Friday, May 6, 2011

වැලන්ටයින්

බෝඩිං කතා සීරීස් එකක් පටං ගන්න කොනක් නැතුව ඉඳිද්දි තමයි වැලන්ටයින් නොහොත් වැලා මතකෙට ආවෙ. වැලාගෙ එකකින්ම පටං ගත්ත නං හරි කියල හිතුන. 
අපි කැම්පස් යන අන්තිම කාලෙ නතරවෙලා හිටියෙ මට්ටක්කුලියෙ වැලි තො‍ටුපලට යන පාරෙ වත්තක ගෙයක් කුලියට අරං. පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තමයි තිබුනෙ මාර නිදහස් තැන. 
මේ බෝඩිමේ කස්ටියට තිබුන ලොකුම නිදහස තමයි කෙල්ලව බය නැතිව එක්කගෙන එන්න පුලුවං වීම . . .  
සාමාන්ය මෙතඩ් එක තමයි ඒ වගේ මංගල කරුනක් යෙදෙද්දි බෝඩිමේ අනිත් එවුංට කලිං දැනුම් දෙනව මෙන්න මේ දිනයේ, මේ වේලාවන් තුල බෝඩිම පැත්ත පලාතකවත් එන්න එපා කියන එක.


වැලාට හිටියෙ ඉස්කෝලෙ යන කාලෙම ගහපු කොක්කක් නෙ. මැචිං ජෝඩුව . . . .  වැලා කලුම කලුයි . . . . කෙල්ල සුදුම සුදුයි . . . .  ජෝඩුව නිකං රං තැඹිලි ගෙඩියෙ කාක්ක වැහුව වගේ තමයි එක ලඟ ඉඳිද්දි.
මේ කියන දවස් වල වැලාගෙ කෙල්ල විද්යා පීඨෙ ඉගෙනගන්නව. 


දවසක් වැලා බෝඩිං වැසියො අමතල නිවේදනයක් කලා "හෙට උදේ තොපි එකෙක්වත් කැම්පස් ගියාට පස්සෙ ආපහු බෝඩිම පැත්ත පලාතක එනව නෙමෙයි . . . .  මට වැඩ වගයක් තියනව"


කට්ටියම දොහොත් මුදුන් දීල පිලිගත්ත. හැබැයි අවාසනාවකට වගේ එකෙක් එදා හිටියෙ නෑ බී. ඇම්. බාලා නොහොත් පෙත්තප්පු k. බුවා එදා ගෙදර ගිහිං.
අදාල දිනයට එලි උනැයි කියමුකො . .  . . කස්ටියම බෝඩිමෙං පිට උනාට පස්සෙ වැලා හෙමීට කෙල්ලත් එක්ක සේන්දු වෙනව බෝඩිමට. ඒ සීන් එක එච්චරයි . . . .  


මෙතනින් එහාට බාල කියන විදියට . . . . . .
                   වැලයි කෙල්ලයි බෝඩිමට ඇවිල්ල ටික වෙලාවකින් මෙලෝ හසරක් නොදන්න බාල මල්ලිත් ගෙදර ඉඳං කෙලිංම බෝඩිමට එනව. දෙයියනේ . . . . . . . . බාල දකින දර්ශනෙන් බාලගෙ  බාපු නැති මයිල් ඔක්කොම බකට් කම්බි වගේ කෙලිං වෙනව . . . . 


වැලාගෙ මුලු ඇඟටම මේස් බැනියමක් විතරයි . . . . කෙල්ල එහෙමත් නෑ . . . . . දෙන්න ඇඳ උඩට වෙලා ඉඳිආප්ප කනව. කනව කිවුවට කනවම නෙමේ . . . .  වැලා කෙල්ලට කවනව . . . .  


බාල කාමරේ දොරකඩට වෙලා උගුර පාදන සද්දෙට තමා ජෝඩුව මේ ලෝකෙට එන්නෙ. වැලා එක පිම්මට පනිනව කාමරෙං එලියට බාලවත් ඇදං. 


වැලා: ‍තෝ මොකටද හු*** පු‍තෝ මේ වෙලාවට ආවෙ . . . . ???
බාලා: (සුපුරුදු මෝඩ පහේ ටෝන් එකෙං) ඉතිං අයියෙ මම දන්නෙ නෑ නෙ අයිය ඉන්න බව . . . . .
වැලා: හ්ම් . . .  ඒකත් එහෙමද . . .  පල එහෙනං තොගෙ කාමරේට . . . .ගෙනාපුව තියල ඉක්මනට එලියට බැහු මගෙ යකා අවුස්සගන්නෙ නැතුව . . . .
බාලා: හා අයියෙ . . . .


බාලා උගෙ කාමරේට යයි . . . .  වැලා උගෙ කාමරේට යයි . . . . .
ටිකකිං කාමරේ සිට . . . . .


වැලා: බාලා . . .  ‍තෝ යන්නෙ නැද්ද ???
බාලා: තව ටිකකිං යනව අයියෙ . . .  මට ටිකක් බඩගිනී වගේ . . . . .
වැලා: ඉඳා එහෙනං මේක කාපිය . . . .


වැලා කෙල්ලට කවමින් හිටි ඉඳි ආප්ප ටික බාලට කන්න දෙයි . . . . 
ටිකකින් කාමරේ සිට . . . . . 


වැලා: ඒයි ‍තෝ යන්නෙ නැද්ද ???
බාලා: යන්න ඕනෙ අයියෙ . . . .  මට ටිකක් තිබහයි . .  . . .  මොනව හරි බොන්න තිබුන නං . . . 
වැලා: ඉඳකිය ‍තෝ . . . .  හි‍ටු 


වැලා ඇඳං හිටි ඇඳුමෙංම බෝඩිම පිටිපස්සේ තිබුන පැල කුරුම්බා ගහට නැග බාලාට කුරුම්බා ගෙඩියක් කඩා දෙයි . . . . . . 
ටිකකින් කාමරේ සිට . . . . .


වැලා: යකෝ ‍තෝ යන්නෙ නැද්ද ????
බාලා: මේ යනව අයියෙ . . . . 


බාලා මාරු වෙයි . . . . . 


නියමම වැඩේ වෙන්නෙ පහුවදා . . . . .


අපි සෙට් එකයි (මම, හූනා, ධනා, කිරා, සඳා, බාලා . . . .  බ්ලා බ්ලා) ජූනියර් බැච් එකේ සෙට් එකකුයි චැටක් දාගෙන ඉන්නව . . . .  
මෙන්න ටිකකින් වැලා එනව කෙල්ලත් එක්ක  . . . . .  කට්ටිය ඉන්න තැනට ඇවිත් වැලා කෙල්ලට කට්ටිය අදුන්නල දෙනව . . . . 


වැලා: මේ තමයි කිරා . . .  මේ ඉන්නෙ සඳා . . . . . මේ ඉන්නෙ ඕනයා . . . . 


ඔහොම කට්ටියවම අඳුන්වල දීල අන්තිමට බාල ලඟට ආව . . . .  


වැලා: මේ තමයි බාල . . . .  ඔයාට මතකනෙ . . . අපිට ඊයෙ හම්බ උනේ . . . .
කෙල්ල: ආ හරි හරි  . . .  මතකයි . . . 
බාලා: (සුපුරුදු මෝඩපහේ අහිංසක ටෝන් එකෙන්) ආ මේ අක්කද ???? අනේ සොරි අක්කෙ . . .  මට අක්ක ඇඳුං ඇඳල හිංද එක පාරටම අඳුනගන්න බැරි උනා . . . 


වැලා: *&*%^&%&(&*^^%&**^$%% . . . . . .!!!!!

38 comments:

  1. . . . . . . . බාල දකින දර්ශනෙන් බාලගෙ බාපු නැති මයිල් ඔක්කොම බකට් කම්බි වගේ කෙලිං වෙනව . . .

    මයිල් විතරද බං?

    වැලාගෙ මුලු ඇඟටම මේස් බැනියමක් විතරයි . . . .

    වැලා ඇඳං හිටි ඇඳුමෙංම බෝඩිම පිටිපස්සේ තිබුන පැල කුරුම්බා ගහට නැග බාලාට කුරුම්බා ගෙඩියක් කඩා දෙයි . . . . . .

    මාරයිනේ බං............

    ReplyDelete
  2. මේ පැත්තට අවේ නැතෝ :DDD

    ReplyDelete
  3. හිනා කාල මැරෙනවා...

    ReplyDelete
  4. මල මගුලයි.........

    ReplyDelete
  5. උපන් ලපෙත් දැක්කද මන්දා මේ යකා?

    ReplyDelete
  6. අසික්කිතයි....හිනා ගොඩයි
    පට්ට කතාව

    ReplyDelete
  7. පට්ට ආතල් සීන් එක.හිනා වෙලා පන යනවා.......

    ReplyDelete
  8. එලද බ්‍රා.....අ.පේ ත් ලියමුද..?

    "ආ මේ අක්කද ???? අනේ සොරි අක්කෙ . . . මට අක්ක ඇඳුං ඇඳල හිංද එක පාරටම අඳුනගන්න බැරි උනා . . . "

    හිනාව නවත්ත ගන්න බැරිවුනා...

    ReplyDelete
  9. Patta Kathawa............Thawamath Hina........
    (Polowee Pas Kamin)

    ReplyDelete
  10. Gindare. habai meka dakkoth mu umbawe maranawa....

    5n ekek

    ReplyDelete
  11. " මට අක්ක ඇඳුං ඇඳල හිංද එක පාරටම අඳුනගන්න බැරි උනා . . . "

    පට්ට කථාව ඕනෙ අයියෙ.. එලම කිරි...

    ReplyDelete
  12. විසිල් එකයි බල්ටි දෙකයි කිව්වලු !! මෙරේ මරු ඕනෙ අයියා, හිනා වෙලා පන යනවා !!

    ReplyDelete
  13. @ඇනෝ: මයිල් බාපු එක වෙනමම කතාවක්. මම කොහොම හරි අවසර අරගෙන ඒකත් දාන්නං

    @වැප්: 3:41ට ද කොහෙද ඇවිල්ල තියනව

    @තාරක Dilsh@n: එහෙනං මචෝ මටත් ඒකමයි ඕනෙ

    @අසංක: :D

    @කතන්දර: උපං ලප වලට එහා විස්තර වගයක් කිවුව පොර

    @බීටා: අප්පිරියයි නේද ??? ඉඳිආප්ප වල කලු කූඹිත් හිටියලු

    @රන්දික කුලතුංග: හිනාවෙයං . . . හැබැයි පන ඉතුරු කරගනිං . . . . අනිත් ඒවටත් හිනා වෙන්න එපැයි

    @පිසාචයා: මට අ.පේ.ත් දාන්න හිතුන . . . . ඒත් මම දැං එතන පුද්ගලික අත්දැකීම් වැඩියම දාන්නෙ නෑ . . . . උඹ දන්නවනෙ හේතුව ???
    මේ ඉන්න බාලා ගැන තමයි මම අ.පේ.යෙ "පෙත්තප්පු k කියල දාල තියෙන්නෙ

    @සමන්: ටැංකිවු මචෝ . . . .

    @දෙවනි ඇනෝ: මූ සහ මුගෙ හාමිනේ බ්ලොග් බලන්නෙ නෑ කියල මට පට්ට ශුවර් නිසා තමයි දැම්මෙ . . . . බුවා මේක දැක්කොත් මම වසල හමාරයි

    @සාතන්: ඔය වක්කිය ඉවරවෙද්දිම බාල හිටපු තැනක් වත් හොයාගන්න බැරි උනා

    @කුක්කු පැටියා: ටැංකිවු මචෝ

    ReplyDelete
  14. පට්ට කතාව...>!

    ReplyDelete
  15. බොරලු මස්සිනාMay 6, 2011 at 7:47 AM

    අම්මට සිරි... මරු කතාව.
    කොලඹ කැම්පස් එකේත් ඔයිට දෙවනි නෑ. කේ.ජී හෝල් එක, සිරීපාදේ .....
    උඹ කොයි කැම්පස් එකේද?

    ReplyDelete
  16. බඩ රිදෙනව යකෝ මට............. :D

    ReplyDelete
  17. අප්පච්චියේ බඩත් කොර වුනා :D

    ReplyDelete
  18. නොදකින් ආතල් කේවා...

    ReplyDelete
  19. කම්මුල් දෙක ඉදිමුනාද මන්දා.

    ReplyDelete
  20. හිනා කියන්නනෙ උපරිමේටම හිනා වුනා .......... එලම පෝස්ට් එකක් ..............

    ReplyDelete
  21. ඊයේයි මේක දැක්කෙ. ඔන්න අද පාන්දර 4.30ට වෙලාවක් ආවේ කියනවන්න.

    මොනා නැතත් යාලුවා වැදගත් තාලෙට කතා කරනවා නේද ඕනයා

    ReplyDelete
  22. පිස්සු හැදෙයි.මරු කතාව............තව ඕනේ ඕනයෝ

    ReplyDelete
  23. @මහසෝණා / බොරලු මස්සිනා: ටැංකිවු මචංලා

    @සෝරෝ: අරලු පෙත්තක් බීපිය

    @ChAnDiKa: උඹත් සෝරෝ බීපු ජාතියම බීපං

    @මාරයා: මම උඹේ ආතල් එක නැති කලාද ???? අනේ සොරි මචෝ

    @ශාමින්ද: කොහෙං හරි අලි හක්කක් දෙහි ඇඹුලෙං උරච්චි කරල ගාගනිං

    @කල්හාර: ටැංකිවු මචෝ

    @බුද්ධි: වැලා වචන 10ක් කිවුවොත් 9ක්ම "#$@%#$%@" තමයි

    @රජිත්: ඔය මිත්‍රයගෙම තව හෙන කලෙක්ශන් එකක් තියනව . . . කතාවලට ගෑවිච්චි අනිත් එවුංගෙං අවසරේ ලැබෙන හැටියට දාන්නං

    ReplyDelete
  24. ලොල් දත් අහනව බන්.. ලොලේම ලොල්ය.... මේ ඒ අක්ක ඇදුම් ඇදන් ඉන්නවට වඩා #$@%#$%@ ඉදිද්දි ලස්සන ඇති නේද..???

    ReplyDelete
  25. චිකේය්ය, මු කිව්වොත් වල් කතාවක්.

    (බ්ලොග් බලන ගෑනු ළමය් එහෙම දැන් ඕනෙවට වැඩිය පරිස්සන් වෙන්න බලය්ද මන්ද.)

    ReplyDelete
  26. ඔබා මාමා, ඇන්ඩයියටද ඔය කියන්නේ ??? තේරුමක් නෑනේ...
    මොනවා වුනත් බාලා කියන්නේ එල කොල්ලෙක්... ඌ තාම යහතින් ඉන්නවා නේද ????

    ReplyDelete
  27. @සුළඟිල්ල: උඹට ලොල් නං මටත් ලොල්ම තමයි

    @ඔබ්සර්වර්: මේ කතාවෙ කොතනද බොල වල් ???

    @ගොඩයා: බී. ඇම්. බාලා . . . . සිරාම කොල්ලෙක් තමයි. උඹ කියවල තියනවද මම ලාස්ට් රෝ එකට ලියපු "පෙත්තප්පු k" කතාව ? ඒකෙ ප්‍රදාන චරිතෙත් මේ බාලම තමයි

    ReplyDelete
  28. හික් හික්....ඉඳිආප්ප ට්ක හිර නොවී කැව ඇති

    ReplyDelete
  29. අම්මෝ ඇති උඹ ලිවුවා. බලල බලල මට එපාවෙලයි තිබ්බේ.. මං මේ තාම රන් තැඹිලි ගෙඩි ගැන උඹ කියපු වෙලේ ඉඳන් කල්පනා කරන්නේ උඹ කොහොමද ඒවා දැක්කේ කියල..මං කියන්නේ මේ රන් තැඹිලි ගෙඩි ? ටක්කෙටම උඹත් ගිහින් තියෙනවා හොරෙන් බලන්න .. මං රබර් වත්ත බෝඩිමේ ඉන්න කාලේ ඊට පහලින් චමරියක් තිබුනා. එකේ හිටියේ කොල්ලෝ.. ඉඳල හිටලා ඉතින් කෙල්ලක් දෙන්නෙක් යනවා එනවා. පොඩි සාදු කෙනෙකුත් ඔතනම හිටියා. මං ඉතින් ඔතෙන්ට යන්නේ නෝටිස් දීල නෙවෙයි..ඊ ගහ වගේ .. එහෙම යන්න මට අවසර තිබ්බනේ.. ඔන්න එදා යනකොට පොඩි සාදු ඇඳේ ඉන්නවා අක්ක කෙනෙක් එක්ක.. හැබැයි අඳනය පිටින් හිටියේ අක්ක හිටියේ නිරුවානේ කිට්ටුව.... මං හැරුනා. දිවුව දිවිල්ලක් ... මට ඇහෙනවා. .. මල්ලී.. මල්ලී කියල මට ආපහු එන්න කියනවා... මං අපහු ඒ පැත්තේ ගියේ නෑ කාලෙකට.. පොඩි සාදු සිවුරු ඇරිය දවසේ තිබ්බ පාටියක්.. පවු අඬල අඬල තමයි සරමට බැස්සේ...

    ReplyDelete
  30. ෂුවර් එකටම අරූ කාමරේ අච්චර වෙලා ඉඳියෙ බඩගින්නට, තිබගට නෙමෙයි. ;)

    ReplyDelete
  31. @කුරුං: ඉඳිආප්ප හිරවුනාද නැද්ද කියල ඌටවත් මතක නැතුව ඇති මයෙ හිතේ

    @ජයියා: කරන්න දෙයක් නෑ මචෝ වෙලාව ලැබෙන විදියට තමා නෙට් එකට ඔලුව දාන්නෙ . . . බ්ලොගට තියා ලාස්ට් රෝ එක පැත්තෙවත් එන්න වෙලාවක් නෑ මේ දවස් වල.

    @නවම්: බඩගින්නට නෙමේ අතට ඩේටා ටිකක් එකතුකරගන්න . . . . හික් අපි නොදන්න බී. ඇම්. බාලා

    ReplyDelete
  32. ඔන්න මමත් මේකට සෙට් වෙනවෝ...

    ලොවෙත් නෑ.... මම මේ අවුරුද්දෙ අහපු සුපර් ම කතාව..
    තවත් මේ වගේ ඒව තිබ්බනං තමා හොද... හික් හික්..

    ඉදි ආප්ප ද, ආප්ප ද දන්නෑ ඇත්තටම කැව්වේ...? :P

    ReplyDelete
  33. රීඩරේ තියෙන "ගුටි" පොස්ට් එක දැන් නෑනෙ..

    ReplyDelete
  34. හික්ස්.......... බාලා තමා බාලා...

    ReplyDelete
  35. විලි ලජ්ජාවෙ බෑ

    ReplyDelete
  36. උඹ ගුටි කැවද නැත්නම් දුන්නද බන් ? කෝ ඒක ?

    ReplyDelete
  37. මේක කියවලා හිනා කාලා මැරෙනවා බං.. තව පොඩ්ඩෙන් බොසාට මාට්ටු වෙනවා මොනිටරේ දිහා බලාගෙන හිනාවෙලා..

    පට්ට කතාව...!!

    ReplyDelete
  38. @සුපර් මාරියෝ:
    තව මේ වගේ ඒව තියනව . . . අවුලකට කියල තියෙන්නෙ එවුව දාන්න අදාල නලුවංගෙං අවසර ගන්න අමාරුයි. ඉඳිආප්ප තමා කාල තියෙන්නෙ . . . කූඹිත් හිටියයි කියන්නෙ ඒවයෙ . . .

    @චතුවා:
    බාලගෙ නියම කතා සෙට් එකක් තියනව . . . හෙන කතා සෙට් එකක් කොටල ඌට යවල තියෙන්නෙ ඇපෲවල් එකට . . .

    @නිහාල්:
    කෙල්ලටවත් නැති විලි ලැජ්ජාවක් කොයිංද අයියට ???

    @සමීර:
    කතාව ඒ මට්ටමට තිබුන නං . . . . මට එච්චරයි මචෝ . .

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .