Wednesday, March 30, 2011

මේං මූ මට ගහල . . . .

1992 - 1999 කියන්නෙ මම හිතන විදියට මගෙ ජීවිතේ චාටර්ම කාලෙ (දැනුත් චා තමයි . . . .  ඒත් ඔය කියන කාලෙ චාමැක්ස්). නුගේගොඩ, කෝට්ටෙ, මිරිහානෙ, පාගොඩ . . . වලියක් කොතනද . . . . මම එතන . . . ගැහුවට වඩා ගුටි කෑව තමයි . . .  ඒත් කොල්ල නෙමේ අතෑරියෙ . . . 
අපරාදෙ කියන්න බෑ මගෙ අම්මයි තාත්තයි කවමදාකවත් ඇහුවෙනෑ ඇයි මූන ඉදිමිලා තියෙන්නෙ . . . ??? ඇයි ඇස් වටේ කලු වෙලා තියෙන්නෙ . . . ?? මොනව වෙලාද තොල් පැලුනෙ . . .?? එස්සෙට් රා . . . 


මේ සිද්දිය උනේ 1995දි. දවසක් හවස හයට, හතට විතර මගෙ අතිජාත මිත්‍රය සුදූ එහෙමත් නැත්තං ලේන උගෙ 11ශ්‍රී ආට එකේ අපේ ගෙදර ආව. වාහනේ තව එක මිත්‍රයෙක් හිටිය අසිත (ඇත්ත නම නෙමේ) කියල. සුදුව කඩාගෙන මගෙ කාමරේට ආව . . .
සුදූ: මචං ඕනෙ . . . පාඩං කරනවද ?
මම: ඔවු. ඇයි ?
සුදූ: පොඩි වැඩක් තියනව ටිකක් ගිහින් එමුද ?
මම: (සුපුරුදු පරිදි) හා


දැං තුන්දෙනා ආට එකේ යනව. මම ඒ දවස්වල හිටියෙ නුගේගොඩ, පාගොඩ පාරෙ දියවන්නා උද්යානෙ. අසිතය හිටියෙ ඊට අල්ලපු පාරෙ (කීරකො‍ටුව වත්තෙ). 
සුදුව ආට එක ගිහිං සද්දෙට බ්‍රේක් පාරක් හෙම ගහල නැවැත්තුව කීර කො‍ටුවට එහා ලේන් එකේ ගෙයක් ඉස්සරහ. හරියටම අසිතයගෙ ගෙදර මායිමට සෙට් වෙන ගෙදර.


මම: ඇයි බං මෙහෙ ආවෙ ?
සුදූ: අසිය . . . කියපං බං මූට
අසිත: මෙහෙ ඉන්න පඩ කැ*ය මට හෙන සද්දයක් දැම්මනෙ බං මේ ලඟදි . . . දෙකක් අනින්න ආවෙ . . . . 
මම: හා . . .
සුදූ: මචං අසිය . . . උඹ හිටපං වාහනේ . .  මමයි ඕනෙයි බලාගන්නං . . . .


චන්ඩි දෙන්න එලියට බැස්ස . . . දැම්ම සද්දයක් . . .  ගෙදර එකා ආව . . . . හෙන සද්දයක් දාගෙන. ඇදල ගත්ත . . . අහල පහල එවුං ඇවිත් බේරනකං නෙලුව.
ඒ කතාව එතනින් ඉවරයි . . . .


හොඳම කොටස සෙට් වෙන්නෙ 2010දි. 
මම ජා ඇල නතර වෙලා හිටිය තැන හැමදාම හවසට කට්ටිය සෙට් වෙනව. රට බීම වෙලදාම කරපු රංගන කියල මරු පොරකුත් හිටිය ඔය සෙට් එකේ . . . මූට කාලෙං කාලෙට මරු මරු බුවාල සෙට් වෙනව හැබැයි ඔක්කොම පිං අඩි කාරයො. දවසක් අපි සෙට් වෙලා ඉන්නකොට මෙන්න රංගනය එනව තවත් සද්දන්ත පොරක් එක්ක. හප්පේ බලන්න එපැයි ඇඟේ තිබුන පච්චා ටික . . . මුලු සත්තු වත්තම උගෙ අත්දෙකේ. රංගනය මූව අපිට අඳුන්වල දීලහෙම බීමට සෙට් උනා. කොල්ලට ඩිලා කියමුකො . . . ටික වෙලාවකින් . . . 


රංගන; මචං ඕනෙ . . . මූත් නුගේගොඩ සිරාම කොල්ලෙක් තමයි
මම: ඇත්තද ? මචං උඹ නුගේගොඩ කොහෙද ?
ඩිලා: පාගොඩ දර්මදූතෙ පාරෙ මචං . . .  උඹ දන්නවද ඒ ඒරියා එක ?
මම: ඔවු ටිකක් විතර දන්නව. දර්මදූතෙ පාරෙ කොයි හරියෙද ?
ඩිලා: පාගොඩ රෝඩ් එකෙන් ඇතුලට යද්දි සෙකන්ඩ් බෙන්ඩ් එකේ ලෙෆ්ට් සයිඩ් එකට තියන ලේන් එකේ ලෙෆ්ට් සයිඩ් එකේ තර්ඩ් බ්ලොක් එක මචන් . . 
මම: අඩේ ඔය කියන්නෙ අර අසිතයගෙ ගෙවල් වලට එහා පැත්තෙ නේද?
ඩිලා: ඔවු මචන්. උඹ දන්නවද ඌව?
මම: ටිකක් විතර
ඩිලා: මට නං පේන්න බෑ ඌව. හෙන සයිස් එක උගෙ. මම ඌට ගහලත් තියනව කොලේජ් යන දවස් වල . . .
මම: නෑ . . . ???
ඩිලා: ඔවු බන් . . .  දවසක් ඌ තව එවුං දෙන්නෙක් එක්ක ට්‍රයිශෝ එකකින් අපේ ගෙදර ඇවිත් මට සද්දයක් දැම්මනෙ . . . . මම දුන්න තුන්දෙනාටම දුවන්න . . . .


මම:(@%$%^*(*^&$%%^)


මේං මූ මට ගහල . . . .

28 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපරාදයක්නේ වෙලා තියෙන්නේ.... උඹ කීවානම් මම දන්නව බන් ඒ පැත්ත, අර අසිතයා මගේ බුදු බොක්ක. අසිතයාගේ අල්ලපු ගෙදර ඉන්නේ *රි පොන්*යෙක් , මම එක පාරක් නෙළුවා ඌට කියලා තව පාරක් නොමිලේම කන්න තිබ්බා. මටත් පොඩ්ඩක් ඔය වගේ වැඩක් වෙලා තියනවා. වෙලාවට මම ඒ සීන් එකේ සයිඩ් එකක හිටිය නිසා බුවාට මාව මීටර් වුනේ නෑ. හැබැයි මාත් එක්ක කිය කිය ඌ දන්න කියන ඔක්කොම කුණු හබ්බ වලින් අපිට බැන්නා. කන පැලෙන්න ගහන්න හිතුනත් එතන ඌට කීවනම් මාත් ඒ සෙට් එකේ එකෙක් කියලා අනිවා සවල් වලින් තමයි කෑලි හොයන්න වෙන්නේ. මාත් ඌ එක්ක අපිටම (මාත් ඇතුළුව ) බැනගෙන එතනින් මාරු වුනා. නිකන්ම නෙවෙයි උගේ පරම්පරාවටම හිතින් පිං අනුමෝදන් කොරගෙන. අනේ මන්ද අපිටත් තිබ්බනේ අතපය තියාගෙන ඉන්න බැරි කාලයක්..............

    ReplyDelete
  3. අර කිව්වත් වගේ තොට කියන්න තිබ්බේ මේ ගොඩයා කිව්ව විදිහටම තමයි . .

    මට මැවිලා පේනවා උඹ අවුරුදු උත්සවේට එනව ඇස් දෙක විතරක් ඉතුරු වෙන්න මුලු ඇඟ වටේටම බැන්ඩේජ් ඔතාගෙන . .

    හික් හික් හික්

    ReplyDelete
  4. @ගොඩයා: ඒක මහ නරකම කැසිල්ලක් තිබුන කාලයක්තමා හැබෑට. උඹට කියන්නෙ මට තාම නුගේගොඩ සුපර් මාකට් හංදියෙ ඉඳල කට්ටිය හංදියට (පරණ කැස්බෑව පාර) පයිං යන්න බෑ . . . . සුවර් ගුටි . . . .

    @දුකා: අයියට කියන්න අයියා අර ඈංගල් කානු නගා මට ඔය අයිය කියන විදියටම අවුරුදු උත්සවේට එන්න සෙට් කරන්න හෙන ට්‍රයි එකක් දුන්න. මම අඬල අඬල තමා ශේප් උනේ . . . . බොරු නං අහල බලන්න

    ReplyDelete
  5. සමහර විට වෙච්ච ඇත්ත සිද්ධිය ඒක වෙන්නත් පුළුවන්. හික්ස්.

    ReplyDelete
  6. මං දැනන් හිටියෙ නැහැනෙ ඕනය ගිය ගිය තැන ගුටි කන චොර පොරක් කියල.

    ReplyDelete
  7. පට්ට සිද්දිය නේ ඕනෙ අයියා.මමනම් අනුන්ගේ වලි වලට අත දැමිල්ල තාවකාලිකව නවත්තලා තියෙන්නේ.ඒක මතක් වෙන්න සීසන් එකෙත් ගහන් ඉන්නේ මාරුවෙන ස්ථාන-වලියකදී කියලා

    ReplyDelete
  8. ඉස්සරනම් ගුටි කෑවේ ඉතින් කොල්ලන්ගෙන්නේ දෑන් ඉතින් මෙයා ගුටි කන්නේ හාමිනේ ගෙන් මට මෑවිලා පේනවා අනේ මෙයා හාමිනේට වඳීන හෑටි "අනේ මයේ දෙයියො ඔය ඈති තඩි බෑවා ඉහි ඉහි ඉහි ඉහි"

    හිකිස්

    ReplyDelete
  9. ලොල්ය.... සිරා..? අරු දර්ම දූත මාවතේ කොයි හරියෙද???

    ReplyDelete
  10. @පිණිබිඳු & ඔබා: මම ගුටි කාපු එවුව ගැන කියන්න ගියොත් ඒකට වෙනමම බ්ලොග් එකක් දාන්න වෙනව.

    @රජිත්:මමත් ඉල්ල ටිංකිරි කෑම නවැත්තුව, එක කොක්කකට පස්සෙ . . . අන්තිමේදි ඒ සෙට් එකත් එක්ක තිබුන යාලුකමත් නවත්තල දාන්න උනා.

    @ඈංගල්: ඔන්න ඉතිං මම හාමිනේගෙං ගුටි කාල ඇස් දෙක විතරක් ඉතුරු වෙන්න මුලු ඇඟම වෙලාගෙන ඉස්පිරිතාලෙ ඉද්දි . . .ඈංගල් නගා එනවලු මල් පොකුරකුත් අරගෙන මහ හයියෙං අඬ අඬා . . . "අනේ . . . මගෙ බෝක්කු කට නිසා නේද ඕනෙ අයියට මෙහෙම උනේ . . . .!!!!" කියල කෑගහගෙන . . . .

    ReplyDelete
  11. @සුළඟිල්ල: උඹ දර්මදූත මාවත දන්නවද . . . ??? එහෙනං දන්නව ඇති දර්මදූත මාවතෙ පැනල හෙලන් ඇන්ටිලගෙ ගේ අයිනෙං දියවන්නා උද්යානෙට එන කෙටි පාර . . . ???

    ReplyDelete
  12. ඒ කියන්නේ උඹ නෙලන්න හවුල් වෙලා තියෙන්නේ උගේ මුණ වත් නොදැක.. ඒ මදිවට උඹ නෙලලා ඉවරවෙලාවත් ඌ දිහා බලල නෑ. නැත්නම් බන් උඹට ඌව මතක තියෙන්න එපාය ? මන් කාලයක් නුගේගොඩ YMBA එකේ වැඩ කිඩ පන්තියක් කලා.. බොහොම ඉස්සර.. ඔන්න දවසක් එකට ආව බැඳෙන්න කරා පොරක්.. ව්‍යායාම පටන් ගන්න කලින් ඌ කමිසේ ගැලවුවම ඔක්කොම කොල්ලෝ හිනා වෙන්න ගත්ත.. මොකද දන්නවද ? උගේ පපුවේ පච්චේ දැකලා. " වැඩ දෙනවා ගුටි කනවා " මට එක මතක් වුණා උඹේ කතාව කියවලා. එයි මගේ බ්ලෝග පැත්තේ ඇවිත් මොනවහරි කියපන්.. හරිම පාලුයි..

    ReplyDelete
  13. @ලංකාප්‍රිය: මට උගෙ ඩයල් එක හෙන මතකයි . . . . ඒ දවස් වල ඌ හෙන තුනී එකා. ඒකනෙ බං බය නැතුව ගෙදරටම ගිහිං ගැහුවෙ . . . ජා ඇල දි සෙට් වෙනකොට . . . මයෙ අම්මේ . . මේක ඌරු පෙති ගහලද කොහෙද . . . පපුවෙ හතරදෙනෙකුට පැදුරක් එලං ඕමියක් ගහන්න පුලුවං සයිස් එකෙක්.
    නුගේගොඩ Y.M.B.A. එකේ වැඩ කිඩ පංතියක් කිවුවෙ . . . කලු උකුස්සංගෙ J.K.D. පංතියද . . .???

    @Ansh: ටැංකිවු මේ පැත්තෙ ආවට . . .

    ReplyDelete
  14. මාර අප්සට් එක නේද අයියේ.....ඇති යන්තම් ඔයින් බේරුනා.නැත්තම් අවුරුදු උත්සවේදී මට අයියව අදුරගන්න බැරි වෙනවනේ.....හිහි....!!

    ReplyDelete
  15. @පිසාචයා: එහෙම වෙන්නෙ නෑ මල්ලියෙ . . . කෝවක දාල මකවල ගත්තත් මේ ඕනයා ඕනයම තමයි . . . . දු‍ටු තැන අඳුනන්න පුලුවං

    ReplyDelete
  16. අවුරුදු පාලහකින් හරි සත්‍යය වැටහුණු එක ලොකු දෙයක්!

    ReplyDelete
  17. @කතන්දර: ඕක හරියටම වැටහුනාද කියන එක තමා මටත් තියන එකම ප්‍රශ්නෙ ????

    ReplyDelete
  18. බොරු එපා ඒ බුවා කිවුව සීන් එක නේද ඇත්තටම උනේ?

    ReplyDelete
  19. @රංග: මම උඹටම දාපු කොමෙන්ට් එකක්ම නේද මේ කරකෝල ගහල තියෙන්නෙ ????

    ReplyDelete
  20. තව ඩිංගෙන් එහෙනං ඕනය කනව නේද? කෝමද එහෙම වෙලා අත බෙල්ලෙ එල්ලගෙන අවුරැදු උත්සවේ පැත්තෙ ආවනං.. :D

    ReplyDelete
  21. @චන්දික: කෑවත් අවුලක් නෑ මචෝ . . . . මේ සීන් එක උනේ අවුරුදු ගානකට කලිං . . . . හිකිස්

    ReplyDelete
  22. මට පේන්නෙ දෙන්නෙක් එක්කම ගිහින් කාල ඇවිල්ලද කොහෙද?...

    ReplyDelete
  23. @සාතන්: ගහපුව තියනව . . . . කාපුව ඊටත් වඩා තියනව . . . . හැබැයි මේ සීන් එකේදි නං . . . අරූට අතක් වත් උස්සන්න ඉඩක් තිබ්බෙ නෑ . . .

    ReplyDelete
  24. ඒකනෙ අයියෙ කල හොඳ පස්සෙන් එනව කියන්නෙ නිකංද? සැලෙන්න එපා ඕවට.......

    ReplyDelete
  25. පිස්සුද මල්ලි . . . මේ ඕනයා ගුටිකාල වැ‍ටුනත් සැලෙන්නෙ නෑ . . . .

    ReplyDelete
  26. නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ... ඔයින් ගියා මදැයි

    ReplyDelete
  27. ඩිලා කිව්ව එක ඇත්ත නේද ඕනයො?? හික් හික්

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .