Saturday, February 5, 2011

සුදු යකා

මගෙ බොක්කෙ යාලුවෙක් ඉන්නව . .  . අභීතගෙ ටිකක් හිනාවෙන්න එකේ ඉන්න බතලගොඩ වැව රාජධානිය කරගත්ත ** ම තමයි මිනිහා.


පොර කෙල්ලෙකුට ට්‍රයි එකක් දෙනව නං අනිවා . . . ඒ කෙල්ලගෙ මොකක් හරි ඇදයක් තියෙන්න ඕනෙ . . . (ඒ කියන්නෙ "රෝඩබිලිටිය" අඩු වෙන්න ඕනෙ). උදා: කලුම කලු, බකල්, එස්සෙට් රා . . . .


ඉතිං . . . මූ දාගන්න කෙල්ලන්ට මුගෙ හිතමිතුරු සමාජය කියන්නෙ "යක්කු" කියලා. කස්ටිය මේ හැදින්වීම සඳහා අදාල කෙල්ලගෙ වර්නය, දිග සහ පලල, විශේශ ලක්ශන වගේ දේවල් උපයෝගී කරගන්නව.


ඔහොම සිද්දි දෙක තුනක් (කීවට දෙක තුනක් ම නෙමේ) උනාට පස්සෙ දවසක් මූ හෙනම සෝක මූනක් දාගෙන මට කතා කලා . . .


**: මචං . .  උඹ දන්නව නේද ජූනියර් බැච් එකේ ඉන්න **** නංගි. අර ටිකක් මහත සුදු පාට කෙල්ල . . . ?
මම: ඔව්, ඉතිං . . . ?
**: මම දාගන්න දාගන්න කෙල්ලට මෙවුං යකා කියනවනෙ බං . . . .  ඉතිං මම හිතුවෙ උංගෙ කලු පාට හින්ද එහෙම කියනව කියල. ..
මම: ඉතිං ?
**: ඉතිං මම මුං යකා කියන්නැතිවෙයි කියල හිතාන **** නංගිව දාගත්ත . . . කෙල්ල සුදුයි නෙ . . .
මම: ඉතිං හොඳයි නෙ . .  ?
**: හොඳයි තමයි . . . . . යකෝ . . . මුං ඒ කෙල්ලට "සුදු යකා" කියනව . . .
....


පවු ඒ නංගි දරුව . . . . (ඒ නංගි ගෙන් මූ ගුටි කන්න ගිහිං අනූ නමයෙං දිවි ගලවගත්ත කතාව වෙනමම එකක් . . . . . )

13 comments:

  1. මූ ගැන සීරීස් එකක් ලිව්වැකි....

    ReplyDelete
  2. මූ කෙල්ලො එක්ක සෙට් වෙන්නේ අනිත් උං කියන දේවල් ගැන හිතලද, නැත්තං ලව් එකක් හිතිලද?

    ReplyDelete
  3. කෙල්ලගෙ යාලුවො කොල්ලට දාපු නම මොකද්ද දන්නෑ

    ReplyDelete
  4. @අභීත: සීරීස් එකක් නෙමේ වෙනම බ්ලොග් එකක් ලිව්වහැකි. පොර සයිබර් සැනකෙලියට එනව නේද ? ඊට පස්සෙ කොනක ඉදල ලියමු.

    @කතන්දර: ඌට කෙල්ලො සෙට් වෙන මෙතඩ් එක වෙනමම ඉස්ටෝරියක්. ඒක වෙනමම ලියන්නං

    @පිණිබිඳු: දකුනු හිනා

    ReplyDelete
  5. ඕකා එහෙම කරන්නේ ඇස් වහ වදිනවට වෙන්නැති!

    ReplyDelete
  6. අද වෙනකන් දැනන් හිටියෙ නැහැනෙ ඕනයය් ඇන්ඩය් එකෙක් කියල. මේ සයිට් එකට සැරයක් දෙකක් ගොඩවැදුන මතකය් ඒ වුනාට පෝස්ට් කියෙව්ව මිස අර උඩ තියෙන හ‍රිය කියෙව්වෙ නැහැ.

    ReplyDelete
  7. @මුචලින්ද: නෑ බං . . . ඌට ඔය ඇස්වහ කටවහ වගේ එවුව වැඩිය තේරුමක් නෑ. ඌට තේරෙන්නෙ එකම එක සබ්ජෙක්ට් එකක් විතරයි.

    @ඔබ්සර්වර්: අයිය . . . . දෙයියො දැක්ක වගේ . . . . මාව පස්වනක් ප්‍රීතියෙං පිනා ගියා අයිය මේ පැත්තෙ දැකල. ඇන්ඩර්සන් කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ මගෙ කීර්තිනාමය. ඉස්කෝලෙ ගුරුවරු පවා අදටත් මාව අමතන්නෙ ඇන්ඩර්සන් කියල

    ReplyDelete
  8. @ona..

    Tho maawema kapan

    Dana

    ReplyDelete
  9. @දනා: අනේ නෑ මචෝ . . . . මම ප්‍රතිපත්තියක් විදියට "හරක් මස්" කන්නෙ නෑ

    ReplyDelete
  10. @මාධව:
    ටැංකිවු මචං

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .