Friday, October 21, 2011
අමාෂි දුවට . . . තාත්තගෙන්
මගෙ දුවේ . . . අද ඔයාගෙ මාස හයේ උපන්දිනේ . . . . තව දවස් තුනකින් ඒ කියන්නෙ ලබන සඳුදා ඔයා ඔයාගෙ පලවෙනි බත් කට කනව . . . . .අම්ම කිවුව දැන් ඔයාගෙ එක දතක් ඇවිල්ල කියල . . . තව . . . ඔයා දැන් බඩගානවලු . . . . තාත්තට ඒ හැම දේම බලන්න ඔයාගෙ ලඟින් ඉන්න බැරිඋනා . . . . මගෙ රත්තරන් දූ . . . . තාත්තත් එක්ක තරහද ??? ඔයා තාත්තත් එක්ක තරහ වෙන්න එපා . . . තාත්ත ඔයාවයි අම්මවයි තනියෙන් තියල වෙන රටකට ගියේ ඔයාට ලස්සනට අඳින්න දෙන්න, ඔයාට රසට කෑම ටිකක් දෙන්න, ඔයාට හොඳට උගන්නන්න . . . . මේ තාත්තගෙ ලංකාවෙ කරපු රස්සාවෙන් කවදාකවත් කරන්න බැරිනිසා . . . . .
තාත්ත කොච්චර ආසාවෙන්ද හිටියෙ ඔයා දනගානව බලන්න . . . ඔයාගෙ පලවෙනි බත් කට ඔයාට කවන්න . . . . තාත්ත ඔයාව පපුව උඩ තියාගෙන දොයි කරවපු හැටි හැමදාම තාත්තට මතක් වෙනව දුවේ . . . . හැමෝම බනිද්දි තාත්ත ඔයාව කරේ තියාගෙන හිටිය ඔයාට මතකද . . .??? ඊට පස්සෙ කාටවත්ම බැරි උනා ඔයාව හරහට වඩාගෙන ඉන්න . . . ඔයාට හැමදාම ඕනෙ උනේ ඔලුව උස්සගෙන කෙලින් වාඩිවෙන්න . . . . ඔයාට මතකද අම්ම බනිනව . . . තාත්ත ඔයාව නරක් කරනව කියල ???? මම දන්නවනෙ මගෙ දූ හොඳ බබෙක් කියල, එයාලට ඕව තේරෙන්නෙ නෑ. ඔයා තාත්තගෙ කරේ වාඩි උනාම හරියටම ඔයාගෙ අත වහලෙ එල්ලල තියන වින්ඩ් චයිම් එකේ ගානට උසයි . . . ඔයාට ඒ වින්ඩ් චයිම් එක අල්ලන්න බැරුව අත දික් කරන් ඉද්දි තාත්ත ඔයාගෙ චූටි අතින් අල්ලල ඒකට ගහද්දි ඔයා සද්ද කරල හිනාවෙනව . . . . . ඔයාට මතකද චූටි දුවේ . . . .??? තාත්තටනම් හැමදාම මතක් වෙනව . . . . .
ඔයා තාත්තගෙ උකුලට වෙලා තාත්තගෙ ලැප් ටොප් එක දිහා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉද්දි අම්ම විහිලු කරනව . . . දුවටත් තාත්තට වගේ බ්ලොග් අමාරුව හැදිල කියල. මතකද තාත්ත ඔයාට බ්ලොග් එකක් හදනව කියල අම්මගෙන් හොඳටම බැනුම් ඇහුව . . . . .???
මේ තාත්තට ආයෙ ගොඩාක් කාලෙකට ඒ දේවල් දකින්න බැරිවෙනව මගෙ රත්තරන් දුවේ . . . . මට සමාවෙන්න මගෙ රත්තරන් දුවේ . . . . මේ පවුකාර තාත්තට ඔයාගෙ කරට පංචායුදයක් දාන්න බැරි උනා ඔයාට මාස හයක් වෙලත්. ඔයාගෙ අම්ම ඔයාට පලවෙනි බත් කට කවන්නෙ නය වෙලා දුවේ . . . ඒ හැම දෙයක්ම උනේ තාත්ත එයාගෙ යාලුවන්ට උදවු කරන්න ගිහිල්ල . . . . . හැමෝටම උදවු කරපු දුවගෙ තාත්ත ජීවිතේ පලවෙනි වතාවට අසරන වෙලා දුවේ . . . .
තාත්ත ඔයාට ගොඩාක් හොඳ දේවල් උගන්නන්න හිතාගෙන හිටිය. මිනිස්සුන්ට, සත්තුන්ට වගේම ගහ කොල වලටත් ආදරය කරන හැටි . . . අනිත් අයට උදවු කරන හැටි . . . . මනුස්සයෙක් වගේ ජීවත් වෙන හැටි . .. . . . මොන කරදරයක්, දුකක් ආවත් හිනා වෙන හැටි . . . . .
ඒත් . . . . තාත්ත වැරදියි මගෙ රත්තරන් දුවේ . . . . . ඒ හැම දෙයක්ම වැරදියි . . . . අපිට ඉන්නෙ අපි විතරයි . . . . වෙන කවුරුවත්ම නෑ ... . . . .
තාත්ත ඒ ඇත්ත මීට කලින් ඉගෙනගත්ත නම් . . . . අද මගෙ රත්තරන් දූ දොයියන්නෙ තාත්තටයි අම්මටයි මැද්දෙ . . . . හෙට දූ ක්ලීනික් යන්නෙ තාත්තයි අම්මයි එක්ක . .. . . හෙටත් මගෙ දූ තාත්තගෙ කරේ නැගල දොර ගාව තියන වින්ඩ් චයිම් එක එක්ක සෙල්ලම් කරයි . . . . .තාත්තගෙ උකුලෙ වාඩි වෙලා තාත්තගෙ ලැප් ටොප් එක එක්ක සෙල්ලම් කරයි. . . . . . උදේම තාත්ත එක්ක පාරට ගිහින් කුරුල්ලො බලයි . . . . .
තාත්තට සමාව දෙන්න රත්තරන් දුවේ . . . . තාත්ත වැරදියි . . . . .
ප.ලි.
අවුරුදු 34ක ජීවිත කාලය තුල ප්‍රථම වතාවට මානසිකව ඇදවැටුනෙමි. කෙතරම් අසරණවීදයත් . . . . නාන කාමරය තුලට වී ඇති වෙනතුරාවට හැඬුවෙමි.
මේ සටහන මා පෙලෙන පීඩනය පිටකර ගැනීමට විනා වෙන කිසියම් හෝ ආකාරයක අරමුනක් වෙනුවෙන් ලියූවක් නොවේ.
Subscribe to:
Post Comments (Atom)
කියන්න තියන දේ වචන වලට පෙරලා ගන්න අමාරුයි.ඇත්තටම ඇස් වලට කදුලු ආවා.අමාෂි දුවට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න කියලා මම පතනවා....
ReplyDeleteඒත් මට දෙයක් හිතෙනවා...
දරුවෙක්ට තාත්ති ගේ උනුහුම ඕනි කරන කාලේ ඒක අඩු නැතිව දෙන්න ඕනි.එහෙම නෙවි උනොත් පොඩි උන්ට ඒක ගොඩක් බලපානවා.මම දන්නෑ මේක කොයි තරම් දුරට හරිද කියලා.ඒත් මම මේ දේ කියන්නේ මගේ අද්දැකීමෙන්.
මගේ තාත්ති අද වෙනකොටත් ඉන්නේ වෙන රටක.මම පුංචි කාලෙත් එහෙමයි.මට ඒ අඩුව හොදට දැණුනා.
පුලූවන් නං දෝනිවයි දෝනිගේ අම්මිවයිත් අයියා ලගට ගන්න.
ඕනේ අයියේ උබ බස් එකට ඇවිත් බ්ලොග් පෝස්ට් එකක් දැම්මා කියපු හින්දා එතන කතාව නවත්තලා මම පෝස්ට් එක බලන්න ආවා,,මේක මටත් මාර විදිහට වැදුනා...උබේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වෙන්න කියලා පතනවා,,දූටත් යහපත් අනාගතයක් ඉටු වෙන්න කියලා පතනවා...
ReplyDeleteමචෝ හැකි ඉක්මනින් 3නා එකට ඉන්න ට්‍රයි කරපන් දූට තේරෙන්න ගන්න ඉස්සල්ලා...මගේ අත්දැකීම් වලින් මම මේ කිව්වේ...
ඕනය... උඹ අපිවත් අඩෝනව... මචං මට මගෙ පොඩි එකා ඉපදිලා, ICU එකේ වෙන්ටිලේටර් මැසිමට හයි කරල තියෙද්දි උගෙ අම්මව ඒවට මූණදෙන්න තනියම දාල නිවාඩු නැති නිසා ආපහු එන්න උනා... ඒ මොකවත් නෙමෙයි රස්සාව නැතිවුනොත් එතනින් එහාට දේවල් කරන්න කෙනෙක් නැති නිසා... ඉතින් මචෝ ඔය දුක විඳින පලවෙනි එකා වත් අන්තිම එකාවත් උඹ නෙමෙයි...පොඩි එවුන්ට වඩා හොඳ හෙට දවසක් දෙන්න වගේම අපි විඳපු දුක් නොවිඳින්න දෙන්න හිතා ගනින්...මගෙ කොල්ලට දැන් අවුරුදු 5කට කිට්ටුයි... අන්තිම අවුරුදු දෙකම මට ඌ ලඟ ඉන්න බැරි වුනා... හිතපන්කො කොලු පැටියෙකුගෙ හුරතල්ම කාලෙ...
ReplyDeleteඇස් දෙකට කඳුළු ආවා ලිපිය කියෙව්වම . බස් එක ඇතුලට වෙලා අපිත් එක්ක විහිලු කර කර හිටියට මොනතරම් දුකක් හිතේ තියාගෙන ඉඳල තියනවද..කමක් නෑ ඕනයා ..හැමදාම ඔහේ ඉන්නේ නෑනේ.. ඔයා ගියේ එයාල නිසානේ ගිය කාරණාව ඉටු කරගෙන එන්න. ඉන්පසු හැමදාම දුව ලඟනෙ .. ජය පතනව..
ReplyDeleteහැමදාම අපිව හිනස්සවල , හිනස්සවල මොකද්ද මේ උඹ කලේ ? උඹ හිතා ඉන්නෙ අපි ඉන්නෙ උඹ එක්ක හිනා වෙන්න විතරයි කියල නම් උඹට බොහෝම වැරදිලා මල්ලි...එහෙනම් හොඳට බලා ගනින් !
ReplyDeleteජීවිතේ කියන්නෙ හැමදාම කාරුණික හෝ අකාරුණික දෙයක් නොවෙයි ! ඔය විඳින දුකම සතුටක් වෙලා උඹලගෙ ජීවිත උඩින් දෝරෙ ගලල යාවි ! අපි හැමෝම අපේ ප්‍රියතමයන්ගෙන් ඈත් වෙලා විඳින මේ දුක කාට කියන්නද ? ඒ දුකම ශක්තියක් කර ගනින් ඔය මානසික පීඩනය අභිබවා යන්න.. අඬපං මල්ලියෙ ඕනි තරම්, මන් වගේ. දුක හේදිලා යනවා ඔය කඳුළු එක්කම..ජීවිතයට ශක්තියක් වෙනවා ඒ කඳුළු කැට. අත්දැකීමෙන් කියන්නෙ ..උඹට තුන් දෙනාටම ජය !
මාත් ඔහොම දවසක පිටරටක ටෙලිෆෝන් බූත් එකක් ලඟ බංකුවක වාඩි වෙලා අඬලා තියෙනවා.
ReplyDeleteඕවා හොද්දකට ලුනු, මිරිස්, ඇඹුල් වගේ ජීවිතේට ඕනෑ අනිවාර්ය අංග. ජීවිතේට පන්නරය එන්නේ මේ වගේ දේවල් වලින්.
ලුනු නැති හොද්දක මොන රසක් ද හලෝ?
මචං ඕනේ...
ReplyDeleteඑක්කෝ ඕන නැහැ...
ඔහොම තමා අයියා... දැන් හිත සනීප වෙලා ඇති කියලා හිතනවා.
ReplyDeleteදුක හිතෙන කතාවක් ඕනේ අයියා.
ReplyDeleteඅර ප්‍රසන්නයා කිව්වා වගේ දැන් සනීප වෙලාද
අනේ මන්ද මං දැන් දැනගත්තෙ ඕන මැන්ටල් තුමා රට කියල...අර වගේ ලස්සනට ඡායාරූප ගනිපු විශිෂ්ඨ කලා හැකියාව තියෙන අයට මේ රටේ හරියට සැලකිල්ලක් නෑ...
ReplyDeleteමං හිතන්නෙ දැන් ඔනෙගෙ දුක පොඩ්ඩක් සේප් වෙලා ඇති..පෝස්ට් එක දැල තියෙන්නෙ රෑනෙ..දැන් උදේ...
මට කියන්න වචන නෑ බං අයියෙ. උදේ පාන්දර මගෙ ඇස් වලට කඳුළු ගෙනාවා මේක කියවලා. හිතෙන් වැටෙන්න එපා අයියෙ. දුක හැමදාම අපි ළඟ නෑ.
ReplyDeleteදුෂ්කරය කියා
හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමු
හෙට මලක් වනු පිණිස.
අනේ පව්. මට අප්ප්ච්චි මතක් වෙලා ඇහැට කඳුලුත් ආවා. අප්පච්චිලා ඔහොම තමා. දුවලට හරී ආදරෙයි. දුවලත් අප්පච්චිලාට ඒ වගේමයි. ඒ හන්දා දුක්වෙන්ට දෙයක් නෑ. ඔය දෙන්නට දවසක එකතුවෙලා මේ අතීතය මතක් කරලා හිනාවෙන්ටත් පුලුවන්වෙයි.
ReplyDeleteකවද හරි දවසක, චූටි දූ දීගෙක යනවෙලාවෙදි, එයාගේ අත ගන්න කුමාරයට මතක් කරලා දෑවැද්දට මේ පෝස්ට් එකේ කොපියකුත් රාමු කරලාම දෙන්ට. අපි එයාට මෙච්චර ආදරේ කලා. මෙන්න සහතිකේ. දැන් ඔයාගේ වාරේ කියලා.
අඩේ ඕනේ අයියේ, ඇඬුනා බං. මේක කියවපුවහම මට මතක් වුනේ මගේ ළමා කාලය. මම උපන් දා ඉඳං මේ ඊයේ පෙරේදා වෙනකම් අපේ තාත්තා හිටියේ රට. ගිය මාසේ තමයි ලංකාවට ආවේ. හැබැයි ඉස්සර හැම අවුරුද්දකම අපිව බලන්න එනවා මාසෙක නිවාඩුවකට. පොඩි කාලේ අනිත් ළමයින්ගේ තාත්තලා ඇවිල්ලා ස්කෝලෙට ගෙනත් ඇරලද්දී මම බලන් හිටියේ දුකෙන් සහ පුංචි ඊරිසියාවකින්. ඒ විතරක් නෙවෙයි තාත්තත් එක්කත් තරහ එනවා ඒ වෙලාවට. ඇයි පොඩි කාලේ ගුරුදෙගුරු සමිතිවලට තාත්තලා එද්දී, ස්කෝලේ ශ්‍රමදාන වලට තාත්තා එක්ක යන්න වෙද්දි මට දැනුන අසරණකම ඒවා තාමත් එහෙම්මම මතකයි මට. හැබැයි ඔය හැම අඩුවක්ම වහන්න බැරි උනත් අපේ අම්මා පුළුවන් උපරිමයෙන් ඒ අඩුව මැකුවා. මම ටික ටික ලොකු වෙද්දි, යමක් කමක් තේරුන් ගන්න පුළුවන් වෙද්දි මට පෙනුනා අම්මයි තාත්තයි දෙපැත්තේ ඉඳන් මොනතරම් ලොකු යුද්ධයක් කරනවද කියලා. ඒ හැම දේම කලේ අපිට ඕනකරන දේවල් නෑ බෑ නොකිය දෙන්න ඕනේ නිසා. අනික කවදාවත් ඉල්ලපු දෙයක් නොදී හිටියේ නෑ. ඔක්කොමත් හරි මම තනියෙන් පිටරටක ජිවත් වෙන්න පටන් ගත්තට පස්සේ තේරුනා රට ඉන්න එකේ සනීපේ. එතකොට තමයි මට හොඳාකාරවම තේරුණේ තාත්තා මොනතරම් කැපකිරීමක් අපි වෙනුවෙන් කරලද කියලා. ඒ සියලුම දේවල් කලේ අපිට හොඳම දේ දෙන්න. මගේ තාත්තත් උඹ වගේම යාළුවන්ට බැලුවා, නෑදෑයන්ට යුතුකම් කරා. සමහර යාළුවෝ නම් අපිට බැරි වෙලාවල්වලට උදව් කරපු බව මම දන්නවා. වැඩිපුර හිටියේ අරන් මාරු වෙච්ච අය. එහෙම නැති උනා නම් හැමදාමත් අපේ තාත්තා ළඟ තියාගන්න තිබ්බා. දැන් ඉතින් ගිය දේ ගියා. හැබැයි අද අපේ තාත්තා අපි දිහා බලලා සතුටු වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඉතින් ඒ වගේ උඹ කරන කැපකිරීම් වල ප්‍රථිඵල දකිද්දී උඹ ඔය ඇඬුවට වඩා හයියෙන් හිනා වේවී අයියේ... එදාටත් අපේ ඇස් වලට අද වගේම කඳුළු ඒවී. ඒ සතුටට.... උඹලා තුන් දෙනාටම වරදින්නේ නෑ අයියේ.... කඳු වගේම පල්ලම් හම්බ වෙනවා..... පොඩි එකීට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව......
ReplyDeletewelcome to the board...thathala ammala unaama mewath vidala thiyenna one....these incidents will guide us...
ReplyDeleteමේ පෝස්ට් එකේ ඇතැම් කරුණු වලින් එක දෙයක් මම දකිමි. ඒ අඳුරු වලාවක රිදීරේඛා ඇඳෙමින් පවතින බවකි. සතුටුයි.
ReplyDeleteමල්ලී මගේ දුව ගැනත් ලියන්නම් දවසක. ඒ දව්ස ඉක්මනට එනවා. මේ ලෝකෙ තියන පුදුම සැපක් තමයි දූදරුවෝ හිතන්න එපා. අපි දුවව බලන්නම්. ඕනෙ වෙලාවක අපි බ්ලොග් කරුවෝ ඉන්නවා. ඔබ දුවගේ අනාගතය ගැන බලාගන්න. ජයම වේවා චූටි දියණියට. මල්ලි නංගිට කියන්න ඕනෙම වෙලාවක අපිට කියන්න කියලා ඔනෙ දෙයක්. අපේ වෙදහාමිනේයි මමයි ඉන්නවා. මගේ දුවගේ කථාව දැක්ක දිනක ඔබ නැවතත් අඬයි. ඔබට ජය වේවා! හැම දේම හරියනවා. මම ඒක අදැකීමෙන් දන්නවා.
ReplyDeleteමේවට නම් කියන්න දේවල් දන්නෙ නෑ බන් ඕනෙ අයියෙ...
ReplyDelete:(
ReplyDeleteඕනයෝ. උඹේ බ්ලොග් පෝස්ට් එක කියවලා මට ඇත්තටම පුදුමාකාර දුකක් ඇතිවුනා. අපිට ඉන්නෙ අපි විතරක් බව තේරුම් ගත්ත එකම එකා උඹ විතරක් නෙවෙයි. අපිත් මේ අවුරුදු දහයක් තිස්සෙ මෙහෙ ඉන්නෙ ආසාවට නෙවෙයි.
ReplyDeleteඉතින් උඹ මේ කරපු කැප කිරීමෙ නියම ඵල නෙලාගන්න නම් ඔක්කොම දමලා ගහලා ගෙදර ගියොත් බැරි වේවි. කාගෙන ඔය හිටිය වගෙ ඉතුරු ටිකත් ඉඳපං.
අනික මාස තුනකින් උඹට පුලුවන් නීත්‍යානුකූලව ඔය දෙන්නව උඹ ඉන්න තැනට ගෙන්නා ගන්න. එතකොට ඔය ප්‍රශ්නෙන් 75%ක්ම විසඳිලා.
මම මේ කියන්නෙ මීට කලිනුත් එකෙක් දරුවව මතක් වෙලා ඔක්කොම දමලා ගහලා ගිහින් කබලෙන් ලිපට වැටුන නිසයි.
henryblogwalker the Dude
kohoma hari hama deema hoda athakata harenna kiyala vsh karanawa ayya! :) jivithee duka sathuta dekama thiyanwa! mmm! lassana babek! :)
ReplyDeleteමටත් මගෙ සමින්දටත් තියෙන්නෙ ඔය වගේම අත්දැකීමක්.මට පුතා ලැබෙද්දිවත් සමින්ද ළග නෑ.සමින්ද පුතාව දැක්කෙ අවුරුද්දයි මාස11ට පස්සෙ.ඒ නිසා ඔය දුක ගැන මම තරම් වෙන කවුරුවත් දන්නෙ නැතිව අැති.අපි කාටත් ? තියෙනවනෙ.ඒ ගැන කියන්න ගියොත් මෙක බ්ලොග් ඒකක් වෙයි.හිත හදාගන්න අද කැපකරන්නෙ දුවගෙ හෙට වෙනුවෙන් කියල.
ReplyDeleteඕනයෝ. උඹේ බ්ලොග් පෝස්ට් එක කියවලා මට ඇත්තටම පුදුමාකාර දුකක් ඇතිවුනා. අපිට ඉන්නෙ අපි විතරක් බව තේරුම් ගත්ත එකම එකා උඹ විතරක් නෙවෙයි. අපිත් මේ අවුරුදු දහයක් තිස්සෙ මෙහෙ ඉන්නෙ ආසාවට නෙවෙයි.
ReplyDeleteඉතින් උඹ මේ කරපු කැප කිරීමෙ නියම ඵල නෙලාගන්න නම් ඔක්කොම දමලා ගහලා ගෙදර ගියොත් බැරි වේවි. කාගෙන ඔය හිටිය වගෙ ඉතුරු ටිකත් ඉඳපං.
අනික මාස තුනකින් උඹට පුලුවන් නීත්‍යානුකූලව ඔය දෙන්නව උඹ ඉන්න තැනට ගෙන්නා ගන්න. එතකොට ඔය ප්‍රශ්නෙන් 75%ක්ම විසඳිලා.
මම මේ කියන්නෙ මීට කලිනුත් එකෙක් දරුවව මතක් වෙලා ඔක්කොම දමලා ගහලා ගිහින් කබලෙන් ලිපට වැටුන නිසයි.
henryblogwalker the Dude
උඩ කමෙන්ට් එක හතර වතාවක් වැදිලා මොකද මේ නෙට්වර්ක් එක ස්ලෝ නිසා. අනෙ මකලා දාපං.
ReplyDeleteමට ඒත් මදි කියපු ටික. මේ කියන්නෙ ඕනයාට නෙවේ. කොමෙන්ට් ලියපු අනිත් සොහොයුරන්ට සහ සොහොයුරියන්ට. අපි ඔක්කොටම කවදාහරි හොඳ දවසක් උදාවේවි. දැනට ඔය දෙන්නට ඕනයා ලඟට එන්න තියෙන බාදක මොනවද කියලා බලමු. මොනවා දාල එන්න බැරි වුනත් පවුලක් එකට ජීවත් වීමත් ඉතාම අත්‍යාවශ්‍ය දෙයක් . අපිත් මුලදි කල්පනා කලා මෙච්චර අමාරුවෙන් හදාගත්ත ගේ දොර වහලා එන්නෙ කොහොමද කියලා. නමුත් අන්තිමේදි ඒ තීරනය අපි ගත්තා.
තාත්තා කෙනෙක්ගේ හිතේ මොන තරම් ආදරයක් තමන්ගේ දරුවා ගැන තියනවද කියලා දන්නේ තාත්තා කෙනෙක්ම තමයි. අයියාගේ පෝස්ට් එක කියෙවුවාම ඇස් දෙකට උණපු කඳුළු නතර කර ගන්න බැරි වුණා. ඉක්මණටම අක්කාවත්, දූ පැටියාවත් අයියා ළඟට ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඇස් දෙකට කඳුලු ආව බන්... ඇත්තටමයි... හැමදාම කුනුහරුපයක්... පිස්සුවක් කියවන උබ මෙහෙම දෙයක් දැම්මම... මොනවද බන් මම කියන්නේ...
ReplyDeleteඋබ ඔය කට්ට කන්නෙ කෙලි පැට්ටගෙ අනාගතේ වෙනුවෙන්... උබල 3 දෙනා වෙනුවෙන්... ඉවසගෙන ඉමු නේ අයියේ... ටික කාලයක් ගිහිල්ල පුළුවන් නම් අක්කවයි කෙලි පැට්ටවයි ගෙන්න ගන්න බලපන්... පුළුවන් කමක් තියෙනවානම්...
හැඟීම් බුද්දිය අතර අතරමං වෙන අවස්ථාවක්..
අපි හිතුවේ ඕනයට පුළුවන් අපිව හිනස්සන්න විතරයි කියල . එච්චර දුක් වෙන්න එපා . ලස්සන චුට්ටියෙක් ඉන්නේ . ටිකක් දුරයි. ඒත් ටික කලකටනේ . තුන් අපිට අපි විතරයි කියන එක නම් ඇත්ත . ඒත් තුන්දෙනා සනීපෙන් ඉන්න එක ගැන හිතන්න . මේ වෙන්වීම නිසා කවද හරි ලංකාවට ගියහම තාත්තයි දුවයි වඩා ලංවෙයි. පාඩමක් ඉගෙන ගත්ත නේද . ඒකත් ලැබුන හොඳ අවස්තාවක් කරගන්න මිනිස්සු තේරුම් ගන්න . අම්මල විතරක් නෙමේ තාත්තලටත් අඬන්න පුළුවන් . පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදිද කියල හිතෙනවා මේවා දකිද්දී . පංචායුධ මොකටද . ඇයට කියල දෙන්න හිත හය්ය කරගන්න ... හැකි තරම් ඉගෙන ගන්න . පොත පත කියවන්න . දුවල ලඟදි තාත්තල හරි සංවේදියි . ලෝකෙටම පිප්පුවත් ගෙදර ඇවිත් දුවල ලඟදි ඕන ලොක්කෙක් පුස් පැටව් වගේ . සමහර විට දුවල දුර්වලයි කියල තාත්තල බයයි දෝ මන්ද එයාලගේ අනාගතේ ගැන . හැබැයි අපි හිතනවට වඩා දුවල ශක්තිමත් . පස්සේ කාලෙක අද කවන්න බැරි වෙන වෙන බත් කට වෙනුවට බබාට කවන්න ඕන තරම් අවස්ථා එයි . අපෝ ඕක හරි අමාරු වැඩක් .
ReplyDeleteළමයි අතරමන් කරලා දාන දෙමාපියෝ ඉන්න ලෝකෙක ඔබ වැනි තාත්තල දැක්කම හිතෙනවා මේක එච්චර අඳුරු නැහැ කියල .
අර පොඩි කුමාරි කිව්වා වගේ දිග යන දවසට මනාලයාට මේ ලිපිය දෙන්න .
දු පැටියටත් අම්ම තාත්තටත් සුබ අනාගතයක් .
ප.ලි.
එක ගෙදර හිටියත් ගොඩක් තාත්තල ගෙදර එද්දී ළමයි නිදි . සමහර විට සති අන්තෙත් වැඩ කරන්න වෙනවා . ඉස්කෝලේ පැත්ත පළාතේ යන්න විදිහක් නැහැ . ළමයින්ගේ වයස පන්තිය හෙමත් අමතක වෙන්න හැකි . බොහෝ තාත්තලාගේ ජිවිත එහෙමයි . ඒත් ඔවුන් දරුවන්ට ආදරෙයි
එක අතකට මටනං සංතෝසයි...
ReplyDeleteසමහර උන් ඇහැරෙන්න ඔය්ටත් වඩා පරක්කු වෙනවා...උඹට කල් තියෙනවා...
ඊ ළග කාරනේ...
"තාත්ත ඔයාට ගොඩාක් හොඳ දේවල් උගන්නන්න හිතාගෙන හිටිය. මිනිස්සුන්ට, සත්තුන්ට වගේම ගහ කොල වලටත් ආදරය කරන හැටි . . . අනිත් අයට උදවු කරන හැටි . . . . මනුස්සයෙක් වගේ ජීවත් වෙන හැටි . .. . . . මොන කරදරයක්, දුකක් ආවත් හිනා වෙන හැටි"
මේකේ අන්තිම වාක්‍යය උඹ කොහොමද දරුවට කියා දෙන්න හිතං ඉන්නේ..?
දරුවන්ට සැප දෙන්න කියල ගිහින් දුක් විඳින ගොන්නට උඹත් වැටුනා. ඔය දුකම මම කලක් වින්දා. එතකොට මල ඉලවු රස්සාව දමල ගහල ආපහු එන්න හිතුනත් යථාර්තය තිත්තයිනේ.. එකට මුණ දෙන්න වෙනවා. පුළුවන් ඉක්මනින් බිරිඳත් පැටියාත් ලඟට ගැනීමට උඹට වාසනාව ලැබේවා කියල මන් පතන්නම් මලේ..
ReplyDeleteමමත් ලබපු අත්දැකීමක්.. ඔව්වා ඔහොම තමයි බන්.. උඹ අඬපු එක නියමයි. ග්‍රේට්. අපේ උන් හිතන්නේ පිරිමි අඬන්නේ නෑ කියලා.. උඹ සමහර විට රට එන්නත් ණය වෙන්න ඇති. අර එකෙක් කිව්වා වගේ. හම්බ කරන දේ ඉතුරු කරන් ඉක්මනට එකතු වෙන්න බලපන්. දුවා තනියෙන් හදන්නත් හොඳ නෑනේ.. හෙහ් හෙහ්....
ReplyDeleteමමත් අමාරුවෙන් ඉන්නේ.. ඒත්.. බයවෙන්න එපා.. අපිටත් දවසක් එයි.. විශේෂයෙන් උඹ වගේ හිත හොඳ මිනිස්සුන්ට..
ඇති වෙන්න අඬපන් මල්ලි.. මගේ උරේ උඩ..
දු තවම පුංචි, ඒත් තාත්තා දැන් හැඩිදැඩි තලස්තෑනි කෙනෙක්. පිරිමි පිටතින් බැලුවම කන්දක් වගේ... ඒත් තමන්ගෙ දරුවන් නිසා කෙන්දක් වගේ සිහින් වෙන්න එයාලට පුලුවන් බව මම හොඳටෝම දන්නවා...
ReplyDeleteපිරිමි හිතක මේ වගේ සිතුවිලි ඇතිවෙනවා , මේ වගේ අඬනවා දුක් වෙනවා කියලා හංගන්නෙ නැතිව කියන්න පුලුවන් එකත් කොයි තරම් දෙයක් ද.
අපේ ගෙවල් පැත්තෙත් ඔය වගේම තාත්ත කෙනෙක් අපි ඉදිරිපිටම ඇඩුවා....ඒ තාත්තා තමන්ගෙ දෝණි ඉපදෙන්න ඉන්න කොටම රට ගියා.. දෝණිව දැක්කේ අවුරුදු පහකට විතර පස්සේ.මට මතක හැටියට මොන්ටිසෝරි යන කාලේ. ස්කයිප් තියා ඉන්ටනෙට් වත් ගමට ඇවිත් නැහැ ඒ කාලේ.
ඒ තාත්තා අවුරුදු පහකට පස්සෙ එන කොට , පැල්පතක් වෙනුවට හොද ලොකු ගෙයක් හැදිල තිබ්බා... ඒත් ඒ ඔක්කම සුන් වෙලා යන්න තරම් දුකකින් ඒ තාත්තා ඇඩුවා.
තාත්තට දුවත් දූට තාත්තවත් අදුරගන්න බැහැ. දරුව ගෙට දිව්වෙ .“අම්මෙ කවුද ඇවිත් “ කියාන.
ඒ අතින් ඔයාල හරිම වාසනාවන්තයි.අඩු තරමේ දෝණි දවසින් දවස ලොකු වෙනව , ඇවිදිනව බත් කනවා හිනා වෙනවා දකින්න ඔයාට පුලුවන්.....
ඔබ වැනි පියෙක් මෙවැනි දුවකට වාසනාවන්
ණය ගැන කතා කරනව නම්.අපි කවුරු කවුරුත් කාට කාටත් ණයයි....
ReplyDeleteහොඳ හිත විතරක් ඉතිරි වෙලා , මුළු ලෝකෙටම ණය වුන මින්ස්සු කොයි තරම් ඉන්නව ද ?
ඔයා ණය නොවුවනත් අද ඉපදෙන හැම ළමයම ලෝක බැංකුවටත් ණයයි....
ඒක කීවේ හිනා වෙන්න...හිනා වෙයි ද මන්දා...
ඇස් වල කඳුළු අයියේ.... කියන්න දෙයක් හිතාගන්න බෑ.. මේ ලිපිය හොඳටම වැදුනා.අක්කයි දුවයි පරිස්සමින් ඉඳි අයියේ.. ඔයාත් පරිස්සමින් ඉන්න.. ඔයාගේ හැම ප්‍රාර්තනාවක්ම ඉෂ්ට වෙන්න කියලා පතනවා..
ReplyDeleteපලවෙනි කමෙන්ටුවෙන් උපුටා ගත්ත මේ කොටස විතරක් මම කියන්නම්
ReplyDelete//පුලූවන් නං දෝනිවයි දෝනිගේ අම්මිවයිත් අයියා ලගට ගන්න.//
මේකට කමෙන්ට් එකක් විදිහට මොනවා ලියනවද කියලා මට හිතා ගන්න බෑ.. ඇත්තමයි හිතට දැනුනේ ලොකු වේදනාවක්.. කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවෙනවා අයියේ.. දරුවා වෙනුවෙන් ආදරණිය බිරිද වෙනුවෙන් හිත ශක්තිමත් කර ගන්න.. හැම දෙයක්ම හොද විදිහට අවසන් වේවි..
ReplyDeleteසිය පාරකට වඩා කියෙව්වා.. දාන්න කමෙන්ට් එකක් නෑ මචන්... සමාවියන්....
ReplyDeletekathai!!!!
Deleteහුත්තිගේ පුතා
Deleteමමත් ඔය වගේම හිතින් දුක් විඳින තාත්තා කෙනෙක්.. මට ඔය වේදනාව හොඳට තේරෙනවා මචං...හිතට ධෛර්ය ගනින්... උඹට වරදින්නේ නැහැ...අපි මේ හැමදේම කරන්නේ අපේ දරැවන් වෙනුවෙන්.. එයාලට හොඳ ජීවිතයක් දෙන්න...අපි හරියට බඩට කන්නේ නැතුව... පාර දිගට තියන පීසා කඩ, මැක්ඩොනල්ඩ්ස් දිහා බලාගෙන බඩගින්න විඳගෙන ගිහින් මොනවා හරි දෙයක් හදාගෙන කාලා නිදයන ජීවිතේ මං දන්නවා...උඹට ජය !!!!!
ReplyDeletehttp://jbasnayaka.blogspot.com/2011/07/blog-post.html
මේකත් බලන්න...
දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ....ජය සතුට සැනසුම ඉක්මනින්ම ලඟා වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
ReplyDeleteප.ලි.-දෝනිට නම කියන්නේ නැතුව මගේ දෝනි කියන්ඩකෝ.වෙන දෝනිල නැනේ.ජය!
ඕනමැන්ටල්ගේ රියල් සැන්ටිමෙන්ටල් කතාවක්...
ReplyDeleteමේක කියෙව්වාම අපේ පොඩි එකාව මතක් උනා.පොඩ්ඩා එහේ අපි මෙහේ....
ඕනෙ.. උඹේ බ්ලොගේට එන්නේ මොකක් හරි කුප්ප කතාවක් කියවලා හිනාවෙන්ට හිතාගෙන.. ඒත් අද මේක කියවගෙන යද්දි ස්ක්‍රීන් එක බොඳ වුනා වගේ තේරුණා.. බ්ලොග් එකක් කියවලා මට එහෙම වුන තුන්වෙනි හරි හතරවෙනි වතාව... දුමි අයිය දූ ඉපදුන දවස ගැන ලියපු පෝස්ට් එක කියවද්දිත් එහෙම වුනා මතකයි..
ReplyDeleteඋඹට වරදින්නේ නෑ මචං.. කෙල්ල ලොකු මහත් වුන දවසක දැන ගනියි ඒකිගේ තාත්තා කොච්චර සුන්දර මිනිහෙක්ද කියලා.. ඉක්මනින්ම උඹට කෙල්ලවයි කෙල්ලගෙ අම්මවයි දෙන්නම ළඟට පුළුවං වෙයි.. අනිවාර්යෙන්ම..
හිතාගන්න බෑ අයියේ මේක ලීවේ උඹද කියලා . මෙතන ඉඳන් කමෙට් එකක් දාලා මට උඹගේ දුක බෙදාගන්න බැරි වේවි . ඒත් මේක කියවලා හිතට ආපුදේ ලියලා යන්නම්
ReplyDeleteයාලුවෝ ඇතුවත් බෑ නැතුවත් බෑ . කෙනෙකුට උදවුවක් කලානම් උඹට වරදින්නේ නෑ . මට ඉතින් උඹට හයියක් වෙන්න පුලුවන් මේ කමෙන්ට් එකෙන් විතරමයි .
ජිවිතේ දුකයි ඕනේ . සතුටට වඩා දුක අපිට ලඟයි . උඹලඟ කලින් තිබුනු හිනාව ආයෙමත් උඹට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම් .උඩ කමෙන්ට් කරපු හැමෝම කියන්නා වාගේ උඹට පවුලේ අයත් එක්ක එකට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්
තාත්තා කෙනෙකුගේ දුක මට තවම නුහුරුයි බං .. ඒත් මේක කියෝලා බඩ පපුව දාලා ගියා
මොනවා හරි දෙයක් කියාගන්න පුළුවන්නම් ඔයාගෙ හිත හැදෙන්න, කියන්න තිබුණා; ඒත් ඔය අටලෝ දහම ගැන කතා ඔහොම වෙලාවට අදාල නොවන බව මම දන්නවා. හිතෙන දුකක් ලියලා හරි අඬලා හරි මෙහෙම එළියට දාන එක හොඳයි කියලා විතරක් කියන්නම්.
ReplyDeleteමෙහෙට ගොඩ වැදුනෙ පලවෙනි පාරට... අර විදියට සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්නම් මේ වගේ දේවල් හිතේ තියාගෙන... වරදින්නෙ නෑ සහෝදරයා... අනිවා උඹට හරියනව,,, කන්දක් නැග්ගම පලමක් තියෙනව....
ReplyDeleteසුභ සහ ජය... සැස්වලින් ගිය හැම කදුරුලු බින්දුවකටම දහස් සැරයක් හිනාවෙන්න ලැබේවා....
මමත් පොඩි උන් දෙන්නා එක්ක චැට් කරනකොට කියන්නේ ඔය ටිකමයි...ඔය දෙන්නට හොදට උගන්නන්න සල්ලි ඕන නිසා තාත්තා රට ආවා කියල.......
ReplyDeleteමොනවා කියන්නද මන්දා...:(((((((((
ReplyDeleteසෑහෙන හිතේ අමාරුවෙන් ලියපු පෝස්ට් එකක් කියල තේරුනා. අම්මවය්, දුවවය්, ඔහාට ගෙන්න ගැන එක අර හෙන්රි කිව්ව වගේ හිතල බලහං. කෙලි පොඩ්ඩිගේ පින්තූර නම් ලස්සනය්.
ReplyDeleteමොනව කරන්නද ඕනයෝ...මේවා අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා බං......උඹ තනිවෙලා කියලා හිතන්න එපා..
ReplyDeleteපවුලේ අයගෙන් ඈත් වෙලා උදේ හවා විඳවන්නෙ , හැමදේම කරන්නෙ අපිට නොලැබුන ජීවිතේ අපේ දරුවන්ට දෙන්නනෙ බං. උන් ඉස්කෝලෙ යනකොට පොත් ටික අරගන දෙන්න අපිට සල්ලි නැත්තම් පොඩි වුන්ටත් දුකයි.අපිටත් දුකයි...දැන් අපි දුකෙන් හිටියට අඩු ගනනෙ දරුවොවත් සතුටින් ඉන්නවනෙ බං.පොඩ්ඩක් ඉවසපන්..උඹ තවම ආවා විතරනෙ..කොහොම හරි කාගෙන ටික කාලයක් හිටියොත් සේරම හොඳින් සිද්ධ වෙයි...අපේ දරුවො සතුටෙන් හිටියොත්නෙ බං අපිට සතුටු වෙන්න පුළුවන්...
මම දැනට එකක් විතරක් කියන්නම..
උඹ පිරටකට ආවේ මොකටද කියලා කවදාවත් අමතක කරන්න එපා...ඔය කූඩුව තිබුනටත් වැඩිය ලස්සන කරන්න නම් ඒක හිතේ තියාගන්නම වෙනවා..
ජීවිතේට හය්ය ගනිං මචන්. මගේ ලොකු බාහුව ඉපදිල මාස දෙකකින් තමා උගෙ මූණ දැක්කෙ! අපි කවුරුත් එක සංගමේ. මතක තියා ගනිං අපිට වඩා පහල සංගමේකුත් තීනව, ඒ නිසා අපි ටිකක් හරි වාසනාවන්තයි කියල.
ReplyDeleteඋඹ දන්නවාද?
ReplyDeleteමම රට යන්න කලින් ලංකාවේ ඉන්න කාලේ 1998-1999 කාලේ මාසෙකට රුපියල් 30,000ක් විතර හෙව්වා.
ඒ කාලේ රජයේ සේවකයෙක්ගේ සාමාන්‍ය ආදායම රුපියල් 7000ක් 8000ක් වෙන්න ඇති ඕන නම්.
ඒත් එහෙම වුනත් සමහර වෙලාවල් වලට ගේ ගාවට ඇවිත් අම්මගෙන් ත්‍රී වීල් එකට ගෙවල්ල සල්ලි ඉල්ල ගත්තු වාර එමටයි.
යාලුවෝ හතර අතේ. ප්‍රධාන සෙට් දෙකක් හිටියා. එක සෙට් එකක් එක්ක කොහේ හරි ගියාම නිත් උන්ට මල.
උන් එක්ක ගියාම මුන් බනිනවා. . මුන් එක්ක ගියාම උන් බනිනවා.
හැබැයි දෙගොල්ලන්ටම ගොඩක් වෙලාවට වියදම්කලේ මම. ඒ නිසා වෙන්න ඇති අනිත් උන් එක්ක ය එකට උන්ට මල පැන්නේ.
එක සෙට් එකක එකෙක් දෙන්නෙක් හිටියා මාව අක්ඩේම යැව්ව උනු ඒත් මම දන්නේ නෑ වගේ කඩේ ගියා.
දෙගොල්ලොම එපා වෙලා හිටියේ . . එත් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ . .
ඔහොම ඉන්න අතරේ තමයි රට යන්න චාන්ස් එක ආවේ.
මගේ තුන් හිතක තිබ්බේ නෑ රට යන අයිඩියාවක් . .
යාලුවන්ට වඩා මට අක්කයි අක්කගේ ළමයි ටිකයි දාලා රට යන්න බැරුව හිටියේ (මම විතරක් නෙමේ නංගීත් රට ගියේ පුදුම දුකෙන් උන්ව දාල ) ඊටත් වඩා ඒ වෙනකොට නංගීත් රටගිහින් නිසා මම ගියොත් අක්කා තනිවෙයි කියලත් ලොකු දුකක් තිබ්බා.
ඒත් අක්කා තමයි කිව්වේ (බල කලේ) උඹ මෙහේ හිටියොත් නාස්ති වෙනවා . . කිසි දියුනුවක් නෑ . . ඔය ගමන් යන්න කැමැත්ත දීපන් කියලා
අන්තිමේදි රට ගියා.
පලමු මාස තුන කොහොම ගෙවිලා ගියාද මන්දා . . .
හැමදාම මම කෝල් කරනවා විතරයි . . . එකෙක් එක එස් එම් එස් එකක් එව්වේ නෑ . .
අක්කට ළමයි රොත්තක් එක්ක වෙලාවක් අනෙ කියමු ඒත් අම්මගෙන් නිකමට ලියුමක් නෑ . .
මාස තුනක් ගිහින් දවසක් සිංදුවක් අහන්න හෙඩ් ෆොර්න් එක කනේ ගහ ගත්තා.
මගේ වෙලාවට මම සිංදුව නවත්වලා තිබිලා තියෙන්නේ වික්ටර්ගේ "දෛවයෝගයකින්" සින්දුවෙන් . .
ඒ කාලේ කෙල්ලෙක් හිටියේ නෑ වුනත් දෛවයෝගයකින් මෙන් ලැබී තිබිනු මිතුරු මිතුරියෝ අම්මා තාත්තා අක්කා ඔක්කෝටම මාව අමතක වෙලා නේද කියලා හිතිනු මම රෑ 10 ඉඳන් පහුවදා උදේ පහ වෙනකම් කාමරේට වෙලා ඇඬුවා.
මතක හැටියට ඒ විදිහට කලින් අඬලා තිබ්බේ අක්කා බඳින්න ගිය දවසේ.
එදායින් එදා මම තාම ඇඬුවේ නෑ ඒ වගේ.
එදා ඒ මගේ කඳුලු වල ශක්තියෙන් මම කර ගත්තු දේවල් වල ලිස්ට් එකක් උඹට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා දාන්නම්.
මුලින් පර්චස් 26ක ඉඩමකුත් පස්සේ 18ක ඉඩමකුත් ගත්තා.
අම්මට තාත්තට ඉන්න සියලු සැපපහසුකම් සහිත ගෙයක් හදලා දුන්නා
2000 ඉඳන් අද වෙනකම් අම්මටයි තාත්තටයි හැම මාසෙම ජීවත් වෙන්න වියදමට සල්ලි යවනවා.
මට ජීවත් වෙන්න අම්මලගේ ගේ ලඟින්ම ගෙයක් හදාගෙන යමින් තියෙනවා.
අක්කගේ පුතාගේ පුද්ගලික වි.විධ්‍යාලයේ මාසෙ ගානේ රු. 15000ක් අවුරුදු එකහාමරක් ගෙව්වා (මට මාමලා 4යි . . එත් අපි ඉස්කෝලේ යන කාලේ ලොකු මාමා ඇරුනාම එක මාමෙක් හිට්යේ නෑ පිටු අසූවේ පොතක් අරන්න් දෙන්න )
යාලුවෝ නෑදෑයෝ ගොඩක් අයගේ ඔපරේශන් වලට මගුල් ගෙව්වල් වලට දානේ ගෙවල් වලට බන ගෙවල් වලට සල්ලි යවනවා.
නොදන්න පලාත් වල අයට ඉස්කෝල හදන්න, ගෙවල් හදන්න ඔපරේශන් වලට අරවට මේවට හැම එකටම සාලි යවනවා. . .
මේ මතක් උනු ටිකක් . .
හ්ම්ම්ම්...............
ReplyDeleteමොනව කියන්නද බන්.........
කතන්දර මහත්තයාගෙන් පටන් ගත්තම, දුකා, මම, දුමී, පුතා හා මෙතන ඉන්න ගොඩක් අපි ඔක්කොම ඔය කටු කාපු උදවිය මලේ...
ReplyDeleteහ්ම්ම්ම් ගිය දේ ගියා... තාත්තා වැරදි නෑ....
මලයාට ඒක තේරෙයි ඔය කඩ ඉම පැන්නම...
ලොකු දෙයක් නැති වුනේ නෑ නෙව...
"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා..."
කිව්වත් වාගෙම...
"නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අතකර ලන දා.."
දෝනීත් අපිස් සතොස් ජීවිතය ඉගෙන ගනීවී තාත්තගේ කථා ඇසුවාම...
තාත්තල ,දුවලට කොහොමත් ගොඩක් ආදරෙයි අයියේ.ඔයත් ඒ වගේ ගොඩක් ආදරේ බව පේනවා.කොහොම හරි මේ කරදර ඔක්කොම ඉක්මනට ඉවරවෙලා පවුලේ හැමෝටම එකට ඉන්න ලැබේවා කියලා පතන්නම්!
ReplyDeleteඇස්වල කඳූළු අයියේ තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ තරම එයාම විතරලු දන්නේ මේක කියෙව්වම මටත් මගේ රත්තරං තාත්තාව මතක් උනා එයත් මාවයි නංගිවයි ලොකු කරන්න කොච්චර දුක් වින්ඳද කියලා දැනෙනවා මේක බැලුවාම
ReplyDeleteAne ban ayiye hamada apiwa hinassapu uba ada adanawa neda ? Kamak na ban ayiye hodata adapan oya hithe thiyena duka binduwakwath nathiwena tharamata adapan. Post eka kiyawala thaamath aswala kadulu ban ayiye. Ada dawal uba kathakaranakotawath mehema deyak danan hitiye nane may news eka ahapu gaman may paththata duwagena awe. Kiyanna dewal godak thiyenawa kohen patan aragena kohen nawathida danne nathi handa danata nawathinnam. Ubata jayawewazzzzz
ReplyDeleteඔනයාට ජය වේවා.
ReplyDeleteසමහර විට ඔය දේට මටත් තව ටික කාලෙකින් මුහුණ දෙන්න වෙයි.
මේක මේච්චර දවසක් ඕපන් කරන හිටියත් මටත් කියන්න දෙයක් ඔලුවට එන්නෙම නෑ අයියේ..
ReplyDeleteතේරෙනවා බං මට උඹේ දුක... :(
ReplyDeleteඔය දුක අද්දැකීමෙන් දන්නා එකෙක් විදියටයි මේ කියන්නේ. සහ ඉදිරියේදී ඔය දුකම මටත් විඳින්න වෙනවා. ජිවිතේ යම දේවල් අපිට ලබාගන්න අපිට කැපකිරීම් කරන්න වෙනවා.... මේකත් එවන් කැපකිරීමක් කියල හිතා හද ගනින්.
ReplyDeleteඉඳුල් කට ගාන දවසට තමා පංචායුදයක් දාන්නේ..සාමාන්‍යයෙන්..
ReplyDeleteඒත් හැමෝටම ඉතින් එක විදියටම හැමදේම කරන්න පුලුවන් කමක් නෑනේ. දරුවෝ උනත් ඒ බව තේරුම් ගන්න ඕනේ.. එහෙම නැති උනොත් ලැබෙන සැප සම්පත් බැරි වෙලාවත් නැතුව ගියොත් එහෙම එදාට ඒක එයාලට දරා ගන්න බැරි වෙනවා.
දුකා කියපු දේ නම් ඇත්ත..පිට රටකදි ඒ තනිකම හරියට දැනෙනවා.. මට තාමත් තනියම එහෙම යන්න වෙලා නැති උනත් ගෙදරින් කතා නොකර සිටීම නම් දැනෙනවා වැඩී..
ඒත් මම කැමතියි මල්ලි මෙහෙම වුන එකට... මම ඔයාව දැක්කේ.. අඳුනගත්තේ.. කථා කළේ... පිළිකා රෝහලේදි.. මතකද එදා අපි බෙහෙත් අරන් දුන්නා පිළිකා රෝහළේ ලෙඩ්ඩුන්ට... අවුරුදු උත්සවේට ආවත් දැන් පින්තූර බලන්ට පුළුවන් උනත් මේ තමා ඕනයා කියල ඇඳින්නෙ පිළිකා රෝහළට ගිය වෙලාවෙ..
ReplyDeleteඔයා හරියට කාලෙකට ඉස්සර අඳුනගත්ත කෙනෙක් එක්ක වගේ මාත් එක්ක කථා කළේ.. ඒ විතරක්ද මගේ මහත්තයා එක්කත් එහෙමයි.. වරදින්න විදියක් නෑ මල්ලි.. මම ගොඩාක් කැමතියි ඔය කියාපු ආස්සරේ නැවතුන එකට.. දුකාගේ අක්කා දුකා ගැන කියපු කථාවම.. මම මෙහෙම කීවොත්..
“උඹ මෙහේ හිටියනම් නිකම් නාස්ති වෙනවා . . කිසි දියුනුවක් නෑ . . ඔය ගමන ගිය එකමයි කාරිය“ කියලා..
මට ඉන්නෙත් දූලා දෙන්නයි.. අපි ණය නොවී කරපු දෙයක් නෑ.. ලොකු දුව වැඩිවියට පත්වුනාම ලෙස්ලි අයියා කරේ තිබ්බ මාලෙ උගසට තියලා ඒ උත්සවේ ගත්තේ.. මම ඔෆිසියට ණයයි එයාගෙ අම්මගෙ තුන් මාසෙ අවුරුද්දෙ පින්කම් කරන්න.. ඕක හිතන්න එපා එච්චර..
මම කියන්නෙ උඔට ඔහොම උන එක හොඳයි මල්ලියේ... හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතාපන් හැමතිස්සේම.. හැමදාම.. හැම තත්ත්පරේම...
මොනවා කියන්නද කියල හිතාගන්න බෑ බන්..... ඉවසපන් හැමදේම හොද විදියට විසඳෙයි.....
ReplyDeleteමම අදනේ දන්නේ උඹ ඉන්නේ රට කියල... කියෙව්වහම මගෙත් ඇස්වලට කඳුලු ආවා... ඒ මට තාත්තව මතක් වෙලා... ඕව ඔහොම තමා...තාම තාත්තා කෙනෙක් නොවුනට අපේ තාත්ත අපි වෙනුවෙන් කරපු දේවල් ඕන තරම් මම දැකල තියෙනවා...
ReplyDeleteජීවත් වෙන්න උක්ගස් අඹරන්න ගිහින් අතේ ඇඟිලි ටික ඔක්කොම නැති කරගෙන තනි අතින් දර පළපු හැටි... ෆුට් සයිකලේ අපිව ඉස්කෝලේ අරන් ගිය හැටි... අම්මටත් උයන්න බැරි තරම් රසට කෑම උයල කවපු හැටි... තව ඕනේ තරම් තියෙනව බන්... එහෙම තමා තාත්තල... අපි මේ වගේ සංවේදීව ඕනේ දේකට ඔට්ටු විදියට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නෙ ඒ දේවල් දැකල දුක කියන්නෙ මොකක් ද කියල දන්න නිසා...
උඹ පුංචි දුවට දුකක් දෙනව කියල හිතන්න එපා...දුවට තේරෙන වයස එනකොට ලඟින් ඉන්න එන්න බලපන්... එතකොට එයාට ඕව ගානක් නැතිව යයි...
එකම දේ එයලාව ඔහෙට ගන්න හදන්නේ නැතුව උඹ මෙහෙ ඇවිල්ල ඉන්න බලපන්... කෙල්ලෙක් හැදෙන්න හොඳම පරිසරේ තියෙන්නෙ මෙහෙ කියලයි මම නම් හිතන්නේ... දැන් අඬන්නේ නැතුව වැඩ ටික කරපන්...
@නිමන්ති:
ReplyDeleteමම කාටවත් රිප්ලයි කොමෙන්ට් දැම්මෙ නැතුවට ඔයාට විතරක් උත්තරයක් දෙන්නම් . . . .
ඔතන දරුවට මගෙ බැරිකම තේරුම් ගන්න දෙයක් නෑ . . .. දරුව වෙනුවෙන් වෙන්කරපු සල්ලි මේ "සයිබර් අවකාශයේම" මිතුරෙකුට ඉතා හදිසියකට මම ඇප වෙලා අරන් දුන්න පොලී මුදලක් වෙනුවෙන් ගෙවන්න සිදු උනා . . . ඒ මිත්‍රයා මේ සියල්ල දැන දැනත් . . . විශේශයෙන් මම මාස ගානක් තිස්සෙ රස්සාවක් නැතුව ඉන්නව කියල දැන දැනත් අදටත් ඒ සල්ලි දෙන්නෙ නැතුව මග හරිනව . . .
අදටත් මගෙ ගෙදර බත් ඉදෙන්නෙ නයට . . . .
ලක්ශ දෙක හමාරක නයක් පොලියත් එක්ක ගෙවල ඉවර කරදි . . . තව මොන මොන දේවල් වෙලා තියෙයිද ????
මට කියන්න ඕන උනේ දුව දැන් තේරුම් ගත යුතුයි කියලා නෙමේ. කවදා හරි දවසක උනත් අපි දරුවන්ට තේරුම් කරලා දෙන්න ඕනේ අපිට සමහර දේවල් සමහර හේතූන් නිසා නොලැබී යන්න පුලුවන් කියලා.....
ReplyDeleteඒ නිසා ඔබ මේ දේවල් ගැන වැඩිය නොසිතා දැන් එන දේට මුහුණ දෙන එකයි කරන්න ඕනේ.. හිත රිදවා නො ගෙන.
ගොඩාක් හොඳ සැබෑ මිතුරන් ඉන්න සයිබර් අවකාශයේදී ඔබට සිදු උන දේ ගැන මට කණගාටුයි..
මෙවන් අය ඉන්නේ එක්කෙනෙක් නෙවේ .. කියලා මම තේරුම් ගත්තා.. අනිත් අයගේ පරෙස්සම ගැනත් හිතලා මෙවැන්නන් හෙලි දරව් කරනවා නම්.. ඔබ ට සිදු උන කරදරය තව කෙනෙකුට වීම වලක් වන්න පුලුවන් කියලා මට හිතෙනවා.නමුත් එය ඔබේ කැමැත්ත..
ඉදිරිය යහපත් වේවා..!!
"අනිත් අයගේ පරෙස්සම ගැනත් හිතලා මෙවැන්නන් හෙලි දරව් කරනවා නම්.. ඔබ ට සිදු උන කරදරය තව කෙනෙකුට වීම වලක් වන්න පුලුවන් කියලා මට හිතෙනවා.නමුත් එය ඔබේ කැමැත්ත.."
ReplyDeletegood point . . . !!!
සිද්ධ නොවුන good point එක..
Deleteඑහෙම නේද ?
මචං දුලිප්, උඹට වැරදිලා නෑ මචං. උඹ පැරදිලත් නෑ. ඔය තවත් එක් ජීවිතයට යන්න ඕන පාර කියන්න අපි හැමෝටම වගේ උඹටත් ලැබිච්ච වේවැල් පාරක් කියල හිතපන්. දරු පවුලෙන් ඈත් වෙලා තනිවෙලා ඉන්න උඹට සමාන අත්දැකීමක් මට නෑ. ඒත් මුන හැහිච්ච හැමෙ වෙලාවකම බොහොම සුහද හිනාවකික් හිටපු උඹ මෙහෙම දෙයක් ලිව්වම ඒකෙ ඇතුලෙ තියන වේදනාව දුක යන්තමට හරි මට තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteහිතට හයිය ගනින් මචන්. උඹට කෙළවපු උන්ට හිනාවෙලා කතාකරන්න පුළුවන් උඹේ හොඳත් අරං ජීවිතේ ගොඩ නඟාගත්තු දවසක ආයෙම වරෙන්.
මගෙත් තාත්ත නැහැ...එයා නම් ආයෙ එන්නෙම නැහැ....ඔයාට ඉක්මනින් දුවව ලංකර ගන්න ලැබේවි අයියේ...එයාට තාම තේරුමක් නැහැනෙ...එයාලව ගොඩාක් සතුටින් තියල ඔයත් සතුටු වෙන දවස ඉක්මනින් උදාවේවි....එතකම් තමුන් ගැන විශ්වාසය තියන් සතුටින් ජොබ් එක කරන්න...ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවේවා....!!!!
ReplyDeleteමෙන්න තවත් හොරෙක්, බලන්න..........
http://alupatasandaawa.blogspot.com/
ඕනයා අය්යේ, තාත්තලා කොහොමත් සංවේදී වැඩිය්, විශෙශයෙන්ම දුවෙකුගෙ ප්‍රශ්නයක් ඉදිරියෙදි. කොහොම උනත් මේ තරම් ඉක්මනින් හරි ඇස් ඇරුන එක ලොකු දෙයක්. වැරදෙනවා, කොහොමටත් හිත හොඳ අයට. පිනක් කර ගත්තා කියලා හිත හදා ගන්න. ගිය වැඩේ කරගෙන පුලුවන් ඉක්මනට දරුවා ගාවට එන්න, එදාට අමාශිත් අම්මත් එක්ක හිනා වෙන්න අපිත් එනවා, එතෙක් පුලුවන් දෙයක් අපිත් කරන්නම්. තවත් එකක්, දුවට දෙන්න පුලුවන් හොඳම පංචායුදය තමය් දෙමාපිය ආදරය රැකවරනය, ඔයා එනකම් අක්කි එවා බලාගනීවි. හිනා වෙලා ඉන්න!
ReplyDeleteමොනා කියන්නද කියලා තේරෙන්නෙ නෑ..
ReplyDeleteඅර දුකා අයියා කිව්ව වගෙ තව කෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්තන්න පුලුවන්නම් ලොකු දෙයක්..
වචන නෑ අයියෙ......
ReplyDeleteහිතට හයිය ගන්න. ඔවැනි අවස්තා ජීවිතය හරිමගට ඇදදමනවා. ඔවන් මිතුරන් කුමටද?? දරුවා සමඟ රැදෙන්ට බැරි එක නං දුකක් තමා. නමුත් ඔවුන් සැපවත් කරන්ටනෙ මේ කැපවීම
ReplyDeleteඅනේ මම අද තමා මෙහෙට ගොඩ වැදුනේ...සංවේදීයි..පොඩි එකීගේ පින්තාරු ටික දැක්කම මගෙත් හිත උණු උනා බං...
ReplyDeleteමොනවා කරන්න්නද මේ ලෝකේ හැටි ඔහොම තමා..දුක සැප ,එක්වීම වෙන්වීම පොදුයි..
"තමා හිසට තම අතමය සෙවනැල්ල..."
අපෙ අම්මත් කියනවා මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්න ගියාම අන්තිමට අපට ඉතුරු වෙන දෙයක් නෑ කියලා...
උඹ උඹටම සාප කරගන්න එපා බං...උඹලගේ පුංචි පවුලට සදා ජය..!
ඕනයා අයියේ.. කියන්න කියල ගත්තට.. මොනවද කියන්නේ කියල තේරෙන්නේ නැති තරමටම දුකයි.. එක පාරක් ජීවිතේ වැරදුනාට..අපි වැරදුන තැනින් නැගිටිමු.. ඔයාට ඔය කරන කියන දේවල් ඉක්මනින්ම සාර්ථක වෙලා.. ඉක්මනින්ම.. ඔයාගේ දූ පැටියා ගාවට යන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.. අවවාද අනුසාසනා දෙන්න මගේ අත්දැකීම් අඩුයි කියල මට හිතෙන්නේ.. අනිත් එක.. අයියා දැනටමත් හරි මාර්ගයේ ගමන් කරනවනේ.. ඒ ගමන සාර්ථක වෙලා.. හැමදේම සුභ විදිහට ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙන එක තරම් දුකක් නැ කියල මං හොදටම දන්නවා.. පුළුවන් ඉක්මනට ඔයාගේ ආදරණීය දූ පැටියට එයාගේ තාත්තගේ උණුසුම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteළගදිම දවසක ඔයාල තුන්දෙනාටම එකට හිනාවෙන්න වරම් ලැබෙයි අයියේ....
ReplyDeleteචූටි දෝණිට ඇස්වහක් කටවහක් වදින්න එපා කියල ප්‍රාර්ථනා කරනව...
අය්යේ......ඇත්තටම හැගීම්බර මෙන්ම වේදනීය post 1ක්...
ReplyDeleteසමහර මිනිසුන් ගේ හදවත් වහගෙනයි ඉන්නේ... කලාතුරකින් සමහර මිනිස්සුන්ගේ හදවත් විවෘතයි.. විවෘත හදවත් ඇති මිනිසුන් නිසා තමයි ලෝකය සැනසෙන්නේ.....
ඔයත් ඒවගේ කියලා හිතනවා ඔයාව අහලා දැකලා නැති උනාට....
ඉතින් අයියේ අනාගතයට සුබ පැතුව කියල වැඩක් නැති නිසා මම නම් කියන්නේ ඔයා කැමති වෙන දෙයක් ගැන හිතන්න......යොමු වෙන්න....
වැරදි දේවලට නෙවෙයි....ඔයාගේ හිත නොවැටී ඉන්න පුලුවන් වෙන විදියට විතරයි....
ඕනයෝ,
ReplyDeleteමම උඹෙන් දැන් දෙතුන් පාරක්ම ඇහුවෙ පඩි හම්බ වුනාද කියලා ඊ ලඟ අනතුර ගැන උඹව දැනුවත් කරන්නයි. ලංකාවට යන පොරවල් අතේ ගෙදරට පඩිය යවන එක අන්තිම භයානක බව මතක තියාගනිං. මෙහෙ ඉඳලා එකෙන් ගෙදර ගියා. මූ කලින් ජර්මනියෙලු හිටියෙ. ගම කලුතරලු. ඉතින්ග් මම නම් දුන්නෙ ඉතාම සුලු ගානයි පත්තර අරං එන්න. ඉන්දියන් කාරයෙක් ඩිෂ් ඇන්ටෙනා එකක් ගේන්නත්, තව ලංකාවෙ බුවෙක් මුලු පඩියමත් මූට දුන්නා ගෙදරට ගිහින් දෙන්න. මූ අද වෙන කල් ආ ගිය අතක් නෑ.අර ඉන්ඩියන් කාරයාට ලංකාවෙ උන් ගැන ඉතා හොඳ අකල්පයක් තිබ්බෙ කලින්.
ගෙදරට සල්ලි යවන්න බැංකුවක් පාවිච්චි කරපං. පාඩු වුනත්.
henryblogwalker the Dude
මට අපේ තාත්තා මතක් උනා.. :( තාත්තයි අම්මයි කැද හට්ටියක් හදලා එකේ වතුර ලොකු අක්කාට පොවලා.. ඉතිරි කැද ටික ඒ දෙන්නා බීලා තමා අමාරුම කාල වල ඉදලා තියෙන්නෙ.. තාත්තලා හරිම පුදුම ජාතියක් :(
ReplyDeleteපුංචි කෙළි පැටික්කිට තුණුරුවන්ගේම පිහිටයි....!
ReplyDeleteමේක කියෙව්වට පස්සේ මගෙත් ඇස් දෙකට කඳුළු ආවා
මචං ඕනයා,
මේක තමයි බං අපි උඹල ගොඩ දෙනෙක්ගේ ඇත්ත කතාව
අපි උඹල ඔක්කොම ජීවිතේ යම් කැපකිරීමක් කරන්නේ ඉදිරියට හරි හොඳින් ඉන්න බලාගෙනනේ.
උඹට කරන්න පුළුවන් කමක් තියෙනවනම් බිරින්දාවයි දුවවයි ළඟට ගෙන්න ගන්න බලපන්.
ඒත් එහෙම කලාම උඹ රට ආපු අරමුණ ඉෂ්ට කරගන්න ගත වෙන කාලය ටිකක් වැඩි වෙනවා.
ඒත් වෙන විසඳුමකුත් නැත්නම් කරන්න දෙයක් නැහැ.
මමත් රට එන්න කලින් හිතාගෙන හිටියේ එහෙම,
ඒත් පස්සේ මෙහෙ ජීවිතේ දැක්කට පස්සේ හිතා ගත්තා, මේ කාලය මම තනියම මෙහෙ කටු කාල පුළුවන් තරමක් ඉතුරු කරගෙන හැකි ඉක්මනින්ම ආපහු මගේ රටට යනවා කියලා.
මොකද මම දැන් තනියම ඉඳල අවුරුද්දකින් ඉතුරු කරන ගාන ඉතුරු කරන්න මෙහෙ පවුලක් නඩත්තු කරද්දී ඉතුරු කරන්න අවුරුදු පහකින්වත් බැහැ.
ඉතින් මම දැන් හිත හදාගෙන තියෙන්නේ මේ කන කට්ටෙන් පස්සේ හැමදාම අපි එකටනේ කියලා...
මල්ලී මුලින්ම මට සමාව දෙන්න එන්න ප්‍රමාද වීම ගැන, මමත් ඔය වේදනාවම මීට අවුරුදු හයකට විතර ඉස්සර වෙලා වින්දා , මාත් කාටවත් නොපෙනෙන්න ඉකිගහ ගහ ඇඬුවා ...නැහැ ඇඬුනා...ඇත්තටම අපේ ජීවිතේට පැටියෙක්ගෙන් එන උණුහුම අපිව පුර්ණත්වයට ගේනවා ..
ReplyDeleteමල්ලී , මට ඔයා කතා කළ මුල් දවසේම ඔබ කොයිවගේ කෙනෙක් වන්නට ඇත්දැයි සිතුනා , ඔබ මෙහි සටහන් කර ඇති පිළිතුරකින් එය හොඳින්ම තහවුරු වුනා ...ඇත්ත අපි සමහර වෙලාවට අමාරුවේ වැටෙනවා ඔය වගේ දේවල් වලදි , මමත් තවම අණුන්ගේ ණයක් ගෙවනවා ,ඇපයට අත්සන් කරලා ..කමක් නැහැ , හිත හදා ගන්න අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ පැටවුන්ට , ඔවුන්ගේ හෙට වෙනුවෙන් , ඒ අපේ යුතුකම , ඒ අපේ සතුට , ඒ අපේ ජීවිතය..මල්ලී ...අපේ පැටවුන්ට කවදාවත් වරදින්නේ නැහැ , අපේ පැටවුන්ගේ බඩට යන්නේ අපි දුක් මහන්සියෙන් හම්බකළ දේ , අපි කාගේවත් දේ හොරෙන් අරගෙන , කාගෙවත් හිත රිදවලා උපයපු දෙයකින් පැටවුන් පෝෂණය කරලා නැහැ ...සතුටු වෙන්න ඔයාගේ පැටික්කිව වෙනුවෙන් ඔයා කරන්නේ “තාත්තා කෙනෙක්ගේ ආදරණිය යුතුකම“ ....දවසක ඔයාගේ මේ පුංචි පැටික්කි දැන ගනීවි එයාගේ තාත්ත ළඟ නොහිටියට කොයිතරම් ආදරේ පිරුණු හිතක් තිබුණාද කියන එක , එදාට වෙනදාටත් වඩා ආදරෙන් , සෙනෙහසින් පැටික්කී ඔයාගේ තුරුල්ලට ඇවිත් වෙනද වගේම ..නෑ වෙනදටත් වඩා හුරතලෙන් “තාත්තී“ ....කියාවි , ඒ සොඳුරු දවස හිතේ තියාගෙන අරමුණ ඉටු කරගන්න වෙහෙසවෙන්න ,
මේ තරම් සොඳුරු හිතක් ඇති ඔබේ සටහනෙන් මිදෙන්නට හිත නොදෙන තරම් ...ආයෙත් කියවන්නට සිතුනත් , එය මගේ අතීතියත් අවදි කරන නිසා මේ සටහනේන සමුගන්නවා , චූටි පැටික්කිටත් , ඔබේ බිරිඳ ඔබ ඇතුළු සැමට දෙව් රැකවරණ පතමින් .
මචං කොටන්න වචන නෑ.. වචන ආපු වෙලාවක මේකට වෙන කොමෙන්ටුවක් දාන්නම්.. :(
ReplyDeleteමට හිතෙන්නෙ මෙ මම දාන පලවෙනි කමෙන්ටුව . මටත් දුවලම දෙන්නෙක් අවවාදයක් හැටියට කියන්නම් කොහොමහරි කෙල්ලව ඇඟිල්ලෙන් අල්ලගෙන ඉස්කොලෙට යන්න ඔයා කොහොමහරි උත්සහ කරන්න ඔනෙ. ඒකියන්නෙ ඒ දවස්වලට මෙහෙ ඉන්න ඔනෙ. ලුනුයි බතුයි කන්න හරි මෙහෙ ඉන්න ඔනෙ. හෙතුව දුවලා කවදාවත් ඒ දවස් අමතක කරන්නෙ නෑ.(ආයෙත් ඒ දවස් ගන්නත් බෑ.) මම උදෙට පොඩි කෙල්ලව මොන්ටිසොරියට දැම්මම ඒකි උම්මා තුනක් සාක්කුවට දානවා හවසට ආවම ඒක ආපහු දෙන්න ඔනේ.
ReplyDeleteපිටරට ඉන්න අපි මොනතරම් දුකක් උහුලනවද කියන්න මේ හොඳ සාක්ෂි. මමත් මෙහෙට වෙලා ඉන්නකම් ඉන්නවා. එත් කවදාහරි දරුවෙක් ඉන්න දවසට මේ ඔක්කොම දමල ගහල ගිහින් කුලියක් හරි කරගෙන ලංකාවේ ඉන්නවා. මොකද ඒ කාලේ අපහු මට ගන්න බෑ කොච්චර සල්ලි තිබ්බත්. සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි. ජීවිතේ කියන්නේ සල්ලිත් නෙවෙයි.. උඹ අද මාව හොඳටම අප්සෙට් කරා.. මට මගේ ගැනම හිතන්න පෙළඹුව මේ පොස්ට් එක..
ReplyDeleteතමන්ගේ අයගෙන් වෙන්වෙලා අනුන්ගේ රටවල් වල අපි විදින දුක වචනෙන් කියන්න බේ මචන් ,, මොනවා උනත් හිමාශි දුවට සුබම සුබ අනාගතයක් !!
ReplyDeleteoya honda thaththek.. oya karapu honda deval okkoma punchi donita lebena aayojana.duva oyalata salakana honda daruvek veva!
ReplyDeleteමේක කියවලා ලේසියෙන් අඩන්නෙ නැති මගෙ ඇහැටත් කඳුලක් ආව බං. ජීවිතේ දුකයි තමයි කාගෙනඉමු බං. උඹයි මමයි එකම බෝට්ටුවෙ. එකම වෙනස මට වඩා උඹට වටිනාකම කියන්න බැරි පුංචි දෝණියෙක් ඉන්න එක. ඒ අතින් උඹ මට වඩා වාසනාවන්තයි බං. හයියට හිටහන් මචං...
ReplyDeleteපිස්සු හැදෙනවා අයියේ මේ ඕනයා අයියමද.....දැන් තත්වේ කොහොමද?? තාමත් පිටරටද
ReplyDeleteමට කොච්චර දුක හිතුනද දන්නවද
ReplyDeleteවනජීවියෙක් හැටියට මම අපේ රටේම ඉඳගෙන ඔය අත්දැකීම ලබලා තියෙනවා මලේ ... මම බුත්තල වැඩකරනකොට වයිෆ් කෙල්ල හම්බ වෙන්න බඩගෙඩියත් උස්සගෙන අනුරාධපුරේ හිදෝගම ඉස්කෝලෙක ඉගැන්නුවා. මහ රෑ අමාරු වෙලා කිලෝ මීටර් විසි පහක් විතර මෝටර් සයිකලේක ගිහිල්ලා තමයි අනුරාධපුරේදි කෙල්ල හම්බ වෙලා තියෙන්නේ. කෙල්ල ගෙදර එක්ක එන්න පැය බාගෙකට කලින් තමයි මම ගෙදර ආවේ. ඒකත් අහම්බෙන් . ඒ කාලෙ අපේ ගෙදරට ලෑන්ඩ් ෆෝන් එකක්වත් තිබුනෙ නෑ .. දරු සුරතල්වලින් බොහොම ටිකයි මටත් දකින්න ලැබිලා තියෙන්නේ ...
ReplyDeleteඅමාශිට සුබම සුබ උපන්දිනයක් වේවා …!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete:(
ReplyDeleteඇයි මේ මිනිස්සු මෙතරම් නපුරු වෙන්නෙ.. හිතාගන්න බෑ මොන සතුටකින් අනිත් අයට දුක් දෙනවද කියල..
ReplyDeleteමගෙ ඇහැට කඳුලක් ඉනුවෙ, හිතේ තිබුනු කදුලු හිතකට දැනෙන්න තරම්, මේ වැකි ප්‍රමාණවත් නිසා වෙන්නැති. කදුලින් මිදී දූගෙ තාත්තට ඉක්මනින් සතුට උදා වේවා!!!
මෙවන් පියෙකු ලද ඇය සැබවින්ම වාසනාවන්තය :D
ReplyDeletehhmmmmm
ReplyDeleteකෙල්ල පටියට ජය වේවා..........!
ReplyDeleteසමා වෙන්ඩ ඕන...මේ බ්ලෝග මට අදයි මුණගැසුනේ