Monday, June 6, 2011

පැන්සන් එක අපිට එපා . . . . .

(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)


මුලින්ම පුද්ගලික සමාගම් සේවකයෙක් විදියට අපේ අර්තසාදකේ වෙනුවෙන් දිවි දුන්න රොෂේන් මල්ලිට මගෙ ආචාරය පුද දෙනව. 


දැං කතාව . . . . .
(පිංතූරය කොපිකරගත්තේ ගොසිප් ලංකා එකෙනි.)


ඒකල, ජා ඇල, කණුවන, දඬුගම . . . . ඔය ගම්මාන වලින් වටවෙන ප්‍රදේශය ගැන කියනව නම් . . . මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂන කීපයක් තියනව . . . 
- ඌරු මස්
- අරක්කු
- කුනුහරුප


පලාත ගැන කියද්දි මේ පලවෙනි ලක්ෂන දෙක නං ඕනෙම කෙනෙක් අනිවා දන්නව . . . ඒත් තුන් වෙනි ලක්ෂනය . . . . ???? 


"ආයි අම්මේ . . . , මුංට කතාකරද්දි ඔය ලිංගික අවයව දෙකයි, මහ කෙලියයි ඇරුනම වෙන සුදුසු වචන ඇත්තෙම නෑ"


ඔය වග සනාත කරන්න පුලුවන් සිද්දියක් පහුගිය දිනයක සිදු උනා. හැමෝම දන්නවනෙ රොෂේන්ගෙ මරනයත් එක්කම පොලීසියට විරුද්දව නැගුන මහජන විරෝදය . . .  විවිද පලාත් වල පොලීසියට විරෝදය ප්‍රකාශ කරල විරෝදතා ව්්‍යාපාර, පෙලපාලි, උද්ගෝශන වගේ ඒව සංවිදානය කෙරුන . . .  ඉතින් මේ ඊයෙ පෙරේද ඒකල කර්මාන්ත පුරයෙනුත් ඔය වගේ විරෝදතා පාගමනක් සංවිදානය කෙරුන . . . . 


වැඩි විස්තරයක් නෑ . . .  කතාව ඉවරයි . . .  මෙන්න මම දැකපු සහ අහපු පලවෙනි සටන් පාඨය . . . .


පොලිස් කැ*යො අපිට එපා . . . .!!!

34 comments:

  1. හපොයි. මොනා උනත් අහිංසක ජීවිතයක් නැති උනා. පොලීසියෙන් කියනවා උද්ඝෝෂකයන් ප්‍රකෝපකාරීව හැසිරුණු නිසාලු එයාලා අවි අතට ගත්තෙ. ඒත් ඇතුලෙම කෙනෙක් කිව්වා සිවිල් විදිහට ඇඳගත්තු පොලීසියේම අයමයි ඉස්සෙල්ලාම පොලිසියට ගල් ගැහුවෙ කියලා. ඇත්ත මොකද්ද දන්නෙ නෑ. ඒත් ජීවිතයකින් වන්දි ගෙවන්න වෙච්ච එක නම් අන්තිම කැතයි.

    ReplyDelete
  2. @පිණිබිඳු: කරන්න දෙයක් නෑ නගේ . . .. දේශපාලනේ හැටි ඔහොම තමයි . . . . උංට ඕනෙ දේ උං කරල ඊටපස්සෙ උංට ඕනෙ විදියට පත්තර, ටී.වී, රේඩියොවල උංට ඕනෙ ප්‍රවෘත්තිය කියනව . . . . . මේ ලඟදි දකුනු පලාතෙ ඇමතියෙක්ද කොහෙද කියල තිබුන "බෙන්තර ග‍ඟෙං එහාට උද්ගෝශන තහනම්" කියල . . . . කොහොමද හයිය ????

    ReplyDelete
  3. අනේ යකෝ..ඔය පෝස්ටර් ලිව්වෙත් උඹයි ගෝලයොයි නේද..? දැන් බබා වෙන්න හදනවා..අපි නොදන්න ඕනයා...
    (ඇත්තටම බං උඹ ලිව්ව අනිත් රුවන් වැකි ටිකත් කියහංකෝ..)

    ReplyDelete
  4. ලංකාවේ ත්‍රස්තවාදය ඉවරයි කීවට මම නම් හිතන්නේ තාම ඉවර නෑ,තවමත් අහින්සක ජීවිත කියක් නම් මේ පොලිස් ත්‍රස්තවාදයෙන් අනාත වනවාද,
    මේ මිනිස්සු බලයට කෑදර වනෙනේ හෑමදාම ජීවත් වන මිනිස්සු වගේ,අපි හෑමෝම මෑරෙනවා කියන දේ ඇයි තේරුම් ගන්න බෑරි,අන්න ඒකයි මට හිතා ගන්න බෑරි,තමගේ ජීවිතය වගේ අනිකාගේ ජීවිතයද අනිකාට වටින බව ඇයි මේ මිනිසුන්ට තේරුම් ගන්න බෑරි

    ReplyDelete
  5. නොවිය යුතුව තිබූ දෙයක්..

    ReplyDelete
  6. කතාව ඇත්ත..

    ReplyDelete
  7. අනේ මන්ද ඔය ඔක්කොම පවර් පෙන්නන්නේ අහිංසකයන්ට තමයි. පොඩ්ඩක් හයිය තියන එකෙක් ආවහම පොලිසියත් පුළුවන් තරම් නැවෙනවා..... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    ReplyDelete
  8. අවසානය නොවේ.............!

    ReplyDelete
  9. @මාරයා:
    මම ඕවට නෑ . . . උඹ දන්නවනෙ . . මම ඉතා අහිංසකයි. (මගෙ රුවන් වැකි මෙතන දාන්න බෑ මචෝ . . . .)

    @asa:
    සමහරුන්ට එයාලගෙ ආත්මාර්තකාමය ඉදිරියේ අනිකාගෙ ජීවිත වලට අඩු ලංසු දෙන්න පුලුවන් ඉතා පහසුවෙන් . . . . ඒ ඔවුන්ව ඊශ්වරත්වයේ ලා පුදන පිරිසක් නිතැතින්ම බිහිවන නිසා . . . .

    @රොබින්:
    @සමීර:
    ඇත්ත නොවිය යුතුව තිබූ දෙයක් . . . . . ඒත් මිත්‍රයා . . . .ඇස් ඇරල බලන්න . . . . අපි අවට සිද්දවෙන යතාර්තය දිහා . . . . . සත්යය දකින්නට වටහාගන්නට හැකි නමුත් . . . . . උඩුගං බලා පීනන්න තරම් ශක්තිමත් කශේරුකාවක් උරුම නෑ මට . . . .

    @ගොඩයා:
    පොලීසියෙ හැමෝම එහෙම නෑ මචං . . . හොඳ නිලධාරීනුත් ඉන්නව . . . හැබැයි "කලුනික" වගේ තමයි . . . .

    ReplyDelete
  10. මෙහෙම හොඳ භාෂාවෙන් කියමු.

    පොලිස් ඉස්ගෙඩියෝ අපට එපා!

    ReplyDelete
  11. @බුද්ධි:
    අනිවා . . . නෑ මචං

    ReplyDelete
  12. @කතන්දර:
    ඒක නං නියමයි . . . ඒත් අනිත් සටන් පාඨ ටික කොහොමද අපි ශිෂ්ඨ කරන්නෙ ???

    ReplyDelete
  13. දැං ඉස්සරට වඩා වෙනස් නේ.. ඉස්සර නම් ඔහොම තරු (*) දාලා සටන් පාඨ කියන්නෑ නේ... ඒ අතින් දැං දියුණුයි... :D

    ReplyDelete
  14. කොහොම උනත් මේ දේවල් වලින් උනේ ජීවිතයක් නතර උන එක.. ඊළගට??

    ReplyDelete
  15. @සෝරෝ:
    අනිත් සටන් පාඨ ටික ඇහුව නං . . . උඹට පෙනෙයි ලබල තියන දියුනුව

    @දිනේශ්:
    අසාදාරනයේ විෂම-චාර චක්‍රය . . . . ඕක නැවත නැවතත් ක්‍රියාත්මක වෙයි . . . . කවුරු හරි නැවැත්තුවෙ නැත්තං . . . . .

    ReplyDelete
  16. අන්න උද්ඝෝශන.අර සමසමාජකාරයෝ වාමාන්ශිකකාරයෝ කරන ඒවා වගේද?.හැතැප්ම ගානක් පයින් යන්න පුලුවන් හිනාවෙවී කිසි වෙහෙසක් නැතුව.ඔය වගේ උද්ඝෝශන වලට අපි අත දෙන්න ඕනේ.
    (අත දෙන්න ගිහිල්ලා ගුටි කන්න වෙයිද කියන එක වෙනම කතාවක්):D
    ඕනේ අයියේ පොඩි අවුලක් තියෙනවා.මට කමෙන්ට්ස් ටිකක් පේනවා හොරයි වගේ.දැන් අපි නහින දෙහින කාලෙනේ.ටිකක් ලොකු කරොත් සුපිරියටම තියෙයි.

    *මර්වින් සිල්වා මල ගෙදරදි කතාවක් කරන්න ගිහිල්ලා ගුටි කන්න ගිහින් නූලෙන් බේරිලලු නේද?.මම හිතන්නේ ඔය බෙන්තර ගගේ කතාවත් මිනිහා තමයි කියලා තිබ්බේ

    ReplyDelete
  17. @පාල:
    සිරාවටම . . . කොහොමත් උද්ඝෝශනයක් උනාම සහභාගි වෙන අයට එපා නොවෙන්න තියෙන්න එපැයි . . . ඔය කියපු උද්ඝෝශනයට අත දුන්නනං කොහොමත් ගුටි පලාතකවත් නෑ . . . . එදා පොලීසියනෙමේ . . . කාකි කිට් එක ගහපු කුනුඉස්පැට්ටර් මහත්තයෙක් වත් පාරෙ ගියෙ නෑ . . . .

    අනේ මචෝ කොමෙන්ට් වල අකුරු ලොකු කරන විදිය මම දන්නෙ නෑ . . . . පුලුවන් නං කොහොම හරි හොයාන කරන්නං . . .

    ගුටි කන්න ගිය සීන් එක නං ඇත්ත. ඒත් ඔය බෙන්තර ග‍ඟෙං එහා සීන් එක කියල තියෙන්නෙ බුවා නෙමේ . .. . ග‍ඟෙං එහා ඉන්න බුවාගෙ ජාතියෙම තවත් බුවෙක්

    ReplyDelete
  18. හෆොයි... මේකට මොනවා කියන්නද කියල මට හිතාගන්න බෑ.

    ReplyDelete
  19. සියල්ලම කණපිට හැරිලා.. 1972/76 විද්‍යොදයේ සටන් කාමී සිස්ය නායකයෙක් අද්යාපන ඇමැතිවෙලා කැම්පස් කොල්ලෝ එක්ක වලි.. තමන්ගේම මුල මතක නැහැ.. කම්කරු නායකයෝ මහා තැන්වලට ගිහින් කම්කරුවෝ අවසන් ගමන් යනවා. වම දකුණ දෙකම බොරදියේ මාළු බානවා මිසක් කරන දෙයක් පෙනෙන්න නැහැ.. කොටි කබලෙන් නිදහස් වෙලා මොන ලිපටද වැටුනේ ?

    ReplyDelete
  20. නැතත් අවුලක් නෑ .ක්‍රෝම් වලයි ෆයර්ෆොක්ස් වලයි CTRLඑකයි + එකයි ගහපුවාම අකුරු ලොකු වෙනවා.එතකොට කියවන්න පුලුවන්

    (පාල)

    ReplyDelete
  21. මතක විදිහට කමෙන්ට් ලොකු කරන්නේ ඩෑශ් බෝඩ් එකට ලොග් වෙලා ඩිසයින් වලට ගිහිල්ලා එකේ තියෙන ටෙම්ප්ලීට් ඩිසයිනර් එකෙන්.:)

    ReplyDelete
  22. @ADK කොලුවා:
    @ජයියා:

    ADK කොලුවගෙ කොමෙන්ට් එක තමයි මට ජයියට දෙන්න තියන උත්තරේ . . . .

    ReplyDelete
  23. ඔය වෙලාවෙ පොලිස් කාරයෙක් මුලිච්චි උනානම් ආයෙ දෙකක් නෑ කනව ඌව.

    ReplyDelete
  24. @නවම්:
    මචං මම වෙනම පෝස්ට් එකක් ලියන්න හිටි එකක් ඒක . . . මෙතන ලියන්නං. . . . .
    ඔය වෙලාවෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉස්සරහ මිත්‍රයගෙ තාත්ත පෙලපාලිය එනකං බලාගෙන ඉඳිද්දි පොඩි කොල්ලො දෙන්නෙක් බයික් එකකින් ඇවිත් අංකල්ගෙන් අහලතියනව අංකල්ගෙ තාප්පෙ උඩට නැගල දුර එන පෙලපාලිය බලන්නද කියල . . . අංකල් බුවත් පොඩි කොල්ලොනෙ කියල මුන් දෙන්නට කියල කමක් නෑ නැගල බලන්න කියල . . . . ටිකකින් බලද්දි තාප්පෙ උඩට නැගපු මුන් දෙන්න ජංගමේකිං පෙලපාලිය එන දුර ප්‍රමානෙ ගැන විස්තරයක් දෙනවලු . . . අහල බැලින්නං මුං දෙන්න සිවිල් ආපු පොලිස් කාරයො දෙන්නෙක් . . . . පොලීසියෙ අනිත් සෙට් එකට පෙලපාලිය ලං වෙද්දි ඔත්තුව දෙනවලු . . . කලිං මාරුවෙන්න . . . . !!!!

    ReplyDelete
  25. අද තමා ඔයාගෙ බ්ලොග් එකට ගොඩ උනේ.
    දෑන් තමා නමේ තේරුම දෑන්ගත්තෙ.
    ජය!!!

    ReplyDelete
  26. @ගිම්හානි:
    මල කෙලියයි . . . ඔයා මේ පෝස්ට් එක බලලද නමේ තේරුම හොයාගත්තෙ ????

    ටැංකිවු ඈ . . . . මේ පැත්තෙ ගොඩවෙලා යන්න ආවට. (සික් . . . ටිකකට කලිං ආවනං තේකක් බීලම යන්න තිබුන)

    ReplyDelete
  27. ඇයි ටිකකට කලින්...???දැන් නෝන ගෙදරද?

    ReplyDelete
  28. @ගිම්හානි:
    හික්ස්.. . . . හාමිනේ ගෙදර හිටියට නං අවුලක් නෑ . . . .
    තේ බීල ආව ගමන් තමයි ඔයාගෙ කොමෙන්ට් එක දැක්කෙ ඒකයි ටිකකට කලිං කීවෙ . . . .

    ReplyDelete
  29. http://jbasnayaka.blogspot.com/2011/06/blog-post_16.html

    ෙම්කත් ඔය කථාවටම සම්බන්ධ හින්දා දාන්න හිතුවා....

    ඔබට ජය !!!

    ReplyDelete
  30. කොහේද ඔය උද්ඝෝෂණය තිබ්බෙ?...

    ගියානම් හොඳ කතා ටිකක් අහගන්න තිබුනා......

    ඒ පැත්ත මොකද ඌරුමස් වලට ප්‍රසිද්ධයි කියන්නෙ.......?

    ReplyDelete
  31. හෆොයි...මොනවා කියන්නද කියල මට හිතාගන්න බෑ.

    ReplyDelete
  32. @බස්සා:
    ටැංකිවු මචං පාරට. මම ගියා . . . කොමෙන්ට් කොලා . . .

    @හරී:
    ඒකල කර්මාන්ත පුරේ තිබුනෙ . . . ගිය කතා ටික නං මැක්ස . . .
    ජා ඇල - දඬුගම තමයි මචං චීන ඌරට ප්‍රසිද්ද . . . . . ගං ඌර නං ඉතිං මතව තමයි

    @සන්ජය:
    හික් හික් . . . .

    ReplyDelete
  33. මතව?? අහල නැති ගමක්?

    අකුරු වැරදිලාද?

    අනිත් එවුන්ට කිව්වට ඔයත් ඔය පැත්තෙ වෙන්න ඇති...

    නැත්තම් කොහොමද ඕක දැක්කේ....හි...හි...

    ReplyDelete
  34. @හරී:
    මතව කියන්නෙ මචෝ කුරුණෑගල - රඹුක්කන පාරෙ තියන ගමක්. කොළඹ කුරුණෑගල පාරෙන් හැරිල හැතැප්ම 5ක් විතර යන්න ඕනෙ . . . . . මස් නං ආන්න මස් ඈ . . . . .

    මම රස්සාව කලේ එහෙ බං . . . .

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .