Thursday, October 6, 2011

පරන චිත්‍රපටයක් බලමුද ???

          මගෙ කුඩාකාලෙ මතකෙ හරි නං . . . . අසූ ගනන් වල අග කාලෙ විතර ලංකාවෙ පොඩි (පොඩි කීවට පොඩිම නෑ) කලබලයක් ගියා එක බටහිර චිත්‍රපටයක් සම්භන්දව. මම නිකමට වගේ අපේ කතන්දර ශූරීන්ගෙන් ඇහුවාම උන්දැනං කීවෙ ඔය කතන්දරේ උනේ 91දි විතර කියල. මේ චිත්‍රපටය සිංහලෙන් හැඳින්නුවෙ "මිනී කන්නන්ගේ දේශය" කියල.
          1978දි ප්‍රදර්ශනය කරන ලද මේ ඉංග්‍රීසි චිත්‍රපටය ඉතාලි නිශ්පාදනයක්. ඉතාලි බසින් La montagna del dio cannibale ලෙස නම් කරන ලද මේ චිත්‍රපටය තවත් නම් කීපයකින් මුදාහැරුනා. The Mountain of the Cannibal God එහෙමත් නැත්නම් Slave Of The Cannibal God කියන නම් වලින් ලොව පුරා හැඳින්වුවත් බ්‍රිතාන්යයේ මුදාහැරුනේ Prisoner of the Cannibal God කියන නමින්.


          ඉතාලියානු cult movie එකක් (සිංහල වචනය සොයාගැනීමට අසමත් උනෙමි) ලෙස සලකන මේ චිත්‍රපටය 1978 සිට 2001 දක්වා බ්‍රිතාන්යයේ තනමට ලක් උනා.

          ඉතිං මොකද්ද මේ චිත්‍රපටයෙ අපිට තියන සම්භන්දය . . .??? මෙය රූගත කලේ ලංකාවෙ . . .  ඩඩ්ලි වානගුරු වැනි ලංකාවෙ නලු නිලියො ‍රැසක් මෙයට රංගනයෙන් දායක වෙනව . . . .  එච්චරද ?????

          නෑ . . .  මේ චිත්‍රපටයේ එන මිනී කන දෙවියන්ගේ කන්ද ලෙස පෙන්වන කන්ද හේතුවෙන් තමයි මේ චිත්‍රපටය මහා ආන්දෝලනයක් ඇතිකරන්නෙ . . .  ඒ කන්ද කුමක්ද කියල නරඹන ඔබම හඳුනාගන්න . . . .


          IMDB රේටින් වල 5.1/10 ක් ලබාගන්න මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Ursula Andress සහ Stacy Keach රඟපෑමෙන් දායක වෙනව . . . 
http://www.retrosexycinema.com/videos/images/11932-114.jpg


          New Guinea හි වනාන්තරයක ගවේශනයකදී අතුරුදහන් වන හෙන්රි නැමති ගවේශකයා සොයා සිය සොහොයුරා සමග පැමිනෙන සූසන් ස්ටීවන්සන් (Ursula  Andress)හට මුහුන දීමට සිදුවන අත්දැකීම් මෙම චිත්‍රපටයටයේ එන කතාවයි. 


          මෙම ගමනේදී ඔවුන්ට උදව් කිරීමට පැමිනෙන මහාචාර්ය එඩ්වර්ඩ් ෆොස්ටර් (Stacy Keach), ඔවුන්ට මුනගැසෙන ස්වජාතිකයින්, මිනී මස් කන ගෝත්‍රිකයින් ආදී විවිධ චරිත සමග ගලායන මේකතාව . . . 


              නිරුවත් දර්ශන සහිත, ගුජුප්සාජනක චිත්‍රපටයක් බව කරුනාවෙන් සලකන්න.

          නිල් චිත්‍රපටයකට ඉතා ආසන්න කතාවක් බැවින් නැරඹීමේදී සිදුවන අපහසුතා පිලිබඳ වගකීම නරඹන්නන් සතුවේ . . . .   







දන්නෙ නැති අයට . . .  Ursula Andress ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේදී



64 comments:

  1. දැන් ඉතින් මේකේ කෙළවරක් දකින්න වෙන්නේ නෑ...... දිගටම දායී මූ මේ වගේ ඒවා.... :D :D :D :D :D :D

    ReplyDelete
  2. මමත් ඩවුන් වෙන්න දැම්මා... අයියත් ඉඳල ඉඳල දෙන්නේ මාර එව්වා තමා...

    ReplyDelete
  3. @අභීත:
    උඹ දන්නවනෙ මචං මං ගැන . . . . මේ . . . මේ ජාතියෙ අන්තිම එක . . .

    @ප්‍රසන්න:
    ප්‍රසිද්දියේ බලන්න එපා . . . බෑවට කමක් නෑ

    ReplyDelete
  4. බාන්න දැම්මා.. සීඩර්ස්ලා 2යි ඉන්නේ... :(

    ReplyDelete
  5. අනේ අර උර්සුලාගේ පින්තුරේ මගේ කොම්පියුටරේ පේන්නේ හොඳම හරිය කලු වෙලා. වෙන එකක් ගන්න ඕන. ඔය අන්තීමට ඉන්නෙ නම් උර්සුලා නෙමෙයි ඇන්ජලීනා ජෝලී කියලයි මම හිතන්නේ.

    තව ලස්සන එකක් කියන්නම් හොයාගෙන බලන්න. "බ්ලූ ලැගූන්" අති සුන්දර නිලියක් වන බෲක් ෂිල්ඩ්ස් ඉන්නේ.

    ReplyDelete
  6. මෙන්න ආයෙමත් ඕනය ඇවිත්.ඔන්න බාන්න දැම්මා.මේකා ලගදිම බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට කෙලියි වගේ.කලින් ෆිල්මුව වගේම පට්ට පහරක් වේවා !! තනියම නරඹන බැවින් අපහසුතා මතු නොවේ...

    ReplyDelete
  7. ෆිල්ම් එක බලලාම කමෙන්ට් එකක් දාන්නම්.

    මාතලන්ට වෙලා තියන වැඩේ පව්...:D

    ReplyDelete
  8. @තාරක:
    සීඩර්ස්ල දෙන්නම මේ මොහොතෙ ලංකාවෙ වෙන්න ඕනෙ

    @මාතලන්:
    මම කලිං දාල තිබුනෙ ජෙසිකා ඇල්බා මෑතකදි කරපු ජේම්ස් බොන්ඩ් ෆොටෝ ශූට් එකක එකක්. . . . මරනෙ උදේ පාන්දරම කිවුව . . . පස්සෙ නිවැරදි කලා . . .
    බ්ලූ ලැගූන් එක ගොඩාක් අය බලල තියනව . . . මට ඕනෙ උනේ ගොඩක් අය නොදන්න පරන චිත්‍රපටයක් ගැන කියන්නයි.

    ReplyDelete
  9. @සිහින:
    බලපං බලපං . . . . මට අවූරුදු 15 විතර කාලෙදි හෙන ගේමක් දීල තාත්තගෙං ඔය පීස් එක උස්සල ගෙදර කවුරුවත් නැති වෙලාවක බැලුවෙ . . . .

    @කුමාරිහාමි:
    බැලුවට කමක් නෑ . . . මට බනින්න එපා
    මාතලන්ට වෙච්ච වැඩේ නං පවු තමා . . . මට ලැබුන ඔරිජිනල් පිංතූරෙ ඔය විදියට කලු කරල නෑ . . . . හැබැයි ඒක දැම්මනං . . . මටත් බ්ලොගේ උඩිංම රංගයගෙ මගේ ලෝකයේ දාල තියන ජාතියෙ අවවාදයක් දාන්න වෙනව

    ReplyDelete
  10. ඔය ඉන්නෙ Ursula Andress නෙවෙයි. ඔය Jessica Alba ( අන්තිම පින්තුරෙ)

    ReplyDelete
  11. අන්න දැන් හරි :)

    ReplyDelete
  12. මම නම් පෝස්ට් එක කියෙව්වෙත් නැහැ.. කමෙන්ට් දමන්නෙත් නැහැ.. මාස ගනනකට පස්සෙ බ්ලොග් එක ලියන්න මතක් වෙලා තියෙන්නෙ ඔය.. අපි මොකටද පැස්ටෝල් පුච්චගෙන මෙව්වට කමෙන්ට් ලියන්නෙ ? කියවන්නයි ලියන්නයි සලකා බලන්නම් ඔය ඉන්න කොදෙව්වෙ විස්තර ටිකක් අප්ඩේට් කලොත් සතියට පෝස්ට් 3-4ක් වත් දමලා..
    ප.ලි. ඔය ෆිල්ම් එක අපි බැලුවෙ බොලාලා ජංගියෙ චූ කර ගන්න කාලෙ .

    ReplyDelete
  13. කතන්දරෙ ඇදුනෙ 90 ගනන් වලදි තමා......

    චී මමනම් ඕක ආයෙ බලන්නෙ නෑ.............:DDDD

    ReplyDelete
  14. මාතලන් ඔය බලන්නම ඕනි නම් ලින්ක් එක තියෙන්නෙ

    ReplyDelete
  15. ඔය මිනී කන්නන්ගෙ දේශය ගැන අපේ රටේ කතාව ගියේ 90 ගනන් වල තමයි.මට මතක විදියට ඒකෙ සොමි, මර්වින් වගේ ඒ කාලේ සිංහල සිනමාවෙ දැවැන්තයොත් රඟ පෑ බවයි මතක. ඒකෙ රූප ගත කලෙත් නුවර ආශ්‍රිත කැලැවක. (මට කැලේ නම මතකයට එන්නෙ නැහැ.)

    මේකෙ ජුගුප්සාජනක දර්ශන තියනවද ? මම ඔය වචනෙ තේරුම හොය හොය හිටියෙ..

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. දෙනවානම් මේන්න ‍ෆිල්ම් පට්ට ඇ.....

    ReplyDelete
  18. Observer said...
    බොගෙ අලුත් රස්සාව හොඳය් වගේ. ආයෙත් බොග දාන්ඩ පටන් අරන් තියෙන්නෙ.

    හැබය් අමතක කරන්න එපා උඹේ කුළුඳුල් පෝස්ට් එකට ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දැම්මෙ කව්ද කියල, මතක නැහැ වගේ නං මෙතනිං ගිහින් ආයෙත් බලහං.

    බලහං, උඹට මේ වගේ ඇඩ් දාල දෙන්න වෙන කව්ද ඉතිං ඉන්නෙ?
    චිත්‍රපටිය බාගෙන බලලම එන්නං ආයෙ කොමෙන්ට්ස් එකක් දාන්න

    ReplyDelete
  19. ආවොතින් ආවේ මේකාගේ නිල් චිත්‍රපටි පොස්ට් එකක කමෙන්ට් එකක් දාන්න ...........

    ReplyDelete
  20. චික් මේ නරක ෆිල්ම් ගැන විස්තර දමලා එව්ව බලලා කරලා අර බෝ පැලේ වගෙ ඉන්න ඔබා අයියත් නරක් වෙනවා මෙතන..

    ReplyDelete
  21. සික් මංනං මේ දහ ජරාව බලන්නේ නැහැ..ඒත් අර පිඹුරෙක් ඉන්න රූපයක් දැක්ක හින්දා ඔන්න ඔහේ බලමු..පිඹුරෙක් දැක්ක කාලයක් මතක නැහැ...

    ReplyDelete
  22. උඹ ඉතින් ඉඳලා ඉඳලා අවාරෙට වැටෙන වැල ගෙඩිය වගේ පෝස්ට් එකක් දානකොට අපිට පුලුවන්ද අහක බලං ඉන්න ?

    උඹව අමනාප කරගෙන බැරි හින්දම ඔන්න මමත් ඔෆිස් එකෙන් බෑවෙන්න දැම්මා

    ළමයි පැට්‍රිකල් කරන පරිගණකේ කියලා බැලුවේ නෑ බෑවෙන්න දැම්මා !

    ReplyDelete
  23. හතර වෙනි ෆොටෝ එකේ අවුලක් ඒක හරියට පේන්නෑ !

    ReplyDelete
  24. @මුහුදු කොල්ලකාරයා:
    හික්ස් . . .

    @වෙනී:
    කමක් නෑ . . උඹ බනින්න හරි ආවනෙ . . . . මේ . . ඇත්ත කියපං . . උඹ මේ ‍ෆිල්ම් එක බලද්දි වයස අවුරුදු 30ක් විතර ඇති නේද ?

    @නිශ්:
    එහෙනං කතන්දර කාරය කියපුදේ හරි
    "ආයෙ" බලන එපා මචෝ. . . උඹ නරක්වෙයි

    @ලකී:
    ඔවු . . දැං ඉන්න අපේ සිනමාවෙ දැවැන්තයො ඔය චිත්‍රපටියෙ පෝටර්ලගෙ චරිත වලට හිටිය.
    මම දන්නෙත් රූගත කිරීම් නුවර ආශ්‍රිතව කලා කියල විතරයි . . හැබැයි ලොකු සීන් වගයක් ඇදුන ඔය කන්ද ගැන නං

    @සාගර:
    ටැංකිවු මචෝ

    @ඔබ්සර්වර්:
    අම්මප අයියෙ . . . අයියට කියන්න . . . . මැක්ස ජොබ් එක. . . සතියටම දවස් දෙකයි වැඩ තියෙන්නෙ . . . . ඒකත් දවසට පැය 4න්, 5න් ඉවරයි
    අනේ . . . මේ මොනව කියනවද . . . . මට අමතක වෙන්නෙ කොහොමෙයි මගෙ පලවෙනි පෝස්ට් එකට කොමෙන්ට් කරල අයිය මට කල උදවුව
    කෝකටත් අයිටම් එක බලලම එන්නකො එහෙනං . . . ඔය අයියල ගැටවු කාලෙ කෙල්ලො නොවැ

    @රොකියා:
    අඩෝ මේව නිල් නෙමේ හරිය . . . . ???? ලා නිල්

    @ආයෙත් වෙනී:
    බෝ . . . කිවුවාම "කාක බෝ" කියල ජාතියකුත් තියනව නේද ලොක්කා ????

    @මාරයා:
    එල එල. . . . බලපං . . පිඹුර රඟපානව දිගට හරහට

    @හිස් අහස:
    උඹලට වගේ අතපය දිගෑරල බැට් කරන්න අපිට හැකියාව නැ බං . . . ඒකනෙ මේ ඉඳල හිටල පෝස්ට් දාන්නෙ.
    බලාගෙන පු‍තෝ . . . . ළමයි පාවිච්චි කරන මැසිමක දැම්ම නං . . . .

    ReplyDelete
  25. ඔය තියෙන්නෙ ඔයාලගේ කාලේ සිත්තර පටි... හික්... ලංකාවත් 88-89-90 කාලේ මීනී කන්නන්ගේ දේශයක් වගේ නේද තිබුණේ.. මටත් මතකයි ඔය ෆිල්ම් එක ගැන පත්තර වල එහම යනවා.. ඒ කාලේ පොඩි එකා නිසා එච්චර තේරුමක් තිබුනේ නෑ... මේක බලල දැන්වත් තේරුම් ගන්න ඕනේ...

    ReplyDelete
  26. ඕකේ රූගත කිරීම් කලේ නුවර උඩවත්ත කැලේ....

    ReplyDelete
  27. අර හොඳම හරිය කලු කරලනේ....

    ReplyDelete
  28. බාන එවුං තනියෙන් බුදි වෙන්න හදන්නැතුං අපි ගැනත් හිතලා අප්ලෝඩ් ඉස්පීඩ් එක වැඩි කරපල්ලා ! ඔෆිස් එක 5 වෙද්දී වහනවා ! තාම සියේට 18

    ReplyDelete
  29. එහෙම වයස බැලුවොත් මන් පස්ට නාකි නෙ බන්z..
    කපුටු බෝ ???
    අපොය් නැහැ..මන් කියන්නෙ ඔබා අයියා ඉතින් රහසින් වත් කුනුහබ්බයක් කියන මනුස්සයෙක් නොවෙච්චි... එහෙව් එකේ මේ වගෙ එව්ව බලල නාක පැත්තකට යොමු උනොත් කවුද ඉතින් වග කියන්නෙ ???

    ReplyDelete
  30. The Mountain of the Cannibal God (1978) - මෙහි රූගත කෙරැණද මෙම චිත්‍රපටය ලංකාවේ තිරගත කලේ නැත. නමුත් කොපි සොයාගැනීමට තිබිණි.

    Eaten Alive! (1980)
    Mangiati vivi! (original title) - මෙය ලංකාවේ රූ ගත කෙරැණු චිත්‍රපටයකි. පසුව මිනී කන්නන්ගේ දේශය නමින් කොපි මෙහි විකිණීමට තිබිණි. මෙහි ආරම්භක දර්ශනය අවුකන පිළිමය අසලින් ආරම්භ වේ. එනිසා මෙය කෙසේවත් ලංකාවේ ප්‍රදර්ශනයකල නොහැක.

    Cannibal Holocaust (1980) - මෙය ලංකාවේ Jungle Holocaust නමින් තිරගත කරන ලදි.

    http://thepiratebay.org/torrent/5781912
    http://thepiratebay.org/torrent/6172255

    ReplyDelete
  31. @පැතුම්:
    එක කාලයක් තිබුන තමයි බං ඒ වගේ

    @නිශ්:
    ටැංකිවු මචෝ

    @බිඟු:
    හික් හික් . . . ඉස්සර මාලිගාවත්තෙ "බංකු" පෙන්නුවෙත් ඔහොමම තමයි

    @සඳරු:
    උඹට අද අනිවා බැරි වෙනව

    @වෙනී:
    අනේ උඹ හොඳ හුරතල් පැටිය නෙ . . . !!
    හික් හික් . . . උඹ කියන කතාව හරි තමා . . . ඔබා රහසිං කුනුහරුප කියන්නෙ නෑ . . . . සද්දෙට කියල මදි පාඩුවට "හොක හොක" ගාල හිනාත් වෙනව

    ReplyDelete
  32. @තිසර:
    මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කරන්න කරපු එකක් නෙමේ.
    Eaten Alive! (1980) කියන්නෙ ඉහත චිත්‍රපටයෙ දෙවනි කොටසක් වගේ හදපු කතාවක්.

    Robert Kerman සහ Janet Agren ප්‍රධාන චරිත නිරූපනය කරපු Eaten alive චිත්‍රපටයෙ කතාව උනේ New Guineaවල කැලෑවකදී අතුරුදන් වන ශීලා මොරිස් (Janet Agren) ගෙ සොහොයුරිය සොයා යන ගමන ගැනයි . . .

    ඇත්තටම කිවුවොත් මම ඊලඟට ලියන්න හිටියෙ මේ කතාව ගැන. . . හික් . . . !!!

    මම ඊට්න් අලයිව් එකට කලින් මවුන්ටන් ඔෆ් ද කැනිබල් ගෝඩ් ගැන ලීවෙ . . . "සැර අඩු" එකකින් පටං ගන්න ඕනෙ නිසා . . . ..

    අනිත් කාරනේ . . . මේ හිත්‍රපට දෙක අතර තියන ප්‍රධානම වෙනස තමයි ප්‍රධාන චරිතය රඟපාන නිලියො දෙන්න . . . .
    Jenet Agren කියන්න උර්සුලා තරම් ජනප්‍රියත්වයක් ලබාගත්ත නිලියක් නෙමේ . . . .

    හැබැයි . . . . .

    Jenet Agren "පට්ට" රඟපෑමක යෙදෙනව 1985දි තිරගත උන . . "RED SONJA" (ආනෝල්ඩ් ලොක්කත් මේකෙ රඟපානව) චිත්‍රපටයෙ . . .

    ReplyDelete
  33. ඔන්න මමත් ඩවුලෝඩ් වෙන්න දැම්මා... ලංකාවේ ගහපු ඉංගිරිසි ෆිල්ම් එකකට මම බලලා තියෙන්නේ ඉන්දියානා ජෝන්ස් 2 විතරයි...

    ReplyDelete
  34. සෙනසුරාදට ඔෆිස් ගිහින් බාගත කරන්නම් කෝ.නැත්තං මගෙ බිල යනවා

    ReplyDelete
  35. මේක මම බලල තියෙයි , චිත්‍රපටියක් නම් තමයි සිනමාවක් නම් නැහැ , ඒ කොයි හැටි වෙතත් රැඟුම් පාලක පෝස්ට් එකක් ඕනයාට දුන්නේ කව්ද ? ඒව ඕට්ටු නැ හරි ..

    ReplyDelete
  36. යකෝ මාසෙටම තියෙන්නෙ 1GB. උඹ කියන්නෙ ඒකෙන් මේක බාන්න කියලද?

    ReplyDelete
  37. @දිනේශ්:
    යකෝ . . . තව කොච්චර තියනවද ලංකාවෙ ගහපු ඉංග්‍රීසි ‍ෆිල්ම්ස් ???

    @මාල්යා:
    බෑවට කමක් නෑ . . . තනියෙං බලන්න . . . හැබැයිඅන්තිමට මට මොකුත් කියන්න එපා

    @බුවා:
    සිනමාවක් නොතිබුනාට මොකෝ . . . උර්සුලාගෙ හෙලුව තියෙන්නෙ . . . .

    @එනමි:
    යූ බටෙං බලපං කෑලි කෑලි . . . .

    ReplyDelete
  38. ඕනයා මේකේ දෙතුන් පාරක්ම මම මෙහෙ ටීවී එකෙන් බැලුවා,,අනේ පේ නිළියෝ කට්ටියක් හරි අපූරු රංගනයක යෙදෙනවා මේකේ

    ReplyDelete
  39. අර ඔබා මාමා කිවා වගේ චිත්‍රපටිය බලලම කොමෙන්ට් එකක් දාන්න වෙයි වගේ. අඩේ ඇන්ඩයියේ, අර කිතුල්ගල දිහා බොරු පාලමක් එහෙම හැදුවේ මේ චිත්‍රපටියට නෙවෙයි නේද ???

    ReplyDelete
  40. ටැංකූ ඈ... බලලම කියන්නම් කෝමද කියලා....

    ReplyDelete
  41. මම ඕක බලලා තියෙනවා. එච්චර ඇල්ලුවේ නම් නෑ. සොමී රත්නායක තමයි මම හිතන්නේ ඕකෙ සහාය අධ්‍යක්ෂණය කරලා වගේ මතක.....! ලංකාවෙ කෙල්ලෝ කීපදෙනෙක්ව හෙළුවැල්ලෙන් නටවන සීන් එකක් ඕකෙ තියෙනවද කොහෙද ......!

    කට්ටියට උදව්වක් විදිහ්ට මගේ සීඩ් බොක්ස් එකේ මේක සීඩ් කරන්නම් 10 Mbps ස්පීඩ් එකකින්.

    ReplyDelete
  42. මමත් ඔය ෆිල්ම් එක බලල නැති උනත් ටිපිකල් සිරි ලාංකිකයෙක් නිසා පට්ට පතුරු ගැහුවා මේකේ හිටපු සිරි ලාංකික නලු නිලින්යවයි උදව් කොරපු සිරි ලාංකික අය හැමෝවමයි . . .

    අපිට ඉතිං මචෝ අපිම බලල හොඳ නරක දැනගන්න ඕන නෑනේ දේකට විරුද්ධ වෙන්න හරි කැමති වෙන්න හරි . .

    මේ පාර වත් බලන්ට ඕන . .

    තැන්කූ ඈ

    ReplyDelete
  43. ලංකාව තුළ Cannibal වර්ගයේ චිත්‍රපට සදහා දැඩි ඉල්ලුමක් පවතිනවා. එයට හේතුව ලෙස මා දකින්නේ ලාංකීය සමාජය තුළ පවතින දැඩි පීඩනය. ඒ වගේම Cannibal සිනමාවද ලෝක සිනමා ඉතිහාසයේ විශේෂිත සංධිෂ්ථානයකි. Forest Slave (1985)
    Schiave bianche: violenza in Amazzonia (original title) සහ The Naked Prey (1966), වැනි චිත්‍රපට විශේෂිත චිත්‍රපට ලෙස සැළකිය හැකි බවයි මගේ හැගීම. ඔබේ ඉදිරි ලිපියකදී පාඨකයන්ට ඒ පිළිබද වැඩි විස්තර ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
    @ගොඩයා
    කිතුල්ගල රූගත කරපු චිත්‍රපටය The Bridge on the River Kwai (1957).
    http://www.imdb.com/title/tt0050212/
    එය සම්මානලාභී චිත්‍රපටයක්. අදටත් එම ස්ථානය සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. අවන්හලක් පවා පිහිටලා තියෙනවා. අනික් කාරණය තමයි චිත්‍රපටය සදහා පාලම හදද්දි ඒ පැත්තේ මිනිස්සු හරියට සතුටු උනාලු. හේතුව ඔවුන්ට ඒ පාලම හැමදාටම පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියල හිතලා. අන්තිමට පාලම පුපුරණ අවශ්ථාවේදී ඔවුන් අඩලා තියෙනවා.
    http://www.vertor.com/torrents/738100/The-Bridge-on-the-River-Kwai-1957-Dvdrip-Xvid-AC3-5-1-RoCK

    මෙන්න ලංකාවේ රූගත කරපු ලැයිස්තුවම මෙතන තියෙනවා.
    http://www.imdb.com/list/qGzUd0A5QxE/

    ReplyDelete
  44. සමාවෙන්න. ඕනයා කියලා එව්වේ ඕක 1978 දී ගියා බැලුවද කියලයි. මං කොහොමද 1978 දී ඇඩල්ට් ඔන්ලි බලන්නේ?

    මං කිව්වේ ඕකේ වීඩියෝ එකකින් මුල් කොටස මං බැලුවේ 1991 දී කියායි. එහෙම කිව්වේ මා එක්ක එතන හිටියා කියල මතක එක පොරක් 1991 සැප්තැම්බර්වල එංගලන්තේ ගියාය කියන මතකය මතයි.

    දිනවකවානු IMDB ඩේටාබේස් එකේ ඇතිනේ.

    උර්සුලා ඇන්ඩෲස් හිටිය වෙන ෆිල්ම් එකක් නං මං දැකලා තියෙනවා, අර විකිරණය මනින උපකරණයක් තියෙන්නේ.

    ReplyDelete
  45. @ඩිලාන්:
    භාව පූර්න රංගනයක් . . .

    @ගොඩයා:
    ඉස්සෙල්ල උඹ බලපං . . . අර දරුවත් ඩවුන් වෙන්නදානවලු . . . පුලුවං නං ඊට කලිංබලපං . . . පස්සෙ මට බනින්න තියාගන්නෙ නැතුව.
    ඒ පාලම හැදුවෙ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන ‍ෆිල්ම් එකට.

    @බස්සා:
    එල එල. . . බලලම හිටිං . . . . "බුවා"ගෙ කොමෙන්ට් එකේ පලවෙනි පේලිය කියවපං මට බනින්න කලිං

    @දුමී:
    හික් හික් . . . .

    @දුකා:
    ගූ මොන රහද කියන්න කාලම බලන්න ඕනෙද ????

    @තිසර:
    ස්තූත්යි විස්තර ටික ලබා දුන්නට සහ අදහස් වලට. නේකඩ් ප්‍රේ කියන්නෙ මම පැටිය කාලෙ බලල එකසිය ගානට බයවෙච්චි ‍ෆිල්ම් එකක්. මම හිතන්නෙත් කැනිබල් වර්ගයේ චිත්‍රපටි සඳහා ලංකාවෙ තියන ඉල්ලුමට හේතුව ඔබ කියූ හේතුවම තමයි කියල. ඔයා කියල තියන විදිහෙ විස්තර එක්ක මට යමක් ලියන්න පුලුවං. . . . ඒත් මට එච්චර බරපතලෙට ලියන්න හිතෙන්නෙ නෑ . . . (ඇයි දන්නෙ නෑ . . . ඒත් මට එහෙම හිතෙනව)

    @කතන්දර:
    විකිරන මනින උපකරනය තියන උර්සුලා ඇන්ඩෲස් ඉන්න ‍ෆිල්ම් එක තමයි බොස් මේක . . . .

    ReplyDelete
  46. මං ඒත් බැලුව මොකද මේ වහින්න වගේ කියලා :D :D

    එල එල බාලම බලමුකො

    ReplyDelete
  47. http://ornaya.blogspot.com/2011/05/blog-post_21.html

    ko meke ithury tika? ? ? ? ? ? ? ?

    ReplyDelete
  48. ඇති යාන්තන්. ඕනයා ලොකු උදව්වක් කලේ. මොකද මේ ‍ෆිල්ම් එක මට Indiana Jones මූවී එකක් එක්ක ටැපලිලා තිබ්බෙ. මේ නම නම් මතක් වුනේම නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  49. @Y2K:
    බලපංකෝ . . .
    ඉතුරු ටික හෙමීට දෙන්නං . . .

    @Dude:
    ඔබෙ සැප මගෙ සතුටයි

    ReplyDelete
  50. කාලෙකින් ඇවිත් තියෙන්නේ . චික් අපි නම් ඔව්ව බලයි. මටත් මතකයි ඔය මිනි කන්නන්ගේ දේශය කියල ෆිල්ම් එකක් ගැන යන්තමට . 91 වෙද්දී ඊට වඩා අලකලංචි වෙලා තිබ්බ හින්ද ඕක හරියට මහක නැහැ

    ReplyDelete
  51. අම්මෝ ඇති ලියලා. ursula "undress" කරගෙන හිටි හරිය වැහුවේ උඹද ? හැදිච්ච කොල්ල උඹ..

    ReplyDelete
  52. ඕනේ අයියා මම මේක බාගෙන බැලුවට කමක් නැහැ නේ?... ලංකාවේ නළු නිලියොත් ඉන්නවැයි කිව්ව නේ... එහෙනම් බලන්නම ඕනි... ටැන්කුයි දැම්මට. :D :D :D

    ReplyDelete
  53. @බින්දි:
    දැං තමා පොඩි නිදහසක් තියෙන්නෙ . . . ආපහු ජොබ් එකේ නෙ . . . ඒකයි

    @සරත් ලංකාප්‍රිය:
    මම තමයි . . . ජයිය දන්නවනෙ මං හැදිච්ච කොල්ල කියල . .

    @අවංක පැට්ටා:
    බලපං බලපං . . . .

    ReplyDelete
  54. මෙවුව බාගන්න ගියාම් තව කුණුගොඩවල් ගොඩක් මගේ ලැපට අතුල්වෙනවනේ.ඉතින් අතරල දැම්ම. ක්‍රමයක් තියේද ඔවුව නැතුව මුවි එක විතරක් ගන්න ? කියපන්කො සහෝදරයා ?

    ReplyDelete
  55. ඊයා නිරුවත් දර්ශන තියෙනවද..... එහෙනම් බාන්නෙයට් නෑ..... නෑ මයි.... චික්.. සීඩර්ස් ල නෑනෙ හරියට

    ReplyDelete
  56. ඔන්න මමත් හා හා පුරා කියලා මේ පැත්තේ ගොඩ උනා. මොකද මම අද වර්කිං ෆ්‍රොම් හෝම්. නෙට් එකේ රවුම් ගහන දවස.

    ඔය ෆිල්ම් එක ගහන දව්ස් මට මතකයි. කන්දේ ඉස්කෝලේ බඩගාන කාලේ. උඩවත්තකැලේ, පල්ලේකැලේ, හාරගම පැත්තේ තමයි ෆිල්ම් කලේ. නුවර ඉඳන් ඉස්කෝලෙට උදේ පයින් යනකොට අපි දකිනවා ෆිල්ම් කෲ එක යනවා ෂූටින් වලට. හැබැයි මම ෆිල්ම් එක බලලා නැහැ. පස්සේ කාලෙක මට මතකයි විනී හෙට්ටි... ගේ කාටූන් එකක් ඔය ෆිල්ම් එක ගැන. සොමී රත්නායකට කැපෙන්න තමයි දාලා තිබුනේ.

    ඊට අවුරුදු දෙක තුනකට පස්සේ වගේ තම්යි Tarzan the Ape Man ෆිල්ම් කලේ. ඒකත් නුවර ෆිල්ම් කලේ. ගන්නෝරුව ගැටඹේ පැත්තේ ෆිල්ම් කරන්කොට නම් බලන්න ගියා. ගඟ මැද තියෙන දූපත්වල තමයි ෆිල්ම් කලේ. අප්පේ බො ඩෙරෙක් ගේ ලස්සන:-)

    මෙතනින් බලාගන්න පුළුවන් ලංකාවේ ෂූට් කරපු ෆිල්ම්ස් http://www.filmlocationservices.lk/

    ReplyDelete
  57. @ජයියා:
    එහෙම වෙන්නෙ නෑ නෙ. . . ඔය යසට බෑවෙන්නෙ . . .

    @පිස්සා:
    හික් හික් . .

    @කැන්ඩියන්:
    ඔය ටාසන් ශූට් එකේදිනෙ ටාසන් වැලක් කඩාගෙන ගහක් පල්ලෙ වැටිල ඔපරේශන් එකක් කරන්නෙ . . . දන්නව නේද අලි හොඬේ කතාව ???

    ReplyDelete
  58. හික් හික් යාන්තම් බලා ගත්තා... ඒ කාලේ දැන් කාලෙට වඩා හපන් නේ බං බැලුවහම.... මේ හැමෝම දැන් කාලෙට බැන බැන ඉස්සර කාලේ වරුණෙ කියෙව්වට... මට හැබැයි තාම හිතා ගන්න බෑ මේ ෆිල්ම් එකේ අරමුණ මොකක් ද කියල....ශෘංගාරෙද? ජුජුස්සාවද? ඇඩ්වෙන්චර් ද? එකක් වත් හරියට නෑ වගේ... (20 අවුරුද්දකට විතර කලින් නිසා ඔය ඇති කියල හිතන්න ඇති මං හිතන්නේ... අපිට මදි උනාට... ) හැමෝම කියන කතාව ඇත්ත... ඉස්සර උන් හොඳයි අපි තමා වල්...

    ReplyDelete
  59. @ඕනයා....."දන්නව නේද අලි හොඬේ කතාව ???"

    නිච්චියක් නෑ නෙව හරියට...කිව්වානම් බලන්ට?????

    ReplyDelete
  60. @පැතුම්:
    ඔය සිනමාවෙ අරමුන මොකද්ද කියල මටත් හරියටම තේරුනේ නෑ . . . හැබැයි බටහිර රටවල හිටි ලිං ගෙම්බෝ ලංකාව ගැන මොනව හරි හිතාගන්න නං ඇති.

    @කැන්ඩියන්:
    මෙතන බලන්න

    ReplyDelete
  61. ඔය කියන කාලයේ ඔය කියන " ජුගුප්සා ජනක" නිරුවත් දර්ශන අඩංගු චිත්‍රපටයක් ලංකාවෙ පෙන්නුව නං මට මග ඇරෙන්න විදියක් නෑ.
    මට නම් මතක නෑ මේක. mountain in the jungle කියල එකක් නං මතකයි

    ReplyDelete
  62. @නිහාල් අයියා:
    මේකම තමයි ඒ . . . . අපේ තාත්ත තාම මේ ‍ෆිල්ම් එකට කියන්නෙ මවුන්ටන් ඉන් ද ජංගල් කියල

    ReplyDelete
  63. ඕනයා, ඹ්නේ කරන දේවලුත් දාලා :)
    මචෝ මම ඉස්කෝලෙ යන කාලේ වගේ අයියගෙන් උස්සලා බැලුව snake island මතක් වුණා ඒකත් වල්ම නැහැ. ගානට වල්..

    ජය ශ්‍රී..

    ReplyDelete
  64. මිනි කන්නන්ගේ දේශය ලෙස හැඳින්වූයේ මේක නෙවේ Further Adventures of a Tennessee Buck

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .