Sunday, October 6, 2013

මෙය දැක්කොත් කියවන්නම වෙනවා.නොකියවන අයට සිදුවන අනතුරු ගැන අප වගකියනු නොලැබේ.

පසුගිය දිනක මා හහට ලැබුන අත් පත්‍රිකාවක අඩංගු විස්තර යුනිකෝඩ් වලින් කොටා ඔබ සැමදෙනා සමග බෙදාගන්නට අදහස් කරමි.

අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගී, මල්ලී, දරුවනි, දැරියනි,

පසුගිය දිනක මහනුවර ගාලතැන්න පෙදෙසේ ගල් ගුහාවකින් මතුවූ අඩි40 දිග නාගයෙක් අපූරු ප්‍රකාශයක් නිකුත් කලේය.

"මේ මාගේ අන්තිම ඉපදීමයි... මිනිසුන් කියන බොරු නිසා නයි අරිනවා, නයා, දාර නයා වැනි වදන් සමාජගතවී තිබේ. එය නයි හැටියට අපිට විලිලැජ්ජාවකි. අපේම නයි අපිවම කයි කියා සිතෙන්නේ මේ වෙලාවටයි. බොරුව උවද කිවයුත්තේ පිළිවෙලකටයි. බොරුව කර මිනිසුන්ගෙන් කඩා වඩා ගැනීම කලාවකි. සමාජයේ අනෙක් මිනිසුන් දෙස බලනවිට හොදටම බොරු කල හැකි පුද්ගලයා මීට අඩි කීපයක් එහා දේවාලයේ කුණුහරුප කියමින් සිටින ගාමිණී දේවගැතියාය. ඒ නිසා බොරුකීමේ සහ නයා ඇරීමේ පූර්ණ වගකීම ගාමිණීට භාරදෙන මම මෙලොවින් චුත වෙමි...නයා ඇරිල්ල වුවද නයි වන අපිට අපහාසයක් නොවන ලෙස කරණ ලෙස මෙලොව සිටින සියලු නරයන්ට තරයේ අවවාද කරමි... ගාලතැන්නේ ගාමිණී බොනිකර තරු සම්මානයෙන් දිනක පිදුම් ලබනු ඇත..."

එසේ කී නාගයා නාගීනා හි නයා මෙන් කැළයට බඩ ගා නොපෙනී ගිය අගර මෙය මෙතෙක් වෙලා බලා සිටි කැලයට දර කඩන්නට ගිය කාන්තාවන් දෙදෙනා සිහිසන්ව බිම ඇද වැටුනි. මෙම කතාව ඇතැමුන් විශ්වාස කල අතර ඇතැමුන් මෙය ගාමිණීගේ තවත් කෙප්පයක් යැයි සිතා බැහැර කලහ.

මෙය විශ්වාස කර මේ පිළිබද ප්‍රචාරයක් ලබාදුන් කොල්ලුපිටියේ සෝමා මහත්මියට විශාල ධනස්කන්දයකට උරුම කියන්නට හැකිවූ අතර මහ බැංකුවෙන් තහනම් වන්නට ගිය සිය මූල්‍ය සමාගම සතුව පැවති ගැටලු රැසක්ම නිමා විය. මෙය විශ්වාස කල මහනුවර එක්තරා මහනොයක හිමිනමකට රුලියල් ලක්ෂ 5 ක ආධාරයක් ලැබිණි. එමෙන්ම මෙය විශ්වාස කොට මෙම පුවත පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කර සිය ඡන්ද ව්‍යාපාරය තුල බෙදූ අත් පත්‍රිකා සමග බෙදා හැරි දයාසිරි ජයසේකර පසුගියදා පැවති පලාත් සභා ඡන්දයෙන් ලක්ෂ තුනකට අධික මනාප ලබා මහ ඇමති පට්ටමෙන් පිදුම් ලබන්නට හැකි විය. දයාසිරි බෙදූ පත්‍රිකා ගිනි තබමින් සිටි ජෙහාන් නම් කුරුණෑගල ඇමති පුතෙකු මෙම පත්‍රිකාවද ගිනි තැබූ හෙයින් ඔහු ඡන්දයෙන් අන්ත පරාජයකට පත් විය.

මෙය අවිශ්වාස කල වාස් ගුණවර්ධන නම් පොලිස් ලොක්කෙකුට සිරගතවන්නට වූ අතර අතපසු වීමකින් සිය කුඩු තොගයක් මෙම පත්‍රිකාවක ඔතාගෙන ගිය දුමින්ද නම් තරුණයෙකුට කොලොන්නාවේදී ඔලුව පුපුරන්නට වෙඩි වැදුනි. මෙම පත්‍රිකාවේ අඩංගු කරුණු යුනිකෝඩ් වලින් කොටා සිය ෆේස් බුකියේ දැමූ බත්තරමුල්ල වික්‍රමසිංහ පුර යකඩ සුදා ට පොලීසියට නොපෙනී සිටීමේ විශ්මිත හැකියාවක් ලැබුණි. එසේ යුනිකෝඩ් ගතවූ මේ ලියවිල්ල Dislike කර මේ පිලිබද පුවත් පල නොකල Gossiplankanews, Gossip9 වැනි වෙබ් අඩවි තහනමකට ලක්වූ අතර මෙය පිළිබදව "නයා දැක්කද?" යනුවෙන් මසාලා බැනරයක් පලකල තරුණයා ඇතුලු නිවෙන පත්තු වෙන ලින්ක් සහ ගූගල් ඇඩ් පමණක් ඇති මසාලා වෙබ් අඩවි ගනනාවකට ඩොලර් සිය ගනනක් ගූගල් සමාගමෙන් ලැබුනි. 

එමෙන්ම මෙය විහිලුවකට ගෙන මේ පිලිබදව පුලුල් ප්‍රචාරයක් ලබාදුන් "ගාලතැන්නේ  ගාමිණී" නම් ෆේස්බුක් පිටුව දැක දැක එයට ලයික් නොකර සිටි ඊශ්‍රායලයේ තරුණියකගේ නිරුවත මුලු ලොවම දුටු අතර අපගේ මෙම පිටුව Sugges වී තිබියදීද එයට  Like නොකල මාලබේ SLIT නම් අද්‍යාපන ආයතනයේ තරුණියකට අත්වූයේද එම ඉරණමමය.

එහෙත් අපගේ මෙම පිටුවට සහ මෙම පෝස්ටුව ෂෙයා කර පුලුල් ප්‍රචාරණයක් ලබා දී ගාලතැන්නේ ගාමිණීගේ බොරු ලොවට බෙදා දීමට එකුවූ "සරාගී අමායා" නම් පිටුවට දින දෙකක් ඇතුලත Likes 3000 කට එහා ලැබී තිබුණි.

එදා නාගයා ලබාදුන් නයා ඇරීමේ කිරුළ අපට ලබාදෙන්න. හැකි පමණ මෙම පිටුව සහ මෙම සටහන ෂෙයා කරන්න. එවිට පැය ගනනාවකින් ඔබ නොසිතන ප්‍රතිපල ලැබෙනු ඇත. එහෙත් දැක දැක මෙය ගනන් නොගෙන සිටිය හොත් ප්‍රතිපල භයානක වනු ඇත.

සැමට ගාලතැන්නේ දෙවි පිහිටයි.

මම ගාමිණී

ගාමිණී මහතා නයාට කිරි දෙන අයුරු


71 comments:

  1. ඕනේ.....නාග ගාමිණිට ගූ ටෝක් දුන්න බැලුම්ගල සෙට් එකට මොකද උනේ කියලා පත්‍රිකා බුවාට අමතක වෙලාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. තාම උන්ට මොකුත් වෙලා නෑනෙ ලොක්කා

      Delete
  2. ඔන්න ඕනෙ මල්ලි සැබැ වෙනසක් එක්ක ඇවිල්ලා !

    ReplyDelete
    Replies
    1. හැමදාම මෙහෙම ඉදල බෑනෙ අයියා

      Delete
  3. ගාලතැන්නෙ දෙය්ය අභීතගෙ නෑයෙක්ද?

    ReplyDelete
    Replies
    1. උබ දීපු සල්ලි උබට ගන්න බැරුව උබ තැන් තැන්වල අභියට එක එක කියලා වැඩක් නෑ බන්

      Delete
    2. මගේ කමෙන්ට් එකයි, ණයයි අතරෙ සම්බන්ධයක් පේන්නෙ කුඩු කාපු උන්ට විතරද මන්ද?

      Delete
    3. උඹ අභියගේ රෙදි ගලවන එකට උගෙන් කාපු බීපු උන්ට කේන්ති යනවා ඉන්දික. ඒත් උඹ මේ කරන සේවය මම අගය කරනවා. ආයේ හොරුන්ට මේක හොද පාඩමක්.

      Delete
    4. ඉන්දික,
      වෙලාවකට ලේ නෑයෙක්ද කියලත් හිතෙනව

      Delete
  4. මේ ප්‍රවෘත්තිය යුනිකෝඩ්ගත කර අන්තර්ජංජාලයේ බෙදාහැරි ඕනමැන්ටල් නම් මහත්මයාට සිතූ පැතූ සම්පත් උදාවෙනු ඇත!

    ReplyDelete
    Replies
    1. සම්පතා නං උදේ හවා දකිනව . . . උගෙන් නෑ කිසිම සපෝට් එකක්

      Delete
  5. මචන් අර අභීත එක්ක කරපු ඉන්ටවිව් එකේ වොයිස් රෙකෝඩින් ටික දාපන්....

    ReplyDelete
    Replies
    1. ඒ රෙකෝඩින් ටික තව දවස් දෙක තුනක් ඇතුලත බස් රේඩියෝ බ්ලොග් එකේ දානව. . . ඔය ඉවසුවා වගේ තව සූට්ටක් ඉවසන්න

      Delete
    2. හෝයියා කියාගෙන හොරු මාකට් කරන්නෙ ඇයි කියලත් විලි ලැජ්ජ නැතුව කියනවද? අභීත හොරාගෙ ප්‍රෝගෑම් එකක් කරනවා කියලා කියුවෙ නැත්තෙ ණය කාරයො සෙට් වෙයි කියලා බයේද..... විලි ලැජ්ජ නැති වැඩ කරන්න එපා බන්.....

      Delete
    3. ඇනෝ 12.03 AM
      මාකට් කලත් නය කාරයෝ ඉන්නව නං ඉන්දික ඇරෙන්න වෙන එකෙක්වත් එන්නෙ නෑ මේං කියන්න.
      ඒ අතින් කොන්ද තියෙන්නෙ ඉන්දිකට විතරයි

      Delete
  6. ඇයි මේ පුවත විහිලුවට ගත පිරබාහරන්ට අත් වූ ඉරණමයි , එය පිළිගෙන මුද්‍රණය කර බෙදාහැරී K.P නම් මහතා ට අත් වූ ඉරණමයි කියන්න අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. සිහ් . . . ඒකනෙ. අපරාදෙ

      Delete
  7. මේ වගේ කොලයක් ප්‍රින්ට් කරලා පහුගිය දවස්වල අතින් අත ගියා අපේ ගම් පළාතේ...ඔය තියන ටිකම පොඩි වෙනස් කම් ටිකක් එක්ක තිබුණා...

    මල විකාර

    ReplyDelete
    Replies
    1. විකාර නං තමා
      ඒත් ෆුල් ආතල්

      Delete
  8. එල එල ඕනයා මේක දාල ගොඩ ගියා කියන්නේ අපි ගොඩ ගියා වගේ තමා

    ReplyDelete
    Replies
    1. බබිත් ගොඩ
      බබීගෙ මමිත් ගොඩ

      Delete
  9. suggest - වැරදියට ලිවිම නිසා උබටත් මොනව හරි වෙයි බොලව් !

    ReplyDelete
    Replies
    1. suggest my ass

      Delete
    2. ඉන්ගිලිසි වචනෙ වැරැද්ද දැක්කට.... හරියට "උඹ" කියල ලියන්න,උඹ කියන එකට බොල මිස "බොලව්" කියන වචනෙ සැට් වෙන්නෙ නැති බව තෙරුම් ගන්න, මේ මහත්මයගෙ සිංහල දැනුම මදිද ..?

      Delete
    3. සපතේරු උන්නැහේ, කොමාවට පස්සේ ස්පේස් එකක් තියන්න අමතක කරන්න එපා... හෙහ් හේ......

      Delete
    4. සෑම්
      අවුලක් නෑ බං . . . ඔයිට වඩා කුනුහරප සෙට් වෙන්න වරදිනව :D

      සපතේරු උන්නැහේ,
      හා හා කුපිත වෙන්න එපා

      බුද්දි
      හෙහ් හෙහ් උඹ තමා දවසකටවත්

      Delete
  10. අයියේ ඔයාගේ ලිපි කොපි කරන්න බෑනේ..... හරියට බර්මියුඩා මෙව්වා එකට ගියා වගේ මෙතෙන්ට ආහම මවුස් එක වැඩ කරන්නෙ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. ජාව ස්ක්‍රිප්ට් ඩිසබල් කරපං . . . කොපි කරන්න පුලුවන්

      Delete
  11. මෙය යුනිකෝඩ් කලද අනෙක් අයට කොපි කරන්නට බැරි කර ඇති නිසා, ඕනමැන්ටල් නමැති බ්ලොග්කරුවෙකුට සීතකාමරයක -32 උෂ්ණත්වයේ නිදන්නට සිදුවී ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයකුත් තිබ්බ තමා

      Delete
  12. හලෝ මිස්ට මැන්ටලේ.

    ඔබේ දැනුමේ දිග පලල සහ උගත්කමේ උස මහත මෙතන මෙසේ ප්‍රසිද්ධියේ දිග හැරීම ගැන සිතන විට ඔබේ බුද්ධිය පිලිබඳ වත් පහසු උපකල්පන වලට එලඹිය හැක.

    නයි ඇරීම යනු "බොරුව" සඳහා පාවිච්චිවන වචනයක් නොව එය පාවිච්චි වන්නේ "ශෝ දැමීම" සඳහාය. උදාහරනයක් ලෙස කලකට ඉහත ඔබ විසින් ප්‍රසිද්ධ කරන ලද බ්ලැක් ලේබල් බෝතල් සමඟ පින්තූරයක සිටින ගොබ්බසේන පෙන්විය හැක. බ්ලැක් ලේබල් ලොකු වන්නේ හෙනසි, ඩබල් බ්ලැක්, රෙමි මාටින් නොදුටු කබ්බන්ටය.

    ReplyDelete
    Replies
    1. මගේ දැනුමේ ඒ හැටි දිගක් පලලක් නැතිය. කෙටියෙන් කීවොත් මම ඔබතුමා තරම් දැන උගත් නැතිය. මා දන්නා ටික මට හොදටම ඇතිය

      මට නං බ්ලැක් ලේබල් ලොකුය . . . සංස්තා ඕල්ඩ් හා රොක්ලන්ඩ් එක්ස්ට්‍රා ඊටත් අගනේය. හෙනසි දැකලාම නැත, ඩබල් බ්ලැක් කියා ජාතියක් මෙලොව තියෙන්නේද යැයි දන්නේ දැන්ය, රෙමි මාටින් යනු බීමක් නම් බීලා බලන්නට ආසය.

      මගේ දැනුමේ දිග පලල පෙන්නාදී මාගේ එන්ලයිට් පත්තු කිරීමට තැතනීම ගැන මාගේ ප්‍රනාමය සහ හද පිරි මෙවුවා එක මෙන්නය.

      Delete
    2. අරක්කු කාලට නැවෙන ඕනයා.......

      Delete
    3. ආන්න ඌ තමයි මේ මම :D

      Delete
    4. මූට කාලක් ගහන්නවත් බෑ..... දෙක දාද්දි බඩු....

      Delete
    5. හලෝ මිස්ට මැන්ටලේ,

      ඉතාම කනගාටුයි, ඔබට හඳ පෙන්වද්දි ඔබ ඇඟිල්ල ගැන ලොකු ටෝක්ස් දෙන්නේ උපන්ගෙයි ගොන්කම නිසාද නැත්නම් හොර අභියාගේ පගා-අරක්කු වල මෙව්වා එක නිසාද යන්න පාටකයෝ තේරුම් ගනු ඇත.

      Delete
    6. මිස්ටර් බුන්ටලේ අභීත හොරා සමග හෙලුවෙන්.....

      Delete
    7. ඇනෝ 9.43 AM
      ලොකු ටෝක් නං දීල නෑ මම . . . ඒත් මම හිතන්නෙ මම ඔයා කියන විදියෙ උපන්ගෙයි මෝඩයෙක් වෙන්න ඇති. ඔවු ඔයා හරි මෙයා

      Delete
  13. ඔන්න මාත් පස්සෙන් එන සැට් එකට එක් උනා. දිගටම ලියන්නට..
    ලියන එව්වා මටත් දාන්ට.
    ඉඩත් තිබුනොත් මක්කහරි ලියන්න බැරුවයැ..!!

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි මේ පැත්තෙ ආවාට

      Delete
  14. වෙල්කම් බැක් ඕනේ!! නියමයි..!!!

    ReplyDelete
    Replies
    1. මේ ආව වගේම තමයි ආයෙ එන්න ගතවෙන කාලෙත්

      Delete
  15. හොරුත් එක්ක හෙලුවෙන් බස් රේඩියෝ දුවන ලැජ්ජා නැති මැන්ටලේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට හෙලුවෙන් වගේ තමයි . . . මම විතරයි මගේ කාමරේ දොරත් වහගෙන නෙ

      Delete
  16. බයත් හිතෙනවා දැක්කම. මේ පිං බලෙන් ඔබටත් වාසනාව උදාවේවා! :D

    ReplyDelete
    Replies
    1. මාත් මේ බලාන ඉන්නෙ එහෙම හරි උදාවෙයි කියල . . . කෝ නෑනෙව

      Delete
  17. Neth Fm එකෙන් මේ යකාට සෑහෙන්න ගහනව.
    සෝමක්ක නොසෑහෙන්න ප්‍රචාරය දෙනව.

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලම ගාමිනීගෙන් ගොඩ යනව මචෝ

      Delete
  18. ඔන්න බයේ කමෙන්ට් එකක් දැම්මා...:D:D

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මෙයා . . මෙතන ඉන්නෙ මම නෙ

      Delete
  19. APE KAKKATA SAHA MATATH WASANAWA UDAKARA DENNA NAI THUMANI

    ReplyDelete
    Replies
    1. නයිය පටවන්න ඕනෙ වාසනාව උදාවෙන්න

      Delete
  20. Can anybody tell me what was that SLIIT case?

    ReplyDelete
  21. ඉස්සර මෙහෙම ඒවා තැපෑලෙන් ආවා මතක යි.

    ReplyDelete
    Replies
    1. දැං එනවනෙ බුකියෙන්
      ලයික් කරල ශෙයා කරන්න කියල

      Delete
  22. අනෙ අම්මො බය හිතෙනවා. හොයන් ගිහින් හරි ඔය කියපු ටික කරන්න වෙනවා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. කලොත් වරදින්නෙ නෑ

      Delete
  23. අනේ මං දන්නේ නෑ මමත් ඕක ෂෙයාර් කලේ නෑ. මොන අටමගුලක් වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම හිතන්න එපා. ශෙයා කරන්න

      Delete
  24. ඕනයා දැන් මේකෙ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නෙත් අභීත කියන විදිහට....

    ReplyDelete
    Replies
    1. තව දේවල් කරනව අභීත කියන විදියට :D

      Delete
  25. තමුසෙට බැන්නාම විතර ද හලෝ රිප්ලයි කරන්නේ..... අපිත් මේකෙන් ගන්න දෙයක් බලාපොරොත්තුවෙන් එනවා නෙමෙයි.... අර නොආ බැරි කමටයි එන්නේ.... :D

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං . . . ඔච්චර සැර වෙන්න ඕනෙ නෑනෙ

      Delete
  26. වෙලාවට මම කියපු විදිහට පෝස්ට් එක දාලා... මමත් ඕක ප්‍රින්ට් කරලා බෙදුවට පස්සේ එකෙක් මට සල්ලි වගේකුත් දීලා ගියා බන්....

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මම ඇනෝ වැහුවෙ :D :D

      Delete
  27. මේක යුනිකෝඩ් වලින් කොටා පබ්ලිෂ් කල ඕනයාට කමෙන්ට් 67ක් ලැබිලා.

    ReplyDelete
    Replies
    1. පින අයියා
      වෙන මොකවත් නෙමේ
      තනිකරම පින

      Delete
  28. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. සින්ඩියක ඇඩ්මින්ට තාම හොප්ලිංක් එකක් දාගන්න බැරුවා කියමුකො ඉතින්

      Delete
  29. ෂෙයා නොකලොත් නයා කොටයිද අයියා? :D

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .