“මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”
මාස හතක විතර පුංචි පිරිමි දරුවෙක් වඩා ගත් ඕ මදෙසට හැරුණේ මුකුත්ම හිතා ගන්නට බැරුව වගේ.
“මාත් එක්කද මිස්”
“ඔව් ඔයත් එක්ක තමයි”
අපිරිසිදු ඇඳුම් පාළුවට ගිය දෙකන් පෙති. අවුල්ව ගිය හිස කෙස්, ඇත්තටම මේ ජීවිතය කොච්චර නම් අඳුරට ගිලීලද?
මම ඈ සමඟ බස් හෝල්ට් එකට ටිකක් එහා වූ මාර ගස් සෙවණට ඇවිද ගියෙමි.
“ඔයාගේ නම මොකක්ද?”
“මං මාලතී”
“එතකොට ඉන්නේ?”
“ඉන්නේ අර ඉස්ටේෂන් එක පිටිපස්සේ තියෙන ලයිමෙ කාමරයක”
“එතකොට මේ දරුවා?”
“මිස්ට මං ඇත්තම කියන්නම්කෝ. මේ දරුවා මගේ නෙමෙයි. මිසී. මම මෙයාව ලයිමෙන්ම දවසෙ කුලියට අර ගත්තේ.
“හපොයි දෙවියනේ. තම බඩෙන් වදාපු අම්මෙකුට මාස හය හතක කිරි සප්පයෙක්ගෙන් හම්බකරගෙන කන්න පුළුවන්ද?”
“උන්ට ගානක් නෑ මිස්. ඒ ගෑනිට ළමයි හත් දෙනෙක් ඉන්නවා. මේ පොඩිම එකා. දැන් ආයෙ එකෙක් හම්බෙන්නත් ඉන්නවා. මේ හත්දෙනාම ඒකි එක එකාට හිඟා කන්න දීලා හවසට ගානක් ගන්නවා එච්චරයි.”
මගේ බඩ පපුව පිච්චී ගියේ පිට ගෑනියෙකුට තුරුලු වෙලා නිදා ඉන්න මේ කිරි සප්පයා දැක්කාමයි. කහ ගැහුණු චූටි කලිසම් පොඩියකුයි ඉරිච්ච පරණ බැනියම් පොඩියකුයි, අන්දවා පරණ රෙදි කෑල්ලකින් ඈ ඔතාගෙන සිටියත් ගිනි කාස්ටකේට ඒ සිඟිති වත රතු වී මට පෙනුණි. මුහුණෙත් ඇෙඟත් පුංචි පුංචි රතු පාට බිබිලි මතු වී තිබුණි. අනේ නින්දෙන්ම ඒ පුංචි අත්වලින් මුළු ඇඟම කසනවා. අනේ මේ අහිංසකයා ලොකු එවුන්ගෙ පව් මේ කිරි සප්පයා පිටින් යන හැටියක්.
“එතකොට මේ ළමයගේ තාත්තා?”
“ඒ ගෑනිගෙ ළමයි හත් දෙනාට තාත්තලා හත් දෙනෙකුටත් වැඩිය ඇති. ඒක ඉතිං ඒකිගෙ ජොබ් එකනේ. කීයක් හරි අතට දුන්නාම අන්තිමට බඩකුත් එක්ක ඒකි තනි වෙනවා. කොහොම හරි ළමයා ඉපදුනාට පස්සෙ හිඟාකන්න කාට හරි විකුණනවා.
හවසට දෙතුන් සීයක් අතට එනවා. ඒකෙන් තමයි ඒකි ජීවත් වෙන්නෙ.” “එතකොට මාලතී මේ දරුවට කිරි. මෙයා තාම මව් කිරි බොන වයසෙ දරුවෙක්නෙ.”
‘මගේ කිරි දෙනවා මිස්”
“එතකොට මාලතීටත් කිරි බොන වයසෙ දරුවෙක් ඉන්නවාද?”
ලොකු සුසුමක් ඇද ගත් ඈ දෑසට කඳුළු පිරී එද්දී තම ළයට තුරුළුව නිදන පුංචි පැටියගේ රෝස පාට කම්මුල සිප ගත්තේ හද බදා සිටින මාතෘත්වයෙන් යැයි සිතීමට මට සාක්‍ෂි තවත් අවශ්‍ය නොවීය.
“අනේ මිස් මාත් අම්මා කෙනෙක් තමයි. ඒත්... ඒත් ඒ උරුමය හම්බුණේ දස මාසයක් දරාගෙන ඉදලත් දවස් දෙකකට විතරයිනේ.”
“ඒ.. කිව්වෙ?”
මම පුදුමයෙන් ඈ දෙස බැලුවෙමි. ඒ වත වැහි වලාවකින් බර අහසක මෙන් අඳුරුව, ඒ අහසට එන්න තනන වැසි බිදු මෙන් ඒ දෑස් අග්ගිස්සෙන් යාන්තමට මෝදු වන කඳුළු මා දුටුවෙමි.
"මාත් ජීවත් වුණේ ඔය ලයිමෙ කාමරයක තමයි. අම්මා වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. තාත්තා කුඩු ගහලා හිරේ. අයියෙක් හිටියා. ඌත් පික් පොකට් ගහලා හිරේ.
මං ලයිමෙ තනි වුණා. ඒ වෙනකොට මට අවුරුදු දහසය ලැබුවා විතරයි. ඊට පස්සේ තනි මට වටේ රටේ උන්ගෙන් හරියට කරදර වුණා. දවසකට හත් අට දෙනෙක් මගෙ කාමරේට රිංගුවා. සමහරු නම් අතට කීයක් හරි දුන්නා. සමහරු නම් උන්ගෙ වැඩේ කරගෙන නිකම්ම අත පිහදාගෙන යනවා. මිස්ට කියන්න මට ඒ ජීවිතේ අප්‍රසන්න වෙලයි තිබ්බේ. මං අන්තිමට ජීවිතේ නැති කර ගන්නයි හිටියේ. ඒ වෙනකොටත් මගේ බඩටත් දරුවෙක් ඇවිත්. මොන දේ වුණත් අම්මෙක් වෙන්න යද්දී කොහොම කියලා හිත හදාගෙන බඩේ දරුවවත් මරාගෙන මැරෙන්නද?"
ඈ දිග සුසුමක් ඇද්දේ මගේ පපුවද පාරමිනි.
“ඉතිං මාලතී”?
ඉතිං මං ජීවත් වෙන්න දරුවා වෙනුවෙන් හිත හදා ගත්තා”
ඒ මලානික ඇස් අග්ගිස්සට පිරෙන කඳුළු මගේ සිත ද සෙලවීය.
“කොහොම හරි මං දුක් විඳගෙන දරුවව මේ ලෝකෙට බිහි කළා. මට හම්බ වුණේ කොලු පැටියෙක්. මේ වගේ නිල්පාට ඇස්, රෝස පාට මූණක් එයාටත් තිබ්බා.”
ඈ පාත් ව නිදා සිටින දරුවා දෙතුන් වරක් සිම්බාය.
"තාත්තා මොකාද කියලා නොදත්තත් අම්මා මං නිසා මං මගෙ කොලු පැටියව හිඟා කාලා හරි හදා ගන්නවා කියලයි මං හිතන් හිටියේ. ඒත්... ඒත්.."
ඒ ඇස් පිල්ලන් අතරින් සට සට ගා මේ හැලෙන කඳුළු දෙස මං බලා සිටියේ මහත් වෑයමක් දරමිනි.
”ඒත් මගේ අවසනාවද, දරුවගේ අවාසනාවද මන්දා දරුවව හම්බෙලා ජීවත් වුණේ දවස් දෙකයි. එයා මාව දාලා යන්නටම යන්න ගියා."
අතේ තැවරුණ කඳුළු පිටින්ම ඈට තුරුළුව නිදන දරුවගෙ මූණ අත ගායි. විටෙක සිඹියි.
“මං මෙයාට හරි ආදරෙයි. මං පිස්සුවෙන් වගේ ඉන්නකොට තමයි මෙයාව දැක්කේ. මං රූපව කැමැති කරවා ගත්තෙ හිඟා කන්න දරුවව ගන්න නෙමෙයි. මට ඕන වෙලා තිබුණෙ මගෙ දුක වේදනාව ටිකක් අඩු වෙනකල් මෙයාව මං ළඟ තියා ගන්න.
හවසට ගානක් දෙන්න පොරොන්දු කරගෙන තමයි මං මෙයාව ගත්තේ. මෙයා මගේම පුතා කියලා හිතාගෙන මගේ තන පුඩුවලට පිරෙන කිරි මං මෙයාට පොවනවා. උදේට අරගෙන ඇවිත් හවසට ගිහින් දෙනවා. සමහර දවස්වලට රෑටත් මං ළඟම මං තියා ගන්නවා. එතකොට ඔය කීයක් හරි වැඩිපුර දුන්නාම ඇති. රූපත් දන්නවා මං දරුවට පණ වගේ ආදරෙයි කියලා.
“මෙයත් දැන් මෙයාගේ අම්මටත් වැඩිය මට එකතුයි”
ඇය මහත් සෙනෙහසකින් දරුවව සිම්බාය.
"මෙයාගෙ අම්මට හවසට කීයක් හරි දෙන්න ඕන නිසයි. කන්න ටිකක් හොයා ගන්නයි ඕන නිසයි මං මේ ටවුමෙ බස් එකට ගොඩ වෙලා කීයක් හරි හොයා ගන්නවා. අනේ ඒත් මං මේ දරුවව නම් විකුණාගෙන කන චේතනාවෙන් නම් නෙමෙයි. මං මෙයාට හරිම ආදරෙයි. මට නිතරම හිතෙන්නෙ මේ මගෙ නැතිවුණ පුතා කියලයි."
“ඒත් ඉතිං මාලතී කොච්චර කල් කියලනම් මෙයාව තියා ගන්නද?”
"මට මෙයාව දෙනකම් මං හිඟා කාලා හරි මං මෙයාව බලා ගන්නවා. මගෙ තන් පුඩවලට කිරි පිරෙනකම් මේ කිරි ඔක්කොම මං මෙයාට පොවනවා. අනේ මං මෙයාට හරි ආදරෙයි."
සැහැසි සිත් ඇති අම්මලා අතර මාලතී ඇත්තටම බුදු අම්මා කෙනෙක් නොවන්නේද?
- අෂිකා ශ්‍යාමලීනෙළුම්දෙනිය
:(
ReplyDeleteමේ ටික කියවපුවම පපුව කෑලි කෑලි වෙලා යනවා... අපි ජීවත් වෙන්නේ මේ වගේ ලෝකෙක නේද? වැදපු අම්මට නැති දරු සෙනෙහස තව අම්මෙක්ට මහමෙරක් තරම්...
ReplyDeleteඅපොයි මෙහෙමත් කතා. පපුවත් පැලෙන්ට වගේ එනවා...:(
ReplyDeleteමේව ගැන කමෙන්ට් දාන්න බෑ බන් අයියෙ...
ReplyDeleteකතාව ඇතුලේ කතාවක්... ලිපියක් ලියන්න ගිහින් ඒක අහම්බෙන් ඩිලීට් වෙලාද කොහෙද ඕනයා වෙන කෙනෙකුගෙ කතාවක් අරන් ආදරෙන් තුරුලු කරගෙන ඉන්නවා දැක්කහම මගේ පපුව පැලෙන්න තරම් දුක හිතුනා ! වෙනස තියෙන්නෙ අයිතිකාරයාට සල්ලි දෙන්න නොවෙන එක විතරයි !
ReplyDeleteදුකයි ....
ReplyDeleteමොකටද ඉතින් ඕක අනිත් කෙනාට කියන්නෙ.....
ReplyDelete-හරී-
අඩෝ ඇස් දෙකට කඳුලු ඉනුවා බන් . . ..
ReplyDeleteමේක ඇත්ත කතාවක්ද?
අපිට බැරිද මාලතීට පිහිට වෙන්න?
පොඩ්ඩක් හොයලා බලපන් මචං . . .
අපි එකතු වෙලා මේ මනුස්සයට නීත්‍යානුකූලව මේ ලමයව අරන් දීලා . .
මාලතීට පොඩි රස්සාවක් හොයලා දුන්නොත් . . ???
හෑ..........මං මේ ආයෙත් බැලුව ඕනයගෙ බොගමද මේ කියල.....උඹට අනුන්ගෙන් අරන් සංවේදී කතා දානවට නරකද පරණ පුරුදු විදියට "ටෙඹ ටෙඹ ජාතකේ" එතකොට "පලාගන්නවද" වගේ කුණුහරපයක් ලියාගෙන හිටිය නං.
ReplyDeleteඅර "අක්කව එදා දැක්කෙ ඇඳුන් නැතුවනෙ" කතාව වගේ ඒව.
වෙනියත් එක්ක 100% ක් එකඟය්
අපි හිතනවට වැඩිය මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලෙ කොයි තරම් සංකීර්ණ කතන්දර තියෙනවද.
ReplyDeleteහරිම දුක හිතෙන කතාවක්. ලොකු අර්ථයක් තියෙනව කියන්න තේරෙන්නෙ නෑ
ReplyDeleteඇත්තට දුක කියන්න වගේ මේ මනුස්සය ඇත්තටම ඉන්නවානම් උදව්වක් කරන්න විදියක් නැද්ද හොයල බලපන් ඕනයෝ.. මට ඒ කතාව ඇස් ඉස්සරහ මැවිලා පේනවා.. මේ නම් බුදුබව පතන අම්මෙක්ම තමා..
ReplyDeleteඅනේ...:(((((
ReplyDeleteහිත සසල කල සටහනක්. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අම්මලා වෙන්න ඕනේ අය නෙමෙයි අම්මලා වෙලා ඉන්නේ කියලා.
ReplyDelete........ අනන්තයි අප්‍රමාණයි...
ReplyDeleteපව්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමචං අද හවස දැන් ටිකකට කලින් ගිහින් ආවා පොඩි වැඩකට..ඒ අපේ බ්ලොග් කියවන සොහොයුරියකගේ උවමනාව මත...
ReplyDeleteඒ නංගිට ඕන කරලා තිබුනේ ඉගෙන ගන්න නැති බැරි ළමයෙකුට උදව් උපකාර කරන්න. ඒ සඳහා පොඩි සහයෝගයක් හැටියට ළමයෙක් හොයලා දෙන්න ගියේ මට ලැබුන පොඩි ඔත්තුවක් අනුව...
එතනත් ඉන්නවා චූටි ගෑණු ළමයෙක්...ඒත් ඒ ඒ ගෑණු කෙනාගේ දරුවෙක් නෙවෙයි..හදා ගන්න ගත්ත ළමයෙක්.. ඒ ළමයා හදා ගන්න අරං මාස තුනෙන් ඒ මනුස්සයගේ මනුස්සයා නැති වෙලා... දුප්පත් ගෑණු කෙනෙක් වයස 45ක් විතර ඇති මං හිතන්නේ... බාගෙට හදාපු පුංචි ගෙයක්... අහල පහල අයගේ සහ මැරුන මනුස්සයගේ අම්මලා තාත්තලා දෙන දෙයක් අරගෙන ජීවත් වෙන්නේ... කෙල්ලව දාලා යන්න කෙනෙක් නැති හින්දා රස්සාවක් කරන්න විදියක් නැහැ.
දුප්පත් ගේ ඇතුලේ ඇහැට අහුඋන හැම අහු මුල්ලකම ලියවෙලා තිබුනේ මේ අම්මා අර හදාගන්න දරුවට සලකන විදිය... මං හිතන්නේ නැහැ ඒ දරුවගේ හැබෑ අම්මලාගෙන්වත් ඒ තරමේ ආදරයක්..සැලකිල්ලක් ඒ කෙල්ලට ලැබෙයි කියලා.. ඒතරමටම ඒ අම්මා ඒ කෙල්ල වෙනුවෙන් ජීවත් වෙන බව මට පෙනුනා...
ඒ කේස් එක බලලා ආපහු ඇවිල්ලා මේක දිග ඇර ගත්තමයි මේක දැක්කේ... ඔන්න අම්මලා...
අනේ මෙහෙමත් අම්මලා.. ඇත්තටම දුක හිතෙන කතාවක්..
ReplyDeleteමොනවා කියන්ඩද මන් දන්නැ.පිරිමි සංහතියම එපා වෙන්නේ මෙන්න මේ වගේ කතා ඇහුවාම.
ReplyDeleteමචං අපේ ගෙදරට වැඩට කෙනෙක් ඕන කියල ලංකාවෙ කොන්සියුලර් එක ගාව ගහපු පොඩි දැන්වීමකට ආපු කෝල් එකක එහා පැත්තෙ හිටියෙ බොහොම නිවිච්ච කටහඬක්. ගිහින් බැලුවම ටිකක් වයසක ඒත් තරුණ කාලෙ බොහොම පෙණුමට හිටි සාක්කි තීන සිරියාවන්ත ගෑණු කෙනෙක්. අපේ හාමිනේ එක්ක අඬ අඬ කිව්වෙ "අනේ මිස් මම වැඩට ආපු ගෙදර අය ගහනව, මාස තුනක් පඩි දුන්නෙත් නෑ, කන්නත් නෑ ඒ නිසා මං පැනල ආව" කියල. අපි හෙව්වෙ මේ වගේ කෙනෙක් නොවුනත් එක්ක ඇවිත් වැඩ ටික බාර දුන්න. පස්සෙ හිමීට හාමිනේ විස්තර ඇහුවම තමයි නියම කතාව කියල තීන්නෙ. උන්දැට දරුවො හතරයි තුනක්ම දීගතල දීල, ගෙවල් හදල මහත්තය මැරිල හින්ද තනියම ලොකු පුතා එක්ක එයා හදපු ගෙයි ඉඳල තීන්නෙ. පවුලෙ බර ඇදපු හිත හොඳ ඒ ලොකු කොල්ලගෙ මිනිය දවසක් පොල්ගහවෙළ රේල් පාර අයිනෙන් හම්බුවෙලා තීන්නෙ. පස්සෙ මිනියෙ තුන්මාසෙන් පස්සෙ අම්මට කන්න දෙන්නවත් අනික් දරුවො නෑලු. මේ අම්ම අවුරුදු පණහදි රට එන්නෙ කන්න විදියක් නැති නිසා නෙමෙයි. තමන්ටයි සහෝදරයන්ටයි අච්චර සලකපු ලොකු පුතා වෙනුවෙන් හරක් තුන්දෙනෙක් නිදහස් කරල මින් පස්සෙ ආත්මවලවත් ඒ දරුවට එහෙම අපරාධයක් වෙන්න එපා කියල පතන්න.
ReplyDeleteඑක හරකෙක් අපි අරන් දෙන්නම් කිව්වම ඒ අම්ම ඒකටත් කැමති නෑ, මමම සල්ලි හොයල කරනව සර් කියල බොහොම සතුටින් තමන්ගෙ පින්කමට පඩි සල්ලි එකතු කරනව දැන්.
ඔන්න අම්මලගෙ දරු දුක!
කවිකාරි නෝනට මෑතක වෙච්ච දේදි උනත් මගේ මාළු නැටුවෙ අම්මල කියන්නෙ කවුද කියල මම දැනං උන්න හින්දයි.
ReplyDeleteයමක් කරන්න පුලුවන් නම් මමත් කැමතිය දායක වෙන්න... ඇත්තටම දංවේදී කථාවක්....කථාව කාගේ උනත් ප්‍රශ්ණයක් නැහැ... කියවලා රසවිඳලා... කියනවානම් යමක් කියලා... නැත්නම් නොකියාම යන එකයි වටින්නේ.. ඕනයා මුලින්ම කියලා තියනවානේ මේක උගේ නෙමෙයි කියලා...අනිත් එක ඌ ලින්ක් එකත් දීලා තියනවා... අද පත්තරේ බලන්නේ නැති කීදෙනෙක් මේක බැලුවද... නිර්මාණ මංකොල්ලයයි... නිර්මාණයක් උපුටාගැනීමයි දෙකක්...
ReplyDeleteකියන්න දෙයක් නෑ මට. ඇඬෙනවා...............
ReplyDeleteමොනා කියන්නද බං....
ReplyDeleteපපුවටම දැනුනා !
ReplyDeleteහ්ම්ම්ම්..... ඕනමැන්ටල්ගෙන් බොහෝම සැන්ටිමැන්ටල් කතාවක්!
ReplyDeleteමචන් මේක අද ඊයෙක කතාවක් නෙමෙයි බන්...
ReplyDeleteමේවා ඉස්සරත් තිබිලා තියෙනවා. නමුත් දැන් තරම් වාණිජම නැ.
අපේ සමාජයේ එක පැතිකඩක් විවරණය කරන මේ කතාව දැම්මට උඹට පින්.. ඔන්න ඔහොම සොමිය අතරේ ඉඩ දීපන් මනුස්සකම බෙදාගන්න.. මේ ලෝකේ වෙනස් කරන්න අපිට බැරි වෙයි එත් ඒ වෙනුවෙන් කතා කරන්න ඕන... හැම වතුර බින්දුවක්ම එකතුවෙලා කවදා හරි ගං වතුරක් හැදේවි..
ReplyDeleteසමාජයේ තවත් එක කතාවක්....
ReplyDeleteඅළුත උපන් බිළිඳුන්ව දිනපතාම වගෙ කුණුබක්කි වලට දාන අම්මල ඉන්න රටේ මෙහෙමත් මිනිස්සු ඉන්නව කියන එකත් දෙයක්.
ReplyDeletehenryblogwalker the Dude
මව් සෙනහසට නැති සීමා මායිම්
ReplyDeleteසිනිඳු සුසිනිදු බිළිඳු හද රැදි හඬ
මවකටම පමණි දැනේනේ
නොවේ මේ ලොවෙහි අන් කිසිවෙක්.
අදමයි ආවෙ දුක හිතෙන හිතට වදින කථාවක්
අපි, අපි ගැන දුක් වෙන්න ඕනේ... මේ වගේ මිනිස්සු ජීවත් වෙන සමාජෙක අපිට වෙන පොඩි පොඩි අසාධාරණකම්, වැරදි, අඩුපාඩු,අනුන් කියන කරන දේවල්, මහලොකු දේවල් කියල හිතාගෙන දුක් වෙවී ඉන්නවට....
ReplyDeleteඇත්තටම අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වගේ ආදරය කරන අම්මලට විශාල හදවතක් ඇති . ජිවත් වෙන්න අවම පහසුකම් වත් නැතුව එහෙම කරන්න පුළුවන් වීම ගැන නම් කියන්න වචන නැහැ.
ReplyDeleteeka paaratama mewa wishwaasa karanna beri tharamata, mayya godak hora boru dakala thiyenawa..eth e hora boru okkoma wenne badaginnatath, duppathkamatath kiyala hithenkota...maha muspenthu hageemak hithata enawa
ReplyDeleteසම්මා සම්බුදු අම්මාවරුනේ...............
ReplyDeleteමාළිගාවල ඉඳියත්, මහපාරේ ඉඳියත් අම්මල අම්මලම තමයි.....