Thursday, March 17, 2011

අ.පො.ස. (සා.පෙ)

ඊයෙ පෙරේද O/L ප්‍රතිඵල පිට උනානෙ. 
     දෙතුන් දෙනෙක්ගෙ ඇරුනම අහන අහන එකාගෙ ප්‍රතිඵල ගන්නම දෙයක් නෑ කියල තමයි කියන්නෙ. අනේ මං දන්නෑ මුංට මොනා වෙලාද කියල මේතරං A පස්සෙ පන්නන්නෙ.
     ඊයෙ බාප්පගෙ ගෙදර නිකං මලගෙයක් වගේ. නංගිට A දෙකලු තියෙන්නෙ. බාප්පයි පුංචියි නිකං පරල වෙලා වගේ අර කෙල්ලව කන්න හදන්නෙ. පවු . . . ඒත් මම කියල මොනා කරන්නද ??
     මට මතක් උනේ මම O/L කරපු හැටි. මුලින්ම මම O/L වලට පංති ගියේ නුගේගොඩ ඇල්ෆා එකට. ඒකත් ඉගෙනගන්න නෙමේ. සොමියට. 11 වසරෙදි එක දවසක් නුගේගොඩ Y.M.B.A. එකේ තිබුන ජයනෙත්ති සර්ගෙ ගණිතය පංතියෙදි නාවල ආනන්දෙ කෙල්ලෙකුට (වැද්දි) රබර් ගෙම්බෙක් දාල එතනින්ම මගෙ ඇල්ෆ ගමන ඉවර උනා. ඊට පස්සෙ අපේ ගෙදරට ඇවිල්ල සිංහලයි සමාජ අධ්්‍යයනයයි ඉගැන්නුව ප්‍රියන්ත අයිය. ගණිතයට පංතියක් හොයාගත්ත රත්මලානෙන්. (කරුනාරත්න සර් ගෙ පංතිය), විද්යාවට කරුනාරත්න සර්ගෙ අල්ලපු ගෙදර ඉන්න අංජලී ටීචගෙ පංතියට ගියා. ඔන්න ඕක තමයි මගෙ O/L ටියුෂන් ඉතිහාසය.
     ඉස්කෝලෙ ගැන නං කියලම වැඩක් නෑ. ශාස්ත්‍රාලෙ මගෙ පංතිබාර හිටපු කන්නංගර ටීචයි, අංශ භාර හිටපු ම*** ටීචයි පුලුවං තරං දත කෑව මාව ඉස්කෝලෙන් එලියට දාන්න. ඇත්තටම මට ඉස්කෝලෙ යන්න ආසාවක් ඇති කලේ අපිට ගණිතය උගන්නන්න ආපු ක්‍රිෂ්නරත්න ගුරු පියතුමා. එතුමට මම අදත් දෙවියෙකුට වගේ ගරු කරනව. දන්න කාලෙක ඉඳන් ගණිතයට ලකුනු 15කට වඩා නොගත්ත මම O/L වලට C පාස් එකක් ගත්තෙ එතුම නිසයි.
     කොහොම හරි අන්තිමට අපේ ප්‍රතිඵල නිකුත් උනා. දැං වගෙ ජංජාලෙං ප්‍රතිඵල බලන්න බෑ නෙව ඒකාලෙ. ඉතිං අපි ඔක්කොම ඉස්කෝලෙට ගියා වැඩ සහ කිඩ මොන වගේද කියල බලන්න.
ප්‍රතිඵල ලේඛනය ඉස්කෝලෙට ගේන්න කලිං ගෙනිහින් තියෙන්නෙ ම*** ටීචගෙ ගෙදරට. අපේ පංතියෙ සෙට් එක අනිත් එවුංට හොරෙංම ගියා ම*** ටීචගෙ ගෙදරට. දැං ටීච අපිට නිල නොලත් ප්‍රතිඵල කියන්න ලෑස්ති වෙනව. ටීච බැලුව කට්ටිය දිහා, දැක්ක මාව. . . .
සද්දෙට කිවුව . .


"අපි එහෙනං F 8කින්ම රිසාල්ස් කියන්න පටංගමු නේද ළමයි . . . . මට කියන්න බලන්න ඕනමැන්ටල්ගෙ ඉන්ඩෙක්ස් නම්බර් එක "


මමත් ඉතිං කිවුව . . . වෙන මොනව කරන්නද . . . . හැබැයි ටීච ඒ වචන ටිකෙන් මාව අදින්න පුලුවන් උපරිම පහලටම ඇදල දැම්ම.
අවසානයේ ප්‍රතිඵල කියල ඉවරවෙද්දි ටීචගෙ ඇස් දෙකට ඔලුවෙ යන්න වෙන උඩක් ඉතුරුවෙලා නෑ . . . . එතන හිටපු සෙට් එකෙන් මගෙ තමා හොඳම ප්‍රතිඵල.
මම ටීචට ස්තුති කරල කකුල් දෙක අල්ලල වැඳල ගෙදර ආව.
හැබැයි හිතාගත්ත A/L ප්‍රයිවෙට් කලත් මේ ඉස්කෝලෙන් නං කරන්නෙ නෑ කියල.

26 comments:

  1. අප්පා... ඕකගැනනන් කියල වැඩක් නෑ... ගියඅවුරුද්දෙ මටත් ඔය කරුමෙ... ශෙහ්! මට A2යි B6යි C1 යි... ඒත් A2යි කිව්ව ගමන් ඉවරයි! මූව ගන්න දෙයක් නෑ කියල කියන්නෙ... අපෝ! :-(

    ReplyDelete
  2. අපේ අම්මලගේ කාලේ හයයි තුනයි කියන්නේ හොඳ රිසල්ට්ස් එකක්. ඒකේ තෙරුම වැඩ අටකින් හයක් පාස්, තුනකට ක්‍රෙඩිට්ස් කියන එකයි.
    පහයි දෙකයි කියන්නේ යන්තන් ඒත් පාස්.

    ReplyDelete
  3. මලේ එකෙක් අම්මට මෙහෙම කිවුවලු...

    වැඩ 4කට ඩබ්ලිව් අම්මේ...

    එතකොට ඉතුරු ඒවා...

    ඒවාත් ඩබ්ලිව්..

    හීක්ස්... ගනන් ගන්න එපා බං... ඒලෙවල් හිතට අරං කරපං

    ReplyDelete
  4. ඇත්ත බන් හරියට A/L ගොඩ දා ගත්තොත් ගොඩෙ ගොඩ........

    ReplyDelete
  5. @හසිත: මටත් D දෙකයි තිබුනෙ . . . . අම්මයි තාත්තයි හිටියෙ නිකං ලෝක විනාසෙ කලිං පටංගෙන වගේ

    @කතන්දර: අසූ ගනන් වලින් පස්සෙ O/L කරපු අයගෙන් තමයි ඔය සිස්ටම් එක වෙනස් උනේ මම හිතන්නෙ. මට මතකයි මගෙ නෑදෑ වෙන අයියල අක්කල ඔය විදියට රිසාල්ස් කියනව.

    @ප්‍රසන්න: A/L කොලා බං . . . හෙන කාලෙකට කලිං. දැං මගෙ උපාදියටත් අවුරුදු 6ක් විතර වයසයි

    @ඇනා: පිස්සු කෙලපු තරම කිවුවොත් පලවෙනි ලැජ්ජාව ඇනගත්ත. ඒත් දෙවනි පාර ගොඩ.

    ReplyDelete
  6. මේකයි නේ මචෝ ඔනේ කේස් එක... දැන් කා​ලේ ළමයි විභාග ලිවුවට ඒවට අයිතිවාසිකම් කියන්න අයිතිකා​රයෝ ඉන්නවනේ අම්බානකට..

    ඒ අතරින් ටියුෂන් කඩකාරයෝ තමා ඉස්සරහින්ම ඉන්නේ..
    ඊට පස්සේ තමා අම්මලා තාත්තලා ඉන්නේ..

    ReplyDelete
  7. උඹේ කතාව කියෙවුවම මට මතක් උනේ මගේ A ලෙවල් .. අපේ පන්ති බාර ගුරුතුමා හිතුව්වේම මම පිස්සු කෙලිනවා කියලයි.. හැබැයි පස්සේ පේලියේ ජොලියේ හිටියට මගේ වැඩ ටික මම දුන්න. හැමවෙලේම කය්ය ගහන ප්‍රශ්න අහන ගොබිලෝ කොට උඩ.. මම තමයි හොඳම රිසල්ට්. අන්තිමට ඇසෙම්බ්ලි එකේ කතාවකුත් පවත්වලයි ඉවර උනේ ! ලොක්ක කියනවා ඊට පස්සේ "මු නම් යකෙක්ම තමයි" කියල..

    ReplyDelete
  8. @සෝරෝ; කතාව නං සැටිපිකට් ඇත්ත. කතාව මනාව ඔප්පු වෙනව අලුත් A/L, O/L පංති පටංගද්දි ටියුෂන් ගුරුවරු දාන පෝස්ටර්, හෑන්ඩ් බිල් වලිං. බුවාල කියන විදියට උපරිම රිසාල්ස් ගත්ත ලමයි ඉස්කෝලෙ යන්නැතුව තමංගෙ පංතියෙං විතරල් ඉගෙනගෙන ගොඩ ගියා කියල තමයි බලන එවුවංට හිතෙන්න.

    ReplyDelete
  9. @ජයියා: මම පලවෙනි පාර ඇනගනී කියල තමයි හැමෝම වගේ හිතුවෙ . . . ඒත් දෙවනි පාර ගොඩ දාගත්තම කට්ටියගෙ කටවල් නිකංම වැහුන. ආතල් ම සීන් එක තමා මම එකය් දෙකයි බයෝ වලිං කරල සොමියට තුන්වෙනි එක මැතෙං කලා. මාස අටක් විතර කාලයක් තමයි ඉතුරු වෙලා තිබුනෙ . . . ඒකත් ගොඩ.
    කැම්පස් එකේදිත් එමම තමයි . . . . මම තමයි හැම සෙමියකම රිපීට් කප් එක උස්සන්නෙ.
    ඒත් හිතට දුකක් නෑ . . . . අන්තිමටම බැච් මිස් වෙන්නෙ නැතුව ඩිග්‍රිය ගත්ත . . . ඉස්කෝලෙදියි කැම්පස් එකේදියි . . . අනිත් හැම එකාටම වැඩියෙං ආතල් එකත් ගත්ත

    ReplyDelete
  10. හිකිය... මටත් අපේ සෙට් එකෙන්ම නම් හොදම රිසාල්ට තියෙනව බන්... ඒ කැලි 4ක් සහ ඇෆ් නැතුව අනික් ඔක්කොම අකුරු තියෙනව.. :P හිතගත්ත හැකිනෙ අපෙ සෙට් එක ගැන.. :P

    ReplyDelete
  11. @සුළඟිල්ල: ඇෆ් නැතුව වෙන මොන අකුර තිබුනත් කමක් නෑ බොලේ . . . .

    ReplyDelete
  12. මගේ කතාව පෝස්ට් එකකින්ම බලාපොරොත්තු වන්න.... :D

    ReplyDelete
  13. දවසක් ඉස්කෝලෙන් රිසල්ට් බලලා කොල්ලෙක් ගෙදර එනවලු මෙහෙම කියාගෙන,
    කොල්ලා-අන්න තාත්තෙ අර උඩහ ගෙදර සිරිපාලගෙ කොලුවා නම් පේල්
    තාත්තා-එතකොට ‍තෝ..
    කොල්ලා-තාත්තෙ මාත් පේල්

    ඕන අය්යා නම් මට වැඩිය හොදයි වගේ.මමනම් ඒ 7 ක් අරගෙන ඕ ලෙවල් ගොඩ ගියා.ඒත් දෙපාරක් බයෝ සයන්ස් කරලත් අන්තිමේ සී 2 එස් 1.

    ReplyDelete
  14. @රජිත්: අඩේ මලේ ඔය අප්සැට් ගහන්න ඕනෙ රිසාල්ට් එකක් නෙමේ නෙ ??? හිතපං ඕකෙ හොඳ පැත්ත . . . . ඔය රිසාල්ට් එකෙං කොච්චර දේවල් කරන්න පුලුවංද ??? උදාහරනයක් විදියට ලෝ කොලේජ් එකට ඔය රිසාල්ට් එකහොඳටම ඇති.

    ReplyDelete
  15. වැඩිපුර පිස්සු කෙලින උන් තමා හොඳ රිසල්ට්ස් දාන්නෙ.

    ReplyDelete
  16. @පිණිබිඳු:
    ආන්න කතාව . . . .නුගේගොඩ සුභද්‍රාරමෙයි, රොටරියෙයි, රේල්වේ එකෙයි ලයිසියම් එකෙයි . . . . 97, 98 අවුරුදු වල A/L පංති ගිය එවුං දන්නව ඇන්ඩ (ඒක තමයි මගෙ ඉස්කූලෙ කාඩ් එක) කියන එකාට මොන තරං නං අමාරුවක් තිබුනද කියල. . . .

    ReplyDelete
  17. අපෙත් අක්කගෙ දුව මේ සැරේ කරේ. A 9ක්. එකක් හරි අඩු උනා නම් එහෙත් මලගෙයක්.

    අපේ සා පෙ ප්‍රතිපල එද්දි, මම පොඩි හිටියන්ට පමනයි ‍ෆිල්ම් එකක් බලනව. ඉන්ටවල් එකේ හෝල් එකේ දොර ගාවට ඇවිත් යාලුවෙක් රිසල්ට් කිවුවේ.

    ආයෙ ඉස්කෝලෙ ගිහින් බැලුවෙ නෑ. එහෙම්ම ගෙදර ගියා.

    ReplyDelete
  18. @රංග: අඩේ . . . යාලුව විහිලුවට වගේ හරි බොරුවක් කිවුව නං. . . . විනාසයි නෙව ???

    ReplyDelete
  19. මගෙත් සාපෙ නම් කොහොම පාස් වුනාද කියලා මට ෂුවරුත් නෑ. පෙරදිග සංගීතයට A එකක් ලැබුනා. ඉතින් මමත් ගියා අපේ සංගීත ගුරුතුමාට ප්‍රථිඵල කියලා වැඳලා එන්න. සර් මගෙන් අහවනවා "පුතා මගේ පංතියේද ?" කියල. මම සංගීතය පන්තිය පැත්ත පළාතේ පස් පාගලා තිබුනේ නෑ මාස 7කින් 8කින්. අනික මම සංගීත පන්තියට ගිහින් සිංදු කීවනම් අනිත් උන් ඔක්කොම සිංදු කියන එක නවත්තනවා ඒකාන්තෙන්ම. එල එල. මේක කියවගෙන යද්දි මමත් ගියා මගේ ස්කෝලෙට.

    ReplyDelete
  20. අඩෝ ගොඩයෝ . . . . ඔය කියන විදියට බොට ජනප්‍රිය ගායකයෙක් වෙන්න මූලික සුදුසුකං ඔක්කොම වාගෙ තියනව නෙව . . . .???

    ReplyDelete
  21. බොලා අහල තියෙනවද මන්ද ඉස්සර තීන්ත පෑන් වලින් ලියන කාලෙ බ්ලොටින් පේපර් කියල ජාතියක් තිබුන. මං අන්තිමට ගිය ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලඟට චරිත සහතිකයක් ගන්න ගියාම, ලියල දෙන්න බ්ලොටින් පේපර් එකක් අරන් එන්න කිව්ව.

    ReplyDelete
  22. ඇයි . . ??? ප්‍රින්සිපල් සර්ට කඳුලු පිහින්න ලේන්සුව මදි වෙලාද ??? (ඔබා අයියගෙ චරිත සහතිකේ ලියද්දි ඇඬෙනවනෙ ඉතිං කොහොමත්)

    ප.ලි. ඔබා අයියේ . . . . ෆීල්ඩ් විසිට් එක හොඳද???

    ReplyDelete
  23. ඔව් බං.. ඒ වුනාට අපේ ස්කෝලේ සංගීතෙට පණ ඇරලා ලව් කරපු උන් දෙතුන් දෙනෙක් හිටියා. මම ඉතින් මොකටද උන්ට ඇනයක් වෙන්නේ. උන් ලව් කරපු එකට මම උදැල්ල නොදා පන්තිය පලාතේ නොගිහින් හිටියා. පන්තියට ගියා නම් ගොඩයටත් ලොකු ගායකයෙක් වෙන්න තිබ්බා. එහෙනම් උඹලට ඔය නිකන්ම නිකන් ගොඩයා කියන්න බෑ. සංගීත් සුපුන් වගේ කෑල්ලක් ඉස්සරහට දාගන්න තිබ්බා. කොහොමද සංගීත් සුපුන් ගොඩයා ??? හික් හික් හික් හික්...............

    ReplyDelete
  24. @ගොඩයා: හික් හික් . . . . එහෙනං එහෙනං . . . නම යසට ගැලපෙනව . . . තවත් නැගල යනව "කලා දූෂන" සම්මානෙං එහෙම පිදුං ලැබුව නං . . . .

    ReplyDelete
  25. ෆීල්ඩ් විසිට් එකෙන් තේරුං ගියා ඔතන කොරන්ඩ ඕනෙ ඉම්පෘමන්ට්ස් ගැන, අයිති කාරය කැමති නම් පොඩි කන්සල්ටේෂන් ෆී එකක් ගෙවන්න....හ්ම්.....

    ReplyDelete
  26. අනෙ අම්මේ . . . . ඔය තියන ඉම්පෘමන්ට්ස් හොඳටම ඇති . . . මම බර කරත්තෙට බැඳපු තනි ගොනා වගේ බර අදින්නෙ . . . . අයිය හදන්නෙ කරත්තෙ හපුතල් අද්දන්නද ???

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .