ඉතිං එහෙනං අහවල් එකක්ද මේ කියන්නෙ . . ???
ඔයාලට එහෙම හිතෙන එක මට නවත්තන්න බැහැ නෙ . . .
ඒකට හේතු තුනක් තියනව . . .
එකක් තමයි . . . . . ඒ පොටෝ මූනු පොතේ තියන්නෙ කොපි රයිට් නැතුව නිසා ඕනෙම කෙනෙකුට උස්සන්න පුලුවං . . .
දෙවනි හේතුව තමයි . . . අර ජෝඩුවක් ඉන්න පිංතූරෙ ඉන්න මගෙ මිත්‍රයට (මනමාල මහත්මයට) මිනිහගෙම යාලුවෙක් ඔය පිංතූරෙ ඊයකින් එවල තියනව . . .
ඉතිං මට ඌ කිවුව වහාම ඕක අයිං කරපං . . නැත්තං ඔය පිංතූරෙ උඹ ගත්ත එකක් කියල පේන්න මොනව හරි කරපං කියල . . .
ඉතිං මම හිතල බැලුව . . ඔය පිංතූර ටික කොමෙන්ට් ටිකත් එක්කම අගෙ ලඟම කාටත් බලන්න පුලුවන් වෙන්න තියාගන්නෙ කොහොමද කියල . . . එතකොට තමයි මාරයගෙ හෝරාව ලියන මාරය බනියගෙ පිංතූරෙකට විචාරයක් දාපු පෝස්ට් එකක් මාරයගෙ බ්ලොගේ පලවුනේ . . . .
මට සුටුස් ගානකෝටම වැටහුනා . . . මම මොනවද කරන්න ඕනෙ කියල . .. .
ටක් ගාල ගත්ත මගෙ පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක . . . දැම්ම ඒකෙං පොටෝ තුනටම මගෙ ඉස්ටූඩියෝ එකේ නම. . .
දැං ඔයාල මේ පිංතූර බලල "අඩේ මොකද්ද මේ පට්ට පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක???" කියල කල්පනා කරල ඔයාලගෙ මොල ගෙඩි ටික කුරවල් කරගන්න හදන්න එපා . . . මම කියන්නංකො
මොකද්ද ඒ සොෆ්ට්වෙයා එක කියල . . . . ඒ තමයි . . ."පේන්ට් බ්‍රශ්" ඔය ඔයාල හැමෝගෙම කොම්පියුටර් වල තියෙන්නෙ . . .
දැං මම හේතු දෙකක්ම කිවුවනෙ . . . තුන්වෙනි හේතුව ටිකක් උඩින් ඉඟියක් විදියට දීල තියනව. ඒත් ඔයාලට තේරුං ගන්න අමාරු නං . . මගෙ තුන්වෙනි පිංතූරෙ කොමෙන්ට් ටික බලන්න. . . . ඒත් තේරුනේ නැත්තං වැඩිය හිතන්න අහන්සි වෙන්න එපා . . . මම අන්තිමටම කියල තියනව මොකද්ද තුන් වෙනි හේතුව කියල . . .
දැං අපි බලමු "ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනයේ" පිංතූර ටිකකයි, කොමෙන්ට් ටිකයි සහ ඊට පස්සෙ ඔයාලම තේරුම් ගන්න ඒ සිහිනය බොඳ උනේ ඇයි කියල . . . .
පිංතූර අංක 01 |
ඡායාරූප ශිල්පියෙක් වීමේ මගේ සිහිනය . . . .
— with චතුෂ තුෂර කුමාර andMeesha Gunawardana.
පිංතූර අංක 02 |
ඡායාරූප ශිල්පියෙක් වීමේ මගේ සිහිනය . . . .
පිංතූර අංක 03 |
හික් හික් හික්.... අලේ මන් ද මටත් තියෙනව නේ ඔය වගේම හීනයක්... මට තියෙන එකම අවුල මට ම කියල කැමරාවක් නැති එක... හැමදාම පොටෝ ගහන්නෙ ණයට.... එකක් ගන්න හිතෙන්නෙත් නෑ... මොකද දැන් තියෙන කැමරා එකක් වත් මගේ රික්වයාම්න්ට්ස් වලට හරි යන්නෙ නෑ.... උඹ නම් සිරා ම කලා කනක් තියෙන පොටෝග්‍රැපර් කෙනෙක් බන්... නයිස් ටු මීට් යූ බරෝ...
ReplyDeleteඹ්නයා මම කිව්වනේ. මම ගාව මඩ නෑ. ඇත්ත විස්තරේ දැම්මෙ. මම බ්ලොග් පෝස්ට් එක ටයිප් කරන අතරතුරයි උඔ එවලා තියෙන්නෙ. ඒක ලැබුනා. ස්තුතියි ආයපාරක්. මේදවස් වල කනෙක්ෂන් ස්ලො. උඔට ඒක තහවුරු උනානේ. ඒක හින්දා මේ දවස් වල එක වෙලාවට එකයි මම ඕපන් කරගෙන ඉන්නෙ. ඒ හින්දයි ඒක මඟ ඇරුනේ.
ReplyDeleteනියම පින්තූර ටික මචං ජායාරූප ශිල්පියෙක් වෙන හීනේ උඹ දැනටමත් හැබෑ කරගෙන ඉවරයිනේ .. ඔය ගහලා තියෙන්නේ එල කිරි පින්තූර කීපයක් ..
ReplyDeleteදිගටම ගහපන් පුතා ෆොටෝම
පුතාට යම් දක්ෂතාවයක් තියෙනවා.. ඒත් ඉතිං මෙහෙම ඉඳලා හිටලා එකක් දෙකක් අරං හරියන්නෑ පුතේ.. හොඳ ඡායාරූප ශිල්පියෙකු වීමට බලාපොරොත්තු වෙනව නම් හතර අතේ මේ වගේ ෆොටෝ ගන්න ඕන තේරුනානේ ද මයෙ පුතා ට.. ඔළුව වනලා හරියන්නෑ වැඩි වැඩියෙන් ගන්න...
ReplyDeleteහරි අපි බලමු එහෙනම් අනිත් මාමලා නැන්දලා පුතාට මොනවද කියන්නේ කියලා... නේද මයෙ පුතේ... :D
දෙවනි වටේට සුදුසුයි කියා යෝජනා කරමි :D
ReplyDeleteඕනයෝ, මොකක්ද බං මේ පින්තූරවල අර යස අගේට වැවෙන් නාගෙන එන කොල්ලෝ සෙට් එකක් අස්සට මේ කොහොවත් යන ගෑනියෙකුයි, මිනිහෙකුගෙයි සිරික්කියක් ෆෝකස් කරලා තියෙන්නෙ ?
ReplyDeleteමේ වගේ ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන හත්තිලව්වකට ඔය මාලු එක්ක ඔට්ටු වෙන්න ගියාද... සේරම දමල ගහල පොටෝ අල්ලන්න පටන් ගනින්..
ReplyDeleteමේව ඔය ප්‍රවීන කැමර කටාලට ගන්න පුලුවන් පොටෝ නෙමෙයි... උඹම ගත්ත මිසක...
අපි නම් ඔය ස්ටයිල් එකට කියන්නෙ "Point and Shoot..:D"
හිනා කාලා පණ නෑ,.. :D :D :D
ReplyDeleteමේ ඔනේඅයියා මං වත් මගේ බ්ලොග් එකේ විචාරයක් දාන්නද ?
ReplyDeleteඔය මාරයාගෙන් විචාර ගත්තෙ නැති උනාට කිසිම අවුලක් වෙන්නැ.. ඔකා විචාරයක් දුන්නොත්.. අපේ පොටේ කෙරුවාවට ඇස්වාහා කටවාහා වැදුනා වගේ.. ඔන්න මං කිවා කියන්න එපා ඇ.. :D :D
හික් හික්.. මචං.. උඹ දිගටම ඡායාරූපකරණයේ හිටපං.. හොද ආනාගතයක් තියනවා උඹට.. ලගදිම කොහෙන් හරි ගුටි කැවොත් ඒ ගැන හිතන් නැතුව දිගටම ඔය කලාව ඉගන ගනින්.. :-D
ReplyDeleteගන්නවනම් මෙන්න මෙහෙම ෆොටෝ..මේ හැකියාව හැමෝටම නැහැ...
ReplyDeleteතුන් වෙනි ෆොටෝ එක ගැනනම් කියන්න දෙයක් නෑ අයියේ.. ඒ තරමටම සුපිරියි..
ReplyDeleteතුන්වෙනි ෆොටෝ එක නම් කලින් දකලා තියේ. පට්ට ෆොටෝ ටික
ReplyDeleteඔහෙප්පලයන් මෙහෙව් හැකියාවක් තියාන අහවල් දෙයක් කොරනවැයි බං ඔයි කරෝල වාඩියෙ. මෙහේ උන්න නං මාත් රස්සාව දමල ගහල එනව උඹේ පොටෝ සාත්තරේට ලයිට් අල්ලන්න. චැහ්
ReplyDeleteහිතුමතේ වදින ෆොටෝනේ නේද?? ඕනයා කියන්නේ අරමුනක් වෙනුවෙන් කැපවෙන එල කොල්ලෙක් කියලා හිතුනා,.... ඔන්න ඕනයා බලන්න හිතුමතේ පලවෙනි පැමිනිමේදිම අනාවැකියකුත් කියනවා...
ReplyDeleteදවසක ශක්යා ස්‍ටුඩියෝ.... (මතක් වෙන්නේ එච්චරයි දැනටනම්) වහන්න වෙනවා.... මොකද ලංකාවේ හැම වෙඩිමක්ම ඕනයාගේ ස්‍ටුඩියෝ එකෙන් ගහන්න මිනිස්සු පොරකනවා... දැන්ම ඉදන් ඒවට ලැස්ති උනොත් හොදයි
හක් හක් හක්... උබේ චායාරූප ශිල්පය මමත් දැක්ක මූනු පොතේ.... අනේ අප්පේ... හිනා කල පන ගියා බන් ඒව දැකල...
ReplyDeleteඋබට තියෙන දක්ශතාව කොහෙද බන් ඔය අනික් එව්වොන්ට... බලපන්කො මේවයේ ටයිමින් එහෙම... හපොයි...
හොඳ එකා වගේ කරෝල වාඩියේ පින්තුර ටිකකුත් පබිලිස් කරහන්
ReplyDeleteප.ලි.
කුරුණෑගල එකෙක් ඊයක් එවල තිබ්බ පරණ සිද්ධියක් මතක් කරල, අමතක වෙන්න ඉස්සෙල්ල පෝස්ට් එකක් ලියල දැම්ම, වැඩට ගිය ගමන්ම. තරහ අවසර එන්න පමා වුනාට
හොඳි ඕන් නෑ අයියේ......හිනා විසික් වෙනව.....
ReplyDelete@පැතුම්:
ReplyDeleteමචං . . . කැමරා කඩයක් ඇතුලට ගිහිං ලාබෙටම තියන කැමරාව ගනිං. එතකොට හරි . . ලාල් හෑගොඩ සර් වතාවක් කියල තිබුන පොටෝ ගහන්න "මෙගා පික්සල්" ඕනෙ නෑ කියල . . . මගෙ මෙතඩ් එකට පොටෝ ගන්න නං කැමරාවක් විතරක්ම තිබිල මදි
@බුද්ධි:
හික් හික්
@සඳරු:
තව බර තියනව බං . . . එවුව මෙහෙම ප්‍රසිද්දියෙ දාන්න අමාරුයි.
@සෝරෝ:
හොඳයි සෝරෝ මාමෙ. මෙතන නොදැම්මට මීට සිරා පොටෝ වගයක් මම මාමට පෙන්නුවද මන්ද . . .
@චන්දික:
ටැංකිවු ඈ . . .
@දුමී:
පෙරබිම් අලංකරනය . . . මම ඕකට කියන්නෙ . . .
@සපතේරු උන්නැහේ:
මොනව කරන්නද ලොක්කා . . අද කාලෙ කැමරා කාරයෙකුට පොටෝ ගහලම ජීවත් වෙන්න බෑ . . . අනික මගෙ සන්තකේටම කියල තිබුන ඩිජිටල් කැමරාව පොඩි එවුං සෙට් එකකට ට්‍රිපක් ගෙනියන්න දුන්න . . උං ඒක යස අගේට කඩල ගෙනාව නොවැ . . .
ඔබතුමා ඔය කියන ඉස්ටැයිල් එකට ඉංග්‍රීසියෙං කියන්නෙ . . . "දැක්කොත් ගැහුවා" වගේ එකක් වෙන්ටැ ???
@ප්‍රාර්ථනා:
හා හා . . නංගියෙ . . . ඉස්මොල්ලෙ යයි . . . නගාට මොනව හරි උනොත් මම ඉඳල ඇති පලේ . . . .????
@බනී:
දාපං මල්ලියෙ . . . . මාරයා කර ඇරි විචාරය කියල හයිලයිට් කරලම දීපං . . .
@පසන්:
මගෙ අනිත් පිංතූර දැක්ක නං උඹ ඔය ගුටි කතා කියන්නෙ නෑ . . කෙලිංම සුදු ඇඳගෙන මල්වඩමක් අරං අපේ ගෙදර එනව
@වෙනී:
(ලැජ්ජාවෙන් ඇඹරෙමින්) හික් හික් . . .
@දිනේශ්:
ඔය පිංතූරෙ ගත්තෙ හාමිනේගෙ ටොකු ප්‍රහාර සහ කනෙන් ඇදීම්, ඇඟිල්ලෙං ඇනීම් වගේ බරපතල බාදක රාශියක් අතරෙ
@මධුරංග:
හෑ . . .???
මචං බුකියෙ මගෙ ප්‍රොෆයිල් එකේ නෙමෙයි නං . . . මොකෙක් හරි මගෙං උස්සලා . . . ඔතන දෙවනි පිංතූරෙට එහෙම වෙච්චි නිසා තමයි මම ඔය පිංතූර තුනම බුකියෙං ගලෝල, කොපිරයිට් පාරකුත් දාලම මෙතන දැම්මෙ . . .
@නවම්:
අද කාලෙ අපි වගේ රස්සාවට අවංක කැමරා කාරයිංට පොටෝ අල්ලලම බඩවියත රැකගන්න අමාරුයි මචං . . . ඒකයි . .
හැබැයි උඹ කලිං කීව නං උඹ එනව කියල සහයෝගෙට . . . දෙයියංපා . . මම තාම ලංකාවෙ . . .
@හිතුමතේ:
(ලැජ්ජාවෙං ඇඹරෙමින්) . . හිහික් . . හික් . . ටැංකිවු ඈ . . .
@පිස්සා:
ටයිමිං තමා මචං ඔතන රහස . . තව රහස් කීපයක්ම තියනව . . . ඒව උඹට විස්තර කරන්න ඕනෙම නෑ නෙ ???
@ඔබ්සර්වර්:
කැමරා කෑල්ලක් ගත්ත හැටියෙම දානව . . . සිරාවටම අයියෙ . . .
@පිසාචය:
බලාගෙම මල්ලි ලොකු ඒව අහල පහල එවුංගෙ ඇඟේ වදී
කෙලලා තියෙයි.. මූ මට නොකියම මේක දාලා... මට කණගාටුයි මචං පොරොන්දුව ඉස්ට කරන්න බැරි වීම ගැන.. ඒත් අපි බලමු ඉස්සරහටවත්...
ReplyDeleteඒක නෙවෙයි කෝ අර මඟුල් ගෙදර පොටෝ එක..?
@මාරයා:
ReplyDeleteහික් හික් . . ඒකෙ ඉන්න නලුව නහයෙං ඇඬුව බං ඒක අයිං කරන්න කියල . . . හැබැයි ඌ බ්ලොග් කියවන්නෙ නෑ . . ඒක බ්ලොග් එකේ දැම්මනං හරි නේද ???
ප.ලි.
බොට නොකිය දැම්ම නෙමේ . . . මට මේක දාන්න උනා. පොටෝ 3ම බුකියෙං අයිංකරගන්න වැඩ සැලැස්සුනා . . . අපරාදෙනෙ බං කොමෙන්ට් ටික . . මං ඔක්කොම මෙතෙන්ට ඇද්ද
math bukiyee hewwa! mmm! maru! oonaya ayya niyama photoshooter kenek! :D :D
ReplyDeleteපිස්සු කොර!.මුල් ෆොටෝ එක නම් මල් හතයි.හොද හැකියාවක් තියෙන බව පේනවා.හරි පාරේ ගියොත් නම් මහ විනාසයක් වෙන්නේ.වැරදි පාරේ ගියොත් ලෝක පූජිත පොරක් වෙනවා ෆොටෝ ගහපු උන්ගෙන් ගුටිකාලා :D
ReplyDelete@මාධව:
ReplyDeleteටැංකිවු මලේ
@රජිත්:
ගුටි කාල හරි මොකද මචං ලෝක පූජිත පොරක් වෙන්න තියනව නං . . . බලපං ජෝන් සීනා . . . කොච්චර නං ගුටි කාලද අද ඔය තත්වෙ ඉන්නෙ???
අම්මපා ඇත්ත නේන්නම්.ඌ ගුටිකන කෑමට එහෙනම් අමර වෙන්න ඕනේ.මට එහෙම ඔය ගහන පාරක් එහෙම වැරදිලාවත් වැදුනොත් දවස් හතක් යනකන් සිහිය එන එකක් නෑ.
ReplyDeleteඡායාරූප ශිල්පියෙකු වෙන්න බැරි වුණාට කමක් නෑ.
ReplyDeleteනිරූපණ ශිල්පියෙක් වෙමු . එතකොට ඔය ඡායාරූප ශිල්පියො ඕනයව හොයාගෙන ඒවි :)
ඉස්සෙල්ලම සමාවෙයන් එන්න බැරි උනේ මගේ පොතේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැති හින්දයි..
ReplyDeleteමනාල යුවලක් අස්සේ අමුඩයෝ දෙන්නෙක් දාගෙන ගත්ත මේ අති ශ්‍රේෂ්ට චායාරුපයට සම්මානයක් ලැබිය යුතුමයි.
අර උස කෙට්ටු එකා නම් උඹ වගේ. ඒ හින්ද මේක උඹ ගත්ත එකක් වෙන්ඩ බැහැ..
@රජිත්:
ReplyDeleteහික් හික් . . ඉස්කෝලෙ යන කාලෙ ගුටු කාපුවත් සති දෙක තුන රිදුන එකේ . . . ඔයිං එකක් කන්න පතන්නවත් නරකයි . .
@චනක:
මම ගහනව තරං ආතල් එකක් නෑ බං මාව ගහනකොට
@සරත්:
අවුලක් නෑ . . . දැං හරි ආවනෙ . .
හෙක් හෙක් . . . මමමයි ගත්තෙ . . . මගෙ මේ දෑත පාවිච්චි කරල . . මගෙම කැමරාවෙං
ඒ.. බං ලස්සනයි මචන්.කොහොමද උබව කන්ටැක් කරගන්න වෙඩින් එකකට
ReplyDeleteඋඹව තෝර ගත්තා මචං මගේ ස්ටුඩියෝ එකේ ෆොටෝ එඩිටිං වලට, හැබැයි පුතෝ තියෙන්නෙ සූ එකේ වඳුරන්ගේ ෆොටෝ අරගෙන එඩිට් කරන්න, ගන්න වෙන්නෙත් උඹටම තමා .......
ReplyDeleteමලගෙයක් එහෙම තිබ්බොත් කියන්නම් ඕනයා.. ජීවත් වෙන එවුන්ට මෙහෙම කරන්න එපා බොල.. පන පිටින් මැරැවා වගේ :)
ReplyDeleteකාලෙකට පස්සෙ ලිව්ව එක නං හොඳයි.. අනේ අර ක්සැන්ඩරයීගෙන් හරි අයිලාස් ගෙන් හරි ඉගෙන ගනින් මල්ලි ෆොටෝ ගන්ඩ..
ReplyDelete