අදට ඉතිං මට වයස අවුරුදු තිස් හතරක් වෙනව නෙ . . . . මීට කලිං කවදාවත් නැති විදියට මූනු පොතේ සුභ පැතුම් පිරිල තිබුන . . . . උදේ 8.00ට රාජකාරියට වාර්තා කරල මුලින්ම කරන රාජකාරිය වශයෙන් මූනු පොතේ අප්ඩේට් ටික දාන්න ගත්තට පස්සෙ දැං තමා (දවල් 12.40ට) පොඩි නිදහසක් ලැබුනෙ මගෙ බ්ලොගේ පෝස්ට් කෑල්ලක් කොටන්න. ඒකෙ තේරුම තමා මම තාම අද දවසට අදාල රාජකාරි වලට අත තියල නෑ කියන එක . . . .
අද මගෙ උපන්දිනේ වගේම කතන්දරගෙ බ්ලොගෙත් උපන්දිනේ . . . . තව ලසියගෙ උපන්දිනෙත් අද . . . . අන්තිම පේලියෙ ශැගියගෙ උපන්දිනෙත් අද . . . . ඉතිං මාරයි නේද අද දවස . . . . (හික්ස් . . . කාට නැතත් මට නං මාරයි)
අවුරුදු 34ක් තිස්සෙ කරපු කියපු දේවල් ගැන ටිකක් විතර හිතල බැලුවම දුක් වෙන්න දේවල් වගේම ඊටත් වඩා සතුටු වෙන්න දේවල් තියනව. මම ඒ දේවල් ලිස්ට් කරන්නෙ නෑ . . .
උපන්දින ප්‍රීතිය කොහොම උනත් අද මට ගොඩක් දුක් වෙන්න කාරනාවකුත් යෙදිල තියනව. ඒ මම හරි හමන් විදියකට කියල රස්සාවක් කරපු . . . . මගෙ ජීවිතෙන් කොටසක් වෙලා තිබුන සිලෝන් ෆ්‍රෙශ් සී ෆුඩ් ආයතනයේ සේවය අහවර කරන්න තීරනය කිරීම. අද උදේම ටයිප් කරපු ඉල්ලා අස්වීමේ ලිපිය තාම මගෙ කොම්පියුටරේ මොනිටරේට වෙලා හිනා වෙවී මා දිහා බලං ඉන්නව . . . ප්‍රින්ට් කරන්න හිතනකොටත් හිතට මහ මොකද්ද වගේ . . . . ඒත් කරන්න වෙන දෙයක් නෑ . . . . මම මෙතන අවුරුදු හයක්ම රස්සාව කලා නෙ . . . දැං හොඳටම ඇති . . . .
ආයෙත් උපන්දිනේට . . . . .
පෝස්ට් එක ඉවරකරන්න තියෙන්නෙ මාරය මට එවල තිබුන කවි දෙකකින් . . . .
අල්ලාගෙන අතේ තිබෙනා බෝතලය..
පුරවන ගමන් ඒකෙන් මේ වීදුරුව..
මන්දය වගේ බලනා මුගෙ අපූරුව..
තව වසරක් අද නාකිය උනා උඹ..
වැඩි වැඩියෙන් රහමෙර වඩි ලැබෙන්නයි..
තවත් හොදින් දස අත කොටු පනින්නයි..
ඊටත් වඩා ගෙයි සාමය රැකෙන්නයි..
මේ වසරෙත් බොට ඉර හඳ පායන්නයි..
සුභ උපන් දිනයක් ඕනෙ අයියට!...
ReplyDeleteඅන්න නියම උපන්දින සුභ පැතුම්.. මාරයාට ජය වේවා..
ReplyDeleteඕනයාට මාරයා කියලා තියෙන විදිහෙම සුභ උපන් දිනයක්ම වේවා...
අඩේ ඇන්ඩයියේ, 34 කියන්නේ සෙල්ලම්ද යකෝ ??? උඹ නාකියි දැන්... උඹ වගේ සෙට් එකෙක් ඉපදුන අද දවසනම් මාර වෙන්නම ඕනේ... ඔක්කොමත් හරි මාරයා අයියගේ කවියත් හරි කිවලු.... උඹේ අතේ තියන වෙලාවක මාරයා අයියගේ කටේ කියක් හරි ඔබපන්.... සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔතනින් අයින් වෙලා ඊලඟට ක්‍රියාත්මක කරන සැලසුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කොරනවා.......
ReplyDeleteෂුභ උපන් දිනයක් වේවා අයියේ
ReplyDeleteසුභ උපන්දිනයක් ඕනයා අන්කල්ට
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා.......!!
ReplyDeleteමොකද හදිස්සියේම රස්සාවෙන් අයින් වෙන්න හිතුවේ.?
@සාතන්:
ReplyDeleteටැංකිවූ මචං
@පුතා:
ටැංකිවූ මචං . . .
මාරයා බලන්නෙම මට අන්නන්න මචං . . . එකයි ඔය . . .
සුභ උපන් දිනයක් වේවා මචෝ. ජූලි මාසේ උපන් අය එලම පොරවල්ලු...:D
ReplyDeleteHappy Birthday tooooo you !!!!
ReplyDelete@ගොඩයා:
ReplyDelete34 කියන්නේ බං කොල්ලෙක්ගෙ විසේකාර, දඟකාර . . . වයස . . .(මම මාරයාගේ කටේ කීයක් ඔබන්න කියල තමයි මේ බලං ඉන්නෙ)
@රන්දිල්:
ටැංකිවූ නගේ . . . .
@ශානු:
ටැංකිවූ ටැංකිවූ . . . දුවේ . . . .
@පාල:
ටැංකිවූ මචං . . .
මෙතන දැන් අවුරුදු 6කට වඩා හිටියනෙ බං . . . ඒ ඇති.
@ප්‍රියන්ත:
ReplyDeleteටැංකිවූ මචං . . . ආන්න උඹට විතරයි තේරුනේ . . . ජූලියේ අගේ . . .
@බින්දී:
Thanx dear
ෂුභ උපන් දිනයක් වේවා.......
ReplyDeleteඋඹ නාකියි නෙ බං......:)
මන් මේ කම්පනා කොරන්නෙ උඹව නොදන්නෙ කොහොමද කියලා එකම අවුරුද්දෙ නුගේගොඩ ක්ලාසුත් ඇවිල්ලා:)
සුබ උපන් දිනයක් වෙන්ට ඕනේ!
ReplyDeleteඕනේ... උඹට සුභ උපන්දියක් සහ සුභ අනාගතයක් වෙන්න ඕනේ... ඕනේ...
ReplyDeleteසුභ උපන්දිනයක් ඕනයා.......පැතු පැතුම් ඉටු වේවා සිත තුටින් බර වේවා..........
ReplyDeleteඅපිට, නෙළුම් කොලේට එන්න කියත්ත්වා...!!
ReplyDeleteවැඩි වැඩියෙන් මෙව්වා ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුඋ වේවා
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා අයියේ. දැන් නම් ඉතින් පිනට දහමට වැඩ කලොත් හොඳයි ඈ... හෙහ්.. තිස් හතරක් කියන්නෙ සෙල්ලම්ද.
ReplyDeleteඕනයා;
ReplyDeleteඋඹට සුභ උපන් දිනක්. යකෝ තොට තිස් හතරක් ද? මං උන්නේ මායි නාකියා කියලා.
ඕනයියේ සුභ උපන්දිනයක් වේවා
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා.!
ReplyDeleteඔන්න මගෙනුත් ඇල්කොහොල් සහිත රසවත් පානයන්ගෙන් අඩු පාඩු නොවන සෞභාග්‍යමත් ජීවිතයකට සුබ පැතුම් ........
ReplyDeleteසුභ උපන්දිනයක් ඕනයා අන්කල්ට
ReplyDeleteඕනයා...
ReplyDeleteතිස් හතරක් කියන්නෙ සෙල්ලං නෙමෙයි... අල්ලන අත්තෙ සවිශක්තිය ගැන හොඳ වටහීමක් ඇති කියල හිතනව පය ගහපු අත්ත අතාරින්න කලින්....
තිස් හතරට එකසිය හතරක් ආවඩා ආයුබෝවේවා...!!!
ඕනයා මාමා ට හැපි බර්ත් ඩේ එකක් නෙමේ දෙකක්ම වේවා!
ReplyDeleteවෙසක් දවසෙම අභිනිෂ්ක්‍රමණය කරන්නයි යන්නේ නේද?
මට පෙනෙන්නේ මේක තමයි උඹේ හොඳම අවුරුද්ද කියල. ඔන්න එක. උඹ යය කෙනෙක් වෙලා හාමිනේ අම්ම කෙනෙක් උනා පුංචි සුරංගනාවියක් උඹේ දුව උනා.. ඒ මදිවට උඹ අලුත් රස්සවකටත් යන්න තීරණය කල. 34 යි කියන්නේ මොන වයසකද ? 3+4=7 හත කියන්න ලකී සවන්.. උඹටයි හමිනේටයි පොඩි එකටයි සියලු දෙවි පිහිටයි මේ උපන් දිනය බොහොම ප්‍රීතිමත් වේවා කියල පතන්නම්..
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා අය්යට!
ReplyDeleteමම් හිතුවෙ ඔච්චර වයස කෙනෙක් නෙමේ කියල හෙහෙ:)
සුභ උපන් දිනක්...!!!
ReplyDeleteතව කියන්ඩ දේවල් තියෙනව..ඒ වුනාට අද ඕන් නැහැ......
Observer
හෆොයි, කොහොමද උඹට කටක් ඇරලා මල්ලි කියන්නෙ ? බොලා මට වඩා අවුරුදු දෙකයිනේ බොල බාල. අමරදේව මාස්ටර්ත් දැනට අවුරුදු 12කට විතර කලින් මට මචං කියලා කතා කරපු එකේ, උඹටත් කියන්න තියෙන්නෙ,
ReplyDelete"සුභ උපන්දිනයක් මචන් !" කියලා.
අර උඹට දීපු රුප්යල් 100න් කේක් එකක් අරගෙන සෙලිබ්‍රේට් කරහන්.
අර උඹේ මෙව්වා එකටත් සුභ පැතුම් ඈ...!
ඕන වෙන මැන්ටල් දෙකක් තීනව. එකක් පැට්‍රොමැක්ස් එකේ මැන්ටලේ අනික මේ ඕනමැන්ටලේ..!
ReplyDeleteමාරය කියන විදියට සැමරුවොත්නං මලේ ඊලඟ උපන්දිනේ සැමරිල්ලත් සැකයි. ඒ නිසා මොකා මොනා කිව්වත් සිහියෙන් වැඩ කොරහන්...
සුභ උපන්දිනයක්...!
හැප්පි හැප්පි බර්ත්ඩේ ඔනයා අයිය වගේ අන්කල්..:
ReplyDeleteතිස් හතරක්කෙයි දැං වයස. හපෙ අප්පෝ මයෙ මාම වගේ නෙව.
ReplyDeleteබෙබා උනත් හැමදා බෝතල් කඩන
ඉඳ හිට දවසකුත් ඇත සිහියෙන් ඉඳින......
සුභ උපන්දිනයක් ඕනයා !
අනාගත බලාපොරොත්තු හැම එකක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා [ අමතක උනා අර උඹේ හිතේ තියන ගුජුප්සාජනක බලාපොරොත්තු ඇරෙන්න....]
සුබම සුබ මෙව්වා එකක් වේවා ! අලුත් රස්සාවත් හොඳින්ම කරන්න මෙව්වා ලැබේවා !
ReplyDeleteබුකියෙත් සුභ පැතුවා (ඒ උදේ වරුවට) දෙපාරක් සුබ පතන එක අවුලක් නෑ නේ ඒහෙනං ඔන්න ආයෙම පාරක් (හවස් වරුවට) සුභ උපන්දිනයක් වේවා...
ReplyDeleteමගේ කතා කරද්දි රෙකෝඩ් කරා නම් දාපං ඒක.....
ReplyDeleteහැපි බර්ත්ඩේ එකක් ම වේවාය :)
ReplyDeleteone happy birthday kiwa ahenam.wadi wadiyen bonna labewa!!!
ReplyDeleteGimhani
ReplyDeleteතිස් හතරක් උනාට විසිහතරක් වගේ පේන්න කියලා පතනවා.
සුබ උපන් දිනයක් වේවා!!!
අද දවසේ ගොඩක් අය ඉපදිලා වගේ. මගේ මුණු පොතේ ඉන්න යාලුවන්ගෙන් 5 දෙනෙක්ගේම උපන් දිනය අද...ඕනයා මාමටත් සුබ පැතුම් කිව්වා එහෙනම්
ReplyDeleteලැබුවත් අවුරුදු විසිහතර
ReplyDeleteපෙනෙන්නෙ සේ විසි හතර
පහසුවෙන් ජයගැනුමට දිවිකතර
දිගාසිරි ගෙනෙමි ඔබහට මිතුර
ලැබුවත් අවුරුදු තිස්හතර
ReplyDeleteපෙනෙන්නෙ සේ විසි හතර
පහසුවෙන් ජයගැනුමට දිවිකතර
දිගාසිරි ගෙනෙමි ඔබහට මිතුර
සුබ මෙව්වා එකක් වේවා...... හික් හික් :)
ReplyDeleteඕනේ අයියට (මාමා ද මන්දා) සුබම සුබ උපන්දිනයක් වේවා !!!!
ReplyDeleteඕනේ අයියා පේරාදෙනි කැම්පස් ඩයල් එකක් ද ??
[[deeps said...
ReplyDeleteඅද දවසේ ගොඩක් අය ඉපදිලා වගේ. මගේ මුණු පොතේ ඉන්න යාලුවන්ගෙන් 5 දෙනෙක්ගේම උපන් දිනය අද...ඕනයා මාමටත් සුබ පැතුම් කිව්වා එහෙනම්]]
අඩේ ඩීප්ස්. හපොයි නංගියේ හතලිහ පනිනකම් අයියා කියලනේ කියන්නේ. මෙහෙමත් අහස පොලව නුහුලන කතා. අද කාලේ හැදෙන එවුන් ඉතින්...
අය්යට සුබ උපන්දිනයක් වේවා !!!
ReplyDelete@sujeewa seeya
ReplyDelete20 yanthan pahu karapu mata hamoma achchi kiyala kiyana eke 34 kenata mama kiwwama moko wenne ? :P
සුභ උපන්දිනයක් වේවා.. අර මාරයා පතල තියෙන විදියට ගොඩක් කැමති ඇති ඒකනෙ කවි දෙක දාල තියෙන්නෙ හිකිස්
ReplyDeleteයකෝ ඕනයියේ බොට 34 ක්ද ?. යකෝ තාම 18 කොල්ලා වගේනේ. මොනවද බං ගාන සබං.
ReplyDeleteහික් හික්.
සුභ උපන්දිනයක් වේවා ඕනයියාට. තවත් කාලයක් යෙහෙන් වැජබෙන්නට ශක්තිය දෛර්ය ලැබේවා.
සුබ උපන්දිනයක් වේවා මචං .!!
ReplyDeleteතිස් හතරක් වුණා කියලා පොටෝ වලින් නම් කියන්න බෑ බං අයියේ . උඹව බලලම තමයි මට ඒක කියන්න වෙන්නේ . අබේ පාල මාමා ගෙන් මම උඹ ගැන ගොඩක් දේවල් අහගත්තා . !!
ජය වේවා මචං !!
තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!
[[20 yanthan pahu karapu mata hamoma achchi kiyala kiyana eke 34 kenata mama kiwwama moko wenne]]
ReplyDeleteඒ කට හැකර කමට අහ ගන්න එව්වා. ඔන්න අපි නම් තවම කොල්ලෝ හරිය. අපි කිව්වේ මේ අපි ඕනයලා.
සුබ උපන්දිනයක් ඕනයා මාමාට... මාමා කිවුවට ඉතින් තාම අයියා වගේ තමා.. :D
ReplyDeleteතිස් හතරක් වයසක්ද අෆ්ෆා..
අඩේ ඊයේ මෙකට කොමෙන්ටුවක් දාන්න හිටියේ බන් . .
ReplyDeleteදාපු ගමන්ම පෝස්ට් එක කියෙව්වා . .
වෙන වැඩකට සෙට් වෙලා කොමෙන්ට් එකක් දාන එක අමතකම වෙලා ගියා . .
සුභ උපන් දිනයක් සමරන්න ඇති කියලා හිතනවා . . .
අපරාදේ අර උඹේ ඔලුවට මැහුම් 18ක් ගහපු හෙල්මට් පාර වැඩේ අල නොකල නම් බර්ත්ඩේ එකකට එකට සෙට් වෙලා චියර්ස් මස්සිනා කියලා අඩියක් ගහන්න තිබ්බා . . හික්ස්
අඩේ දැනුයි මේක දැක්කේ. පහුගිය දවස වල මම පට්ට බිසී වෙලා හිටියේ. පරක්කු වෙලා හරි බොට හම්බානකට සුබ උපන්දිනයක් වේවා කියනවා. දැන් ඔය දවස පහුවෙලා නිසා කියන ඒකෙන වක නෑ. ඒ උනාට කොටන්න සල්ලි යන්නේ නෑනේ.
ReplyDeleteඅඩේ උබ මහා නාකියෙක්නේ බොල. මම හිතුවේ ඕනය වයස 24-26 ජොන්ටෙක් කියල.
අඩේ මං ජුන්ඩක් පරක්කු වෙලානේ... ඒ වුනාට අයියට මැසේජ් එකක් එව්වද කොහෙද මං...
ReplyDelete34 නම් මොකද්ද බං, මට තාම 14යිනේ...
පරක්කු වෙලා හරි මේකෙත් සුබ පතනව ඕන්.....
ReplyDeleteහැපි හැපි උපන් දිනයක් වේවා.....
වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න ලැබේවා...
මල්ලී , ප්‍රමාද වෙලයි දැන ගන්නට ලැබුණේ , ඉතින් මගේ හෘදයාංගම සුබ පැතුමත් ඔබට , නිරෝගී ඉදිරි වසරක් වෙනුවෙන් ,
ReplyDeleteහදවතේ මිතුරු බව සදා කල් රැදෙන්නයි
නිදහසේ සුව සතුට දිගු කලක් දැනෙන්නයි
ජිවිතේ බර තවත් වැඩෙන බව හැඟෙන්නයි
මලේ නුඹගේ දිවිය සදාකල් දිනන්නයි
@හැමෝටම:
ReplyDeleteහැමෝටම තනි කොමෙන්ට් ගහන්න ඕනෙ නෑ නෙ . . . .මෙතනින්, බුකියෙං සහ දුරකතනෙං සුභ පතපු හැමෝටම ගොඩාක් ස්තුතියි . . . . . .
මුලින්ම උපන්දිනේට සුබ පැතුම් ,, මොකක්ද මේ කොටු පනින කතාව ...?
ReplyDelete@සංජය:
ReplyDeleteටැංකිවු මචං . . . .
උඹ ඔය කොටු පනින කතා ගැන වැඩිය හිතන්න එපා. ඔය එක එකා ඉන්නව මම මේ ගෙවන බ්‍රහ්මචාරී දිවි පෙවෙතට ඊරිසියා කරන . . . . එවුං හදන පද බං ඕවා
දැන් ඉතින් සුභ පතන්න වෙන්නෙ ඊළඟ අවුරුද්දෙ තමා....
ReplyDeleteමේ මේ 34ක් කියන්නේ ජීවිතේ භාගයක් ගෙවිලා... දැන් ඉතින් යන්න තියෙන තැනට වැඩ කරගන්න ඕනා...
හපෝ මටත් 37ක් ඉවර වෙන්න ළඟම ළඟළුනෙ...
@තනෝජා:
ReplyDeleteහැක් හැක් . . . . කවද පැතුවම මොකද වෙන්නෙ අක්කෙ . . . .
ඔය කියන විදියට අක්කගෙ උපන්දිනෙත් ලඟ ලඟ වගේ . . . . සමරමු සමරමු
සුභ පැතුම් මචෝ!
ReplyDeletehapy b'day 2u ayya!
ReplyDelete