Friday, January 28, 2011

මම මොන්ටිසෝරි ගිය දවස . . . .

දවසක් උදේක අම්ම මාව නැගිට්ටවල අලුත් ඇදුම් වගයක් ඇන්දෙව්ව . . . ඊටපස්සෙ මෙන්න බොලේ අම්ම මාවත් එක්කගෙන වැඩට යනව. මටත් හෙන ආසයි . . .ඇයි ඉතින් වහීඩ් අංකල් (අම්ම වැඩ කලේ හිටපු වහීඩ් කියල දත් දොස්තර කෙනෙක් ගාව) එක එක කෑම ජාති අරං දෙනවනෙ . . . 
මරු . . .
 ඔන්න ඉතින්  බස් එකේ ඇවිල්ල ඩිස්පැන්සරියට යන්න වෙනදා බහින තැනින්ම බැස්ස . . . මෙන්න බොලේ අම්ම ඩිස්පැන්සරියට යන්න පාර පනින්නෙ නැතුව මාවත් එක්කගෙන වෙන කොහෙහරි යනව . . . . ඔහොම ගිහිල්ල එක ගෙදරක් වගේ තැනකට ආව (කුරුනෑගල මලියදේව ආදර්ශෙ ඉස්සරහ), එතන මම වගේම පොඩි පොඩි ලමයි පිරිල. එතනදි තමයි අම්ම මට කිව්වෙ
 

"මේ තමයි ඔයාගෙ මොන්ටිසෝරිය. ඔයා අද ඉදල හැමදාම මේ ඉස්කෝලෙට එනව" කියල.
 

මට අම්ම කියන මොකුත්ම තේරුනේ නෑ . . . කොහොමහරි අම්ම මාව එතන දාල ගියා.
මම එතන හිටිය කවුරුවත් අදුරන්නෙ නෑ, කියන මොකුත් තේරෙන්නෙත් නෑ . . . . මමත් ඉතින් ඔහේ වාඩි වෙලා හිටිය.
ටිකක් විතර දවල් වෙද්දි, මෙන්න බොලේ ඩිස්පැන්සරිය ඉස්සරහ කාර් එකේ හයර් දුවන ගුනදාස අංකල් එනව . . . . අලුවා පීරිසියකුයි කිරි වීදුරුවකුයි අරගෙන . . ..
අලුව කෑව . . .  කිරිත් බීව . . . දැං කල්පනාකරනව . . . (මොන්ටොසෝරි යද්දි මොනතරම් නම් දේවල් තියනවද කල්පනා කරන්න).
ගුනදාස අංකල් ටක්කෙටම ගෙදරිං තමා මේ අලුව ගේන්න ඇත්තෙ . . . . අලුව කියන්නෙ මගෙ කැමතිම කෑමනෙ . . . තවත් වෙලා මෙතන හිටියොත් මල්ලි ගෙදර තියන අලුව ඔක්කොම කයි . . .
මොනවද කරන්නෙ . . . .
අම්ම එන පාටක් වත් නෑ . . .
දෙයියනේ . . . .  මම දැං මොනවද කරන්නෙ . . . . .
පාවිච්චි කලා පොඩි එවුං සතු "භයානකම" ආයුධ වලිං එකක් . . . . .
 

"අම්ම ඕ .. . . .නේ . . . . . .ගෙදර යන්න ඕ . . . නේ . . . . . මට මෙහෙ ඉන්න බැරියෝ . . . ."

දැන් ටීච දන්න සෙල්ලං ඔක්කොම දානව මගෙ ඇඩිල්ල නවත්තන්න . . . මම අහුවෙයි ඕවට . . . මම නැවැත්තුවෙ නෑ . . .
ටීචට බැරිමතැන මාව ටීචගෙ ඔ‍ෆිස් කාමරෙන් (මම ඒක ටීචගෙ ඔ‍ෆිස් කාමරේ බව දැනගත්තෙ මේ ලගදි) දැම්ම.
මමත් මගෙ පාඩුවෙ ඔහෙ අඬ අඬ හිටිය . . . ටිකකින් මම දැක්ක ටීචගෙ මේසෙ උඩ "මරු බඩ්ඩක්"
"ඉදුනු, ලොකු කෙහෙල් ඇවරියක්"
බල බල ඉදල වැඩක් නෑ . . . . අඩන ගමන්ම කැඩුව ගෙඩියක් . . . කෑව . . .
තව එකක් . . .
තව එකක් . . .
තව එකක් . . .
මට මතක එච්චරයි . . .
අම්ම එනකොට මම නිදි වෙන්න ඕනෙ. මොකද මම ඇස් ඇරල බලද්දි මම හිටියෙ ගෙදර.
ඒ තමයි මගෙ මුල්ම සහ අවසාන මොන්ටොසෝරි දවස . . . . 
තියනව.

7 comments:

  1. ඵතකොට අයියගෙ සාගර මොන්ටොසෝරි ගිය දවස?????

    ReplyDelete
  2. මස්සිනා . . . . කාලෙකට පස්සෙ . . . කොහොමද ඉතිං . . ???

    ReplyDelete
  3. හික්ස් .... පුදුම මොන්ටිසෝරි යෑමක් !!!
    අම්මට වහ කන්න හිතෙන්නැති...

    ReplyDelete
  4. අම්මට කෙසෙල් ඇවරියකින් විතරක් ශේප් වෙන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්..

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .