Monday, April 15, 2013

ඔබා අයියා වෙත

11.04.2013
ඔපීසියෙ දීය

සැප වේවා !
හිතවත් ඔබ්සර්වර් අයියා වෙතයි.
ඔබා අයියේ, ඉතිං උඹේ සැප දුක් කෙසේද ? ඉන්නා තැනක ආතල් එකේ සිටී යයි සිතමි (එහෙම නොවුනොත් ඒ උඹ නෙමේය). අපිනං උඹේ කොමෙන්ට් එකක්, පෝස්ට් එකක් දකින්නට කියවන්නට නැති සාංකාවෙන් සිටිමු.

උඹ ඩිංගක් එහා මෙහා වෙච්ච හැටියේ හරි හරි දේවල් බ්ලොග් අවකාසෙ සිද්ද උනාය, එවුවා මෙතන කතා කරීමෙන් සත පහක වැඩක් නෑය, අරමක්කදැයි කීවොත් මම මේ ලිපිය ලියන්නේ උඹට වෙන ඕපා දූපයක් කියන්න නිසාය.

අන්තිම පේලිය කියන එකේ හිටි කුජීත සෙට් එක උඹට තාමත් මතක ඇත්තේයයි සිතමි. උංටික අමුතුම ගේමකට සෙට් වෙන විත්තිය මට කනිං කන ආරංචි උනේය. උඹ අපිව දාලා ගිහිං අවුරුද්දකින් විතර කිසිම ආරංචියක් තාමත් නැති එකේ අන්තිම පේලියේ එවුං උඹ වෙනුවෙන් ලේ දන්දීමක් සැට් කරන්න හදනවාය. ඒ හෙට අනිද්දා 28වෙනිදාය. ටක්කෙටම කීවොත් සයිබර් උලෙලට පහු වීක් එන්ඩ් එකේදීය.

තාමත් ඔබ්සර්වර් කියා එකෙක් සිංහල බ්ලොග් කෙටූ විත්තිය මතක ඇති එවුං එදාට ඒපැත්තෙ එන්න අම්බානකම ඉඩකඩ ඇතිය. අප්‍රේල් 28වෙනිදා උදේ 9.00ට විතර වැල්ලවත්ත අයි.බී.සී. පන්සල පැත්තෙ ආවොත් සෙට් එක බෙල්ල මුලින්ම අල්ලාගන්න ඇහැකිවෙන්නේය.

මීට
හිතවත්
ඕනමැන්ටල් මලයා

ප.ලි.
අරුං මදි නොකියන්න බැනර් තොගේකුත් හදලාය. පහලිං ඇත්තේ ඒවායිං එකක්ය

66 comments:

  1. Replies
    1. අනිවා බලාපොරොත්තු වෙනව

      Delete
  2. ම්.. හොඳ වැඩක්... උපරිමෙන් උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. උත්සාහ කර කර ඉන්න නෙමෙයි . . . අනිවා එන්න

      Delete
  3. ලංකාවෙ හිටියානම් ලේ පයින්ට් එකට දෙකක් දෙන්න එනවාමයි.. ඒකටත් පිනක් තියෙන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අයියා. ඊලග වතාවෙ බලමු

      Delete
  4. Replies
    1. ඇවිල්ල ලේ ටිකක් දීලම බලන්නකෝ

      Delete
  5. එන්නට විදිහක් නැහැ . නමුත් ඔබ ගේ මේ පිංකම සාර්ථක වෙන්න පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.

      Delete
  6. උඹ ඔපීසියෙ දී වැඩක ඇති වැඩක් කළාම ද මන්දා :P එදාට හම්බෙමු.

    ReplyDelete
    Replies
    1. ඇයි කොච්චරක්නං වැඩ කරනවද ඔෆිස් එකේදි

      Delete
  7. වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියණ්ඩි. එන්න නම් බැරිවෙයි :(

    ReplyDelete
    Replies
    1. අඩේ . . . . උපරිම උත්සාහෙ දාල වරෙන්කො

      Delete
  8. කරල තියන වැඩ වල හැටියටනම් බොලා ලේ නොදුන්නාට කමක් නැත. ඒත් ඔන්නොහෙ දීල දාන්න. පස්සෙ විසිකරන්නැතෑ... මමත් එනව. දැන් ඉඳල කනව 50Kg හදාගන්න

    ReplyDelete
    Replies
    1. බර ආහාර ගනිං වැඩිපුර (කලුගල් වගේ ඒව) එතකොට බර වැඩිවෙයි සට සට ගාල

      Delete
  9. මේ පිංකමට එන්න වෙන්නේ නම් නැහැ , හේතුව මලයා දන්නවනේ , ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා , මලයගේ මේ ලියුම මගේ හිතට ගෙනාවේ පුදුම සංවේගයක් , ඔබා අයිය නැති වුනේ නැහැ කියන එක ඔප්පු කරන්න හදනව වගේ දැනුන ...හාදායාංගම මිත්‍රත්වය කියන්නේ කුමක්දැයි වටහා ගන්නට එයම ප්‍රමාණවත් ... එන්නට නොහැකි වුනත් , මේ සත් කටයුත්ත සාර්ථක වන්නට පතමි , ඉන් ලැබෙන පින ඔබා අයියා වෙත පැතූ සුගතියකට , සුවයකට හේතු වේවා !

    ReplyDelete
    Replies
    1. අයිය ලංකාවෙ හිටියනං උස්සගෙන හරි එනව එකෙන්ම :D

      Delete
  10. ෂික් එකත් කරුමේ.... ඔය ලේ දෙන්න බර 55 ට වඩා වැඩි වෙන්න වගේ ඒවා බලන්නේ නැත්ටම් මොන විදිහක හරි ටයි එකක් දාගෙන එන්න තිබුනා... කොහොමහරි ඊළඟ පාරටවත් බලන්න ඕනා...

    හදවතින්ම සුබ පතනවා මේ උතුම් කාර්ය සාර්ථක වෙන්න...

    ReplyDelete
    Replies
    1. උඹට ලේ දෙන්න බැරි උනාට කමක් නෑ ලේ දෙන්න පුලුවං තව දෙතුන් දෙනෙක් එක්කං වරෙං :D

      Delete
    2. මම දන්න විදියට ලිමිට් එක 50Kg

      Delete
  11. එන්න බැරි වෙයි...

    උතුම් කාර්යය සාර්ථක වේවා...
    ඔහුට පිං අත්වේවා...

    ReplyDelete
    Replies
    1. එන්න උත්සාහයක් හරි දාපං, බැරිවෙන එකක් නෑ

      Delete
  12. ඉතාම යහපත් කටයුත්තක්... අතිශයින්ම සාර්ථක වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ඒ වගේම උඹේ පැමිනීම අනිවාර්යයි. ආයෙ ඤං පචං කියන්න එපා :D

      Delete
  13. නියම වැඩක් ඕනේ..අනිවා මමත් එනවා...මට පින් ඕනි නෑ..ඔබා මාමට පින් ලැබෙන්න ඕනි මචෝ.ඔබා මාම නැති අඩුව නම් කියලා වැඩක් නෑ.අර හැම මගුලකටම හී හී ගාන හිරැ කියන එකීගේ වගේ බඩ දගලන කමෙන්ට්ස් දකිද්දි ඔබා මාමගේ අඩුව දැනෙනවා ඕනේ...ඔබා මාමගේ කමෙන්ට්ස් දැක්කත් හිත පිරෙනවා බන්...

    ReplyDelete
    Replies
    1. ඔබ්සර්වර් අයියා මනුස්සයෙක් විදියට මිනිස්සුන්ට කරපු උදවු සහ බ්ලොගර් කෙනෙක් විදියට දීපු ආතල් වෙනුවෙන් අපිට කරන්න පුලුවං හොදම උපහාරයක් මචං උන්දෑ වෙනුවෙන් පවතින යමක් කිරීම.

      Delete
  14. වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. පතල විතරක් මදි බොල . . . ඇවිත් ලේ ටිකක් දීපං (තියෙනවනං විතරක් ඈ)

      Delete
  15. ඔබා මාමා අයියා වෙනුවෙන් අවංකවම කෙරෙන මේ සද්කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා. සාර්තක කරගන්න හැකි සෑම උත්සාහයක්ම දරනව

      Delete
  16. මෙව්ව නම් රත්තරන් වටිනා වැඩ. මම නම් කිසි දිනෙක මුන ගැසී නෑ. ඒත් රත්තරන් මනුස්සයෙක් කියන් එක නම් දන්නවා.

    ජයම වේවා !

    තොගේ ලේ නම් දෙන්න එපා.. ඒඩ්ස් හැදෙයි...

    ReplyDelete
    Replies
    1. උඹ වරෙං ලේ දෙන්න

      මට ඒඩ්ස් නෑ යකෝ . . . දැබට මාස දෙකකට විතර කලිං ගත්තෙ රියෝට් එක . . . . :D

      Delete
  17. අඩෙ මගෙ බර ඇතිද?

    ReplyDelete
    Replies
    1. වරෙං
      ඔය තියෙන බර ඇතිවෙයි (කිලෝ 50යි ලිමිට් එක ඈ). බර මදි වගේනං බර තියෙන දෙතුන් දෙනෙක් එක්කං වර

      Delete
  18. දැනට තියෙන තත්වෙ හැටියට නම් මම එනවා.. :)

    ReplyDelete
    Replies
    1. තත්වෙ නෙමෙයි වරෙං

      Delete
  19. (මරු පබ්ලිසිටිය..) අපි එදාට ලේ දන්දීම තුලින් ඔබා අංකල්ව දකින්න බලමු.
    - කිරිසප්පයා @ අ.පේ -

    ReplyDelete
  20. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @අබීත,
      අනිවා. තව දෙතුන් දෙනෙකුත් එක්කං වර

      @ඇනෝ,
      මම ඇනෝ වහල නෑ මචං. මෙතන කක්කි දාන්නෙ නැතුව වෙන ඕනෙම පෝස්ට් එකක කක්කි දාපං

      Delete
  21. එනවා එනවා එනවා එනවා එනවා එනවා...!!!

    ReplyDelete
  22. ඉත සිතින් සුබ පතනවා ..... කවුරු හරි හොයා ගෙන එන්න උපරිම ට්‍රයි කොරන්නම්. මොකද මගේ සීනි 128 ටම නැගලා බං .......

    ReplyDelete
    Replies
    1. ලවක් දෙවක් නැතුව සීනිකරිඤ්ඤං ගැහුවාම ඔහොම තමා

      Delete
  23. ලේ දෙන්න බර මදි :(
    ඒ වුනාට දන්නා කියන අයට ආරංචිය දෙන්නම්.
    ඔබා මාමව කමෙන්ට් එකකින් වත් හමුවෙලා නෑ ඒ කාලේ බ්ලොග් අවකාශයේ හිටියේ නැති නිසා.
    නමුත් මේ පෝස්ට් කමෙන්ට් වලින් එතුමා ගැන හිතාගන්න පුළුවන්.
    පිංකම සාර්ථක වේවා..!!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කොමෙන්ට් එකකින් හරි සෙට් වෙන්න වටින කොල්ලෙක් තමා ඔබා කියන්නෙ.
      බර මදි උනාට කමක් නෑ . . බර තියන දෙතුන් දෙනෙක් කනෙන් ඇදගෙන ගේන්න එදාට

      Delete
  24. ගොඩක් වටින වැඩක් ..මේ දේ සාර්ථක කරගන්න
    ලැබේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා කරල විතරක් මදි
      ඇවිත් යන්න එන්න

      Delete
  25. එන්න බැරි වෙන එකනම් කරුමෙම තමා. සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    (අ.පේ.) ජෙමා

    ReplyDelete
  26. මට එන්න වෙන්නේ නැත්තේ ඇයි කියන එක නම් උඹ දන්නවනේ බං. උඹලගේ මේ ව්‍යාපෘතියට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා. මහේශ් අයියට කීව වගේ උඹත් ලංකාවෙ හිටියනං උස්සගෙන හරි එනව

      Delete
  27. ලියුම කියවනකොට ඇහැට කඳුලක් නැගෙන තරමට සමීප බවකින් ලියලා තියෙනවා... ඔබා මාමා හිටපු කාලේ බ්ලොග් කියෙව්වේ නැති හින්දා ඔබා මාමා ගැන දැනගත්තේ මේ වගේ එයාව මතක තියන උන් තැන තැන දාන කමෙන්ට් වලින්, පෝස්ට් වලින්..... වැඩේ ගැන අමුතුවෙන් හොඳ කියන්න ඕනේ නෑ කියලත් දන්නවා.. ඒත් නොකියා බෑනේ....

    හැමතිස්සේම ලොකු ලොකු කමෙන්ට් දාන්න තරම් මහා ලොකු දැනුමක් නැති නිසා සමහර වෙලාවට කමෙන්ට් නොදා යන වෙලාවල් තියෙනවා.. ඒත් මේකට කමෙන්ට් එකක් දාන්නම හිතුනා... ඒක නිසයි මේක දැම්මේ...

    ReplyDelete
    Replies
    1. ලොකු ලොකු කොමෙන්ට්ස් ඕනෙ නෑ හිරු. කොමෙන්ට් වලිං හරි ඔබා අයියව මතක තියේනං එච්චරයි :D

      හැකියාවක් තියේනං ඇවිත් යන්න හරි එන්න

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හිහී හිහී

      Delete
  28. http://lakafrance.blogspot.com/2013/04/8.html?showComment=1368176384800#c3783902575342181097

    true?

    ReplyDelete
    Replies
    1. @ඇනෝ
      මෙන්න ඔයාගෙ ලිංක් එකට යන්න පාර

      ඔයා කැමතිම නං ඇත්ත කියල හිතාගන්නකො

      Delete
  29. මම බ්ලොග් කියවන කාලය වෙනකොට ඔබා ගිහින් එත් උබලා ලියලා තියන ඒවගෙන් හිතා ගන්න පුලුවන් ඒ හොද මිනිහක් කියලා.
    ලියන්නේ නැද්ද අලුත් මුකුත් ?

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .