Wednesday, April 6, 2011

තාත්තෙ . . . . මෙයා ඕනෙ . . . . ! ! !

කෙල්ලගෙ අම්මා:   අපේ දුවගෙ සම්බන්දයක් තියනවනෙ කැම්පස් එකේම පිරිමි ළමයෙක් එක්ක.
කෙල්ලගෙ තාත්තා: කවුද ඔය කියන හාදයා ?
කෙල්ලගෙ අම්මා:   ඇයි අනේ අර ධම්මික පුතාගෙ තාත්තගෙ මලගෙදර වෙලාවෙ ඔයත් එක්ක ඇවිත් කතා
                               කලේ ???
කෙල්ලගෙ තාත්තා: ආ . . . ඔය කියන්නෙ අර "කලු, හීනි, උස හාදය" නේද . . .??? කමක් නෑ . . . දුව කැමති 
                               නං පිලිවෙලක් කරල දෙමු.
කෙල්ලගෙ අම්මා:   ඒ කවුද ??? 
කෙල්ලගෙ තාත්තා: ඇයි දුව අපි දෙන්න ලඟට එක්කං ඇවිත් කිවුවෙ "තාත්තෙ මෙයා ඕනෙ" කියල . . . මම 
                               හිතුවෙ දුව ඒ කොලුවව ඕනෙ කිවුව කියල . . .


ඔය දෙබස සිද්ද උනේ අපේ සඳාලැයි අම්ම තාත්ත අතර . . .  සඳා ඒ වෙනකොට යාලු වෙලා හිටි කිරා ගැන අම්ම, තාත්තට කියන්න ගිය වෙලාවෙ. 


ධම්මික නොහොත් "ඇටිය" කියන්නෙ කිරා එක්ක එක බැච් එකේ හිටපු ඉංජෙක්. ඇටියගෙ වාස භවන තියෙන්නෙ සඳාලගෙ ගෙදරට ටිකක් කිට්‍ටුවෙං. දවසක් අපිට පනිවිඩයක් ආව ඇටියගෙ තාත්ත මිය පරලොව ගිය විත්තිය. අපි හැමෝම ඉතාමත් දුකට පත්වෙලා ඒ මොහොතෙම වගේ නිට්ටඹුව බලා ගමන් කලා. මලගෙයක් උනාම කකා බිබී ඉඳල විතරක් හරියන්නෙ නෑ නෙව . . . ඉතිං අපි කස්ටිය ඔය පොඩි පොඩි වැඩ වල යෙදිල ඉඳිද්දි තමා සඳා ආවෙ අම්මයි තාත්තයි එක්ක මල ගෙදරට.


දැං සඳා අපේ කට්ටිය එක එකා වසයෙං දෙමාපියන්ට අඳුන්වලා දෙනව . . . අම්ම නං කලිං ඉඳලම කිරාගෙයි සඳාගෙයි මේ පටලැවිල්ල දන්නව . . . ඉතිං සඳා සහ සඳාගෙ අම්ම මේ මලගේ ඉතා වටිනා අවස්තාවක් කරගත්ත කිරාව සඳාගෙ තාත්තට අඳුන්වල දෙන්න.


මේ සැලසුමේ මුල් පියවරක් විදියර කිරාව තමයි මුලිංම තාත්තට අඳුන්වල දෙන්නෙ. දැං කිරා තමයි සඳාගෙ දෙමාපියන්ගෙ නිල සංග්‍රාහකය . . . බීම ගේනව . . . කැමට එක්ක යන්න හදනව . . . ඒ අතර එක එක බන පද යොදාගනිමින් ජීවිතයෙ අනිත්්‍ය බව සාඛච්චා කරනව . .  එක කෙලියයි එතන . . . .


කිරා ඔය විදියට සඳාගෙ තාත්තගෙ වටේ දැවටි දැවටි ඉන්න අතරෙ සඳා අනිත් යාලුවංවත් තාත්තට අඳුන්වල දෙනව . . .
තාත්තෙ මෙයා "හූන"
තාත්තෙ මෙයා "පපා"
තාත්තෙ මෙයා "වැලා"
තාත්තෙ මෙයා "දනා"
එස්සෙට් රා . . .  එස්සෙට් රා . . . .
ඔහොම යද්දි තමයි මෙ "ඕනයගෙ" වාරෙ ආවෙ . . . 
සඳා ඕනය වත් එක්කං ගියා තාත්ත ගාවට  . . . . ඕනය කියන්නෙ "ඕනමැන්ටල්" කියන එක කෙටි කරල නෙ . .  සමහරු තවත් කෙටි කරල "ඕනෙ" කියල විතරක් කියනව . . .
ඉතිං සඳා තාත්තට ඕනයාව පෙන්නල කිවුව . . .
තාත්තෙ මෙයා "ඕනෙ"


තාත්ත බැලුව කොල්ලගෙ දිහා . . . උඩ සිට පහලට . . . වමේ සිට දකුනට . . .  විකර්න දිගේ . . . හ්ම් . . . තනියම හිතුව . . .


"ඇති යන්තං . . . පු‍ටු කකුලකටවත් දීගන්න බැරුව හිටි එකී . . . කොල්ලෙක් ලඟටම ගෙනල්ල ඌව ඕනෙ කියනව . . . මම ගොඩ"


ඔන්න ඔහොම තමා සඳාලැයි තාත්ත . . .  ඕනයට කැමති උනේ . . . .
                              මේ ඉන්නේ . . . ඒ ඕනයා ය . . . .

68 comments:

  1. බොට හම්බෙයි මේක දැක්කම පුටු කකුලෙන් :-D

    ReplyDelete
  2. හක හක හක.......... අර මුදලාලි ලීලාවෙන් ඇවිල්ලා හිටියේ ඒ සඳා නෙමෙයි නේද ඕනේ? අඩේ එයාත් එක්ක කථා කරන්නමයි හිටියේ........... ඒකත් බැරි වුනානේ.......... මොකක් මොකක් හරි වැඩ වැටුනා...........

    ReplyDelete
  3. මාත් මෙක ගිය ඉස්කොලෙටමයි ගියෙ. අපෙ පන්තිවල හිටියෙ. මේකට "ඕනය" නෙමේ කිවුවෙ "ජන්තුව" කියල. ථ්ව නමක් තියනව... ගන්..... හොඳ නෑහනෙ ඔක්කොම කියන්න.

    ReplyDelete
  4. හැබැයි දැං නං වැඩේ අවුල වගේ. කුස්සියෙද වැඩිපුර ඉන්නෙ.....

    ReplyDelete
  5. @වැප්: ඔන්න ඔහොමයි උනේ . . .

    @ම: මේ ටිකකට කලිං මරන තර්ජනයක් ආව ඔය කතාවට ලඟිං ගෑවිලා ගිය චරිතෙකිං

    @RanDil: නෑ නෑ ඒ එයා නෙමේ . . . සඳා බැන්දෙ කිරාවම තමයි . . . .
    හෆ්ෆේ . . . මගෙ හාමිනේව ඔයාට පෙනුනෙ මුදලාලි වගේද ??? මම නං කියන්නෙ නිලමෙ පෙරහැරේ යනව කියල. ඔයාට මගෙ හාමිනෙත් එක්ක කතා කරන්න තියා අඩුම ගානෙ මටවත් ඔයා එක්ක කතා කරන්න බැරි උනා නෙව . . . කොයි වෙලාවෙ බැලුවත් දුවනව . . .

    ReplyDelete
  6. හැබැයි හිත හොඳ එකා....

    ReplyDelete
  7. @ඇනෝ: උඹත් ශාස්ත්‍රාලෙ එකෙක් ද ??? එල එල . . . ඕනය කියන්නෙ මචං මගෙ කැම්පස් එකේ කාඩ් එක . . . හොඳට බලපං මගෙ හෙඩිමෙ තියන විස්තර ටික. ඔය "ජන්තු" කියන කාඩ් එක මට ගැහුවෙ ඇල්ෆ එකේ සිංහල උගන්නපු සමන් සර් . . . පොර දවසක් "මනුතාපය" පොතේ විස්තර වගයක් කියල එක එක චරිත ගැන ඇහුව . . . පොර පංතියෙ ලමයින්ගෙං ඇහුව . . ඒ කතාවෙ ඉන්න ඉන්ස්පෙච්ටර් ගෙ නම මොකක්ද කියල . . .මම පැනල "ජන්තු" කියල කෑ ගැහුව . . එදා ඉඳල තමයි මට ශාස්ත්‍රාලෙ ඔය නම ඉස්තිර උනේ. උඹ හරි මට ඔය කාඩ් එක විතරක් නෙමේ . . තව ගොඩක් කාඩ් වැදිල තියනව. උඹ මගෙ පංතියෙ නං හිටියෙ . . . "බරිය" (දිනේශ්) මතක ඇති නෙ . . . උගෙ නොම්මරේ මූනු පොතේ හොයාගන්න ලේසියි . . . ඕනෙම නං උගෙං අහල ඔය නමේ මතකෙ නිධාන කතාවත් එක්කම මතක් කරගනිං . . .
    ප.ලි.
    මම පොඩි කාලෙ ගිය කුරුණෑගල ගමේ ඉස්කෝලෙ මගෙ කාඩ් එක "ක‍ටුවා"
    ප.ප.ලි.
    අනේ මචො උඹේ නම කියපංකෝ . . . ??? (මට වෙලාවකට හිතෙනව උඹ "ඉබ්බ"වත්ද කියල)

    ReplyDelete
  8. @බුද්ධි: මේ පිංතූරෙ බලලනං උඹ කියන්නෙ . . . මේ පිංතූරෙ ගත්තෙ මරදානෙ ටවර් හෝල් එකයි බුහාරියයි අතර මැදට වෙන්න තියන පොඩි හෝටල් කෑල්ලකදි . . . 2002දි. ඔය මගෙ පිටිපස්සෙ තියෙන්නෙ . . කඩේ තේ හදන ජොයින්ට් එක

    ReplyDelete
  9. අපෝ පො​ටෝ බලල කව්ද තීරණ ගන්නෙ. මම කියන්නෙ එදා උඔ හැසිරිච්ච විදිහෙනුයි.....

    ReplyDelete
  10. @හසී: ඔය මල ගෙදරදි තව හෙන භයානක ආතල් හෙම සිද්දවුනා . . . . මම ප්‍රදාන චරිත වලිං අවසර ඉල්ලල තියෙන්නෙ . . . ලැබෙන හැටියට දාන්නං

    ReplyDelete
  11. @බුද්ධි: යකෝ . . . මම එදා මහන්සිඋනේ උඹලව පෝශනය කරන්න . . . .

    ReplyDelete
  12. හෙහෙහෙ... මේක දැක්කට පස්සේ ඕනයාට ගෙදර යන්න පුලුවන් වෙයිද මන්දා :D

    ReplyDelete
  13. එදා මොනවයි පෝෂණය කරා කියලද කිව්වේ??

    ReplyDelete
  14. @Ansh: හික් හික් . . . හාමිනේ මේක බලන්නෙ නෑ . . . . මගෙ අන්තර්ජාල කෙරුවාවට එයා සම්පූර්නයෙන්ම විරුද්දයි . . .

    @Dasith: ඇයි යකෝ . . . තොපිට බත් ඇද්දෙ ??? කේක් ඇද්දෙ ??? වතුර ඇද්දෙ ???

    ReplyDelete
  15. හපෙ හප්පෝ ඇත්ත තමයි.ජාතික මෙහෙවරක්නේ ඒකනම්

    ReplyDelete
  16. මල ගෙදරදි ජීවීතාන්තය දක්වාම හිරේ දාලා පව් අප්පා මට දුකයි ඕනයා ගැන.....

    ReplyDelete
  17. මෙලෝ කෙල්ලෙක් හිතකින් කියයිද තෝව පෙන්නලා "මෙයා ඕනෙ"යි කියලා.

    ReplyDelete
  18. ෂික් මුගේ හිනාවේ කැත‍‍‍.....යකෝ හිනාවෙන හැටි ඉගෙන ගනින් ඡන්දේ කාලෙට තාප්පයත් දිහා බලලාවත්.....

    ReplyDelete
  19. @දසිත්: ඔවු බොල . . . . අපි කලොත් ඉතින් ජාතික මට්ටමේ වැදගත්කමක් තියන වැඩක් තමයි ඉතිං.

    @රොබින්: මම ඒ මල ගෙදරදි නෙමේ හිරේ වැ‍ටුනෙ . . .

    @අනුරාධ: මාව නැත්තං ‍තෝව පෙන්නල කියන්නයැයි "මෙයා ඕනෙ" කියල ??? මම නෙ "ඕනෙ" . . . . ‍තෝ වගේද ???

    @හසියා: මචං . . . මම මේ පිංතූරෙ නම්කරල තියෙන්නෙ "සෙක්සි මී" කියල

    ReplyDelete
  20. දැන් බැලුවම උඹට කැමති වෙච්ච මාමණ්ඩි ගේ දුව නෙවෙයි උඹ බැඳලා තියෙන්නේ ?
    එයි මගේ බ්ලොගේ උඹේ එක update වෙන්නේ නෑ උඹේ එකේ මගේ බ්ලොගත් නෑ..
    මන් ඉතින් හොයල බලන හින්ද කියෙවුව.
    ශික් මේ වැඩෙන් දන්නා එකෙක්වත් මගේ කසිකබල් බ්ලෝග බලන්නේ නැනේ !

    ReplyDelete
  21. ඇයි දනෑ නේද එහෙම අප්ඩෙට් වෙන්නැත්තෙ ???? අහල බලන්න ඕනෙ වෙලාවක දන්න කියන එකෙක්ගෙං . . .
    අඩේ . . . උඹේ බ්ලොග කියවන්නෙ නැතුව නෙමේ . . . . කියවන එවුං කොමෙන්ට් දාන්න්නෙ නැතිකම ඔය තියෙන්නෙ. උඹේ බ්ලොග අප්ඩේට් වෙන ගතියක් නැති නිසා තමයි මම මූනු පොතේ උඹේ බ්ලොගට පොඩි පබ්ලිසිටියක් දුන්නෙ

    ReplyDelete
  22. එදවස එසේ සිදුවිය... නේ? :D

    ReplyDelete
  23. @පූසා: අනේද කියන්නෙ . . . ඒත් එවන් දෑ තව තවත් සිදුවිය

    ReplyDelete
  24. හලේද කියන්නේ ඒකනම්.එදා රෑ ගෙදර යන්න ලග පාර තියෙද්දි අපිව ටවුන් හෝල් වට වන්දනාවේ එක්කන් ගියේ නේදෑ අයියේ කොව්වරනම් වටින වැඩැක්ද

    ReplyDelete
  25. අනේ අම්මප මේකට කොමෙන්ට් එකක් දාන්නම ඕනෙ... :D

    ReplyDelete
  26. අපරාදෙ, සඳා කිරාට සෙට් වෙලා හිටියෙ නැත්තන් වැඩේ ගොඩ දාගන්න තිබුන නේද?

    ReplyDelete
  27. @දසිත් : යකෝ වටෙං ගියේ ගෑනිට රේස් කෝස් එකට යන්න ඕනෙ කිවුව නිසා මිසක් තොටයි ජේ. ඩි.ය ටයි කොළඹ පෙන්නන්න නෙමේ . . . .

    @චන්දික: ඉතිං මගෙ දෙයියො . . . දාපංකො හොඳවෑං එකක්

    ReplyDelete
  28. හික් හික්!! නියමයි

    ReplyDelete
  29. @කසුන්: අනේ මචෝ . . . ඊට වඩා හොඳා නිකා ඉන්නව

    ReplyDelete
  30. @බ්ලොග් ගඩොල්: ටැංකිවු මචෝ . . .

    ReplyDelete
  31. හික් හික් මරු කතාව :ඩී

    ReplyDelete
  32. හොඳ වෙලාවට මේ ඕනමැන්ටල් කියන නම ඕනෙ කියල කෙටි වුනේ!
    ඕක මැන්ටල් කියල කෙටි වුනා නං වෙන දේ මෙන්න.

    දුව-තාත්තෙ මෙයා මැන්ටල්.

    තාත්තා සිතයි- මූණෙන් ම පේනව නුහුගුණේ!

    ReplyDelete
  33. මූට නම් ඕනෙ වෙලාක මැන්ටල් තමා. හි‍ටු මමත් හෙට ඉඳල් තොගේ බ්ලොගේ තොටම මඩ ගහනව උඹ මට මඩ ගහනව වගේ

    ReplyDelete
  34. @නදී: ටැංකිවු . . .

    @කතන්දර: මගෙ ගම් පලාත කියද්දි ඔය සීන් එක ඔයාකාරෙංම වෙනව

    @රංග: අනේ බුදු මචෝ . . . . මම උඹට මඩ ගැහුවෙ නෑ නෙව කවමදාකවත් . . . මට ඔය එක එක කතා කියන්න නමක් නැතුව ඉද්දි තමා ඒ. ඉන්දික නියන නම මීටරේට වැ‍ටුනෙ . . . ඉතිං ඒ උනාට ඒ නමෙයි උඹෙයි අතරෙ කිසිම සම්බන්දයක් නෑ නෙ ????

    ReplyDelete
  35. හි හි හි......
    මරු අයියා...

    ReplyDelete
  36. @පංකජ: ඒ උඹ කොයි වෙලාවෙද ආවෙ මේ පැත්තෙ ???? නිකං ඉන්නව නං වරෙං ග්‍රීන් පාත් පැත්තෙ පොඩි එක්සිබිෂන් එකක් තියනව . . . උඹලට වැදගත් වෙයි . . .

    ReplyDelete
  37. හික්ස් මේ පින්තූරෙ හාමිනේට දෙන්න රෑට කුස්සියෙ එල්ලන්න කියලා. කුස්සියට මීයො එන එකක් නෑ බයවෙලා.

    ReplyDelete
  38. මොකද්ද අයියා ඒ සීන් එක.....
    කවදද ඉවර වෙන්නේ? :D

    ReplyDelete
  39. කෙල්ලෙක් මෙහෙමත් දේවල් කියනවද තාත්තෙකුට?... මෙයා ඕනෙ කියල :D

    අද තමා මුලින් ආවෙ... අනිත් පෝස්ට් ටිකත් කියවන්න ඕනෙ...

    ReplyDelete
  40. අනේ බං ඕනයෝ..අදයි මට මේක මාටුටු උනේ...ඔන්න මං මුල ඉඳලම කියෙව්වා..ඒ හැටි අමාරු උනේ නැහැ..මුල ටික ඉතිං දන්න කියන භාෂාවෙන්ම තියෙන හින්දා ඉක්මනට කියවන්න පුළුවන් උනා...
    වැඩේ උපරිමයි..
    ඒත් බොල තොගේ මේ ලබ්බ බලන්න ගෙහුං මට මගේ ලිපේ තිබ්බ බත් හැලියත් අමතක වෙලා අන්න ඒක අඩිය අලල්ලා..නොදකින් ආව මුල් දවසෙම මට වෙච්ච විපතක්..

    ReplyDelete
  41. පොඩි සංශෝධනයක් ....
    සදා- තාත්තේ මෙයා ඕනේ...
    (තාත්තා ඕනය දෙස බලයි....)

    තාත්තා-පුතේ උබට මේකිව ඕනද....?

    ඕනය- දෙනවා නම් ඔහේ දීලා දාන්න මාමේ....

    තාත්තා- මට හිතුන...දකිද්දීම .අපේ ඒකිගේ ඇස් පෙන්නේ
    නැ.බොට මොලේ නැ.

    ReplyDelete
  42. හලේ මෙන්න බොරු කියනෝ අක්ක කලින් කිව්වලු යන්න ඕනේ නෑ කියල.මගෙ කන්දෙකට ඇහුනා.කොහෙද ඉතින් සිහියකින් ඉන්න එකක් යැයි ඕව ඇහෙන්න

    ReplyDelete
  43. ඒකත් ජය සිරි මන්ගලම් කිවුවලු..

    ReplyDelete
  44. @පිණිබිඳු: මීයො . . . ??? පිස්සු හැදෙයි එහෙනං. ඔයා මේ පිංතූරෙ ඔයාගෙ අම්මට පෙන්නල බලන්න . . . . අනිවා ඩෙෆා . . . ඔයාගෙ අම්ම "නිබ්බුත පද" කියනව

    @පංකජ: EDB එකේ වැඩක්. ඉරිද වෙනකං තියනව

    @සාතන්: ඔය කිවුවෙ යස අගේට
    ටැංකිවු මචං මගෙ වල්පල් කියවන්න ආවට

    @මාරයා: ටැංකිවු ටැංකිවු. මම පුලුවං තරං සරලව තමයි කොටන්න බලන්නෙ . . . කොහෙද, මට උඹලට තරං පලපුරුද්ද නෑ නෙව

    @පිසාචයා: හනේ යකෝ . . . තොට ජෙල නේද ????

    @මොළකාරයා: ඇත්තටම උන්දැ එහෙම කිවුවද මලේ ???

    @සුළඟිල්ල: ඔවුව ඔහොම තමයි මලේ . . . . ඒක නෙමේ, මොකද්ද ඔය pinkie සීන් එක ???

    ReplyDelete
  45. කිව්ව නිසා නේන්නම් අක්කා කිව්වේ යන ගමන් මම කලින් කිව්වේ මතක නැද්ද කියල.(හැබැයි ඉතින් මට අහුන දෙයකුත් නෑ ඔක ඇරෙන්න)

    ReplyDelete
  46. හිකිස් හිකිස් හිස්.. :D :D

    ReplyDelete
  47. එල එල....අතීත කතාව මාරයිනේ.ඇත්තටම ඔයාට ඕනෙ කියලා නම වැ‍ටුන හින්ද ගොඩගියා.දැනුත් ඔයාට වයිෆ් කතාකරන්නේ ඕනෙ කියලද බන් අයියේ.

    ReplyDelete
  48. නැත්නම් මැන්ටල් කියලද?...:D

    ReplyDelete
  49. @රජිත්: ඔය දෙකම නෙමේ බං . . . . වෙන එකක්. . . . ඒක මෙතන කිවුවොත් මට විසුමක් නැතිවෙනව

    ReplyDelete
  50. අක්කට බයයි නේ....හික් හික්

    ReplyDelete
  51. ඕනයා මල්ලිගෙ ගම කොහෙද ? හොඳට දැකල පුරුදු ඩයල් එක.

    ReplyDelete
  52. @රජිත්: ඕක බය නෙමේ මල්ලියෙ . . . . කුචු කුචුව ඉවසං ඉන්න බැරිකම . . . . . උඹත් කසාද බැඳලම බලපංකෝ

    @නිහාල් අයියා: මම කුරුනෑගල (කියන්න සන්තෝසයි . . . . මේ දවස් වල ඉන්නෙ අංගොඩ)

    ReplyDelete
  53. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  54. @කතන්දර . . . මට කවි නං ලියන්න බෑ . ඒත් ඔයාට ගොඩක් ස්තුතියි . .. .

    ReplyDelete
  55. සුබ අලුත් අවුරැද්දක් වේවා සහෝ

    ReplyDelete
  56. උඹ නොදන්න උනාට දැන් උඹ අපේ ගෙදර එවුන්ගෙත් වීරයෙක්..වැඩිපුරම උඹේ ඔය ශ්‍රී නාමය "Oනයා"

    ReplyDelete
  57. අළුත් තාත්තාට මගේ සුභ පැතුම්.
    අම්මාටයි බබාටයි නීරෝගී හෙට දවසක්!

    ReplyDelete
  58. @ඕනයා,මගෙනුත් සුබ පැතුම්..........

    ReplyDelete
  59. ඕනයෝ... සුභ පැතුම් මගෙනුයි චූටිමැණිකෙගෙනුයි !
    සරමක්ද කම්බායක්ද බොලං? කවුරු උනත් අනේ වාසනාවං උඹල තුන්දෙනාටම.

    ReplyDelete
  60. මම මාමා කෙනෙකු වීම ගැනත් උඔ අය්යා කෙනෙතු වීම ගැනත් මටනං හෙන හැපිය!

    ReplyDelete
  61. කොහොම හරි අන්තිමට වෙඩිල්ල වැදී ඇත...

    ReplyDelete
  62. අයියා ප්‍රෙග්නන්ට් වෙලාලු නෙහ්?නැහ් වැරදුනා.අප්පොච්චෙක් වෙලාලු නේහ්?ඔන්න සුභපැතුව....තව පැටව් 10ක් 12ක් හදන්න ලැබේවා කියල පතනව...

    ReplyDelete
  63. හිකිස්..... එළ කතාව !

    ReplyDelete
  64. @ රොබින්: උඹටත් එසේම වේවා සහෝදරයා

    @ අනුශ්ක: හික් . . . අනේ මං දන්නෑ ඕව . . . උඹ ඔය නොහොබිනා විස්තර හෙම කියනව නෙමේ ගෙදර ගිහිං. . .

    @කතන්දර: ගොඩාක් ස්තුතියි

    @කල්හාර: ගොඩාක් ස්තුතියි

    @නවම්මාවත: ගොඩාක් ස්තුතියි. කම්බායක් කම්බායක් . . .

    @බුද්ධි: මම අයියා කෙනෙක් වීමටත් වඩා උඹ මාමා කෙනෙක් කරන්නට හැකිවීම නිසා මට උඹටත් වඩා හැපිය . . .

    @මාරයා: වෙඩි නං තිබ්බ ඕසෙට . . . පත්තු උනේ මේක . . .

    @කුරුං ගුරුං: තැංකිවු මලේ . . . 10ක් 12ක් හදන්න තිබුන උඹල මගෙ ආර්තිකේ ශක්තිමත් කරනව නං

    @කුක්කු පැටියා: තැංකිවු මචෝ

    ReplyDelete
  65. පට්ට පට්ට..... ලොවේද නැත..

    ReplyDelete
  66. මේවට තමා පට්ට සීන් කියන්නේ

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .