Thursday, February 24, 2011

අපිට මොකෝ . . . .???

නිමිත්ත: දුකාගෙ " බඩ ගැත්තරයාට සමාව බයබෝයි . . . .!"





බඩ පිට පොත්තට ඇලුනට මොකෝ . . .
දවසට එක වේලක් විතරක් ලුනුයි බතුයි කෑවට මොකෝ . . . .
කුමාරයො ඇස්ටං මාටිං පදින හයිවේ ඔල අපේ සයිකල් ක‍ටු පදින්න බැරි උනාට මොකෝ . .
හයිවේ ඔල පාලං බෝක්කු කඩං වැටිල කොල්ලො යටවෙලා මලාට මොකෝ . . .
පොල් පනහට හාල් හැත්තෑවට ගියාට මොකෝ. . . .
විමලෙයා හෙලිකොට්ටරෙං ගමං ගියාට මොකෝ . . . .
මැම්බර් තුමා රට යනකොට යාලු මිත්තර හැතිකරේ එක්කං ගියාට මොකෝ . . . .
කල් පැනපු ඉංජෙස්සං ගහල කොල්ලො කෙල්ලො මලාට මොකෝ . . .
අවුරුද්දට සැරයක් සල්ලි අච්චු ඇහුවට මොකෝ . . . .


අපිට ඉතිං මොනව නැතත් . . . .


පුතෙක් යුද්දෙට තව පුතෙක් රටට පූජා කොරපු මහ රජෙක් ඉන්නෙ . . .
පිං පාට දෙකොනෙං බේරෙන කැබිනට් එකක් ඉන්නෙ . . .
වැරදි කාරයො හොය හොයා ගස් බදින ඇමතිතුමංල ඉන්නෙ . . .
අඩු මිලට කන්න පැස්ට තියෙන්නෙ . . .
සැප වාහන ඔල ටැස් අඩු කොලේ . . . .
බෑං කි මූං රටිං පැන්නුවෙ . . .


ඔකොටොම එහායිං . . . .


රජතුමයි ***යයි ***ලයි ****යිඋතුරට ගිහිං යුද්දෙ දින්නෙ . . . .


ඒකම මදිද ????


ප.ලි. : තරු දාන්නම උනා. කීපදෙනෙක්ම කිවුව ඔය නම් අමුවෙංම දාන්න එපා කියල

7 comments:

  1. එළකිරි කොල්ලෝ එළකිරි... ඔහොම වරෙන්කො.. බලහන් මගේ වැරහල්ලේ අලුත් එවුව..

    ReplyDelete
  2. ඔන්න පුතේ සුදු වෑන් එකක්...

    ReplyDelete
  3. @ජයියා: ඒ පැත්තට ගියා . . . . තාම කොමෙන්ට් පාරක් දාන්න බැරි උනා.

    @අභීත: හාමිනෙත් ඕකමයි කිවුවෙ . . . .

    ReplyDelete
  4. ආයුබෝවේවා මහරජාණෙනි තරහ අවසර අපේ ඕනයාගේ ඕනෙ නැති කතා වලට.

    ReplyDelete
  5. බොලේ හාමිනෙත් උඹේ බ්ලොග් එක කියවනවද? එහෙනං කොමෙන්ට් වලට කට කැඩිච්ච කතා එහෙම දාන්න ඔට්ටු නැතුව ඇති

    ReplyDelete
  6. තරහ අවසර. මම නං ඔය සුදු වෑන් වලට බය නෑ. එක පාරනෙ මැරෙන්නෙ. දැන් ඔය රනිල් මහත්තය ආවොත් ( බැරි වෙලා හරි ) බඩු මිළ අඩු කොරයිද ආයිබෝං.
    ඔය කොයි එකත් එකයි . එනව රට කනව. යනව. ඊළාඟට වෙන එකෙක් එනව ඉතිරි ටික කනව. යනව. ඔක්කොම එකයි. පාට විතරයි වෙනස්. ඔය පොරොන්දු දේශපාලනේ හැටි ඔහොමමයි.

    ReplyDelete
  7. @ පිණිබිඳු: ඕනෙ නැති කියන්නෙ කොහොමද . . .??? නමේම තියනවනෙ "ඕනෙ" කියල.

    @ඔබ්සර්වර්: මේ පොස්ට් එක කොටල ඇපෲවල් එක ගන්න හාමිනේට පෙන්නුව මිසක්ක හාමිනේ නෙමේ මම කොටන එවුව දිහෑවෙ ඇහැක් ඇරල බලන්නෙ. (බැලුවත් ඕනෙ මගුලක් හාමිනේට ඔට්‍ටුයි). අයියට කියන්න මට මේ ලෝකෙ නරකම රසිකයා ඉන්නෙ ගෙදර.

    @නිහාල්: නිහාල් අයියෙ . . . . ඔය මොකා ආවත් අඩු කරන මගුලක් නෑ . . . අපේ බලාපොරොත්තු හැර.
    දැං ඉන්න ගොයියත් එකයි . . . එන්න මාන බලන ගොයියත් එකයි . . . හිරේ ඉන්න ගොයියත් එකයි . . .
    උං එයි . . . උං කයි . . . . උං යයි . . . අපි ????

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .