Thursday, May 26, 2011

තොරනට නමක් ?

(තොරනට සාදර අනුග්‍රහය . . . http://www.panoramio.com/user/3214161?with_photo_id=22479395ගෙනි)

පහුගිය දවසක පසන් එක්ක මාලඹේ තොරන බලද්දි මතක් උන කතාවක් . . .  
මේ සිද්දිය උනේ 1988දි විතර . . . තිලක් අයිය කියන්නෙ මගෙ ගමට අල්ලපු ගමේ මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් කොල්ලෙක්.  තිලක් අයියගෙ ගෙදර තියෙන්නෙ තිරගම (බුවාගෙ ගමේ නම) හන්දියටම වෙන්න බෝගමුව මතව පාරෙ. 
එක වෙසක් එකකට තිලක් අයිය හෙන මහන්සිවෙලා තොරනක් හැදුව වෙසක් කාඩ් වලිං. ලස්සන පාට පාට බල්බ් සෙට් එකක් හෙම දාපු මේ තොරං රාජයා තිලක් අයියටත් වඩා ටිකක් විතර උසයි . . . .
වෙසක් දවස කිට්‍ටු වෙනකොට මහා තොරං රාජයගෙ සියලුම වැඩ කටයුතු අහවරයි . . .  එකක් ඇර . . . .   


"තොරනට නමක් ?????"


දැං තිලක් අයිය හම්බවෙන හැම එකාගෙංම අහන්නෙ "තොරනට නමක් කියපංකො මචං" කියල . . . .
දවසක් තිලක් අයියගෙ ඉස්කෝලෙ (මගෙ ඉස්කෝලෙත් ඒකමයි . . . තිරගම මහා විද්යාලය) යාලුවෙක් නමක් යෝජනා කලා . . . .  හතර පෝයටම සිල් ගන්න උපාසක මහත්තයෙක් උන තිලක් අයිය ජීවිතේටම අහල නැති ජාතක කතාවක් නමක් . . . . .


බුවා දැං පස්වනක් ප්‍රීතියෙං පිනා ගිහිල්ල කාටවත් පේන්නෙ නැතුව කාමරේ දොර ජනෙලුත් වහගෙන බෝඩ් එකක නම අඳිනව . . .  වැඩේ සම්පූර්නයි . . .


වෙසක් දවසෙ මහා ජනකායක් මැද්දෙ තොරන මහජන ප්‍රදර්ශනයට විවුර්ත කලා . . . . . . 
තොරනෙ නම දැක්ක විතරයි . . . .
ගමේ සෙට් එකට හිනාව නවත්තගන්න බෑ . . . . . පංසලේ නායක හාමුදුරුවො (බෝගම්මන රතනසාර හාමුදුරුවො) වටාපතින් මූන වහගෙන ආපහු පන්සල පැත්තට වැඩිය . . . . .
තොරනෙ නම . . . .
                                         
"මහා ටෙඹ ටෙඹ ජාතකය"

35 comments:

  1. මොකක්ද එකේ තේරුම ? මට ට්යුබ් ලයිට් !

    ReplyDelete
  2. බෝගම්බර රතන්සාර හාමුදුරුවො.. වැඩ්ඩ වැඩිල්ලක් කෙලින්ම පංසොලේ...

    මොකක්ද බං ඒ ජාතකේ...?????

    ReplyDelete
  3. ම්හ් මාත් cfl එකක්

    ReplyDelete
  4. @ජයියා, ඹාතලන්, වැප්: . . . අපි කවුරුවත්ම දන්නෙ නෑ ඔය ජාතකේ මොකද්ද කියල . . . හැබැයි එදා ඉඳල තාම තිලක් අයියට (දැං වයස අවුරුදු 40ක් විතර ඇති) ගමේ කියන්නෙ "ටෙඹා" කියල . . . .

    ReplyDelete
  5. අයියෝ කවුරුවත් හිටියෙ නැහැනෙ ඒ මනුස්සයා අමාරුවෙන් කරපු වැඩේට හරියන නමක් දෙන්න ......

    බොලා ඉතිං හිනා වෙයල්ලා .........

    ReplyDelete
  6. මමත් ටියුබ් ලයිට් උනා, උඹගේ පැහැදිලි කිරීම් කමෙන්ටුවෙන් පස්සෙ "බකස්" ගාලා හිනා ගියා.

    ReplyDelete
  7. හී... හී... හී... මහා ටෙඹ ටෙඹ

    ReplyDelete
  8. යකෝ බොට එතකොට දැන් 35 ක් ද? ශික් මූ නාකියෙක්නෙ. :D

    ReplyDelete
  9. @කල්හාර: ඔය දීල තියන නමම මදිද . . . ???

    @බුද්ධි: කොහොම හරි හිනා ගියානං මචෝ . . . එච්චරයි මටත් ඕනෙ

    @Y2K: ඔය සීන් එක අපේ ගමේ පුරාවුර්තයක් . . . .

    @රංග: අනේ මේ . . . ‍තෝ හොඳ හිච්චා . . . එතකොට . . . .

    ReplyDelete
  10. මිනිහා බක්තියෙන් කරපු වැඩේට හිනා වෙන එක හරි නෑ නේ...
    ඒ වුනත් දැක්ක ගමන් හිනා නම් යනවා...

    ReplyDelete
  11. තේරුනේ නෑ වගේ.. (O_o)

    ReplyDelete
  12. යකෝ නම කිව්ව එකාට තෑගි දෙන්න එපැයි :D

    ReplyDelete
  13. @රොබින්: එහෙනං එච්චරයි මචෝ මට ඕනෙ

    @සුපර් මාරියෝ: හිනා උන එක නං කැත වැඩේ තමයි . . . ඒත් හිනා නොවී කොහොමද ???

    @චතුවා: උඹත් වෙසක් කාඩ් ටිකකින් තොරනක් ගහල . . . . ඔය වගේ "ලොවෙත් නැති" නමක් දාල . . . . මුලු ගමටම එන්න කියල . . . . ගමේ පන්සලේ නායක හාමුදුරුවො අතින්ම විවුර්ත කරවගෙන බලපංකො කොහොමෙට හිටීද කියල ආතල් එක.

    @පූසා: නම කිවුව එකා ගැන වචනයක් වත් කියන්න බෑ . . . ඌ දැනට ලංකාවෙ ඉන්න සුපිරිම ගනයේ ඉතා ප්‍රසිද්ද microbiologist කෙනෙක් . . . සහ දරුනුම කේස් එක ඌ බ්ලොග් බලනව . . . ඊටත් දරුනු කේස් එක . . . උගෙ ගුටි හරි සැරයි

    ReplyDelete
  14. පට්ට නමක් තමයි තොරනට දාලා තියෙන්නේ.

    පන්සිය පනස් ජාතකේ උනාට ඕකේ තියෙන්නේ 550 ට අඩු ගානක් නේ.ඔය අඩුවෙච්ච ඒවායින් එකක්ද දන්නෑ ටෙඔ ටෙඔ ජාතකය කියන්නේ. :D

    ReplyDelete
  15. ෂුවර් එකටම උඹ වෙන්නැති ඔය නම දෙන්නැත්තේ......... :D

    ReplyDelete
  16. පව් අප්පා ඒ මනුස්සයා. අච්චර අමාරුවෙන් හදපු තොරණට හොඳ නමක් කියන්නෙ නැතුව මොකද්ද අනේ අර කියපු නම. (මොනා උනත් ඒ නමට නම් බකස් ගාලා හිනා යනවා.)

    ReplyDelete
  17. @රජිත්: 543ක් විතර තමයි තියෙන්නෙ . . . ඔය ජාතකේ සෙට් වෙන්නෙ 550නුත් එහාට මයෙ හිතේ

    @සෝරෝ: මම ඒකාලෙ හිච්චි එකා වෙච්චි, මට කොයිංද ඔය වගේ අයිඩියාස් ??

    @පිණිබිඳු: වෙසක් කාඩ් එකතු කරල තොරනක් ගැහුවම වෙන මොන නක් දාන්නද ??? 'මහා වෙසක් කාඩ් ජාතකය" කියල තමයි දාන්න වෙන්නෙ එහෙනං

    ReplyDelete
  18. හක් හක්.. ටෙඹ ටෙඹ ජාතකය.. හක් හක්..

    ReplyDelete
  19. හක හක කිව්වලු...එල එල...මගෙ එකටත් ඈවිත් බලන්න
    www.sabithl.blogspot.com

    ReplyDelete
  20. අනේ පව්, අච්චර භක්තියෙන් හැදුව තොරණ. දැන් ඔයාට ෂුවර්ද ඔය සිද්දියෙ කොතනකවත් ඔයාව ගෑවිලා නෑ කියලා?

    ReplyDelete
  21. @සුළඟිල්ල සහ සබිත්: ටැංකිවු ටැංකිවු

    @නලිනී: පවු තමා ඒත් මොනා කරන්නද ????
    මම ගෑවිල නැත්තෙත් නෑ එක විදියකින් බලද්දි . . .

    ReplyDelete
  22. මහා ටෙඹ ටෙඹ....පට්ටම පට්ටයි......

    ReplyDelete
  23. යකෝ පට්ටම නම.. හැබැයි,
    අසමජ්ජාතක කතාව..
    අවජාතක කතාව..
    වගේ නමක් දැම්මනම් ආතල් එක කියා නිම කරන්න බැරි වෙයි.

    ReplyDelete
  24. වයස 40 ක් වෙලත් තාම "ටෙඹය" කිව්වට ගානක් නැහැ ඕනයො, මගේ යාලුවෙක් ඉන්නවා මගේ වයසෙම ඒ කියන්නේ 58 ක එකෙක්, ඉස්කෝලෙ යන කාලෙ භූරිදත්ත ජාතකය කියල කතන්දරයක් මොකද්ද සමිතියකද කොහෙද පොඩි කාලෙ කියල ඒක අදටත් "භූරිය" කියන හුරතල් නාමයෙන් තමා හැඳින්වෙන්නෙ.

    ReplyDelete
  25. පොර ආපහු ‍තොරන් හැදුවෙ නැද්ද..........

    ReplyDelete
  26. @පිසාචය: පට්ට නං . . . පට්ට

    @ඔබ්සර්වර්: අයියට හෙම නෙමේ නේද ඔය නම කියන්නෙ . . .???

    @දඩිබිඩිස්: ආයෙ අමුතුවෙන් තොරං හදන්න ඕනෙ නෑ . . . තාම බුවාට ඔය සීන් එක මතක් කලාම මූන තොරන වගේ වෙනව

    ReplyDelete
  27. ඇන්ඩයියේ කතාව කියෙව්වට මීට කලින් කොමෙන්ට්ටුවක් කොටන්න බැරිවුනානෙවැ...... මටත් පොඩි සීන් කෝන් එකක්වුනා. මෙච්චරම චාටර් නෑ. ටිකයි චාටර්. මටත් ඔය තොරණ්, කැරකෙන කූඩු උණ තිබ්බා ඒ කාලේ. මම 7 හරි 8 හරි ඉන්නකොට පොඩි තොරණක් හැදුවා. ඔතන ඉඳන් මම පාරේ යන අයට තොරණේ විස්තරේ කෑ ගහල කියනව. මම ගිරිය කඩාගෙන කෑගහල තපස්සු හල්ලුක වෙළෙන්දො දෙන්නා ගැන කීවා. සති ගාණක් යනකම් කොල්ලට පොඩි පොඩි මඩ වැදුනා. පස්සේ කට්ටියට අමතකයි සීන් එක. ඒ මඩ වලින් නෙවෙයි කොල්ල සැලුනේ. ඊට පස්සේ දිගටම වෙසක් නිර්මාණ 4ක් 5ක්ම කරා. කැරකෙන කූඩු 2කුත් හැදුවා.

    ReplyDelete
  28. @ගොඩයා: ඒක හරි මචෝ . . . අතාරින්න නරකයි මොනා උනත් . . . . තපස්සු භල්ලුක කීවම මතක් උනේ කියෙවුවද මේක . . . ???? http://cyberyaya.blogspot.com/2010/02/blog-post_15.html

    ReplyDelete
  29. හේ හේ හේ... මේකත් පට්ට කතාව. මට වුනේ " භ " යන්න " හ " යන්න වෙලා පෙනුන එක. එහෙම බලද්දී මගේ සීන් එක මෙච්චර චාටර් නෑ...... :D

    ReplyDelete
  30. හප්පා.. මේ නම දාපු බුවාව වැරදිලාවත් දරුවන්ට නම් තියන්න ගත්තොත් මොකක් වෙයි ද

    ReplyDelete
  31. හි හී හී ශුවර් එකටම ඕක උනේ ඔය කිව්ව කෙනාටමද අයියේ

    ReplyDelete
  32. පව් යකෝ . ..

    තෝ කොහොම කිව්වත් මට නම් සත පහක විස්වාසයක් නෑ ඒ නම යෝජනා කොරපු එකා උඹ නෙමෙයි කියලා . . .

    උඹ ඇන්ඩර්සන් ළමයානේ ඉතින් . . හික් හික් . .

    @රංග - ඇයි යකෝ 35 කියන්නේ වයසක්ද ??
    65ත් වයසක්ද නංගී කියපු කතාව උඹ අහලා නැද්ද . .

    ReplyDelete
  33. @සමීර:
    කොහොම වෙයිද කියල දැනගන්න උඹම ඌට අවස්තාවක් දීල බලපං . . . මම දෙන්නං උඹට උගෙ නොම්මරේ . . .

    @පුංචි හිත:
    මමත් කොනක ගෑවිලා ඉන්නව . . . වැඩේ උනේ මට නෙමේ . . .

    @දුකා:
    මම යෝජනා කලානං ඔය නම . . . අනිවා අනිත් පැත්ත ගහපු කුනුහරුපයක් . . . .
    රංගයා . . . ඔහොම කිවුවට දුකා අයියෙ ඕකටත් හෙට අනිද්ද හොට බිම ඇනෙන වයස

    ReplyDelete
  34. මේක තමා මුල ඉදං කියවන එද්දී පට්ට විදියට හිනාගිය පට්ටම පෝස්ට් ඒක. මට ලොකුවට තියෙන නම දකිද්දීම හිනාගියා

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .