Saturday, December 3, 2011

පොඩි ටැස්ටිං එකක් . . .

පොඩි ටැස්ටිං එකක් . . .
මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . .  ඒකයි මේ . . .   නොසලකා හරින්නලා ඈ . . . . .

ටැංකිවු . .
ඩබ්.ඇම්.පී.ඕ. මැන්ටල්

Thursday, November 3, 2011

ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය

             ඔන්න ඔය කියපු මගේ සිහිනය හැබෑ කරගන්න හිතාගෙන මම වතාවක් මම ගත්ත පිංතූර තුනක් මූනු පොතේ දැම්ම.
                   ඉතිං එහෙනං අහවල් එකක්ද මේ කියන්නෙ . . ???
ඔයාලට එහෙම හිතෙන එක මට නවත්තන්න බැහැ නෙ . . .
ඒකට හේතු තුනක් තියනව . . .
               එකක් තමයි . . . . . ඒ පොටෝ මූනු පොතේ තියන්නෙ කොපි රයිට් නැතුව නිසා ඕනෙම කෙනෙකුට උස්සන්න පුලුවං . . .
             දෙවනි හේතුව තමයි  . . .  අර ජෝඩුවක් ඉන්න පිංතූරෙ ඉන්න මගෙ මිත්‍රයට (මනමාල මහත්මයට) මිනිහගෙම යාලුවෙක් ඔය පිංතූරෙ ඊයකින් එවල තියනව . . .
             ඉතිං මට ඌ කිවුව වහාම ඕක අයිං කරපං . .  නැත්තං ඔය පිංතූරෙ උඹ ගත්ත එකක් කියල පේන්න මොනව හරි කරපං කියල . . .
             ඉතිං මම හිතල බැලුව  . .  ඔය පිංතූර ටික කොමෙන්ට් ටිකත් එක්කම අගෙ ලඟම කාටත් බලන්න පුලුවන් වෙන්න තියාගන්නෙ කොහොමද කියල . . .  එතකොට තමයි මාරයගෙ හෝරාව ලියන මාරය බනියගෙ පිංතූරෙකට විචාරයක් දාපු පෝස්ට් එකක් මාරයගෙ බ්ලොගේ පලවුනේ . . . .
                  මට සු‍ටුස් ගානකෝටම වැටහුනා . . .  මම මොනවද කරන්න ඕනෙ කියල . .. .
ටක් ගාල ගත්ත මගෙ පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක . . .  දැම්ම ඒකෙං පොටෝ තුනටම මගෙ ඉස්ටූඩියෝ එකේ නම. . .
                   දැං ඔයාල මේ පිංතූර බලල "අඩේ මොකද්ද මේ පට්ට පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක???" කියල කල්පනා කරල ඔයාලගෙ මොල ගෙඩි ටික කුරවල් කරගන්න හදන්න එපා . . .  මම කියන්නංකො

Friday, October 21, 2011

අමාෂි දුවට . . . තාත්තගෙන්



             මගෙ දුවේ . . .  අද ඔයාගෙ මාස හයේ උපන්දිනේ . . . .  තව දවස් තුනකින් ඒ කියන්නෙ ලබන සඳුදා ඔයා ඔයාගෙ පලවෙනි බත් කට කනව . . . . .අම්ම කිවුව දැන් ඔයාගෙ එක දතක් ඇවිල්ල කියල . . .  තව . . .  ඔයා දැන් බඩගානවලු . . . .  තාත්තට ඒ හැම දේම බලන්න ඔයාගෙ ලඟින් ඉන්න බැරිඋනා . . . .  මගෙ රත්තරන් දූ  . . . . තාත්තත් එක්ක තරහද ??? ඔයා තාත්තත් එක්ක තරහ වෙන්න එපා . . . තාත්ත ඔයාවයි අම්මවයි තනියෙන් තියල වෙන රටකට ගියේ ඔයාට ලස්සනට අඳින්න දෙන්න, ඔයාට රසට කෑම ටිකක් දෙන්න, ඔයාට හොඳට උගන්නන්න . . . . මේ තාත්තගෙ ලංකාවෙ කරපු රස්සාවෙන් කවදාකවත් කරන්න බැරිනිසා . . . . .

Sunday, October 16, 2011

අම්මා . . . . .

මේක මම ලියපු කතාවක් නෙමෙයි . . . .  කතාවෙ ලිංක් එක පහලින්ම තියනව. අහම්බෙන් ඇහැ ගැ‍ටුන කතාවක් . . . . පුදුම විදියට හිතට වැදුන නිසා මට හිතුන කට්ටියත් එක්ක බෙදාගන්න . . . . .



මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”


මාස හතක විතර පුංචි පිරිමි දරුවෙක් වඩා ගත් ඕ මදෙසට හැරුණේ මුකුත්ම හිතා ගන්නට බැරුව වගේ.


මාත් එක්කද මිස්
ඔව් ඔයත් එක්ක තමයි

Thursday, October 6, 2011

පරන චිත්‍රපටයක් බලමුද ???

          මගෙ කුඩාකාලෙ මතකෙ හරි නං . . . . අසූ ගනන් වල අග කාලෙ විතර ලංකාවෙ පොඩි (පොඩි කීවට පොඩිම නෑ) කලබලයක් ගියා එක බටහිර චිත්‍රපටයක් සම්භන්දව. මම නිකමට වගේ අපේ කතන්දර ශූරීන්ගෙන් ඇහුවාම උන්දැනං කීවෙ ඔය කතන්දරේ උනේ 91දි විතර කියල. මේ චිත්‍රපටය සිංහලෙන් හැඳින්නුවෙ "මිනී කන්නන්ගේ දේශය" කියල.
          1978දි ප්‍රදර්ශනය කරන ලද මේ ඉංග්‍රීසි චිත්‍රපටය ඉතාලි නිශ්පාදනයක්. ඉතාලි බසින් La montagna del dio cannibale ලෙස නම් කරන ලද මේ චිත්‍රපටය තවත් නම් කීපයකින් මුදාහැරුනා. The Mountain of the Cannibal God එහෙමත් නැත්නම් Slave Of The Cannibal God කියන නම් වලින් ලොව පුරා හැඳින්වුවත් බ්‍රිතාන්යයේ මුදාහැරුනේ Prisoner of the Cannibal God කියන නමින්.