Saturday, May 21, 2011

ගුටි

දෙන්නෙක් අත් දෙකෙං අල්ලං ඉඳිද්දි බොක්සිං කරපු එවුං තුන්දෙනෙක් මාරුවෙං මාරුවට මූන කට පුරෝල නෙලනකොට සනීපෙ කොහොමට තියෙයිද . . . . ????
දිනය: හරියටම මතක නැත. ඒත් අවුරුද්ද 1995
ස්තානය: කෝට්ටේ ශා. ජෝන් විද්යාලයේ තාප්පය අයිනේ ඉශරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව යට.
ගතවූ කාලය: ආසන්න වශයෙන් විනාඩි 15යි
කතාව:
මම කලිං දාපු "තාත්තෙ . . . .  මෙයා ඕනෙ" කතාවට ශාස්ත්‍රාලෙ මගෙත් එක්ක ගෙනගත්ත ඉබ්බා, ඇනොනිමස් විදියට ඇවිල්ල කරපු ඉල්ලීමක් ඉ‍ටු කරන එක තමයි මේ කරන්නෙ.
තුසිත කියන්නෙ අපේ පංතියම හිටපු එකෙක්. ඌ ඒ දවස්වලම ටිකක් අප්සෙට් ට්‍රැක් එකක තමයි දිවුවෙ. තුසිතය ඇතුලු උගෙ ගැංසියට මගෙත් එක්ක පොඩි (පොඩි කිවුවට පොඩිම නෙමේ) ඔරොප්පුවක් තිබුන නුගේගොඩ ඇල්ෆා එකේදි අපේ පංතියෙ හිටපු බඩාගෙ පොඩි පහේ ගෑනු පටලැවිල්ලක් නිසා. මුං සෙට් එක ඒ වෙනකොටත් මට දෙපාරක් විතර ගහන්න සෙට් උනා නුගේගොඩදි., මම ඉතිං දස්සයනෙ . . . .  මම කොහොමහරි කට් එක දාගෙන හිටිය.
ඒ මහ කරුමක්කාර දවස තමයි කෝට්ටෙ සෙන් ‍තෝමස් එකේ ස්පෝට්ස් මීට් එක. මම ඒ පැත්ත පලාතක නොගිහිං ඉන්න හැදුවත් චන්දනයයි (ඇත්ත නමනෙමේ) සුදුවයි නිසා යන්නම උනා. මොකද උං දෙන්නම ට්‍රයි කරන කෙල්ල් දෙන්නම සෙන් ‍තෝමස් එකේ කෙල්ලො දෙන්නෙක් නිසා. චන්දනය බැස්සෙ ලහිරුට (ඇත්ත නම නෙමේ). සුදුව බැස්සෙ ශශීට. මමතුමා ඉතිං සුපුරුදු පරිදි මී ඇන්ඩ් මයි සෙලෆ් තමයි. චන්ඩි වගේ ස්පෝට්ස් මීට් එකට යන්න සෙට් උනාට මොකද  . . . . ඉස්කෝලෙ ගේට්‍ටුවෙං ඇතුලට ගන්නෙ ඉස්කෝලෙ එවුං විතරයි. පිට ඉස්කෝලවල එවුං එනවට ගේට්‍ටුව ගාවට පොලීසියයි පිටිං එන එවුං අඳුනගන්න ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස්ල කීප දෙනෙකුයි දාල හිටිය. පිට ඉස්කෝලවල එවුං උනාට උංගෙ යාලුවන්ට ඇතුලට රිංගන්න චාන්ස් එක තියනව. අපිට ඒකත් නෑ. හේතුව ශශීට ට්‍රයි කරපු එකෙකුත් එතන හිටපු නිසා. ඉතිං අපි තුන්දෙනාට තිබුනෙ එකම විකල්ප මාර්ගයයි. ඉශාරා එකේ ගේට්‍ටුව ඉස්සරහ තියන ලයිට් කනුව දිගේ සෙන් ‍තෝමස් එකේ තාප්පෙට නැගල ඇතුලට පනින එක. කෙල්ලො දෙන්න කලිංම තාප්පෙ අනිත් පැත්තට ඇවිත් හිටිය කලිංම කතාකරගත්ත විදියට. චන්දන ඉස්සෙල්ලම ලයිට් කනුව දිගේ නැගල තාප්පෙන් පැන්න. ඊලඟට සුදුව . . .  අන්තිමටම මම නැග්ග ලයිට් කනුව දිගේ එල්ලුනා තාප්පෙ . . . . එතනින් එහාට යන්න බෑ . . .  කකුල නිකං මොකක හරි හිරවෙලා වගේ . . .  ඇද්දට ඇද්දට එන්නෙ නෑ . . . . බැලුව පහල හැරිල . . . . දැක්ක දර්ශනෙං මගේ ඇඟේ මයිල් ටික නිකං බකට් කම්බි වගේ කෙලිං හිටිය . . . . පපුව සීතල වෙලා ගියා නිකං පලවෙනි පාරට මැටහෝන් එකක් ඇද්ද දවසෙ වගේ . . . . .
මොකද්ද මම දැක්ක ඒ හිත සසල කරවන දර්ශනය . . . . ??? පහලට වෙලා මගෙ කකුලෙං අල්ලං ඉන්නව මං වගේ දෙක හමාරක් විතර එකෙක් . . .  මූන කචල් (ඒක තමා උගෙ කාඩ් එක). මූන කචල්ගෙ දෙපැත්තෙ ඉන්නව ලවු කොටයි (තුසිතය), මන්ද බුද්දිකයයි තව ඉස්කෝලෙ බොක්සිං සෙට් එකේ පස් හය දෙනෙකුයි.
මම: කචල්  ඇයි මචං ???
කචල්: බැහැපං **** පු‍තෝ පහලට . . . !!!
මම : අනේ මචං . . .  මට එහා පැත්තට යන්න ඕනෙ . . .  අනිත් එවුං ටික එහා පැත්තෙ බලාගෙන ඉන්නව . . . .
ලවු කොටා: උං හිටපුදෙං . . .  උඹ බහිනවද ??? අපි බස්සන්නද ?
මම: හරි හරි හිටපං
මම කියල ඉතිං වෙන මොනා කරන්නද බහිනව ඇර . . .  නැගපු විදියටම බැස්ස . . . .
මම: ඇයි මචං ???
කොටා: ඇයි ?????
ඒ ටික තමයි සෙග්මන්ට් එකේ අන්තිම  ඩයලොග් එක . . . . .
මට ඊට පස්සෙ මතක මුලිංම වගේ බඩ මැද්දට වැදුන පාරට නැමුන මම ආයෙත් කෙලිං වෙද්දි දෙන්නෙක් මගෙ අත් දෙකෙං දෙපැත්තට ඇදල අල්ලගන ලයිට් කනුවට හේත්තු කරගන්නව සහ මිට මොලවපු කොටාගෙ අත හිතාගන්නවත් බැරි වේගෙකිං මගෙ මූන දිහාවට එනව විතරයි. මම ඇස් දෙක තද කරල පියාගත්ත ඕනෙ පු*ක් සත පනහයි කියල.
වැඩේ විනාඩි පහලවක් විතර කෙටි කාලයකිං ඉවර උනා මයෙ හිතේ . . . . පස්සෙ ලයිට් කනුව යට වැටිල හිටපු මාව ඉශාර එකේ වැඩ කරන කොල්ලො සෙට් එක ඇවිල්ල නැගිට්ටවල . . .  වතුර එහෙම පොවල ගෙදර පිටත් කලා.

31 comments:

  1. එලම සීන් මචං උඹට වෙලා තියෙන්නෙ .......... උඹ ඔය තරමින් ඉන්න එක ලොකු දෙයක් ......

    ReplyDelete
  2. ගණන් ගන්න එපා බං... බුදුහාමුදුරුවන්ටත් මාරයා හිටියනේ

    ReplyDelete
  3. මචං කාපු බීපු කතා සීරිස් එකක්ම එලියට අදින්න හිතෙනවා බොල මටත්..හම්මේ මේ මගේ නහයේ තියෙන චූටිම චූටි ගැට්ට එතනට ආවේ කොහොමද කියලා හෙමත් මට දැන් මතක් උනා..

    ReplyDelete
  4. මේ ඔය කර්ම විපාකය ගැන නේ උඹ ලියල තියෙන්නේ.. ඔහොම විපාකයක් ලබන්න උඹ කල කර්මය මොකක්ද කියල ලියපන්කො.. මට හිතෙනවා උඹ ගුටි කන්න නෙවෙයි මැරුම් කන්න වටිනා එකක් කරන්න ඇති කියල..

    ReplyDelete
  5. @කල්හාර: ඔය සුලුවෙං ගුටිකාපු එකක් . . . . .

    @ප්‍රසන්න: එහෙම හිතල තමයි මචෝ මම ඒ දවස් වල හිත හදාගත්තෙ . . .

    @මාරෙ: දාපං මචං . . . . ගහපුවා කියනවට වඩා ආතල් එකක් තියනව . . . ගුටි කාපුව කියද්දි . . .

    @ජයියා: ඔය සෙට් එකෙං ගුටි කන්න හේතුව කර්ම විපාක දීමක් නං මචෝ . . . කාල තියන කෑමෙ හැටියට මම අනිවා ආනන්තර්ය පාප කර්ම දෙක තුනක් වත් එක පාර කරල තියෙන්න ඕනෙ.

    ReplyDelete
  6. හොඳ වැඩේ උඔ​ට!

    ඒක නෙමේ අකුරු පොඩි වැඩි වෙලා වගේ

    ReplyDelete
  7. @බුද්ධි: අඩේ එහෙම කියන්න එපා . . . මං ඉතා අහිංසකයි . . .

    ඔන්න මචෝ අකුරු ලොකු කලා

    ReplyDelete
  8. ජයියා අයියා හරි.
    අන්තරීය පාප කර්මයක්ම තමයි කරන්න ඇත්තේ.

    ReplyDelete
  9. @පිසාචයා: බොලාලව ආස්සරේ කරන එක තරං පවක් තවත් නෑ ඉතිං . . .

    ReplyDelete
  10. ඕනෙ අයියගෙ බ්ලොගේ කොමෙන්ට් කරන මුල්ම වතාව වෙන්න ඕනෙ මේ :) :) :)
    ඊට පස්සෙ දුන්නෙ නෑතෙයි උන්ට පෝරියල් එක? ? ?

    ReplyDelete
  11. @Y2K: ටැංකිවු ටැංකිවු මලේ මේ පැත්තෙ ආවට . . . . . .
    ඊට පස්සෙ පෝරියල් එක දුන්නදත් කියල අහනව . . . . . නැතුව නැතුව . . .ඒ ඔක්කොම උං මට ගැහුව . . මට උං ගැහුව . . . .

    ReplyDelete
  12. මං කිවුව නේද මගේ වඩා කිඩ ක්ලාස් එකට අපු එකෙක්ගේ පපුවේ ගහල තිබුන දේ " වැඩ දෙනව ගුටි කනව" ඒ උඹද මන්දා.

    ReplyDelete
  13. @ජයියා: නුගේගොඩ YMBA එකේ වැඩ කිඩ පංති නං ගියා තමයි . . . . හැබැයි ඉතිං පපුවෙ තියා වෙන කොතනක වත් පච්ච කොටන්න තරං හිතේ දහිරියක් අදටත් නෑ බොල . . . .
    අනික මම කොලේ "සාමෙට වරෙං ඩෝ" සයිලිය . . . .

    ReplyDelete
  14. හොඳ වැඩේ අනුන්ගෙ ඉස්කෝල වලට හොරෙන් පනිනවට ඔය ජේඩී ලාගෙ සිකෝලෙටනේ ගිහින් තියෙන්නෙ අයියන්ඩී

    ReplyDelete
  15. යකාගෙ කෑමක්නෙ කාල තියෙන්නෙ... මූණ ඉතුරු වෙලා තියෙනවද?.....

    ReplyDelete
  16. දැන් ඕකට රිටන් එක දුන්නෙ නැද්ද. අපේ යාලුවෙක්ගෙ කොල්ලෙක්ට තව සෙට් එකක් එකතු වෙලා ගහල අපි බලන්න ගියා ඉස්පිරිතාලෙ. කටේ දත් දෙකකුත් කැඩිලා. මූන නිල් වෙලා. ඒත් කෑ ගගහ ඉන්නවා ඕකුන්ව මම මරනවා කියලා. ඔයාල නම් වලි වලට යයි. ගෙදර මිනිස්සු එපායැ දුක් විඳින්න.

    ReplyDelete
  17. @ශානු: කොහොමත් අපි සෙන් ‍තෝමස් එකට යන්නෙ එතනින් තමයි. මොකද ගේට්‍ටුවෙ ඉන්න ප්‍රිෆෙක්ට්ස්ල අපිත් එක්ක කචල් . . .
    ඔව් ඔව් . . . ජේ. ඩී. ලයි ඉස්කෝලෙ තමයි

    @සාතන්: ඒ දවස් වල ඇස් කලුකරගෙන, තොල් එල්ලගෙන, නොන්ඩි ගහ ගහ, ඉරිච්ච ඇඳුං පිටිං බස් එකේ ගෙදර යනව කියන්නෙ නිකං "ටොයිස්" වැඩ අපට. කෙටියෙං කිවුවොත් "වලි" ලේවල තිබුනෙ . . .

    @පිණිබිඳු: පස්සෙ රිටන් එක දුන්න .. . . රිටන් එක කිවුවට එකක්ම නෙමේ බර ගානක් . . . මොකද ඔය වලි එකෙං නතරවෙන්නෙ නැ නෙ. තරම කිවුවොත් මේ සීන් පටං ගත්තෙ 1992දි විතර . . . අපි ඔක්කොමල්ල දැං ලමයි ඉන්න තාත්තල, ඒත් මම තාම නුගේගොඩ සුපර් මාකට් හංදියෙ ඉඳල චැපල් ලේන් එක ගාවට පයිං යන්නෙ නෑ . . . ගුටි තාම ශුවර්.
    පස්සෙ රිටන් දෙනව කියල කෑගහල නං හරියන්නෙ නෑ .. . වෙන්නෙ නිකංම නෝන්ඩි වෙන එක විතරයි.
    මල්ලියි මමයි මොන කොක්ක දාගත්තත් ගෙදරිං අවුලක් නෑ . . . අම්මවත් තාත්තවත් කවමදාකවත් අහල නෑ මොකද උනේ කියල . . . හැබැයි දෙන්නම අපිට කියල තිබුනෙ . . . කෝල් කරනව නං පොලීසියෙ ඉඳං කෝල් කරන්න, නැතුව ඉස්පිරිතාලෙ ඉඳං කෝල් කරන්න එපා කියල . . . .

    ReplyDelete
  18. ආ.ඇන්ඩර්සන් ලමයා අලුත් පෝස්ට් එකක් දාලා.හවස දිහාට කියවලා කොමෙන්‍ටුවක් දාන්නම්.

    ReplyDelete
  19. එල එල රජිතයෝ . . . . පුලුවං වෙලාවට දාපං . . . .

    ReplyDelete
  20. අනේ පව් අහිංසක ''ඕනයා ''

    ReplyDelete
  21. @Bindi: පවු තමයි අප්පා . . . මං ඉතිං කොහොමත් අහිංසක කොල්ලනෙ . . .

    ප.ලි.: මේ Bindi කියන්නෙ අනුශ්කයගෙ නංගි ද ???

    ReplyDelete
  22. බඩකට පුරා හොදහැටි කාලා තියෙන්නේ.ඔය කර්ම විපාකය විදින්න හේතු උනු අතීත කතාව ගෑනු පටලැවිල්ලක් නේද?.හැබැයි ගෑනු කේස් වලට එක පන්තියේ කොල්ලෝ මරාගන්න එක කොච්චර චා උනත් අදටත් ඕක තියෙනවා.

    හැබැයි ඕනයා බොරුවට මී ඇන්ඩ් මයි සෙල්ෆ් කියලා කිව්වට ඔය කාලේ ගෑනු පරාන බර ගානක් ඉන්න ඇති,නෝනි අක්කා දැන ගනියි කියලා නොදා හිටියට :D

    ReplyDelete
  23. @රජිත්: ගෑනු කේස් එකක් තමයි සිද්දියට මුල . . . ඒත් මගෙ නෙමේ . . .
    හාමිනේ බලනවට බයේ නෙමේ බං . . . හාමිනේ කොහොමත් මේක බලන්නෙ නෑ . . . මම කවදත් සෙට් බැහැල කෙල්ලො පස්සෙ ගියෙ නෑ .. . . ගෑනු අංසෙං ඕනෙ මගුලකට යන්නෙ තනියෙං. අනික මම ශාස්ත්‍රාලෙ යන කාලෙ ගමේ කෙල්ලෙක් දාගෙන හිටියෙ . . . ඒක නිසා මම කෝට්ටෙ පැත්තෙ ඔවුවට ගියෙ නෑ

    ReplyDelete
  24. හොඳ වැඩේ බොට.

    ReplyDelete
  25. අනේ පලයං ඔබා අයියෙ යන්න . . . උඹලටත් මාර සං‍තෝසයි නේද අහිංසකයෙක් අමාරුවෙ වැ‍ටුනම ????

    ReplyDelete
  26. අ හිංෂක..
    "අ" යන්න කපහං ඕනයෝ...

    ReplyDelete
  27. @මාරෙ: මොන හිතකින්ද මචෝ උඹ ඔහොම කියල මේ අහිංසක හිත තලන්නෙ ????

    ReplyDelete
  28. උඹේ මේ ගුටි පුජාව කියවලා මටත් එහෙම එකක් මතක් උනා. පොස්ට් එකක් විදිහට මගේ එකේ ලියන්නම්කො......

    ReplyDelete
  29. @ගොඩයා: එල එල . . . දාපං . . .

    ReplyDelete
  30. ඈ බං ඒ ගුටි කාපු පාරටද ඔය මූන රුයිතෙට ඇදවෙලා තියෙන්නෙ?

    ReplyDelete
  31. @නවම්: අඩෝ කොහෙද ඇද ??? මේ තියෙන්නෙ යසට . . . රවුමට . . . නිකං පෝයට පායපු හඳ වගේ

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .