ඩිස්ක්ලෙයිමර් එක:
පවුලේ සැම එකට හිඳ නැරඹීමට යෑමෙන් විවිධ අපහසුතා පැන නැගීමට ඉඩ ඇතිබැවින් . . . "චික් මූ" යනුවෙන් පසුව දොස් පැවරීමෙන් වලකින්න.
ඩිස්ක්ලෙයිමර් දෙක:
මේක පට්ට පරන ඩ්‍රාෆ්ට් එකක තිබූ කතාවකි. මියුරුගේ සහ ඔබාගේ පට්ට පරණ පෝස්ට්වලට ලිංක් තිබෙන්නේ එම නිසාය
![]() |
http://goo.gl/IOpyNr |
මියුරු ලෝකයෙ තිබුන අම්මගෙ හොරේ පෝස්ට් එක කියවද්දි මතක් වෙච්චි සීන් වලින් සැර අඩුම එක ලියන්න හිතුන. ඔබ්සර්වර් අයියත් අන්තිම පේලියට ලියල තිබුනනෙ ඒ වගේම කතාවක් . . ඉතිං ඇයි මට බැරි නේද ????
මගෙ මිත්‍රයට ගුනේ අයිය කියන්නං . . . ගුනේ අයියගෙ හාමිනේට සිරියාවතී අක්ක කියන්නන්කෝ . . . ගුනේ අයියටයි සිරියාවතී අක්කටයි ඉන්නව (මේ කියන දවස් වල) ඉස්කෝලෙ යන්නෙ නැති තරම් පොඩි පුතෙක් සහ ඉස්කෝලෙ යන්න පටන්ගත්ත වයසෙ දුවෙක් . . .
ගුනේ අයිය කියන්නෙ සූක්ෂම වැඩවලට හරිම දක්සයා. කොච්චර දක්සද කීවොත් ගුනේ අයිය සිරියාවතී අක්කත් එක්ක ඔය මොනවා හරි වැඩක් පලක් කරද්දි ඊට කලින්ම දුවයි පුතයි වෙනමම කාමරේක දොයිකරවල තමයි එයාලගෙ කාමරේ දොර වහගන්නෙ . . . ගුනෙ අයියට පොඩි බයක් තියනව ඔය වැඩේ කරද්දි කාමරේට හොරු පනී . . එහෙමත් නැත්තං හරියට ස්තානගත කරගන්න බැරිවෙයි වගේ . . . .
ඉතිං ඒකට පිලියමක් වශයෙන් ගුනෙ අයියයි සිරියාවතී අක්කයි කරන්නෙ ඔය කියන වෙලාවට වොට් පහේ පොඩි බලුප් එකකිං කාමරේ ආලෝකමත් කරන එක.
ගුනේ අයියගෙ පුංචි කොලු පැටිය වෙලාවකට ගුනේ අයියටත් වඩා සූක්ෂමයි . . . කොච්චරද කිවනවනන් . . . දවසක් ඔය විදියට ගුනේ අයියයි සිරියාවතී අක්කයි ඔය වැඩේ යෙදෙමින් ඉන්න අතරේ කාමරේ පොඩි අමුත්තක් වගේ දැනිල බලද්දි පොඩි එකා ඇඳ අයිනටම ඇවිදින් "මේ මහ අරුම කෙලිය" දිහෑ ඇස් දෙක බෝල වගේ කරන් බලා ඉන්නවලු . . . .
ගුනේ අයියට කරකියාගන්න දෙයක් නැති උනාලු . . . සිරියාවතී අක්ක වහාම එයාගෙ තීක්ෂන බුද්ධිය පාවිච්චි කරල කොලුවව ආපහු කාමරේට එක්ක ගිහිල්ල, සුරංගනා කතාවකුත් කියල දොයි කෙරෙවුවලු.
කතාවෙ එදා දවසෙ ටික ඉවරයි . . . . දෙවනි කොටස වෙන්නෙ පහුවදා නිවාඩු දවසෙ ගුනේ අයියලගෙ ගෙදරට උදේම යාලුවො කට්ටියක් ඇවිල්ල ඉන්න වෙලාවෙ.
ගුනෙ අයියයි සිරියාවතී අක්කයි යාලුවො එක්ක කතා කර කර හිටපු තැන බිම සෙල්ලම් කර කර හිටි කොලු පැටියට එක පාරටම මතක් උනාලු "පෙරදා රෑ"
පොඩි ගුනේ: අම්මි අම්මි . .
සිරියාවතී: ඇයි පැටියෝ ???
පොඩි ගුනේ: තාත්ති මොනවද අර ඊයෙ රෑ කලේ ???
සිරියාවතී: ආ . . . ඒ. . . . මේ . . . . තාත්ති එක්සයිස් කලානෙ පුතේ . . . හා හා ඔයා සෙල්ලං කරන්න හොඳ බබා වගේ . . .
කොලුව නෙමේ ගේම අතාරින්නෙ . .
පොඩි ගුනේ:අම්මි ඉතිං ඇයි තාත්ති එච්චර රෑ වෙලා එක්සයිස් කරන්නෙ ???
සිරියාවතී: මේ . . මේ . . . තාත්ති වැඩ ඇරිල එද්දි රෑ වෙනවනෙ බබා . . . එතකොට තාත්තිට එක්සයිස් කරන්න වෙන්නෙ රෑට . . . .
පොඩි ගුනේ: මොකද්ද අම්මි තාත්ති ඇඳුනුත් නැතුව අම්මිගෙ ඇග උඩ කරපු එක්සයිස් එක ???
සිරියාවතී: ????????????
ප.ලි.
ඩෙඩ් ටෲ වන අතර ලේඛකයාද එම සතුටු අවස්තාවට සහභාගී වුන ගුනේ අයියාගෙ මිතුරන් අතරින් එකෙකි.
චික් විතරක් මූ.. හය මාසෙකට විතර පස්සේ ඇවිල්ල ලියන කතා.. :D
ReplyDeleteමටත් චී කියල හිතුන
Deleteචික් විතරක් තමයි.
ReplyDeleteඔය වගේ වැඩක් මගේ යාළුවෙකුටත් උනා. උගෙ නම කිව්වම රටම දන්න නිසා නම ගම ඕන්නෑ. දවසක් අපි ට්‍රිප් එකක් ගිහින් රෑ ඉඳල පහුවෙනිද හවස පවුල් දෙක තුන එලියෙ සෙට් වෙන්න ලෑස්ති වෙනකොට මුගෙ අවුරුදු තුනක විතර පොඩි දූ ( දැන් දාසයක ලොකු කෙල්ලේක් ) පොඩි එකී පෑන්ටි එක නැතුව ගවුම් පොඩියක් ඇඳන් කට්ටිය ඉන්න තැනට ආව. අරූගෙ වයිෆ් "හනේ පුතා ඔය මොකද යන්න ගිහින් පෑන්ටි එක කමලට කියල ඉල්ලගෙන ඇඳන් එන්න. පෑන්ටි නැතුව ඉන්නෙ නෑ ළමයි" කියල කිව්ව.
ඒ පාර පොඩි කෙල්ල "ඇයි අම්මිත් ඊයෙ තාත්ති එක්ක පෑන්ටි නැතුව බිම නිදාගත්තෙ" ….@!#$!$@#%#$^#%^
විලිලැජ්ජබරේ බැරුව යනව අප්පා ඔහොම වෙද්දි. මටත් මේ ලගදි උනා ඔයිට ආසන්නෙන් යන වැඩක්
Deleteමම හිතුවේ මේ ලියල තියෙන්නේ උඹට වෙච්ච වැඩේ කියලනේ.. :D
Deleteමගෙ පොඩ්ඩා අපිත් එක්ක එකම ඇදේනෙ දොයියන්නෙ
Deleteයමුද ආයේ high way එක පැත්තේ
ReplyDeleteහෙහ් හෙහ්
Deleteරනාට පින් සිද්දවෙන්න හයිවේ එක මැද බොන්න පුලුවන් උනා
තුන්වෙනියාමය ෆීල්ම් එක සිහිවිය!
ReplyDeleteබලල නෑ ලොකු අයියා.
Deleteවොට් පහේ බලුප් එකක එළිය වැඩියි ඔය වැඩේ කරන්න.
ReplyDeleteඑලිය වැඩිපුර තිබ්බාමත් පොඩි ලල් එකක් තියේ
Deleteඅර මාකට් එකේ තියෙන නයිට් ලයිට් කියන එක තමයි ඕකට හොඳම..
ReplyDeleteමල්ලිත් පරිස්සමින්..දැන් පොඩ්ඩි හැමදේවල්ම හොයන බලන වයස නේද ???
හොයනවදත් කියල අහනව අයියා . . . මම ජීවත් වෙන්නෙ පරාන බයෙන්
Deleteඔය එකසයිස් එක ඉතින් මොකක්ද කියලා විස්තර කොරන්නේ කොමෙයි පොඩි එකාට ...?
ReplyDeleteඒකනං ඒ අක්ක කොහොම කරගත්තද දන්නෙ නෑ
Deleteදැන් කාලෙ පොඩි උන් හරිම අණ්ඩපාලයෝ..
ReplyDeleteදැන් හැදෙන ලමයි දුරුවල නෑ. හැබැයි ලෙඩ රෝග හදන විශ බීජ නං දරුනු වෙලා :D
Deleteඕනයෝ ඔය ලයිට් නම් නිවා ගත්තා හරි කියපන්කෝ. සද්දෙට මොකද කරන්නේ. මේ සමහර ඇඳවල් නොදෝකින්. හදපු එකාව ඇට දෙකෙන් එල්ලන්න හිතෙනවා.
ReplyDeleteඑල්ලන්න නෙමේ . . . බාගෙට නවත්තපු වැඩේ ඉතුරු ටික ඇද හදපු එකාගෙ පස්ස පැත්තෙන් ඉවර කරන්න හිතෙනව
Deleteමසුරං කතාව බොලේ.
Deleteලේඛකයට සිද්දවෙච්ච දේවල් තමා ඔය අනුන්පිට පටවන්නෙ :D
ReplyDeleteඔන්න ඔන්න ඉතිං
Deleteඅනේ පලයං යන්න බං.... ගුනය,සිරිය නම් දාල අපිව අන්දන්න එන්නෙ නැතිව.
ReplyDeleteඒපාර ඔයත්
Deleteමං ලියපු එක තව හොඳයි වගේ බොට වෙච්ච එක බලනකොට.... :D
ReplyDeleteමියුරුගෙ කතාව නියමයි.
Deleteඔයත් විස්වාස කරනවද මගෙ දෙයියො මේක උනේ මටමයි කියල ??
Deleteහතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක යකෝ,පොඩි එකා ඇස් දෙකත් ලොකුකරන් ඇඳ ළඟ බලා හිටපු හැටි මැවිල පේනව.
ReplyDeleteපස්වෙනි විලි ලැජ්ජාවට ලක් උනේ ඒ අක්ක . . . අපි ඉස්සරහ
Deleteඕනේ...මචෝ අර කතා දෙක එල බං.
ReplyDeleteඅර පොඩි එකයි ඇම්ඩයි දෙන්නනම එකයි.
ඔබාගෙයි මියුරුගෙයි කතා දෙකද ??
Deleteයෑෂ් .... මචං ....
Deleteමියුරු නං තාමත් ලියනවනෙ.
Deleteඔබා ලියද්දිනෙ උඹ ඉන්න තිබ්බෙ කෙන්ජියෝ. ඌ ගහපු මඩ සහ ඌට ගහපු මඩත් එක්ක හැරෙන්නවත් තාම කවුරුත් නෑ
This comment has been removed by the author.
ReplyDeleteමැකුවොත් හිරේ :D
Deleteමේක උඹට වෙච්ච සීන් එකක් පොඩ්ඩක් එඩිට් කරලා දාලා කියලා ඔය අනිත් නසරානියෝ කිව්වට මම නම් ඒක තඹ සතේකට මායිං කොලේන් ඈ ඕං. මම දන්නවෙනෙ උඹ ගැන.
ReplyDeleteසන්තෝසයි අයියා හදවතින්ම . . .
Deleteමාව බොරුවට හරි විස්වාස කරන එකෙක් ඉන්න එක ගැන
මදැයි ඉදලා ඉදලා බ්ලොග් බලන්න සෙට් උනා...
ReplyDeleteඉදල ඉදල බලන්න ආවම ඔහොම තමයි
Deleteඕකට පොඩි වැඩක් තියෙනවා කරන්න. පොඩි එකාට නින්ද යනකං ඉඳලා පොඩි එකාව මහා දෙන්නගේ කාමරෙන් තියලා. මහ දෙන්නා යනවා පොඩි එකාගේ කාමරේට. එතකොට පොඩි එකාට ඇහැරුණාම අන්දුන්-කුන්දුන් නිසා අතරමං.
ReplyDeleteමහ රෑ තිස්සෙ කොටු පැන පැන හිටියෑකියැ ??
Deleteඅරුන්ට වහ කන්න හිතෙන්න ඇති කතාවට! එක්සසයිස් කලේ බඩ එනවට කිව්වනම් හරි!
ReplyDeleteබඩ නං ඕල්රෙඩිම ඇවිත් තියෙන්නෙ
Deleteතෝ නං යකෝ.......!!!!!
ReplyDeleteකාලෙකට සැරෙයක් ඇවිත් කියන දේවල්... උඹ ආයෙ පෝස්ට් එකක් හයමාසෙකින් දැම්මත්, ඒ වෙනකල් හිනාවෙන්න ඇති මේක...!
මේ කාලෙකට කලින් ඩ්‍රාෆ්ට් කරල තිබ්බ එකක් බං. ආයෙත් මාස 6කින් විතර ඩ්‍රාෆ්ට් කරල තියන පරන එකක් දාන්නං
Deleteමුකුත් කියන්නෑ බං මං නං.. :3
ReplyDeleteමට නං ඔහොම වෙලා නැ
ReplyDeleteමේ වගේ හරවත් කතා වලින් දැම්ම තියා මිත්‍රයෝ දැනුවත් කිරීම ගැන අපි ඔබ තුමාට ස්තුතිවන්ත විය යුතුයි. ස්තුතියි මහත්මයා...!
ReplyDeleteහුටස්.... මෙගෙ අම්මෝ
ReplyDeleteඅර පොඩි එකත් ඇම්ඩගෙ ඉස්කෝලෙ ඉගන ගත්ත එකෙක්වෙන්න ඕනෙ.. නැත්තං ඔච්චර මීටරයක් වෙන්නෙ නෑ
බොට කියන්න ඕනයා අපේ ඇම්ඩා අවුරුද්දයි මාස දෙකක් ඇති ඕනනං. මු නිදාගන්නෙත් මහ පාන්දර වෙනකං ඇහැරගෙන ඉඳලා. කොහොම හරි මු නිදාගත්තට පස්සේ ........ හොඳම හරියේදී මු එක පාරට ඇහරලා අපි දිහා බලල හෙන හයියෙන් හෙහ්..හෙහ්. ගාලා හිනාවෙලා ආය එහෙන්ම මුකුත් උනේ නැ වගේ ඇස්දෙක පියාන නිදාගත්තා කියහන්කෝ. මම තාම කල්පනා කරනවා එදා උනේ මොකක්ද කියලා. මු හීනයක් දැක්කවත්ද ? එත් යකෝ එහෙනං ඇස් දෙක ඇරන් බලං හිටියේ..අනේ මංදා බං එක උගෙන්ම තමා අහන්න ඕන
ReplyDeleteහෆොයි ගුනේ අයියටත් සිරියාවතී අක්කටයි කොල්ලව උස්සල පොලොවේ ගහන්න හිතෙන්න ඇති . . ඔය වගේම නැතත් ටිකක් ලඟින් යන කතාවක් මගේ යාලුවෙක් කිව්වා. උගේ රට ඉන්න යාලුවෙක් (නිකමට දුලිප්ම කියමුකෝ) නිවාඩුවට ගිය ගමන් කෙල්ලගේ ගෙදර ගියාලු. කෙල්ලටයි කොල්ලටයි සාලේ මුල්ලක කතා කර කර ඉන්න දීලා ගෙදර උන් එක එක වැඩ වලලු. මෙන්න ටිකකින් කෙල්ලගේ පොඩි මල්ලී කෑ ගහනවලු බුදු අම්මෝ දුලිප් අය්යගේ චූවා ගලක් වෙලා කියලා . .ගෙදර උන් ඔක්කෝම සාලෙට දුවගෙන ඇවිත්. අයියයි අක්කයි කතා කර කර ඉන්න තැනට පොඩි කොලුවා දුවගෙන ඇවිත් අයියගේ ඔඩොක්කුවට පැනලලු . . :D
ReplyDeleteඑතකොට තමයි සිරියාවතීට ගණදෙවි නුවන ඇවිත් පුතාට මෙහෙම කිවිවේ :D,
ReplyDeleteපුතේ තාත්තා සැහෙන්න ඩම් එක දාලානේ එක්සයිස් කොරන්නේ :v :3 , එතකොට දාඩිය දාලා ඇදුම් වල දාඩිය ගෑවුනාම අම්මටමයි කරදරේ හෝදන්න ගියාම, ඒකයි ගැලව්වේ, දැන් තෝ ඒකට තමයි සර්ෆෙක්සෙල් තියෙන්නේ කියහන්කො තාත්තා හලපු පැල්ලං යවන්න :3
හක හක හක :D
█ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න
ReplyDelete