පසුගිය දිනක මා හහට ලැබුන අත් පත්‍රිකාවක අඩංගු විස්තර යුනිකෝඩ් වලින් කොටා ඔබ සැමදෙනා සමග බෙදාගන්නට අදහස් කරමි.
අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගී, මල්ලී, දරුවනි, දැරියනි,
පසුගිය දිනක මහනුවර ගාලතැන්න පෙදෙසේ ගල් ගුහාවකින් මතුවූ අඩි40 දිග නාගයෙක් අපූරු ප්‍රකාශයක් නිකුත් කලේය.
"මේ මාගේ අන්තිම ඉපදීමයි... මිනිසුන් කියන බොරු නිසා නයි අරිනවා, නයා, දාර නයා වැනි වදන් සමාජගතවී තිබේ. එය නයි හැටියට අපිට විලිලැජ්ජාවකි. අපේම නයි අපිවම කයි කියා සිතෙන්නේ මේ වෙලාවටයි. බොරුව උවද කිවයුත්තේ පිළිවෙලකටයි. බොරුව කර මිනිසුන්ගෙන් කඩා වඩා ගැනීම කලාවකි. සමාජයේ අනෙක් මිනිසුන් දෙස බලනවිට හොදටම බොරු කල හැකි පුද්ගලයා මීට අඩි කීපයක් එහා දේවාලයේ කුණුහරුප කියමින් සිටින ගාමිණී දේවගැතියාය. ඒ නිසා බොරුකීමේ සහ නයා ඇරීමේ පූර්ණ වගකීම ගාමිණීට භාරදෙන මම මෙලොවින් චුත වෙමි...නයා ඇරිල්ල වුවද නයි වන අපිට අපහාසයක් නොවන ලෙස කරණ ලෙස මෙලොව සිටින සියලු නරයන්ට තරයේ අවවාද කරමි... ගාලතැන්නේ ගාමිණී බොනිකර තරු සම්මානයෙන් දිනක පිදුම් ලබනු ඇත..."
එසේ කී නාගයා නාගීනා හි නයා මෙන් කැළයට බඩ ගා නොපෙනී ගිය අගර මෙය මෙතෙක් වෙලා බලා සිටි කැලයට දර කඩන්නට ගිය කාන්තාවන් දෙදෙනා සිහිසන්ව බිම ඇද වැටුනි. මෙම කතාව ඇතැමුන් විශ්වාස කල අතර ඇතැමුන් මෙය ගාමිණීගේ තවත් කෙප්පයක් යැයි සිතා බැහැර කලහ.
මෙය විශ්වාස කර මේ පිළිබද ප්‍රචාරයක් ලබාදුන් කොල්ලුපිටියේ සෝමා මහත්මියට විශාල ධනස්කන්දයකට උරුම කියන්නට හැකිවූ අතර මහ බැංකුවෙන් තහනම් වන්නට ගිය සිය මූල්‍ය සමාගම සතුව පැවති ගැටලු රැසක්ම නිමා විය. මෙය විශ්වාස කල මහනුවර එක්තරා මහනොයක හිමිනමකට රුලියල් ලක්ෂ 5 ක ආධාරයක් ලැබිණි. එමෙන්ම මෙය විශ්වාස කොට මෙම පුවත පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කර සිය ඡන්ද ව්‍යාපාරය තුල බෙදූ අත් පත්‍රිකා සමග බෙදා හැරි දයාසිරි ජයසේකර පසුගියදා පැවති පලාත් සභා ඡන්දයෙන් ලක්ෂ තුනකට අධික මනාප ලබා මහ ඇමති පට්ටමෙන් පිදුම් ලබන්නට හැකි විය. දයාසිරි බෙදූ පත්‍රිකා ගිනි තබමින් සිටි ජෙහාන් නම් කුරුණෑගල ඇමති පුතෙකු මෙම පත්‍රිකාවද ගිනි තැබූ හෙයින් ඔහු ඡන්දයෙන් අන්ත පරාජයකට පත් විය.
මෙය අවිශ්වාස කල වාස් ගුණවර්ධන නම් පොලිස් ලොක්කෙකුට සිරගතවන්නට වූ අතර අතපසු වීමකින් සිය කුඩු තොගයක් මෙම පත්‍රිකාවක ඔතාගෙන ගිය දුමින්ද නම් තරුණයෙකුට කොලොන්නාවේදී ඔලුව පුපුරන්නට වෙඩි වැදුනි. මෙම පත්‍රිකාවේ අඩංගු කරුණු යුනිකෝඩ් වලින් කොටා සිය ෆේස් බුකියේ දැමූ බත්තරමුල්ල වික්‍රමසිංහ පුර යකඩ සුදා ට පොලීසියට නොපෙනී සිටීමේ විශ්මිත හැකියාවක් ලැබුණි. එසේ යුනිකෝඩ් ගතවූ මේ ලියවිල්ල Dislike කර මේ පිලිබද පුවත් පල නොකල Gossiplankanews, Gossip9 වැනි වෙබ් අඩවි තහනමකට ලක්වූ අතර මෙය පිළිබදව "නයා දැක්කද?" යනුවෙන් මසාලා බැනරයක් පලකල තරුණයා ඇතුලු නිවෙන පත්තු වෙන ලින්ක් සහ ගූගල් ඇඩ් පමණක් ඇති මසාලා වෙබ් අඩවි ගනනාවකට ඩොලර් සිය ගනනක් ගූගල් සමාගමෙන් ලැබුනි.
එමෙන්ම මෙය විහිලුවකට ගෙන මේ පිලිබදව පුලුල් ප්‍රචාරයක් ලබාදුන් "ගාලතැන්නේ ගාමිණී" නම් ෆේස්බුක් පිටුව දැක දැක එයට ලයික් නොකර සිටි ඊශ්‍රායලයේ තරුණියකගේ නිරුවත මුලු ලොවම දුටු අතර අපගේ මෙම පිටුව Sugges වී තිබියදීද එයට Like නොකල මාලබේ SLIT නම් අද්යාපන ආයතනයේ තරුණියකට අත්වූයේද එම ඉරණමමය.
එහෙත් අපගේ මෙම පිටුවට සහ මෙම පෝස්ටුව ෂෙයා කර පුලුල් ප්‍රචාරණයක් ලබා දී ගාලතැන්නේ ගාමිණීගේ බොරු ලොවට බෙදා දීමට එකුවූ "සරාගී අමායා" නම් පිටුවට දින දෙකක් ඇතුලත Likes 3000 කට එහා ලැබී තිබුණි.
එදා නාගයා ලබාදුන් නයා ඇරීමේ කිරුළ අපට ලබාදෙන්න. හැකි පමණ මෙම පිටුව සහ මෙම සටහන ෂෙයා කරන්න. එවිට පැය ගනනාවකින් ඔබ නොසිතන ප්‍රතිපල ලැබෙනු ඇත. එහෙත් දැක දැක මෙය ගනන් නොගෙන සිටිය හොත් ප්‍රතිපල භයානක වනු ඇත.
සැමට ගාලතැන්නේ දෙවි පිහිටයි.
මම ගාමිණී
![]() |
ගාමිණී මහතා නයාට කිරි දෙන අයුරු |
ඕනේ.....නාග ගාමිණිට ගූ ටෝක් දුන්න බැලුම්ගල සෙට් එකට මොකද උනේ කියලා පත්‍රිකා බුවාට අමතක වෙලාද කොහෙද?
ReplyDeleteතාම උන්ට මොකුත් වෙලා නෑනෙ ලොක්කා
Deleteඔන්න ඕනෙ මල්ලි සැබැ වෙනසක් එක්ක ඇවිල්ලා !
ReplyDeleteහැමදාම මෙහෙම ඉදල බෑනෙ අයියා
Deleteගාලතැන්නෙ දෙය්ය අභීතගෙ නෑයෙක්ද?
ReplyDeleteඋබ දීපු සල්ලි උබට ගන්න බැරුව උබ තැන් තැන්වල අභියට එක එක කියලා වැඩක් නෑ බන්
Deleteමගේ කමෙන්ට් එකයි, ණයයි අතරෙ සම්බන්ධයක් පේන්නෙ කුඩු කාපු උන්ට විතරද මන්ද?
Deleteඋඹ අභියගේ රෙදි ගලවන එකට උගෙන් කාපු බීපු උන්ට කේන්ති යනවා ඉන්දික. ඒත් උඹ මේ කරන සේවය මම අගය කරනවා. ආයේ හොරුන්ට මේක හොද පාඩමක්.
Deleteඉන්දික,
Deleteවෙලාවකට ලේ නෑයෙක්ද කියලත් හිතෙනව
මේ ප්‍රවෘත්තිය යුනිකෝඩ්ගත කර අන්තර්ජංජාලයේ බෙදාහැරි ඕනමැන්ටල් නම් මහත්මයාට සිතූ පැතූ සම්පත් උදාවෙනු ඇත!
ReplyDeleteසම්පතා නං උදේ හවා දකිනව . . . උගෙන් නෑ කිසිම සපෝට් එකක්
Deleteමචන් අර අභීත එක්ක කරපු ඉන්ටවිව් එකේ වොයිස් රෙකෝඩින් ටික දාපන්....
ReplyDeleteඒ රෙකෝඩින් ටික තව දවස් දෙක තුනක් ඇතුලත බස් රේඩියෝ බ්ලොග් එකේ දානව. . . ඔය ඉවසුවා වගේ තව සූට්ටක් ඉවසන්න
Deleteහෝයියා කියාගෙන හොරු මාකට් කරන්නෙ ඇයි කියලත් විලි ලැජ්ජ නැතුව කියනවද? අභීත හොරාගෙ ප්‍රෝගෑම් එකක් කරනවා කියලා කියුවෙ නැත්තෙ ණය කාරයො සෙට් වෙයි කියලා බයේද..... විලි ලැජ්ජ නැති වැඩ කරන්න එපා බන්.....
Deleteඇනෝ 12.03 AM
Deleteමාකට් කලත් නය කාරයෝ ඉන්නව නං ඉන්දික ඇරෙන්න වෙන එකෙක්වත් එන්නෙ නෑ මේං කියන්න.
ඒ අතින් කොන්ද තියෙන්නෙ ඉන්දිකට විතරයි
ඇයි මේ පුවත විහිලුවට ගත පිරබාහරන්ට අත් වූ ඉරණමයි , එය පිළිගෙන මුද්‍රණය කර බෙදාහැරී K.P නම් මහතා ට අත් වූ ඉරණමයි කියන්න අමතක වෙලා
ReplyDeleteසිහ් . . . ඒකනෙ. අපරාදෙ
Deleteමේ වගේ කොලයක් ප්‍රින්ට් කරලා පහුගිය දවස්වල අතින් අත ගියා අපේ ගම් පළාතේ...ඔය තියන ටිකම පොඩි වෙනස් කම් ටිකක් එක්ක තිබුණා...
ReplyDeleteමල විකාර
විකාර නං තමා
Deleteඒත් ෆුල් ආතල්
එල එල ඕනයා මේක දාල ගොඩ ගියා කියන්නේ අපි ගොඩ ගියා වගේ තමා
ReplyDeleteබබිත් ගොඩ
Deleteබබීගෙ මමිත් ගොඩ
suggest - වැරදියට ලිවිම නිසා උබටත් මොනව හරි වෙයි බොලව් !
ReplyDeletesuggest my ass
Deleteඉන්ගිලිසි වචනෙ වැරැද්ද දැක්කට.... හරියට "උඹ" කියල ලියන්න,උඹ කියන එකට බොල මිස "බොලව්" කියන වචනෙ සැට් වෙන්නෙ නැති බව තෙරුම් ගන්න, මේ මහත්මයගෙ සිංහල දැනුම මදිද ..?
Deleteසපතේරු උන්නැහේ, කොමාවට පස්සේ ස්පේස් එකක් තියන්න අමතක කරන්න එපා... හෙහ් හේ......
Deleteසෑම්
Deleteඅවුලක් නෑ බං . . . ඔයිට වඩා කුනුහරප සෙට් වෙන්න වරදිනව :D
සපතේරු උන්නැහේ,
හා හා කුපිත වෙන්න එපා
බුද්දි
හෙහ් හෙහ් උඹ තමා දවසකටවත්
අයියේ ඔයාගේ ලිපි කොපි කරන්න බෑනේ..... හරියට බර්මියුඩා මෙව්වා එකට ගියා වගේ මෙතෙන්ට ආහම මවුස් එක වැඩ කරන්නෙ නෑනේ.....
ReplyDeleteජාව ස්ක්‍රිප්ට් ඩිසබල් කරපං . . . කොපි කරන්න පුලුවන්
Deleteමෙය යුනිකෝඩ් කලද අනෙක් අයට කොපි කරන්නට බැරි කර ඇති නිසා, ඕනමැන්ටල් නමැති බ්ලොග්කරුවෙකුට සීතකාමරයක -32 උෂ්ණත්වයේ නිදන්නට සිදුවී ඇත.
ReplyDeleteඑහෙම කාලයකුත් තිබ්බ තමා
Deleteහලෝ මිස්ට මැන්ටලේ.
ReplyDeleteඔබේ දැනුමේ දිග පලල සහ උගත්කමේ උස මහත මෙතන මෙසේ ප්‍රසිද්ධියේ දිග හැරීම ගැන සිතන විට ඔබේ බුද්ධිය පිලිබඳ වත් පහසු උපකල්පන වලට එලඹිය හැක.
නයි ඇරීම යනු "බොරුව" සඳහා පාවිච්චිවන වචනයක් නොව එය පාවිච්චි වන්නේ "ශෝ දැමීම" සඳහාය. උදාහරනයක් ලෙස කලකට ඉහත ඔබ විසින් ප්‍රසිද්ධ කරන ලද බ්ලැක් ලේබල් බෝතල් සමඟ පින්තූරයක සිටින ගොබ්බසේන පෙන්විය හැක. බ්ලැක් ලේබල් ලොකු වන්නේ හෙනසි, ඩබල් බ්ලැක්, රෙමි මාටින් නොදුටු කබ්බන්ටය.
මගේ දැනුමේ ඒ හැටි දිගක් පලලක් නැතිය. කෙටියෙන් කීවොත් මම ඔබතුමා තරම් දැන උගත් නැතිය. මා දන්නා ටික මට හොදටම ඇතිය
Deleteමට නං බ්ලැක් ලේබල් ලොකුය . . . සංස්තා ඕල්ඩ් හා රොක්ලන්ඩ් එක්ස්ට්‍රා ඊටත් අගනේය. හෙනසි දැකලාම නැත, ඩබල් බ්ලැක් කියා ජාතියක් මෙලොව තියෙන්නේද යැයි දන්නේ දැන්ය, රෙමි මාටින් යනු බීමක් නම් බීලා බලන්නට ආසය.
මගේ දැනුමේ දිග පලල පෙන්නාදී මාගේ එන්ලයිට් පත්තු කිරීමට තැතනීම ගැන මාගේ ප්‍රනාමය සහ හද පිරි මෙවුවා එක මෙන්නය.
අරක්කු කාලට නැවෙන ඕනයා.......
Deleteආන්න ඌ තමයි මේ මම :D
Deleteමූට කාලක් ගහන්නවත් බෑ..... දෙක දාද්දි බඩු....
Deleteහලෝ මිස්ට මැන්ටලේ,
Deleteඉතාම කනගාටුයි, ඔබට හඳ පෙන්වද්දි ඔබ ඇඟිල්ල ගැන ලොකු ටෝක්ස් දෙන්නේ උපන්ගෙයි ගොන්කම නිසාද නැත්නම් හොර අභියාගේ පගා-අරක්කු වල මෙව්වා එක නිසාද යන්න පාටකයෝ තේරුම් ගනු ඇත.
මිස්ටර් බුන්ටලේ අභීත හොරා සමග හෙලුවෙන්.....
Deleteඇනෝ 9.43 AM
Deleteලොකු ටෝක් නං දීල නෑ මම . . . ඒත් මම හිතන්නෙ මම ඔයා කියන විදියෙ උපන්ගෙයි මෝඩයෙක් වෙන්න ඇති. ඔවු ඔයා හරි මෙයා
ඔන්න මාත් පස්සෙන් එන සැට් එකට එක් උනා. දිගටම ලියන්නට..
ReplyDeleteලියන එව්වා මටත් දාන්ට.
ඉඩත් තිබුනොත් මක්කහරි ලියන්න බැරුවයැ..!!
බොහෝමත්ම ස්තුතියි මේ පැත්තෙ ආවාට
Deleteවෙල්කම් බැක් ඕනේ!! නියමයි..!!!
ReplyDeleteමේ ආව වගේම තමයි ආයෙ එන්න ගතවෙන කාලෙත්
Deleteහොරුත් එක්ක හෙලුවෙන් බස් රේඩියෝ දුවන ලැජ්ජා නැති මැන්ටලේ
ReplyDeleteගොඩක් වෙලාවට හෙලුවෙන් වගේ තමයි . . . මම විතරයි මගේ කාමරේ දොරත් වහගෙන නෙ
Deleteබයත් හිතෙනවා දැක්කම. මේ පිං බලෙන් ඔබටත් වාසනාව උදාවේවා! :D
ReplyDeleteමාත් මේ බලාන ඉන්නෙ එහෙම හරි උදාවෙයි කියල . . . කෝ නෑනෙව
DeleteNeth Fm එකෙන් මේ යකාට සෑහෙන්න ගහනව.
ReplyDeleteසෝමක්ක නොසෑහෙන්න ප්‍රචාරය දෙනව.
දෙගොල්ලම ගාමිනීගෙන් ගොඩ යනව මචෝ
Deleteඔන්න බයේ කමෙන්ට් එකක් දැම්මා...:D:D
ReplyDeleteබයවෙන්න එපා මෙයා . . මෙතන ඉන්නෙ මම නෙ
DeleteAPE KAKKATA SAHA MATATH WASANAWA UDAKARA DENNA NAI THUMANI
ReplyDeleteනයිය පටවන්න ඕනෙ වාසනාව උදාවෙන්න
DeleteCan anybody tell me what was that SLIIT case?
ReplyDeleteදවසේ ප්රශ්නය :D
Deleteඉස්සර මෙහෙම ඒවා තැපෑලෙන් ආවා මතක යි.
ReplyDeleteදැං එනවනෙ බුකියෙන්
Deleteලයික් කරල ශෙයා කරන්න කියල
අනෙ අම්මො බය හිතෙනවා. හොයන් ගිහින් හරි ඔය කියපු ටික කරන්න වෙනවා.
ReplyDelete- ප්‍රියා.
කලොත් වරදින්නෙ නෑ
Deleteඅනේ මං දන්නේ නෑ මමත් ඕක ෂෙයාර් කලේ නෑ. මොන අටමගුලක් වෙයිද දන්නේ නෑ...
ReplyDeleteනෑ නෑ එහෙම හිතන්න එපා. ශෙයා කරන්න
Deleteඕනයා දැන් මේකෙ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නෙත් අභීත කියන විදිහට....
ReplyDeleteතව දේවල් කරනව අභීත කියන විදියට :D
Deleteතමුසෙට බැන්නාම විතර ද හලෝ රිප්ලයි කරන්නේ..... අපිත් මේකෙන් ගන්න දෙයක් බලාපොරොත්තුවෙන් එනවා නෙමෙයි.... අර නොආ බැරි කමටයි එන්නේ.... :D
ReplyDeleteහරි හරි ඉතිං . . . ඔච්චර සැර වෙන්න ඕනෙ නෑනෙ
Deleteවෙලාවට මම කියපු විදිහට පෝස්ට් එක දාලා... මමත් ඕක ප්‍රින්ට් කරලා බෙදුවට පස්සේ එකෙක් මට සල්ලි වගේකුත් දීලා ගියා බන්....
ReplyDeleteහොද වෙලාවට මම ඇනෝ වැහුවෙ :D :D
Deleteමේක යුනිකෝඩ් වලින් කොටා පබ්ලිෂ් කල ඕනයාට කමෙන්ට් 67ක් ලැබිලා.
ReplyDeleteපින අයියා
Deleteවෙන මොකවත් නෙමේ
තනිකරම පින
ප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
සින්ඩියක ඇඩ්මින්ට තාම හොප්ලිංක් එකක් දාගන්න බැරුවා කියමුකො ඉතින්
Deleteෂෙයා නොකලොත් නයා කොටයිද අයියා? :D
ReplyDelete