Monday, March 7, 2011

ලස්සන වසිලීස්සා සහ රස කතා . . .

පැතුම්ගෙ අන්තර්ජාලයේ මගේ බිත්තියෙ තිබුන "රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසිලීස්සා" පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකට ලියපු කොමෙන්ට් එක ටිකක් විතර දිග වැඩි උනා. ඉතිං මම හිතුව ඒකට තව කෑලි ටිකක් එකතුකරල මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියටම දාන්න.



මුහුදු වෙරලෙ මහ විසාල
ගසකි ඕක් හරිතවර්න
පන්ඩිත තඩි බලල් රාල
බැඳ ඇත යදමින් ස්වර්න . . . .
ගීත ගයයි ගස වටේට
යමින් වමෙන්
කතා කියයි දකුනු දෙසට
යමින් සෙමෙන් . . .
                 අලෙක්සාන්දර් පුෂ්කින්, රස කතා


ගොඩාක් පරන මතකයක් අලුත් උනේ. . . .


රස කතා සහ ලස්සන වසිලීස්සා කියන්නෙ අදටත් මගෙ කැමතිම කතා පොත් දෙකක්. මට මතකයි මමයි මගෙ මල්ලියි පොඩි කාලෙ අපේ ආච්චි අපිව නිදිකරවන්න කියන කතා සෙට් එකේ තියන "මුවන් තිස්ස" ගෙ කතාව . . . . ඒක හරියටම සිමියොලා හත්දෙනාගෙ කතාව වගේමයි . . . නං ටිකයි ස්තාන ටිකයි විතරයි වෙනස්. මම හිතන්නෙ අපි පැවතෙන්නෙත් ස්ටෙප්ස් තනබිම් හරහා සංක්‍රමනය උන ජනකොටසකින්ම වෙන්න ඇති . . . . නැත්නම් කොහොමද මගෙ ආච්චි ඉස්කෝලෙක තියා පිරිවෙනකවත් ගෙනගන්නෙ නැතුව ඔය කතා දන්නෙ. ආච්චි නං කියන්නෙ ඒ කතා කියල දුන්නෙ ආච්චිගෙ ආච්චි කියලයි. ඔය කියන ඉතිහාසෙ හරි නං . . . . ඒ වෙනකොට ලස්සන වසිලීස්සා පොත රුසියාවෙ වත් මුද්‍රනය කරල තියෙන්න නැතුව ඇති.


"රස කතා" කියන්නෙත් ඒ වගේම ලස්සන කතා රුසියන් කතා එකතුවක්. 19වෙනි සියවසේ හිටපු සම්භාවනීය ගත්කතුවරු වන අලෙක්සාන්දර් පුෂ්කින්, ව්ලද්මීර් දාල්, ව්ලද්මිර් ඔදොයෙවුස්කි, කොන්ස්තන්තීන් උෂීන්ස්කි, සහ තවත් කිහිප දෙනෙක් ගෙ ලමා කතා මේ එකතුවට ඇතුලත් වෙලා තියනව. මේ කතා එකතුවෙන් වඩාත්මමගෙ සිත ගත්ත කතාව තමයි "රතු මල හෙවත් පුංචි අලෝනාගේ කුසුම" කියන කතාව. බටහිර සාහිත්්‍යයේ එන beauty and the beast කියන කතාවට ගොඩක් විතර සමානකම් දක්වන කතාවක්. කැලෑවෙ සැඟවිලා තිබුන කිසිම මිනිසෙක් නැති අලංකාරමාලිගයෙ ඉන්න මහ බයානක රකුසෙක් වැනි ඒ දැවැන්තයා අහම්බෙන් තමන්ගෙ මාලිගයට ආපු වෙලෙන්දාට ඉතාමත් උසස් විදිහට සංග්‍රහ කරත් ඒ වෙලෙන්දා තමන් ඉතා ආදරෙන් බලාගත්ත . . . . තමන්ට තිබුන එකම සතුට උන රතු මල කැඩුවට පස්සෙ කලබල උන හැටි . . . . පස්සෙ ඒ වෙලෙන්දගෙ පොඉඩ්ම දුව හෙවත් අලෝනා මේ මහ බියජනක පෙනුමක් තියන දැවැන්තයත් එක්ක ඒ මාලිගයේ සතිටින් කාලය ගත කරන හැටි . . . . කතාව කියවන ඕනෙම කෙනෙකුට එකවරම හිතේ චිත්‍රපටියක් වගේ මැවිල පේන විදියට නිර්මානය කරල තියනව.


අලෝෂා බේරගන්න කලු කිකිලි පාතාලයේ ලෝකයේ ඇමති වරයෙක් බව දැනගැනීම . . . පාතාල ලෝකයේ රජතුමා අලෝෂාට පාඩම් මතු ඔක්කොමහකයේ තියාගන්න තෑගි දෙන අරුම පුදුම වී ඇටය . . . .


පුංචි මීෂාට මුනගැහෙන ඩින්ඩින් නගරයේ වාසය කරන පුංචි සීනු පොඩිත්තන් . . .


තමන් ආදරය කරන මෙගේරි ව විවාහ කරගන්න අදහසින් ධනවතෙක් වෙන අෂීක්-කරීබ්. අවුරුදු හතකට පස්සෙ ආපහු තිප්ලිස් නගරය බලා එද්දි අෂීක්-කරීබ් ට මුන ගැහෙන සුදු අසරුවා . . . ඒ අසරුවා අෂීක්-කරීබ් ට දෙන මහ පුදුම පස් මිට අවුරුදු හතක් තිස්සෙ ඇස් අන්ද වෙලා හිටපු කෙනෙක්ට නැවත ඇස් පෙනීම ලබාදෙන ආකාරය. . . .


ගෙදරින් පන්නපු තඩි බලලව පෙන්නල කැලේ සත්තු ඔක්කොම බය කරපු කපටි හිවල් හමිනේ . . . .


තමන්ට උන අසාදාරනය මුලු නගරෙටම කියපු උස්දොන් ගෙ වාත වේග කියන අස්සයා . . . .


ඔය වගේ කතා ගොඩක එකතුවක් තමයි රස කතා කියන්නෙ. මේ හැම කතාවකින්ම ලමා මනසට කාවද්දන පනිවිඩයක් තියනව . . . ඒ තමන්ගෙ රටට ආදරය කලයුතු බව සහ යහපත් ගති පැවතුම් තියන දෙමාපියන්ට, වැඩිහිටියන්ට සලකන අය හැමදාම දිනන බව.


මම පොඩි කාලෙ අපේ අල්ලපු ගමේ (‍තෝරවතුරෙ) පුස්තකාලෙන් මේ කතා පොත් දෙක කියෙවුවට පස්සෙ ආයෙම කියවන්න ලැබුනෙ 2002 අවුරුද්දෙ කැම්පස් එකේ යාලුවෙක් (කිරා) පොත් දෙකම අරගෙන ආපු වෙලාවක. එදා ඉඳල කොහොම හරි මටම කියල ලස්සන වසිලීස්සා පොතක් හොයාගන්නව කියල හිතාගත්ත. කොහොම හරි ලස්සන වසිලීස්සා පොතේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම හොයාගත්ත.


කාට හරි ලස්සන වසිලීස්සා පොත ගන්න ඕනෙම නං .. . . මෙන්න තැන . . .


ප්‍රගති ප්‍රකාශන නිවස
අංක 91 ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත,
කොලඹ 8.


හොයාගන්න බැරි අය ඉන්නව නං . . . . අහන්න පාර කියන්නං. . . .


29 comments:

  1. මම වසිලිස්සා පොත නම් කියවලා නැ ..එත් හුගාක් ආස කරනවා රුසියන් කතා නම් සුපර්..මට මතකයි මම ඉස්සර කියෙව්වා හැන්ස් සහොදරයෝ වගේ නමක් තියෙන සුරංගනා කතා පොත් එකයි දෙකක් කියලා..හරිම ලස්සනයි...

    ReplyDelete
  2. ඔය වාගෙම තව පොතක් තියනව "‍තෝල්යා සහ ඔහුගේ යහළුවෝ"කියල.ඒකත් ලස්සනයි.'ලස්සන වසීලිස්සා" මුද්‍රණය කරපු 77-78 කාලෙම තමයි එ පොත out වෙලා තියෙන්නෙත්.

    ReplyDelete
  3. මම කියවපු හොදම පොත් අතරෙ තියෙන්නෙ රුසියන් පොත්... ළමා පොත් අතරින් නම් ලස්සන වසීලිස්සා, පින්තූර කතා, වැඩ බැරි දාසගෙ පොත් 14 වගේ ඒවා මතකයි.. ඒ නිසාම ඔය පොත් ටික මට අහම්බෙන් හම්බ වෙලා ඔක්කොම මගෙ පොඩි පුතාට දවසක දෙන්නම් කියලා අරන් ආවා....

    හොයා ගන්න බැරි අයට යන්න තැනක් කියන්නම්... හෝමාගම දුම්රියපල ඉස්සරහා පෙට්ටි කඩේ තියෙනවා මේ රුසියන් පොත් පෙල.... මමත් ගත්තෙ එතනින්....

    පස්සෙ කාලෙක උනත් සැබෑ මිනිසෙකුගේ කතාවක්, ගුරු ගීතය, වානේ පන්නරය ලැබූ හැටි, අම්මා වගේ පොත් රාශියක් මගේ සිත් ඇද ගත්තා...

    ReplyDelete
  4. මාත් ආසම පොතක් ලස්සම වසීලිස්සා. ඒකෙ මන්තරකාරියන්ගෙ හැම ගෙයක්ම කුකුල් කකුල් එක්ක තියෙන්නෙ. මොනා උනත් පුංචි කාලෙ විතරක් නෙමෙයි හිත අවුල් වෙච්ච වෙලාවක දැන් උනත් කියවලා හිත සැහැල්ලු කරගන්න පුලුවන් පොත් ඒවා.

    ReplyDelete
  5. හත් පෙති මල මතකද?

    ReplyDelete
  6. මමත් ඒ පොත කියවලා නෑ.කට්ටිය කියලා තියෙන දේ දකිනකොට කොහොමහරි හොයාගෙන කියවන්න හිතෙනවා.

    ReplyDelete
  7. @නිම්ෂා: හොයාගෙන කියවන්න. මට නං ලෝකේ ලස්සනම කතා කියන්නෙ රුසියන් සුරංගනා කතා. ඔයා කියවලා ඇත්තෙ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ කතා වෙන්න ඇති (අර ටීවී එකේ සිංහලෙං හඬ කවල ගියේ "සුරඟන කතා කරලිය" කියල සීරීස් එකක්)

    @දිනේශ්: කියවල තියනව . . . . ඇත්තෙන්ම ලස්සන පොතක්

    @අභීත: වැඩ බැරි දාසගෙ පොත් ටික තාම හොයනව. කුසුම් පුරයෙ වාමනයො . . . හරි වැඩ තමයි ඒගොල්ල කරන්නෙ. මම කැමතිම කතාව තමයි "වැඩ බැරි දාස අහසින් ගිය හැටි"
    ගුරු ගීතය කියන්නෙ මගෙ පොත් රාක්කෙ විෂේශිත තැනක් ලබපු පොතක්. දුයිෂෙන් එයාගෙ පාසල සහ අල්තීනායි වෙනුවෙන් කරපු කැපකිරීම් . . . . ඕනෙම කෙනෙක්ගෙ ඇහැට කඳුලු බිංදුවක් ගෙන එන්න සමත් වෙනව.

    @පිණිබිඳු: අවිවාදයෙන්ම ඔවු . . . .

    @ඇනෝ: ඔවු මචං . . . . කියවලා තියනව විතරක් නෙමේ . . . . මගෙ එකතුවෙත් තියනව

    @ක්‍රිකටර්: කොහොම හරි හොයාගෙන කියවපං. බැරිනං අපේ ගෙදර වරෙං . . . කියවන්න දෙන්නං (හැබැයි ගෙනියන්න නං දෙන්නෙ නැ)

    ReplyDelete
  8. මම ගාවත් ලස්සන වසීලිස්සා පොත තියෙනවා.අර කොල පාට පිට කවරයක් තියෙන එක.ආයිත් කියවන්න හිතුනා.

    ReplyDelete
  9. රුසියානු සාහිත්ය්‍ය කලාව කියන්නේ මම දැකල තියෙන වෙනස්ම විදියකට පොත් ලියලා තියෙන කලාවක්. මේ පොත් කියවද්දි අපි මනසින් රුසියාවට එක්ක ගෙන යනවා රුසියාවේ තියෙන සීතල/ පාලුව අපේ ඇගට දැනෙනව."අහසින් යන කොස්ස" හැරී පොටර් කතාවට ආවේ බාබයිගා යකින්නව කොපි කරලා කියලා මම අහලා තියෙන්නේ....

    ReplyDelete
  10. @සිහිනදනවුව: ආයෙත් කියවන්න . . . . කොච්චර කියෙවුවත් ඇති වෙන්නෙ නෑ. . . .

    @රොබින්: එල එල . . . . වෙල්කම් ‍ටු ද සයිබර් ඉස්පේස් . . .
    මචං . . . . සිංහලෙං බාබයිගා කියල කිවුවට ඒක බාබා යාගා කියල තමා නිවැරදිව කියන්නෙ . . . . බාබා කියන්නෙ රුසියන් භාෂාවෙන් ආච්චි ට. බාබුෂ්කා කියලත් කියනව.
    අමතක කරන්න එපා. . . . හැරී පොටර් ගුවනින් යන්නෙ කොස්සක් (නිම්බස් 2000) පාවිච්චි කරල. . . . ඒත් බාබා යාගා යකින්න ගුවනින් යන්න පාවිච්චි කලේ "වංගෙඩියක්"
    හැරී පොටර් කිට්‍ටු වෙන්න බාබා යාගා ට නෙමේ . . . . ඇස්. ඒ. දිසානායකයන්ගෙ "බටකොල ආච්චි" ට

    ReplyDelete
  11. හරි වචනේ නම් බාබා යාගා තමයි. හැබැයි හිතේ ඇඳිල ඉන්නේ බාබායිගා නේ.. බාබා යාගා කිව්වට කිසි ගතියක් එන්නෙ නෑ... මමත් ඔය පොත 100 පාරකට වැඩිය කියවල ඇති. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නම් නෑ.. තෝල්යා සහ ඔහුගේ යහළුවෝ පොතත් ඉස්සර තිබුණා දැන් නම් ඒකට වෙච්ච දෙයක් නෑ... මට රස කතා පොත ආයේ කියවන්න හිතුණ. ඒකේ කතා නම් වැඩිය මතක නෑ දැන්.

    ReplyDelete
  12. මේ පොත කීයක් වෙනවද මචන්..,

    ReplyDelete
  13. @ පැතුම්: කතාව නං සහතික ඇත්ත. හරි වචනෙ දන්නව උනත් මම කියන්නෙත් "බාබයිගා" කියලම තමයි. රසකතා hard cover version එකේ කොපි නං දැං නෑ. paper backs තමයි තියෙන්නෙ. මොනව උනත් රුසියන් සුරංගනා කතා රාදුගා ප්‍රකාශකයන්ගෙ නොවුනොත් ඒ කතාවෙ ගතිය නෑ. මම හොයාගත්ත සිංහල අනුවාදනය (දැදිගම වී. රුද්‍රිගු ගෙ) ප්‍රගති පකාශකයන්ගෙ උනත් මුල් ආකෘතිය එහෙමම තියනව.

    @ලිෂාන්: අද දැක්ක සරසවියෙ වෙනස් එඩිශන් එකක්. කවරෙ එහෙම හෙනම වෙනස්. ඒත් fontඑක කියවන්න ආස හිතෙන තරම් ලස්සනයි (මුල් සංස්කරනයේ තියන ලස්සනම ලස්සන fontඑකම තමා තියෙන්නෙ). සරසවියෙ පොත LKR 400යි.
    ප්‍රගති ප්‍රකාශකයොලඟ තියෙන්නෙ මුල් සංස්කරනයේම අලුත් මුද්‍රනයක්. hard cover පොත LKR 600යි

    ReplyDelete
  14. @ අභීත,

    ඔය පොඩි පෙට්ටි කඩේ තියෙන්න බැරි නැහැ තව රුසියන් ළමා කතා පොතක් "රතු හුන්ඩුව" කියල, ඒක එහෙම පොඩි එකාට ගිහින් දෙනව නෙමෙය්.

    ReplyDelete
  15. ඔබා අයිය කියවලා තියනවද "කැලේට පැන්න නරියා" කතා පොත . . . ??

    ReplyDelete
  16. ඊට වඩා සිරා බන් "කැලේ මැදින් නරි එනවෝ" පොත.

    ReplyDelete
  17. @රංග:
    උඹ එකපාරක් හරි කියෙවුව නං "වඩුවයි බල්ලයි" පොත ඔහොම කියන්නෙ නෑ . . . .

    ReplyDelete
  18. රෑට නැති නුවන උදේට පහල වෙනවා කියන එක කොච්චර ඇදහැව්වාද කියනවානම්...
    හැමදාම රෑට පාඩම් කරන්න කම්මැලි හිතුනම ඕක මතක් කරල නිදා ගත්තා

    ReplyDelete
  19. අම්මප ඇන්ඩො, අදමයි මේක කියෙව්වෙ.. ආස කොරන ටොපික් එකක් දැකලා මෙතනට ආවෙ.. මේ මහ රෑ පට්ටම ආසාවක් ආව ආපහු ඔය පොත් දෙකම කියවන්න.. අවු. 15ට ඉස්සර වගේ කියෙව්වෙ අන්තිමට.. ලඟදි ලස්සන වසිලිස්සා කියල අලුත් ප්‍රින්ට් එකක් හම්බ උනා.. ඒකේ කතා අඩුයි.. කියෙව්වෙත් නැහැ ඉතින්.. "රස කතා" පොතත් හොයාගන්න තැනක් කියපන්කො.. මගේ පොත මූදට ගියා නෙව.. ආහ් කියවල තියෙද ගාෆුර් ගුල්යාම් ගේ මගේ හපන්කම්? කතා නන් රුසියන් කාරයො තමයි ඉතින්..

    ReplyDelete
  20. මගේ හපන්කම් ????? අනේ කියවල නෑ මචෝ . . . . . බලන්න ඕනෙ ඊලඟ පාර ගියාම පොත් සාප්පුව පැත්තෙ.
    ලස්සන වසිලීස්සා මගෙ ලඟ තියන සිංහල පොත අලුත් ප්‍රින්ට් එකක් තමා . . . ඒත් පරන පොතේ කොලිටියටම තියනව. උඹට සෙට් වෙන්න ඇත්තෙ "කුරුලු ප්‍රකාශකයන්ගෙ" පොත වෙන්න ඇති.
    මම කියල තියන තැනට ගියානං උඹට රසකතා පොත ගන්න පුලුවං

    ReplyDelete
  21. මේ පොත් 2 ම අදටත් මම ගාව තියෙනවා....ඒ පොත් 2 ට දැන් වයස අවුරුදු 22ක් විතර ඇති..මම පොඩි කාලේ මම ආසම පොත් 2...ආ තව එකක් තිබ්බා ආසම..මාෂා සහ වලහා..

    ReplyDelete
  22. @සුජානි:
    ඔය පොත් දෙකයි අනිත් පොත් ටිකයි ලඟ තියන කිසිම කෙනෙක් ඔය පොත් ටික නැතිකරගන්නෙ නෑ . . . . . රුසියන් සුරංගනා කතා කියවපු ගොඩක් අය ලඟ මොකක් හරි පොතක් අවුරුදු ගානක් තිස්සෙ පරිස්සමින් තියනව . . . . ඉන් වැඩි හරියක්ම තියෙන්නෙ ලස්සන වසිලීස්සා පොත.
    මාෂා සහ වලහා . . . . ෆට්ට කතාව

    ReplyDelete
  23. රස කතා මගෙ අට වෙනි උපන් දිනේට අම්මා ගෙනත් දුන්නෙ. මම කියවන්න ඇති 100පාරකට වඩා වැඩියෙන්

    ReplyDelete
    Replies
    1. හැක් . . . තවත් රස කතා රසිකයෙක්. ඒ කතා කියවල එපාවෙනව නං ඒක ලෙඩක් බං

      Delete
  24. මමත් අපෙ අත්තම්මගෙන් "මුවන්තිස්ස, යකඩතිස්ස, අලිතිස්ස" කතාව සිය පාරකට වඩා අහගෙන තියෙනවා.කොච්චර ඇහුවත් ආසා හිතෙනවා..
    ඒ වගේම ගොඩක් ආසවෙන් කියවපු පොතක් තමා "ලස්සන වසීලිස්සා". මම කොහොමත් සුරංගනා කතා පොත් කියවන්න ආසයි.. ආ.................... තව මම කියවපු ලස්සන රුසියන් පොතක් තමා "නපුරු පාලකයෝ තුන්දෙනා"

    ReplyDelete
    Replies
    1. පස්වනක් ප්‍රීතියෙන් පිනායනව මෙයා මුවන්තිස්ගෙ කතන්දරේ අහපු තව කෙනෙක් ඉන්නව කියල ඇහෙද්දිත්. මේ මෑතකදිත් මමයි මල්ලියි සෙට්වෙලා ඔය කතන්දරේ මතක් කලා . . කතාව ආවෙම නෑ . . දැනට අවුරුදු 30කට විතර කලිං අහපුවනෙ.

      Delete
  25. අපේ ගෙදරත් මම දන්න කාලේ ඉදන් ලස්සන වසිලිස්සා පොත තියනවා මම කැමතිම ඉවාන් ඉවනුෂ්කාගේ කථාවට

    ReplyDelete
  26. දැත්තගෙයි යාඵවන්ගෙයි හපන්කම්

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .