Friday, June 24, 2011

කැඩෙන පුවත් . . . . .



නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ මේ අවස්තාව වනවිට සිදුවෙමින් තිබෙන ගුජුප්සාජනක සිදුවීම් මාලාවක් නිසා ප්‍රදේශ වාසී කාන්තාවන් සහ එදිනෙදා අවශ්්‍යතා සඳහා නගරය කරා පැමිනි කාන්තාවන් විශාල පිරිසක් ඉතා අපහසුවට ලක්වී හිස් හැරුනු අතේ දිවයමින් සිටී.
ලිඳ ලඟ සංගමය විශේශ පුවත් වාර්තාකරු ඕ. මැන්ටල් ගෙන එන විශේශ වාර්තාවට අපි දැන් යොමු වෙමු . . . .


ආයුබෝවන් . . . . අද දින කොහුවල ප්‍රදේශයේ සිදුවෙමින් පවත්නා මහා කාන්තා දිවීමට හේතුවී ඇති "නිරුවතින් නගරය පුරා සැරි සරන" බඩ මහත කලු පැහැති පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට විශේශ පොලිස් මෙහෙයුමක් කොහුවල, කිරුලපන සහ මිරිහාන පොලීසි එක්ව දියත් කරමින් සිටී. 
මේ සා විශාල ප්‍රමානයක් කාන්තාවන් බියෙන් මුසපත් කිරීමට සමත් වූ මේ බඩ මහත කාලවර්න පුද්ගලයා කවුරුන් ද . . . ??? ඔහු මෙසේ නිරුවතින් නගරය පුරා සැරි සැරීමට හේතුව කුමක්ද  ???? යන ප්‍රශ්න වලට පිලිතුරු විමට ප්‍රදේශය භාර සහකාර පොලිස් අදිකාරී තුමන් ගෙන් අප විමසා සිටියා . . . 


ස.පො.අ.: දැනට අපිට ලැබී තියන ආරංචි වල ආකාරයට මේ පුද්ගලයා මීට ටික වෙලාවකට කලින් ඩුබායි සිට ලංකාවට ගුවන් මගින් පැමිනි "කට කහන දුමී" නැමැති දෙදරු පියෙක්. මේ ආකාරයට නිරුවතින් පාර පුරා දිවයාමට හේතුව ලෙස බුද්ධි අංශ විසින් සොයාගෙන තිබෙනව . . . .  ඩුබායි හිදී මොහුගේ මිතුරෙක් වන දුකා නැමැත්තා විසින් අන්තර්ජාලය හරහා කරන ලද හෙලිදරවුවක් හේතුවෙන් මේ පුද්ගලයා සමග උරනවූ මොහුගේ බිරිඳ මොහු සතු කිසිම ඇඳුමක් නොදී ඇඳිවතින් පමනක් මේ පුද්ගලයාව ලංකාවට පිටත් කර එවා ඇති බව. 


වාර්තාකරු: ඔබ තුමාට යම් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද  . . . .  මෙතරම් කාන්තා බිය වැද්දීමක් සිදුකල මේ කට කහන දුමී නැමැත්තා තවමත් අත් අඩංගුවට නොගැනීමට හේතුව???


ස.පො.අ: ඔවු . . . . මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නම් පැහැදිලිවම ඔප්පු කලයුතුයි මොහු නිරුවතින් සැරි සරන බව . . . . මේ පුද්ගලයාගේ ඉදිරියට නෙරා ආ බඩ හේතුවෙන් ඔහුගේ නිරුවත වැසී ඇති බැවින් මොහු නිරුවතින් සිටිනවා කියා කිසිවෙකුට පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයක් තමයි දැන් උද්ගතවී තියෙන්නෙ.


වාර්තාකරු: මෙතරම් වේලාවක් නගර වාසී කාන්තාවන් භීතියට ලක් කල මේ පුද්ගලයා සම්භන්දයෙන් කුමක්ද ගැනීමට බලාපොරොත්තුවන පියවර ???


ස.පො.අ: අපි දැනට මේ පුද්ගලයා කොහුවල පොලීසිය අසල චීන අවන්හලක රඳවාගෙන සිටින අතර ඉදිරියට ගතයුතු පියවර මොනවාදැයි ආරක්ෂක අමාත්්‍යාංශ ලේකම් තුමා සහ ආරක්ෂක ලේකම් තුමා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.


වාර්තාකරු: ස්තුතියි.
කොහුවල නගරයට ‍රැස්වූ විශේෂ පොලිස් කන්ඩායම් විසින් මේ පුද්ගලයා චීන අවන්හලක රඳවා විශේශ බීර වර්ගයක් පානය කිරීමට සලස්වා ඇති බැවින් නගරයේ තත්වය යම් තරමකට සාමාන්්‍ය තත්වයට හැරෙමින් පවතී.  දැන් අපි යොමු වෙමු නැවතත් ප්‍රදාන පාලක මැදිරියට. මම ලිඳ ලඟ පුවත් සේවය වෙනුවෙන් . . . . . ඕ. මැන්ටල්

67 comments:

  1. ඒ කියන්නෙ අබේපාල මාමත් පොලිසියෙද? ඔය කියන බඩ මහත බුවා මේ වෙලාවෙ ඉන්නේ අබේපාල මාම එක්කනේ

    ReplyDelete
  2. හිකිස්‌... දුමි අයියා ඇවිත් වගේ..........

    ReplyDelete
  3. රංග අයිය වෙලාවට කිව්වෙ
    මම කැමරාව අරන් කො‍හුවල එනෝ දැන් බඩතඩියාගේ ෆොටෝ ගන්න :D

    ප/ලි.. එතකොට අබේපාල මාමත් ඉන්නෙ නිරුවතින්ද..??(මලා මිනිහට ඇග වැහෙන්න බඩක් වත් තියන එකක්යැ

    ReplyDelete
  4. අබේපාලයත් එතනද ????

    ReplyDelete
  5. i hate රතූ පාට.. ! :-/

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අප්පච්චියේ මාර අපරාදයක්නේ වෙලා තියෙන්නේ . . .

    ඔය බඩ මහත බුවා පවුලයි ළමයි තුන්දෙනයි එක්ක ඩුබායි වලින් යනකොට නම් ඇඳුම් ඇදගෙන ගියේ කියලා ඩුබායි පොලිස් ආරංචිමාර්ග කිව්වා.

    ඔය වැඩේ වෙන්න ඇත්තේ එහෙනම් ලංකාවේදී වෙන්න ඇති . . . . ශිශ් මාර අපරාදයක්නේ . .

    දුමීගේ පවුල මෙහෙම දෙයක් කරයි කියලා දන්නවනම් කීයටවත් අර පෝස්ට් එක දාන්නේ නෑ . . .

    පවු දෙයියනේ අහිංසක දුමියා . . .

    අහ් අර කොහුවල චීන අවන්හලේ රඳවාගෙන ඉන්න තැන දුමියගේ වැඩි ආරක්ෂාවට අබේපාල මාමත් ඉන්නවා කියලා රංග කිව්ව නේද ??

    දුමියට පනිවිඩයක් දෙන්න විදිහක් නැතිවෙයිද දන්නේ නෑ අනෙක් අවයව කෙසේ වෙතත් උගේ හක්කේ දත් ටික ආරක්ශා කර ගන්න කියලා . .

    මොකද බයානක මනුස්සයෙක් ගේ බාරේ ඌව තියල තියෙන්නේ හෆොයි . . .

    ReplyDelete
  8. ඔව් මේ ඇති වී ඇතිතත්වය ගැන අදහස් දක්වන සද්ගුණවත් මාරයා මහතා...

    ඇත්ත වශයෙන්ම මේ වගේ අවස්ථාවක අපි ජාතියක් හැටිය ස්තූති වන්ත වෙන්න ඕන මේ වගේ භයානක අවස්ථාවක් මේ විදියට පාලනය කරන්නට සමත් වෙච්ච අපේ ජාතියේ දොස්තර නොහොත් දත් දොස්තර අබේපාල දන්තනාරායන මහත්මාට..මෙවැනි භයානක පුද්ගයකු මේ හැසිරෙන ගුජුප්සාජනක තත්වය රටේ තොටේ ගැහැණුන්ට දකින්නට නොසලස්සවා මොහුව වහං කරගෙන වෙනත් ස්ථානයට රැගෙන යාම ගැන...

    එහෙත් ඒ එක්කම මේ පුද්ගලයා මොන තරම් නිර්ලජ්ජිත හාදයෙක් උනත් අද සවස් වන විට මොහුගේ මුඛය පුරාම ඇති සියළුම දත් ක්‍රමවත්ව එකින් එක ගලවා දමා ආලවකයා වැනි වූ මේ පුද්ගලයාව පූස් පැටියෙක් ගානට ගන්නට උත්සහ දරන අපේ දොස්තර මහත්මයාට සියළු දෙයියන්ගේම පිහිට ආරස්සාව ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  9. හික් හික් හරි වගේ දුමී අයියාගේ දත් සැට් එකටත්

    ReplyDelete
  10. හපොය් දෙය්යනේ කට කහන කතා කියවලත් ඉවරය් එහෙනං....

    ReplyDelete
  11. හත්දෙයියනේ අර මනුස්සයගෙ චරිතෙ ඉවරයි නොවැ. ආ.. එහෙමටයි කියල චරිතෙකුත් නෑනෙ. කමක් නෑ එහෙනම්.

    ReplyDelete
  12. @හසී:
    හරියටම අඳුනගන්න බැරි උනා . . . . මූන දිහා නෙමේ බැලුවෙ

    @සහෝ:
    කෙලිංම පලයං කොහුවල පොලීසිය පහුකරල කිරුලපනේ පැත්තට යද්දි හම්බවෙන චයිනීස් එකට. . . . එහෙ අබේපාල උන්නැහෙ බුවාව බිම පෙරලං දත් ගලෝනවලු

    ප.ලි.
    අබේපාලයගෙ නිරුවත එලි වෙලා ගොඩක් කල් මචං . . . .

    @බනියා:
    ඇයි මචෝ ඒ ???

    @දුකා:
    හික්ස් . . . . පොලීසියෙනුයි . . . ගෑනුංගෙනුයි නං බේරුනා කියමුකො . . . අබේපාලයගෙං ?????

    @මාරෙ:
    ඊට පස්සෙ බුවා ඉඳී නිකං අර නිදහස් චතුරශ්‍රෙ ඉන්න සිංහය වගේ . . . .

    @ශානු:
    යදින්න නංගි දන්න කියන දෙයියො ඔක්කොටොම දුමී අයිය වෙනුවෙං . . . . ඇඳිවතත් නැති වෙච්චි මිනිහට දත් ටිකත් නැතිවෙන්නයි යන්නෙ

    ReplyDelete
  13. @ඔබ්සර්වර්:
    අයිය කියන්නෙ කටේ කැහිල්ල සනීප වෙයි කියලද දත් ටික නැති උනාම ???

    @පිණිබිඳු:
    කොයි මනුස්සයගෙ චරිතෙ ගැනද නගා ඔය කියන්නෙ ???? පෝස්ට් එකේ කියවෙන මනුස්සයද ??? එහෙමත් නැත්තං කොමෙන්ට්ස් වල කියවෙන මනුස්සයද ???

    ReplyDelete
  14. මල හුට්ටස්පරයයි ..... කට කහන කතා දුමියා ලියන එකක් නැහැ [*ක කැහෙන කතා නැත්නම් බඩ මහත කතා පමණක් වෙයි]

    ReplyDelete
  15. දැන් ඉතින් ඉව‍රයි.ඊ ලග කැඩෙන පුවත අබේපාල මාමා ගැන තමා. :D

    ReplyDelete
  16. @වැප්:
    ඒකත් නරකම නෑ නේද ??? "බඩ මහත් කතා"

    @අනුරාධ:
    එහෙනං පුවත් සේවෙ වහන්න වෙයි . . . .

    ReplyDelete
  17. එහෙමනම් කට්ටියටම හරි වගේ... බ්ලොග් ලිව්ල්ල නවත්තල කස්ටිය චීන මකරු හොයන්න යයි...

    ReplyDelete
  18. පව් දෙයියනේ දුමියගේ වස්තරේත් ගලෝ ගෙනද අබේපාලයා. දැන් ඊලඟට දතුත් ගලවයි :-D

    ReplyDelete
  19. ඉස්සරහට බ්ලොග් එකේ නම වෙනස් කරයි "ලොඹු කටින් කියන කතා" කියලා

    ReplyDelete
  20. @සාතන්:
    ඇයි උඹටත් යන්න හිතුනද ??

    @ම:
    "ලොඹු කටින් කියන කතා"
    මැක්ස ඕයි . . . . . .

    ReplyDelete
  21. ඉතින් හත්දෙයියනේ.. බඩට මෙවුව එක වැහිලනම් ඇයි ගෑණු ඈයො බියවි බියවි දුවන්නෙ???

    ReplyDelete
  22. ඈ.... උපන් රටට උපන් ඇඳුමෙන්ම ඇවිත්ද?

    ReplyDelete
  23. මරණෙ කිවුව වගේ දුමී නිර්වස්ත්‍ර වෙන්න උනේ වයිෆ් නිසා නෙමේ. අබේපාල මාම දත් ටික ඇරෙන්න කලිසමත් ගලවගෙන වගේ

    ReplyDelete
  24. @සුළඟිල්ල:
    ඕකට උත්තරේ මට මෙතන කියන්න බෑ මලේ

    @පූසා:
    ඇවිත්ද . . . නැත්තන් එවලද කියල තාම කවුරුවත් හරියට දන්නෙ නෑ

    @රංග:
    තිත්ත ඇත්ත

    ReplyDelete
  25. හෆොයි... හෙන මඩක් යන ලෙසයි මට දිස්වෙන්නේ.. මම මේ පුද්ගලයා නොදන්නා නමුත් ඔය චීන කඩේ නම ෂින් ශියෝ බවනම් හොදින් දනිමි. අපි සතියට දවස දෙකක් විතර සෙට් වෙන සුපුරුදු පොට් එකක් නොවැ ඕක..

    ReplyDelete
  26. හික්ස්..මට මැවිලා පෙනෙනවා..බැරිද අර විදෙස් සිත්තරාට කියලා ඔය සිදුවීම ගැන තව පොඩ්ඩක් මේ බ්ලොග් අවකාශෙ දැනුවත් කරන්න...බඩට මෙව්ව එක වැහිලා නිසා අසභ්‍ය කියල කියන්නත් බැහැනෙ...

    දුකා උඹටත් ටිකක් බඩ හදා ගන්න වෙයි වගෙ...

    ReplyDelete
  27. @කොලුවා:
    පොට් එක එම තමයි. විගහිං ගියොත් දුමී අයියාගේ ගානේ සප්පායං වී අබේපාල මාමාගේ ගානේ දත් සැට් එක ගලවාගෙන ආහැකිය.
    මේ බඩ මහත පුද්ගලයා අපි හා සමව සලකන කල බ්ලොග් අවකාශයේ පතාක යෝධයෙකි. මලයා තවම කට කහන කතා කියවා නැත්නම් . . . මම දුක් වෙමි.

    ReplyDelete
  28. @ලකියා:
    මරු අයිඩියාව මචෝ . . . . මම මේ දැං අයි.ඩී.ඩී. ඇමතුමක් ගන්නව ඔය සිත්තරාට . . .

    ReplyDelete
  29. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීමට පත් කළ ජය්යා සහ සමාගම පවසන්නේ මෙතුමා ඇඳ සිටින්නේ නුවනැත්තන් හට පමණක් පෙනෙන සීතාම්බර පට බැවින් අපේ රටේ ඉන්නා ගොන් හරකුන් ගොඩකට එතුමා හෙළුවෙන් ඉන්නව කියා පෙනෙන එක පුදුමයක් නොවෙන බවය..

    ReplyDelete
  30. හනේ හපොයි අර අච්චර මුහුදු හතක් පහුකරන් ආපු කළුබෝවිල දුමී නම් මැර මහතා ට අහුවෙච්ච එකා. ඒ අහිංසක දුමියා දත් නැති කටෙන් බලං ඉන්නවා වගේ මට මැවිලා පේනවා.

    මෙන්න ඌවේ වන්නිලා ඇත්තංගේ සිතේ ඇඳුනු දුමී මහතා ගයන ගීය.

    (පාත ඉඳන් අපි ආවේ... තාලයට ගායනා කරන්න)

    ඩුබායි ඉඳං මං ආවේ මං ඉපදුනු රට බලන්න...
    අබේ පාල මාමේ මගේ..... දත් සෙට් එක මටම දෙන්න... (දෙවරක් ගයන්න)

    ඒරොප්පේ හිටියට බෑ, මගෙ රට අමතක කරන්න...
    ඒකයි බොල මං ආ..වේ, ඉපදුන ගම රට බලන්න...
    අබේ පාල මාමේ මගේ..... දත් සෙට් එක මටම දෙන්න...

    ඩුබායි ඉඳං මං ආවේ... (නැවත ගයන්න)

    සයිබරයේ එක එකාල, බලං ඉන්නේ මඩ ගහන්න...
    දත් නැති මං දැක්කමං උං, කියවයි බස්, බ්ලොග් පිරෙන්න...
    අබේ පාල මාමේ මගේ..... දත් සෙට් එක මටම දෙන්න...

    ඩුබායි ඉඳං මං ආවේ මං ඉපදුනු රට බලන්න...
    අබේ පාල මාමේ මගේ..... දත් සෙට් එක මටම දෙන්න...

    (සැලකිය යුතුයි: තිත් ඇති තැන්වල අදිමින් ගායනා කරන්න)

    ගායනය : දුමී
    පද මාලාව : වන්නි
    සංගීතය : බස්කරුවන් හා බ්ලොග්කරුවන්
    නිශ්පාදනය සහ ‍බොදා හැරීඹ : ඔර්නමැන්ටල් කොම්පැණි අධිපති ඕනයා මහතා.

    ReplyDelete
  31. @ජයියා:
    වැක්කෙරෙන බඩට සීතාම්බර පට කියලත් කියනවද ??? සැහ් මරු නෙව . . .

    @වන්නි:
    දුමිය එන්නෙ ඩුබයි රටේ ඉඳල . . . . සල්ලි හොඳට හම්බ කරල . . . .
    හම්බ කරපු සල්ලි අභිය කයි . . . .
    හරි ලස්සන පොඩි චයිනීස් එකක . . . . වස්තරයක් ඇඟට නැතුව . . . .
    හම්බකරපු සල්ලි අභිය කයි . . . .

    ReplyDelete
  32. මැවිලා පෙනේ විරුපේ කිව්වලු ...
    "ආරක්ෂක අමාත්්‍යාංශ ලේකම් තුමා සහ ආරක්ෂක ලේකම් තුමා"

    මෙහෙම දෙන්නෙක් ඉන්නවද අපෙ රටේ :P

    ReplyDelete
  33. දුමියගෙ නිරුවත බඩ නිසා වැහෙනවා කියන්නෙ මේකගෙ පිටිපස්සෙත් බඩ තියෙද..??

    ReplyDelete
  34. මම නම් හිතන්නේ මුලු සරීරෙටම ලංකාවේ හුලං ටිකක් වදින්න කියල හිතාගෙන වෙන්න ඇති ඔය සර්වාංගෙම එලියේ දාගෙන ඉන්නෙ.. කාලයක් රටින් පිට හිටපු නිසා හුළඟ වදිනකොට සනීප ඇති... පව් අසරණය....

    ReplyDelete
  35. හෆොයි ලංකාවට පය තිබ්බා විතරයි දුමි අයියට මඩ බැරල් එකයි! හැකිස්! කාලා වරෙන් කිව්වලු!

    ReplyDelete
  36. කැඩෙන ප්‍රවෘත්ති පට්ටයි නොවැ... ඒ කියන්නේ අබේපාල මාමා අර කළුබෝවිල (චණ්ඩි) දුමීගෙත් දත ගැලෙව්වා ඈ...

    ReplyDelete
  37. යකෝ බ්රෙකින් නිවුස් වලට මෙහෙම හිනා යනවා මං දැක්කමයි. දැං බඩයි, ඉරට්ටයි ඕක දන්නවද?

    ReplyDelete
  38. @බුවා:
    දෙන්නම එක්කෙනයි මචෝ . . . .

    @මහසෝණා:
    ඒ අංසෙ වැඩිය ඇහැ ගැටෙනව අඩුයි නේද ??

    @පැතුම්:
    ඊට වඩා පවු නැද්ද කොහුවල හංදියෙ හිටි ගෑනු ටික ???

    @ෆා:
    දුමී අයියට . . . .??? මඩ . . . ??? කෝ . . . . ??? කවුද ඔය පාහර වැඩේ කරල තියෙන්නෙ . . . . ???

    @පුතා:
    අබේපාල මාම කියන්නෙ මචෝ රා කල සොලසක් ගසපු නාලාගිරිය සෙට් උනත් උගෙ දල දෙකටත් පාර දෙන ජාතියෙ බුවෙක්

    @බුද්ධි:
    අන්තිමට ලැබුන ආරංචිය නං සියල්ලෝ සතුටින් විසිර ගියාහුය කියල තමයි. දන්නවද දන්නෙ නෑ . . .

    ReplyDelete
  39. හයියෝ..කාලා හමාරයි කිව්වලු..මෙහෙමත් මඩක්...

    හැමෝටම මඩ ගහලා ගහලා.. දුමියා නා ගෙන වගේ මේපාර.

    ReplyDelete
  40. මෙම පෝස්ට් එක ඕනයා විසින් තනිකරම ඊරිසියාවටම ලියන ලද්දකි. ඕනයා රට ෆැන්ටා බොන්නට දුමියා එන තෙක් බලා සිටි නමුත් ඌට වඩා කපටි, සොරි මොලේ දියුණු, උගේ ගම පළාතේම උපන් එකෙක් ඕනයාට පෙර දුමියාව ඩෑහැගෙන ෆැන්ටා බොන්නට, ආසියාතික අවන්හලකට කොටු කර ගෙන ගොස් ඕනයාට ඒ පැත්තට ඒමට තියෙන පාරවල්ද මොන ක්‍රමේකට හරි අහුරා ඇත. තමාට අහිමි වූ සම්පත් පිළිබඳව ශෝකයෙන්, පෙර කලක කේවට්ටයා මෙන්, ඕනයාද තෙපිට කෙලවම්හු යැය් සපතා, බ්ලොග් කරනය මගින් අභයපාල ඇතුළු අනෙකුත් අයටද, බෝලකලුවිල දුමියාටද මඩ ගසමින් සහචරයන් එක්රැස් කරමින් සිටින්නාහුය. මාගේ දෘෂ්ටියට හසු වෙමින් තියෙන අයුරට නම් අද දින ඕනයාට අමුවෙන් නින්දට යාමට සිදු වනු නිසැකය.

    ReplyDelete
  41. @සමීර:
    මඩ . . . . ??? කෝ . . . . ??? කොහෙද . . . . ??? කාටද . . . ???

    @ඔබ්සර්වර්:
    හැහ් හැහ් . . . . උත්තරේ ඊයකින් එවා ඇත . . . .

    ReplyDelete
  42. හරි හරි, බොහොමත්ම ස්තූතියි මේ උණුසුම්ම උණුසුම් පිලිගැනීමට.....!

    දැන් මටත් හිතාගන්න බැරි මේ මඩ වදින්නෙ මටද නැතිනම් අභේපාල මාමටද කියලා......හික් හික්...!

    හැබැයි බුදු අම්මේ බ්ලොගර් කෙනෙක් වෙලා ඩුබායි හන්දියේ ජීවත් වෙන එකනම් ලේසියි කියලා මටත් දැන්නම් හිතෙනවා ලංකාවට ගොඩ බැහැලා දවසක්වත් යන්න කලින් වෙච්චි මේ හුටස්පර පේනකොට...!

    දැන ගියොත් කතරගම කියලා අර තිසාහාමිත් කියලා තිබිච්චි නිසා අභේපාල මාමගේ දත් කැක්කුම් තෙලට මම අහූනේ නම් නෑ...!

    කොච්චර දත් ගැලෙව්වත් අභේපාල මාම දන්ත දාතුව වගේ දතක් දැක්කෙ අද තමයි. බොහොම අමාරුවෙන් තමයි දණ ගහල වඳින එක නවත්ත ගත්තෙ...!

    කොහොමෙන් කොහොම හරි මාත් එක්ක ගත කරපු පැය එකහමාරටම මට ඌත් එක්ක කතා කරන්න ලැබුනේ වචන 10කට වඩා අඩුවෙන්. මොකද ඊට වඩා හොඳයි අර ටවුන් හෝල්වල සලාකා කමියුනිකේෂන් එකට වෙලා වාඩි වෙලා හිටියනං. මොකෝ ෆෝන් දෙකක් තියාගෙන මාරුවෙන් මාරුවට ඌට කෝල් එනවා. මම හිතන්නෙ කලින් මූට කියලා දත් ගලෝ ගත්ත ඈයෝ.... කොහොම හරි එක කෝල් එකක් ආපු වෙලාවෙ මූට බැරිවෙලා ස්පීකර් එක ඔන් කලා. එක පාරටම එහා පැත්තෙන් කතා කරපු ගෑනු එක්කෙනා මුගෙන් ඇහුවෙ

    "අභී, බබෝ ඔයාගේ බර කීයද අනේ ...?"

    මගේ පපුව හෝස් ගාලා ගියා කරුණු දෙකක් නිසා.....! එක කාරණාවක් විතරක් කියඤ්ඤං....දෙවනි කාරනාව හිතාගන්න....! මේ හයියෙන් හුළඟක් ආවත් ගහගෙන යන සයිස් එකේ ඉන්න, ඒ කාරණාව නිසාම තාමත් හෝගාන පොකුණ දැකලවත් නැති අපේ අභේපාල මාමගෙන් "බබෝ ඔයාගේ බර කීයද ?" කියලා අහන්නෙ මොන හිතකින්ද ?

    මොනව උනත් මගේ දත් ගැලවීම කෙසේ වෙත්ත අභී මාමා ආපහු යනකොට නම් ගියේ හක්කෙ දතක් රිදෙනවා කිය කිය.....! මේ දැනට ඇති....

    ඌත් එක්ක හිටපු ටිකට මට මඩ බ්ලොග් පෝස්ට් 10ක් විතර ලියන්න කරුණු කාරනා එකතු උනා.....! ඔහොම යං ඔහොම යං.....!

    ReplyDelete
  43. දුමී මං හිතන්නේ එහෙම අහන්න ඇත්තේ අබේපාල මාමාගේ අර අල්ලපු ගෙදර අක්කා වෙන්න ඇති :-))

    ReplyDelete
  44. ඕනයට නෙමේ, දුමියට වෙල්කම් ටු ශ්‍රී ලංකා....තෙරුන් දෙක තුනක් තියෙනව.....

    ReplyDelete
  45. eeya labunaa me welaawe sinhalen kotanna kammaliy.

    ReplyDelete
  46. සික්.එකෙකුටවත් හිතුනේ නැති එක පුදුමයි ඒ මනුස්සයට චීත්ත කෑල්ලක්වත් ඇදගන්න දෙන්න.ඔක්කොටම ඕනේ ඒ මනුස්සයව නිරුවතින් පාරේ යවන්න වගේ.මම හිටිය නම් ලන්ච් සීට් එකක්වත් දෙනවා වහගෙන යන්න.

    ReplyDelete
  47. @දුමී:
    හික්ෂ් . . . . . අපරාදෙ දන්නවනං මම එනව ඔය පැත්තෙ. කොහෙද අබේපාලයගෙං කිසිම එංකරේජ් පාරක් ලැබුනෙ නෑ නෙව . . . . එහෙනං ඌට ගන්න කෝල් එකක් ගන්න කියල අපිට චැටක් දාගෙන ඉන්න තිබුන . . . . අබේපාල මාමගෙ ගානෙ බොන ගමංම.

    @නිමන්ති:
    ඔය බර සීන් එක අහන්න ඇත්තෙ සුවර් එකටම අහල පහල ගෑනු පරානයක් තමයි.

    @ඔබ්සර්වර්:
    මොකද්ද බොලේ ඒ හරුපෙ තේරුම ???

    @පාල:
    නිරුවතිං කීවට නිරුවතිංම නෙමේ බං . . . . ඒකනෙ පොලීසියත් ඔල්මොරොන්දං වෙලා හිටියෙ . . .

    ReplyDelete
  48. මම හිතන්නේ දුමී ලොක්කා මොනවා හරි අලුතින් හොයා ගත්තද දන්නෑ . අපිට නෑහෙන හඬකින් යුරේකා යුරේකා කියමින් දිවුවද දන්ණෙත් නෑ

    ReplyDelete
  49. @සඳරු:
    දැනට නං මහ විසාල සොයාගැනීමක් කරල තියනව . . . .
    "අබේපාලයට එක දතක්වත් නොදී . . . අබේපාලයගෙ දත් ගැලවීමේ කලාව"

    ReplyDelete
  50. මදැයි ඉඳල ඉඳල ලංකාවට ආවා. පව් දෙය්යනේ .

    ReplyDelete
  51. හෙල බොලොග් අවකාශය මඩ වලින් කැලඹී ගිය බවයි...
    මඩයා පෝස්ට් එක මාරුකරන්න වෙයිද මන්දා රංගයියාගෙන් ඇන්ඩයියාට

    ReplyDelete
  52. රංගයා හා ඕනයා කරටකර මඩ තරගයක හි හි...

    ReplyDelete
  53. අඩේ ඒ කියන්නේ කට කහන දුමී අයියා දන් ඉන්නේ ලංකාවේ ද ? අප්පච්චියේ ලංකාවට ආපු ගමන්ම දුමි අයියට මොකෑ මේ උනේ. කවුද මේවට වග කියන්නේ ?

    ReplyDelete
  54. දුමී අයියන්ඩිගෙන් ඒ කරපු සොයාගැනීම ගැන වැඩි විස්තර දැනගත්තොත් .අබේපාල මාමා අපේ දිහෑ ආවාම දතක් ගලෝ ගන්න හැකි .

    ReplyDelete
  55. යකෝ අභේපාල මාමා ඇදුනුත් ගලෝනවද ?. හරිම ජුගුබ්සාජනකයි බං.

    ReplyDelete
  56. @බින්දි:
    පවු නේන්නං දෙයියනේ . . . . . ඊටත් පවු අර ගෑනු ටික

    @තීර්ථ යාත්‍රිකයා:
    ඕනයා ඉතා අහිංසක කොල්ලෙකි

    @කිඩෝ:
    රංගයත් එක්ක මට හැරෙන්නවත් බෑ මචෝ

    @මධුරංග:
    හරියටම කල්පනා කලොත් දුකා අයිය තමා වගකියන්න ඕනෙ

    @සඳරු:
    ගලවයි උඹ අබේපාලයගෙ **!!! බලං හිටපං මැදගෙන . . . . .

    @ශාමින්ද:
    බුරුලට අහුවෙන ඕනෙම දෙයක් . . . ගැලෙවුව තමයි

    ReplyDelete
  57. අහ් අදනේ මේක ගැන දන්නේ....දැන් දුමී අයියා කොහෙද?

    ReplyDelete
  58. @මකුළුවා:
    අන්තිමටම අබේපාල මාමත් එක්ක කලුබෝවිල පැත්තට ගියා කියල තමයි ආරංචිය තියෙන්නෙ . . . . ඊට පස්සෙ "නෝ නිවුස්"

    ReplyDelete
  59. ඕයි මේවට අලුත් පෝස්ට් වැටෙන්නෙම නැද්ද

    ReplyDelete
  60. @බුද්ධි:
    වැටෙනව වැටෙනව . . . . පොඩ්ඩක් හිටාං . . . මේ දවස් වල ෆට්ට විදියට බිසී . . .

    ReplyDelete
  61. ඕනය, උඹට අර කෙල්ලෙක්ගෙ අම්ම බිම දාගෙන ගහපු හැටි පොස්ට් එකක් හැටියට දැම්ම නං එළකිරිස්...

    ReplyDelete
  62. @ඔබ්සර්වර් අයියා:
    ඒ කතාව අයිතිකාරිට දාල තියෙන්නෙ ඇපෲවල් එකට. ඕ.කේ. එක ලැබුන හැටියෙ දාන්නං

    ReplyDelete
  63. සුබ උපන් දිනයක් වේවා!!!!!

    ReplyDelete
  64. ඔයිං ගියා හොදටම ඇති ....

    ReplyDelete
  65. @ගිම්හනි:
    ටැංකිවු ඈ . . . .

    @මහජන මුත්තා:
    ???????

    @සංජය:
    මේ ඇරඹුමක් විතරයි මචං . . .

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .