Sunday, December 4, 2011

ආනේ . . . සුගත් අයියා . . .

මගෙ ටැස්ටිං පෝස්ට් එකට බලාපොරොත්තු නොවුන ජනතා ප්‍රතිචාරයක් ලැබුන නෙව . . . . හැබැයි ඉතිං දේවා ගේ අඩවිය කියන විදියට මාසෙටම දාන එකම පෝස්ට් එකවත්, පොඩි කුමාරිහාමිගෙ හිතේ තියන හේතුවවත් නෙමේ ඒ ටැස්ටිං එක දාන්න හේතුව . . .  ඊට කලිං මම දාපු ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය කියන පෝස්ට් එක කාගෙවත් බ්ලොග් රෝල්වල අප්ඩේට් උනේ නැති නිසයි . . ඒ ටැස්ටිං එක දැම්මෙ. හැබැයි ඉතිං පොඩි කුමාරිහාමි හිතපු විදියෙ අමතර වාසියකුත් උනා තමයි . . . නැත්තෙම නෑ . . . .

මෙන්න මගෙ දෙසැම්බර් මාසෙ පලවෙනි පෝස්ට් එක (සමහරවිට මාසෙටම මේක විතරක්වෙන්නත් ඉඩ තියනව . . . .)






මමයි සුරයයි පූසයි (නෑ නෑ . .  බ්ලොග් ලියන පූස නෙමෙයි) තුන්දෙනා ඇඩ්වාන්ස් ලෙවල් විබාගෙට පාඩං කරන්න සෙට් උනේ පූසලගෙ ගෙදර. පූසගෙ අම්මයි තාත්තයි කොහොමත් රෑ 10වෙනකොට නිදාගන්නව. එතනින් එහාට අපි තමයි ගෙදර චන්ඩි. 


මේ කියන්නෙ 1997දි. ඒ කාලෙ දැං වගේ මොබයිල් ෆෝන් නෑ නෙ . . .  ලැන්ඩ් ලයින් එක තමා රජ භාන්ඩෙ. පූසලාගෙ ගෙදර ෆෝන් බිල ටිකක් වැඩිය ආවට එච්චර ගානක් නෑ. 


ඉතිං සුරයගෙයි මගෙයි වැඩේ රෑ 12 පැන්න වෙලේ ඉඳල එක එක ෆෝන් නොම්මර වලට කතා  කරල අනිත් පැත්තෙන් නිදි මරගාතෙ හලෝ කියන එවුංට ආතල් දෙන එක.


ගොඩක් වෙලාවට කලේ ආන්සර් කරන මනුස්සයගෙං වෙලාව කීයද කියල අහල . .  "ආ . . .  දැං එහෙනං මුල ඉඳල නිදා ගන්න" කියන එක.


ඊට අමතරව තව තව ආතල් තිබුන . . . .


එකක් තමයි . . . . ඩී. පී. තිස්ස කතා කරල මුවෙක් හොයන එක . . .


තව . . .  සත්තුවත්තෙං කතා කරල ටිකකට කලිං පැනල ගිය කොක‍ටුවා ඉන්නවද කියල අහනව . . .  අනිත් පැත්තෙං ආන්සර් කරපු මනුස්සයට එකසිය ගානට මල පැනල  . .  අපිට බල්ලන්ට වගේ බැනල ලයින් කට් කලාම තව විනාඩි 15කින් විතර ආපහු කෝල් එකක් දෙනව . . . කට හඬ ටිකක් වෙනස් කරල . . .  ඒ වතාවෙ කතා කරන්නෙ කොක‍ටුවා විදියට . . . කොක‍ටුවා කියනව අර මනුස්සයට . . . "මේ මම ඔයාලගෙ ගෙදර වත්තෙ හැංගුනා . . .  සත්තුවත්තෙං කතා කලොත් දැක්කෙ නෑ කියන්න හොඳේ " කියල . . .  හරි තැනට ඔය කෝල් ටික දුන්න නං. . .  කුනුහරුප එකයි . . .  හොඳ වෙලාවට ඒකාලෙ CLI එහෙම තිබුනෙ නෑ . . . 



ඔය අතරෙ සුරයට තිබ්බ ආතල් එකක් තමයි  රෑ නිදි මරාගෙන පාඩං කරනවයි කියල හිතෙන කෙල්ලංගෙ ගෙවල් වලට කෝල් කරල ඒ කෙල්ලො ආන්සර් කලොත් මොකක් හරි මහ අලුගුත්තේරු කතාවක් කියන එක . . . සමහර වෙලාවලට මූ කියන කඩප්පුලි කතා මටයි පූසටයි අහං ඉන්න බැරි තරමටම කැතයි . . . .



මම ඉගෙනගත්තෙ මිශ්‍ර ඉස්කෝලෙක නෙ . .  අපේ සමාන්තර බයෝ පංතියක හිටිය කෙල්ලෙක් සමන්ති කියල . . .  සමන්ති කියන්නෙ සුදු, උස මහත  . .  දැක්කොත්  ආයෙත් හැරිල බලන්න හිතෙන කොලිටියෙ කෙල්ලෙක් . . . . . සමන්තිට ඉස්කෝලෙ කොල්ලෙක් සෙට් වෙලා හිටියෙ නෑ . .  එලියෙ කොහොමද කියල කවුරුවත් දන්නෙ නෑ . .  ඒත් ඉස්කෝලෙ ඇතුලෙ සමන්තිට ට්‍රයි කරපු කොල්ලො ඔක්කොටොම බිංදුව . . .  එකෙකුටවත් කෙල්ලකැමති උනේ නෑ . . . .


මට දවසක් සමන්තිගෙ ගෙදර ටෙලිපෝන් නොම්මරේ අහු උනා.


ඊලඟට අපි තුන්දෙනා පාඩං කරන්න පූසගෙ ගෙදර සෙට් වෙච්චි වෙලාවෙ මම අරුංට කෙල්ල ගැන විස්තරේ කිවුවාම සුරය මගෙං සමන්තිගෙ ගෙදර ෆෝන් නොම්මරේ ඉල්ලුව . . . ."දෙමු බං ඒකටත් කෝල් එකක්" කියල . . . 
තාත්ත බිල ගෙවන පූසගෙ ටෙලිපෝන් එකනෙ කියල මමත් දුන්න නොම්මරේ . . . .



පාන්දර එකට විතර සුරය ගත්ත කෝල් එක . . .  ආන්සර් කලේ සමන්ති . . .  ඇයි ඉතිං  සමන්තිත් විභාගෙට පාඩං කරනවනෙ . . . .


අපි තුන්දෙනාම ෆෝන් එකට කං තද කරගෙන . . .  සුරය කතා කරනව . . 


සුරයා: හලෝ
සමන්ති: හලෝ
සුරය: මට සමන්තිට කතා කරන්න පුලුවන්ද ???
සමන්ති: ඔවු සමන්ති තමයි කතා කරන්නෙ, ඔය කවුද ???
සුරය: අනේ . . .  ඔයාට මාව අඳුනන්න බැරිද ??? මම අනේ අර පුංචි කාලෙ ඔයාට . .(&*&%%#&%^$ ???


කියල සුරය හෙන කුනුහරුප සෙට් එකක් කියාගෙන ගියා . . . 


සමන්ති: හානේ සුගත් අයිය කාලෙකින් . . . . .

90 comments:

  1. හානේ ඕනේ අයියා කාලෙකින්. . . හික් හික් හී

    ReplyDelete
  2. සුගත් අය්ය පස්සෙන් ගිය හින්ද තමයි එහෙනං මේකි මේ බොලාට අකමැති වෙලා තීන්නෙ!

    ReplyDelete
  3. කිරි අප්පට බල්ලෝ පැනපි..
    ඒකිට මාට්ටු උනානම් කව්ද කෝල් කරේ කියල

    ReplyDelete
  4. හානේ..මට මේක බැලුවම මතක් උනේ..
    මූ උසස් පෙල කරලද ඇ..

    අනිත තමා සුගත් අයියා කෙසේ වෙතත් ඕනයා අයියාව නන් ඔය විදිහට අපිටත් අදුර ගන්න පුලුවන්.. :-D

    ReplyDelete
  5. ආ ඕනේ අයියෙ කාලෙකින් කියලා නෙවිද බන් කිව්වේ....?

    ඔය ඉතින් තියෙන්නෙ බොලාට බිංදුව ලැබෙන්න හේතුව.................:D:D

    ReplyDelete
  6. ඔය සුගත් සමන්තිට මොනවද කරල තියෙන්නෙ? නොදන්න කමටමයි ඇහුවෙ ඔන්න....පට්ටයි හතර විලිලැජ්ජාවයි.

    ReplyDelete
  7. අනේ සමන්ති........

    ReplyDelete
  8. හහ් හහ් අරිගතො....." *&^*()**&*&" කිවුවනං අඳුනගනී උඹ කියලා....

    ReplyDelete
  9. සන්තෝසේ පන යනව බන්... හපොයි සුගත් අයියේ.... ඉතින් ඊට පස්සෙ උබලගෙ පියවරත් කියපන්කො.....

    ReplyDelete
  10. හෙහ් හෙහ් ඇද්ද කට්ටියට. CLI නැති නිසා ඉතින් වීරයො නේ..

    ReplyDelete
  11. huuu hoda wade meyalata

    ReplyDelete
  12. හෆොයි දෙයියනේ . . .

    මේ වෙලාවේ ෆෝන් එකට කන තියාගෙන උන්නු කොල්ලො දෙන්නෙක්ට ක්ෂනික මොකද්ද එක වුනානේ නේද . ..

    හික් හික්

    හානේ . . ඕනයා අයියා . . කාලෙකින් . . .

    ReplyDelete
  13. හේ හේ ..අයියෝ සමන්ති!!

    ReplyDelete
  14. හානේ ඕනය ටෙස්ටින් කොලේ මේක කියන්නද

    ReplyDelete
  15. මේකනම් සුපිරිමයි ඈ.....

    ReplyDelete
  16. හොරාට කලියෙං කෙහෙල්කැන ටැට පනිනව කියන්නේ මේකටය.

    ReplyDelete
  17. මළ හත්ඉලව්වයි.... ඉතිං ඉතිං ඊට පස්සෙ මොකෑ උ‍නේ...

    බොලේ බුන්ට සීයා තාම මේක දැකලා නැද්ද

    ReplyDelete
  18. ආනේ දුලිප් අයියා කිව්වෙ නැහැ කියලා ෂුවර් නේද?

    ReplyDelete
  19. හරි ඊ ළගට කියහල්ලාකෝ පොඩි කාලේ කරපු වැඩ ලොකු වෙලත් කරන්න කතා කරලා වෙච්ච සීන් එක...

    ReplyDelete
  20. විහිලැජ්ජාවෙ සන්තෝසෙ බැහැ.....

    ReplyDelete
  21. ඊට පස්සෙ ඕනෙ අයියා ප්ලෑන් එකලු සුගත් අයියා කරපු දේ සමන්තිට කරන්න... මොකද වැහි වතුර යන කානුවට චූ පාරක් දැම්මට අවුලක් නැහැනෙ. :D :P

    ReplyDelete
  22. ඊයා, වල් කෙල්ලෙක්!

    ReplyDelete
  23. කතාව නම් පට්ටම පට්ට ! (මල පැනලා ) ඈ ඕනයො බොට මාලෙට හෙන ගහනවද දවස් 2-3කට සැරයක්වත් මේ වගේ කතාවක් ලියල දැම්මහම මේකෙ ? අපි හැම නන්නත්තාරෙම ගිහින් කිචි කවාගෙන හිනා වෙන්න ඕනි හිනා වෙන්න ඕනි වෙලාවට !

    ReplyDelete
  24. ඔය තියෙන්නෙ බඩුත් එක්ක හොරු මාට්ටු වෙලා... හික්ස්...

    දවසක් අපේ ගෙදරට මහ රෑ ඔහොම කෝල් එකක් ඇවිත් ඒක ගත්තෙ අපෙ අම්මා.... උන් කියාපුවට අම්ම ෆෝන් එක තියල පණ ඇරගෙන හිනා උනා... ඕනයගෙ නැකතෙම උපන් එකෙක් වෙන්නැති කතා කරන්නැත්තෙ.....

    ReplyDelete
  25. කතාව නම් ලොලේ ලොල්...

    ඔන්න ඔහොම අමාරුවෙන් පාඩම් කරල තමයිලු ඕනය විභාගෙ පාස් වුණේ...

    ReplyDelete
  26. ෂුවර් එකට මෙයාලා ඉස්කෝලෙදී, "සුගත් අයියා...." කියලා කෑ ගහන්න ඇති........... :)

    හිනා වුනාට මේකේ නොදකින පැත්ත ගැන නං මට කණගාටුයි. ගැහැණු දරුවෙක් පොඩි කාලෙදී අපයෝජනයට ලක්වීම

    ReplyDelete
  27. @ කෙ. කො. පොඩි එකා,
    ලොකු එවුන්ගෙ කතා වලට කට දාන්නෙ නැතුව ගිහින් චු කොරල නිදා ගනිං, එහෙමත් නැත්තං බ්ලොග් පෝස්ට් එකක් ලියහන්.

    @ ඕනයා,
    බොලාමද දන්නෑ අර වජුබිල්ලාරාමෙ අලජ්ජිතිස්ස හාමුදුරුවන්ට මහ රෑ කෝල් කරල තව පොඩ්ඩෙන් #ක ඉරාගන්න හැදුවෙ.

    මෙ පෝස්ට් එක නං හොඳයි, ඒ වුනාට ජනතාව බලා ඉන්නෙ, උඹ දුමීගෙ නැන්දගෙන්, පාර මැද්දෙ හෙල්මට් පාර කාපු හැටි, උඹම කියනව
    කිව්ව, කතාව කියවන්න. අනේ බං කරෝල වාඩියට වෙලා නිකම්ම ඉන්න එකේ ඒකත් ලියල දාහන්කො.

    ReplyDelete
  28. පස්සෙ මතක් වුනේ, දුමීගෙ නැන්දගෙන් නෙමේ උඹ ගුටි කෑවෙ දුකාගෙ නැන්දගෙන් නේද?

    ReplyDelete
  29. රන්දිල්ස්, මේක අපයෝජන සිද්දියක් නෙමේ වෙන්ඩැති. මෙතන වෙලා තියෙන්නෙ බයිට් එකට බයිට් එක, එකට එකට වගේ එකක් වෙන්ඩැති. මේක බයි‍ටයක් කියලා දැනගෙන හරවා පහර දුන්නද කව්ද දන්නෙ... ය‍ටත් පිරිසෙයින් අපි එහෙමවත් හිතමුකො....
    ...........



    ආ‍නේ..... බුන්ට සීයා ඇවිල්ලා..... තීන්නෙ...

    ReplyDelete
  30. ඇත්තටම එහෙම කිව්වද අයියේ???

    මූ වගේම තමා යාළුවොත්...!

    ReplyDelete
  31. ඒක නම් සුපිරිමයි ..දැං ඉතින් එතනින් ෆෝන් එක කට් කලාද නැත්තං සුගත් අයියා වගේ දිගටම ඇට් කලාද ?

    අපි ෆෝන් එකෙන් රජම ගේමක් දුන්නේ පහුගිය යුද්දේ තිබුනු සමයේ .

    අපේම පන්තියේ එකෙකුත් කතාකල අපි කීවා අපි මේ අහවල් රේඩියෝ චැනල් එකෙන් කතා කරන්නේ අපි රනවිරුවන් දිරිමත් කරන්න ඔබගේ අදහස් දැනගන්න කැමතියි .. ඉතින් ඔබත් රනවිරුවන්ට සුබ පතන්න කියලා

    අරුත් ඉතින් නිදි මරගාතේ

    "අපේ රට දැය සුරකින අපේම රනවිරු සහෝදර කැලටම මමත් මගේ තාත්තත් අම්මත් නංගිත් මල්ලිත් බාප්පත් පුංචම්මත් මුලු හදින්ම ජය පතනවා ..!" කියලා කීවා ගමන්ම ..

    අපි දුන්නා හූවක් ..ගමෙන් එකයි

    ReplyDelete
  32. සමන්තිගේ පටි රෝල් වගේ එහෙනම් එදයින් පස්සේ...

    ReplyDelete
  33. හික් හික්!! වන විනාසයක් වෙලා තියෙන්නෙ. ඉතිං ඕනයාට පුදුම හිතුනෙ නැද්ද තමන් ඉස්සර කරපු වැඩේට සුගත් කියලා හාදයෙක් මාට්ටු වෙද්දි?

    ReplyDelete
  34. කුණුහරුප වැලක් කිවුවෙ.... මොකකද බං... ඒ සුගත් අයිය කරපුව ටිකවත් ලියහංකො... ඉතිරි ටික බැරිනම්....

    ReplyDelete
  35. හික් හික් අප්පේ කෙල්ලගේ තරම.....සුගත් අයියද ආරංචියේ හැටියට ආ නේ ඕනයානේ කියලද කිව්වේ.....

    ReplyDelete
  36. අඩේ දුමීගේ නැන්දාගෙන් ඕනයා හෙල්මට් පාර කාලා පාර මැද වැටිච්ච හැටි කියාපංකෝ ... කවුරුහරි පිංවතෙක් ඒක කියාපංකෝ ..!

    ඔබා අයියේ උඹවත් ඒක ලියාපං බං

    ReplyDelete
  37. අනේ අනේ ඇන්ඩයියේ බොලාලගෙත් සූකිරි ආසාවල්. ඔහොම ඒවා අපෙත් තිබ්බා. එකෙක් දෙන්නෙක්ගෙන් හොඳ කුණුහරුප අහගන්න කම්. ඇයි උඹට මතකද ලංකාවට මොබයිල් ෆෝන් ආව කාලේ අර සෙල්ටෙල් කියලා හැමෝම කීවේ. අන්න ඒ ඇනලොග් ෆෝන් වල බැටරිය ගලවලා මොකක්ද මඟුලක් කරලා අනිත් උන් කතා කොරන ඒවා අහන්න පුලුවන්. ඉස්සර එකෙක්ගේ එහෙම ගඩොල් භාගයක් තිබ්බා. ඌ සෙට් උනහම ඉඳලා හිටලා ඔය එක එකා රූට රූට මල් කඩන ඒවා අහනවා. ඒකත් නරක නෑ.....

    ReplyDelete
  38. බඩ අල්ලාගෙන හිනා උනේ බං... :)
    සුගත් අයිය මොකෝ ඕනය මොකෝ.

    මම මුකුත් අහන්නේ නැහැ, අන්න අර චුටි මහත්තය මොකක්ද ප්‍රශ්නයක් අහල තිබ්බා. පවුනේ පොඩි එකානේ, ඌට ඒකට උත්තරයක්‌ දුන්නනම්.

    ReplyDelete
  39. අපිත් ඔයවගේ කෙල්ලන්ට කෝල් දීලා තාත්තා ෆෝන් එක ගත්තම කියනව "අන්කල් [නම]ට අපෙ ගෙදර පෑන්ටිය අමතක වෙලා ගිහින්. ඇවිල්ලා අරන් යන්න කියන්න" කියලා.

    ReplyDelete
  40. එල එල.. මටත් කතාවල් සෙට් එකක්ම මතක් උනා... දෙන්නම් පාර..

    ReplyDelete
  41. කළකට පස්සේ වෙළකට බැහැල තියෙන්නේ.... අපේ අප්පෝ.... අපිත් ඔය චන්ඩි පාට් දැම්මා.... හැබැයි CLI කියල දෙයක් තියෙනවා කියල දැනගත්තේ එහෙම කළාට පහුව දා දවල් ගෙදරට කතා කරලා අම්බානෙක දෙසද්දී.... වැඩේ කියන්නේ හොඳ වෙලාවට ගෙදර හිටියේ මම ම නිසා... ළමයි ගේ තාත්තා වගේ කතා කරලා වැඩේ ෂේප් කර ගත්තා.....

    ReplyDelete
  42. හපොයි මෙයාලා පාඩම් කරලා තියන ලස්සන.....:D

    මම නම් කැමති අර සත්තු වත්තෙන් පැනලා ආපු කොකටුවාගේ කෝල් එකට. කෙල්ලෝ කතා කරනවා ඕනි වෙලාවක අහන්ට බැරියැ. කොකටුවෝ එහෙමද?

    ReplyDelete
  43. හක හක.පට්ට කතාව..........
    මර්වින් සිල්වාට කෝල් අරගත්තු උන් කවුරුවත් නැද්ද?.
    කුණුහරුප කියන්න ගත්තම උගේ කටට බ්‍රේක් නෑ.කියන්නෙත් අම්මා මුත්තා කාලෙවත් අහපු නැති ජාතියෙ කුණුහරප.....

    ReplyDelete
  44. හුට.... ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට

    ReplyDelete
  45. සමන්තිට කියවුනේ,

    අනේ දුලිප්ප_යා කාලෙකින් !! වෙන්න ඇති..

    ReplyDelete
  46. යකෝ උඹලහෙ මේ අළුගුත්තේරු වැඩෙන් අර කොහේවත් ඉඳපු අමතක වෙලා ගිහිල්ල තිබිච්ච සමන්තයියට අයෙ ඉල්ලම පෑදුනා එහෙනං ඈ..
    ඕක තමයි කියන්නෙ ඌරො කැකුන තලනකොට හබං කුකුළන්ට රජ මඟුල් කියල.

    ReplyDelete
  47. ඈ ඕනයො.. උඹට ‘සුරය‘ කියලත් කාඩ් එකක් තිබ්බද බං...

    ReplyDelete
  48. මේක මරේ මරු බන්... සික්... අදයි දැක්කේ :D එච්චර සන්තෝස හිතුනෙ සුගත් අයියත් පට්ට බුවෙක් වෙන්න ඇති...

    ReplyDelete
  49. අපි ඉස්සර කඩවලට කෝල් දීල කැම ඕඩර්(ඩිලිවරි.) කරනව...අපිට නෙවේ යාලුවන්ගෙ ගෙවල් වලට......පස්සෙ පස්සෙ අහුවෙන්න ගත්ත වැඩේ.....

    ReplyDelete
  50. හි හී... හොඳ වැඩේ.....

    ඉතිං මේ ළමයි ටික හොඳ ට උසස් පෙළ කරගත්ත ද???? :-O :O

    ReplyDelete
  51. ඕනයාල කරොත් ඉතින් මොකක් හරි කුප්ප වැඩක් තමයි.....
    කෝල් එකක් දෙන්නද දාල නැති ටික අහගන්න....?

    ReplyDelete
  52. අපෝ.... දන්නවා නම් සමන්ති වහ කයි.. හිකිස්..

    ReplyDelete
  53. සුගත් අයියා අඩුවක් නැතුව කාරිය කරලා තියනවා වගෙ තමා පෙන්නුම් කරන්නෙ... :-)

    ReplyDelete
  54. එහෙමද නැත්තං සුගත් අයියත් සුරයගෙ ටයිප්ද දන්නේ නෑ.... ඒත් එහෙම හිතුවම කිසි ගතියක් නෑ වගේ.. සුගත් අයිය ඔක්කොම වැඩ කෑලි ටික දාලා තමා... :D :D :D

    ReplyDelete
  55. හානේ සුගත් අයියා... හික් :)
    එතනින් එහාට වෙච්ච දේවල් පෝස්ට් එකේ දාන්න බැරි දේවල් වෙන්ටෑ. පොඩි කාලේ ඔහොම නම් මේ කාලේ කොමද කියලා හිතාගත්තෑකි.

    ReplyDelete
  56. මගෙ පෙර කල පින් බලයෙන් වෙන්න ඕනෙ මම උඹලව දැනගෙන හිටියෙ නැත්තෙ.
    හැබැයි මට ඕයවගෙ nuisance calls දීපු එකෙක්වව මම බයිට් කලා ගානට.
    henryblogwalker the Dude

    ReplyDelete
  57. හැබෑට සුගත් අයියා සමන්තිට මොනව කරන්න ඇද්ද? බොන්ඩ ඕනේ ප්‍රස්න නේ ඉතින්...

    ReplyDelete
  58. මේ පොස්ට් එකට් අකුතුහලේ ඇවිස්සුන.මොනවා වෙන්න ඇත්ද .

    ReplyDelete
  59. සිරා කතාව! පරක්කු උනා එන්න.
    හොඳ වෙලාවට උඩින්ම ඔය මං නෙමේ කියලා ලිව්වේ. නැත්තං අර මාරයියා ලියන පූසා කියලත් සමහරු මාව තමයි අල්ලං තියෙන්නේ :D

    ReplyDelete
  60. අපේ අම්මිත් කියෙව්වා ඔන් අයියේ, එයාටත් හිනා හිහි.,

    ReplyDelete
  61. කෙල විසික් වුණි....හොටු බිමට පනී....
    අම්මගෙන් බැනුම්ද වදී....

    ReplyDelete
  62. ඇයි බං දළදා මාලිගාවෙ ඇතාගේ සීන් එක, අපිත් ඒ දවස්වල හෙන ආතල් ගත්තා ඔය වගේ සීන් වලින්, තව එකක් ඒ දවස්වල wow.lk එකේ අපිට ඕන නමක් ටයිප් කරලා එස් එම් එස් යවන්න පුලුවන්, මම දුන්නා ආතල් එකක් එකෙකුට සෑහෙන කාලයක්, අප්පට උඩු එක දවසක් වැරදිලා ගෙඩි පිටින්ම මගේ නම ගියා කියහංකෝ එස් එම් එස් එකේ, එදා වැඩේ මාට්ටු හොදි ඕන්නෑ .......

    පස්සෙ කාලෙකදි පොරත් වෙනම සිම් එකක් අරං මටත් දුන්නා ඒ වගේ ම ආතල් එකක් .......

    ReplyDelete
  63. ඇත්ත කියපිය, කෙල්ල ඇහුවේ ආනේ මේ දුලිප් අය්ය කියල නේද?

    ReplyDelete
  64. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  65. අඩෝ හැම තැනම කමෙන්ට් වල දැක්ක ඕනයා.. සෑමා කියවුපු උබේ මුල් කතාවම ෆට්ට බොල.. මගේ කට ඇරිලා හිනා වෙන්න බැරිව ටික වෙලාවක් හිටියා...

    ජය ර්‍ශ්‍ර කීවා.. ෆලෝ පාරක්ද දෙමි..

    ReplyDelete
  66. තොටයි පූසටයි අහන්න බැරි කඩුප්පුලි කතා කියනවන්ම් තො මොකටද පෝන් එකට කන් තියාගෙන උන්නේ..? ඊයා මම එහෙම නම් කන් දෙක පියා ගනවා...

    ReplyDelete
  67. ඒකිව බයිට් කරන්න ගිහින් ලාවට වගේ උඹලවත් බයිට් උනා නේද?

    ReplyDelete
  68. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  69. උඹේ පොඩි එකී ලොකු වෙනකොට මේක කියවයි.. මකල දාපන්.. චික් අපේ තාත්ත කරලා තියෙන වැඩ කියල කෙල්ල හිතයි..

    ReplyDelete
  70. අයියෝ සල්ලි ( සමන්ති )

    ReplyDelete
  71. ඔන්න මාත් දැම්ම ෆලෝ පාර. ආයේ එන්නම්කෝ... ජය වේවා අය්යා!!!

    ReplyDelete
  72. අප්පටසිරි මාර කෙලිය ඕනයා මාර පුතයෙක්නේ අප්පා ඒක නෙමේ මොකක්ද අර දුමියා අයියාගේ නැන්දාගෙන් කාපු කේස් එක

    ReplyDelete
  73. මාරයි ඕනයා අයියලා එල වැඩනේ කරලා තියෙන්නේ

    ReplyDelete
  74. අදමයි ආවේ බලන්න ඕනේ ඔක්කොම හිමීට..ආයෙත් එන්නම්

    ReplyDelete
  75. මේ පොන්න වේසිගෙ පුතෙක් වෙච්ච ඇන්ඩර්සන් පිංපියා එහෙන් මෙහෙන් හොයල ගත්ත කොම්ඩි කෑලි ටිකක් එකතු කරල හදපු ගොන් පාට් එකට මේ අනිත් හුත්තිගෙ පුතාලත් ලොකුවට කමෙන්ට් කරල තියෙන්නෙ රට හදන්න වෙන්න ඇති. නොදකින් මෙහෙම මූසල හැත්තක්..
    තොපි මෙලෝ රහක් නැති වල්පල් ලියල වෙන්දේසි සීට්ටු දාන්න වගේ එකා එකාට හුරේ දාගත්තම පුදුම ආතල් එකක් තියෙන්නෙ නේ..? කාලකණ්ණි හැතිකරේ එලියට බැහැල කුණුගොඩක් ඇදල දාපල්ල. පැලයක් හිටවපල්ල තොපි මේ නාස්ති කරන්නෙ රටට ජාතියට වැඩක් වෙන දෙයක් කරන්න තියෙන වෙලාව.

    ReplyDelete
    Replies
    1. කවුද බොල මේකා !

      ෆිස්සු හැදෙනවා. පොරත් බ්ලොග් පස්සෙ පන්න පන්න කමෙන්ට් දදා පොර වෙන්න හදනවා. පුළුවන් නම් බ්ලොගක් ලියන්න කියපං. කැටයම් නැතිව.

      බව්වැ පැටවු කක්කි කලාට ගෙවල් වල අයිතිකාරයෝ බව්වා මරන්නැහැ බොල !

      Delete
    2. ඇනෝනිමස් මහත්මයෝ ඔයා කියන විදිහට අපි මේ නාස්ති කරන්නෙ රටට දැයට වැඩක් කරන්න තියෙන වෙලාව නම් ඔබ තුමා නිර්නාමිකව මෙතනට ඇවිත් කරන්නෙ අහවල් #ත්තක්ද? එච්චර රටට දැයට ආදරේ නම් ඔබ තුමා සැබෑ නාමයෙන් ඇවිත් අපිට ඔවදනක් දෙන්න. නිකන් නපුංසක සුනඛයෙක් නොවී....

      Delete
    3. ඕක ලෙඩක්.ඕකට කියන්නෙ ඉරිසියාව!

      Delete
    4. හැමදාම කියපු එක තමයි කියන්න තියෙන්නෙ.... ලෝකෙ මිනිස්සු දෙජතියක් ඉන්නව... එක ජාතියක් අම්මල වදාපු උන්.. අනිත් ජාතිය අම්මල රීපු උන්... උන්ට ජාතකයක් නෑ.. උන්ගෙ අම්ම රෙනකොට ඌ බොගවලට වැටිල තියෙන්නෙ... එහෙම එකෙක් තමයි ඔය උඩින් අවජාතකව කමෙට් දාල තියෙන්නෙ..

      ඇනෝ උඹට ෆුල් ආතල ඇති කාටවත් නොපෙනෙන්න මේ වගේ කමෙට් එකක දැම්මාම... ඒක අර මම කියපු විදියට ජතක වෙච්ච එවුන්ගෙ ලක්ෂනයක්... දැන් උඹ හිතනව ඇති මම කවුද කියලල දන්නෙ නෑ අර පොඩි මෑණ් කියන ගොන් පකය කෑගහනව කියල උගේ නමින්...

      උඹ කවුද කියල උඹ දන්නවා... උබේ හර්දසාක්ෂිය... උබේ අම්ම කවුද කියල උඹ දන්නව... සමහරවිට උඹ දන්නෙ නැතුව ඇති මොකද හර්ද්සාක්ෂියක් තියයෙන එකෙක්ට.. වැදී අම්ම ගැන පුංචි හරි ආදරයක් තියෙන එකෙක්ට තමන්ගෙ මේ වගේ අවජාතක පොන්න වැඩ නිසා අහන්න වෙන කුණු කතාවලට හිත රිදෙනව...

      පුලුවන්න්නම් තව කුණුහබ්බ කමෙන්ට් එකක් දාල උබෑ ජාතකේ උඹටම ඔප්පු කරගනින්... අපිට නෙවෙයි...

      Delete
  76. මෙන්න නියම බුලට් එකක්. ඇයි මචං මෙච්චර කල් පරක්කු උනේ.

    ReplyDelete
  77. හිකිස්,.. ඇත්ද අහගත්තා,.. ලණු දෙන්න ගිහින් මෙයාලම ලණුව කාලා,.. :D

    ReplyDelete
  78. හෆ්ෆෝච්චියේ!!!! මාරයිනෙ.. හිකිස්ස්...

    ReplyDelete
  79. මේවට හිනා වෙනවද අඩනවද කියල මට තේරෙන්නේ නැ

    ReplyDelete
  80. දැන් මේක ඇති බන්.. වෙන එකක් දාපන්...

    ReplyDelete
  81. හැක් හැක් හැක්

    ඒ කියන්නෙ සුගත් අයිය සමන්ති පොඩි කාලෙ එයා එක්ක %&^*@$@#!$~*)))*& කරල තියෙනවා....

    පට්ට ස්ටෝරිය

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .