Friday, March 27, 2015

නෙලුං යායේ අයියලා වෙත . . .


ඊයේ රෑ
මලින් පිරීගිය විසල් වනේ සිට

නෙලුං යායේ ඕගනයිසර් අයියලා සැට්එක වෙත,
සැප වේවා   . . . !!


අයියලාගේ සැප දුක් කෙසේද ?? මානම් සුපුරුදු සුවෙන් සිටිමි. මේ පැත්තට ඊයෙ රෑ නං වැස්සාය. කොච්චර සැරට වැස්සාද කීවොත් හිරිකඩෙං හිටගෙ පුක හෝදන්න පුලුවං ගානටම වැස්සාය. අයියලෑ පැත්තටත් සැරටම වහිනවා වෙන්ට ඇතිය.

ඉතිං අයියලා, මා මේ ලිපිය ලියන්නට අදහස් කලේ අයියලා විසින් මෙවුවා කර තිබුන නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල ගැන මට හිතුන දේවල් අයියලාගේ මූනට කියන්න කිති කිති වගේ දැනුන නිසාය.


අයියලා, සම්මාන උලෙල නං පට්ටය. කොච්චර පට්ටද කීවොත් බ්ලොග්කාරයන්ට වඩා එතන හිටියේ මීඩියා කාරයන්ය. බ්ලොග්කාරයන්ද සූගාගෙන හත් අට දෙනෙක්ම හිටියේය. ඕකුන්ගෙන් එයිටත් වඩා මොනව බලාපොරොත්තු වෙන්නද නේද ?

අයියලා, මට හිතුන විදියට අයියලා ලෙසටම ඇනගත්තේ එතැනින්ය. අයියලා බ්ලොග් කෙරුවාව දැනගෙන හිටියාට සිංහල බ්ලොග්කාරයන්ගේ චරියාව ගැන දැනගෙන ඉදලා නැතිය.

බ්‍රහස්පතින්දා, මහ දවල් දෙකට, ඒසී කරපු, ජනමාද්‍ය අමාතයාංසයේ හෝල් එකක, ජනමාද්‍ය කාරයන් යයි කියාගන්නා බත් ගොට්ටන් රැසක් (ඕකුන්ට එහෙම කියන්න හේතුවක් තියේය) පිරිවරාගෙන . . . . .

බුදු අයියේ . . . සිංහල බ්ලොගාලාගේ චරියාව එකෙන්ම ඕක නෙමේය. උංට අයියලාට වගේ නෙමේය, කැහිල්ලට බ්ලොග් ලීවාට දරුපවුල්වල බඩකටවල් පුරවන්නට රස්සා කරන්නට තියනවාය. එවුවායේ ලොක්කන්ට මේ බොග කෙරුවාව තේරෙන්නේ නැතිය. ඒක නිසා නොතේරෙන අහවල් ලබ්බකට නිවාඩු ගන්නට බැරිය. ඕං මලගෙයක්වගේනං එයයිලාට තේරෙනවාය. ඒක නිසා අඩුමගානේ මේ අටමගල සෙනසුරාදා හවසක හරි ඉරිදාවක හරි දාගත්තානං අඩුම ගානේ අයියලෑ විතරක් නෙමේ, බ්ලොග් ලියන (හෙහ් හෙහ් !) අපේද රෙද්ද බේරාගන්නට පුලුවං ගානක් බ්ලොගාලා එක්කාසු කරගන්නට තිබ්බාය.

අයියියලා, ජනමාද්‍ය අමාත්‍යාංසෙ වගේ තැනකට, කැමරා කාරයන් වටකරගෙන ඉන්නා වෙලාවක ගොඩක් බ්ලොගකාරයන් ඒවියි කියා අයියලා හිතුවානං ඒකත් ලොකුම ජෝක් එකක්ය. හොදම උදාහරනේ හොදම බ්ලොග් ලිපියට සම්මානය ලැබුන දසයා එතෙන්ට ආපු නැති එකය. ජහ පාලනේ දුවන දිවිල්ලේ හැටියට වැඩි කාලයක් දිවිල්ල සුවර් නැති නිසා දසයා ඔතන උගේ මූන පෙන්නුවානං ජහ පාලනේ හිට්ටදාට උගේ මූන කෙසේ වෙතත් උගේ පුක ඌට නැතිවෙන්නට තියන ඉඩකඩ හොදටම වැඩිය. ඇමතිගේ පිටිපස්සෙන් කැමරා උස්සං දුවන මාද්‍ය කාරයන් ඉන්නා තැනක ඌට ගේම සෙට්වීම ගැන ආයේ කැට තියන්නට ඕනෑ නැතිය. අයියේ,සිංහලෙන් කුරුටුගාන බ්ලොග්කාරයෝ සැට් වෙන්නේම කැලෑ අස්සේය, මූදු වෙරල අයිනේය, ඇලපාරවල් අයිනේය. උංට ඒසී අරහංය, සැප පුටුද අරහංය, ගොටු අල්ලන මාද්‍ය කාරයෝ ඊටත් අරහංය.

අයියලා ඊලග වතාවේ මේ වගේ සම්මාන කෙලියක් කරන්නට කල්පනා කරන්නේ නං ඔය කියපුදේවල් සූටියට හෝ මතක තියාගෙන සෙනසුරාදාවක හවස හරි ඉරිදා දවසේ හරි වැඩේ කොලානං අඩුම ගානේ හිස් පුටුවලට සම්මාන දීම පෙන්නන්න වෙනනේ නැතිය.
අයියලා ආයෙත් මේක සතියේ මැද දවසක කලොත් හත්පොලේ ගාගන්නවා සිකුරුය.

සුදු අයියලා, දින, වෙලාව, තැන වගේ දේවල් විතරක්ම නෙමේය, තවත් අප්සැට් තැන් බොහෝ තිබුනේය. එවුවා එකින් එකට විස්තර කරන්නට ගියෝතින් අයියලා මාව හොයාගෙන ඇවිත් මලකඩ කාපු ඇනවලින් මාව හූරනවාය. පිටගැස්මට මම බයය. ඒක නිසා දැනට එක දෙකක් කියන්නංය.

අයියලා, අර හෝල් එක පුරා දුවපු මූනේ පවුඩර් ගාගෙන හිටි ඇටිකිත්තා අයියලා මොකට ගත්තාදැයි මට පට්ට අවුල්ය. ඉස්සර ඩික්මන් පාර පැත්තෙන් රෑ හතට අටට විතර යද්දී ඔය වගේ තොල් උල්කරන්න ඉන්න බුවාලා හිටියාය. දැන් නං උං එහේ නැතිය. ඌව සෙට් නොවුන එක මගේ පුද්ගලික අවුලක් වෙන්නට ඇතිය, ඒත් සෙට් වෙන්නේ නැති එකා අම්මේ මුත්තේ කීවත් සෙට් වෙන්නේම නෑය.

අයියලා, ටෙනිසන් කුරේගේ එකා, දෙකා,තුකා, හකා, පකා වගේ ගොං ජෝක් ඕනෑවටත් වඩා දැක ඇති අපිට අර නාඩගං නටපු සෙට් එකේ කුනුහරප ජෝක්වලට හිනා යන්නේ නැතිය. උංගේ නාඩගමේ ස්ක්‍රිප්ට් එකේ හැටියට කුනුහරප නොකියා මිනිස්සුන්ට ආතල් දීමට ඕනෑවටත් වඩා උන්ට හැකිය. ඒක තේරුම් ගත්තෙ නැත්තේ උංද, අයියලාද, එහෙමත් නැත්තං අපිද කියා මට තේරෙන්නේ නෑය. සමහරවිට ඒකත් මගේම පුද්ගලික අවුලක් වෙන්නට ඇතිය.

අයියලා අර වොයිස් රෙකෝඩරයක් තෑගි දුන්න ගොබිලාට ඒක දුන්න වෙලේ ඒ සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන්දුන්නා නං අයියලාට යන තැනකට ඒ පිනම ඇතිවෙන විත්තිය ඌ බලෙන්ම මයික් එක ඩැහැගද්දී මට හිතුනේය. ලැබුන සූටි චාන්ස් එකෙන් ඌ ලෙසටම කරූ ලොක්කාගෙන් ලකුනු දමා ගත්තේය. ගොඩක් බ්ලොග් කාරයන්ට ඒවගේ බත් ගොට්ටන්  අරහං විත්තිය බ්ලොග් ලියන අයියලාට තේරෙන්නේ නැද්ද කියා මටත් තේරෙන්නේ නැතිය. ගොට්ට විතරක් නෙමේය . . ඌ එතන බිස්නස්ද කරන්නට හැදුවේය. සදගෝමී ලොක්කාගේ පොත විකුනනවාට බුවාට සීයට හතලිහේ කොමිසන් එක ලැබෙනවා ඇතිය. බුවා බ්ලොග්කාරයන්ගේ වියාකරන ගැන කියද්දි අපි දෙන්නා තුන්දෙනා කතා උනේ මූ ලොවෙත් සිංහල බ්ලොග් කියවා නැති වෙන්න ඕනෑ කියාය. ඌ කියනා විදියට වියාකරන පිහිටුවා ලියන්න ගියෝතින් කියවන්න ඉතුරු වෙන්නේ බ්ලොග් දෙක තුනකි.

සිවු මංසල ලියන කොලුගැටයාගේ කතාවනං පට්ටම පට්ටය. ඒ කතාවේ තිබුන එකම අවුල උනේ කරූ ලොක්කා ගෙන් ලකුනු එකතු කරන්නට ආපු මාද්‍ය ගොට්ටෝ සෙට් එක ඒ කතාව මැද්දේදී මෙලෝ චාරයක් නැතුව පෝඩියම් එකේ මයික් ගලවන්න ඔට්ටු වීමය. ඒ වැඩේනං බං සුදු අයියේ . . .  පට්ටම කුජීතය. ඇමති එනකං නිදාගෙන හිටි මාද්‍ය සෙට්එක (මම එකෙක්ව නැගිට්ටුවත් එක්ක ඕයි) ඇමති ගියාත් එක්කම අකුලාගෙන යාම මටත් අනිත් බ්ලොග්කාරයන්ටත් කිසිම අවුලක් නැතිය. ඒත් නාලක ලොක්කාගේ කතාව මැද්දේ ස්ටේජ් එක උඩට නැගගෙන මයික් ගලවද්දීනං මට හිතුනේම ඒ මයික් උදුරාගෙන උංගේ පුකේ ඔබන්නටය. එබුවේ නැත්තේ බයකට නෙමේය . . . උං දෙන දීමේ හැටියට ඔය මයික් උංට තරම් නොවන නිසාය. කොහොම නමුත් පරනවිතාන ගොයියා බුවාගේ කතාවේදී වහෙන් ඔරෝ වගේ කියපු කන්ටෙන්ට් රෙගියුලේටිං වගේ සීන්වලට නාලක ලොක්කා ලෙසටම අන්තිම උත්තරය දුන්නේය. ඒ උත්තරෙත් එක්ක නාලකලා එක්ක හැරෙන්නට තියා හිතන්නටවත් බැරි මං වගේ ගොබිලෙක්ට අඩේ, මාත් මේ වගේ බුවාලා එක්ක බ්ලොග් ලියනවනෙ යකෝ කියන ආඩම්බරේ හිතට දැනුනේ මැටහෝන් එකක් ගැහුවා වගේ සනීපෙකටය.

පැරාගේ කතාව ගැන වැඩි විස්තරයක් අයියලාට කියන්න මට හිතෙන්නේ නෑය. පැරාගේ බ්ලොගේ ඩ්‍රිෆ්ටිං දාන ඇනෝලාඒ හරිය කරන විත්තිය මට පට්ටම සුවර්ය. කොහොම නමුත් පැරා අතිංකයිට් කරගෙන පත්තර කෙරුවාව කරපු හැටි කියද්දී කොමෙන්ට් එකකින්හෝ පැරා වගේ බුවෙක් ආස්සරේ කිරීමට ලැබුන එක ගැන ලා සන්තෝසයක් හිතුනේය.

රොක් අජියා ගැන නොකියාම බැරිය. අජියාගේ ගැඹුරු කටහඩින් ගායනා කරපු ඒ ගීත සමුච්චය අපිට අපේ ජීවිතවල ගැඹුර ලෙසටම වටහා දෙන්නට සමත් උනාය. . . .  ඒවගට ඒ සින්දු අහපු හැමෝම වගේ සහතික වෙනවා මට සුවර්ම සුවර්ය. ඒ වචන තාමත් මගේ ඔලුවේ දෝංකාර දෙනවාය. භයංකාර රසය නවනලු රසයන්ගෙන් එකක් විත්තිය මාතලන් මට ඒවෙලාවේ වටහලා දුන්නේ හොද වෙලාවටය.

ඉතිං මගෙ සුදු අයියලා, මේ කියපු හරිය හොදටම ඇතියි කියා මට හිතෙන්නෙය. ඒ නිසා මම දැනට නවතිමි. ඊයේ රෑ බීපුවාට තාමත් ඔලුවේ කැක්කුමය. පෙවුනේ නයි විසද කියා පාන්දර පහේ විතර ඉදලා මට හිතෙන්නේය.

අයියලාටත්, සම්මාන දිනූ බ්ලොග්කාරයන්ටත්, සම්මාන දෙනවා රටට පෙන්නන්න ආපු මාද්‍ය අයියලාටත්, වෙරිමරගාතේ තමන්ගේ වොයිස් රෙකෝඩරය නැතිකරගෙන සහෝදර මාධයකාරයන් හොරාට ඇල්ලූ ඒ මාද්‍ය අයියාටත්, මූනේ පවුඩර් ගාගත්ත කෝටුකිතයියටත්, නාඩගං සෙට් එකටත්, මූන පුක කරගෙන අපිට සුවෙනියර් පොත් බෙදූ නංගියාටත්, පුක කඩියා කෑවා වගේ හෝල් එක පුරා දුවපු රෝසපාට හැට්ටේ ඇදගත්ත තුනී නංගියාටත්, රොක් අජිත්ටත්, ස්කිට්සෝ සැට් එකටත්, කර්මා සෙට් එකටත්, අපි කාලා ඉවර වෙන්න කලින්ම බිත්තර රෝල්ස් ටික අරංගිය හෝල් එකේ වැඩ කරන අක්කලාටත්, නිවේදක අයියාටත්, කරූ ලොක්කාටත්, පරනවිතාන ලොකු අයියාටත්, නේසන් බිල්ඩිං සොසයිටියේ ඒ ඒ අයියලාටත්, අටම්පහුරයාට මගදී බොන්න දීපු බාර් එකේ අයියාටත්, මට මතක් කරන්න අමතකවුන අනිත් අයටත් රත්නත්තරේම පිහිටාදාරය ප්‍රාර්තනා කරමින් නවතිමි.

මීට,
අයියාගේ හිතවත්
ඕනමැන්ටල් මල්ලී

111 comments:

  1. ටෙස්ට්

    ReplyDelete
  2. සැපවේවා!
    (ඕන)මැන්ටල් අයියා හමුවීමත් සතුටකි.:)
    අයියා කියන දේ ඇත්තකි.බ්ලොග්කාරයන්ට වඩා හිටියේ මීඩියාකාරයෝ බව පෙනුණි.උන්ගේ සදාචරය බලු වටින්නේ නැති බව වැටහුණේ පෝඩියම් එකේ මයික් කතාව යන අස්සෙම ගලවාගෙන යන කොටය.කෙසේ වෙතත් යම්,යම් අඩුපාඩු වෙතත් ආරම්භයක් විදියට මෙය හොඳය.තවද,
    හුටා!බොස් කතා කරයි
    දැනට නවතිමි,
    මෙයට මනෝ.

    ReplyDelete
    Replies
    1. සැප ඩබල් වේවා !

      මේ මල්ලියා හමුවීම මටත් ඉතා සතුටකි. මීඩියාකාරයින්ගේ ඕවාට අමතරව තවත් කුජීත වැඩ රාසියක්ම තිබුනාය. පැරා කතාව කරද්දී පිටිපස්සට වී සෙල්පි ගැහිල්ල ඉන් එකකි.
      හැමෝම මේ වැඩේට හොද විතරක්ම කියන්න ඉඩ තියන නිසා මම වැරදිම කිවුවාය.
      බොසා ආදරෙන්න මතක් කලාය කියන්නය
      මමත් දැනට නවතිමි

      Delete
    2. ඔනමන්ටලේ මට නෙමේනේ කිව්වේ. මොකද මමත් සෙල්ෆියක් ගැහුවා වගේ දෙයක් කලා. එකෙට එකම හේතුව මා සමග ඉඳගෙන සිටි CRIB එකේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙල්ෆියක් කියන්නේ මොකක්දැයි නොදැන මගෙන් ඇසුව නිසා. ඒ මහතා දැන් සෙල්ෆි විතරක් නෙමේ දැන් බ්ලොග් ගැනත් දන්නවා.

      Delete
    3. අනේ නෑ ලොකු අයියා. ඔයාට නෙමේ, මීඩියාකාරයන්ට කිවුවෙ

      Delete
  3. mona uththakda aiya me?? mehema blog sammaana ulelak thibba kiyala api danneth ada newa.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සම්මාන උලෙලෙ ඇනෝ බ්ලොක් කරල තියෙන්න ඇත්තෙ :)

      Delete
  4. නෙළුැංයායට සජීවී ලින්කුවක් දාලා තිබ්බ දැක්ක නිසාත් විමලෙගෙ එක සජීවී බලන්න බැරි වෙන්න බාධා කොරල තිබ්බ ළු නිසාත් ගෙදර ආ ගමන් පැරාගෙ කතාව බලන්න ලින්කුවට කෙටුව, තඩි පුටු ගොඩාරියකුයි ඇති පාළු හෝල් එකකුයි ස්ටේජ් එකේ හුනු උලාගෙන උඩපනින රිලව් ටිකකුයි විතරයි දර්ශනය වුනේ, ටිකක් හිටං හිටං කම්පනාවට වැටුනේ පුටු ලොකු වැඩි හින්ද ජනතාව ඒවට වහංවෙලාදෝ කියල, පස්සෙං පහු හිතුවා මං පරක්කුයි, උළෙල ඉවරවෙලා ඔක්කොම ගිහිල්ලා සජීවී කැමරාව අමතක වෙලා, එනන කොළු ගැටව් වගයක් රියසල් කියල, මේක කියෙව්වහමයි දැනුං තේරුං ගියේ. මැංටල්ට තැන්කූ දැණුවත් කිරීමට

    ReplyDelete
    Replies
    1. තොපි කැලේ පාටි දාන බ්ලොගාලා නොදන්නවට අංඩුවේ උස්සව ගොඩක් ඔහොම තමයි. ඕවට මිනිස්සු ආවොත් බිල් දාලා යමක් උපයගන්නේ කොහොමෙයි.

      Delete
    2. අනේ මට බලන්න බැරි වුණා,, ඒක ඒ වෙලේ ඔන්ලයින් ද බැලුවේ? එහෙම නැත්තං ලින්ක් එකක් තියේ නම් දෙන්ඩකෝ අයියේ

      Delete
    3. මේක ආණ්ඩුවේ උත්සවයක් නෙමේ. අපී සංවිධානය කලේ. කරු ජයසූරියට කතා කලේ අපි පනතකට සහයෝගය දෙන නිසා. බිල් දාල යමක් උපාය ගන්නේ කොහොමද කියල කියල දෙනවද? මොකද අපේ අතිනුත් ගෙවල තමා කලේ.

      Delete
    4. ඇයි අපි රාජිතව ගෙන්නුවේ බ්ලොග්කාරයොන්ට නොමිලේ පනුපෙති ඉල්ලලා දෙන්ට. අනේ අජියෝ ගිහින් පුක ගහගන් පොලවේ

      Delete
  5. රොක් අජියා නමෝ නමෝ මාතා, ලීඩ් ගිටාර් එක වයලින් ගහන එකෙන් හූරපු වෙලාවේ බන්ධුල නානායක්කරවසම් මහත්තයා හිටියා නම් පුටුව උඩම මැරෙණවා පපුව පැලිලා මැරෙනවාය. එහෙම උනා නම් බ්ලොග් නිසා මිය ගියා කියා එයින්ද පබ්ලිසිටියක් ලැබෙනවාය..

    ReplyDelete
  6. 2014 මැයි වලින් පස්සෙ දැක්ක පොස්ටුව මේක.. ඒ ටිකම මදෑ.. දිගටම ලියහන් අයියෙ.. අපි බලාගෙන නෙව ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. මං අන්තිමටම තේරුම් ගත්ත අවුරුද්දකට එකක් ලියන එක තමා මට ගැලපෙනමදේ කියල :D

      Delete
  7. ඕනයා උඹව ඊයෙ දැනාදුනාගන්න ලැබිච්චි එකට සංතෝසයි.. අර නාලක ගුණවර්ධනගේ කතාව මැද මයික් ගලවපු සීන් එක තමයි මටත් මල එජස් කරේ. අනිත්වනම් ඉවසං උන්න පටං ගන්නකොට ඔහොම තමයි කියල.. උදව්වක් දීල ඇදගෙන යන්න බලමු. උඹල ඔතනට සෙට් වෙනවනම් අනිත් උන් එනවා.. උඹට තව එකක් දෙකක් මීටර් උනේ නැද්ද මංදා අර ලොකු කරූ බ්ලොග් කියන්නෙ මොකක්ද නොදැන වෙබ් ගැන කතා කරපු එකයි අර වොයිස් රෙකොර්ඩ් කාරය අපිට අයිඩෙන්ටිකාඩ් දෙන්න කියපු එකයි.. හැක් හැක්.. අයිඩෙන්ටියක් අරගත්තනං කවදහරි ඇසිලම් සීක් කියල ඕස්ට්‍රේලියාවට පැනගන්න තිබ්බ නේද? අනෙ හුකේ.. උඹ කියුව වගේ ඌ ජීවිතේට බ්ලොගක් දැකල නෑ..

    මේං මන් අර ඊයෙ රෑ මතක් කර කවි ටික මගේ බ්ලොගේ දැම්මා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේ අයියා තමයි ඊයේ හොදම ආතල් එක ගත්තේ

      Delete
    2. අපි නැත්තන් ඌ ගනියි ආතල්!!!!!!

      Delete
    3. අඩේ
      අමතක උනා බං අයිඩෙන්ටි කතාව

      Delete
    4. ඌ දන්නෙ නෑ අයිඩින්ටි දෙන්න අපිට නමක් නෑ කියල. බලහං ඕනමැන්ටල් කියල අයි ඩී එක දුන්නොත් ,බලපු එකා මූව අංගොඩ අරන් යනව.

      Delete
    5. මම එතන හිටියනම් මීඩියා කට්ටියට දෙකක් කියනවා. කවුරුත් නොදන්නා කාරණාව තමා මට 2.00 ට පටන් ගත්තේ නැහැ කියල මීඩියා කාරයෝ බැන්න එක. ඒ වෙලාවේ මම එයාලට එතනින් යන්න කිව්ව එක.

      Delete
  8. අපේ මාරයියා උන්නා නම් ගනීද ඔය මාතොලං වගේ කබ්බෝ සම්මාන

    ReplyDelete
  9. මේ වගේ සම්මාන උළෙලක් තියන බව මම දැනගත්තේ, මේ උළෙල පවත්වනවා කියා දාලා තිබුන බ්ලොග් දැන්වීම මගිනි. ප්‍රතිපත්තියක් වශයෙන්, මා මගේ බ්ලොග් අඩවි දෙක, තරග වලට ඉදිරිපත් නොකරමි. මා විශ්වාස කරන්නේ, යම්කිසි මණ්ඩලයක් මගින්, අපිට නොදැනෙන ලෙස, අපේ බ්ලොග් නිරීක්ෂණය කොට, ඇගයීමක් කිරීම සුදුසු බවයි. එමෙන්ම, අනන්‍යතාව පිලිබඳ ප්‍රශ්න නිසා, බොහොමයක් බ්ලොග් කරුවන්, මෙවැනි උත්සව වලට සහභාගී නොවනු ඇතැයි මම ද සිතමි.

    ReplyDelete
    Replies
    1. e menna me naaki hamaata sammanayak dhenna

      Delete
    2. e menna me ano huththaage puke arinna

      Delete
    3. විචාරක , දිනපු සම්මාන එකක් වත් තරඟයකට ඉදිරිපත් කල ඒවා නොවේ. ඔවුන්ට නොකියා තෝරා ගත් ඒවා පමණි. මේ සම්මන දුන්නේ බ්ලොග් මෙන්ම කොමෙන්ට් ද නිර්රික්ෂණය කොටයි. බ්ලොග් කරුවන් එය කිසි සේත්ම දැන සිටියේ නැත.

      Delete
  10. ඔය වගේ උත්සව වලට අභීත වගේ ප්‍රවීන බ්ලොග්කරුවන්ගෙන් උපදෙස් ගන්න ඕනා,,කොහොමත් ඌ නැතුව හරියට අවුරුදු උත්සවේවත් කර ගන්නවත් එකෙක්ටවත් බෑ නේ

    ReplyDelete
    Replies
    1. එහෙම බ්ලොග් කරුවෙක් උන්නා නම් අපට කියන්න තිබුණා අනිත් අය විසින් හෝ ඔහු විසින්. අප හොයා ගිය බ්ලොග් ප්‍රමාණය විතරයි අපි දන්නේ.

      Delete
    2. ඒගැන හිතන්න එපා අජිත් අයියා. ඔයා එංගලන්තෙ ඉන්නෙ කියල දැනගත්ත වහාම බුවා එයි ඔයාව හොයාගෙන . . . ටුවරිසම් ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරන්න කියල ප්‍රොපෝසල් එකකුත් එක්කම :D :D

      Delete
    3. ඔය කියන්නෙ මෙන්න මේයා ගැනයි අජිත්. පරෙස්සමෙන්, දැනටමත් උඹට කතා කරලනම්, වහාම දත් වහල්ලට මවුත්ගාඩ් එකක් දාගනින්.

      Delete
  11. මෙහෙම එකක් තියනව කියල දැක්ක ගමං හරි සතුටක් ඇතිවුනා. මට යන්න බැරි උනාට වෙන අය යයි කියලයි හිතුවේ. පස්සේ මාතලන්ටත් යන්න විදිහක් නැති බව ආරංචිවුනා. බලාපුවාම මං වගේමයි මතලනුත් අපි වගේමයි අනික් එවුනුත් . ඕන මැන්ටල් ගිහින්. නොගිය අපට බැන්නේ නැතිවාට පින් හොඳේ.

    ReplyDelete
  12. මේ උත්සවයෙන් වෙච්ච එක හොඳක් තමයි ඕනයාට අවුරුද්දකට පස්සේ බ්ලොග් එක මතක් වීම!

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි කැපිටල් ඩී

      Delete
    2. ඇයි පැරා free කකාට දුන්න ඇඩ් එක.

      Delete
    3. ඒක මෙයා නහයෙං අඬල, ඉල්ලල දාගත්ත ඇඩ් එකක් නෙ බං ....

      Delete
  13. ඒ කියන්නේ සු ගාලා හත් අට දෙනෙක් ඇවිත් හිටියා

    ReplyDelete
    Replies
    1. ආයෙ අහල . . . . ඊස් මීස් නෑ සෙනග

      Delete
    2. ගැහැණු ළමෝ හිටියේ නැතෙයි. මං කීවේ බ්ලොග් රචිකාවියෝ..

      Delete
    3. 500g ටින් එකකට හාල් මැස්සො 4 ක් දැම්ම වගේ!

      Delete
    4. ඕනැමන්ටල් ඕක දැන ගෙනත් අනිත් අයට කිව්වේ නැත්තෙත් අරන් ආවේ නැත්තේ හෝ මේක කරනන් උදව් දුන්නේ නැත්තේ ඇයි? බ්‍රහස්පතින්දා තියන්න ගත්ත තීරණය මගේ එකක් නොවේ මට බලෙන් දාපු එකක් බව මම ඔබට කිවේ ඒ නිසයි.

      Delete
    5. අජිත් අයියා,
      කට්ටිය දැනුවත් නොකලා නෙමේ. ගොඩක් අයට කිවුව. ඒත් හැමෝටම තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා නිවාඩු ගන්න බැරිකම.

      වැඩේ බ්‍රහස්පතින්දට යොදාගැනීම ඔයාගෙ තීරනයක් නෙමේ කියන එක මම දන්නව හොදාකාරවම, ඒකයි මේ පෝස්ට් එක ලිවුවෙ ඒ මෝඩ තීරනය ගත්ත අනිත් අයට පේන්නත් එක්ක

      Delete
    6. ආරංචිය ලැබුන ඒ අය මේක කියවල කියල. ඊළඟ එක තියන්නේ සෙනසුරාදා කියල තීරණයක් අරන් ඉවරයි.

      Delete
    7. එහෙනන් ගොඩ.

      Delete
  14. ජනමාද්දිය වේදීයෙක් යැයි හදුන්වපු පුද්ගලයෙක් කරපු නෝන්ජල්ම කතාව තමා ඊයෙ ඇහුවෙ....ඒ මාද්දිය වේදීයාම උන්ගෙම එවුන්ගෙ ජංගිය ගැලෙව්වා...හොරු යැයි හංවඩු ගැහුවා...තමන්ගෙ *&^^%^&% ඒව ආරක්ෂා කොරගන්ඩ බැරි කොට කෙහොමද උගෙ අහවල් ඒව ආරස්සා කොර ගන්නෙ..මං අහන්නෙ....අනිත් එක පැරා ඔයා ඉන්ගිරීසියෙන් පෙන්නපු ඉදිරිපත් කිරීමනම් පට්ටම පට්ටය...නාලක මහත්තැන්ගෙ කතාවෙන් ඇත්තටම බ්ලොග් ලියන කාටත් පට්ටම පට්ටම හයියක් වුණා කියල මට හිතුණ.

    ReplyDelete
    Replies
    1. ඒ ජන මාධ්‍ය වේදියාට කතාවක් තිබුනේ නැත. ඔහු ස්තුති කරන්නට මගෙන් මිනිත්තුවක් ඉල්ලා සිටියේය. එය දිගට කිරීම ගැන මට කණගාටුයි. මාත් යමක් ඉගෙන ගත්ත එතැනදී. කවුරුත් ආවත් නැතත් වැඩේ පටන් ගන්න සහ කටටවත් කතා නොදෙන්න ඒ මොහොතේ. සෙනග එන්නතිවෙයි කියල අපට හිතුනේ දවස් හතරකට කලින්. එතකොට ප්‍රමාද වැඩියි. අපි 10 දෙනෙකුට හරි තියනවා කියල පටන් ගත්තේ නමුත් 145 ක් විතර හිටිය. අපට ඒ ඇති.

      Delete
  15. අපෝ දේශපාලකයොත් ආවද :( විකාර එයාලා ආවම නම්

    ReplyDelete
    Replies
    1. ඕකුන් ඔයාට සම්මානයක් දුන්නෙ නෑද පැටියෝ

      Delete
  16. යකෝ උඹ පොස්ටුවක් දැම්මනේ . නෙලුම් යායෙන් ඒ කරපු දේම මදිද ? අපට ලැබුනේ ශාලාව නිකම්. මේ පිලිබද ඉවාන් පව්ලුෂා සාක්ෂි. මට ඕන වුනේ සෙනසුරාදය. මට දුන්නේ බ්‍රහස්පතින්දා e vunata umba vage halparuvek handuna ganima sathutaki. lap eka power ivarayi. vena lipi danna lap ekak natha. lankave ehemaya. meya me dan athi prsshnayaki. thopi ekek vath eva visandala denavada?





    ReplyDelete
    Replies
    1. අනික අජියෝ මට මෙහෙම දෙකුත් හිතුනා.. දැන් මූ කියනවනේ උන්ට කිව්වා නම් උන් මේක නියමෙට කරනවා කියලා.. දැන් මූ එතනට ආවේ කොහොමද..? වැස්සෙත් නාගෙන ඇවිත් බෝතලේටත් සෙට් උනා... ඒ කියන්නේ මුන් මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා.. ඒත් උන් ඒකට කිසි සප් එකක් දුන්නේ නෑ.. උන්ට ඕන උනේ වැඩේ අල කරලා.. අපියි පොරවල් කියලා පෙන්නන්න.. (මෙතන තියෙන සමහර ප්‍රවීන කියන් බ්ලොග් ඇනෝලගේ කමෙන්ට්ස් වලින් ඒක පේනවා.) ඒත් ඉතින් සයිබර් ෆෙස්ටිවල් එකට ලක්ෂයක් දෙනවා කිව්වාම, ඕනයට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඒත් එහෙම යන්න බැරි උනේ ඒ වෙලාවේ හිටියේ තට්ටු ගානක් උඩ නිසාත් වෙන්න ඇති.

      උඹලා අවංක චේතනාවෙන් කරපු දේ අඩු පාඩු නැතිව නෙමෙයි. අපරාදේ කියන්නේ ඕනයා හොඳා. මට නම් ඊට වඩා අඩු පාඩු පෙනුනා. ඒත් කලින් කරපු හැම දේටම වඩා මේ නිසා "බ්ලොග්" ථක වලට ළොකු පබ්ලිසිටියක් ලැබුනා.

      ඊළඟ එක මීට වඩා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..

      Delete
    2. Bota honda wade onaya.

      Me wage ekata beelaa kiyawana kaalakanni ekka
      Bonna yanawat

      Delete
    3. Eththa bohoma thiththai Mr. Ano

      Onayaa dannawaa Maathalan kawda kiyalaa...

      Delete
    4. අපි ඔනයල කරන අවුරුදු උත්සවේට සල්ලි දෙන්න කැමති වුනේ මේ උත්සවේට කලින් ඉඳන්. මම අටමට ඒ ගැන කියල තිබුන. හබයෝ ඕනය මේක දැනගෙන කට්ටියට නොකිය හිටියනම් එකේ පොඩි කොස්සක් තියනවා. අපට මේ පලවෙනි එක නිසා ඔය ගානෙන් කර ගත්ත ඇති.

      Delete
    5. දැනගෙන කට්ටියට නොකිය හිටිය කියන එක අයිය කරන චෝදනාවක් නං මම ඒක එකෙන්ම ප්‍රතික්ෂේප කරනව ඈ . . . මොකද මම මට පුලුවන් විදියට කට්ටිය දැනුවත් කල නිසා. හැබැයි ඒකරපුවා මට අඩබෙර ගහගෙන කරල ඔයාගෙන්වත්, වෙන කාගෙන්වත් ලකුනු එකතු කරගන්න උවමනාවෙන් කරපුවා නොවන නිසා මම සෑහෙන්න පිරිසකට කතා කලේ දුරකතනයෙන්, පුද්ගලිකව. :D :D

      Delete
    6. බොහොම ස්තුතියි .

      Delete
  17. උත්සවේට පින් සිද්ද වෙන්න ඕනයා පෝස්ට් එකක් දාලා.. ආන්න ඒකට නෙළුම් යායට සම්මානයක් දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ. අපටත් සම්මානයක් ලැබෙයි වගේ.

      Delete
  18. ඕනේ උඹ කටින් කියපු ටිකක් මෙතන ලියලා නෑ වගේ මතක. අර වැල්ලේ, පාලම් ගාව, ගස් යට වගේ තැනක මේක තිබ්බනම් බ්ලොග් ජනතාව එකතු කරන්න හැකිය කිව්ව එක.

    ReplyDelete
  19. ආවෙ නැති හන්ද ඇත්ත නැත්ත විවේචනය කරන්ට විදියක් නෑ නෙව
    ඕනෙගෙ ලිපියක් කියෙව්වෙ සෑහෙන දවසකින්
    ඇත්තම කියනව නං ඔයිට කලිං දෙකයි තුනයි කියවල ඇත්තෙ හිහි

    ReplyDelete
    Replies
    1. ඉතින් මම කලින් ලියල තියෙන්නෙත් දෙක තුනයිනෙ බං :D :D

      Delete
  20. අඩේ මේ ඉන්නේ මෙයා...අපි පොඩි උන් හින්දද මන්දා අපිව හලල මුන් සෙට් වෙලා..

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මේ උළෙලට එන උන්ට උත්සවෙන් පස්සෙ බීම නොමිලේ කියල මුලිම්ම කිව්වානම් ඔය පඳුරු අස්සෙ උස්සව වලට සෙට් වෙන අය්ය-නායකලා සියල්ල මෙහිද දැකගන්නට හැකි වන්නේ සතියේ දිනයක් කියා වෙනසක් නොවීය.

    ඒ බව නොදත් අජිතයා හොඳම පබිලිසිටි පොයින්ට් එක අතහැරියාට, මින්පස්සෙ මුදල් තෑග්ග එපා කියනා මාතලන් වැනි අධමයින්ගෙ මුදල් ඒ සඳහා වෙන්කොට බොන්න දී පිරිස වැඩිකරගන්නට මතක තියාගත්ත යුතුය.

    අනෙක මේවාගේ උත්සව වලට හිමාලි සිරිවර්ධනගෙ බඩ එලියෙ ඩාන්ස්, ගයේෂා පෙරේරාගේ ඉගිලෙන මාලු වැනි සම්බහිය දේ මිස, කෝළම් කාරයින් නටවා, බ්ලොග් කරුවන් නම් අතිපාරිසුද්ද මිනිසුන් ඇද්දවිය නොහැකි බවද, අවසන බ්ලොග් කාරයන්ට යමක් දෙනවානම් උන්ගෙන්ම රැගෙන, ටිකක් යටිමඩගසා ඉතිරිය අඩුකර යලි උන්ටම දෙනවා මිසක, අතින් කා හරක් බැලීම දොස් ඇසීමට මගක් වියහැකි බවද මතක් කරනෙමි.

    මීට - උපසාන්ත.

    ReplyDelete
    Replies
    1. ඒක තමා කරන්න තිබුනේ.

      Delete
  23. කාලෙකට පස්සේ ඕනයා පෝස්ට් එකක් දාපු එකම ලොකු දෙයක්...

    අඩේ උඹත් ඇවිත් හිටියද...
    මටත් මේ උත්සවය සම්බන්ධව ඇතිවුනේ අපුලක්.
    පස්සේ වෙලාවක උඹ කියන විදිහට පොඩි සීන් එකක සෙට් වෙමු.
    මේවා අපිට බරපතල වැඩියි බන්, මොකෝ මේ බ්ලොග් කෙරුවාව අපි රස්සාවට කියල කරන එකක් නෙමෙයිනේ බන්
    මේ වගේ දේවල් ෆුල් ඔෆීෂියල් වෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස, ඒ මදිවට හම්පඩ දේශපාළුවෝ, මීඩියා කාරයෝ... චඃ...

    ReplyDelete
    Replies
    1. නිකන් හෝල් එකක් හම්බ වුණාම එකට ඇටච් වෙලා එන දේවලුත් තිබෙනවා කියල දන්නවද? හැමෝම හැම වෙලේම සතුටු කරන්න අපට බැරි වෙයි. ඒත් අපට බ්ලොග්කරණය ලංකාවේ ප්‍රචලිත කරන්න අදහසක් තියෙනවා. හේතුව අයි කියල දන්නවද? ඔහෙලා ඔය කියන නිදහස ලංකාවේ ජන මාධ්‍යකාරයන්ට නැති නිසා. එක අයිත මහාරාජාට , රේන ද සිල්වාට, අලස්ට , වෙල්ගමට වගේ එවුන්ට සහ පවතින ආණ්ඩුවට. තව දුරටත් එකේ එහෙමෙ වෙන්න දෙන්න බැරි නිසා තමා බ්ලොග් දියුණු කරන්න ඕනේ.

      Delete
  24. අප්පට සිරි මල්ලි, උඹ තාමත් බ්ලොග් ලියනවද ? මොනා උනත් "ඕනමැන්ටල්" රසය තියෙන බ්ලොග් ලිපියක්... යකෝ මේවටනේ සම්මාන දෙන්න ඕනේ....!

    ReplyDelete
    Replies
    1. පිස්සු හැඩෙයි ඩුමී කෝ මේකේ යහපාලනේට කඩේ ගිහිනුත් නෑ මරාට බැනලත් නෑ ඉටිං කොහොමෙයි සම්මාන ඩෙම්නෙ?

      Delete
    2. ඇයි දැන් යහපාලනේට කඩේ ගියොත්ද බ්ලොග් සම්මාන ලැබෙන්නේ ?

      Delete
    3. සම්මාන ලැබුනු බ්ලොග් ටික කියෝලා බලන්ට. කතන්ඩරේ මොනවට පැහැදිලි වෙනවා.

      Delete
    4. කුහක කොමෙන්ට් එකක්.. මුන්ට අර නලියා ලේක් හවුස් දිනමින පත්තරේ ළිපි දාන කොට කිසි අවුලක් තිබුනේ නෑ.. දැන් තමයි කහන්න අරගෙන තියෙන්නේ.. කුහක කම නමින්ම පෙන්නපු එක අගය කරනවා...

      Delete
    5. පත්තර නලිය ආන්ඩුවට කඩේ ගිය එව්වද දිනමිනේ දැම්මෙ මාතේ???????????

      කවුද කුහකයා තමුන් නේද?

      Delete
    6. මාතලන් මාමට උණුසුම් සුභ පැතුම් හොඳම බ්ලොග් අඩවියට සම්මාන ලැබීම ගැන.....!

      Delete
    7. මම සම්මාන ලැබිච්ච බ්ලොග් පෝස්ට් ඔක්කොම කියෙව්වේ නෑ.... වෙලාවක් තිබුනේ නැති නිසා.... කියවපු එකම ලිපිය රවියා ලියපු පෝස්ට් එක විතරයි.......! ඒ ලිපියේ ඉතින් තිබුනේ මරාගේ ගුණ වයලනේ......! අනික මම දැක්කේ ඒකට කරූ සම්මානයක් දෙනවා.....! ඉතින් යහපාලනේ ගැන විචිකිච්චාවක් ඇති වෙන එක අසාධාරණද කියපන්කෝ......?

      අනික කුහක කම ගැන ගත්තොත් අනිවාර්‍යයෙන්ම ඔය ගුණ දොස් අඩු වැඩියෙන් මට තියෙනවා තමයි. මමත් හිතන්නේ මේ ලෝකේ ඉන්න කුහකම එකා මම කියලා, අනිත් එවුන්ගේ කුහක කම් ඔක්කෝම මගේ කුහක කමේ පැත්ත පලාතකින්වත් තියන්න බෑ....! ඒ අගුණ දැනගෙන ජීවත් වෙන එක ලේසියි...! අපි ඉතින් සුදු මිනිස්සු නෙමෙයිනේ..... සුදුයි කළුයි මිශ්‍ර වෙලා හැදිච්ච අළු පාට මිනිස්සු.....!

      Delete
    8. @ දුමියා

      යහපාලනේ ගැන නම් කතා කරන්න එපා ගොයියෝ.. මාතලන්වත්, ලංකා නිව්ස් වෙබ් එකවත් ඔය එකෙකුටවත් කඩේ යන්නේ නෑ.. ආන්ඩුව පත්වෙලා දෙවනි දවසේ දහම් සිරිසේනගේ ඩිෆෙන්ඩර් වික්‍රමය දැම්මේ ලංකා නිව්ස් වෙබ් එකේ. ඒ කියලා සිරිසේන උන්නැහේ වෙබ් එක තහනම් කළේ නෑ. දහමය රට යැව්වා. මට ගහන එක නම් කිසි අවුලක් නෑ. ඒව මට නතින්ග්.. නමුත් සම්මාන ගත්ත ඔක්කෝටම පොදුවේ ගර්හා කිරීම කැතයි..

      මේ තාක් කල් දුන්න කිසිඳු සම්මානයකට හෝ උත්සවයකට මේ කිසිම කෙනෙක් මුකුත් කියලා නෑ. මේ මෑතකදි දුන්නා කුරුළුත් එක්ක ආදරෙන් කියන බ්ලොග් එකට සම්මානයක් කවුරුත් ඇහුවේ නෑ ඒකට හොඳම බ්ලොග් එක සම්මානේ දෙන්න හේතුව මොකක්ද කියලා.

      මෙතනින් පේන් පැහැදිලිම දේ තමයි අර උඹ කිව්වා වගේ කුහක කම. ඒකේ අවුලක් නෑ.. අපි කවුරුත් පෘතග්ජන මිනිස්සුනේ.. ඒත් මට නම් අවශ්‍ය මොකා හරි කමක් නෑ, මේ බ්ලොග් ඉදිරියට ගෙනියනවා නම්.. හිටපු හොඳම උන් අද ලියන්නේ නෑ... උඹ ලියන්නේත් නෑ.. ඔක්කොම බුකියට ගිහිල්ලා.. මම ඒ පැත්තේ වැඩියෙ නොයන්නෙත් බ්ලොග් වලට පට්ට ආදරේ නිසා..

      ජයම වේවා..

      Delete
    9. මාතලන් මාමේ (උඹට මම ඉස්සර ඉඳන්ම කතා කරන්නේ එහෙමනේ ) , යකෝ මම ප්‍රශ්නයක් ඇහුවේ මගේ කමෙන්ට් එකට රිප්ලයි කරපු ඇනෝ කියපු කතාවටනේ.....! මම සම්මාන හම්බවෙච්ච උඹේ පෝස්ට් වත් අනිත් පෝස්ට් වත් කියෙව්වේ නෑ.....! මම ඔය සම්මානයක් ගැන දැනගෙන නෙමෙයි මෙතනට ආවෙ. ඕනයා පෝස්ට් එකක් දාලා තියෙනවා දැකලයි....! උගේ ලින්ක් එකෙන් තමයි රවී ලියපු පෝස්ට් එක කියෙව්වෙත්.......!

      දේශපාලනේ ගත්තොත්, මම අදහන දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයේ මූලිකම දේ තමයි ශ්‍රී ලංකාව කෑලි වලට නොකැඩී එක රටක් විදිහට තියෙන්න ඕනේ කියන එක..... ඒක කරන්න පුළුවන් මිස්ටර් බීන් කියලා මට හිතුනොත් මම මිස්ටර් බීන්ට සපෝට් කරනවා.....! මට අනිත් දේවල් අදාල නෑ....! ඒ වෙනුවෙන් පෙනී හිටින්නත්, ඒවට විරුද්ද මතත් එක්ක මතවාදීව ගැටෙන්නත් මට අයිතියක් තියෙනවා.... ඒ වගේම උඹටත් අනිත් අයටත් උඹේ මත වාදයට විරුද්ද මතත් එක්ක ගැටෙන්න අයිතියක් තියෙනවා...

      උඹලට සම්මානයක් හම්බ උනාට ඊරිසියා කරලා හරි කුහුක වෙලා හරි මට ලැබෙන ලබ්බ මොකක්ද ? මම බ්ලොග් ලියන එක නතර කරලා දැන් අවුරුදු තුනකටත් වැඩියි මගේ හිතේ.....! ලියන කාලෙත් මම ඔය සම්මාන බලාගෙන බ්ලොග් ලිව්වෙත් නෑ... සම්මාන වලට මගේ බ්ලොගේ ඉදිරිපත් කලෙත් නෑ.....! පහුගිය කාලේ කාට මොන සම්මාන ලැබුනද මොන සම්මාන නොලැබුනද නැද්ද කියලා මොන කෙංගෙඩියක්වත් මම දන්නේ නෑ.....!

      පොදුවේ ගත්තාම මමත් ඊරිසියාව, කුහුක කම, මෙකී නොකී දුර්ගුණ ඔක්කොම තියෙන සාමාන්‍යය මිනිහෙක්.....! ඉතින් උඹ මම කුහකයි කියලා කිව්වම එතන අළුත් දෙයක් නෑ... මොකද මම කුහකයි කියලා මම දන්න නිසා.....!

      Delete
    10. මේ කිසි කෙනෙක් ඉදිරිපත් කරලා නෙමෙයි සම්මාන ගත්තේ.. නමුත් උඹේ කොමෙන්ට් එකේ පට්ට කුහක බවක් තියෙනවා... මගේ එක කියවන්න එපා.. මම කියනවට අළුත් උන්ගේ ඒවා කියවපන්.. කියවන්නේ නැතිව ප්‍රණ ලදරංම අගේ කරන එක වැරදියි...

      Delete
    11. අනේ පල පොන්නයා...තෝ යකෝ තොගෙ ගෑණිට පිනට හුකන්න දුන්නනෙ යූඇන්පී පකයන්ට...ඒකනෙ තොට ඔය සම්මානෙ දුන්නෙ...ගොංගු වේසාවා...ගලවනවා තොගෙ ඇට දෙක කැරි රිලවා...ප්‍රියන්ත හේවගේ..පුක දියං කැරි පොන්නයා...

      Delete
  25. එළියට ආපු වෙලාවෙ හිනා උනාට හිනා වෙන්නෙ නැති , ලඟට ඇවිල්ල අතට අත දීල කතාකරන්න ලං උනාම අහක බලාගන්න හාල්පාරුවෙක් එතන හිටිය. අනිත් හැමෝම මනුස්සයො වගේ කතාකරද්දී. තොපි මොක්කුද? අපි තමයි පොරවල් මානසිකත්වයෙන්. පින්තූරෙ මුහුණත් තහඩුව ඒ රූපෙට ගැලපෙන නිසා දැක්ක ගමන් අඳුනගත්ත. ඒ ඔබතුමා. ඇනෝ ඇවිල්ල කොන්ද පණ නැති විදියට කතාකරන ක්‍රමයක් මගේ නෑ. ඉස්සරහට එහෙම කරන්න අදහසකුත් නෑ. කෙලින්ම මූනට කිව්වෙ ඒකයි.
    යමක් කරන්න අමාරුයි, යමක් කරද්දී අඩුපාඩු එමට සිද්ධවෙනවා. ඒ කෙසේ නමුත් යමක් කරන එක වැදගත් , පැත්තකට වෙලා "අපි කොලා නං මෙහෙමයි" කිය කියා ඉන්නවට වඩා. මම නං දන්න විදියට ඕනෑවට වැඩිය විවේචනය කරන එකාට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ, කරන දේකුත් නෑ. සර්වඅසුභවාදියෝ.!!!!

    ReplyDelete
    Replies
    1. ඕනයා පොඩ්ඩක් ලොකු ලයින්ද කියලා මටත් හිතුනා ඈ....

      Delete
    2. ලොකුම ලයින් ... හිනා උනාට හිනා වෙන්නෙ නෑ. වටෙන් කැරකිලා දෙතුන්පාරක්ම ලඟට ආවත් ගණන් ගත්තෙ නෑ. අපි ඉතිං පොඩි මිනිස්සුනේ...

      Delete
    3. @සජ්ජා
      මම උඹේ කොමෙන්ට් එකට උත්තර නොදී ඉන්න හිටියත් වචනයක් හෝ ලියන්න ඕනෙයි කියල හිතුන. මම අද වෙනකං කිසිම කෙනෙක්ට ලොකු ලයින් එක දීල නැති විත්තිය උඹටත් මටත් මියුචුවල් වෙන ඕනෙම බ්ලොග්කාරයෙක්ගෙන් අහල දැනගනින්. උම මගෙත් එක්ක කතා කරන්න ඇවිත් මම දැක්කෙ නැතුව වගේ හිටිය කියල උඹ හිතනව නං . . . . ඇත්තටම මට සමාවෙයන්, මොකද මම කීයටවත් එහෙම කරන එකෙක් නෙමේ. මොකක් හෝ මගුලක් නිසා මගෙ අවදානෙ වෙන පැත්තකට ඇදෙන්න ඇති. නැත්තං මගෙත් එක්ක අම්බානක ඇරියස් තියන එවුන්ටත් පන්නල ගිහින් කතා කරන මිනිහෙක් මම.

      @බස්සී
      බොග අවකාසෙ ගෑනුදරුවො එක්ක එකපාරක් හිනාවෙලා ඒකට රිප්ලයි ලැබුනොත් විතරයි මම එයාලත් එක්ක කතා කරන්නෙ මයෙ දෙයියො . . . එතනින් එහාට ඔයාට හිතාගන්න පුලුවන්නෙ :D

      Delete
    4. සජ්ජා මල්ලි, උඹ ඕනයාව හරියට දන්නේ නැතිව දාපු කමෙන්ට් එකක් කියල මේක පේනවා....! උඹ සතාව හරියට අඳුනගත්තා නම් ඔහොම ලියන්නේ නෑ.....!

      Delete
    5. මගේ අවුලක්ද ඇහෙමත් නැත්තං අර කිව්වා වගේ "ඕනේ" සහෝදරයා වෙන කල්පනාවක හිටියද කියල ඇත්තටම දන්නෙ නෑ. එහෙම දේවල් සමහර වෙලාවට වෙනවා මිනිසුන්ට. එහෙම නම් මට සමා වෙයන් සහෝදරයා. කෙලින්ම ඒ ගැන කිව්වෙ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. කෙලින් කතාකරලා යමක් විසඳාගන්න එකට මම ගොඩක් කැමතියි. ඒකයි කෙලින්ම කිව්වෙ. කවදාවත් මගේ නමින් මිසක් ඇනෝ විදියට ඇවිල්ල නෑ, එන්නෙත් නෑ. ඇනෝ ඇවිත් මඩ ගහල බැනල යනවට වඩා මේ විදිය හොඳයි කියල හිතුන නිසා. මොකද ප්‍රශ්නයක් තියනවා නම් කතාකරලා විසඳගන්න පුළුවන්. මොකද අපි හැමෝම එකම විදියේ ලේ මස් නහර වලින් හැදුණු මිනිස්සු. ආයෙත් දවසක හම්බවෙලා කතාකරමු. අපි හැමෝටම එක එක විදියේ අදහස් තියනවා. එක එක මතවාද තියනවා. මතවාදී ඝට්ටන ඇතිවෙන්න ඕන. ඒ මතවාදී ඝට්ටන වලින් තමයි අලුත් අලුත් මතවාද බිහිවෙන්නෙ.
      "දුමී" අයියා .. මට යමක් "මිස්" වෙලා වෙන්නැති..

      Delete
    6. කෙල්ලෝ නම් කතා නොකරන තරමට හොඳයි... ඒ කියන්නේ එයාලගේ මොනයන්ම හෝ දෙයක් තියෙනවා නම් රැක ගන්න පුළුවන්..

      Delete
    7. මාතලන් එහෙම කිව්වම මට මුගේ ඉස්සර නුගේගොඩ පැත්තේ කතා සෙට් එක මතක් උනා... හෙහ්

      Delete
  26. විවේචන සිදුවීම හොඳය. නමුත් මේ විවේචනය ගැන ඇතිවූයේ මද අපුලකි.

    ReplyDelete
    Replies
    1. බස්සි එදා දැක්ක ඒක සැහෙන්න සතුටුයි. ගොඩක් අය නොදන්නා කරණය තමා මේ දිනපු අය මම දැක්කේ සහ අඳුන ගත්තේ එදා බව. සම්මාන දුන්නේ ලියපු දේවල් වලට මිසක් තරඟයක් නොතිබූ බව.
      මේ විවේචනය පල කරලා තිබෙනවා.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16367-2015-03-28-12-53-52

      Delete
    2. @බස්සි,
      මටත් තිබ්බ ඕනෙ හැටි ලියන්න අනේ, ශෝක් වැඩක් අජිත් අයියෙ ඔයලෙ කරල තියෙන්නෙ, මේ වගේ වැඩක් මේ සම්ම කපේ වෙන්නෙ නෑ . . . බ්ලා බ්ලා බ්ලා වගේ.

      ඒත් ඔයා මම ලියල තියනදේ "ඕනමැන්ටලයා කියන්නෙ ලොකු ලයින්කාරයෙක්" කියන සපත්තු දෙක ගලවලා කියවලා බැලුවොත් ඔයාට තේරෙයි මම විවේචනය කරල තියෙන්නෙ නෙලුම්යායෙ මේ සම්මාන පිදීමේ උත්සවයමද කියල :D :D

      හද පෙන්නුවාම හද දිහා බලන්න දරුවො . . ඇගිල්ල දිහා බලන්න එපා.

      ප.ලි.
      ඔයාගේ අපුල මට පාං නොවේ :D

      Delete
  27. උඹේ පිම්පි කතා වලට සම්මාන නැති එකටද පොන්න බල්ලො උඹ අඬන්නෙ.....
    ලැජ්ජ නැති අලි ඔලුවා.... උඹට් හොඳා අර හොර අභීතගෙ කරේ එල්ලන්න...

    ReplyDelete
  28. බ්ලොග්කරණයට රාජ්ජ අනුග්‍රහය ලැබීම නම් හොඳ දෙයක් නෙවෙයි.. නිදහසේ මලගම..

    ReplyDelete
    Replies
    1. කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නෑ.... මම නම් දැණුම්වත් වෙලා එතනට ගියේ.. කරූ එන බව දන්වන්න තරම් අජියා නිහතමානී උනා..

      මට සම්මානයක් ලැබුනට කියනවා නෙමෙයි, මම නම් හිතන්නේ මෙච්චර කල් තිබුන උත්සව වලට වඩා මේකෙන් බ්ලොග් වලට වටිනා කමක් ලැබුනා.. ඇමතිවරයා නෙමෙයි. එතනට දීප්ති කුමාරත් ආවා. X කන්ඩායමේ උනුත් ආවා. බන්ධුල නානායක්කරවසම් බ්ලොග් කාරයෝ ඉහලින් අගය කලා. උන්ගේ කවි ඉතා ඉහලින් අගය කලා. මෙතුවක් කල් එහෙම දෙයක් උනේ නෑ. බ්ලොග් ප්‍රවර්ධනය සඳහා ජනප්‍රිය ක්‍රමත් යොදා ගන්න වෙනවා.. මට දුක මේක විවේච්නය කරන එකෙක්වත්.. නලියා බේරේ ගෙදර පත්තරේ උන්ගේ ලිපි දාන කොට කටක් හොල්ලපු නැති එක. මෙතන කිසිම දෙයක් නොදැන් විවේචනය කරන්නේ කෙලින්ම අම්බ කුහකයෝ. උන්ට ඕන මේකේ අයිතිකාරයෝ වෙන්න.

      බ්ලොග් කාටවත් අයිති නෑ. ඒක අයිති ගූගල් සමාගමට..

      Delete
    2. රාජ්‍ය අනුග්‍රහයක් ලැබුනේ නැත . කරු පරණවිතාන බ්ලොග් ලියන කලේ පටන්මත් කලින් මත ච්නදිමගේ සගයෙකි. ඔහු ශාලාව දුන්නේ ඒ අනුවය. මෙදිය කාරයන් ආවේ කරු එන නිසාය. කරුත් ආවේ පස්සෙය. අපි එන්න කිව නිසාය.

      Delete
    3. @සරත් අයියා සහ දුමී අයියා,

      කිසිම රාජය අනුග්‍රහයක් හෝ මැදිහත් වීමක් නැහැ. කරු ජයසූරිය මහතා ආරාධිතයෙක් පමනයි

      Delete
    4. මාතලන් මාමේ ඔහොම කේන්ති ගන්න හොඳ නෑ බං......! ප්‍රෙෂර් කාරයා නේද ?

      රාජ්‍යය අනුග්‍රහය බ්ලොග් වලට හොඳ නෑ කිව්වාම උඹට තද වෙන්නේ ඇයි ? රාජ්‍යය අනුග්‍රහය දෙන්නේ උඹ නෙමෙයිනේ....!

      Delete
    5. බොදු බල සේනාවේ ඩිලන්ත හිටියේ. රාජ්‍ය අනුග්‍රහයක් ලැබුනේ නැහැ කියලම කියන්න අමාරුයි මොකද කරු තමයි ලේකම්. ඒ මහතා නොමිලයේ ශාලාව දුන්නමඒකත් එක්ක සංග්‍රහ ආදියත්, මීඩියා එකත් ලැබුණා . ලැබුනා. ඒත් මුදල් වියදම් වුන ලක්ෂ 5කට ආසන්නව.

      Delete
    6. @ දුමියා

      ඒ උනාට උඹ නොදන්න දේ නම්. පක්ෂ දෙකෙන්ම බොහොම දෙනෙක් අපිට අනුග්‍රහය දක්වන්න ලෑස්ති උනා ගිය ඡන්දෙදි.. අපි නම් ඒවා ප්‍රතික්ෂේප කලා.. සම හරක් නම් දෙන්නම් කාසි වලට ලියලා ඉල්ලගෙන කෑවා.. මෙතෙක් කල් නොලියපු කීප දෙනෙක්ම හෝ ගාලා ලියන්න ගත්තේ ඒකයි..

      කරූ මට සම්මාන දීම කෙසේ වෙතත්. කරූට මම ලියලා තියෙන ඒවා කියෙව්වා නම් ඉස්ටේජ් එකේ තිබුන ගිටාර් එකකින් ගහනවා ඔළුව පැලෙන්න. එහෙම ප්‍රතිපත්තියක් තියාගෙන ලියන උන්ට.. මෙහෙම "අනිවා" කියලා කොමෙන්ට් දැම්මාම මල පනින්නේ නැද්ද...?

      Delete
    7. අනේ මාතෙ ඔයාගෙ ප්‍රතිපත්තිය.

      අර ප්‍රියන්ත සිරිසෙනගෙ මරනෙත් අල්ලන් මරාට ගහන මැක්ක ප්‍රතිපත්තිය.
      හිනා තමා. පවූඌ

      Delete
    8. නොදකින් මෝඩ මූසල මුලු බ්ලොග් අවකාසෙම ගද ගස්සන ගූතලන්.හිතාගෙන ඉන්නේ බ්ලොග් කියන්නේ උගේ පිම්පි තාත්තගෙන් හම්බෙච්ච බූදලේ කියලා.අලුතෙන් ලියන කොල්ලෝ කෙල්ලන්ව කකුලෙන් අදලා දාන්නෙ උන් උඩට අවොත් මූට කෙල වෙන නිසා.

      ගූතලන්ට සම්මාන දීපු එකා ගූතලන් වගේම ඌ ලියන ගූ රසට කැමති එකෙක් වෙන්නැති.

      රෙදි නැතිව හිටියත් උගේ පුක අත් දෙකෙන් වහගෙන අනිත් උන්ගේ පුකේ අරින්න මූ එන්නේ. යකෝ පුකේ අරින්න ආසනන් උබත් පුකෙන් අත් අහක් කරන් අනිත් උන්ටත් අරින්න දීපන්.

      Delete
    9. මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ කියන්නෙ රෝයල් පහළ බාලාංශයේ ඉදලම කොල්ලන්ගෙ ශත 10 ට ඉන්ටවල් එකේ කටට ගත්ත පොන්නයෙක්...මූට එක එකාගෙ පොල් කුඩු අවුරුදු ගානක්ම ගිලිලා දැන් මොළේ කචල්...ලගදි සුද්දෙක් මූට ඇරලා පුකට විතරක් මැහුම් 10 ක් දාලා තිබ්බා..

      Delete
  29. ඔහොම එකක් තියෙනව කියලා පොඩි හාහෝ වක් ආවා හැබැ ඒක ඔහේ ගලාගන ගියා බං..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය හාහෝව සහ ඔහේ ගලාගෙන යාම තමයි වෙච්චි අවුල. මොනවා උනත් හොද පටන් ගැනීමක්. ඊලග වතාවෙ මේ වෙච්චි අවුල්ටික මගහරවාගෙන මීට වඩා හොදින් මේ වැඩසටහන කරයි කියල අපි බලාපොරොත්තුව ඉමු

      Delete
  30. හලෝ ඕනමැන්ටල් දැක්ක කල් ... :)

    ReplyDelete
  31. අඩේ සම්මානත් දීලලු නේද ... ??

    ReplyDelete
  32. ඕනය, මෙතන එක කථාවක් සම්පුර්ණයෙන්ම වැරදියි. දසයා ආවේ නැත්තේ පොර පිට රටක research scientist කෙනෙක් හැටියට වැඩ කරන නිසා. එන්න නිවාඩු නැහැ. පොරගේ නම දසුන් බව කියල ඒකත් දාන්න කියලා බිරින්දෑ එව්වා සම්මානය ගන්න.

    ReplyDelete
    Replies
    1. මම දසයා ගැන කියපුදේ වැරදිනං,
      අජිත් අයියගෙනුත්, නෙලුම් යාය සම්මාන උලෙලේ අනිකුත් සංවිදායකවරුන්ගෙනුත් සමාව ඉල්ලනව.

      Delete
  33. අඩෝ පොන්න ඕනමැන්ටල්...උඹ දැන් මොකද ලකෆ්‍රෑන්ස් ලියන්නෙ නැත්තෙ...කවුරු හරි පුක පැලුවද නැත්තං ජීවත් වෙන්න විදියක් නැති නිසා ගෑණිව විකුනනවද ? නෙදකින් පොන්නයා...

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .