Monday, June 20, 2011

පලා ගන්නවද ?

මට ඉන්දිකගෙ සැහැල්ලුවෙ තිබුන "තන අතරින් ගිය වතුර" පෝස්ට් එක කියවද්දි නිකමට වගේ මතක් උන කතාවක් . . . . .
(පිංතූරෙ ගත්තෙ http://sunitabhuyan.com/?p=4239 එකෙං . . . .  ඒ නංගිට "ටැංකිවු")
අපේ ගෙදරට ඉස්සරහ ගෙදර බෝඩිං වෙලා ඉන්නව වයස අවුරුදු 40ක් විතර වෙන අවිවාහක ගෑනු කෙනෙක්. නම තිලක කියල කියමුකො දැනට. තිලක ඇතුලු ඒ බෝඩිමේ ඉන්න ගෑනු ලමයි ටික (තිලකත් වයසට ගියාට ගෑනු ලමයෙක් තමයි . . .) නාන්නෙ අපේ ගෙදරත් බෝඩිමත් අතර තියන (ඔවු ඔවු . . .  අපේ බැල්කනියෙං එබුනාම හොඳටම පේනව) ලි‍ඳෙං. ඉරිද දවස කියන්නෙ තිලක උදේ හය හමාරට විතර දියරෙද්ද ඇඳං ලිඳ ගාවට ගිහිං දහයට විතර නාගන්නකං අනිත් කෙල්ලන්ට තෙල බෙදන දවස . . . . 
දවසක් ඔය සුපුරුදු රූටිං එක යනව . . . .


- කෙල්ලො ටික නානව . . . .
- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පු‍ටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .


ඔය අතරෙ ඔතනින් යන්න ආව අපේ පැත්තෙ ගෙදරින් ගෙදරට ගිහිං පලා ජාති විකුනන ගෑනු මනුස්සය . . . . පලා ජාති පුරෝපු හෙන බෑග් එකකුත් ඔලුවෙ තියාන . . . . . ගෑනි දැක්ක ලිඳගාව මහිලා සමිතියෙ මහා සභාව ‍රැස්වෙලා ඉන්නව . . .  ගමන නවත්තපු මේ පලා ඇන්ටි, පාරෙ ඉඳංම තිලකගේං මහ හයියෙං ඇහුව . . . . 


පලා ඇන්ටි: නෝනා . . . .  පලා ගන්නවද . . . . ????


තිලක:  පලාගන්න තිබුන අවුරුදු දහයකට විතර කලිං ඇහුවනං .. .  දැං වයස වැඩී. . . .!!!!


පලා ඇන්ටි: (*^&^^&%(*(_)_*&(&^%$#@$
මම: (^%$%$#^&$%$#^&&*) .......!!!!
අල්ලපු ගෙදර ලිඳ බැල්කනියේ සිටින මට පෙනෙන හැටි (ඡායාරූපය: මගෙමයි)

66 comments:

  1. ලැජ්ජ නැද්ද අලො ගෑනු අය නාන තැනකට වෙලා පොත් කියවන්න.ඊ.... :))

    ReplyDelete
  2. ඕක තමා උඹ කොරන්නෙ නිමාඩු දවසට බැල්කනියට වෙලා,ගෑනු නාන දිහාවෙ බලන් ඉන්න එක, පොත් කියෝනව, "my arse"

    "මහා ටෙඹ, ටෙඹ, ජාතකේ" තරම්ම නැතුවට මේකටත් සෑහෙන්න හිනා ගියා බොල

    ReplyDelete
  3. ළිඳ හැදුවට පස්සෙද බැල්කනිය හැදුවේ?
    එතකොට
    කට්ටිය නාන වෙලාවට විතරද උඹ බැල්කනියට වෙලා පොත් කියවන්නේ?

    ReplyDelete
  4. ෂුවර්ද පොත කියෙව්ව කියල... මට හිතෙන්නෙ පොත පෙරලල වගේ..

    ReplyDelete
  5. චා චා.. බොහොම කැතයි බොහොම කැතයි සහෝදරයා.. පොත් කියවනවා.. . පවු අර අහිංසක ඕනවති ළමයි නලවනවා. මෙයා මෙහෙ opd බලනවා !!

    ReplyDelete
  6. ඒ බං, උඹල අපි අහල පහල වෙච්චි, ඔයි ලිඳ ලඟ මහ සභාව තියෙන දවසක අපිත් ඔයි බැල්කනියෙ පොතක් කියවමුද වෙලාවක ? නෝන මහත්තුරු නැතිවෙලාවක ඕනෙනං පලාත් විකුනන්න බැරිය,

    ReplyDelete
  7. පුදුමයි බං..ඔච්චර කාලයක් අල්ලපු වැටේ ඉඳලත් තිලකා පලා ගත්තේ නැහැයි කිව්වම...

    ReplyDelete
  8. ඉරිදට ඔනය බොරුවට පොතක් අරන් කියෝනව වගෙ ගෑනු නාන දිහා බලන් ඉන්නෙ....චී...චී

    ReplyDelete
  9. මහ කැත වැඩක් බොලව් නේ. ඒ උනාට හෙනම ආතල් වඩේ තමයි ඔය.අපේ නෑනේ ඔහොම බැල්කනි. තිබ්බා නම්.....

    ReplyDelete
  10. අවංක පෑට්ටාJune 20, 2011 at 9:13 PM

    ඔය ගෑණු නානව බලනවට කියන්නෙ මචන්ලා ''බක්කා'' බලනවා කියලා... ඕනයත් ඒ දවස් වල ''බක්කා'' ඔස්තාර් කෙනෙක්.. එළම තමා.. :P ලොල්

    ReplyDelete
  11. \\\- කෙල්ලො ටික නානව . . . .
    - තිලක තෙල බෙදනව . . . . .
    - මම බැල්කනියෙ පු‍ටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .///

    උබ සිරාවටම පොත කියෙවුවද?????

    ReplyDelete
  12. ඕකනෙ ඉතින් කරන්න බැරි. පොටෝ එක ගහල තියෙන්නෙ වැරදි වෙලාවෙනෙ. :P

    ReplyDelete
  13. පොඩ්ඩක් අර තිලකා ඇන්ටිට පලා තෝරන්න උදව් උනා නම් නේද හොඳ...

    ReplyDelete
  14. ඔය වගේ පින්තූර කීයක් ඕනයා ලඟ ඇද්ද . මේ පින්තුරේ නම් ගෑනු අය නෑ නේ ! . අනිත් පින්තූර ටික තවම මෙටේ අස්සේ ඇති මයෙ හිතේ

    ReplyDelete
  15. අයියෝ සල්ලි කිව්වලු.. අපිත් එන්නද උබත් එක්ක පොත් කියවන්න??

    ඒක නෙමේ මිනිස්සු ඉන්න වෙලාවේ ඔය ළිද චායාරුප ගතකරලා එහෙම නැද්ද උබ?? නැති වෙන්න නම් බෑ. ඔය දාල තියන ඒක අයින් කරලා ඒවායින් එකක් දාපන්. ඕක හෙන මුස්පෙන්තුයි බං... ලොල්..

    ReplyDelete
  16. නරකද ගේ ඉස්සරහ දැන්වීමක් දැම්මොත් විශේෂ චිත්‍රපටි පෙන්වනු ලැබේ කියල. බැල්කනි ටිකට් පමණි. අහ පික්චර් එකේ නම නේ.... හ්ම්.....

    "එවන්ඩද ගැරඬියා" ස්ලෝගන් එක "අනිවාර්යයෙන් පලනු ලැබේ"

    ReplyDelete
  17. ඇන්ඩඅයියා එහෙම ඔය ගෑණු මනුස්සයගෙන් පලා ගත්තේ නෑ නේද???

    ReplyDelete
  18. ඉස්සර අපි ඕකට කිව්වේ CRO එක බලනවා කියලයි.
    ඒක අපි ඒ දවස්වල tronics වලට කරපු ප්‍රැක්ටිකල් එකක නමක්.

    ReplyDelete
  19. තිලකා නම් කොහෙ පලා ගත්තත් මොකෝ. දැන් ඕනයා ලියපු මේ ලිපිය කියවලා හාමිනේ ඕනයාගෙ ඔලුව පලලලු. ඒ පැත්තෙ බැල්කනිය කඩල දාලා බිත්තියක් බැඳලලු.

    ReplyDelete
  20. එල එල..අපේ ගෙදර නෑනේ බොල බැල්කනියක්..තව අපේ පැත්තේ සේරම ටැප් ලයින්ස් අරගෙන බාත්රූම්ස් හදාගෙන ඇටෑච් කොරලම..ඉතින් දුක තමයි..වෙලාවක මමත් තඩිපොතක් අරං එන්නං උඹලගෙ ගෙදර ටික දවසක් නතරවෙන්න

    ReplyDelete
  21. අඩෝ අර උඹේ බයික් එක මොකද ලිද ගාව නවත්තලා..?

    අනිත් කාරණාව තමා පුතා..අර හඳහන් කේස් එකට ඔනයාගේ ඕනි කතා කල වෙලෙ කිව්වා නේන්නං අනේ අයියේ අපේ එක්කෙනා කොහෙද ගෙදර වැඩක් කරන්නේ..එක්කෝ ලැප් එක අගේ තියාගෙන මොනවා හරි ලියනවා..එහෙම නැත්තං පොතක් අරං බැල්කනියට වෙලා කියව කියව ඉන්නවා කියලා...

    මට මේක කියෙව්වට පස්සෙ තමා ඒ දෙවෙනි කාරණාව මීටර් උනේ...හිටිංකෝ මං අඩුම ගානේ ඔය දෙකෙන් එකක්වත් නවතින්න පිළීවෙලක් උන්දැට කියා දෙන්න..මේවා අපේ යුතුකං නෙව...:D

    ReplyDelete
  22. සිකේ ඕනයා බැල්කනි ගහගෙන කෙල්ලො නානහැටි බලන්නේ හික් හික්....

    ReplyDelete
  23. අපි කිව්වෙ ඕකට කොලිට් බලනවා කියලා. බැල්කනියෙ ඉදං කියෝපු පොත මොකද්ද බං

    ReplyDelete
  24. @නදී:
    උං නාන තැන මම පොත් කියවනව නෙමේ . . . මම පොත් කියවන තැන උං නානව . . .

    @ඔබ්සර්වර්:
    http://kaviunda.wordpress.com/category/%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA/
    අඩුවෙං හරි කමක් නෑ . . . හිනා ගියා නං. . .

    @පූසා:
    ලිඳ තමයි කලිං මම හිතන්නෙ. උං නාන වෙලාවට නෙමේ බං . . . මං පොත් කියවන වෙලාවට තමයි උං නාන්නෙ . . .

    @සාතන්:
    මම එතනට ගියේ පොත කියවන්න නෙ . . . මම ඉතිං පොත කියෙවුව . . .

    @ලංකාප්‍රිය:
    පොත් කියවන එක කැත වෙන්නෙ කොහොමද ???

    @නවම්:
    ඉරිද තමයි දවස . . . සෙනසුරාද හවසත් නරකම නෑ . . . . දැං කට්ටිය අඩුයි . . . . ඉස්සර හිටිය කෙල්ලෙක් අපි කියන්නෙ "උෂ්න ශිරෝමි" කියල . . . මොන වෙලාවෙ බැලුවත් නානව . . . උෂ්නෙ කියල තමයි කියන්නෙ . . . . (කෙල්ලගෙ නම ඇත්තටම ශිරෝමිද කියල දන්නෙ නෑ)

    @මාරය:
    හික්ෂ් . . . . තිලක ඇන්ටිගෙන්ම තමයි අහන්න වෙන්නෙ . . .

    @රන්ජා:
    මේ මම . . . ??? නෑ . . . !!!

    @ඹධුරංග:
    ආන්න මලේ බැල්කනි නං බැල්කනි . . . .

    @අවංක පැට්ටා:
    සික් විතරක් බං . . . . මම නෑ නෙ ඔය සයිඩ් එකට

    @සුළඟිල්ල:
    ඔවු මලේ සිරාවටම කියෙවුවා . . . . හැබැයි වැඩිපුරම වෙලා ගියේ පොතේ තියන දේවල් හිතට අරං කල්පනා කරන්න

    @කසුන්:
    මගෙ ඵොටෝ කලාව ගැන උඹ දන්නව නං ඔහොම කියන්නෙ නෑ . . . .
    http://www.facebook.com/photo.php?fbid=10150219471808466&set=a.82963673465.80090.559283465&type=1&theater

    @සමීර:
    එහෙම කොලා නං මට පලාගන්න වෙන්නෙ හාමිනේගෙං . . . ඔලුව . . .

    @හිස් අහස:
    කසුන්ට දාල තියන කොමෙන්ට් එක බලපං මයෙ දෙයියො . .

    @කොලුවා:
    එන වෙලාවක නවමවත් එක්කංම වරෙං . . . ඌ ඉන්නෙත් ඔය ලඟ අහල පහලම තමයි . . .
    අනිත් ටිකට කියන්න වෙන්නෙ කසුන්ට කියපු ටිකම තමයි

    @ගුලියා:
    ටිකට් කඩන්නත් පුලුවං . . . ඔය අන්තිම පිංතූරෙ ගහක් පේන්නෙ, ඒක රඹුටං ගහක් . . . ඔය වගේ හොඳ වෙලා වලට හිටි ගමං අහල පහල පොඩි කොල්ලො එනව රඹුටං කඩන්න . . . . . සමහර දාට අවාරෙටත් මුං රඹුටං කඩනව

    @කතන්දර:
    කුඩ් යූ ප්ලීස් ඉලැබොරේට් ???

    ReplyDelete
  25. @පිණිබිඳු:
    හික් හික් . . . . . හාමිනේ මගෙ ඔලුව පැලුවොත් පලන්නෙ ඕකට නෙමේ . . . . මේ බ්ලොග් කෙටිල්ලට

    @දේවසුරේන්ද්‍ර:
    යූ ආර් ඕල්වේස් වල්කම් මචෝ . . . . . උඹත් සෙට් උනාම ගැන්සිය 4යි

    @මාරයා:
    ගෙනල්ල බස්සල යනව උඹේ කාමරෙං . . . .

    @කිඩෝ:
    අපේ රිසෝසස් දකින අහන උඹලට ජෙල නේද ???

    @බුද්ධි:
    පොතේ නම "බේසික් කන්සෙප්ට්ස් ඔෆ් කොලිටි ඇශුවරන්ස්" . . . . . තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම කරන්න කියාපු පොට් එක . . .

    ReplyDelete
  26. ඕනයා සහොදරයා නිදහසේ පොත් කියවන තැන් උන් නාන ලිදක් හදාගෙන.. වැරැද්ද කාගෙද??

    ReplyDelete
  27. දිය රෙද්ද ඇඳගෙන නානා ළඳුන්ගේ හරිම කළාට්මක බවක් තීයෙන්නෙ..

    දවසක් පොලේ යනකොට එකෙක් එළවළු විකුනනව..

    ආ... එන්න නෝනා... බටු ගන්න.... පලා ගන්න.... //

    ReplyDelete
  28. මොකක් ද බං පොත.. :D

    ReplyDelete
  29. ලිංක් එක දුටිමි .

    අම්මට සිරි මචං උඹගේ ෆොටෝ කලාව !!!!!!!

    මම පුල් හොල්මං . මට කට උත්තර නෑ .

    යකෝ එහෙමත් ෆොටෝ එකක් .උඹටනම් අයියේ කලාත්මක ඇසක් සහ වල් හිතක් දෙයියෝ විසින් දිලා තියනවා ..

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. අනේ මම නම් දැන් හොද ළමයෙක්.

    ReplyDelete
  32. පුදුමයි.. ඕනයාගේ ගෙවල් ගාව ඉඳලත් තිලකා පලා ගත්තේ නෑ කිව්වම..

    ReplyDelete
  33. අපේ පැත්තේ නම් පලා ගන්න යන්න වෙන්නේ පොළට. ඉස්සර නම් මෑන්ස් කෙනෙක් අවා. හැබැයි මිනිහා කෑ ගැහුවේ පලා වර්ග වල නම් කිය කිය. ඉතින් අපි බයක් සැකක් නැතුව පාරෙ ගියා. මිනිහා පලා වලට අමතරව තව කොස් විකුණුවා. ඒවට කෑගැහුවේ "කොස් ලියපුවා" කියල. දවසක් පොඩි එකෙක් (මම නම් නෙමෙයි ඕන්) අහල "අංකල් කොස් ඇඳපුව නැද්ද" කියල. එදා මම් හිතන්නෙ මිනිහා පොඩි එකාට ප්‍රජනනය සහ සෞඛ්‍ය පාඩම් තෙරුන් කරලා දුන්නා.

    ReplyDelete
  34. @දිනේශ්:
    උඩ ඉන්න දෙයියො තමයි බන් දන්නෙ . . . .

    @මාතලන්:
    හික් හික් . .. .

    @සෝරෝ:
    ඒ පොත තමයි බං පොත

    @සඳරු:
    ඔය ලිංක් එකේ අන්තිමටම මම බුද්ධියට කියල තියන දේ බලපං . . .

    @පාල:
    ශුවර් ද???

    @පුතා:
    වනන්තරේ වැහි නැත ගස් මුල් වලට

    @අනුෂ්ක:
    ඔය අංකලය "කොස් කිරල"ද වික්කෙ . . . .???

    ReplyDelete
  35. ශුවර්ද කියලත් අහනවා.:)

    මේක දැකලා කට්ටිය හිතුවද දන්නැ ඕනේ අයියා හෙන වල් පොරක් කියලා.ඔයා ඒවගේ ඩයල් එකක් නම් කීයටවත් ඔය ෆොටෝ එක දාලා මේ වගේ පෝස්ට් එකක් දාන්නේ නෑ නේ නේද?.(නිකම් මොකටද නරක නාමේ ගාගන්නේ).:D

    සුදු රෙදි පොරව ගෙන ලෝකෙට තමන් ශුද්ධවන්තයෙක් කියලා බොරුවට පෙන්නන්න උත්සහ කරන මිනිස්සුන්ට වඩා තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්නන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ.O_o

    ප.ලි-මට ඔබා මාමගෙන් මේල් එකක් ආවා අර අහවල් එක ගැන සවිස්තරව ලියපු එකක්.ඒක ඔයාද ලිව්වේ.පට්ටයි ඈ.හික් හික්

    ReplyDelete
  36. Hahahahahahahaaaaaaaaa hoooooooooooooo

    ReplyDelete
  37. අද වරෙංකෝ ගෙදර.මං පලා දෙන්නං උඹට.මෙච්චර දවසක් ඕක තමා කොලේ නේද පොත් කියවනවා කියලා බැල්කනියට වෙලා.මායි ළමය් මෙහෙ නහිනවා. මේකා ගෑනු නානවා බලනවා.අද වර.පලලම දෙන්නං.
    -ගෙදර උන්දෑ-

    ReplyDelete
  38. @පාල:
    මම වල් කියල බැරිනං වෙන ඕනෙම විදියකට හිතාපු දෙං මලේ . . . . මයෙ මොකෝ . . . . මම ඉතිං පොතක් පත්තරයක් බැල්කනියෙ ඉඳල කියෝන වෙලාවය පල්ලෙහෑ ලිඳ ලඟින් මොකක් හරි සද්දයක් ඇහුනොත් බලනව . . . .කරදරයක් වත්ද දන්නෙ නෑ නෙව . . . . .
    උඹ අහල ඇති නේ අර "ටිකිරි ලියා" දැරිවිට වෙච්චි හරිය තනි පංගලමෙ නාන්න ගිහිං . . .??

    ප.ලි.
    ඒක නියමයි නේද ???

    ReplyDelete
  39. @පලවෙනි ඇනෝ:
    හික් හික් . . .

    @දෙවනි ඇනෝ:
    හිකිෂ් . . . . මයෙ ගෙදර උන්දැගෙ ටෝන් එක ඔයිට වෙනස් . . . . .

    ReplyDelete
  40. කියලා වැඩක් නෑ.හිනාකාල මැරෙනවා.:D

    ප.ලි-
    මම බ්ලොග් එකේ යූ.ආර්.එල් එක වෙනස් කලා.කලින් තිබ්බ එක නෙමේ දැන් තියෙන්නේ.පරණ එක අන්ෆලෝ කරලා අලුත් එක ෆලෝ කරානම් හරියනවා.
    (paala4u.blogspot.com)

    ReplyDelete
  41. @පාල:
    ඉතිං බං මම මේක ෆලෝ කරනව නෙ ???

    ReplyDelete
  42. ඔය මේල් එහෙම අපේ පැත්තටත් එව්වොත් අපි එපා කියනවයෑ....

    ReplyDelete
  43. @තාරක:
    මේල් කීවෙ ????

    ReplyDelete
  44. හෆොයි . . මැරෙන්න හිනා ඕයි . . .

    ඉස්සර අපේ අම්මලා කෙල්ලෝ කාලේ දෙමළ මනුස්සයෙක් එනවලු පලා විකුනන්න.

    පොර ගේට්ටුව ගාව ඉඳගෙන කෑ ගහලා අහනවලු නෝනා පලා ගන්නවදෝ . . කියලා . .

    අම්මයි පුංචියි ලොකු අම්මලයි ගේ ඇතුලට වෙලා බඩවල් අල්ලගෙන හිනා වෙද්දි ආච්චී හිනාව තද කරගෙන ගිහින් පලා අරන් එනවලු . .

    ReplyDelete
  45. @දුකා:
    අම්මප අයියෙ ගෑනු සෙට් එකක් ඉස්සරහ ඔහොම බය නැතුව ඔය ප්‍රශ්නෙ අහන්න නං ඉතිං ඔය වගේ තියෙන්නෙ ඔය රස්සාව විතරමයි මයෙ හිතේ.

    ReplyDelete
  46. @ගෑනු නාන ලිඳක් කිට්ටුව බැල්කනියකට වෙලා කියවන පොත් වල තියෙන කරුණු හොඳට හිතට වදිනවලු...

    ReplyDelete
  47. @චතුර:
    මල්ලි හරි මල්ලි . . . . .

    ReplyDelete
  48. අය්යෝ අදයි අනේ මම මේක දැක්කේ. මට මිස් වෙලා..

    හික්ස් මම ඔයාගේ නෝනනම් බැල්කනිය පැත්ත පලාතට එන්න දෙන්නෙ නෑ.නෝන දන්නෙ නැතුව ඇති මහත්තයගේ නොම්බරේ.

    ReplyDelete
  49. @ගිම්හානි:
    හිකිස් . . . . මම බැල්කනියෙ ගැවසෙන වෙලාව වැඩි උනොත් හාමිනේ ශේප් එකේ ඒ පැත්තට එනව බලන්න මම මොනවද කරන්නෙ කියල. හාමිනේට තියන අවුල මම ඔය සීන් බලල දෙන විචාර ටික

    ReplyDelete
  50. අයියා මොකෝ කියන්නේ දාමුද අ.පේ යේ.
    අනේ.....

    ReplyDelete
  51. @සංජය:
    පොත් කියවන එකේ මොකද්ද බං තියන "කැත"???

    ReplyDelete
  52. මැද්දෙන් හිල් හදපු පත්තර බැලුවේ නැද්ද බොලාගෙ බැල්කොනියෙ ඉදන්..

    ඕනයා.. නරකයා..

    ජය සිර කීවා!

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .