කෝපි කඩේ තිබුන පාසල් සතිය පෝස්ට් එක කියවද්දි මගෙ යාලුවෙක්ට උන සිද්දියක් මතකෙට ආව. මහ ලොකු විස්තරයක් නෑ . . . ඒත් කතාව අහද්දි මම නං හොඳ හැටි හිනා උනා . . . . . මෙන්න ඒ කතාව . . .
ශිවා ඉන්නෙ මීගමු කලපුවත් මුහුදත් අතර තියන පටු බිම් තීරුවෙ තියන ගමක. (මුගෙ නම කිවුවට මෙතනින් එහාට තියන සියලුම නම් මම අතින් දාපු ඒවා බව කරුනාවෙන් සලකන්න.)
ඔය කියපු පලාතෙ මිනිස්සු මාලු රස්සාවෙන් ජීවත් උනත් සරු සාරෙට හැදුන පොල් වතු එහෙමත් සෑහෙන ප්රමානයක් තියනව. ඉතිං මේ ශිවා සහ උගේ සහචරයො ටික සමාජ සේවයක් විදියට මේ පොල්වතු වල තියන අර පොල් ගස් වලට වැලඳෙන මහ භයානක ලෙඩේ . . . . ඒ කියන්නෙ "ගෙඩි වැඩියාව" කියන ලෙඩේට ප්රතිකාර කරන එක තමා ඒ දවස් වල වැඩි හරිය කරල තියෙන්නෙ.
දවසක් කට්ටිය ලඟ අහල පහල තිබුන පොල් වත්තක ගස් වලට වැලඳිලා තිබුන "කුරුම්බා වළු බර වීමේ" රෝගයකට ප්රතිකාර කරන්න ගියා. ගැංසියටම ගස් නගින්න පුලුවං එකයි හිටියෙ . . . ඌට නලින් කියමුකො . . . . දැං නලිය ගහට නැගල රෝග ලක්ශන තියන ගෙඩි පරීක්ශා කරල අයිං කරන්න සෙට් වෙනව. අනිත් කට්ටිය ගහ මුල සහ වත්තේ තවත් ස්තාන කීපයක සැදී පැහැදී බලාගෙන ඉන්නව.
එක පාරටම කොහෙදෝ ඉඳල මතු උනේ නැද්ද වත්තෙ මුරකාරය . . . . හරියට නිකං රා කල සොලසක් බීපු නාලාගිරිය වගේ . . . කැලේ කඩාගෙන. . . .
කට්ටිය ඔරේ රන් . . . සමහරුකලපුව පැත්තට . . . තව සමහරු මූද පැත්තට . . . අරූ තාම ගහේ . . .
මුරකාරය ගහ උඩ හිටපු එකාව බිමට බස්සගත්ත . . . . මූ වටපිට බැලුව. . . . කට්ටිය ඌව දාල පැනල ගිහිං අහුමුලු වල හැංගිලා . . . . .
මුරකාරය දැං මුගෙං ප්රශ්න කරනව කවුරු කවුරුද හිටියෙ කියල. . . . .
මූ එක පාරටම සද්ද ඇරල දුන්න . . . .
"අර මායිමේ පොල් ගහ මුල හැංගිල ඉන්නෙ *** සිල්වගෙ පුතා පාලිත . . . . කලපුව අයිනෙ හැංගිල ඉන්නෙ **** පෙරේරගෙ පුතා ශිව** යි ඇන්ටනි ප්රනාන්දුගෙ පුතා අසංක, පාර පැත්තට දිවුවෙ **** නෝනිස්ගෙ පුතා සමන්ත"