Saturday, February 19, 2011

වතී

මම කුරුනෑගල (කිවුවට කුරුනෑගල ඉඳල ටිකක් ඇතුලෙ) හිටියෙ මගෙ ලොකු මාමගෙ ගෙදර. මේ කියන කාලෙ මම හතේ පංතියේ වෙන්න ඕනෙ, මට හරියටම මතක නෑ. ගෙදර හිටියෙ මමයි, ආච්චියි, ලොකු මාමයි (අම්මගෙ ලොකු අයිය), නැන්දයි, මාමගෙ දුවල දෙන්නයි. අක්ක ගැන කියනව නං ඒක වෙනමම ඉස්ටෝරියක්.
ඒ දවස් වල අක්කයි නැන්දයි අරලිය පත්තරේ කියවල හෙන පොස් වෙලා හිටියෙ. අක්ක එයාගෙ නම පවා වෙනස්කරගෙන හිටියෙ අරලිය පත්තරේට මැච් වෙන්න. "හංසි" . . . මරු නම.


නංගි දිලනි, එතකොට දෙකේ පංතියෙ විතර හිටියෙ. නංගිට ඔය පොස් නම් ගැන වැඩි තේරුමක් නෑ, ඒත් අක්කයි නැන්දයි නංගිටත් මරු නමක් දාල තිබුනෙ.


දැං ආපහු කතාවට එමුකො . . . .ඒ දවස් වල අපේ ගමේ පංසලේ බැහැගන වැඩ කරපු සීය කෙනෙක් හිටිය එමලිං සීය කියල. මරු ඩයල් එක. නැශනල් එක ඇඳල කළු මිට වක් උන කුඩේ කරේ එල්ලගෙන, බෝතල් අඩි දෙකක් එහෙම දාගෙන තමයි නිතරම දකින්න ලැබෙන්නෙ. පොර දවසක් අපේ ගෙදර ආව පන්සලේ මොකද්ද වැඩකට සම්මාදං ඉල්ලන්න. නැන්ද සල්ලි දුන්න. දැං ආදාර දුන්න කෙනාගෙ නම ලියාගන්න එපැයි, එමලිං සීය ඇහුව "කාගෙ නමද ලියන්නෙ ?" කියල.


නැන්ද ටිකක් වෙලා කල්පනා කරල කිවුව . . .


එහෙනං එමලිං සීයෙ ලියාගන්නකො අපේ චූටි බේබිගෙ නම, දිලනි එදිරිසිංහ කියල . . . කිවුව.


එමලිං සිය නැන්ද දිහා බෝතල් අඩි දෙකට උඩිං රවල බැලුව . . . .


හෙන අරපතල වොයිස් එකකින් පොර නැන්දට කියනව . . . .


"නෝනෙ, ගෑනු ලමයෙක් උනාම . . . නමේ අගට . . . “වතී” හරි “ලතා” හරි තියෙන්න ඕනෙ"


කියල . . .


ඊට පස්සෙ . . . පොර ගත්ත පොත අතට ලිවුව පොල්ගෙඩි සයිස් එකේ වෙද අකුරු වලින් නංගිගෙ නම . . .


"දිලනිවතී එදිරිසිංහ"






ඔන්න දැං අපේ නංගිටත් තියනව හෙන පොස් නමක්

6 comments:

  1. "වතී" සහ "ලතා" විතරද? ඇයි "සලා"?
    වත්සලා
    නිසංසලා
    කං සලා
    කෙස් සලා
    යනාදී නං ගොඩයිනේ.

    ReplyDelete
  2. කොහොමත් කෙල්ලෝ නම ගැන හරියට කරදර වෙනවා.. ඒ වගේම හම ගැනත්..ලෝකේ තියෙන ඔක්කොම ජාතියේ ක්‍රීම් ගානවා.. කොච්චරද කිවුවොත් ලෝකේ තියෙන ලේසිම බිස්නස් එකත් බියුටි කෙයාර් ! අපි පිරිමින්ට නමත් නෑ හමත් නෑ .. මම අරිය බ්ලොගක්... මගේ හාමිනේ වගේම ළමයින්ටත් කියවන්න එන්න කියන්න පුළුවන් එකක්..
    ඇවිත් බලපන්.. http://lankapriyagesithivili.blogspot.com/ ජය්යා

    ReplyDelete
  3. ඔයිටත් කලින් හාමි සහ නෝනා කෑලි නම් වලට තිබුණා නේද? දිනූහාමි මැගිලින් නෝනා.

    ReplyDelete
  4. @කතන්දර සහ පිණිබිඳු: "වතී", "ලතා" වගේ නම් තිබුනෙ "සලා" කෑල්ල එන්න කලින් පරම්පරාවෙ. "හාමි" කෑල්ල ආවෙ ඊටත් කලින් පරම්පරාවක. හැබැයි "නෝන" කෑල්ල නං "වතී" සහ "ලතා" එක්ක එකම පරම්පරාවකට අයිති එකක් මම හිතන්නෙ.

    ReplyDelete
  5. @ජයියා: ගියා බොල . . . . කියෙවුව බොල . . . . ඒක මරු බොල . . .
    කවුද බෝයි එක්ක ඇරගත්තට පාඩුවක් වෙලා නෑ නේද ?

    ReplyDelete
  6. කවුද බෝය්යගේ කටේ ඥාන කතාවක් ඔබන්න ඕන .. මම දැන් ඔහේ ලියනවා.. කවුරු හරි බලල බැන්නත් සැටිස් බන්.. ඒ මලයාගේ බ්ලොග් ඇඩ් එක දීපන්කො ..

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .