Tuesday, July 30, 2013

රස්සාවට අයිස් ගැහීම


බ්ලොග් එකක් තිබ්බද කියලත් මතක්වෙන වෙලාවල් නැතුවම නෙමේ ඒත් අලුතින් යමක් ලියන්න කෝ කාලයක් ??? වැඩ වැඩ වැඩ

මේ දවස්වල අලුත් තැනක වැඩ කරන නිසා වැඩ කොහොමත් අධිකයි. මේ තියෙන්නෙ මගෙ දවසේ රාජකාරි රූටින් එක,

උදේ 8.30ට - රාජකාරියට වාර්තා කිරීම (ඔෆිස් අරින්නෙ උදේ 9.00ට ඒත් දොරේ යතුර මගෙ අතේනෙ)
උදේ 8.35ට විතර - කොම්පියුටරේ වැඩ ඇල්ලීම ෆේස් බුක් සමග
උදේ 9.00ට විතර - උදේ කෑම
උදේ 9.15ට විතර - ෆේස් බුක් සමග අනිකුත් අන්තර්ජාල වැඩ
දවල් 1.30ට විතර - දවල් කෑම (ක්වාටස් එකේ)
දවල් 2.00ට විතර - පොඩි නින්දක් (ක්වාටස් එකේ)
දවල් 3.00ට විතර - ෆේස් බුක් සමග අනිකුත් අන්තර්ජාල වැඩ (ඒ වෙලාවට නැගිට්ටොත්)
හවස 5.00ට විතර - ඩියුටි ඕෆ්

ඔය හවස 5.00ට තියන ඩියුටි ඕෆ් එක සමාර දවස්වල හවස 6.00 විතර වෙනව අන්තර්ජාලයේ පවතින තත්වය අනුව.
ඔන්න ඔහොම තමා මගෙ සතියෙ දවස් පහක (05)ක බිසී ශැඩූල් එක. ඉතිං කෝ බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් ??
මම පෙර ආත්මෙක කරපු මොකක්දෝ පවක් නිසාවෙන්න ඇති මට ලැබෙන හැම රස්සාවම මේ වගේ (දැං මම මේ වැඩ කරන්නෙ 2005 ඉදල ගත්තාම 6වෙනි කොම්පැනියෙ :)

මේ විදියට මහන්සි වෙන අපිට වැටුප් ගෙවීමට අමතරව කලගුන සැලකීමක් විදියට හැම මාසෙකටම වතාවක් කොම්පැනිය ගානෙ පොඩි පික්නික් එකක් වගේ එකක් (day outing) දෙනව.
මේ අන්තිම අවුටිං එකේදි :) උනවටුන බලා යන ගමන්
ඉතිං ඔන්න ඔහොමයි මගෙ රාජකාරි කටයුතු කෙරීගෙන යන්නෙ.

මේ විස්තරේ මට කියල දාන් හිතුනෙ මේ ලගකදි මට කියවන්න ලැබුන කතාවක් නිසා
මෙන්න එහෙනං තොරනෙ විස්තරේ

දවසක් බුවෙක් ආවලු කොම්පැනියක ඉන්ටවිවු එකකට
H.R. මැනා බුවාව ඉන්ටවිවු කරල සැටිස් වෙච්ච නිසා බුවාව සිලෙක්ට් කරගන්න හිතාගෙන අවසන් ප්‍රශ්න ටික ඇහුවලු
H.R. මැනා: ඔයාට ඇලජික් කෑම බීම එහෙම මොකුත් තියනවද ?
බුවා: ඔවු සර්, මට තේ, කැෆේන් ඇලජික්

H.R. මැනා: ඔයා කලින් වැඩ කලේ කොහෙද ?
බුවා: ආමි එකේ හිටියෙ සර්

H.R. මැනා: හ්ම් . . . ඔයාට ඒ නිසා අමතර ලකුනු 5ක්ම ලැබෙනව. මට කියන්න ඔයාට යුද්දෙදි මොකුක් ආභාධ එහෙම සිද්ද උනාද?
බුවා: ඔවු සර්. මම දවසක් ඩියුටි ඕෆ් වෙලා එද්දි අපි ආපු බස් එක ක්ලේමෝ එකකට අහුඋනා. ඒකෙන් මගෙ වෘෂණ කෝෂ සම්පූර්නයෙන්ම විනාශ වෙලා ගියා

H.R. මැනා: හරි ඒක එහෙම නං ඔයාව අපි අදම වැඩට ගන්නව. ඔයා කැමති නං හෙට උදේ ඉදල වැඩට එන්න පුලුවං
බුවා: හරි සර්. මම කීයටද එන්න ඕනෙ?

H.R. මැනා:අපි වැඩ පටන්ගන්නෙ නං උදේ 8.00ට. ඒත් ඔයා උදේ 10.00ට ආවාම හොදටම ඇති. හෙට විතරක් නෙමේ අනිත් දවස්වලත් උදේ 10.00ටම එන්න. ඔයා උදේ 10.00ට ආවට ඔයාගෙ පඩිය හැදෙන්නෙ උදේ 8.00 ඉදල
බුවා: (හොල්මන් වී) ඒ ඇයි සර් ඒ ?

H.R. මැනා: අපි කොහොමත් උදේ පලවෙනි පැය දෙකම කරන්නෙ ඇට කස කස තේ බොන එකනෙ. . .  ඉතිං ඔයා ඒ වෙලාවට වැඩට ඇවිල්ල වැඩක් නෑ
http://open.salon.com/blog/z_bitch/2009/01/08/very_inappropriate

82 comments:

  1. මේ වෙකන්සි නැද්ද දන්නේ නෑ නේ??? :D
    යුක්ති
    අ.පේලිය

    ReplyDelete
    Replies
    1. මෙහෙ ජොබට එනවට වඩා අමාරුයි රැදෙන එක. හිටපු එකවුන්ටන්ට්ව එලෙවුව දවස් කීපයකට කලිං. හේතුව ඔය උනවටුනෙ ට්‍රිප් එකට හේතුවක් නැතුව ආවෙ නැති එක

      Delete
    2. ado onaya iye uba ara kc_ c___ eke neda wada karanne.. okata man application ekak dammath set une naane oiii experience madi kiyala. chak awa nam math melahakata

      Delete
    3. ඇනෝ
      ඔවු
      මොකද්ද උඹ ඇප්ලයි කරපු පෝස්ට් එක ?
      එහෙම මහ එක්ස්පීරියන්ස් එකක් ඕනෙ නෑ ෆැක්ටරියෙ වැඩ කරන්න නං

      Delete
    4. නිකන් දෙන ට්‍රිප් එක යන්නෙ නැත්තම් එලවන්නම තමා වටින්නෙ. නිකන් නෙමෙයි දඩ ගහල ගෙදර යවන්න ඕන

      Delete
  2. කතාව නම් කලින් අහලා තිබුනා.. දැන් අර උඩින් ෂැඩුල් එක දාලා බලාපොරොත්තු උනේ ඕනේ අයියා මුල් පැය දෙක ඔය කියනවා වගේ නෙමේ ගත කරන්නේ කියන්නද?
    හාකෝ ඔන්න අපි විශ්වාස කලා :P

    ReplyDelete
    Replies
    1. තේ නෑ
      අනික කොහොමත් කරනව It's a guy thing, regardless of Species

      Delete
  3. මං හිතුවෙ අපේ තැන්වල විතරයි අයිස් තියෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තව ඕනෙ තරි තැන්වල තියනව :D කට්ටිය ඒක පෙන්නන්නෙ නැති එකයි සීන් එක

      Delete
  4. පැය දෙකක්ම කැහුවම ඔකේ ගන්න දෙයක් ඉතිරි වෙනවද අප්පා ?

    ReplyDelete
  5. අප්පට සිරි උඹ බෝතල් මරුවෙක් නෙව.. පෙරේතයෙක් වගේ බදාගෙන ඉන්න කැත... මාත් ඔය ටයිම් ටේබල් එක දැම්ම තොරනේ කාලෙකට ඉස්සෙල්ල.. දේශකයාගේ වෙලාව කියලා.. හැක්
    http://deshakaya.blogspot.com/2012/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. නයාට කවුන්ට් වෙන නිසා දැම්මෙ නැත්තෙ ඔය පොටෝ එකේ තියනවට අමතරව තව ඇබ්සලූට් ඔරේන්ජ් ලීටරයයි, වයිට් රම් එකයි, වයිට් වයින් දෙකයි, කාල්ස්බර්ග් ස්පෙශන් බෘ කෑන් 10යි තිබ්බ (ඔන්න නයා මෙතන යැවුව)

      ප.ලි.
      මම රයිට් ක්ලික් ඩිසබල් කරල තියෙන්නෙ.
      මෙන්න දේශකයගේ ලිංක් එක

      Delete
    2. පත නයෙක්... තැන්කුයි ලින්කටුව ඇක්ටිව් කරාට

      Delete
  6. ඔය වැඩ, වැඩ, වැඩ කියන කෑල්ල මං මුලින්ම දැක්කේ ටෙලියක දීපානි සිල්වා කියනවා.

    දැන් දැන් මගේ බ්ලොග් එකෙත් ඇනෝලා කියනවා වැඩ, ඬැඩ වැඩ කියලා!

    ඕනයා කරන්නේ මාළු බිස්නස් ද? නැතිනම් කජු බිස්නස් ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අරක්කු බිස්නස් එකක්

      Delete
    2. කකා
      මම දැං කරන්නෙ පලතුරු බීම බිස්නස් එකක්. මාලු සීන් එක කරන්නෙ පාට් ටයිම්

      Delete
    3. කජු බිස්නස් එක දන්න කාලෙ ඉදලම කරනව . . . කලිං කොමෙන්ට් එකක කීව වගේ ඒක ප්‍රිවිලේජ් එකක්නෙ

      Delete
    4. මාළු බිස්නස්?

      එතකොට ඔය පැරාගෙ, මාතයගෙ, කකාගෙ බ්ලොග් වල මාළු ඔලු කන්න කියලා ඇනෝ කොමෙන්ට් දාන්නෙ උඹද?

      Delete
    5. ඇනෝ
      කැමැත්තක් හිතාගන්න. පැරා ගැන නං දන්නෙ නෑ ඒත් මාතලං සහ කකා දන්නම මං කවුද කියල

      Delete
    6. මචන් උඹට මල පැන්න නේද? විහිලු තේරෙන්නෙ නැති සීන් එකක් තියනවද? නැත්නම් බලමාලු කාලා පුක මූට්ටු වෙලාද?

      Delete
    7. @ඇනෝ
      මට මලපන්නන්න ඔයා දන්න සිල්ප මදි
      අනික මම බලමාලු කන්නෙ පොල් එක්ක එහෙම නැත්තං කිරට උයල. එතකොට පුක මූට්ටු වෙන්නෙ නෑ

      Delete
  7. මෙන්න බොලේ ඇන්ඩයියා කස කස ඉන්න ගමන් ආයෙම බ්ලොග් එක පත්තු කරලා. ඔය කතාව අහලා තිබුනා, ඒත් මම දැනගෙන හිටියේ නෑ ඕක උනේ ඇන්ඩයියාට කියලා.....

    හැබැයි ඉතින් ගෙඩි කපලා මැසිමට දාන කාලේ එනකොට නම් ඔය විවේකේ අඩුවෙයි නේද ගොයියෝ?

    ReplyDelete
    Replies
    1. තාම මැසින් නෑ බං . . . අස්සයා නැති කවුබෝයි වගේ හිස් පැට්ටේරිය දිහෑ ඔහේ බලාන ඉන්නව

      Delete
  8. මාර තේ බීමක්නේ, පෙර කල පිං තියෙන්නේ මේවගේ රස්සාවල් ලැබෙන වුන්ට තමයි. නිවාඩු දවසට මල පනිනවා ඇතිනේද ඇයි ගෙදර වැඩනේ....?

    ReplyDelete
    Replies
    1. නිවාඩු කියන්නෙ වැඩ තමා . . . එපා වෙනව

      මම කලිං වැඩකරපු ෆැක්ටරියක මමයි නර්ස් නංගියි තනිකරම කලේ කැන්ටිමට වෙලා කතා කරකර තේ බීපු එක. දවසක් බොසා අපෙන් ඇහුව උඹලට පඩි ගෙවන්නෙ තේ බොන්නද කියල. මම ඔවු කීව (බොසාට හොද වෙලාවට සිංහල බෑ)

      Delete
  9. බලාගෙන ගියාම ඉස්කොලෙ යන එක ඔක්කොන්ටම වඩා හොදයිනෙ බං...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 13යි ආතල් ඉවරයි

      Delete
    2. හුම්... ඔව් බං... දැන් අපිටත් පැය දෙකට සිමා වෙන්න වෙනවා...

      Delete
  10. ඉගෙනගත්තම තියෙන වසිය ඕකයි. අපිත් එක්ක හිටියා ඩොකෙක්. ඒ කියන්නේ ආචාර්ය කෙනෙක්. ඌ මේ ළෝකේ තියෙන ඔක්කෝම එක්සෑම් පාස්. ලෝත් පාස්. මොනවද දන්නවද කරන්නේ උදේ ඉඳන් කොම්පියුටරේ ගේම්ස් ගහනවා. ඩිරෙක්ටර් මීටීන් වලට යනවා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මේ වත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙන්නයි මමත් පතන්නේ ..

      Delete
    2. @මාතලන්
      පින තමා බං

      @හිස් අහස
      මේ ආත්මෙත් ගේමක් නෑ බං

      Delete
    3. අනේ මං වාගේ පවුකාරයෙක්, දවස තිස්සේ නැහිල නැහිලා කීයක් හරි හොයාගන කාඩ් එකක් දාගන ඇවිත් උඹ ඇට කසන එව්වයි , පෙට්ටි අරක්කු බොන එව්වයි , බුකියේ මල් කඩන එව්වයි බලනවා

      Delete
    4. දැංවත් හරි හම්බකරගන්න දෙයින් බේබද්දන්ට අරක්කු අරං දීල ලබන ආත්මෙට පිං රැසිකරගනිං අටමා

      Delete
  11. ඕකට කියන්නේ පෙර පිං කියලා. ඇති යන්තම් මෙහෙමවත් මතක් උනා බොගක් තියනවා කියලා

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල බොග මතක්වෙනව. . . ඒ වෙලාවට ඩෑශ් බෝඩ් එක විතරක් බලල ආපහු යනව

      Delete
    2. ඒකෙත් පොඩි කික් එකක් තියනවා

      Delete
  12. ඒකට මම කලින් වැඩ කල ආයතනය . අපි උදේ හතයි තිහේ ඉඳන් රෑ දහයයි තිහ වෙනකම් ක්ලාස් කරලා පුදුම පුකේ ආමාරුවකින් වැඩ කලා . බොසා සල්ලි ප්‍රශ්නයක හිර වුණා ආයතනය බංකොලොත් වුණා අපිට කෙල වුණා ...

    ReplyDelete
    Replies
    1. රස්සාවට ආදරේ කලාට කොම්පැනියට ආදරේ කරන්න එපා කියන්නෙ ඒකයි

      Delete
    2. සහතික ඇත්ත . අරින තරමට දෙන්න ඕන

      Delete
  13. පින,,පින ඕනේ අයියේ පින

    ReplyDelete
    Replies
    1. පිං තනවනවනෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම . . . ඒකයි

      Delete
  14. අද බොහොම සතුටු දවසක්. පරණ මිත්‍රයෝ කීප දෙනෙක්ම බ්ලොග්වල දූවිලි පිහලා වැඩ අල්ලලා.

    ඕනෙ ඇයි යන එන ගමන් මිත්‍රයොන්ගේ පොට්වල පාලු කපන එක කාලසටහනේ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. පාලු කැපිල්ල ඕෆ් ටයිම්වල නෙ . . . අනික දොස්තරකෙනෙක් හම්බවෙන්න යනඑකේ පොඩි වෙනසක් තියනව :D ඒක කාලෙ කෑමක් කියල ගනං හදන්න බෑ

      Delete
  15. සමහර උදවිය ඉන්ෙන මාෙස අවසාෙනට අත්සන ගහල පඩිය විතරක් ගන්න අෑෙයා.

    ReplyDelete
  16. නයි කයිද රෝස් පාන් කිව්වලු.... මම හිතුවෙ මෙච්චර සීතල ජොබක් කරන්නෙ මම විතරයි කියලා....

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කලේ හොදටම සීතල ජොබක් . . . ෆැක්ටරියෙ ඇවරේජ් ටෙම්පරේචර් එක සෙල්සියස් 15යි. මම වැඩකලේ සෙල්සියස් මයිනස් 15 - 25 රේන්ජ් එකේ
      ආන්න සීතල . . . මයික්‍රෝ මීටර් ගානට බහිනව දිග

      Delete
  17. බොරු නොකියා හිටු. උඹ අන්තර්ජාලෙ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු වලට සහභාගි වෙන්නෙ නෑ නෙ දැං සෑහෙන දවසක ඉඳං.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේට එන්න බැරි වෙන මොකවත් නිසා නෙමේ . . . වෙනත් අන්තර්ජාල වැඩ තියන නිසා

      Delete
  18. ඉරිසියාවෙ පැලෙනව අම්මප... අයිස් ගහන හින්ද නෙමෙයි. අර ට්‍රිප් ගැන හිතෙනකොට

    ReplyDelete
    Replies
    1. හැම මාසෙකම මල්ලි . . . හැම මාසෙකම

      Delete
    2. උඹ ඔතනින් අයින් වෙනවනම් අර රෙසිග්නේශන්ද මොකද්ද එක දෙනකොට මට කියහං අයියෙ. ජනාධිපති වෙලා හිටියත් මම එනව

      Delete
  19. මාසේ අන්තිමට උඹලව ඔහොම රත් කරන්නෙ, ගල් වෙලාමයයි කියල වෙන්ඩ ඇති. කවුද බන් අයිති කාරය දෙයියෙක්ද ?

    ReplyDelete
    Replies
    1. දෙයියෙක් නෙමේ බං . . . දේව විමානයක්

      නැත්තං මට අති සාර්තක 5වෙනි මාසෙටත් පඩි ගෙවයිද නිකං ඉන්නවට (ෆෝන් බිල්, ඉන්ටනෙට් බිල් ගෙවල)

      Delete
  20. අර කවුද මන්දා සිංදුවකුත් කියන්නෙ ...

    කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන ...

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් ටෘ

      Delete
    2. හිහ් හිහ් හී... අදත් 5 ඩියුටිය ඕෆ් වෙලා තියෙන්නෙ 5.34ත් පහුවෙලා එහෙනම් :P

      Delete
  21. ඔය සමාගමට ඇට කැසීමට පොඩි ටූල් එකක් ගෙනාවොත් විකුනගන් පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. දැනටත් ෆිංගර්ස් කියල පොඩි ගැජට් වගයක් යූස් කරනව. ඔයා ඇවිත් ට්‍රයි එකක් දීල බලන්න . . .

      Delete
  22. මටත් දවල්ට වැලදුවලින් පස්සෙ පැය 2ක් නිදා ගන්න ඕන.
    පාන්දර 4ට පෙර ඇහැරෙන නිසා.
    දිලීප මලය BUZZ රේඩියෝවෙ නිවේදක තුමා කියල සුදීක මල්ලිගෙන් දැනගත්ත.
    වැඩ සටහන් මෙහෙයවීම සම හරක් FM නාලිකාවල බුවාලට වඩා ඔබ ඉදිරියෙන්.
    ගැඹුරු කට හඩත්,සාකච්චාව අර්ථවත් ලෙසට ගෙනයාමත් ඉතාමත් ප්‍රසංශනීයයි!
    වැඩ සටහනක් කිරීමට පෙර දා රාත්‍රී අධික බීමෙන් වලකින්න.මොකද උගුරෙ සෙම ගතිය වැඩිපුර බැදෙන නිසා.
    මෙහෙ නම් නිවේදක/නිවෙදිකාවන්ට පමනක් නොව උගුරෙ සෙම පැටලෙන අයට කුඩා ස්ප්‍රේ එකකින් චුස්..චුස්..ගාල විද්ද ගමන් සෙම කුඩු.
    නැවත වැඩ සටහනකින් හමු වෙමු මල්ලියා.

    ReplyDelete
    Replies
    1. කවදාවත් වැඩසටහනට කලිං දවසෙ රැ බොන්නෙ නෑ. ගොඩක් වෙලාවට වැඩසටහන තියනදා (ඉරිදා) දවල් ඉදල හවස් වෙනකං තමා බොන්නෙ

      Delete
  23. මමත් අවුරුදු 4 කට ආසන්න කාලයක් රාජකාරී කරපු කන්තෝරුවෙන් අද අයින් උනා.. අපි ගිය මුල් කාලෙනම් කිසිම නීතියක් තිබ්බෙ නෑ.. හිතේ හැටියට ඉන්ටර්නෙට් ගියා.. ඇති වෙනකල් ෆිල්ම් ඩවුන්ලෝඩ් කලා. මාසෙ පඩිය මදිවෙයි කියල හිතුනම නයිට් එකක් දාල නිදාගත්ත. ඔය වගේ වැඩ තමයි කලේ. හැබැයි රාජකාරිය අතපසු කලේ නැහැ. කොම්පැණියට පාඩු උනෙත් නැහැ. පස්සෙ පස්සෙ කොම්පැණිය දියුනු වෙද්දි එක එක නීති ගෙනත් සේවකයට රැකියාව එපා වෙන තත්වෙටම ආව. අද මම අයින් උනා වගේම තවත් බොහෝ දෙනෙක් අයින් වෙන්න බලන් ඉන්නෙ. ඕනයිය ඔය ඉන්න තත්වෙ සමහර විට ඉදිරියෙදි වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ගන්න කාලෙ ආතල් එක උපරිමෙන් ගන්න කියල තමයි කියන්න තියන්නෙ. :D :D

    ReplyDelete
    Replies
    1. මේ කියන තත්වෙ අනිවා වෙනස් වෙනව මල්ලි. ලබන ජනවාරි ඉදල මුක පූට්ටු කරගෙන තමා වැඩ කරන්න වෙන්නෙ

      උඹ ජොබෙන් අයිං වෙච්ච එකට නං දුකයි . . . ඒත් සුභ අනාගතයකට හොද වෙනසක් වෙන්නය කියල පතනව

      Delete
  24. දෙයියෝ සාක්කි, ඕනයා පෝස්ට් එකක් දාලා නේද? මොකද බං උඹට උනේ? එතකොට මේ එදා අපි හම්බවෙච්ච දවසේ උඹ වැඩ කරපු තැන නෙවෙයිද?

    පින බං, පින. වෙන මොකුත්ම නෙවෙයි.

    Some guys have all the luck
    Some guys have all the breaks.

    ReplyDelete
    Replies
    1. එතන නෙමේ අයියා. එතනින් අයිං උනා. දැං ලියනගේමුල්ලෙ ජොයින්ට් එකක වැඩ කරන්නෙ.
      කලිං තැනය කියල වෙනසක් නෑ . . . මේ වැඩ පිලිවෙල එහෙමමයි

      Delete
  25. ඔය උඹේ දකුණු අතේ තියෙන බෝතලේ තමයි මම ආසම බ්‍රෑන්ඩ් එක.. "ඇබ්සින්ත්" වැම්පා ඔය ගැන ලියපු දවසේ ඉදන් හිතේ තිබ්බ හීනේ දැන් දෙපාරක් විතර හැබෑ වුනා...

    මේ බ්ලොග් පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ නම් "ගෑණි කියවයි ඕයි.. බිසී කියලා ඉවරයි එහෙම වුනොත්" කියලා විතරයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. බයවෙන්න දෙයක් නෑ . . . සම්මකපේට කියවන්නෙ නෑ . . . හොහ් !

      Delete
  26. සකර්බර්ග්කාරයාවත් ඔය තරම් ෆේස් බුක් යන්නෙ නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඈ
      ඌ දන්නවනං මැරෙනව ඊරිසියාවෙ

      Delete
  27. ආණ්ඩුවේ කාරියාල වලට ගියාම ඕක ඕනෙම වෙලාවක බලතෑකි.. නෝනල ඉතිනොපෙකෙ අනිත් පෙත්ත කරනව.. සේවෙ ගන්න ගිය උන් නියව නියව බලං ඉන්නව..

    ReplyDelete
    Replies
    1. අන්න වෙනස . . . අපි කාවවත් රස්තියාදු කරන්නෙ නැතුව මේ වැඩ කරන්නෙ :D

      Delete
  28. ඕන මහත්තයා අපේ බොසාගේ ඇට දෙක අයින් කරලා දෙන්න බැරිද?මම පැය දෙකක් පරක්කු වෙලා යනවට වඩා හොඳයි ඌ පැය දෙකක් පරක්කු වෙලා එන එක.

    ReplyDelete
    Replies
    1. පාට් ටයිම් ජොබ් කරන්න කම්මැලියි මෙයා

      Delete
  29. මාත් ඔහොම රස්සාවක් කලා. අවුරුදු 5කට කලින් අයින් වුනා. දැන් හපොයි කියලා වැඩක් නෑ තියෙන විවේකේ...

    මටත් බ්ලොගක් තිබ්බා කියල මතක් වුනා. මේක දැකල. අද හෙටම පෝස්ට් එකක් දානවා.. ඇනුවල් පෝස්ට් එක.. :)

    ReplyDelete
    Replies
    1. ඇනුවල් පෝස්ට් එක :D
      ඵෂ්ඨ !!!

      Delete
  30. එස්කිමෝලටත් මේ වගේ ආතල් එකක් නැතුව ඇති.... අම්මප...ගහන අයිස්පාර .....

    ReplyDelete
  31. හනේ බං, උඹ නිතර නොලිව්වට කමක් නෑ. කලාතුරකිං හරි දාන එකම එක පෝස්ට් එක්කිං අපේ ලේ අවුරුද්දකට විතර ඇති වෙන්න පිරිසිදු වෙනව.

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .