Friday, June 24, 2011
කැඩෙන පුවත් . . . . .
නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ මේ අවස්තාව වනවිට සිදුවෙමින් තිබෙන ගුජුප්සාජනක සිදුවීම් මාලාවක් නිසා ප්‍රදේශ වාසී කාන්තාවන් සහ එදිනෙදා අවශ්්‍යතා සඳහා නගරය කරා පැමිනි කාන්තාවන් විශාල පිරිසක් ඉතා අපහසුවට ලක්වී හිස් හැරුනු අතේ දිවයමින් සිටී.
ලිඳ ලඟ සංගමය විශේශ පුවත් වාර්තාකරු ඕ. මැන්ටල් ගෙන එන විශේශ වාර්තාවට අපි දැන් යොමු වෙමු . . . .
ආයුබෝවන් . . . . අද දින කොහුවල ප්‍රදේශයේ සිදුවෙමින් පවත්නා මහා කාන්තා දිවීමට හේතුවී ඇති "නිරුවතින් නගරය පුරා සැරි සරන" බඩ මහත කලු පැහැති පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට විශේශ පොලිස් මෙහෙයුමක් කොහුවල, කිරුලපන සහ මිරිහාන පොලීසි එක්ව දියත් කරමින් සිටී.
මේ සා විශාල ප්‍රමානයක් කාන්තාවන් බියෙන් මුසපත් කිරීමට සමත් වූ මේ බඩ මහත කාලවර්න පුද්ගලයා කවුරුන් ද . . . ??? ඔහු මෙසේ නිරුවතින් නගරය පුරා සැරි සැරීමට හේතුව කුමක්ද ???? යන ප්‍රශ්න වලට පිලිතුරු විමට ප්‍රදේශය භාර සහකාර පොලිස් අදිකාරී තුමන් ගෙන් අප විමසා සිටියා . . .
ස.පො.අ.: දැනට අපිට ලැබී තියන ආරංචි වල ආකාරයට මේ පුද්ගලයා මීට ටික වෙලාවකට කලින් ඩුබායි සිට ලංකාවට ගුවන් මගින් පැමිනි "කට කහන දුමී" නැමැති දෙදරු පියෙක්. මේ ආකාරයට නිරුවතින් පාර පුරා දිවයාමට හේතුව ලෙස බුද්ධි අංශ විසින් සොයාගෙන තිබෙනව . . . . ඩුබායි හිදී මොහුගේ මිතුරෙක් වන දුකා නැමැත්තා විසින් අන්තර්ජාලය හරහා කරන ලද හෙලිදරවුවක් හේතුවෙන් මේ පුද්ගලයා සමග උරනවූ මොහුගේ බිරිඳ මොහු සතු කිසිම ඇඳුමක් නොදී ඇඳිවතින් පමනක් මේ පුද්ගලයාව ලංකාවට පිටත් කර එවා ඇති බව.
වාර්තාකරු: ඔබ තුමාට යම් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද . . . . මෙතරම් කාන්තා බිය වැද්දීමක් සිදුකල මේ කට කහන දුමී නැමැත්තා තවමත් අත් අඩංගුවට නොගැනීමට හේතුව???
ස.පො.අ: ඔවු . . . . මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නම් පැහැදිලිවම ඔප්පු කලයුතුයි මොහු නිරුවතින් සැරි සරන බව . . . . මේ පුද්ගලයාගේ ඉදිරියට නෙරා ආ බඩ හේතුවෙන් ඔහුගේ නිරුවත වැසී ඇති බැවින් මොහු නිරුවතින් සිටිනවා කියා කිසිවෙකුට පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයක් තමයි දැන් උද්ගතවී තියෙන්නෙ.
වාර්තාකරු: මෙතරම් වේලාවක් නගර වාසී කාන්තාවන් භීතියට ලක් කල මේ පුද්ගලයා සම්භන්දයෙන් කුමක්ද ගැනීමට බලාපොරොත්තුවන පියවර ???
ස.පො.අ: අපි දැනට මේ පුද්ගලයා කොහුවල පොලීසිය අසල චීන අවන්හලක රඳවාගෙන සිටින අතර ඉදිරියට ගතයුතු පියවර මොනවාදැයි ආරක්ෂක අමාත්්‍යාංශ ලේකම් තුමා සහ ආරක්ෂක ලේකම් තුමා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.
වාර්තාකරු: ස්තුතියි.
කොහුවල නගරයට රැස්වූ විශේෂ පොලිස් කන්ඩායම් විසින් මේ පුද්ගලයා චීන අවන්හලක රඳවා විශේශ බීර වර්ගයක් පානය කිරීමට සලස්වා ඇති බැවින් නගරයේ තත්වය යම් තරමකට සාමාන්්‍ය තත්වයට හැරෙමින් පවතී. දැන් අපි යොමු වෙමු නැවතත් ප්‍රදාන පාලක මැදිරියට. මම ලිඳ ලඟ පුවත් සේවය වෙනුවෙන් . . . . . ඕ. මැන්ටල්
Monday, June 20, 2011
පලා ගන්නවද ?
මට ඉන්දිකගෙ සැහැල්ලුවෙ තිබුන "තන අතරින් ගිය වතුර" පෝස්ට් එක කියවද්දි නිකමට වගේ මතක් උන කතාවක් . . . . .
දවසක් ඔය සුපුරුදු රූටිං එක යනව . . . .
- කෙල්ලො ටික නානව . . . .
- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පුටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .
ඔය අතරෙ ඔතනින් යන්න ආව අපේ පැත්තෙ ගෙදරින් ගෙදරට ගිහිං පලා ජාති විකුනන ගෑනු මනුස්සය . . . . පලා ජාති පුරෝපු හෙන බෑග් එකකුත් ඔලුවෙ තියාන . . . . . ගෑනි දැක්ක ලිඳගාව මහිලා සමිතියෙ මහා සභාව රැස්වෙලා ඉන්නව . . . ගමන නවත්තපු මේ පලා ඇන්ටි, පාරෙ ඉඳංම තිලකගේං මහ හයියෙං ඇහුව . . . .
පලා ඇන්ටි: නෝනා . . . . පලා ගන්නවද . . . . ????
තිලක: පලාගන්න තිබුන අවුරුදු දහයකට විතර කලිං ඇහුවනං .. . දැං වයස වැඩී. . . .!!!!
පලා ඇන්ටි: (*^&^^&%(*(_)_*&(&^%$#@$
මම: (^%$%$#^&$%$#^&&*) .......!!!!
අල්ලපු ගෙදර ලිඳ බැල්කනියේ සිටින මට පෙනෙන හැටි (ඡායාරූපය: මගෙමයි)
(පිංතූරෙ ගත්තෙ http://sunitabhuyan.com/?p=4239 එකෙං . . . . ඒ නංගිට "ටැංකිවු")
අපේ ගෙදරට ඉස්සරහ ගෙදර බෝඩිං වෙලා ඉන්නව වයස අවුරුදු 40ක් විතර වෙන අවිවාහක ගෑනු කෙනෙක්. නම තිලක කියල කියමුකො දැනට. තිලක ඇතුලු ඒ බෝඩිමේ ඉන්න ගෑනු ලමයි ටික (තිලකත් වයසට ගියාට ගෑනු ලමයෙක් තමයි . . .) නාන්නෙ අපේ ගෙදරත් බෝඩිමත් අතර තියන (ඔවු ඔවු . . . අපේ බැල්කනියෙං එබුනාම හොඳටම පේනව) ලිඳෙං. ඉරිද දවස කියන්නෙ තිලක උදේ හය හමාරට විතර දියරෙද්ද ඇඳං ලිඳ ගාවට ගිහිං දහයට විතර නාගන්නකං අනිත් කෙල්ලන්ට තෙල බෙදන දවස . . . . දවසක් ඔය සුපුරුදු රූටිං එක යනව . . . .
- කෙල්ලො ටික නානව . . . .
- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පුටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .
ඔය අතරෙ ඔතනින් යන්න ආව අපේ පැත්තෙ ගෙදරින් ගෙදරට ගිහිං පලා ජාති විකුනන ගෑනු මනුස්සය . . . . පලා ජාති පුරෝපු හෙන බෑග් එකකුත් ඔලුවෙ තියාන . . . . . ගෑනි දැක්ක ලිඳගාව මහිලා සමිතියෙ මහා සභාව රැස්වෙලා ඉන්නව . . . ගමන නවත්තපු මේ පලා ඇන්ටි, පාරෙ ඉඳංම තිලකගේං මහ හයියෙං ඇහුව . . . .
පලා ඇන්ටි: නෝනා . . . . පලා ගන්නවද . . . . ????
තිලක: පලාගන්න තිබුන අවුරුදු දහයකට විතර කලිං ඇහුවනං .. . දැං වයස වැඩී. . . .!!!!
පලා ඇන්ටි: (*^&^^&%(*(_)_*&(&^%$#@$
මම: (^%$%$#^&$%$#^&&*) .......!!!!
අල්ලපු ගෙදර ලිඳ බැල්කනියේ සිටින මට පෙනෙන හැටි (ඡායාරූපය: මගෙමයි)
Monday, June 6, 2011
පැන්සන් එක අපිට එපා . . . . .
(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)
මුලින්ම පුද්ගලික සමාගම් සේවකයෙක් විදියට අපේ අර්තසාදකේ වෙනුවෙන් දිවි දුන්න රොෂේන් මල්ලිට මගෙ ආචාරය පුද දෙනව.
දැං කතාව . . . . .
(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)
ඒකල, ජා ඇල, කණුවන, දඬුගම . . . . ඔය ගම්මාන වලින් වටවෙන ප්‍රදේශය ගැන කියනව නම් . . . මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂන කීපයක් තියනව . . .
- ඌරු මස්
- අරක්කු
- කුනුහරුප
පලාත ගැන කියද්දි මේ පලවෙනි ලක්ෂන දෙක නං ඕනෙම කෙනෙක් අනිවා දන්නව . . . ඒත් තුන් වෙනි ලක්ෂනය . . . . ????
"ආයි අම්මේ . . . , මුංට කතාකරද්දි ඔය ලිංගික අවයව දෙකයි, මහ කෙලියයි ඇරුනම වෙන සුදුසු වචන ඇත්තෙම නෑ"
ඔය වග සනාත කරන්න පුලුවන් සිද්දියක් පහුගිය දිනයක සිදු උනා. හැමෝම දන්නවනෙ රොෂේන්ගෙ මරනයත් එක්කම පොලීසියට විරුද්දව නැගුන මහජන විරෝදය . . . විවිද පලාත් වල පොලීසියට විරෝදය ප්‍රකාශ කරල විරෝදතා ව්්‍යාපාර, පෙලපාලි, උද්ගෝශන වගේ ඒව සංවිදානය කෙරුන . . . ඉතින් මේ ඊයෙ පෙරේද ඒකල කර්මාන්ත පුරයෙනුත් ඔය වගේ විරෝදතා පාගමනක් සංවිදානය කෙරුන . . . .
වැඩි විස්තරයක් නෑ . . . කතාව ඉවරයි . . . මෙන්න මම දැකපු සහ අහපු පලවෙනි සටන් පාඨය . . . .
පොලිස් කැ*යො අපිට එපා . . . .!!!
Thursday, May 26, 2011
තොරනට නමක් ?
(තොරනට සාදර අනුග්‍රහය . . . http://www.panoramio.com/user/3214161?with_photo_id=22479395ගෙනි)
මේ සිද්දිය උනේ 1988දි විතර . . . තිලක් අයිය කියන්නෙ මගෙ ගමට අල්ලපු ගමේ මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් කොල්ලෙක්. තිලක් අයියගෙ ගෙදර තියෙන්නෙ තිරගම (බුවාගෙ ගමේ නම) හන්දියටම වෙන්න බෝගමුව මතව පාරෙ.
එක වෙසක් එකකට තිලක් අයිය හෙන මහන්සිවෙලා තොරනක් හැදුව වෙසක් කාඩ් වලිං. ලස්සන පාට පාට බල්බ් සෙට් එකක් හෙම දාපු මේ තොරං රාජයා තිලක් අයියටත් වඩා ටිකක් විතර උසයි . . . .
වෙසක් දවස කිට්‍ටු වෙනකොට මහා තොරං රාජයගෙ සියලුම වැඩ කටයුතු අහවරයි . . . එකක් ඇර . . . .
"තොරනට නමක් ?????"
දැං තිලක් අයිය හම්බවෙන හැම එකාගෙංම අහන්නෙ "තොරනට නමක් කියපංකො මචං" කියල . . . .
දවසක් තිලක් අයියගෙ ඉස්කෝලෙ (මගෙ ඉස්කෝලෙත් ඒකමයි . . . තිරගම මහා විද්යාලය) යාලුවෙක් නමක් යෝජනා කලා . . . . හතර පෝයටම සිල් ගන්න උපාසක මහත්තයෙක් උන තිලක් අයිය ජීවිතේටම අහල නැති ජාතක කතාවක් නමක් . . . . .
බුවා දැං පස්වනක් ප්‍රීතියෙං පිනා ගිහිල්ල කාටවත් පේන්නෙ නැතුව කාමරේ දොර ජනෙලුත් වහගෙන බෝඩ් එකක නම අඳිනව . . . වැඩේ සම්පූර්නයි . . .
වෙසක් දවසෙ මහා ජනකායක් මැද්දෙ තොරන මහජන ප්‍රදර්ශනයට විවුර්ත කලා . . . . . .
තොරනෙ නම දැක්ක විතරයි . . . .
ගමේ සෙට් එකට හිනාව නවත්තගන්න බෑ . . . . . පංසලේ නායක හාමුදුරුවො (බෝගම්මන රතනසාර හාමුදුරුවො) වටාපතින් මූන වහගෙන ආපහු පන්සල පැත්තට වැඩිය . . . . .තොරනෙ නම . . . .
"මහා ටෙඹ ටෙඹ ජාතකය"
Saturday, May 21, 2011
ගුටි
දෙන්නෙක් අත් දෙකෙං අල්ලං ඉඳිද්දි බොක්සිං කරපු එවුං තුන්දෙනෙක් මාරුවෙං මාරුවට මූන කට පුරෝල නෙලනකොට සනීපෙ කොහොමට තියෙයිද . . . . ????
දිනය: හරියටම මතක නැත. ඒත් අවුරුද්ද 1995
ස්තානය: කෝට්ටේ ශා. ජෝන් විද්යාලයේ තාප්පය අයිනේ ඉශරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව යට.
ගතවූ කාලය: ආසන්න වශයෙන් විනාඩි 15යි
කතාව:
මම කලිං දාපු "තාත්තෙ . . . . මෙයා ඕනෙ" කතාවට ශාස්ත්‍රාලෙ මගෙත් එක්ක ගෙනගත්ත ඉබ්බා, ඇනොනිමස් විදියට ඇවිල්ල කරපු ඉල්ලීමක් ඉටු කරන එක තමයි මේ කරන්නෙ.
තුසිත කියන්නෙ අපේ පංතියම හිටපු එකෙක්. ඌ ඒ දවස්වලම ටිකක් අප්සෙට් ට්‍රැක් එකක තමයි දිවුවෙ. තුසිතය ඇතුලු උගෙ ගැංසියට මගෙත් එක්ක පොඩි (පොඩි කිවුවට පොඩිම නෙමේ) ඔරොප්පුවක් තිබුන නුගේගොඩ ඇල්ෆා එකේදි අපේ පංතියෙ හිටපු බඩාගෙ පොඩි පහේ ගෑනු පටලැවිල්ලක් නිසා. මුං සෙට් එක ඒ වෙනකොටත් මට දෙපාරක් විතර ගහන්න සෙට් උනා නුගේගොඩදි., මම ඉතිං දස්සයනෙ . . . . මම කොහොමහරි කට් එක දාගෙන හිටිය.
ඒ මහ කරුමක්කාර දවස තමයි කෝට්ටෙ සෙන් තෝමස් එකේ ස්පෝට්ස් මීට් එක. මම ඒ පැත්ත පලාතක නොගිහිං ඉන්න හැදුවත් චන්දනයයි (ඇත්ත නමනෙමේ) සුදුවයි නිසා යන්නම උනා. මොකද උං දෙන්නම ට්‍රයි කරන කෙල්ල් දෙන්නම සෙන් තෝමස් එකේ කෙල්ලො දෙන්නෙක් නිසා. චන්දනය බැස්සෙ ලහිරුට (ඇත්ත නම නෙමේ). සුදුව බැස්සෙ ශශීට. මමතුමා ඉතිං සුපුරුදු පරිදි මී ඇන්ඩ් මයි සෙලෆ් තමයි. චන්ඩි වගේ ස්පෝට්ස් මීට් එකට යන්න සෙට් උනාට මොකද . . . . ඉස්කෝලෙ ගේට්‍ටුවෙං ඇතුලට ගන්නෙ ඉස්කෝලෙ එවුං විතරයි. පිට ඉස්කෝලවල එවුං එනවට ගේට්‍ටුව ගාවට පොලීසියයි පිටිං එන එවුං අඳුනගන්න ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස්ල කීප දෙනෙකුයි දාල හිටිය. පිට ඉස්කෝලවල එවුං උනාට උංගෙ යාලුවන්ට ඇතුලට රිංගන්න චාන්ස් එක තියනව. අපිට ඒකත් නෑ. හේතුව ශශීට ට්‍රයි කරපු එකෙකුත් එතන හිටපු නිසා. ඉතිං අපි තුන්දෙනාට තිබුනෙ එකම විකල්ප මාර්ගයයි. ඉශාරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව දිගේ සෙන් තෝමස් එකේ තාප්පෙට නැගල ඇතුලට පනින එක. කෙල්ලො දෙන්න කලිංම තාප්පෙ අනිත් පැත්තට ඇවිත් හිටිය කලිංම කතාකරගත්ත විදියට. චන්දන ඉස්සෙල්ලම ලයිට් කනුව දිගේ නැගල තාප්පෙන් පැන්න. ඊලඟට සුදුව . . . අන්තිමටම මම නැග්ග ලයිට් කනුව දිගේ එල්ලුනා තාප්පෙ . . . . එතනින් එහාට යන්න බෑ . . . කකුල නිකං මොකක හරි හිරවෙලා වගේ . . . ඇද්දට ඇද්දට එන්නෙ නෑ . . . . බැලුව පහල හැරිල . . . . දැක්ක දර්ශනෙං මගේ ඇඟේ මයිල් ටික නිකං බකට් කම්බි වගේ කෙලිං හිටිය . . . . පපුව සීතල වෙලා ගියා නිකං පලවෙනි පාරට මැටහෝන් එකක් ඇද්ද දවසෙ වගේ . . . . .
මොකද්ද මම දැක්ක ඒ හිත සසල කරවන දර්ශනය . . . . ??? පහලට වෙලා මගෙ කකුලෙං අල්ලං ඉන්නව මං වගේ දෙක හමාරක් විතර එකෙක් . . . මූන කචල් (ඒක තමා උගෙ කාඩ් එක). මූන කචල්ගෙ දෙපැත්තෙ ඉන්නව ලවු කොටයි (තුසිතය), මන්ද බුද්දිකයයි තව ඉස්කෝලෙ බොක්සිං සෙට් එකේ පස් හය දෙනෙකුයි.
මම: කචල් ඇයි මචං ???
කචල්: බැහැපං **** පුතෝ පහලට . . . !!!
මම : අනේ මචං . . . මට එහා පැත්තට යන්න ඕනෙ . . . අනිත් එවුං ටික එහා පැත්තෙ බලාගෙන ඉන්නව . . . .
ලවු කොටා: උං හිටපුදෙං . . . උඹ බහිනවද ??? අපි බස්සන්නද ?
මම: හරි හරි හිටපං
මම කියල ඉතිං වෙන මොනා කරන්නද බහිනව ඇර . . . නැගපු විදියටම බැස්ස . . . .
මම: ඇයි මචං ???
කොටා: ඇයි ?????
ඒ ටික තමයි සෙග්මන්ට් එකේ අන්තිම ඩයලොග් එක . . . . .
මට ඊට පස්සෙ මතක මුලිංම වගේ බඩ මැද්දට වැදුන පාරට නැමුන මම ආයෙත් කෙලිං වෙද්දි දෙන්නෙක් මගෙ අත් දෙකෙං දෙපැත්තට ඇදල අල්ලගන ලයිට් කනුවට හේත්තු කරගන්නව සහ මිට මොලවපු කොටාගෙ අත හිතාගන්නවත් බැරි වේගෙකිං මගෙ මූන දිහාවට එනව විතරයි. මම ඇස් දෙක තද කරල පියාගත්ත ඕනෙ පු*ක් සත පනහයි කියල.
වැඩේ විනාඩි පහලවක් විතර කෙටි කාලයකිං ඉවර උනා මයෙ හිතේ . . . . පස්සෙ ලයිට් කනුව යට වැටිල හිටපු මාව ඉශාර එකේ වැඩ කරන කොල්ලො සෙට් එක ඇවිල්ල නැගිට්ටවල . . . වතුර එහෙම පොවල ගෙදර පිටත් කලා.

Subscribe to:
Posts (Atom)