Monday, July 11, 2011

තිස් හතරක් කීවාම සෙල්ලංද . . . ???




අදට ඉතිං මට වයස අවුරුදු තිස් හතරක් වෙනව නෙ . . . .  මීට කලිං කවදාවත් නැති විදියට මූනු පොතේ සුභ පැතුම් පිරිල තිබුන . . . .  උදේ 8.00ට රාජකාරියට වාර්තා කරල මුලින්ම කරන රාජකාරිය වශයෙන් මූනු පොතේ අප්ඩේට් ටික දාන්න ගත්තට පස්සෙ දැං තමා (දවල් 12.40ට) පොඩි නිදහසක් ලැබුනෙ මගෙ බ්ලොගේ පෝස්ට් කෑල්ලක් කොටන්න. ඒකෙ තේරුම තමා මම තාම අද දවසට අදාල රාජකාරි වලට අත තියල නෑ කියන එක . . . .  


අද මගෙ උපන්දිනේ වගේම කතන්දරගෙ බ්ලොගෙත් උපන්දිනේ . . . .  තව ලසියගෙ උපන්දිනෙත් අද . . . .  අන්තිම පේලියෙ ශැගියගෙ උපන්දිනෙත් අද . . . . ඉතිං මාරයි නේද අද දවස . . . . (හික්ස් . . .  කාට නැතත් මට නං මාරයි)


අවුරුදු 34ක් තිස්සෙ කරපු කියපු දේවල් ගැන ටිකක් විතර හිතල බැලුවම දුක් වෙන්න දේවල් වගේම ඊටත් වඩා සතු‍ටු වෙන්න දේවල් තියනව. මම ඒ දේවල් ලිස්ට් කරන්නෙ නෑ . . .  
උපන්දින ප්‍රීතිය කොහොම උනත් අද මට ගොඩක් දුක් වෙන්න කාරනාවකුත් යෙදිල තියනව. ඒ මම හරි හමන් විදියකට කියල රස්සාවක් කරපු . . . .  මගෙ ජීවිතෙන් කොටසක් වෙලා තිබුන සිලෝන් ෆ්‍රෙශ් සී ෆුඩ් ආයතනයේ සේවය අහවර කරන්න තීරනය කිරීම. අද උදේම ටයිප් කරපු ඉල්ලා අස්වීමේ ලිපිය තාම මගෙ කොම්පියුටරේ මොනිටරේට වෙලා හිනා වෙවී මා දිහා බලං ඉන්නව . . .  ප්‍රින්ට් කරන්න හිතනකොටත් හිතට මහ මොකද්ද වගේ . . . .  ඒත් කරන්න වෙන දෙයක් නෑ . . . .  මම මෙතන අවුරුදු හයක්ම රස්සාව කලා නෙ . . .  දැං හොඳටම ඇති . . . .  


ආයෙත් උපන්දිනේට . . . . . 
පෝස්ට් එක ඉවරකරන්න තියෙන්නෙ මාරය මට එවල තිබුන කවි දෙකකින් . . . . 



අල්ලාගෙන අතේ තිබෙනා බෝතලය..
පුරවන ගමන් ඒකෙන් මේ වීදුරුව..
මන්දය වගේ බලනා මුගෙ අපූරුව..
තව වසරක් අද නාකිය උනා උඹ..


වැඩි වැඩියෙන් රහමෙර වඩි ලැබෙන්නයි..
තවත් හොදින් දස අත කොටු පනින්නයි..
ඊටත් වඩා ගෙයි සාමය රැකෙන්නයි..
මේ වසරෙත් බොට ඉර හඳ පායන්නයි..

64 comments:

  1. සුභ උපන් දිනයක් ඕනෙ අයියට!...

    ReplyDelete
  2. අන්න නියම උපන්දින සුභ පැතුම්.. මාරයාට ජය වේවා..
    ඕනයාට මාරයා කියලා තියෙන විදිහෙම සුභ උපන් දිනයක්ම වේවා...

    ReplyDelete
  3. අඩේ ඇන්ඩයියේ, 34 කියන්නේ සෙල්ලම්ද යකෝ ??? උඹ නාකියි දැන්... උඹ වගේ සෙට් එකෙක් ඉපදුන අද දවසනම් මාර වෙන්නම ඕනේ... ඔක්කොමත් හරි මාරයා අයියගේ කවියත් හරි කිවලු.... උඹේ අතේ තියන වෙලාවක මාරයා අයියගේ කටේ කියක් හරි ඔබපන්.... සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔතනින් අයින් වෙලා ඊලඟට ක්‍රියාත්මක කරන සැලසුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කොරනවා.......

    ReplyDelete
  4. ෂුභ උපන් දිනයක් වේවා අයියේ

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් ඕනයා අන්කල්ට

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් වේවා.......!!

    මොකද හදිස්සියේම රස්සාවෙන් අයින් වෙන්න හිතුවේ.?

    ReplyDelete
  7. @සාතන්:
    ටැංකිවූ මචං

    @පුතා:
    ටැංකිවූ මචං . . .
    මාරයා බලන්නෙම මට අන්නන්න මචං . . . එකයි ඔය . . .

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා මචෝ. ජූලි මාසේ උපන් අය එලම පොරවල්ලු...:D

    ReplyDelete
  9. Happy Birthday tooooo you !!!!

    ReplyDelete
  10. @ගොඩයා:
    34 කියන්නේ බං කොල්ලෙක්ගෙ විසේකාර, දඟකාර . . . වයස . . .(මම මාරයාගේ කටේ කීයක් ඔබන්න කියල තමයි මේ බලං ඉන්නෙ)

    @රන්දිල්:
    ටැංකිවූ නගේ . . . .

    @ශානු:
    ටැංකිවූ ටැංකිවූ . . . දුවේ . . . .

    @පාල:
    ටැංකිවූ මචං . . .
    මෙතන දැන් අවුරුදු 6කට වඩා හිටියනෙ බං . . . ඒ ඇති.

    ReplyDelete
  11. @ප්‍රියන්ත:
    ටැංකිවූ මචං . . . ආන්න උඹට විතරයි තේරුනේ . . . ජූලියේ අගේ . . .

    @බින්දී:
    Thanx dear

    ReplyDelete
  12. ෂුභ උපන් දිනයක් වේවා.......

    උඹ නාකියි නෙ බං......:)

    මන් මේ කම්පනා කොරන්නෙ උඹව නොදන්නෙ කොහොමද කියලා එකම අවුරුද්දෙ නුගේගොඩ ක්ලාසුත් ඇවිල්ලා:)

    ReplyDelete
  13. සුබ උපන් දිනයක් වෙන්ට ඕනේ!

    ReplyDelete
  14. ඕනේ... උඹට සුභ උපන්දියක් සහ සුභ අනාගතයක් වෙන්න ඕනේ... ඕනේ...

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් ඕනයා.......පැතු පැතුම් ඉ‍ටු වේවා සිත තුටින් බර වේවා..........

    ReplyDelete
  16. අපිට, නෙළුම් කොලේට එන්න කියත්ත්වා...!!

    ReplyDelete
  17. වැඩි වැඩියෙන් මෙව්වා ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  18. සුභ උපන් දිනයක් වේවා අයියේ. දැන් නම් ඉතින් පිනට දහමට වැඩ කලොත් හොඳයි ඈ... හෙහ්.. තිස් හතරක් කියන්නෙ සෙල්ලම්ද.

    ReplyDelete
  19. ඕනයා;

    උඹට සුභ උපන් දිනක්. යකෝ තොට තිස් හතරක් ද? මං උන්නේ මායි නාකියා කියලා.

    ReplyDelete
  20. ඕනයියේ සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  21. සුබ උපන් දිනයක් වේවා.!

    ReplyDelete
  22. ඔන්න මගෙනුත් ඇල්කොහොල් සහිත රසවත් පානයන්ගෙන් අඩු පාඩු නොවන සෞභාග්‍යමත් ජීවිතයකට සුබ පැතුම් ........

    ReplyDelete
  23. සුභ උපන්දිනයක් ඕනයා අන්කල්ට

    ReplyDelete
  24. ඕනයා...

    තිස් හතරක් කියන්නෙ සෙල්ලං නෙමෙයි... අල්ලන අත්තෙ සවිශක්තිය ගැන හොඳ වටහීමක් ඇති කියල හිතනව පය ගහපු අත්ත අතාරින්න කලින්....

    තිස් හතරට එකසිය හතරක් ආවඩා ආයුබෝවේවා...!!!

    ReplyDelete
  25. ඕනයා මාමා ට හැපි බර්ත් ඩේ එකක් නෙමේ දෙකක්ම වේවා!
    වෙසක් දවසෙම අභිනිෂ්ක්‍රමණය කරන්නයි යන්නේ නේද?

    ReplyDelete
  26. මට පෙනෙන්නේ මේක තමයි උඹේ හොඳම අවුරුද්ද කියල. ඔන්න එක. උඹ යය කෙනෙක් වෙලා හාමිනේ අම්ම කෙනෙක් උනා පුංචි සුරංගනාවියක් උඹේ දුව උනා.. ඒ මදිවට උඹ අලුත් රස්සවකටත් යන්න තීරණය කල. 34 යි කියන්නේ මොන වයසකද ? 3+4=7 හත කියන්න ලකී සවන්.. උඹටයි හමිනේටයි පොඩි එකටයි සියලු දෙවි පිහිටයි මේ උපන් දිනය බොහොම ප්‍රීතිමත් වේවා කියල පතන්නම්..

    ReplyDelete
  27. සුබ උපන්දිනයක් වේවා අය්යට!

    මම් හිතුවෙ ඔච්චර වයස කෙනෙක් නෙමේ කියල හෙහෙ:)

    ReplyDelete
  28. සුභ උපන් දිනක්...!!!
    තව කියන්ඩ දේවල් තියෙනව..ඒ වුනාට අද ඕන් නැහැ......
    Observer

    ReplyDelete
  29. හෆොයි, කොහොමද උඹට කටක් ඇරලා මල්ලි කියන්නෙ ? බොලා මට වඩා අවුරුදු දෙකයිනේ බොල බාල. අමරදේව මාස්ටර්ත් දැනට අවුරුදු 12කට විතර කලින් මට මචං කියලා කතා කරපු එකේ, උඹටත් කියන්න තියෙන්නෙ,

    "සුභ උපන්දිනයක් මචන් !" කියලා.

    අර උඹට දීපු රුප්යල් 100න් කේක් එකක් අරගෙන සෙලිබ්‍රේට් කරහන්.

    අර උඹේ මෙව්වා එකටත් සුභ පැතුම් ඈ...!

    ReplyDelete
  30. ඕන වෙන මැන්ටල් දෙකක් තීනව. එකක් පැට්‍රොමැක්ස් එකේ මැන්ටලේ අනික මේ ඕනමැන්ටලේ..!

    මාරය කියන විදියට සැමරුවොත්නං මලේ ඊලඟ උපන්දිනේ සැමරිල්ලත් සැකයි. ඒ නිසා මොකා මොනා කිව්වත් සිහියෙන් වැඩ කොරහන්...

    සුභ උපන්දිනයක්...!

    ReplyDelete
  31. හැප්පි හැප්පි බර්ත්ඩේ ඔනයා අයිය වගේ අන්කල්..:

    ReplyDelete
  32. තිස් හතරක්කෙයි දැං වයස. හපෙ අප්පෝ මයෙ මාම වගේ නෙව.

    බෙබා උනත් හැමදා බෝතල් කඩන
    ඉඳ හිට දවසකුත් ඇත සිහියෙන් ඉඳින......


    සුභ උපන්දිනයක් ඕනයා !
    අනාගත බලාපොරොත්තු හැම එකක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා [ අමතක උනා අර උඹේ හිතේ තියන ගුජුප්සාජනක බලාපොරොත්තු ඇරෙන්න....]

    ReplyDelete
  33. සුබම සුබ මෙව්වා එකක් වේවා ! අලුත් රස්සාවත් හොඳින්ම කරන්න මෙව්වා ලැබේවා !

    ReplyDelete
  34. බුකියෙත් සුභ පැතුවා (ඒ උදේ වරුවට) දෙපාරක් සුබ පතන එක අවුලක් නෑ නේ ඒහෙනං ඔන්න ආයෙම පාරක් (හවස් වරුවට) සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  35. මගේ කතා කරද්දි රෙකෝඩ් කරා නම් දාපං ඒක.....

    ReplyDelete
  36. හැපි බර්ත්ඩේ එකක් ම වේවාය :)

    ReplyDelete
  37. one happy birthday kiwa ahenam.wadi wadiyen bonna labewa!!!

    ReplyDelete
  38. Gimhani
    තිස් හතරක් උනාට විසිහතරක් වගේ පේන්න කියලා පතනවා.
    සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  39. අද දවසේ ගොඩක් අය ඉපදිලා වගේ. මගේ මුණු පොතේ ඉන්න යාලුවන්ගෙන් 5 දෙනෙක්ගේම උපන් දිනය අද...ඕනයා මාමටත් සුබ පැතුම් කිව්වා එහෙනම්

    ReplyDelete
  40. ලැබුවත් අවුරුදු විසිහතර
    පෙනෙන්නෙ සේ විසි හතර
    පහසුවෙන් ජයගැනුමට දිවිකතර
    දිගාසිරි ගෙනෙමි ඔබහට මිතුර

    ReplyDelete
  41. ලැබුවත් අවුරුදු තිස්හතර
    පෙනෙන්නෙ සේ විසි හතර
    පහසුවෙන් ජයගැනුමට දිවිකතර
    දිගාසිරි ගෙනෙමි ඔබහට මිතුර

    ReplyDelete
  42. සුබ මෙව්වා එකක් වේවා...... හික් හික් :)

    ReplyDelete
  43. ඕනේ අයියට (මාමා ද මන්දා) සුබම සුබ උපන්දිනයක් වේවා !!!!
    ඕනේ අයියා පේරාදෙනි කැම්පස් ඩයල් එකක් ද ??

    ReplyDelete
  44. [[deeps said...

    අද දවසේ ගොඩක් අය ඉපදිලා වගේ. මගේ මුණු පොතේ ඉන්න යාලුවන්ගෙන් 5 දෙනෙක්ගේම උපන් දිනය අද...ඕනයා මාමටත් සුබ පැතුම් කිව්වා එහෙනම්]]

    අඩේ ඩීප්ස්. හපොයි නංගියේ හතලිහ පනිනකම් අයියා කියලනේ කියන්නේ. මෙහෙමත් අහස පොලව නුහුලන කතා. අද කාලේ හැදෙන එවුන් ඉතින්...

    ReplyDelete
  45. අය්යට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  46. @sujeewa seeya
    20 yanthan pahu karapu mata hamoma achchi kiyala kiyana eke 34 kenata mama kiwwama moko wenne ? :P

    ReplyDelete
  47. සුභ උපන්දිනයක් වේවා.. අර මාරයා පතල තියෙන විදියට ගොඩක් කැමති ඇති ඒකනෙ කවි දෙක දාල තියෙන්නෙ හිකිස්

    ReplyDelete
  48. යකෝ ඕනයියේ බොට 34 ක්ද ?. යකෝ තාම 18 කොල්ලා වගේනේ. මොනවද බං ගාන සබං.

    හික් හික්.

    සුභ උපන්දිනයක් වේවා ඕනයියාට. තවත් කාලයක් යෙහෙන් වැජබෙන්නට ශක්තිය දෛර්ය ලැබේවා.

    ReplyDelete
  49. සුබ උපන්දිනයක් වේවා මචං .!!

    තිස් හතරක් වුණා කියලා පොටෝ වලින් නම් කියන්න බෑ බං අයියේ . උඹව බලලම තමයි මට ඒක කියන්න වෙන්නේ . අබේ පාල මාමා ගෙන් මම උඹ ගැන ගොඩක් දේවල් අහගත්තා . !!

    ජය වේවා මචං !!

    තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ReplyDelete
  50. [[20 yanthan pahu karapu mata hamoma achchi kiyala kiyana eke 34 kenata mama kiwwama moko wenne]]

    ඒ කට හැකර කමට අහ ගන්න එව්වා. ඔන්න අපි නම් තවම කොල්ලෝ හරිය. අපි කිව්වේ මේ අපි ඕනයලා.

    ReplyDelete
  51. සුබ උපන්දිනයක් ඕනයා මාමාට... මාමා කිවුවට ඉතින් තාම අයියා වගේ තමා.. :D

    තිස් හතරක් වයසක්ද අෆ්ෆා..

    ReplyDelete
  52. අඩේ ඊයේ මෙකට කොමෙන්ටුවක් දාන්න හිටියේ බන් . .

    දාපු ගමන්ම පෝස්ට් එක කියෙව්වා . .

    වෙන වැඩකට සෙට් වෙලා කොමෙන්ට් එකක් දාන එක අමතකම වෙලා ගියා . .

    සුභ උපන් දිනයක් සමරන්න ඇති කියලා හිතනවා . . .

    අපරාදේ අර උඹේ ඔලුවට මැහුම් 18ක් ගහපු හෙල්මට් පාර වැඩේ අල නොකල නම් බර්ත්ඩේ එකකට එකට සෙට් වෙලා චියර්ස් මස්සිනා කියලා අඩියක් ගහන්න තිබ්බා . . හික්ස්

    ReplyDelete
  53. අඩේ දැනුයි මේක දැක්කේ. පහුගිය දවස වල මම පට්ට බිසී වෙලා හිටියේ. පරක්කු වෙලා හරි බොට හම්බානකට සුබ උපන්දිනයක් වේවා කියනවා. දැන් ඔය දවස පහුවෙලා නිසා කියන ඒකෙන වක නෑ. ඒ උනාට කොටන්න සල්ලි යන්නේ නෑනේ.

    අඩේ උබ මහා නාකියෙක්නේ බොල. මම හිතුවේ ඕනය වයස 24-26 ජොන්ටෙක් කියල.

    ReplyDelete
  54. අඩේ මං ජුන්ඩක් පරක්කු වෙලානේ... ඒ වුනාට අයියට මැසේජ් එකක් එව්වද කොහෙද මං...

    34 නම් මොකද්ද බං, මට තාම 14යිනේ...

    ReplyDelete
  55. පරක්කු වෙලා හරි මේකෙත් සුබ පතනව ඕන්.....
    හැපි හැපි උපන් දිනයක් වේවා.....
    වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න ලැබේවා...

    ReplyDelete
  56. මල්ලී , ප්‍රමාද වෙලයි දැන ගන්නට ලැබුණේ , ඉතින් මගේ හෘදයාංගම සුබ පැතුමත් ඔබට , නිරෝගී ඉදිරි වසරක් වෙනුවෙන් ,
    හදවතේ මිතුරු බව සදා කල් රැදෙන්නයි
    නිදහසේ සුව සතුට දිගු කලක් දැනෙන්නයි
    ජිවිතේ බර තවත් වැඩෙන බව හැඟෙන්නයි
    මලේ නුඹගේ දිවිය සදාකල් දිනන්නයි

    ReplyDelete
  57. @හැමෝටම:

    හැමෝටම තනි කොමෙන්ට් ගහන්න ඕනෙ නෑ නෙ . . . .මෙතනින්, බුකියෙං සහ දුරකතනෙං සුභ පතපු හැමෝටම ගොඩාක් ස්තුතියි . . . . . .

    ReplyDelete
  58. මුලින්ම උපන්දිනේට සුබ පැතුම් ,, මොකක්ද මේ කොටු පනින කතාව ...?

    ReplyDelete
  59. @සංජය:
    ටැංකිවු මචං . . . .
    උඹ ඔය කො‍ටු පනින කතා ගැන වැඩිය හිතන්න එපා. ඔය එක එකා ඉන්නව මම මේ ගෙවන බ්‍රහ්මචාරී දිවි පෙවෙතට ඊරිසියා කරන . . . . එවුං හදන පද බං ඕවා

    ReplyDelete
  60. දැන් ඉතින් සුභ පතන්න වෙන්නෙ ඊළඟ අවුරුද්දෙ තමා....

    මේ මේ 34ක් කියන්නේ ජීවිතේ භාගයක් ගෙවිලා... දැන් ඉතින් යන්න තියෙන තැනට වැඩ කරගන්න ඕනා...

    හපෝ මටත් 37ක් ඉවර වෙන්න ළඟම ළඟළුනෙ...

    ReplyDelete
  61. @තනෝජා:
    හැක් හැක් . . . . කවද පැතුවම මොකද වෙන්නෙ අක්කෙ . . . .
    ඔය කියන විදියට අක්කගෙ උපන්දිනෙත් ලඟ ලඟ වගේ . . . . සමරමු සමරමු

    ReplyDelete
  62. සුභ පැතුම් මචෝ!

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .