Monday, March 24, 2014

එක්සයිස් කරන්න හොඳම වෙලාව

ඩිස්ක්ලෙයිමර් එක:
පවුලේ සැම එකට හිඳ නැරඹීමට යෑමෙන් විවිධ අපහසුතා පැන නැගීමට ඉඩ ඇතිබැවින් . . .  "චික් මූ" යනුවෙන් පසුව දොස් පැවරීමෙන් වලකින්න.

ඩිස්ක්ලෙයිමර් දෙක:
මේක පට්ට පරන ඩ්‍රාෆ්ට් එකක තිබූ කතාවකි.  මියුරුගේ සහ ඔබාගේ පට්ට පරණ පෝස්ට්වලට ලිංක් තිබෙන්නේ එම නිසාය

http://goo.gl/IOpyNr

Sunday, October 6, 2013

මෙය දැක්කොත් කියවන්නම වෙනවා.නොකියවන අයට සිදුවන අනතුරු ගැන අප වගකියනු නොලැබේ.

පසුගිය දිනක මා හහට ලැබුන අත් පත්‍රිකාවක අඩංගු විස්තර යුනිකෝඩ් වලින් කොටා ඔබ සැමදෙනා සමග බෙදාගන්නට අදහස් කරමි.

අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගී, මල්ලී, දරුවනි, දැරියනි,

පසුගිය දිනක මහනුවර ගාලතැන්න පෙදෙසේ ගල් ගුහාවකින් මතුවූ අඩි40 දිග නාගයෙක් අපූරු ප්‍රකාශයක් නිකුත් කලේය.

"මේ මාගේ අන්තිම ඉපදීමයි... මිනිසුන් කියන බොරු නිසා නයි අරිනවා, නයා, දාර නයා වැනි වදන් සමාජගතවී තිබේ. එය නයි හැටියට අපිට විලිලැජ්ජාවකි. අපේම නයි අපිවම කයි කියා සිතෙන්නේ මේ වෙලාවටයි. බොරුව උවද කිවයුත්තේ පිළිවෙලකටයි.

Thursday, August 1, 2013

නමක් නැති පෝස්ට් එකක්










"යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)








Tuesday, July 30, 2013

රස්සාවට අයිස් ගැහීම


බ්ලොග් එකක් තිබ්බද කියලත් මතක්වෙන වෙලාවල් නැතුවම නෙමේ ඒත් අලුතින් යමක් ලියන්න කෝ කාලයක් ??? වැඩ වැඩ වැඩ

මේ දවස්වල අලුත් තැනක වැඩ කරන නිසා වැඩ කොහොමත් අධිකයි. මේ තියෙන්නෙ මගෙ දවසේ රාජකාරි රූටින් එක,

Monday, April 15, 2013

ඔබා අයියා වෙත

11.04.2013
ඔපීසියෙ දීය

සැප වේවා !
හිතවත් ඔබ්සර්වර් අයියා වෙතයි.
ඔබා අයියේ, ඉතිං උඹේ සැප දුක් කෙසේද ? ඉන්නා තැනක ආතල් එකේ සිටී යයි සිතමි (එහෙම නොවුනොත් ඒ උඹ නෙමේය). අපිනං උඹේ කොමෙන්ට් එකක්, පෝස්ට් එකක් දකින්නට කියවන්නට නැති සාංකාවෙන් සිටිමු.

උඹ ඩිංගක් එහා මෙහා වෙච්ච හැටියේ හරි හරි දේවල් බ්ලොග් අවකාසෙ සිද්ද උනාය, එවුවා මෙතන කතා කරීමෙන් සත පහක වැඩක් නෑය, අරමක්කදැයි කීවොත් මම මේ ලිපිය ලියන්නේ උඹට වෙන ඕපා දූපයක් කියන්න නිසාය.

අන්තිම පේලිය කියන එකේ හිටි කුජීත සෙට් එක උඹට තාමත් මතක ඇත්තේයයි සිතමි. උංටික අමුතුම ගේමකට සෙට් වෙන විත්තිය මට කනිං කන ආරංචි උනේය. උඹ අපිව දාලා ගිහිං අවුරුද්දකින් විතර කිසිම ආරංචියක් තාමත් නැති එකේ අන්තිම පේලියේ එවුං උඹ වෙනුවෙන් ලේ දන්දීමක් සැට් කරන්න හදනවාය. ඒ හෙට අනිද්දා 28වෙනිදාය. ටක්කෙටම කීවොත් සයිබර් උලෙලට පහු වීක් එන්ඩ් එකේදීය.

තාමත් ඔබ්සර්වර් කියා එකෙක් සිංහල බ්ලොග් කෙටූ විත්තිය මතක ඇති එවුං එදාට ඒපැත්තෙ එන්න අම්බානකම ඉඩකඩ ඇතිය. අප්‍රේල් 28වෙනිදා උදේ 9.00ට විතර වැල්ලවත්ත අයි.බී.සී. පන්සල පැත්තෙ ආවොත් සෙට් එක බෙල්ල මුලින්ම අල්ලාගන්න ඇහැකිවෙන්නේය.

මීට
හිතවත්
ඕනමැන්ටල් මලයා

ප.ලි.
අරුං මදි නොකියන්න බැනර් තොගේකුත් හදලාය. පහලිං ඇත්තේ ඒවායිං එකක්ය