Sunday, July 24, 2011

Vanishing Point - 1971 (වැනිශිං පොයින්ට්)

නිකං ඉන්න එකේ මටත් හිතුන චිත්‍රපටයක් ගැන පොඩ්ඩක් කතා කරන්න. 


දැකල තියනවද චිත්‍රපට වල Car Chases . . . . ??? 
1971 අවුරුද්දෙ තිරගතවුන "වැනිශිං පොයින්ට්" චිත්‍රපටයේ මුල සිට අග දක්වා දිවෙන මෝටර් රථ ධාවනය සහ ලුහුබැඳීම තමයි චිත්‍රපටි විචාරකයන් හඳුන්වන විදියට ලොව බිහිවුන හොඳම නිර්මානය . . . THE BEST DAMN CAR CHASE EVER . . . . .


කොවෙල්ස්කි (Barry Newman) කියන්නෙ යුධ හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක් සහ රේස් ධාවකයෙක් විදියට ‍රැකියාවල යෙදිල අවසානයේ මෝටර් රථ ප්‍රවාහනය කිරීමේ ‍රැකියාවක නිරතවෙන්නෙක්. 
කොවෙල්ස්කිට ලැබෙනව 1970 Dodge Challenger වර්ගයේ මෝටර් රථයක් . . . .  කොලරාඩෝ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා ගෙනයන්න. මේ සම්පූර්න ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් දවස් දෙකක් . . .  කොහොම නමුත් කොවෙල්ස්කි ඔහුගෙ මිතුරෙක් සමග ඔට්‍ටුවකට එලඹෙනව . . .  මේ සම්පූර්න දුර ප්‍රමානය පැය 15කට අඩු කාලයක් තුල ගෙවා දමන්න. 

                        මේ තමා Barry Newman (1971 අවුරුද්දෙ)




මේ චිත්‍රපටයෙ මම දකින විශේෂත්වයක් තමයි, මේ මුලු චිත්‍රපටය පුරාවටම දිවෙන්නෙ කොවෙල්ස්කිගෙ මේ මෝටර් රථ පැදවීම සහ ප්‍රාන්ත පොලීසි වලින් කොවෙල්ස්කිව නවත්තන්න ගන්න උත්සාහයන්. කථාවේ අනිකුත් සිදුවීම් පෙලගස්වන්නෙ කොවෙල්ස්කිගෙ ධාවනය අතරතුර Flash-backs ලෙස. 
BULLITT, THE FRENCH CONNECTION, THE CHASE හෝ DEATH PROOF වැනි චිත්‍රපට වල නොයෙක් ආකාරයේ ළුහුබැඳීම් තිබුනත් ඒ එකකටවත් වැනිශිං පොයින්ට් අසලටවත් කිට්‍ටුවිය නොහැකි බව තමයි මගෙ අදහස.
මේ ධාවනය අතරතුර කොවෙල්ස්කිට මුනගැසෙන නොයෙක් ආකාරයේ මිනිසුන් අතරින් කෙනෙක් තමයි ගුවන්විදුලි යන්ත්‍රය හරහා මුන ගැහෙන "Super Soul" කියන අන්ධ Radio DJ. පොලිස් ගුවන් විදුලි යන්ත්‍ර සම්ප්‍රේශන වලට සවන්දෙන Supersoul රේඩියෝව මගින් සියලුම පොලිස් සූදානම්වීම් කොවෙල්ස්කිට ලබා දෙනව. 

වැනිශිං පොයින්ට් චිත්‍රපටය එක්තරා ආකාරයක 1970 ගනන් වල ඇමරිකානු ජීවිත වල Flash-back එකක් කිවුවොත් මම නිවැරදියි කියල මම හිතනව. ඒ 70ගනන්වල ජීවිතය මනාව විස්තර කරන චිත්‍රපටයක් විදියට මම දැකල තියෙන්නෙ වැනිශිං පොයින්ට් චිත්‍රපටයට අමතරව 1969දි තිරගතවුන EASY RIDER චිත්‍රපටයෙ විතරයි.


                                  Radio DJ -  Super Soul


තව දෙයක් Vanishing Point චිත්‍රපටයෙ IMDB වල 7.2/10 ලබාගෙන තියනව


බාගන්නව නං. . . .  මෙන්න මෙතනිං යන්න
(නිරුවත් දර්ශන අඩංගු බව කරුනාවෙන් සලකන්න)

59 comments:

  1. අඩේ ඕනයියේ.. ඔයා දන්නවද මාත් කාර් රේස් තියන ෆිල්ම් මරුවෙක්.
    Death Race, Taxi, Knight Rider, The Fast and the Furious, Gone in 60 Seconds, The Transporter වගේ තව ගොඩක් ෆිල්ම් වල ආව ඔක්කොම සීරීස් මං බැලුව.හැබැයි මේ ෆිල්ම් එක මට අහු උනේ නෑ.ඔයානම් මාර පිනක් කරගත්තේ ඕනයියේ....
    හෙටම ඔෆිසියෙන් බාන්න දානවා.තැන්කූ වේවා !!
    ඔයත් මං වගේ කාර් පිස්සෙක්නම් මං චැට් එකෙන් අමතන්නම්....

    ReplyDelete
  2. හරි හරි, ආයෙ ඉතින් අළුතෙන් ෆිල්ම් එක බලන්න ඕන වෙන්නෙ නෑ... පෝස්ට් එක කියෙව්වහම නිකං ෆිල්ම් එක බැලුවා වගේ තමයි.

    ReplyDelete
  3. මමත් ඔය සිහින කියල තියෙන ලිස්ට් එකම බලල තියෙනව..Matrix Reloaded එකේ තියෙන කාර් චේස් එක තමයි මට තවමත් හොඳම..

    ReplyDelete
  4. අඩේ අර සිහිනයා කිවත් වගේ මමත් ඔය රේස් ෆිල්ම් සෙට් එකම බලලා තිබේ..... ඒත් අපිට ඇන්ඩයියලගේ කාලේ ෆිල්ම් මඟ ඇරිලා නොවැ.... තෑන්ක් යූ දුන්න ටිප් එකට.....

    ReplyDelete
  5. තැන්කු අයියේ.....අපි කොහෙද ඕව ගැන දන්නේ.....
    බාගෙන බලන්න හිතෙනවා කතාව ඇහුවම.

    ReplyDelete
  6. චීයා..නිරුවත් දර්ශන...උඹනං මේ පොඩි උන්ව නරක් කරන්නම හදන අනිතර්ජාතික කුමණ්ත්‍රණකරුවෙක්...

    ReplyDelete
  7. මාරයා අයියා දැන් මේක බාගෙන අර නිරුවත් දර්ශන තියෙන තැන හොයලා.. ඒ කෑල්ල බලන්නේ නැතිව අනික් ටික බලනවාලු.. :D :D

    බොරු කියන්නේ මොකටද මමත් ඒකමයි කරන්නේ.. ඔන්න මමත් බානවා..!

    ReplyDelete
  8. ඔච්චරම කියන එකේ ‍film එක බාගන්න කියලයි කල්පනා කරේ. ඒත් නිරුවත් දර්ශන තියෙනවලුනෙ.... අනේ මන්දා... බානවද.. නැද්ද‍‍....

    ReplyDelete
  9. මම බලලා තියෙනවා මේක. ඒ වුනාට අයියා කිව්ව එකේ ආයෙ බලන්න ඕනේ....

    ReplyDelete
  10. කාර් රේස් එකක් හින්ද බලලත් බෑ...
    ඒත් අනිත් ඒවා හින්ද නොබලත් බෑ... :D


    ඔය කිව්වය මාත් කාර් රේස් පිස්සෙක් තමයි :P

    ReplyDelete
  11. මේක තාම බැලුවෙ නැහැ, නිරුවත් දර්ශන තියෙනවා කිව්ව හන්ද ඔබී ගෙන් අහල හා කිව්වොත් බලල කොමෙන්ට් එකක් දාන්නන්....

    Observer

    ReplyDelete
  12. පව් ඔබී.... වයසට ගිහිල්ලත් ඉන්න දෙන්නේ නෑ වගේ :P

    ReplyDelete
  13. තෑන්ක් u වෙවා .......

    ReplyDelete
  14. අනේ බුදු සෑර්, අපිට නං ඔය නගින්නැති, කෙලිං කොරගන්න බැරි, එහෙමත් නැත්තං ඔය සනික මෝචනේ වගේ රෝග නෑ, තව නිරුවත් දර්සන තියෙන ඒවලත් ලින්ක් දාන්ඩ සෑර්.

    ReplyDelete
  15. @සිහින:
    ඔය උඹ කියපු ලිස්ට් එකත් මැක්සම සෙට් එකක් තමයි . . . කාර් රේස් වගේම නියමම කාර් චේස් ටිකක් තියෙනව ඔය සෙට් එකේ. ඔය රේස් අමාරුව ‍ෆිල්ම් වලිංම හොඳ කරගන්න බලපං. රියල් ලයිෆ් හොඳ කරගන්නෙ නැතුව . . . .

    @දුමී:
    අඩේ . . . ඇත්තද . . . ??? අනේ මචෝ ඒක එහෙමනං මට ඒ ඇති

    @වෙනී:
    නියම කලෙක්ශන් එකක් නේද සිහින කියල තියෙන්නෙ ???

    @ගොඩයා:
    ඇන්ඩයිලගෙ කාලෙ කිවුවෙ . . . ??? උඹ හොඳ හිච්චි එකා

    @පිසාචයා:
    බලපං බලපං .. . . . නියමයි

    @මාරයා:
    ලැජ්ජ හිතුන නේද . . . ??? පවු උඹ . . . . .

    @චතුවා:
    මාරය තාම බබා මචං . . . . ඔන්න ඔහෙ උඹ බලපං

    @සුමින්ද:
    බාගනින් . . . ඊටපස්සෙ වීඩියෝ එඩිටිං කරන එකෙකුට දීල අදාල තැන් වලට කො‍ටු දමාගනිං

    @ප්‍රසන්න:
    එල එල. . . . මමත් හත් අට පාරක්ම බලල තියනව

    @තාරක:
    ඒකනේ . . . උඹ කාර් චේස් එක තියන තැන් ටික විතරක් බලපං . . . . විනාඩි පහක් විතර තමයි එතකොට උඹට අතෑරෙන්නෙ

    @ඔබා:
    අපොයි ඔව් . . . උඹ බබානෙ . . . කෝකටත් දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අවසර අරගෙන බැලුවොත් තමා හොඳ

    @Chiran:
    එල එල . . .

    @සූස්ති ගුනේ:
    ස්කුබි ඩූ ගනේ තියනව දෙන්නද ලින්ක් එක . . . ???

    ReplyDelete
  16. (නිරුවත් දර්ශන අඩංගු බව කරුනාවෙන් සලකන්න)

    දැන්ම බාන්න ඕනේ... ලොල්..

    ReplyDelete
  17. ADK : ඔය කිව්වට එහෙම නෑ බන්.. මාත් අහුවුනානේ :P

    ReplyDelete
  18. 1970 Doge Challenger (බලු චැලේන්ජර්) නෙමෙය් බොල ඕකෙ නම
    Dodge Challenger

    ReplyDelete
  19. @ADK කොලුවා සහ තාරක:
    යකෝ . . . මම ඕකෙං අදහස් කලේ බෑවට කමක් නෑ අම්මල තාත්තල ඉස්සරහ බලන්න යන්න එපා කියන එක . . . නැතුව මේක වැලක් කියල නෙමේ . . .

    @ඔබා:
    හුටා . . . දැං දැක්කෙ අයිය . . . බුදු ටැංකිවු . . . . මෙන්න හැදුව . . .

    ReplyDelete
  20. අපි නොදන්න කාර් රේස්!

    ReplyDelete
  21. මමනම් මේ කාර් රේස් වලටයි පරන ෆිල්ම් වලටයි පොඩ්ඩක්වත් ආසා නෑ . ඒත් මේ ෆිල්ම් එකේ මොකද්දෝ මන්දා මෙවුවා එකක් තියනවා කියලා මට දැනෙනවා . මම උඹ කියපු නිසාම ඔන්න මේක බාගන්න තිරණය කලා ..!

    කාලෙකින් රේස් එකක් ගියෙත් නෑ ...

    ReplyDelete
  22. @ඉන්දික:
    හික් හික් . . . . . නිකං ඉන්න එකේ බාගෙන බලපං . . .

    @සඳරු:
    මට තේරෙනව මලේ . . . . ඔන්න ඔහෙ බාගෙන බලපං . . .

    ReplyDelete
  23. මේ යකා දැම්මත් දාන්නේ නිරුවත් දරුසන තියෙන එකක්නේ. අපි කෝමද ඕවා බලන්නේ අප්පා ............

    හික් හික්.

    ReplyDelete
  24. @ සුපර්:
    ඔය කිවුවට මහ ලොකු දෙයක් නෑ බං . . . කෙල්ලෙක් හෙලුවෙං මෝටර් සයිකලයක් පදින සීන් දෙකක් තුනක් විතර තියෙන්නෙ

    ReplyDelete
  25. මටත් අනේ මූවි එක ඉවර වෙනකම්ම chase එකක් විතරක් තියෙන මූවීස් නං එච්චර ෆිට් නෑ.

    එත් මම දැකල තියෙන හොඳම chase එකක් තියෙනව MATRIX එකේ.. highway එකේ wrong side එකට දෙන රන් එක නම් පට්ට...
    Taxi එකට මම කැමතියි Queen Latifa මගෙ most favorite නිලියක් හින්ද..

    ReplyDelete
  26. @සපතේරු උන්නැහේ:
    ඒ විදියෙ චේස් වලට අකමැතියි නං හොඳම දේ මේ පෝස්ට් එක අස්සෙ මම කියල තියන අනිත් චිත්‍රපටි ටික හොයං බලන එක තමයි . . . .

    MATRIX එකේ තියන චේස් එකත් නියමයි තමයි . . . .කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැති ගතියක් තියනවත් තමයි . . . . ඒත් ඒ චිත්‍රපටියෙ කොම්පියුටර් වැඩ කෑලි වැඩියිනෙ . . . .

    ReplyDelete
  27. කලකට පස්සේ ආවේ ! ඔනයත් දන්නා දේවල් ! මාත් බාගන්න ඕනේ මේක බලන්න. දැන් කවද්ද දුපත් සමුහයට යන්නේ ?

    ReplyDelete
  28. අඩේ . . . ජයියා . . . මම හිතුවෙ බොලාව ජාලෙං පන්නල කියල . . . . බාගනිං බාගනිං . . .
    මම අගෝස්තු දෙවනි සතියෙ තමයි යන්න හිතාන ඉන්නෙ

    ReplyDelete
  29. එළ ෆිල්ම් එකක් වගේ. තැන්කූ ඕනයියා. බාගෙන බලාන්න හිතුනා...

    ReplyDelete
  30. @නචියා:
    මට නං එලම එල මලේ . . . උඹත් කෝකටත් කියල බාගෙන බලපං කො

    ReplyDelete
  31. මම බලන්නෙ නෑ ..බාන්න බෑ ලිමිට් පනී..ඩොංගලේ..
    ඔය කියලතියෙන්නේ විස්තරෛ් ඇස් දෙකෙන් දැක්ක වගේ...

    ReplyDelete
  32. @indi:
    ඔය ලිමිට් එක තමා මටත් හරහට හිටින්නෙ . . . මොනා කරන්නද . . .

    ReplyDelete
  33. අඩා බුඩා. මාත් පැලෙන්න ආස කැටගරියක් බන් මේ. හයියෝ... බාගන්න වෙනවා අනිවා...

    ReplyDelete
  34. @වන්නි:
    ඔබේ බෑම . . . මගේ පරම ප්‍රීතියයි . . . .

    ReplyDelete
  35. එළ එළැ ඈන්ඩෝ... ඔන්න මමත් බාන්න දෑම්මා.

    අර නිරුවත් දර්සන ටික නම් මම ෆාස්ට් පෝවඩ් කර කර තමා බලන්නෙ අම්මපා... :P :P :P


    - අවංක පෑට්ටා -

    ReplyDelete
  36. නිරුවත් දර්ශණත් තියනවද..... හ්ම්ම්.. කමක් නෑ..... ඔන්න ඔහේ බානව, කාර් එකක් දැක්කෙත් නෑ නෙව සෑහෙන කාලෙකින් !

    ReplyDelete
  37. @අවංක පැට්ටා:
    ෆාස්ට් ෆෝවඩ් කරල බලනව නං . . . උඹට සීන් දෙකක් විතර තමා මිස් වෙන්නෙ . . .

    @නවම්මාවත:
    මම දන්නව මචං උඹ ඔය කාර් ජාතිවලට කොච්චර ආසද කියල

    ReplyDelete
  38. අය්යෝ ඊයෙ රෑ මේක බෑලුවා.... මම හීනකින් වත් නොහිතපු දෙයක් නෙ අන්තිමට උනෙ. අපරාදෙ ඔච්චර ගේමක් දීල කාර් එක අරගෙන ආපු එක. :( :( :(


    - අවංක පෑට්ටා -

    ReplyDelete
  39. @අවංක පැට්ටා:
    හික් හික් . . . . අවසානෙ දැක්කම මටත් ඔය ටික හිතුන

    ReplyDelete
  40. මන් නැති අතරේ අපේ ගෙදර ඕක බාල . හරි කරදරේ බලන්න කියල . සති අන්තෙට බලන්න ඕන . තෑන්ක්ස්

    ReplyDelete
  41. @Bindi:
    ඔබෙ සැප මගෙ සතුටයි

    ReplyDelete
  42. මමත් බලන්න ඕනෙ. ඒක නෙවෙයි, මොකද්ද බං අර මාලු බ්ලොග් එක?

    ReplyDelete
  43. @blog gadol:
    http://fishedu.blogspot.com/

    ReplyDelete
  44. ඔන්න මමත් බැලුවා ,, හොදයි ,, රහයි ..

    ReplyDelete
  45. @සන්ජය:
    එලස් . . . . හොඳයි නං මට ඕනෙ එච්චරයි

    ReplyDelete
  46. ඇයි අන්තිමට එහෙම වුණේ? තාම තේරෙන්නෙ නෑ.. ඔන්න ඔය වගේ ඔයාලගේ කාලේ (ඒ කාලේ )සිත්තර පටි තව තියෙනවනම් දාන්නකෝ ඕන අයියා...

    ReplyDelete
  47. @පැතුම්:
    සිරාවටම කතාව හයපාරකට වඩා බලල තියනව . . . ඒත් මටත් තවම අවසානෙ තේරෙන්නෙ නෑ . . . .
    "ඔයාලගෙ කාලේ" . . . ??? ඈ යකෝ . . . . උඹ මොන කාලෙද එතකොට ????

    ReplyDelete
  48. ඈ @#$!&*^(* පුතෝ සුමාන පහකින් පොස්ට් එකක් දාල නැහැ, මොන #$(*&^ ද කොරන්නෙ?

    ReplyDelete
  49. මචන් නිරුවත් දර්සන ටික විතරක් අප්ලොඩ් කරපන්කො මයෙ අම්මා ...
    පිල්ම් එකම බාන්න කම්මැලියි බන් :P

    ඩීයා

    ReplyDelete
  50. හායි ඕනයා,
    ටයි ගැටේ බලන්න මගෙ බ්ලොගිය පැත්තෙ ආපු ලින්ක් එකෙන් තමයි මේ ආවෙ. එල බ්ලොග් එකක්නෙ. මාත් එක විදියක ‍ෆිල්ම් පිස්සෙක් තමයි. කමෙන්ට් ලියපු කට්ටිය ආයෙ මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ.
    කියලාවත් දාගන්න බැරි මාර නමක්නෙ සිකුරාජපති. මේක ඇන්ඩාගෙ බ්ලොග් එක මිසක් ඇම්ඩාගෙ එක නෙවෙයිනේ? බයේ බෑ.
    ආයෙ හමුවෙමු. ජයවේවා.
    (ඔන්න මගේ බැක් අප් එක ඔබේ පික් අප් එකට. (මේක මේ ත්‍රී වීල් එකක, ප්‍රයිවෙට් බස් එකක පිටිපස්සෙ ගහපු එකක් නෙවෙයි නේ? හික්ස්)

    henryblogwalker aka Dude.

    ReplyDelete
  51. @ඔබ්සර්වර්:
    අනේ ගහන්න නං එපා අයියා . . . (බයේ ගැහෙමින්)

    @ඇනෝ:
    කමක් නැද්ද මචං එතකොට

    @හෙන්රිබ්ලොග්වෝකර් (අඩේ හරියට නිකං ලූක් ස්කයිවෝකර් වගේ):
    සිකුරාජපති නම එහෙම ලේසියට දාගන්න බෑ . . . පෙර කල පිං තියෙන්න ඕනෙ.
    අඩේ . . . මේක ඇම්ඩගෙ බ්ලොග නෙමේ . . . . ඇන්ඩගෙ බ්ලොග

    ReplyDelete
  52. හාපෝ තාම පරණ එකම නේ තියෙන්නේ... ලියන්නකෝ අලුත් එකක්... ඒ කාලේ ආපු වෙන සිත්තර පටි නැද්ද තව?

    ReplyDelete
  53. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  54. එයි ලියපිය මොකක් හරි මට කියවන්න නැත්නම් ගහනවා කොලයක් FB එකේ..

    ReplyDelete
  55. @පැතුම්:
    ලියන්න ඕනෙ මචෝ .. . ඒත් මේ දවස් වල කතා ලියන්න සෙට්වෙන්න විදියක් නෑ . . . ගෘහස්ත ප්‍රචන්ඩත්වෙ ඉහටත් උඩිං

    @යකා මහත්තයා:
    එල එල. . . . මම ගියා . . . ෆලෝ පාරකුත් දැම්ම

    @සරත් ලංකාප්‍රිය:
    බුදු අයියෙ හැකි ඉක්මනින් පෝස්ට් එකක් දානව. අන්තිම පේලිය්ට එන්න වෙලාවක් නැති මට කොයින්ද කියල හිතපංකෝ බ්ලොග් කොටන්න වෙලාවක් ????

    ReplyDelete
  56. මොකක්ද ඕනයො කරන්නෙ? දැන් ලියන්නෙ නැත්ද? බ්ලොග් පාලුවට අරින්න එපා.
    My Back-Up For Your Pick-Up

    henryblogwalker the Dude.

    ReplyDelete
  57. තොට හොඳින් කියලා හරියන්නැ වගේ....

    තව දවස් දෙකයි උපරිම දෙන්නෙ... පෝස්ට් එකක් දැම්මෙ නැත්තං ගිහිං දානවා එහාවැටේ ඉස්පිරිතාලෙට... දැං බලනවා හලො නමුන්ගෙ මෙහා වැටේ ඉන්න යාලුවා ලස්සනට වැඩේ කරගෙන යන හැටි විතරක්.... අන්න මිනිස්සු බලලවත් හැදෙනවකො...මන්දා ඕගොල්ලං කවදා හැදෙයිද කියලා......

    ReplyDelete
  58. තොට හොඳින් කියලා හරියන්නැ වගේ....

    තව දවස් දෙකයි උපරිම දෙන්නෙ... පෝස්ට් එකක් දැම්මෙ නැත්තං ගිහිං දානවා එහාවැටේ ඉස්පිරිතාලෙට... දැං බලනවා හලො නමුන්ගෙ මෙහා වැටේ ඉන්න යාලුවා ලස්සනට වැඩේ කරගෙන යන හැටි විතරක්.... අන්න මිනිස්සු බලලවත් හැදෙනවකො...මන්දා ඕගොල්ලං කවදා හැදෙයිද කියලා......

    ReplyDelete
  59. I think this dude has forgotten Sinhala. I know you are alive 'cos you comment on my blog posts.
    see what all the other guys are saying.
    Hey dude, we are giving you our full back up, but where the hell is your pick up?
    henryblogwalker the dude

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .