Friday, January 21, 2011

සුදූ . . . .

දුකාගෙ post එකක් දැක්කට පස්සෙ ලියන්න හිතුනෙ . . . .
 

සුදූ . . . .  එහෙමත් නැත්නම් ලේනා . . . . කියන්නෙ මගෙ ශාස්ත්‍රාලෙ හිටපු (මොනව උනත් අදටත් ඉන්න) හොදම යාලුව . . . . .
 

උගෙයි මගෙයි ‍ෆිට් එක මොනතරම්ද කිව්වොත් . . . .  උගෙ ගෙදර (දු‍ටුගැමුනු මාවතේ) මට වෙනමම පිගානක්, කෝප්පයක් පවා තිබුන. ලතා ඇන්ටි (සුදුවගෙ අම්ම) මට සැලකුවෙ හරියට එයාගෙම දරුවෙකුට වගේ.
 

සුදූ වගේ යාලුවෙක් මිනිහෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්. මට තාම මතකයි . . . . නුගේගොඩ ඇල්ෆා එකේ මැත්ස් පන්තියකදි මම නාවල ආනන්දෙ කෙල්ලෙක්ට (වැද්ද girl) ගෙම්බෙක් දාල මාව පන්තියෙන් එලියට දාපු දවසෙ . . . . සුදු වචනයක් වත් කතා නොකර මගෙත් එක්කම පන්තියෙන් එලියට බැස්ස.
 

අපේ පංති භාර කන්නන්ගර මිස් .  . . . අපි දෙන්නව දෙපැත්තට කරන්න බැරුව . . . අපි දෙන්නගෙන් එකෙක් ඉස්කෝලෙන් එලියට දාන්නත් හැදුව (කරුමෙ කියන්නෙ ඒ සිද්දියෙන් ඉස්කෝලෙ ගමන නතර උනේ අපේ සෙට් එකේ හිටපු සශී කුමාර් පෙරුමාල් ගෙ).
 

අන්තිමට සුදූ o/l කරල ආටා එකක් අරගෙන (මුලු කෝට්ටෙම අදුනන සුදුවගෙ 11 ශ්‍රී රතු බජාජ් එක) හයර් දුවන්න පටන් ගත්ත. . . . මම a/l කරන්න පනිපිටියෙ දර්මපාලෙට ගියා. හැබැයි . . . . මොනව උනත් අපි දෙන්න සතියකට දවස් දෙකක් වත් සෙට් වෙලා රජමහ විහාරෙ පහල පාර මැද තිබුන පොකුනෙ ගැට්ට උඩ වාඩි වෙලා ඉන්නව  . . . . (ඌටයි මටයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ . . . ඒක නිසා අපි දෙන්න නිතරම එකට හිටියට කතා වැඩිය කලේ නෑ . . .  නමුත් එකෙක් හැරෙනකොට අනිකා දන්නව මොකටද මූ හැරෙන්නෙ කියල) .
 

ඔහොම තමයි අපි දෙන්නගෙ කාලෙ වැඩි හරියක් ගෙවුනෙ . . . .
 

මෙහෙම ඉද්දි තමා . . . . සුදූට දීප සෙට් උනේ . . .  දවසක් සුදූ මට ඇවිල්ල කිව්ව . . . 
    "මචං . .  කෙල්ලෙක් සෙට් උනා එලියට ගන්න විදිහක් නෑ ඒකිගෙ නංගිත් ඒ බෝඩිමේම තමයි ඉන්නෙ . . .. .  පුලුවන් නම් ඒකිව දාගනින්" කියල.
 

මට එච්චරටම කෙල්ලෙක්ගෙ අවශ්යතාවක් තිබුනෙ නෑ . . . ඒක නිසා මම සුදූට කිව්ව . . .
    "මචං මට ඕනෙ නෑ . . . ඒත් අපේ TKට (අපේ සෙට් එකේ ඉතුරු වෙලා හිටපු අන්තිම යාලුව) සෙට් කරලා දෙමු . . . ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැ කියල ඌ හෙනම දුකෙන් ඉන්නෙ" කියල.
 

කොහොමෙන් කොහොමෙන් හරි ජෝඩු දෙක සෙට් උනා . . . .
 

පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ . . . බන්ට් එකේ . . . රජමහ විහාරෙ පිටිපස්සෙන් ගිහින් කේන් ඇපරල්ස් එක ලගට යන පාරෙ  . . . තමයි කෙල්ලො දෙන්නයි . .  මමයි . . . TKයි පටවගෙන සුදූ උගෙ ත්‍රී වීල් එකේ කරක් ගැහුවෙ . . .
 

හිත් රිදීම් ගනනාවකට පස්සෙ . . . TK, මානෙල් ව බැදල අපෙන් අයින් උනා . . . .
 

අන්තිමේ මමයි, සුදුයි දීපයි විතරක් ඉතුරු උනා . . . .
 

එක සිංහල අවුරුදු නිවාඩුවකට දීප "ගෙදර යන්න බෑ" කියල අඩන්න පටන් ගත්ත . . . . . බලද්දි දීප ප්‍රෙග්නන්ට් වෙලා . . . .
අන්තිමේදි සුදූ දීපව බැන්ද . . . . . දීප සුදූට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් . . . කොහොම හරි සුදූගෙ ගෙදරින් මේකට හොදටම විරුද්ද උනා . . . අන්තිමේදි ලතා ඇන්ටිට මාව පෙන්නන්න බැරි තත්වෙටම පත් උනා.
 

මට කවුරු කොහොම බැන්නත් . . . . මම කොහොම හරි මුන් දෙන්නව සුදූගෙ ගෙදරම පදිංචි කලා . . . . . දීපට ලස්සන දුවෙක් ලැබුන . . . . "කාව්යා නින්නාදි පෙරේරා" තමයි ඒ දුවගෙ නම . . . . (මට කවදාවත් ඒ දුවව වඩාගන්නවත් ලැබුනෙ නෑ . . . . . අඩුම ගානෙ තෑග්ගක් විදිහට බෝනික්කෙක් වත් අරන් දෙන්න ලැබුනෙ නෑ)
 

බැදල ඒ වෙනකොට අවුරුදු දෙකකට වඩා ගෙවිල තිබුනත් . . . . . ඒ වෙද්දිත් දීප ට සුදූගෙ ගෙදරින් පල නොකිය පලා බෙදන තත්වයක් තිබුනෙ . . . .
 

කොහොම හරි මේ අතරෙ තමයි . . . . . සුදූ උගෙ වාහනේ හයර් ගිය ආනන්ද බාලිකාවෙ ලමයි දෙන්නෙක් ගෙ අම්ම කෙනෙක් එක්ක අනියම් සම්භන්දයක් පටන්ගත්තෙ . . .
ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා හිටියෙ පිටරටක. එක ගෑනු ලමයෙක්ට වයස අවුරුදු 12ක් විතර වෙද්දි අනිත් ලමයට අවුරුදු 8ක් විතර ඇති . . . .
මේ විස්තර මේ දෙන්නගෙම ගෙවල් වලට වැඩි කාලයක් යන්න කලින්ම ආරන්චි උනා . . . සුදූගෙ අම්මයි, දීපයි දෙන්නම හිතුවෙ මේක සෙට් කලේ මම කියල . . . .
 

ලතා ඇන්ටි කෝට්ටෙ හන්දියෙ අම්බලම ගාවදි මට සාප  කෙරුව . .. . . . මම ඒත් සද්ද නැතුව හිටිය . . . . උදවු කලේ නැති උනත් වලක්වපු නැති එක හරි මගෙ වැ‍රැද්ද කියල තමයි මම ඒ වෙනකොට හිතුවෙ.
 

ප්‍රශ්න මෙහෙම දුර දිග යද්දි මේ දෙන්න තීරනය කලා පැනල යන්න . . . .
සුදූ මට විස්තරේ කියද්දි . . . . මම තදින්ම විරුද්ද උනා . . .
 

මම ඌට තෙරුම් කරල දුන්න . . . . තාත්ත නැතුව එක දවසක් වත් ඉන්න බැරි උගෙ අවුරුදු 3ක චූටි දුව . . . .  ගෙදර හැමෝම එලියට ඇදල දාන්න මාන බලන දීප . . . .  උං පැනල ගියොත් අම්මෙක් තාත්තෙක් නැතුව තනිවෙන පොඩි කෙල්ලො දෙන්නෙක් . . . . . මම මේ හැමදේම ඌට මතක් කලා . . . .
 

මම දන්න හැම විදිහටම ඌට තර්ජනය කලා . . . .
 

මම ඌට කිව්වෙ . . . . ලමයි, ගෑනි අතරමං කරන්නෙ නැතුව කරන දෙයක් අඩුම ගානෙ ගෙදර ඉදල හොරෙන් කරගනින් කියල . . . .  මම දැනන් හිටිය මට කාලෙ ලැබුනොත් ඕක නවත්තන්න පුලුවන් කියල. . . . .
බැරිම තැන අන්තිමේදි මම උගෙයි මගෙයි යාලුකම ඉස්සරහට දැම්ම . . . . මම ඌට කිව්ව . . .
   "උඹ ඔය ගෑනිත් එක්ක එක දවසකට හරි ගියොත් උඹෙයි මගෙයි යාලුකම එතනින් ඉවරයි" කියල
 

මගෙ හැම උත්සාහයක්ම අපතේ ගියා . . .  අන්තිමේදි මුන්න් දෙන්න පැනල ගියා . . . .
 

දීපයි . . . .  ලතා ඇන්ටියි වැහින්නියො වගේ අඩ අඩ මට call කර කර සාප කලා . . . .
ඒගොල්ලො කිව්වෙ මම තමයි මේ හැම දේටම වගකියන්න ඕනෙ කියල . . . .
මේ දෙවල් උනේ 2004 අවුරුද්දෙ අන්තිම කාලෙ වගේ . . .
 

මම අන්තිමට මම පන වගේ ආදරේ කරපු කෝට්ටෙ හන්දිය, අම්බලම, රජමහා විහාරෙ, නාග විහාරෙ, බන්ට් එක  . . . . අතෑරල දාල ජා ඇලට ආව.
පස්සෙ කොහොම හරි අර ගෑනු කෙනාගෙ කසාද මනුස්සය ලංකාවට ඇවිල්ල ඒ ගෑනු කෙනාව ආපහු ගෙන්නගත්ත නිසා සුදූට ආපහු ගෙදර එන්න උනා . . . .
 

2004 අවුරුද්දයි . . .  2011 අවුරුද්ද්යි අතර අවුරුදු 7ක් ගෙවිල ගිහින් . . . . මම තාම සුදූ එක්ක කතා කරන්නෙ නෑ . . . . . නමුත් මම ඌට හොරෙන් ඌ ගැන හොයල බලනව . . . ලගදි මම ඌට බෙහෙත් වගයක් පවා අරන්දුන්න . . . .. සුදූ තාම ඒ දේවල් දන්න්නෙ නෑ . . . .
 

මම පහුගිය අප්‍රේල් මාසෙ මිරිහානෙ යාලුවෙක් ගෙ ගෙදර ගිය වෙලාවක උගෙ ගේ ඉස්සරහ තීයන පිට්ටනියෙ තිබුන අවුරුදු උත්සවේකට සුදූගෙ දුවයි ලතා ඇන්ටීයි ඇවිල්ල හිටිය . . . .
 

මම බැල්කනියට වෙලා  ********************************* *********************************** අමාරුවෙන් . . . . . .
මම මගෙ මල්ලිගෙ දුව "මායා" තරමට ආදරේ කරන දරුවෙක් ඉන්නව නම් ඒ කාව්යා විතරයි . . . . . . 

18 comments:

  1. Ona...flying colors..

    ReplyDelete
  2. this is not flying colors machan . . . this is true story and i still miss my best friend. and that feeling hurt a lot

    ReplyDelete
  3. මේ කතාව නං මාරයි ඕනයා. පපුවටම වැදුනා.

    ජීවිතේ විසින් නිර්මාණය කරනු ලබන කතා තරම් ප්‍රබන්ධ කතා බලවත් නැති බව ඉස්සර කාලේ මක්සිම් ගෝර්කි ත් කියල තියෙනව.

    තවත් ලියන්ණට මගේ සුභ පැතුම්!

    -කතන්දරකාරයා

    ReplyDelete
  4. කතන්දර : උඹට ස්තුතියි මචං . . . .

    ReplyDelete
  5. @අභීත: real life මචං . . . . මම එන සිංහල අලුත් අවුරුද්දෙ ඉදල බුවත් එක්ක ආපහු සෙට් වෙන්න තීරනය කලා. එත් ඉතිං ඌ කවදාවත් හැදෙන එකෙක් නං නෙමේ

    ReplyDelete
  6. මචන් පලවෙනි වැරැද්ද වැඩිමල් කෙල්ලක් බැඳගත්ත ඒක .. එකට දෙන්නම වැරදි කාරයෝ.. ඔය වැඩේ ඔහොම වෙච්ච කීප දෙනෙක් මම දන්නවා.. හැබැයි මොනවා වුනත් බැඳගත්ත එකාට moral responsibility එකක් තියෙනවා තමුන් හදපු ළමය ගැන.. මම බන කියනවා නෙවෙයි .. ඔයවගේ තැනකදී මිනිහෙක් කරන දේ අපට පිට ඉඳගෙන වටහා ගන්න බෑ.. සාමාන්‍යයෙන් මිනිහෙක් ඔය වගේ වැඩක් කලාම ලංගම ඉන්නයලුව තමයි මඩ කන්නේ.. යාළුවා හින්ද ගැනිට කියන්නත් බෑ.. නොකිවුවම කෙළවුණ දවසට බාගයක් කුණු යාළුවගේ ඔලුවට !! jayya

    ReplyDelete
  7. @ ජයියා: ඉස්කෝලෙ යන කාලෙ ඉඳල කන තරමක් කෑවෙ උගෙ ටිංකිරිම තමා . . . . මොනව කරන්නද මොනව උනත් ඌ මගෙ වෙන "අම්මෙක් ගෙන් උපන්" සහෝදරය නෙ . . . ඌ ඒ කෙල්ලව බැන්දෙත් බඳින්නම උන නිසයි. ඌට අදටත් මේ මගෙ දරුව . . . මේ මගෙ ගෑනි . . . මේ මගෙ දෙමවුපියො . . . කියන වගකීම නෑ . . .

    ReplyDelete
  8. world is a fucked up place and so is life

    ReplyDelete
  9. අනේ අයියේ...මෙච්චර හිනාවෙලා ඉන්න අයියගේ ජීවිතේ මේ වගේ දුකම දුක කතාවක් ඇති කියල මං හීනෙකින්වත් හිතුවේ නැ.
    සෝ සොරි .......අපේ ඇල්බත් ඔය වගේ තමයි.කිසිම වගකීමක් නැ. දැන්ම හදාගන්න ඕන.නැත්තම් පස්සේ සාප වදින්නේ අපිට.

    ReplyDelete
  10. ඕනයා අයියගේ කතා කියවගෙන යද්දි දුකක් දැනුනු ලිපියක් මේක....

    ReplyDelete
  11. මට වැඩි හරියක් දවස්වල උඹ ගැන හිතුන දෙයක්...

    "ඕනෙ උඹ නම් මාරයි....!!!!!"

    ReplyDelete
  12. උබගෙ චරිතෙ අත්දැකීම් ගොන්නක් තියෙනව චරිතයක් බන්... ඒව බෙදා ගන්නවට ස්තුතියි කියල විතරක් කියන්නම්

    ReplyDelete
  13. මෙතන සුදූ විතරක් නෙවෙයි අනික් ගෑනිත් වැරදියිනෙ.තාත්තාත් ලග නැති ගෑණු ලමයි දෙන්න දාලා යන්න තරම් හිතක් ඒ ගෑණු කෙනාට කොහෙන් පහල වුනාද මන්දා.මව් සෙනෙහස කැලේ.

    ඒ ගියපු එකෙන් ඔය සීන් එක හැමෝම දැන ගන්න ඇති.අර ලමයි දෙන්නට ඇති වුන ලැජ්ජාව කොහොම වෙන්න ඇද්ද..

    අනික් අතට නොකරපු වරදකට ඔයා බැනුම් අහනකොට, අහන්නෙත් තමනුගෙ හොදම යාලුවගෙ අම්මගෙන් සහ බිරිඳගෙන් වීම ඔයා කොහොම දරා ගන්න ඇද්ද....

    ReplyDelete
  14. මම දැක්ක හොදම සටහන :(

    ReplyDelete
  15. ඇන්ඩෝ සුදුවත් එක්ක දැන් කතා කරනවද?

    ReplyDelete
  16. අහන්න ගොඩක් දේවල් තිබුනත් කතාව කියවල හිතුන දේ මහ අමුතුම විදියේ දුකක්.එක දෙයක් අහන්නම ඕනි.කාව්යා දුව හොදින් ඉන්නවද?

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .