Sunday, February 27, 2011

යාලු ‍ෆිට් එක

View Image

කෝපි කඩේ තිබුන පාසල් සතිය පෝස්ට් එක කියවද්දි මගෙ යාලුවෙක්ට උන සිද්දියක් මතකෙට ආව. මහ ලොකු විස්තරයක් නෑ . . . ඒත් කතාව අහද්දි මම නං හොඳ හැටි හිනා උනා . . . . . මෙන්න ඒ කතාව . . .
ශිවා ඉන්නෙ මීගමු කලපුවත් මුහුදත් අතර තියන ප‍ටු බිම් තීරුවෙ තියන ගමක. (මුගෙ නම කිවුවට මෙතනින් එහාට තියන සියලුම නම් මම අතින් දාපු ඒවා බව කරුනාවෙන් සලකන්න.)
ඔය කියපු පලාතෙ මිනිස්සු මාලු රස්සාවෙන් ජීවත් උනත් සරු සාරෙට හැදුන පොල් වතු එහෙමත් සෑහෙන ප්‍රමානයක් තියනව. ඉතිං මේ ශිවා සහ උගේ සහචරයො ටික සමාජ සේවයක් විදියට මේ පොල්වතු වල තියන අර පොල් ගස් වලට වැල‍ඳෙන මහ භයානක ලෙඩේ . . . . ඒ කියන්නෙ "ගෙඩි වැඩියාව"  කියන ලෙඩේට ප්‍රතිකාර කරන එක තමා ඒ දවස් වල වැඩි හරිය කරල තියෙන්නෙ.
දවසක් කට්ටිය ලඟ අහල පහල තිබුන පොල් වත්තක ගස් වලට වැලඳිලා තිබුන "කුරුම්බා වළු බර වීමේ" රෝගයකට ප්‍රතිකාර කරන්න ගියා. ගැංසියටම ගස් නගින්න පුලුවං එකයි හිටියෙ . . . ඌට නලින් කියමුකො . . . . දැං නලිය ගහට නැගල රෝග ලක්ශන තියන ගෙඩි පරීක්ශා කරල අයිං කරන්න සෙට් වෙනව. අනිත් කට්ටිය ගහ මුල සහ වත්තේ තවත් ස්තාන කීපයක සැදී පැහැදී බලාගෙන ඉන්නව.
එක පාරටම කොහෙදෝ ඉඳල මතු උනේ නැද්ද වත්තෙ මුරකාරය . . . . හරියට නිකං රා කල සොලසක් බීපු නාලාගිරිය වගේ . . . කැලේ කඩාගෙන. . . .
කට්ටිය ඔරේ රන් . .  . සමහරුකලපුව පැත්තට . . . තව සමහරු මූද පැත්තට . . .  අරූ තාම ගහේ . . .
මුරකාරය ගහ උඩ හිටපු එකාව බිමට බස්සගත්ත . . . . මූ වටපිට බැලුව. . . . කට්ටිය ඌව දාල පැනල ගිහිං අහුමුලු වල හැංගිලා . . . . .
මුරකාරය දැං මුගෙං ප්‍රශ්න කරනව කවුරු කවුරුද හිටියෙ කියල. . . . .
මූ එක පාරටම සද්ද ඇරල දුන්න . . . .
"අර මායිමේ පොල් ගහ මුල හැංගිල ඉන්නෙ *** සිල්වගෙ පුතා පාලිත . . . . කලපුව අයිනෙ හැංගිල ඉන්නෙ **** පෙරේරගෙ පුතා ශිව** යි ඇන්ටනි ප්‍රනාන්දුගෙ පුතා අසංක, පාර පැත්තට දිවුවෙ **** නෝනිස්ගෙ පුතා සමන්ත"

13 comments:

  1. ඔය අතරට මම පොලිසියේ ඕ අයි සී ගේ පුතා කියල එකක් දැම්ම නම් ඌ නිකම්ම ගෙදර කඩපු තැඹිලිත් එක්ක !

    ReplyDelete
  2. අරුන් ටිකට අපරාදෙ දුවන්න ගිහින් වැය වෙච්ච කැලරි ටික කියල හිතෙන්න ඇති.

    ReplyDelete
  3. ඌ තමයි දවසකටවත් මිනිහා.

    ReplyDelete
  4. අයියෝ මෙහෙමත් මහා පාවාදීමක් ... යාලුවෝටික නලින්ට ගෙඩි දාන්න සංග්‍රහ කරන්න ඇති නේද ?

    word Verification අයිං කරපංකෝ ඕනයෝ !

    ReplyDelete
  5. @ජයියා: මුරකාරයත් ගමේම එකෙක්. ඌ ගහේ හිටපු එකාගෙ තාත්තව හොඳට අඳුරනව.

    @පිණිබිඳු: ඒ වෙලාවෙ දුවන්න වැය වෙච්චි කැලරි ටික පත්තකට දාමුකො .. . . . කොහොමද මුර කාරය අරුං හැමෝගෙම ගෙවල් වලට ඇවිත් දෙමවුපියන්ට සිද්දිය කියද්දි ??? නැවු ගුටි තමා

    @රංජිත්: මම මේ පෝස්ට් එක දාල ඉවරවෙලා තමයි කතා නායකයට දැනුම් දුන්නෙ. මුගෙ තව කතා තියනව. මම අවසර ලැබුනොත් ඒවත් දාන්නං.

    @හිස් අහස: මට තව දවස් දෙක තුනකින් හරියටම දැනගන්න පුලුවං. දැනගත්ත ගමං කියන්නං.
    ඔන්න word verification අයිං කලා . . . . හරිද බලපං

    ReplyDelete
  6. අර ඕ.අය්.සී.ගේ පුතා කතාවෙන් මතක් වුනේ,ලඟදි පොරක් වාහනයක් එලෝගෙන යද්දී ඉරක් කැපුවද මොකද්ද කියල ට්‍රැෆික් කාරයො දෙන්නෙකුට කොටු වෙලා. මු ශේප් වෙලා ගිහින් තියෙන්නේ ඌ ජනාධිපති උපදේශක කෙනෙක් කියල.

    ReplyDelete
  7. ඔන්න ඔහේ ඕන පු** වෙන්න කියලා දාන්න ඕන අය්යා.යටින් දාන්න නම් ගම් සියල්ල මන:කල්පිතයි කියලා.නැත්නම් දාන්න පලපුරුදු අය විසින් කරන ලදි.ආදුනිකයින් කිරීමෙන් සිදුවන හානි වලට වගකියනු නොලැබේ කියලා.
    (රජිත්)

    ReplyDelete
  8. @ඔබ්සර්වර්: දැං ඕක තමා ලේසිම කතාව. ඒ තරමට ඔය ජාතියෙ එවුං වැහි වැහැල.

    @ක්‍රිකටර්: කතාවෙ ඉන්න සමහර චරිත කැමති නෑ එච්චර විස්තර දානවට. ඔය ටික දැම්මෙත් පරිස්සමින්. ඔය කියපු එකා විතරක් නෙමේ ගස් නැග්ගෙ . . . තව ගස් නැගල පැනල දුවපු එවුං ඉන්නව

    ReplyDelete
  9. අපරාදෙ කස්ටිය දුවල තියෙන්නෙ...

    ReplyDelete
  10. @සාතන්: දුවපු එකේ කිසිම අපරාදයක් උනේ නෑ මචං .. . . අපි තාම සෙට් එක බයිට් කරනව ඕක කිය කියා . . . . ඒකම මදිද ?

    ReplyDelete
  11. ඒව එහෙම තමයි අයියෙ.....අපි හැමෝම මිනිස්සුනෙ....හැබැයි...අර නම් කියපු ඩයල් එක හම්බුනාම උගේ පරම්පරාව මතක් කරන එක වෙනම දෙයක්....

    ReplyDelete
  12. ගජං මලේ . . . ඒ සෙට් එක තාම සෙට් උනාම ඌව තියාගෙන කනව.
    මේ ඒක නෙමේ . . . . මොකෝ බං උඹේ බ්ලොග අප්ඩේට් කරන්නැද්ද ????

    ReplyDelete
  13. අනේ නෑ ඕනයියෙ මට හිතුනම තමයි දාන්නෙ.බලමු ලගදිම හොඳ ටිකක් දාන්නම්.

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .