්‍රකාශන නිවස
අංක 91 ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත,
කොලඹ 8.


හොයාගන්න බැරි අය ඉන්නව නං . . . . අහන්න පාර කියන්නං. . . .


Friday, March 4, 2011

තුන් යහලු වික්‍රමය

මගෙ මිත්‍රයො තුන් දෙනෙක් එකෙක් අලුතින්ම කාර් එකක් ගත්ත ප්‍රීතිය සමරන්න නුවර එලියෙ ට්‍රිප් එකක් ගියා. 
තුන් දෙනාගෙ සමරිය මෙහෙමයි . . .එකෙක් ලංකාවෙ ප්‍රදාන නගරයක බිස්නස් කරන කෝටිපතියෙක්. අනිකා ඒ පලාතෙම ඉස්සො ගොවිපලක (අක්කර 200ක් විතර) අයිතිකාරයෙක් (දැං මන්ත්‍රී කෙනෙක්). අනිකා සැටලයිට් ආංඩුවෙ හෙන ප්‍රබල ඇමතියෙක් ගෙ පුතෙක්. මරුම ගස් ගොබිලො තුන් දෙනා. කියල වැඩක් නෑ එකාට එකෙක් පරදින්නෙ නැති හරක් සෙට් එක.


තුන්දෙනා කිරි කිරි ටොයිය BMW එකේ නුවර එලිය පුරාවටම පැය ගානක් තිස්සෙ ගොං හොයල හොයල කොහොම හරි පාන්දර දෙකට විතර දෙන්නෙක් හොයාගෙන හෝටලේට ගෙනල්ල. 


හොඳම කොටස . . . . එක කෙල්ලෙක් මූනවත් බලන්න බැරි ගඳම ගඳ අජූව මොඩල් එකක් . . . අනිත් කෙල්ලට අහවල් අසනීපෙ . . .


යාලුවො තුන් දෙනා එක ඇඳක නිදාගෙන කෙල්ලො දෙන්න අනිත් ඇඳේ නිදාගෙන  . . .උදේම සල්ලිත් අරගෙන මුන්ට කියල ටවුමටම ඩ්‍රොප් කරගෙන.
මට කාටවත්ම කියන්න එපා කියල ඔය විස්තරේ කිවුවෙ ඔය ඉස්සො ගොවිපලේ අයිතිකාරය.

Sunday, February 27, 2011

යාලු ‍ෆිට් එක

View Image

කෝපි කඩේ තිබුන පාසල් සතිය පෝස්ට් එක කියවද්දි මගෙ යාලුවෙක්ට උන සිද්දියක් මතකෙට ආව. මහ ලොකු විස්තරයක් නෑ . . . ඒත් කතාව අහද්දි මම නං හොඳ හැටි හිනා උනා . . . . . මෙන්න ඒ කතාව . . .
ශිවා ඉන්නෙ මීගමු කලපුවත් මුහුදත් අතර තියන ප‍ටු බිම් තීරුවෙ තියන ගමක. (මුගෙ නම කිවුවට මෙතනින් එහාට තියන සියලුම නම් මම අතින් දාපු ඒවා බව කරුනාවෙන් සලකන්න.)
ඔය කියපු පලාතෙ මිනිස්සු මාලු රස්සාවෙන් ජීවත් උනත් සරු සාරෙට හැදුන පොල් වතු එහෙමත් සෑහෙන ප්‍රමානයක් තියනව. ඉතිං මේ ශිවා සහ උගේ සහචරයො ටික සමාජ සේවයක් විදියට මේ පොල්වතු වල තියන අර පොල් ගස් වලට වැල‍ඳෙන මහ භයානක ලෙඩේ . . . . ඒ කියන්නෙ "ගෙඩි වැඩියාව"  කියන ලෙඩේට ප්‍රතිකාර කරන එක තමා ඒ දවස් වල වැඩි හරිය කරල තියෙන්නෙ.
දවසක් කට්ටිය ලඟ අහල පහල තිබුන පොල් වත්තක ගස් වලට වැලඳිලා තිබුන "කුරුම්බා වළු බර වීමේ" රෝගයකට ප්‍රතිකාර කරන්න ගියා. ගැංසියටම ගස් නගින්න පුලුවං එකයි හිටියෙ . . . ඌට නලින් කියමුකො . . . . දැං නලිය ගහට නැගල රෝග ලක්ශන තියන ගෙඩි පරීක්ශා කරල අයිං කරන්න සෙට් වෙනව. අනිත් කට්ටිය ගහ මුල සහ වත්තේ තවත් ස්තාන කීපයක සැදී පැහැදී බලාගෙන ඉන්නව.
එක පාරටම කොහෙදෝ ඉඳල මතු උනේ නැද්ද වත්තෙ මුරකාරය . . . . හරියට නිකං රා කල සොලසක් බීපු නාලාගිරිය වගේ . . . කැලේ කඩාගෙන. . . .
කට්ටිය ඔරේ රන් . .  . සමහරුකලපුව පැත්තට . . . තව සමහරු මූද පැත්තට . . .  අරූ තාම ගහේ . . .
මුරකාරය ගහ උඩ හිටපු එකාව බිමට බස්සගත්ත . . . . මූ වටපිට බැලුව. . . . කට්ටිය ඌව දාල පැනල ගිහිං අහුමුලු වල හැංගිලා . . . . .
මුරකාරය දැං මුගෙං ප්‍රශ්න කරනව කවුරු කවුරුද හිටියෙ කියල. . . . .
මූ එක පාරටම සද්ද ඇරල දුන්න . . . .
"අර මායිමේ පොල් ගහ මුල හැංගිල ඉන්නෙ *** සිල්වගෙ පුතා පාලිත . . . . කලපුව අයිනෙ හැංගිල ඉන්නෙ **** පෙරේරගෙ පුතා ශිව** යි ඇන්ටනි ප්‍රනාන්දුගෙ පුතා අසංක, පාර පැත්තට දිවුවෙ **** නෝනිස්ගෙ පුතා සමන්ත"

Thursday, February 24, 2011

අපිට මොකෝ . . . .???

නිමිත්ත: දුකාගෙ " බඩ ගැත්තරයාට සමාව බයබෝයි . . . .!"





බඩ පිට පොත්තට ඇලුනට මොකෝ . . .
දවසට එක වේලක් විතරක් ලුනුයි බතුයි කෑවට මොකෝ . . . .
කුමාරයො ඇස්ටං මාටිං පදින හයිවේ ඔල අපේ සයිකල් ක‍ටු පදින්න බැරි උනාට මොකෝ . .
හයිවේ ඔල පාලං බෝක්කු කඩං වැටිල කොල්ලො යටවෙලා මලාට මොකෝ . . .
පොල් පනහට හාල් හැත්තෑවට ගියාට මොකෝ. . . .
විමලෙයා හෙලිකොට්ටරෙං ගමං ගියාට මොකෝ . . . .
මැම්බර් තුමා රට යනකොට යාලු මිත්තර හැතිකරේ එක්කං ගියාට මොකෝ . . . .
කල් පැනපු ඉංජෙස්සං ගහල කොල්ලො කෙල්ලො මලාට මොකෝ . . .
අවුරුද්දට සැරයක් සල්ලි අච්චු ඇහුවට මොකෝ . . . .


අපිට ඉතිං මොනව නැතත් . . . .


පුතෙක් යුද්දෙට තව පුතෙක් රටට පූජා කොරපු මහ රජෙක් ඉන්නෙ . . .
පිං පාට දෙකොනෙං බේරෙන කැබිනට් එකක් ඉන්නෙ . . .
වැරදි කාරයො හොය හොයා ගස් බදින ඇමතිතුමංල ඉන්නෙ . . .
අඩු මිලට කන්න පැස්ට තියෙන්නෙ . . .
සැප වාහන ඔල ටැස් අඩු කොලේ . . . .
බෑං කි මූං රටිං පැන්නුවෙ . . .


ඔකොටොම එහායිං . . . .


රජතුමයි ***යයි ***ලයි ****යිඋතුරට ගිහිං යුද්දෙ දින්නෙ . . . .


ඒකම මදිද ????


ප.ලි. : තරු දාන්නම උනා. කීපදෙනෙක්ම කිවුව ඔය නම් අමුවෙංම දාන්න එපා කියල

Saturday, February 19, 2011

වතී

මම කුරුනෑගල (කිවුවට කුරුනෑගල ඉඳල ටිකක් ඇතුලෙ) හිටියෙ මගෙ ලොකු මාමගෙ ගෙදර. මේ කියන කාලෙ මම හතේ පංතියේ වෙන්න ඕනෙ, මට හරියටම මතක නෑ. ගෙදර හිටියෙ මමයි, ආච්චියි, ලොකු මාමයි (අම්මගෙ ලොකු අයිය), නැන්දයි, මාමගෙ දුවල දෙන්නයි. අක්ක ගැන කියනව නං ඒක වෙනමම ඉස්ටෝරියක්.
ඒ දවස් වල අක්කයි නැන්දයි අරලිය පත්තරේ කියවල හෙන පොස් වෙලා හිටියෙ. අක්ක එයාගෙ නම පවා වෙනස්කරගෙන හිටියෙ අරලිය පත්තරේට මැච් වෙන්න. "හංසි" . . . මරු නම.


නංගි දිලනි, එතකොට දෙකේ පංතියෙ විතර හිටියෙ. නංගිට ඔය පොස් නම් ගැන වැඩි තේරුමක් නෑ, ඒත් අක්කයි නැන්දයි නංගිටත් මරු නමක් දාල තිබුනෙ.


දැං ආපහු කතාවට එමුකො . . . .ඒ දවස් වල අපේ ගමේ පංසලේ බැහැගන වැඩ කරපු සීය කෙනෙක් හිටිය එමලිං සීය කියල. මරු ඩයල් එක. නැශනල් එක ඇඳල කළු මිට වක් උන කුඩේ කරේ එල්ලගෙන, බෝතල් අඩි දෙකක් එහෙම දාගෙන තමයි නිතරම දකින්න ලැබෙන්නෙ. පොර දවසක් අපේ ගෙදර ආව පන්සලේ මොකද්ද වැඩකට සම්මාදං ඉල්ලන්න. නැන්ද සල්ලි දුන්න. දැං ආදාර දුන්න කෙනාගෙ නම ලියාගන්න එපැයි, එමලිං සීය ඇහුව "කාගෙ නමද ලියන්නෙ ?" කියල.


නැන්ද ටිකක් වෙලා කල්පනා කරල කිවුව . . .


එහෙනං එමලිං සීයෙ ලියාගන්නකො අපේ චූටි බේබිගෙ නම, දිලනි එදිරිසිංහ කියල . . . කිවුව.


එමලිං සිය නැන්ද දිහා බෝතල් අඩි දෙකට උඩිං රවල බැලුව . . . .


හෙන අරපතල වොයිස් එකකින් පොර නැන්දට කියනව . . . .


"නෝනෙ, ගෑනු ලමයෙක් උනාම . . . නමේ අගට . . . “වතී” හරි “ලතා” හරි තියෙන්න ඕනෙ"


කියල . . .


ඊට පස්සෙ . . . පොර ගත්ත පොත අතට ලිවුව පොල්ගෙඩි සයිස් එකේ වෙද අකුරු වලින් නංගිගෙ නම . . .


"දිලනිවතී එදිරිසිංහ"






ඔන්න දැං අපේ නංගිටත් තියනව හෙන පොස් නමක්

Saturday, February 5, 2011

සුදු යකා

මගෙ බොක්කෙ යාලුවෙක් ඉන්නව . .  . අභීතගෙ ටිකක් හිනාවෙන්න එකේ ඉන්න බතලගොඩ වැව රාජධානිය කරගත්ත ** ම තමයි මිනිහා.


පොර කෙල්ලෙකුට ට්‍රයි එකක් දෙනව නං අනිවා . . . ඒ කෙල්ලගෙ මොකක් හරි ඇදයක් තියෙන්න ඕනෙ . . . (ඒ කියන්නෙ "රෝඩබිලිටිය" අඩු වෙන්න ඕනෙ). උදා: කලුම කලු, බකල්, එස්සෙට් රා . . . .


ඉතිං . . . මූ දාගන්න කෙල්ලන්ට මුගෙ හිතමිතුරු සමාජය කියන්නෙ "යක්කු" කියලා. කස්ටිය මේ හැදින්වීම සඳහා අදාල කෙල්ලගෙ වර්නය, දිග සහ පලල, විශේශ ලක්ශන වගේ දේවල් උපයෝගී කරගන්නව.


ඔහොම සිද්දි දෙක තුනක් (කීවට දෙක තුනක් ම නෙමේ) උනාට පස්සෙ දවසක් මූ හෙනම සෝක මූනක් දාගෙන මට කතා කලා . . .


**: මචං . .  උඹ දන්නව නේද ජූනියර් බැච් එකේ ඉන්න **** නංගි. අර ටිකක් මහත සුදු පාට කෙල්ල . . . ?
මම: ඔව්, ඉතිං . . . ?
**: මම දාගන්න දාගන්න කෙල්ලට මෙවුං යකා කියනවනෙ බං . . . .  ඉතිං මම හිතුවෙ උංගෙ කලු පාට හින්ද එහෙම කියනව කියල. ..
මම: ඉතිං ?
**: ඉතිං මම මුං යකා කියන්නැතිවෙයි කියල හිතාන **** නංගිව දාගත්ත . . . කෙල්ල සුදුයි නෙ . . .
මම: ඉතිං හොඳයි නෙ . .  ?
**: හොඳයි තමයි . . . . . යකෝ . . . මුං ඒ කෙල්ලට "සුදු යකා" කියනව . . .
....


පවු ඒ නංගි දරුව . . . . (ඒ නංගි ගෙන් මූ ගුටි කන්න ගිහිං අනූ නමයෙං දිවි ගලවගත්ත කතාව වෙනමම එකක් . . . . . )

Sunday, January 30, 2011

ඉලංදාරියා . . . .


          මචං, මම උඹව හැබැහින් දැකල නෑ තමයි . . . . ඒත් උඹට හැකි පමනින් සහයෝගයක් දෙන්න මට ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙමේ. මචං අපි ඉපදෙන්නෙ අපේ උවමනාවකට නෙමේ තමයි . . . . ඒත් අපි උපන්නට පස්සෙ අපිට ජීවත් වෙන්න වෙනව . . . අපේම උවමනාවලට වගේම අපේම අනිත් එවුං වෙනුවෙනුත්. මට හිතෙනව මට මම ඇරුනම තවත් එකෙක් වෙනුවෙන් යමක් කරන්න දවසක් උදාඋනා කියල . . . . .
 

       ඉලංදාරියා . . . මම උඹව හැබැහින් දැකල නැතිඋනත් . . . . උඹේ නිර්මාන හරහා මම උඹව හදවතින් දකිනව . . .හදවතින් අඳුනනව . . .

 
       මගෙ බ්ලොග් එක තවම වැඩි දෙනෙක් කියවන්නෙ නෑ කියල මම දන්නව . . . ඒත් කියවන කීපදෙනාගෙන් මම මේ ඉල්ලීම කරනව . . .
 . . . අපි වැඩිම උනොත් අවුරුදු හැටක් හැත්තෑවක් විතර ජීවත් වෙයි . . . අපේ මේ ශරීරය අපිට ඒ ටික කාලෙට නයට ලැබෙන දෙයක් . . . ඒ නය ගෙවන්න අපිට පුලුවන් වෙන්නෙ අපි කරන පිනකින්, අපි තව කෙනෙකුට හිත සතුටින් කරන උදවුවකින් විතරයි . . . .

ඉතිං තවම තමන් ලබපු ජීවිතෙන් භාගයක් වත් ගෙවල නැති "ඉලංදාරියා" කියන අපේ නොදු‍ටු මිතුරා වෙනුවෙන්. . . . අපිට හැකි යමක් කරමු . . . .

Friday, January 28, 2011

මම මොන්ටිසෝරි ගිය දවස . . . .

දවසක් උදේක අම්ම මාව නැගිට්ටවල අලුත් ඇදුම් වගයක් ඇන්දෙව්ව . . . ඊටපස්සෙ මෙන්න බොලේ අම්ම මාවත් එක්කගෙන වැඩට යනව. මටත් හෙන ආසයි . . .ඇයි ඉතින් වහීඩ් අංකල් (අම්ම වැඩ කලේ හිටපු වහීඩ් කියල දත් දොස්තර කෙනෙක් ගාව) එක එක කෑම ජාති අරං දෙනවනෙ . . . 
මරු . . .
 ඔන්න ඉතින්  බස් එකේ ඇවිල්ල ඩිස්පැන්සරියට යන්න වෙනදා බහින තැනින්ම බැස්ස . . . මෙන්න බොලේ අම්ම ඩිස්පැන්සරියට යන්න පාර පනින්නෙ නැතුව මාවත් එක්කගෙන වෙන කොහෙහරි යනව . . . . ඔහොම ගිහිල්ල එක ගෙදරක් වගේ තැනකට ආව (කුරුනෑගල මලියදේව ආදර්ශෙ ඉස්සරහ), එතන මම වගේම පොඩි පොඩි ලමයි පිරිල. එතනදි තමයි අම්ම මට කිව්වෙ
 

"මේ තමයි ඔයාගෙ මොන්ටිසෝරිය. ඔයා අද ඉදල හැමදාම මේ ඉස්කෝලෙට එනව" කියල.
 

මට අම්ම කියන මොකුත්ම තේරුනේ නෑ . . . කොහොමහරි අම්ම මාව එතන දාල ගියා.
මම එතන හිටිය කවුරුවත් අදුරන්නෙ නෑ, කියන මොකුත් තේරෙන්නෙත් නෑ . . . . මමත් ඉතින් ඔහේ වාඩි වෙලා හිටිය.
ටිකක් විතර දවල් වෙද්දි, මෙන්න බොලේ ඩිස්පැන්සරිය ඉස්සරහ කාර් එකේ හයර් දුවන ගුනදාස අංකල් එනව . . . . අලුවා පීරිසියකුයි කිරි වීදුරුවකුයි අරගෙන . . ..
අලුව කෑව . . .  කිරිත් බීව . . . දැං කල්පනාකරනව . . . (මොන්ටොසෝරි යද්දි මොනතරම් නම් දේවල් තියනවද කල්පනා කරන්න).
ගුනදාස අංකල් ටක්කෙටම ගෙදරිං තමා මේ අලුව ගේන්න ඇත්තෙ . . . . අලුව කියන්නෙ මගෙ කැමතිම කෑමනෙ . . . තවත් වෙලා මෙතන හිටියොත් මල්ලි ගෙදර තියන අලුව ඔක්කොම කයි . . .
මොනවද කරන්නෙ . . . .
අම්ම එන පාටක් වත් නෑ . . .
දෙයියනේ . . . .  මම දැං මොනවද කරන්නෙ . . . . .
පාවිච්චි කලා පොඩි එවුං සතු "භයානකම" ආයුධ වලිං එකක් . . . . .
 

"අම්ම ඕ .. . . .නේ . . . . . .ගෙදර යන්න ඕ . . . නේ . . . . . මට මෙහෙ ඉන්න බැරියෝ . . . ."

දැන් ටීච දන්න සෙල්ලං ඔක්කොම දානව මගෙ ඇඩිල්ල නවත්තන්න . . . මම අහුවෙයි ඕවට . . . මම නැවැත්තුවෙ නෑ . . .
ටීචට බැරිමතැන මාව ටීචගෙ ඔ‍ෆිස් කාමරෙන් (මම ඒක ටීචගෙ ඔ‍ෆිස් කාමරේ බව දැනගත්තෙ මේ ලගදි) දැම්ම.
මමත් මගෙ පාඩුවෙ ඔහෙ අඬ අඬ හිටිය . . . ටිකකින් මම දැක්ක ටීචගෙ මේසෙ උඩ "මරු බඩ්ඩක්"
"ඉදුනු, ලොකු කෙහෙල් ඇවරියක්"
බල බල ඉදල වැඩක් නෑ . . . . අඩන ගමන්ම කැඩුව ගෙඩියක් . . . කෑව . . .
තව එකක් . . .
තව එකක් . . .
තව එකක් . . .
මට මතක එච්චරයි . . .
අම්ම එනකොට මම නිදි වෙන්න ඕනෙ. මොකද මම ඇස් ඇරල බලද්දි මම හිටියෙ ගෙදර.
ඒ තමයි මගෙ මුල්ම සහ අවසාන මොන්ටොසෝරි දවස . . . . 
තියනව.

Sunday, January 23, 2011

පෙත්තප්පු K

වාදයයි : මේ කතාව මෙලෝ රහක් නැති වීමටද ඉඩ තිබේ . . . . ! ! !
 

ඩිස්ක්ලෙයිමර් එක : කාට හරි හිතෙනව නං . . . මේ කතාවෙ කුනුහරුප අන්තර්ගතවෙලා තියෙනව කියල . . .  . අනේ පිං අයිතිවෙයි . . . . වෙන කතාවක් කියවන්න . . . .

අපේ ජූනියර්  සෙට් එකේ  ස** මල්ලිට ගමේ ගිහිං ඉද්දි ඩෙංගු හැදුනයි කියමුකො.
ඔන්න රත්නපුරේ ඉස්පිරිතාලෙ මල්ලිව ඇඩ්මිට් කොලාලු . . . . .
දැං ඔන්න අපේ මේ අහිංසක මල්ලියා ඉස්පිරිතාලෙ ඇද උඩ දිගේලි කරල ඉන්නවලු . . . .
ටිකකින් ඇටෙන්ඩන් ලොක්කෙක් රබර් අත් මේස් දෙකකුත් දාගෙන ඇද ලගට ඇවිත් කියනවලු,
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි මුනිං අතට හැරෙන්න . . .
අපේ එකා:               (බැරි බැරි ගානෙ) ඇයි අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්තක් ගහන්න තියනව
(බුවා අනිත් පැත්ත හැරේ)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි කලිසම පාත් කරන්න
අපේ එකා:               මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මෙ පෙත්ත ගහන්න
(බුවා බැරි බැරි ගානෙ ඒකත් කරයි)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි නිකටයි දනිස් දෙකයි ඇදට තියල බඩ උස්සන්න
අපෙ එකා:                (පුදුමයෙන් හා ඉතා අමාරුවෙන්) මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්ත ගහන්නෙ එහෙමයි
(කොල්ලා අමාරුවෙන් ඒකත් කරයි)


********************
ඉතුරු ටික ප්‍රසිද්දියේ කීමට නොහැක
********************
 

කෙසේ නමුත් කොල්ලා මේකට ඇබ්බැහි වෙලා තත්වෙ බරපතල වෙන්න වැඩි කාලයක් ගත උනේ නැ . . .
අවසාන ප්‍රතිපලය . . . .
මල්ලිට අලුත් කාඩ් එකක් . . .
 

"පෙත්තප්පු K"

මෙම කතාව ඉතා සැර බාල කර කියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න . . . 

(මේ කතාවම ලාස්ට් රෝ එකේ මා විසින්ම පලකරන ලද බව කරුනාවෙන් සලකන්න . . . 
http://www.thelastrow.net/archives/4248#comment-9639 )

Friday, January 21, 2011

සුදූ . . . .

දුකාගෙ post එකක් දැක්කට පස්සෙ ලියන්න හිතුනෙ . . . .
 

සුදූ . . . .  එහෙමත් නැත්නම් ලේනා . . . . කියන්නෙ මගෙ ශාස්ත්‍රාලෙ හිටපු (මොනව උනත් අදටත් ඉන්න) හොදම යාලුව . . . . .
 

උගෙයි මගෙයි ‍ෆිට් එක මොනතරම්ද කිව්වොත් . . . .  උගෙ ගෙදර (දු‍ටුගැමුනු මාවතේ) මට වෙනමම පිගානක්, කෝප්පයක් පවා තිබුන. ලතා ඇන්ටි (සුදුවගෙ අම්ම) මට සැලකුවෙ හරියට එයාගෙම දරුවෙකුට වගේ.
 

සුදූ වගේ යාලුවෙක් මිනිහෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්. මට තාම මතකයි . . . . නුගේගොඩ ඇල්ෆා එකේ මැත්ස් පන්තියකදි මම නාවල ආනන්දෙ කෙල්ලෙක්ට (වැද්ද girl) ගෙම්බෙක් දාල මාව පන්තියෙන් එලියට දාපු දවසෙ . . . . සුදු වචනයක් වත් කතා නොකර මගෙත් එක්කම පන්තියෙන් එලියට බැස්ස.
 

අපේ පංති භාර කන්නන්ගර මිස් .  . . . අපි දෙන්නව දෙපැත්තට කරන්න බැරුව . . . අපි දෙන්නගෙන් එකෙක් ඉස්කෝලෙන් එලියට දාන්නත් හැදුව (කරුමෙ කියන්නෙ ඒ සිද්දියෙන් ඉස්කෝලෙ ගමන නතර උනේ අපේ සෙට් එකේ හිටපු සශී කුමාර් පෙරුමාල් ගෙ).
 

අන්තිමට සුදූ o/l කරල ආටා එකක් අරගෙන (මුලු කෝට්ටෙම අදුනන සුදුවගෙ 11 ශ්‍රී රතු බජාජ් එක) හයර් දුවන්න පටන් ගත්ත. . . . මම a/l කරන්න පනිපිටියෙ දර්මපාලෙට ගියා. හැබැයි . . . . මොනව උනත් අපි දෙන්න සතියකට දවස් දෙකක් වත් සෙට් වෙලා රජමහ විහාරෙ පහල පාර මැද තිබුන පොකුනෙ ගැට්ට උඩ වාඩි වෙලා ඉන්නව  . . . . (ඌටයි මටයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ . . . ඒක නිසා අපි දෙන්න නිතරම එකට හිටියට කතා වැඩිය කලේ නෑ . . .  නමුත් එකෙක් හැරෙනකොට අනිකා දන්නව මොකටද මූ හැරෙන්නෙ කියල) .
 

ඔහොම තමයි අපි දෙන්නගෙ කාලෙ වැඩි හරියක් ගෙවුනෙ . . . .
 

මෙහෙම ඉද්දි තමා . . . . සුදූට දීප සෙට් උනේ . . .  දවසක් සුදූ මට ඇවිල්ල කිව්ව . . . 
    "මචං . .  කෙල්ලෙක් සෙට් උනා එලියට ගන්න විදිහක් නෑ ඒකිගෙ නංගිත් ඒ බෝඩිමේම තමයි ඉන්නෙ . . .. .  පුලුවන් නම් ඒකිව දාගනින්" කියල.
 

මට එච්චරටම කෙල්ලෙක්ගෙ අවශ්යතාවක් තිබුනෙ නෑ . . . ඒක නිසා මම සුදූට කිව්ව . . .
    "මචං මට ඕනෙ නෑ . . . ඒත් අපේ TKට (අපේ සෙට් එකේ ඉතුරු වෙලා හිටපු අන්තිම යාලුව) සෙට් කරලා දෙමු . . . ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැ කියල ඌ හෙනම දුකෙන් ඉන්නෙ" කියල.
 

කොහොමෙන් කොහොමෙන් හරි ජෝඩු දෙක සෙට් උනා . . . .
 

පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ . . . බන්ට් එකේ . . . රජමහ විහාරෙ පිටිපස්සෙන් ගිහින් කේන් ඇපරල්ස් එක ලගට යන පාරෙ  . . . තමයි කෙල්ලො දෙන්නයි . .  මමයි . . . TKයි පටවගෙන සුදූ උගෙ ත්‍රී වීල් එකේ කරක් ගැහුවෙ . . .
 

හිත් රිදීම් ගනනාවකට පස්සෙ . . . TK, මානෙල් ව බැදල අපෙන් අයින් උනා . . . .
 

අන්තිමේ මමයි, සුදුයි දීපයි විතරක් ඉතුරු උනා . . . .
 

එක සිංහල අවුරුදු නිවාඩුවකට දීප "ගෙදර යන්න බෑ" කියල අඩන්න පටන් ගත්ත . . . . . බලද්දි දීප ප්‍රෙග්නන්ට් වෙලා . . . .
අන්තිමේදි සුදූ දීපව බැන්ද . . . . . දීප සුදූට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් . . . කොහොම හරි සුදූගෙ ගෙදරින් මේකට හොදටම විරුද්ද උනා . . . අන්තිමේදි ලතා ඇන්ටිට මාව පෙන්නන්න බැරි තත්වෙටම පත් උනා.
 

මට කවුරු කොහොම බැන්නත් . . . . මම කොහොම හරි මුන් දෙන්නව සුදූගෙ ගෙදරම පදිංචි කලා . . . . . දීපට ලස්සන දුවෙක් ලැබුන . . . . "කාව්යා නින්නාදි පෙරේරා" තමයි ඒ දුවගෙ නම . . . . (මට කවදාවත් ඒ දුවව වඩාගන්නවත් ලැබුනෙ නෑ . . . . . අඩුම ගානෙ තෑග්ගක් විදිහට බෝනික්කෙක් වත් අරන් දෙන්න ලැබුනෙ නෑ)
 

බැදල ඒ වෙනකොට අවුරුදු දෙකකට වඩා ගෙවිල තිබුනත් . . . . . ඒ වෙද්දිත් දීප ට සුදූගෙ ගෙදරින් පල නොකිය පලා බෙදන තත්වයක් තිබුනෙ . . . .
 

කොහොම හරි මේ අතරෙ තමයි . . . . . සුදූ උගෙ වාහනේ හයර් ගිය ආනන්ද බාලිකාවෙ ලමයි දෙන්නෙක් ගෙ අම්ම කෙනෙක් එක්ක අනියම් සම්භන්දයක් පටන්ගත්තෙ . . .
ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා හිටියෙ පිටරටක. එක ගෑනු ලමයෙක්ට වයස අවුරුදු 12ක් විතර වෙද්දි අනිත් ලමයට අවුරුදු 8ක් විතර ඇති . . . .
මේ විස්තර මේ දෙන්නගෙම ගෙවල් වලට වැඩි කාලයක් යන්න කලින්ම ආරන්චි උනා . . . සුදූගෙ අම්මයි, දීපයි දෙන්නම හිතුවෙ මේක සෙට් කලේ මම කියල . . . .
 

ලතා ඇන්ටි කෝට්ටෙ හන්දියෙ අම්බලම ගාවදි මට සාප  කෙරුව . .. . . . මම ඒත් සද්ද නැතුව හිටිය . . . . උදවු කලේ නැති උනත් වලක්වපු නැති එක හරි මගෙ වැ‍රැද්ද කියල තමයි මම ඒ වෙනකොට හිතුවෙ.
 

ප්‍රශ්න මෙහෙම දුර දිග යද්දි මේ දෙන්න තීරනය කලා පැනල යන්න . . . .
සුදූ මට විස්තරේ කියද්දි . . . . මම තදින්ම විරුද්ද උනා . . .
 

මම ඌට තෙරුම් කරල දුන්න . . . . තාත්ත නැතුව එක දවසක් වත් ඉන්න බැරි උගෙ අවුරුදු 3ක චූටි දුව . . . .  ගෙදර හැමෝම එලියට ඇදල දාන්න මාන බලන දීප . . . .  උං පැනල ගියොත් අම්මෙක් තාත්තෙක් නැතුව තනිවෙන පොඩි කෙල්ලො දෙන්නෙක් . . . . . මම මේ හැමදේම ඌට මතක් කලා . . . .
 

මම දන්න හැම විදිහටම ඌට තර්ජනය කලා . . . .
 

මම ඌට කිව්වෙ . . . . ලමයි, ගෑනි අතරමං කරන්නෙ නැතුව කරන දෙයක් අඩුම ගානෙ ගෙදර ඉදල හොරෙන් කරගනින් කියල . . . .  මම දැනන් හිටිය මට කාලෙ ලැබුනොත් ඕක නවත්තන්න පුලුවන් කියල. . . . .
බැරිම තැන අන්තිමේදි මම උගෙයි මගෙයි යාලුකම ඉස්සරහට දැම්ම . . . . මම ඌට කිව්ව . . .
   "උඹ ඔය ගෑනිත් එක්ක එක දවසකට හරි ගියොත් උඹෙයි මගෙයි යාලුකම එතනින් ඉවරයි" කියල
 

මගෙ හැම උත්සාහයක්ම අපතේ ගියා . . .  අන්තිමේදි මුන්න් දෙන්න පැනල ගියා . . . .
 

දීපයි . . . .  ලතා ඇන්ටියි වැහින්නියො වගේ අඩ අඩ මට call කර කර සාප කලා . . . .
ඒගොල්ලො කිව්වෙ මම තමයි මේ හැම දේටම වගකියන්න ඕනෙ කියල . . . .
මේ දෙවල් උනේ 2004 අවුරුද්දෙ අන්තිම කාලෙ වගේ . . .
 

මම අන්තිමට මම පන වගේ ආදරේ කරපු කෝට්ටෙ හන්දිය, අම්බලම, රජමහා විහාරෙ, නාග විහාරෙ, බන්ට් එක  . . . . අතෑරල දාල ජා ඇලට ආව.
පස්සෙ කොහොම හරි අර ගෑනු කෙනාගෙ කසාද මනුස්සය ලංකාවට ඇවිල්ල ඒ ගෑනු කෙනාව ආපහු ගෙන්නගත්ත නිසා සුදූට ආපහු ගෙදර එන්න උනා . . . .
 

2004 අවුරුද්දයි . . .  2011 අවුරුද්ද්යි අතර අවුරුදු 7ක් ගෙවිල ගිහින් . . . . මම තාම සුදූ එක්ක කතා කරන්නෙ නෑ . . . . . නමුත් මම ඌට හොරෙන් ඌ ගැන හොයල බලනව . . . ලගදි මම ඌට බෙහෙත් වගයක් පවා අරන්දුන්න . . . .. සුදූ තාම ඒ දේවල් දන්න්නෙ නෑ . . . .
 

මම පහුගිය අප්‍රේල් මාසෙ මිරිහානෙ යාලුවෙක් ගෙ ගෙදර ගිය වෙලාවක උගෙ ගේ ඉස්සරහ තීයන පිට්ටනියෙ තිබුන අවුරුදු උත්සවේකට සුදූගෙ දුවයි ලතා ඇන්ටීයි ඇවිල්ල හිටිය . . . .
 

මම බැල්කනියට වෙලා  ********************************* *********************************** අමාරුවෙන් . . . . . .
මම මගෙ මල්ලිගෙ දුව "මායා" තරමට ආදරේ කරන දරුවෙක් ඉන්නව නම් ඒ කාව්යා විතරයි . . . . . . 

Tuesday, January 11, 2011

සුපර් ස්ටාර් . . .

ඇගට පට්ට ආතල් එකක් දැනෙන්නෙ . . . .
                 නිමේශව ඉස්පිරිතාලෙන් ආපහු ගෙදර එක්කගෙන ආවනෙ . . . ඒකයි. ඒ උලව්වෙ බිල මතක් වෙනකොට තමයි ඇගේ මයිල් බකට් කම්බි වගේ කෙලින් වෙන්නෙ.  . . . . . අපරාදෙ කියන්න බෑ . . . . ඉන්ශුවරන්ස්  කොම්පැනිය සදා වැජබෙන්න ඕනෙ බිල ගෙවල දැම්මට . . . . .
නැත්තං ගෑනිටයි මටයි ජනවාරි මාසෙ කන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ රිසිට් ටික තමා.


කොහොමෙං කොහොමෙං හරි අපි දෙන්නගෙ ඉපදෙන්න ඉන්න  පැටිය කවද හරි SUPER STAR කෙනෙක් වෙන බවට කිරි  ගහට මන්නෙං කෙ‍ටුව වගේ ශුවර්. ඇයි බොලේ ඉස්පිරිතාලෙ හිටපු දවස් ගානටම දොස්තරලයි NURSE නංගිලයි පැය දෙකෙන් දෙකට ඇවිල්ල ගෑනිගෙ බඩට මයික් එකක් තියල පැටියගෙ HEART BEATඑක අහනව . . . . .
    දැන් ඌට අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලම මයික් එක හුරුයි.

Monday, January 10, 2011

සාගරේ අපි

කොහොමෙං කොහොමෙං හරි "සාගරේ අපි" ගෙට්‍ටුව ඉවර උනා . . . . .
ආපු එවුංට වඩා නාපු එවුං වැඩි උනත් . . . . .  කොහොමෙං කොහොමෙං හරි හැමදාම මරාගන්න හරි . . . . කා-කොටාගන්න හරි ඉන්න එවුං ටික සෙට් උනා . . . .
කෑව . . . .බීව. . . . . බයිට් කරගත්ත . . . . .හිතපු තරමටම නැතත් . . . . . බාගෙට හරි බයිට් උනා . . . . .
කවුරු කොහොම කලත් අඩුම ගානෙ ප්‍රියංකරී අක්කට හරි අපිව මතක් උනා නෙ ඒකම ඇති විස්කි බාගෙකට හරියන්න. . . . . .